අනෝතප්ත විල අභියස - සුවඳ කොකුම් තවරා ඇස
උනා නීල පුන් මුහුලස - වලා රොදක් මෙනි වරලස
පෙලා මත් බිඟුන්, මදහස - සලා කැලුම් දෙන මියුලැස
සරා සඳ සෙ පායන යස - එරන්දතිය දෝ මෙදිගැස ?
ප. ලි.අද ඉඳන් "කවියට කවියක්" යටතේ අලුත් වැඩක්. බලමු හරි යාවිද කියලා. මේ කවියට කවියකින්ම පිළිතුරු දෙන්න කැමති කවුද?බ්ලොග් අවකාශේ ඉන්න බහුතරයක් කවි ලියන අය නේ. නැති උනත් කමක් නෑ කතාවක් වගේ කවියක් හරි ලියන්නකෝ. පිළිතුරු කවි වලට නැවතත් පිළිතුරු දීමේ ඉඩකඩ ඇත. කවියෙන් බැන ගැනීමට අවශ්‍යනම් එයටත් ඉඩකඩ ඇත :)
එහෙනම් පටන් ගමුද?
ප. ප. ලි.
කවි පද 4 ක් ම අවශ්‍ය නැත. එකක් දෙකක් උනත් කම් නැත.
කවි ලියන අයට මල බැගින් තෑගි ලැබෙනු ඇත :)
බොරු මොටද මට නම් කවි ලියන්න බෑ, බෑ කිව්වෙ ඉතිං කවදාවත් උත්සාහ කරලත් නෑ ඕං.
ReplyDeleteඔන්න බලන්නකෝ...උත්සාහ කරලත් නැතුව කවි ලියන්න බෑ කියලා දැනගත්තේ කොහොමද කියමු බලන්න :)
Deleteඔන්න ඉතින් සයුරි මිස් ගුටි කන වැඩකට සෙට් වෙලා...කවි පුළුවන්නම් මෙහෙම ඉන්නවද අපි..
ReplyDeleteමට මේක ලියද්දිත් හිතුනා සෙන්නගෙන් ගුටි කන්න වෙයි කියලා...
Deleteකවිය නම් ඉස්තරම් ! අත ගහපු වැඩෙත් පංකාදුයි... කවි බඳින්න ආසාව තිබ්බත් වෙලාව තමා ප්‍රශ්ණේ සයුරි... ගොඩක් වෙලාවට පෝස්ට් එකක් දඩිබිඩියේ කියවලා යනවා මිසක් කමෙන්ට් කරන්නවත් වෙන්නෑ නෑ.
ReplyDeleteඉස්සර සුජීව සහෝ සහෝ බින්දි අක්කා ඇතුළු තවත් කට්ටියක් කවි වලටම කියලා කවිමුතුමල් බ්ලොග් එක හදා ගත්තා. මම මාස ගාණකින් ඒ පැත්තේ වත් ගියේ නෑ... බැලුවේ නැත්තම් බලලා එන්න. ලස්සන වැඩක්...
සයුරිගේ අළුත් වැඩේ නැගලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්...!!!
පරිගණකයේ තිරය අසල - නිදිබර වී සැලෙන දෙඇස
රිදුම් දෙවන අතැඟිලි සැම - විඩින් විඩේ හිරි ඇර ගෙන
නැමුණ කොන්ද දිග ඇරගෙන - ලැබෙනා සුළු ඉසිඹුවකට
කවි බඳින්න නම් නෑ ඉඩ - එපා ඉතින් තරහ වෙන්න...
පලවෙනි කවිය චතුරන්ගගෙන්...බොහොම ස්තුතියි :) කවි මුතුමල් එක පැත්තේ මමත් ගියා . ඔය ලියලා තියෙන්නේ නියම කවියක්. අමුතුවෙන් කවි හදන්නේ මොකදට?
Deleteකවි බඳින්න නැති මුත් ඉඩ - එපා කවිය අත හරින්න
තරහක් නෑ හිතේ කිසිම - කමෙන්ට් නැතත් ඇවිත් යන්න
ඔන්න කවියක් ලිව්වට තෑග්ගක්...
[im]https://dl.dropbox.com/u/16187387/NPF5609.jpg[/im]
අය්යෝ සයුරි...! අපි කුමක් කරන්නද..බලන් ඉඳීම හැර..!
ReplyDeleteඒ මොකද අප්පා...ට්‍රයි එකක් දාන්නකෝ..
