Tuesday, November 20, 2012

Almost Heaven...




















West Virginia .......Blue ridge mountains.....















Shenandoah river.....


















Life is old there....

Older than the trees.....

Younger than the mountains.....

blowin' like a breeze..



එක්තරා කාලෙකදි බොහොම ජනප්‍රිය වෙච්ච ගීතයක් නේ "ජෝන් ඩෙන්වර්" ගේ "Country roads" කියන සින්දුව. දැනට උනත් ඒකෙ අඩුවක් නෑ මම හිතන්නේ. මමනම් තවමත් ගොඩක් ප්‍රිය කරන ගීතයක් මේක.


Powered by mp3ye.eu

ඉස්සර මේක අහද්දී මට හිතුනෙම මේ කියන වෙස්ට් වර්ජිනියා වලට ගිහිං එන්න ඇත්නම් කියලා. ගිය අවුරුද්දේ දවසක ඔන්න ඒ ආසාව හැබෑ උනා.

ඇමරිකාව කිව්වම කාටත් මතක් වෙන අහස සූරන මැදුරු, පළල් පාරවල් වල  පණ කඩාගෙන දුවන වාහන, තද බද වෙච්ච නගර, වලින් සම්පූර්ණයෙන්ම තොර වෙච්ච පැත්තක් තමයි වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තය. වෙස්ට් වර්ජිනියාවේ වංගු ගැහිච්ච පටු තාර පාරවල් දිගේ යද්දී මට දැනුනේ කාලයෙන් අවුරුදු 100 ක් විතර ආපස්සට ගියා කියලා.

Country roads...Take me home...

To the place...I belong....





















මේ පින්තුරේ මගේ උනාට උඩ පින්තුර ටික මගේ නෙමෙයි. (පේනවනේ කැමරා කොලිටියේ වෙනස :) මේකම තැඹිලි පාටින් බලාගන්න තිබුණා සරත් කාලෙදි ගියානම්.

උඩම එකේ තියන පාලම තමයි "New river Gorge bridge" කියන්නේ. ඒක හදන්න කලින් ඔය කඳු ගැට දෙක අතර මාරු වෙන්න පහළ නිම්නයෙන් තමයිලු යන්න උනේ. පාලම නිසා ගමනේ දුර පැයකින් කෙටි වෙලා. අපි ඔය පාලම උඩින් ගිහිං මදි වෙලා යටිනුත් ගියා. මේ තියෙන්නේ පින්තූර.




















Dark and dusty...painted on the sky...

Misty taste of moonshine...teardrops in my eyes...


















මේ ප්‍රදේශයේ නවාතැන් ගන්න කැමති අයට කැලෑ ඇතුලට වෙන්න හදපු කැබින්ස් (ලී වලින් හදපු ගෙවල්) තියනවා. තරමක් ලොකු කණ්ඩායමකටනම් ඒ ක්‍රමේ ගොඩක් ලාබයි වගේම පහසුයි. ඒ වගේම වෙස්ට් වර්ජිනියා ප්‍රදේශය කළු වලසුන්ට ඉතාමත් ප්‍රසිද්ධ ප්‍රදේශයක් නිසා රාත්‍රී කාලයේදී එලි පහළියේ ඇවිදින එකනම් ටිකක් අවදානම්. ඒත් අපිටනම් වලහෙක් දැකගන්න ලැබුනේ නැහැ. අපරාදේ කියලත් හිතුනා :)

පලා පාට ගස් වලින් වැහිච්ච කඳු පන්ති, නිම්න මැදින් පහත් උන වලාකුළු තට්ටු, ඊට පහළින් සර්පයෝ වගේ ගලන ගංගා වලින් පිරුණු මේ ප්‍රදේශය ඇත්තටම දෙව්ලොවක් වගේ කිව්වට වරදක් නෑ.
බාහිර ලෝකයෙන් වෙන් වෙලා ලස්සන නිස්කලංක පරිසරේක ටික දවසකට තනි වෙන්න කැමතිනම් මේක කියාපු තැනක්...

