Wednesday, December 19, 2012

නොපිපී පරවුණ පුංචි කැකුළු මල්




පහුගිය  දවසක ඇමරිකාවේ පාසලක පුංචි ළමයි 20 ක් ඇතුළු විසි හය දෙනෙක් තුවක්කුවකින් වෙඩි තියලා මරලා දාපු ආරංචිය හැමෝම දන්නවා ඇති කියලා හිතනවා.වයස අවුරුදු පහත් දහයත් අතරේ පුංචි ළමයි ටිකකට කිසිම හේතුවක් නැතුව වෙඩි තියලා දාන්න තරම් මානසික ආබාධයක් තියන මිනිස්සුන්ව බිහි කරන්න මේ ලෝකේ කොයි තරම්නම් පිරිහිලාද කියලා හිතෙනවා .

එදා උදේ පාන්දර පොඩි එවුන්ව වෙනද වගේම ලස්සනට ලැස්ති කරවලා පාසල් බසයට නග්ගද්දී  ඒ පුංචි අත තමන්ගෙන් ගිලිහුනේ සදහටම බව ඒ දෙමව්පියන් හිතන්න නැතුව ඇති. ඒත් පැය කීපයක් යන්නත් කලින් "සැන්ඩි හුක්" ප්‍රාථමික පාසලේ වෙච්ච වෙඩි තැබීමක් ගැන ප්‍රවෘත්තිය ඔවුන්ගේ කනට වැටුනා. තමන්ගේ දරුවන්ට කරදරයක් නොවන්නැයි දෙවියන් යදිමින් පාසලට දුව ආ දෙමව්පියන්ට සිද්ධ උනේ පොලීසිය විසින් ලකුණු කර සීමාවට එපිටින් රැඳී ඉඳිමින් දරුවා නිරුපද්‍රිතව එලියට එනතුරු බලා සිටින්නයි.

එහෙත්...

විනාඩියෙන් විනාඩියට කාට හෝ කෙනෙකුට පාසල ඇතුලෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ ඔවුන්ගේ දරුවා මියගොස් ඇති බව දන්වන පණිවිඩය...




කිසියම් මානසික ආබාධිතයෙකු විසින් පුංචි ජිවිත විස්සකුත් ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හය දෙනෙකුත් බිලි අරගෙන තිබුණා.

ඇමරිකන් ඉතිහාසයේ දරුණුම කැළලක් බවට දැනටමත් පත් වී ඇති මේ සිද්ධිය ගැන තවමත් කතාබහ අඩුවක් වෙලා නැහැ.මේ අමානුෂික ක්‍රියාව කරලා තිබුණේ " ඇඩම් ලන්සා" නම් විසි හැවිරිදි තරුණයෙක්. ඔහු පාසලට කඩා පැනීමට මොහොතකට පෙර තමන්ගේ මවගේ මුහුණට වෙඩි තබා ඇයද මරා දමා තිබුණා. ඔහු එතනින් පිට වෙලා තිබුණේ මවගේ ආයුධ එකතුවෙන් තුවක්කු කිහිපයක්ම අරගෙනයි (ඔහුගේ මවද ආයුධ එකතු කරන්නියක් බව මෙහිදී විශේෂ කරුණකි). ළමයින්ට වෙඩි තැබීමෙන් පසු තම ජිවිතයද තොර කර ගැනීමට තරම් ඔහු සැළකිලිමත් වෙලා තිබුණා.

මීට ටික කලකට ඉහතදී මෙවැනිම පිස්සෙක් විසින් ඩාක් නයිට් රයිසස් නම් චිත්‍රපටයේ පළමු තිරගත කිරීමේදී සිනමා හලකට කඩා වැදී නරඹන්නන්ට ඉවක් බවක් නැතුව වෙඩි තැබුවා. මෙවන් ඛේදවාචක සිදු වන්නේ ඇයිදැයි යන්න වහා සොයා බැලිය යුතු කාරණයක්.

ඇමරිකාවේ සාමාන්‍ය මිනිසුන්ට ඇති ඉතාමත්ම ලේසියෙන් ගිනි අවි මිල දී ගැනීමේ පහසුකම සැලකිය යුතු ගැටළුවක් . අද හැම කෙනෙක් ලඟම ජංගම දුරකථනයක් තිබෙන්නා සේ තවත් ටික දිනකින් සාක්කුවේ ගිනි අවියක්ද නැතුවම බැරි අවස්ථාවකට ඇමරිකන් සමාජය එළඹෙනු ඇති. පුංචි වචන හුවමාරුවක් උනත් ප්‍රතිවාදියාට වෙඩි තබා තමාද වෙඩි තබා ගන්නා අවස්ථා ඕනා තරම් අසන්නට ලැබෙනු ඇති. අඩු තරමේ "මැෂින් ගන්" වැනි අවි වලටවත් සීමාවක් පනවයි නම් මෙවැනි සමූහ මිනී මැරුම් සංඛ්‍යාවවත් අඩු වීමට ඉඩ තිබේ.

එහෙත් ඒ ප්‍රශ්නයේ මුල නොව අන්තිම කොනයි.. මේ උදාහරණයම ගත්තොත් මිනීමරුවාගේ මව දෙස බැලූ විටද ඇගේද වරදක් ඇති බව පෙනේ. මා පිය දූ දරු සබඳතා අන්තයටම පිරිහී යමින් තිබෙද්දී, දරුවන් ග්‍රැෆික් සෙල්ලම් ලෝක වල තනි වී ප්‍රතිවාදී පිලට වෙඩි පිට වෙඩි තබා මරා දැමූ සතුරන් ප්‍රමාණය ගණන් කර සතුටු වෙන, ලෝකයක මෙවැනි මානසික ලෙඩුන් බිහි වීම අරුමයක් නොවේ.