Deleteදුලන බඳ සිහිනිග දුටිමි මුව මදහස වත කමල
ReplyDeleteසවන බඳින මිණි කිංකිණි හඬ හිමි යැයි සිතුන
පවන හමන දසනු දිසා ඇයි නිසසල වී මෙතැන
අනවතප්ත විල අසබඩ ඇයි නුඹ තනිවම මෙතැන
ගුරුන්ට අකුරු උගන්වන්න ඕනෙ නෑලු. ඔබ තුමාට නම් මේවා කිරි කජු වගේ ඇති :)
Delete//ගුරුන්ට අකුරු උගන්වන්න ඕනෙ නෑලු// සහතික ඇත්ත...
Deleteවිල අසබඩ ඈ තනිවම සිටින්නේ
වරඟන පිරිවර අද එහි නොයන්නේ
ඇගෙ කුමරුන් එන පෙරමග බලන්නේ
කිමද පමා, සැකයකි සිත පෙළන්නේ
කවි මල් මිටට තුති මල් මිටක්...
[im]https://dl.dropbox.com/u/16187387/DBB7458C05BE1DCF2EAACDDD7F6740F7.jpg[/im]
යන්තම් පද එකක් දෙකක් ගැට ගහ ගත්තට මේනම් අමාරු වැඩක් සයුරියො... උත්තර බඳින්ට තියෙන පද ටික මට නම් මඤ්ඤං වගේ.... :o
ReplyDeleteඅයියෝ පද එකක් දෙකක් හරි දාන්නකෝ ළමයෝ...මඤ්ඤං උනාට කමක් නෑ. පද හතරක්ම උවමනා නැත. :)
Deleteමටත් නිකන් හොල්මන් වගේ කවි ලියනවා කියන්නේ. හෙට අනිද්දා උත්සහයක් දාන්නම්
ReplyDeleteඕනෑ තරම් කල් ගත්තාට අවුලක් නැත :)
Deleteහය්යෝ සයුරි අක්කේ අමාරුවේ දාන වදනේ කරන්නේ!
ReplyDeleteදයානන්ද අයිය වගේ ඒක පාරට කවි ලියන්න බෑ !
කල් වෙලා අරන් උත්සහයක් කරන්නම් !:)
කොහොම මේවා ලියනවද මන්ද!
ඔන්න ඉතින් කවි කාරයෝ කියන කතා :) හරි හරි ඕන තරම් වෙලාව ගන්න.
Deleteතක්කතකට තක්දික්තදි නදනතොංග දික්ගුඳං
ReplyDeleteදික්කදිකට හ්රකදිං තකට සකල මනුජ වන්දීතං
තෙංගතකට තකුදිකුතක හ්රදජෙන්තකටතක්ගුදං
සකල මනුජවන්දිතප්ර හ්රීංන තකට දික්ගුදං
මොකද්ද ඇනෝ මේ? බෙර පදයක්ද?
Deleteමම නම් කවිකාරයෙක් නොවෙන නිසා නොදන්නා වැඩ කොරන්නට නොයමි.. හැබැයි මේ ටික කියවද්දී නම් හිතට ආපු එකම එක ගීතය සටහන් කර යමි..
ReplyDelete"අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා..
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා..එරන්දතිය එනවා.."
ගැයුවේ පණ්ඩිත් අමරදේවයන් සමඟ අමිතා වැදිසිංහ( ගායිකාව හරියටම ශුවර් මදි)
අපිත් ඉතින් කවි කාරයෝ නම් නෙමෙයි තොටි අයියේ :) මේ ගීතය මටත් හැම තිස්සෙම මතක් උනා. විදුර ජාතකය මතක් වෙනකොට මතක් වෙන්නෙම මේ සින්දුව තමා.
Deleteඅපේ ඔය මල් භාවිතයක් නෑනේ...
ReplyDeleteමොන මල්ද අනේ ?
Deleteඅනේ කවියක් ලියන්න තියා කියන්නවත් එල කොල්ලට බෑනෙ :(.....එදා පරක්කු වෙලා එන එකක් ලියලා තිබ්බ හින්දම අද පුලුවන් තරන් කලින්ම ආව ඔන්න!!!!