වැලි පතුල පේන තරමට දිළිසෙන පළිගු දිය ගලා යන, නොගැඹුරු ගංගාවක් අයිනේ ගලක් උඩ ඉඳගෙන දිය පාරට අහු වෙලා ගල් පොත්තෙන් පහළට වැටෙන තැඹිලි පාට මේපල් කොල දිහා බලාගෙන ඉන්න අකමැති කෙනෙක් ඉන්නවද?

















Drivin' down the road I get a feelin'...that I should've been home yesterday...Yesterday....

                       ~~~~~~~~~~



ප. ලි.  පින්තූර කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි. සින්දුව ඔටෝ ප්ලේ වෙන එක දවස් දෙක තුනකින් අයින් කරන්නම්. :) 
ඔන්න අපි වගේ මල්ලිගේ ඉල්ලීම ඉෂ්ට කරා...


86 comments:

  1. ලස්සන විස්තරයක් ලොකු අක්කේ.. ෆොටො ටිකත් නියමයි... මම නම් ආස මේ හැම දෙයක්ම තැඹ්ලි පාටින් පේන්න ගන්න කාලෙය.. අනික් කවදාවත් නැති අමුතු සුන්දරත්වයක් තියෙනවා එතකොට..

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු මලයා...මාත් ආසයි ඒ කාලෙට. හැබැයි වැඩිපුරම කැමති වසන්ත කාලෙට :)

      Delete
  2. Nice photos and a description. :)

    ReplyDelete
  3. හරිම ලස්සනයි.. යන්න තිබ්බනම් හොඳයි කියලා හිතුනා.... පින්තූර අස්සෙන් සින්දුවෙ කෑලි දාලා තියෙන එකෙන් පෝස්ට් එකට අමුතු ලස්සනක් ඇවිත්....

    මම ආසම සින්දුවක්... අපේ මාමා තමයි ඔය සින්දුවට මට පිස්සු හදෙව්වෙ මේ පාර ට්‍රිප් එක ගියාම.. එතකම් Country road.. take me home කෑල්ල විතරයි මතක තිබ්බේ.. එයා යන ගමන් ඕක කිය කිය ගිහින් මට කට පාඩම් කෙරෙව්වා.... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරුත් ආසයිද සින්දුවට..නියමයි. ඔව් අප්පා මේකේ වචනවල අමුතු ගතියක් තියනවා නේද..ඔයාගේ මාමා නම් මරු. ඒකට අපේ මාමලා(අම්මගේ අයියලා) ජීවිතේට සින්දුවක් කියලා තියනවද මන්දා.

      Delete
    2. අපේ අම්මගේ අයියලා මල්ලිලා ටික මාර ජොලි... ඒ කට්ටියගේ නැන්දලා ටිකත් ඒකටම හරියන කට්ටිය... හි හි...

      Delete
  4. ගීතයත් මම ආසම එකක් . සොභා දහමේ සුන්දරත්වය හරිම අපූරුයි . විශ්මය ජනකයි .
    …ගොඩක් සතුටුයි ඔයා දැකපු ලස්සන අපිටත් බලන්න සැලසුවාට .

    ReplyDelete
    Replies
    1. කොයි තරම් නිර්මාණ කෘතිමව හැදුවත් සොබා දහමෙන් ලැබෙන ලස්සන ගන්න බෑ නේද? අපි හැමෝම පරිසරයට මෙච්චර කැමති ඒ නිසා වෙන්න ඇති.

      Delete
  5. අම්මෝ මාර ලස්සන තැන් නේ හඳ අල්ලපු රටෙත් තියෙන්නේ. ඔය වගේ තැනක් බලන්න යන්න තියෙන එකත් මරු.

    ප.ලි. - සිංදුව ඔටෝ ප්ලේ වීම හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. හා හා හෙලා දකින්න ඕන නෑ. ඒක ඉක්මනට මැනුවල් ප්ලේ වෙන්න හදනවා.. :)

      Delete
    2. තාමත් හදලා නෑ එහෙනං

      Delete
  6. පුදුම ලස්සනක් නේ . පිස්සු හැදෙනවා .

    සයුරි ..මේ සින්දුව අපේ දිහා කොච්චර ඇහෙනවද කිව්වොත් අපේ ළමයි ඕකට කියන්නේ තාත්තිගේ සින්දුව කියල .

    මේ දෙන්න ඕක අලුතින් කියනව .

    Fraser lift ..
    take me home
    7th floor ...mama's kitchen...

    ReplyDelete
    Replies
    1. //Fraser lift ..
      take me home
      7th floor ...mama's kitchen..//

      මේකනම් නියමයි :) අප්පේ..බින්දී අක්කා ඉන්නේ 7 වෙනි තට්ටුවේද..

      Delete
  7. අපරාදේ වලහෙක් හම්බවුණා නම් ඒ පැත්තෙ විස්තර එහෙම අහගන්නත් තිබුණා නේද :) නගරයෙන් ඈතට ගියා ම පරිසරය කොයිතරම් සරලද, නිර්මාණාත්මකද කියලා හිතෙනවා අක්කේ... සෝක් ඈ!

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා..මේ පැත්තේ පෙට්‍රල් ෂෙඩ් එකක්වත් හොයාගන්න අමාරුයි හිතුන වෙලාවට. හැතැප්ම 50 ක් විතර ගියාම තමයි ෂෙඩ් එකක් හම්බ වෙන්නෙත්.

      Delete
    2. මේ තමයි මම ආස ම ඉංගිරිස් සින්දුව...

      Staring at the moon so blue
      Turning all my thoughts to you
      I was without hopes or dreams
      I tried to dull an inner scream but you
      saw me through...

      You took my heart away

      Delete
  8. Country roads...Take me home...
    To the place...I belong....මේ සින්දුව ඇහෙද්දී මම හූල්ලනවා සයුරි...

    හරිම ලස්සන පින්තූර ටික සයුරි...මේපල් ගස්වල කොළ හරිම ලස්සනයි.කොහොමත් හද අල්ලපු රට හරිම ලස්සනයිනේ...එහෙ යන එක මගෙ හීනයක්..ඒ හීනය තාම හිතේ තියාගෙන ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හීනෙ හැබෑ වෙන බව මට හොඳටම විශ්වාසයි. ඒක නෙමෙයි මෙහෙ ආවම අපිවත් බලන්න එන්න.

      ඔව් ලිහිණි..මේපල් ගස් තමයි සරත් කාලෙට ලස්සනම.

      Delete
  9. හරිම ලස්සනයි සයුරී, මගෙ මල්ලී ඉන්නෙ කැන්සාස් වල. එහෙත් හරියට ගමක් වගේ. මේවා දැක්කම මේ ඇමෙරිකාවද ? කියල හිතෙනවා. මේ ටිකේ හරිම අවුල් වෙලා ඉන්ටර්නෙට් පහසුකම් නෑ. මගෙත් මහත්තයාගෙත් ආසම ගීතයක් මේ. ස්තූතියි ලස්සන විස්තරේට. මගෙ සටහන් බලන්න දඹදිව විස්තරේත් ඉවර වෙලාවක නංගී.

    ReplyDelete
    Replies
    1. කැන්සාස් වලත් ලොකු නගර අඩුයි නේද? මම නම් තාම ඒ පැත්තට ගිහිං නෑ. දවසක යන්න ආසයි. ඒත් මෙහෙ ඉඳලා පැය 10 ක් විතර දුරයි ඩ්‍රයිව් කරොත් :(

      Delete
  10. ඕනෑම දෙයක අපූර්වත්වය...සොබාදහමත් එක්ක බැඳිලයි තියෙන්නෙ. එක් එක් රටකට ආවේනික ලස්සන කොයිතරම් හදවතට කතාකරනවද...හරිම ප්‍රේමණීය හැඟීමක් දැනෙන්නෙ.මේ ගී අපිටත් ඩවුන්ලෝඩ් කරගත හැකිද..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඇත්තටම හදවතට කතා කරන ලස්සනක්..

      බලන්නකෝ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්ද කියලා..

      http://www.dilandau.eu/download-mp3/country-roads-john-denver-1.html

      Delete
    2. නංගියො...මම වැඩිය අහල නැති උනාට වීපොකුරි දුන්නනෙ ගීය ගැන ලස්සන විග්‍රහයක්...ඕං මාත් ඔයාගෙ බ්ලොග් එක හරහා මේ ටිකේම ගීය අහනව....හිකිස්...ස්තුතිය් ඕයාට.