ReplyDeleteහිහි...මෙන්න මෙයා අද කලින් ඇවිත්. අයියෝ අන්තිමට එන එකෙත් ගතියක් තියන හින්දනේ එහෙම ලිව්වේ. :)
Deleteසයුරි දැන් වෙලාව හරියටම පාන්දර 2.14යි. හොඳ වැඩකට මුල පුරා ඇත්තේ.අනිවාර්යෙන්ම උත්තර කවියක් ලියනවා මට ටිකක් කාලය ඕනෑ. එතරම් දක්ෂ නැති නිසා
ReplyDeleteබොහොම ස්තුතියි...අනිවාර්යෙන් ඕන තරම් කල් ගන්න. කවදා උත්තරයක් දැම්මත් මම පිළිතුරක් ලියනවා :)
Deleteඑහෙනම් සයුරියේ මෙන්න මගේ කවිය
Deleteසත් සමුදුරු සතක් දුරය - හඳ අල්ලපු රටෙහි මැදය
පියුමෙන් පිරි විලක සුවය - විඳිමින් ඇය ගෙවති දිවිය
බිඟුවන් එයි පතා සුවය - ඇගෙන් නොමැත ඊට දිරිය
ලක් මෑණිගෙ දිරි දියණිය - මේ දිගැසියෙ නම සයුරිය
ආ මෙතන කවිය තියනවා දැක්කේ දැනුයි...පහළින් උත්තර ලිව්වා ඔන්න..දක්ෂ කමක් නෑ කිව්වට දැන් අපිට පේනවා ඒක බොරු කියලා :)
Deleteනිල් දියත මත ගලා ගිය
ReplyDeleteගිලිහුන මානෙල් මල් කැකුළ
අතින් ගත් එරන්දතියක
හැඩ දුටිමි නිස්කලංකව..
පුර හඳට පරදින
මානෙල් උවද පරදන
නා දළු උව මැලවෙන
සුරඟනක හැඩ ගෙන නුඹ..
බලා ඈත අඩවන්ව දිගුදෑස
හෙලන මදහස සිත ඇද ගත්ත
දෑස වැසුන ඒ කෙහෙ රැල්ල
මගේ සිත ගත් එරන්දතිය නුඹ..
ලොකු අක්කගේ වැඩකට මම හෙල්ප් නොකර කෝමද ඉතින්.. හෆ්ෆේ.. එක වෙලා මේක දාන්න බැරි උනානේ මට... දිගටම මේවා දන්න ලොකු අක්කේ.. මම එනෝ කවි කියන්න...
අනිවාර්යෙන්ම ලොකු මල්ලි මේ වැඩේට සපෝට් බව මම දන්නවනේ..කවි කාරයෝ උනාම එහෙම නැතිව බෑ නේ.
Deleteසුරඟන සේ එරන්දතිය
ඈත බලා දිගු දෑසින්
විල අයිනේ බලා ඉන්නෙ
හිත ගත් කුමරා එනතුරු
ඔන්න ඔයාටත් මලක්
[im]https://dl.dropbox.com/u/16187387/purple_lotus_closeup.720x.jpeg[/im]
නැතුව නැතුව.. මේ නිදා ගන්න ගිහින් මේක දැකලා ලිවුවේ.. තෑග්ග කවියේ හැටියටම.. තැන්කූ තැන්කූ..
Deleteවලි මල්‍ලී එක වෙන්නේ
Deleteමං බට්ටි නැති හින්දයි
ආයෙත් නම් එක වෙන්නේ
ඔන්න මලේ මේ අක්කයි..... :D
හෆොයි මෙන්න මෙයා ඇවිත්.. මේ අපි දැන් සාමෙට බරයි හොදේ... :)
Deleteඒමත් පුළුවන්ද අලෝ....ඒම බැ බැ බෑ අලිද? වලි ඕනි ඕනි ඕනිමයි....
Deleteමම දැන් ඇල් වතුරත් නිවල බොන්නේ.. වලි බෑ... :)
Deleteගත වසා ගෙන දුහුල් සලු පිලි
ReplyDeleteයොමා ඇ සිත කිලිටි රතියෙන්
එනතුරා කුමරුන් තෙමන්නට ඇ මුව
සිටි කුමරිය තනිව තවමත්..............
කුමරි තනිවම කුමරු නැත තව
Deleteමත් බිඟුන් එයි තනි රකින්නට
කුමක් උනිදැයි එන අතරමග
නොදැන වගතුග හිඳිනු කෙලෙසද
ඔන්න සචිත් ගේ තෑග්ග :)
[im]https://dl.dropbox.com/u/16187387/purple-spider-gerbera-flower.jpg[/im]
ස්තුතියි...
Deletekvi hiyhak nam nee mata.....
ReplyDeleteakkage kaviya dakka idahita....
noliya innama bee mata...
try kara mul wathawata.....
ඔය තියෙන්නෙ නියමයි නේ..
Deleteමේකත් හොඳ කවියක් නේ..
මල්ලිගෙ පළවෙනි කවියට
කොහොමද මල් නොම දෙන්නේ :)
[im]https://dl.dropbox.com/u/16187387/Nice-Summer-Flower-Image.jpg[/im]
කලකින් තමයි අනේ
ReplyDeleteමේ පැත්තේ මං ආවේ
කඩේ මැෂිම ලෙඩ ඇදලා
බ්ලොග් බලන්න බැරි වූයේ
මුලින්ම ආවේ අනේ
ලොකු අක්කා දැක ගන්නයි
ඒත් එරන්දතියක් අද
මගේ ඔළුව කැරකැව්වයි....
පිළිතුරු කවියක් ලියන්න
කොපමණ මා වෙර ගත්තත්
අනේ අක්කේ එය කරන්න
බැහැ නොවැ බට්ටිට අදනම්
සමාව දෙනු මැන අක්කේ
එන කවියට ගොතමි පදේ
ඒක හින්දා සුදු අක්කේ
සොස මලක් ඕනි හොදේ....
කලකින් ආ බට්ටි කෙල්ල
Deleteදැකලා මට හරි සතුටුයි
ලියු කවියට තෑගි ලෙසට
දෙන්නේ කහ රෝස මලයි
[im]https://dl.dropbox.com/u/16187387/Rose-Flower-2.jpeg[/im]
සති අන්තයේ වැඩ වැඩියෙන් ඇත ගෙදර
ReplyDeleteදඟයෙක් නැතිය වෙන මගේ බනියා විතර
පාපන්දුද ,ක්‍රිකට් නෙක සෙල්ලම් අතර
එන්නම් ගොහින් මා යලි සඳුදා විතර
කවි කාරියක් මේ පැත්තට ඇවිත් ගිහින්
Deleteදැක්කේ දැනුයි දැන් පිළිතුරු ලියමි ඉතින්
බනියයි ලොකු යි දෙන්නා ගැන සෙනේ සිතින්
බින්දිට කියමි එන ලෙස කවි අරන් මිටින්
නෙලුම් විලට තව නෙළුමක්...
[im]https://dl.dropbox.com/u/16187387/Lotus1.jpg[/im]
සරනා මුත් විල අභියස - නොදනී ඇගෙ දිව දියකිස
ReplyDeleteවෙසමුණි වරමින් බල ලද - දිය රකුසිය ගොඩ සපැමිණ
රත් නෙත් නිල් පැහැ ගන්වා - උල් දත් සඟවා ගන්නා
විල්තෙර ගොදුරක් සොයනා - ඈ මෝහිණියගෙ අක්කා
(විලට බැහැල වතුර බොන්න එපා.... උණු පුරුකකින් බොන්න )
මී මලයා පද ටික නම් ඉස්තරම්...
Deleteවරුණ යි නිරිඳුන් නා ලොව - විමලා නිරිඳුන් පිය ලඳ
Deleteදෙදෙනා වර ලද දියණිය - එරන්දතී යැයි නම් ලද
යක් ගොත් වෙසමුණි මහරජ - බෑණනුවෙක් වෙයි පුන්ණක
ඒ කුමරුන් අත ගත් සොඳ - සුන්දරියයි ඈ නා ලොව
:)
[im]https://dl.dropbox.com/u/16187387/Tulip_single.jpg[/im]
කවිය දෙසට හිත ඇදුනේ
ReplyDeleteලස්සන බව මට පෙනුනේ
අමාරුවෙන් මෙය හැදුවේ
මල් විතරද මට දෙන්නේ
හි හී. :D
මම අද තමයි මේ පැත්තට ආවේ. ඔයාගේ කවිය ලස්සනයි :) :) :) :) :)
මම ලිව්වේ නිකම්ම නිකන් හිතට ආව එකක්. ඇත්තටම මල් විතරද දෙන්නේ? කට්ටියටම කේක් කෑල්ල ගානේ දෙන්නකෝ :D :D :D :D :D
සයුරි අමා දැන් ඉන්නේ මල් කඩන වයසේ තමා...මලක් කඩලම කේක් කෑල්ලක් අපටත් දීලම කන්න කියමු නේද.
Deleteමුලින්ම අමා ව සාදරයෙන් පිලිගන්නවා පහන් යයට...ආප මුල්ම දවස හින්දා කේක් කෑල්ලක් දෙන්නම්කො එහෙනම්. :)) ඔන්න ආපහු නම් ඉල්ලන්න එපා. පැණිරහ අගුනයි..අර කිව්වා වගේ අමා මල් කඩනවද දන්නේ නෑ...