      Delete
    3. ශා වී අක්ක හොඳ කලා කාරියෙක් වගේ :)

      Delete
  11. අනේ සයුරි.... පාපෝච්චාරනයක් කරන්නම්. මම ඔයාට අදත් ඊරිසියා කළා. ඒ තරමට මම ආසයි මේකට.
    මට මෙන්න Almost heaven , song 1 කියවෙනවා

    ReplyDelete
    Replies
    1. සිඳු, ඔයයි මායි දෙන්නම ට්‍රිප් පිස්සෝ වගේ :) ඔයා අර කැලේ ගියපුවා දැකලා මටත් ඉරිසියා හිතුනා අප්පා...

      Delete
  12. ඇමෙරිකාවත් මාර ලස්සන රටක් නොවැ බලන් ගියාම.. අපිට ඉතින් ඇමෙරිකාව කිව්වම මතක් වෙන්නෙ බිල්ඩින් බිල්ඩින් බිල්ඩින්.......

    // ඒත් අපිටනම් වලහෙක් දැකගන්න ලැබුනේ නැහැ. //

    මම අහලා තියනවා වලස්සු භායනක සත්තු දැක්කම මග හැරලා යනවා කියලා.. :-)

    ReplyDelete
    Replies
    1. //අපිට ඉතින් ඇමෙරිකාව කිව්වම මතක් වෙන්නෙ බිල්ඩින් බිල්ඩින් බිල්ඩින්.......//

      ඒක නේන්නං..වැරදිනේ ඒක :(

      //මම අහලා තියනවා වලස්සු භායනක සත්තු දැක්කම මග හැරලා යනවා කියලා.//

      සික්..ඒක කියපු කැත විතරක් :)

      Delete
  13. සයුරි අක්කේ අප කට්ටියක් සෙට් වෙලා ි ඔහේ එන්නද බෝට්ටුවකවත් නැගලා ? ඔහේ රවුමක් දාන්න මාර ආසාවක් ආවා....

    ReplyDelete
    Replies
    1. හනේ එන්න එන්න...යනකොට මාවත් බෝට්ටුවේ දාගෙන යන්නකෝ..:)

      Delete
  14. ඇත්තටම දිව්‍ය ලෝකයක් වගේ සයු..
    ගොඩක් ස්තුතියි විස්තරයි පින්තූරයි බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ..කාලෙකින් දැක්කේ ඔයාව. අලුත් පෝස්ට් දැම්මද?

      Delete
  15. හ්ම්ම්ම්ම් ස්තුතියි අක්කො මිහිබට සුර පුරක් වගෙ :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි :) හැබැයි සුර ලියන් නම් නැහැ

      Delete
  16. අන්තිම පින්තුරෙ දැක්කට පස්සේ හිතුන,ඔය ලස්සණට පස්සෙ අපිට දැනෙන වදේ..හයියෝ දැනටත් ඇඳුම් කීයක්ද?

    ReplyDelete
    Replies
    1. හිහි..ඒකනම් එහෙම තමයි. ඒත් ඉතින් ඒකෙත් අමුතු ලස්සනක් තියනවනේ

      Delete
  17. ඔයාගේ පොටෝත් ලස්ස්සනයි ඔයා ඉතින් සංචාරේ කරන්නේ ලියම තැන් වල නේ.

    ReplyDelete
  18. ලස්සනම ලස්සනයි.. මටත් අඅස හිතුනා අර කැලේ ඇතුලට වෙන්න තියෙන කැබින් එහෙක ඉදලා බලන්න..:D

    ReplyDelete
    Replies
    1. ඒකනම් ආස හිතෙන වැඩක් තමයි හිතු. වලහගෙන් බේරිලා ඉන්න ඕනේ හැබැයි :)

      Delete
  19. අම්මේ............ අක්කේ ලස්සන...........

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කෝරලේ මලේ...