Deleteඅමාගෙ කවියත් අගනා
මලක් වගේ හරි වටිනා
නෙතට වඩා දිව පිනනා
ඇයට කේක් ලුනෙ ඕනා
:))
[im]https://dl.dropbox.com/u/16187387/whitecake1.JPG[/im]
හෙහ් හෙහ්, තෑන්ක් යූ තෑන්ක් යූ ඈ :D
Deleteඅනේ අයියෝ මල් කඩන් නැති නිසා තමා අෆ්ෆා මේ ෆුල් පොලියෙ ඉන්නේ :D :D :D :D :D
සත් සමුදුරු සතක් දුරය - හඳ අල්ලපු රටෙහි මැදය
ReplyDeleteපියුමෙන් පිරි විලක සුවය - විඳිමින් ඇය ගෙවති දිවිය
බිඟුවන් එයි පතා සුවය - ඇගෙන් නොමැත ඊට දිරිය
ලක් මෑණිගෙ දිරි දියණිය - මේ දිගැසියෙ නම සයුරිය
+++++++++++++
Deletewow +++
Deleteසත් සමුදුරු හතෙන් එහා - හඳ අල්ලපු රටට වෙලා
Deleteපස් මහ විල් දිහා බලා - ඉන්න විටදි එපා වෙලා
නොම දුටු සොහොයුරන් වෙලා - සතර දෙසින් පියා සලා
එන සකි සඳ ඔබ සැවොමා - මට මිනි කැට වගෙයි දුලා
අම්මෝ..මේ තියෙන්නෙ සුපිරි කවියක්.."ලක් මෑණිගෙ දිරි දියණියක්" වෙන්න මම හරිම කැමතියි :)
[im]https://dl.dropbox.com/u/16187387/daffodil2.jpg.pagespeed.ce.3hl-a0RM0G.jpg[/im]
රටේ නම සුරකින කාටත් අපේ උත්තමාචාරය
Deleteකවි රස විදින්න පුළුවන් වුනාට ලියන්න නම් බැහැ.
ReplyDeleteවැඩේ හොදයි කට්ටියට අල්ලලා ගිහින් වගේ ? - සුබ පැතුම්....!
ඔන්න එහෙනම් ඔබ තුමාටත් ආරාධනාවක් කරනවා පස්සේ දවසක හරි කවියක් ලියන්න කියලා...කවි රස විඳින අයට ලියන්නත් පුළුවන් :)
Deleteස්තුතියි සුබ පැතුමට...
නීල වරල මල් ගවසාගෙන
ReplyDeleteඑරන්දතිය එන අයුරු බලාගෙන
සිටි සැම සිත් නෙත් සතුටු සිනා අග
ඈ වෙයි සිතු පැතු සම්පත් දෙන හැම...
අළුත් වැඩේට සුභ පැතුම් සයු..
ලස්සන කවියක් කීවට රූ හට
Deleteදෙන්නෙමි සුපිපුණු මේ තුති මල් මිට
සුබ පැතුමටත් ස්තුතියි රූ..
[im]https://dl.dropbox.com/u/16187387/FLORAL%20AND%20FRUIT.jpg[/im]
නැතක් බැදුම් ඇත නුඹ ගැන පද බැද
ReplyDeleteකුමට ලියන්නෙද එහෙයින් නුඹ ගැන
එරන්දතියෙ,ලියනුයෙ නුඹ ගැන නොව
නුඹ තරමට රුව නැති ඇගෙ,හද ගැන
ජීවන විල අස දැහැනට සමවැද
වෙසෙයි දුගී හුදු දනන් අතරමැද
නැතත් බමරු ඈ පතමින් රොද බැද
සදක් සදිසි නොම වෙද ඇගෙ මුදු හද
වැසි නැගණිය මේ දිහා ඇවිත් අද
Deleteරුව නැති ගුණ ඇති දැකලා ඇගෙ හද
හරවත් වදනින් කවියක් පද බැඳ
ලීවට දෙන්නෙමි මේ මල් මිටි බැඳ
[im]https://dl.dropbox.com/u/16187387/img-thing.jpg[/im]
හිටියත් සුවඳ තවරා දෙවඟන විලස
ReplyDeleteබැලුවත් නෙත් අගින් මල් හී විදින ලෙස
දෙඩුවත් සොඳුරු පෙම්බස් මී පැණි විලස
දන්නෝ දනිති උන්ගේ හද තිබෙන විස
හහ් හහ් හහ්
සුන්දර හදක් ඇති ගැහැණුන් ලොව නැද්ද
Delete"හිටියත් හිඟයි" එය පිළිගමි නැත සද්ද
රුව නොම තකා ගුණ සොයනා පිරිමින්ද
ඒ තරමටම මේ මනු ලොව හිඟ නැද්ද ?
හිහ් හිහ් හිහ්
බැන්නත් ඉතින් මලක් දෙන්න එපැයි :)
[im]https://dl.dropbox.com/u/16187387/12.jpg[/im]
හප්පෝ... මන් එනකොට හොඳටම පරක්කු වෙලානේ... වැඩේ නම් නියමයි... දැන් එතකොට අපි වගේ රචනා ලියන අයට කමේන්ට් කරන්න තහනම්ද "කවියට කවියක්" ලේබලේ එන පෝස්ට් වලට?
ReplyDeleteහපෝ නෑ නෑ...රචනාව පොඩ්ඩක් කවියක් වගේ ලිව්වම හරි :) ඒ නැතත් කමක් නෑ අප්පා, ඕන රචනාවක් ලියන්න
Deleteමෙදාපාර කවියට කවියක් ලියන්ඩ වෙන්නේ නෑ...
ReplyDeleteඊලඟ ලිපියෙන්වත් බලමු ඈ.. (මට කවි ලියන්ඩ බෑ)
//මට කවි ලියන්ඩ බෑ//
Deleteඅනේ මගේ කට :පි
එහෙම කියලා බෑ හරිදෝ...
බලපු මැච් විස්සයි විස්ස
ReplyDeleteතරමටම බ්ලොග් ගොඩ ගැහුනි
මේ පාලු රාත්‍රියේ
ඔබෙ පැලට ගොඩ උනේ..
විස්සයි විස්ස බලලා
Deleteබ්ලොග් එක එක බලා ලා
මෙහෙටත් ඇවිල්ලා
ගිය ඔබට පින්, කවිත් කියලා
ඔන්න හිරුට හිරු මලක්
[im]https://dl.dropbox.com/u/16187387/Sunflower.jpg[/im]
සඳෙන් පාර විමසාගෙන - ඔබෙත් දෑස රවටාගෙන
ReplyDeleteවිලෙන් බිඳක් ගෙන යන්නට - ඇවිත් තියෙන ගැමි ළඳකිය
ඈ එනතුරු බලන් ඉන්න - දෑස් වලින් වහන් වෙන්න
Deleteදිය අරගෙන හනික යන්න - සඳේ පාර කියා දෙන්න
:)
[im]https://dl.dropbox.com/u/16187387/pansy-0805-3398-lucy-paintbox.jpg[/im]
මල් නම් එපා............................. කවිය නම් එල අක්කේ...
ReplyDeleteඇයි මල් එපා වෙලා? :)
Deleteකාන්සියෙන් මා හද දවනා වේලේ
ReplyDeleteකව් පද ගලාගෙන එයි හද තලාවේ
එය ඇසුමට කෙනෙකුත් නැති හෝරාවේ
සයුරිටවත් කියන්නද සිතුනා අවෙලාවේ :)
සිතුවිලි ගලන විට ඔබ හද තලාවේ
Deleteමෙහි එනු මැනවි නොවැටී මං මුලාවේ
වෙලාවක් කුමට? ඇති නම් කලාවේ
පිළිතුරු ලියමි මම දිවි ඇති තුරාවේ
:))
හෝව්, මල අමතක උනා නේ
Delete[im]https://dl.dropbox.com/u/16187387/Tulip_single.jpg[/im]
අනෝතප්ප විල අභියස සිටිනා
ReplyDeleteවලා රොදක් මෙන් වරලස ඇත්තා
පුන්සඳ සේ ඇගෙ වත බැබලෙන්නා
එරන්දතිය නොව මේ ඇයගේ අක්කා!
එරන්දතිය එවෙලේ නිවසෙන් බැහැරය
පෝය නිසා පන්සල් යන්නට සිතින
ඇය සිටියේ මා සමඟින් පාරේය
ඉතිං සකිය නුඹ ඇය දැක්කේ නැතිය!
ඇගේ අක්කට නුඹ ලීවේ එක් කවියකි
ඇය දුටුවොත් ලියවෙන කවි දසදහසකි
ඇගෙයි මෙගෙයි ආලය පෙම් ගංගාවකි
මගේ දිවියේ අරටුව ඇය මිණිපහනකි!
ප.ලි. සයුරි අක්ක හිනාවෙයිද මන්ද මේක කියවල..
මට ඉතිං ඔයා තරං කවි ලියන්න බෑ හොෙඳේ...
ජය ශ්‍රී හොෙඳේ...!!
අනේ දෙවියනේ මට උණු වියෝයා
Deleteනංගි කියා අක්කට රැව ටුනෝයා
මන්ඩි පාල නා ලෝකෙට ගියෝයා
එරන්දතිය රවටාගෙන ගියෝයා
හිහි...ඔව් ඔව් හිනා ගියා තමා. හැබැයි කවියට නෙමෙයි (කවි ටික එල යැ). එරන්දතී ට වත් ඉන්න දෙන්නේ නෑ නේ මේ කොල්ලෝ ටික..
[im]https://dl.dropbox.com/u/16187387/DBB7458C05BE1DCF2EAACDDD7F6740F7.jpg[/im]
Deleteඅලේ සයුරි අක්ක මටත් මල් මිටක් දීල, තැන්කූ..!!! ජය ශ්‍රී..!!