      Delete
  20. ලස්සන පින්තූර ටික අක්කේ.මේ වගේ නිස්කලංක ලස්සන තැනක ඕන තරම් ඉන්න පුළුවන් මට නම්..
    ආනේ අම්බෝ ඔයාගේ බ්ලොග් එකට ඇවිත් මම බය වුන තරමක්. මේ පේජ් දාලා වෙන වැඩක් කලා මෙන්න එකපාරට සිංදුවක් ගියා. සිංදු මම දැම්මෙත් නෑනේ..මම බයවෙච්ච පාර හිතුවෙම කාමරේට හොරු පැනලා තමයි කියලා..

    ReplyDelete
    Replies
    1. හිහි..බට්ටියා බය උනාද? පව් අප්පා...හැබැයි ඉතින් හොරු ආවොත් සිංදු කියා කියා ඉන්න එකක් නෑ හොඳේ

      Delete
    2. නෑ නෑ අක්කෝ කෝමත් මම දැන ගත්තා ඉංග්‍රිසි සිංදු කියා ගෙන නම් ලොවෙත් හොරු එන්නෙ නෑ කියලා...

      Delete
  21. Replies
    1. බොහොම ස්තුතියි...:) මම එන්නම් අලුත් වෙනස බලන්න

      Delete
  22. සයුරි පොඩි ඉල්ලීමක් කරන්නයි හදන්නේ. ඔයාගේ ඉතිහාස ලිපි පෙළෙන් සපුමල් කුමාරයාගේ කාලේ යාපාව ජය ගෙන ආවිට සචිත්‍රා කුමරිය හා සෙන්පති අතර වු ගැටුම ගැන නිවැරදි පෝස්ට් එකක් දාන්නකො.

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් නිවැරදිව ලියන්නම් නලින් අයියේ ඒ ගැන..හැබැයි කෝට්ටේ යුගේට එන්න තව ගොඩක් කල් යාවි පේන විදියට. තාම අනුරාධපුරේනේ ඉන්නේ අපි :)

      Delete
  23. අනේ..හරිම ලස්සනයි සයුරියෝ.....ආසයි යන්න මටත්....

    ReplyDelete
    Replies
    1. වසිලිස්සගේ රටත් මේ වගේම ඇති නේද? එහෙ විස්තරත් දාන්නකෝ...

      Delete
  24. වචන දාහකින් කියන්න බැරි දෙයක් එක රූප රාමුවකින් කියන්න පුළුවන් කියන කතාව සත්‍යක් කියල හිතෙන්නේ මේ පිංතූර ටික දැක්කාමයි. ඇත්තටම ලෝකය කොයිතරම් අපූරු සුන්දර නවාතැනක්ද? ඇමරිකාව ගැන හිතනවිට මැවෙන චිත්ත රූප සහ සංකල්ප අංශක 180න් ආපහු හරවනවා.

    "වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තය" සංචාරක පුරවරයික් විදියට ජනප්‍රිය ඇති. අර අන්තිම පිංතූරෙ නම් නියමයි.ගොඩක් වෙලාවට මේවගේ පිංතූර දැක්ක ගමන් හිතෙන්නේ ඩිජිටල් ග්‍රැෆික් වැඩක් කියලා.මේවා තමයි නියම දේශාටන විත්ති

    ReplyDelete
    Replies
    1. අංශක 180 කතාවනම් ඇත්තම ඇත්ත. ඇමරිකාව කිව්වම චිකාගෝ, නිව්යෝක් වගේ පති ගැන තමයි මතක් වෙන්නේ. ඒවානම් ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇමරිකන් නගර තමා. ඒත් මේ පැති නම් තාමත් තිබුන විදියටම තියනවා වගේ පේන්නේ.

      Delete
  25. ෂා.. ලස්සනම ලස්සන තැනක්... අර පාලම උඩින් යනඑක හරිම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති කියලා හිතුණේ මුල්ම රූපෙ දැක්කට පස්සේ. වළාකුල් වලට උඩින් පාරේ යනකොට මොනවද නොහිතෙන්නේ.. රූප ටික රසවිඳිද්දී පසුබිමෙන් සින්දුව ඇහෙන එකේ අමුතු ගතියක් තියනවා. මමත් වැරදිලා හරි කවදාහරි හඳ අල්ලපු රටට ගියොත් අනිවාර්යෙන් මේ පාලම බලන්න යනවා.ඒතරමට ආස හිතූණා... වටින ලිපියක්...