Deleteදුබල පහන්සිල අභියස - ඇරෙන වැසෙන නිදිබර ඇස
ReplyDeleteඅතර පතර රැඳි නර කෙස - හනසු කෙඳි වැනිය වරලස
විඩා වත නොපා මා දෙස - නගා වෙර මවා මදහස
උදා හිරුට පෙර නැගි යස - මගේ පියඹ වේ මෙදිගැස
බිරිඳකගේ ගුණ සුවහස - රුව පරදා දුටු නුඹ ඇස
Deleteඒ පියඹට සහ නුඹ හට - හිමි වෙයි තෙරුවන් අනුහස
[im]https://dl.dropbox.com/u/16187387/NPF5609.jpg[/im]
මුහුලස කියන එකේ තේරුමත් කිව්වොත් පින්
ReplyDeleteමුහුලස කියන්නේ ඔලුවේ බැඳපු කොන්ඩයට (මම දන්න විදිහට :).
Deleteතිසර මෙහෙ ආපු මුල්ම වතාව මම හිතන්නේ. සාදරයෙන් පිලිගන්නවා.
තැන්කූ සයුරි... ලස්සනට ලියල තියන කවි දැක්කහම පොඩ්ඩක් ඉරිසියා හිතෙන තරමටම මම කවි වලට ආසයි. හැම වෙලේම හිතෙන්නේ කොහෙන් මේ වචන හොයාගන්නවද කියලා... හීනියට කවියක් ගැටගහගන්න මටත් බැරිකමක් නැහැ... ඒත් මගේ වචන පිළිබඳ දැනුම නම් ගොඩක් අඩුයි... ඉතින් දන්න අයගෙන් අහලා හරි ඉගෙන ගන්න එපැයි නේද? තමන්ගේ දැනුම බෙදාගන්න එක මිනිස්සුන්ට තමන්ගෙ ජීවිතේදි කරන්න පුලුවං වටිනම දෙයක් විදිහටයි මම දකින්නේ... ඔව් මම පලවෙනි වතාවට තමයි ආවෙ... නිතර යා යුතු තැනක් විදිහට සලකුණු කරගත්තා...
Deleteතිසර කවි වලට ආස කෙනෙක් බව ලියපු කවිය දැක්ක ගමන්ම හිතුනා :) ඇත්ත කතාව..අපි නොදන්න සිංහල භාෂාවේ වචන ගොඩක් තියනවා. මමත් ආසයි අලුත් වචන හොයාගන්න. ඔන්න මාත් තිසරගේ රඟහල පැත්තේ ගිහින් ආවා...
Deleteකොමෙන්ටුවක් දාන්නට ගිය විට මට මල පනින්නේ
ReplyDeleteහේතුව මෙයයි මට නැහැ කවිපද වැල් ගෙතෙන්නේ
එනමුදු මලක් නම් එපා සොඳ මලකුයි මට තියෙන්නේ
මලක් හැර වෙන ඕනෑ දෙයක් අක්කයි මට ගෙනෙන්නේ......
ඒ නිසා වෙන මොනවහරි ඕනේ මට!
මළ පනින්න එපා අනේ ඉක්මනටම නාකි වෙයි
Deleteහිතල හිතල දිගට ගොතල ලියපු කවිය හරි අගෙයි
මල් නැතුවට චොකලට් වත් කාල යන්න හරි රහයි
වැඩිය කන්නෙ බලාගෙනයි මලයන්ඩිඊ මහත් වෙයි
[im]https://dl.dropbox.com/u/16187387/2998815478_2c54e9e807.jpg[/im]
මගේ හිතේ ඉඩ නැහැ නොවැ මල පනින්න
Deleteවිහිළුවටයි කිව්වේ හිතෙනවා තව කවි ලියන්න
පතනවා තවත් චොකලට් අනේ මට ලැබෙන්න
දන්නෙමි චොකෝ කෑවට මහත් නොවී සිටින්න
මහත් නොවී ඉන්නවනම් අවුලක් නැහැ ඔන්න
Deleteචොකෝ ගෙනල්ලා දෙන්නම් කවි ලිව්වොත් කන්න
හිතන පතන විදිහට තව රස කවි ලියවෙන්න
ජය පතනවා ලහිරුවාට, ගිහින් නැවත එන්න
චොකෝ ගෙනත් දෙනවා නම් කන්න
Deleteරස කවි ලියතෑකි කවුරුත් උඩ යන්න
කෑම වගේ ම කවි ලියුමත් මට ඔන්න
කජු කනවා වගේ වැඩකි කැට මෙන්න
තව මොනවටද චොකලට් ගැන හිතන්නේ
Deleteකන හැටි දැකල මටනම් බය හිතෙන්නේ
කජු නම් සුපිරි කෑමකි මම කියන්නේ
කජු කන ලෙසට තව තව කවි ලියන්නේ
චොකලට් ගැන හිත හිතා කොච්චර කවි ලිව්වත් මදිය
Deleteආදරේ කරන කාලෙත් අයියා අක්කට ගෙන දෙන්නැතිය
ෂේප් එක ගැන හිතන අක්කට නම් දැන් ඒවා හොඳනැතිය
එනිසා චොකලට් වෙනුවෙන් මගේ කවිකම පුදකළ හැකිය
යන්තම් පනහකි මගෙ බර කෑවත් මම චොකලට්
Deleteකොච්චර කෑවත් මට නැහැ හරි යන්නේ චොකලට් :(
ඉහි ඉහි ඉහි ඉහි මට කවි බෑ.
ReplyDeleteඒත් මලක් ඔනේ...:(
හපෝ...මෙච්චර කලා හිතක් තියන කෙනෙක් මෙන්න බෑ කියනවෝ...
Deleteඉන්න කවිය තාම ලියනවා...හෙට අනිද්දා දානවා.....
ReplyDeleteහරි හරි ලියලම දාමුකෝ...
Deleteගුණේ අයියගෙන්වත් අහගනන් ඕනේ කවියක්....
Deleteමේ දිගු ඇස් හිමි ඔබ හට - පෙම් බැඳි ඒ සොඳුරු දවස
ReplyDeleteසුවඳ කොකුම් නොතිබුනාට - මතකයි ඒ නීල දෑස
පෝදා සඳ එළිය වතට - ගෙනදුන් කෝමල මදහස
ජීවන මග කල එළියට - කොයිදෝ හිරු සඳු ඔබ මිස
(සයුරු)
දිගු ඇස් හිමිදැයි නොදනිමි - සඳ වත මගෙදැයි නොදනිමි
Deleteඒ වත නුඹ වෙනුවෙන් හිනැ හෙන බව පමණක්ම දනිමි
හිරු එලියද සඳ සිසිලද - සදාකාලිකද නොදනිමි
හිරු සඳු නැති දා නුඹ මට - පහනකි එය හොඳින් දනිමි
[im]https://dl.dropbox.com/u/16187387/fl1050.jpg[/im]
ලිවුවා මම කවියක්
ReplyDeleteදාන්නා බැහැ ..
දාන්නකෝ අලෙ..
Deleteඅනෝතප්ත විලක් නොවේ... නළ ජලයෙන් වෙහෙස නිවේ
ReplyDeleteසුවඳ කොකුම් මිල බෝවේ.. ලාබ පියරු වත ඉළුවේ
ක්ලෝරින් දිය කෙස දිය කර .. දිගු වරළස තවත් නොවේ
මත් බඹරුන් ගුම් නද මිස ... පෙම් සුවඳක් අසල නොවේ..
දුක සේ ජීවිතය මහන සන්නාලිය මිසක ලොවේ
එරන්දතිය කවුරුන්දැයි - මගෙන් අසා පලක් නොවේ
නල ජලයෙන් සැනහුනාට - ලාබ පියරු තැවරුවා ට
Deleteවරලස දිය වී ගියාට - මත් බඹරුන් දැවටුනාට
දුක සේ ජිවය සරිකර - සිය පරපුර සැනහුවාට
මුළු ලොව ජිවෙන් පුරවන - ඇයයි සොඳුරු එරන්දතිය
තරූ ටත් මෙන්න මලක්...
[im]https://dl.dropbox.com/u/16187387/purple-spider-gerbera-flower.jpg[/im]
එරන්දතිය කෝළ ලෙසින - සලා බැලුම් නෙත් දිගුසර
ReplyDeleteඋනා මුවග සුදු හසරැලි - හෙලා සියෝලගම සලිතව
නුරාගිකව ඇය එන සද - සසල උනා මුළු හදවත
සිහිනයක්ම පමණක් වුව - මිවිතකින් මා සැනසුව
සිහිනයක්ව එරන්දතිය - ආවත් රෑ තනි යහනට
Deleteසිහින සැබෑ වෙන දවසක් - නුදුරෙම එයි ඒ ලෙසටම
හොද කවියක් අක්කේ...
ReplyDeleteසයුරි යේ මල් දහසකින් එක මලකි මේ ඔබ
Deleteපිනිදි යේ සිත් දවන බිදුවකි සිත් විලේ මල් පිබිද වූ ඔබ
බුදුසරණයි!!!
බොහොම තුති රුසිරුවෝ...
Deleteබුදුසරණයි...