    ReplyDelete
    Replies
    1. සින්දුවට කොච්ච්ර හිතගියාද කිව්වොත් මම මූනු පොතෙත් මේකෙ යූටියුබ් සින්දුව ෂෙයාර් කළා

      Delete
    2. අපි පාලමෙන් යන වෙලාවේනම් මෙහෙම වලාකුළු තිබුනේ නෑ. උදේ පාන්දර ගියොත් බලාගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. ඒ පින්තුරේට තමයි මමත් ගොඩක්ම ආස.

      //රූප ටික රසවිඳිද්දී පසුබිමෙන් සින්දුව ඇහෙන එකේ අමුතු ගතියක් තියනවා//

      ඇති යන්තම්..එක්කෙනෙක්ට හරි එහෙම හිතිලා :) තව ටිකකින් ඒක අයින් කරන්න ඕන

      Delete
  26. අපේ හිතේ අශාවල් ඇතිකරලා.. නිවන්මග ඈත්කරන කූට පෝස්ට් එකක්.....

    ඇත්තතම ලස්සනයි සයුරි... ඔය ඉස්ව්වේ මිනී කන ගෝත්‍රිකයෝ ඉන්නවළු නේ.. රෝන්ග් ට්‍රන් එකේ තියෙන්නෙත් ඔය පලාතේ සිද්දියක් නේ..

    ReplyDelete
    Replies
    1. ඈ බං මීයො උඹ කවදා ඉඳගෙනද නිවන් මගේ යන්න පටාන් ගත්තේ...? සසර කළකිරවන අන්දමේ ස්ත්‍රී පරාණයක්වත් මුලිච්චි වුනාද?

      Delete
    2. හික්ස් අනේද කියන්නේ...අපි පව් පුරව ගන්නවද මන්දා මේ පෝස්ට් දාලා. :) හපොයි ඔය ගෝත්‍රික කතාව අපි එහෙ යන්න කලින් කියන්න එපයි... :-0

      Delete
  27. "Country roads" අදටත් ජනප්‍රිය ලස්සන සිංදුවක් මම හිතන්නේ....

    මටත් යන්න ආසාවක් ඇති වුනා ඔය පැත්තට... ෆොටෝ ටිකත් නියමයි.... :)

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී..දැන් ගායකයත් නෑ. ඒත් මේක ගොඩක් ජනප්‍රියයි.

      Delete
  28. හරිම ලස්සනයි අක්කියෝ... මාත් හරි ආසයි ඔය වගේ පැති වල නිදහසේ ඇවිදින්න...

    ReplyDelete
    Replies
    1. හලෝ නංගෝ..කොහොමද :) හ්ම්ම්...හැමෝම ආසයි වගේ නිදහසට

      Delete
  29. පට්ටම පට්ට post එක....මමත් සින්දුව අහල තියෙනවා....මට දෑන් තියෙන hip pop music පේන්න බෑ...මේ සින්දුව පට්ට...iron maidenලගේ මේ වගේම සින්දුවක් තියෙනවා මට මතක ව්දිහට....එක නම් රෑජිනගෙ රටේ වේල්ස් ගෑන කියවෙන ලස්සන සින්දුවක්..මට නම මතක නෑ...මේක ඔයාගෙ තිබ්බ post හොදම එකක්!!

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කු එල කොලුවෝ...මමත් මේ ටයිප් එකේ සින්දුවලට මාර කැමතියි. වේල්ස් සින්දුව ඔයාට මතක් උනොත් මට ලින්ක් එකක් එවන්න හොඳේ..

      Delete
  30. ඉංග්‍රීසි ගීත අතරින් මම කැමතිම සින්දුව ,මොකක්දෝ අමුතු හැගීමකින් මගේ සිත වෙලෙනවා ඒ ගීතය ඇසෙද්දී ,නිකම් පාළුවක් වගේ ,මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ ,අපිට ඉතින් කවදා ඔය දේස දීපන්කරවල යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ,ඒක නෙමෙයි සයුරි ඔයා මගේ අනිත් බ්ලොග් ඒක පැත්තේ ඇවිත් නැද්ද ? http://hasarallak.blogspot.com/

    ReplyDelete
    Replies
    1. //නිකම් පාළුවක් වගේ//

      මටත් දැනෙන්නේ පාළුව මිශ්‍ර දුකක් වගේ එකක්. සින්දුව ලියල තියෙන්නේ ගෙදරින් දුර ඉන්න කෙනෙක්ගේ කෝණයෙන් නිසාද දන්නේ නෑ. ආ..මම අනිත් බ්ලොග් එක ගැන දැනගෙන හිටියේ නෑ නේ. එන්නම් ඒ පැත්තේ..

      Delete
  31. ලස්සන පරිසරය... පින්තුර ටික අපිව ඒ ලෝකෙට අරන් යනවා... කොන්ක්රීදට් ලෝකෙන් පිටමං වෙලා ටික දවසකට හරි මේ වගේ තැනක ඉන්න ඕන... ජීවිතේ ඇත්තම ඇත්ත සැනසීම කොහොමද කියල දැනෙන්න.... ඔයා අත්විදින වාසනාව අපිත් එක්කත් බෙදා ගන්නවට ස්තුතියි. නංගි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අක්කේ...කොන්ක්‍රීට් පරිසරයක ඉතින් මොන සැනසීමක්ද? ඒ වගේ පැති වලට මමත් ආසම නෑ. මෙහෙමවත් මේ වගේ පැති ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක්...

      Delete
  32. පෝස්ට් එක කියෙව්වා, සිංදුව අහලා තියේද කියලා මතක නෑ....

    නොදුටු ඉසව්වකට අපව කැදවාගෙන ගිය එක ගැන බොහොම සතුටුයි....

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව නිතර නිතර ඇහෙන එකක් නිසා අහලත් ඇති සමහර විට..

      Delete
  33. "වැලි පතුල පේන තරමට දිළිසෙන පළිගු දිය ගලා යන, නොගැඹුරු ගංගාවක් අයිනේ ගලක් උඩ ඉඳගෙන දිය පාරට අහු වෙලා ගල් පොත්තෙන් පහළට වැටෙන තැඹිලි පාට මේපල් කොල දිහා බලාගෙන" සම්බෝලයි බතුයි එහෙම නැත්නම් ලුණුයි බතුයි කමු. කෑල්ල මඟ ඇරිලද?

    නියමයි.. කිසිදා හැබහින් දකින්නට නොලැබුනත් දැන් නම් දැක්කා වගේම තමයි..

    ReplyDelete
    Replies
    1. සම්බෝලයි බතුයි කන්නත් ටිකක් මහන්සි වෙන්න එපයි..:) ඒක හින්දා ලුනුයි බතුයි තමයි කන්න වෙන්නේ..

      Delete
  34. ඔබ දුටු ලස්සන අපිත් දැක්කා වගේ දැනෙනවා. ලස්සන පිංතූර සමල ලස්සන විස්තරයක්. ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් අපිටත් බලන්න දෙනවාට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියන්ත අයියේ :)

      Delete
  35. lassana pinthura tikak ekka lassana wistharayak... hari agei akke

    ReplyDelete
  36. මම ඉතින් ඕව බලන්නේ ලංකාවේ ටෙලිකොම්ල දෙන හයිඊඊඊ ස්පීඩ් සබඳතාවයෙන් ඩිස්කවරි හරි නැෂනල් ජියෝග්‍රොෆි හරි ඩොකියුමන්ටරියක් ඇන්න තමා...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. රතී සාදරයෙන් පිලිගන්නවා ඔයාව. මට මොකක්ද සින්දුවක් මතක් වෙනවා මේ නම දකිනකොට :) බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට

      Delete
  37. හරි ලස්සන පින්තූර ටිකක් අක්කි! :)

    ReplyDelete
  38. අනේ මාත් කවදහරි හරි යන්ඩ ඕනෙ.......... :) හුඟ කාලෙකින් මේ පැත්තෙ එන්ඩත් බරි උනා. තරහා නෑනේ??????????

    ReplyDelete
    Replies
    1. හලෝ එලිෆාස්..අපෝ තරහා නෑ :) ඔව් ඔව් කවදාහරි යන්ඩකෝ..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...