ජනාධිපති ඔබාමා මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොරොන්දු වුවත් එය බොහෝ විට ප්‍රශ්නයේ අග කොන කපා දැමීමක් වනු ඇති. එසේ වෙයිනම් ඒකත් ලොකු දෙයකි. එහෙත් ඔහුගේ නෙතට කඳුලක් නැගුනේ බොරුවට නම් නොවේ යයි මම සිතමි.

"They had their entire lives ahead of them...birthdays, graduations, weddings, kids of their own......
  Our hearts are broken today..for the parents, grand parents, sisters and brothers of these little children... 
  May god bless the memory of victims...and in the words of scripture, heal the brokenhearted... and bind up  their wounds" - President Obama


71 comments:

  1. හ්ම්............................................................

    ReplyDelete
  2. ගොඩක් දුරට මේකට හේතුව වෙලා තියෙන්නේ මානසික අසහනය තමයි අද සමාජයේ. කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඒක හරි..එන්න එන්නම මානසික අසහනය වැඩි වෙන පැත්තට තමයි ලෝකේ යන්නේ.

      Delete
  3. ධර්මය නැතිවෙන කාලේ. අධර්මය රජයන කාලේ.

    ReplyDelete
  4. මාත් හිතන්නෙ මව්පිය දූදරු සබඳතාවල පිරිහීම තුල වූ දෙයක් වෙන්න ඇති...!

    අපේ රට වලත් දැන් දැන්..ඩේ කෙයා වල දව්ල් වෙලාවට දරුවන් තබායන මව්පියන් බහුලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් වී අයියා. ඒත් ඉතින් ඩේ කෙයා වල තියලා යන එකම විතරක් නෙමෙයි අවුල. ළමයත් එක්ක ගෙදරම හිටියත් සම්බන්ධතාවය හරි හැටි තියාගන්නේ නැති දෙමව්පියෝ ඉන්නවා.

      Delete
  5. ස්වාභාවිකත්වයෙන් ඈත් වෙන්න වෙන්න මිනිසා විකෘත්ති වෙනවා.. සයුරි හරියටම කිව්වා වගේ මේවා පොඩි කාලෙ ඉඳලා ඔලු වලට දාපු විෂබීජ වල ප්‍රතිපල. අපේ සමාජයත් අත්හදා බලන්න මිනි මරණ තත්ත්වෙට තල්ලු වෙමින් ඉන්නෙ. නිසි පිළියම් නොයෙදුවොත් ඔය වගේ ප්‍රවෘත්තිත් ඇහෙන දවස වැඩි ඈතක නෑ..

    මට හැමදාම වගේ අදත් හිතෙනවා " අනේ මිනිසා නැමති සත්ත්වයා මේ ලෝකෙට පහල නොවුනනම් මේක කොච්චර ලස්සන තැනක් වෙයිද " කියලා.

    මියගිය අහිංසක සිගිත්තන් හා ගුරුවරුන්ගේ මතු ජීවිත යහපත් වේවා !! අවසන නිවනම වේවා !!!

    ReplyDelete
    Replies
    1. මටත් තියන ලොකු බයක් තමයි ලංකාවත් ඉක්මනටම මේ තත්ත්වෙට පත් වෙයි කියන එක. අපිත් ඒ තැනට ලං වෙලා ඉන්නේ කියලා හිතෙනවා.

      //අනේ මිනිසා නැමති සත්ත්වයා මේ ලෝකෙට පහල නොවුනනම් මේක කොච්චර ලස්සන තැනක් වෙයිද//
      කියලා වැඩක් නෑ සෙන්නයියේ. ලෝකේ විකෘති කරන එකම සතා මිනිහා තමයි.

      Delete
  6. කො‌ෙහාමත් සයුරි.. මේකෙදිත් ප්‍රශ්නේ අග දිහා බලලා යමක් කරන්න කියලා කෑ ගහන අය වැඩියි කියලා තමයි මටත් පේන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු. මේගොල්ලෝ අග කොනෙන්වත් තවමත් පටන් අරගෙන නැති එකනේ ප්‍රශ්නේ.

      Delete
  7. මේ වගේ ම්ලේච්Cජ ඝාතකයෝ ගැන වර්තමානේ සෑහෙන්න අහන්න ලැබෙනවා. ඒකට හේතුව හොයලා බලලා මින් ඉදිරියටත් මේ වගේ දෙවල් සිදු වෙන එක අවම කරගන්න කටයුතු කරනවා නම් හොදයි. කොයි රටේ උනත් අහිංසක ළමයි නේ. ඒ නිසා දුකයි.
    ඔවුන්ට සමාදානයේ සැතපීම ලැබේවා !!! (ඔවුන් කතෝලිකයන් යැයි සිතමි.)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මධූ. කොහේ හිටියත් ළමයි නේ. ඔව් ඔවුන්ගෙන් බහුතරයක් කතෝලික වෙන්න ඕන මම හිතන්නේ.

      Delete
  8. ගොඩක් දෙනා බලාපොරොත්තු වුණා ඔබාමා බලයට පත්වුණ ගමන් ම වගේ ගිනි අවි සිමා කරන නීතියක් ක්‍රියාත්මක කරාවි කියලා, ඒත් එහෙම වුණේ නැහැ. නමුත් එහෙම වුණා කියලා නවත්තගන්න පුළුවන් දේකුත් නෙවෙයිනේ , අම්මාගේ ආයුධ එකතුවෙන් තුවක්කු අරන් ආවම. පෙනෙන හැටියට සාර්ථක මව්පිය වගේ ම මව්පිය-දරු සම්බන්ධයකුත් තිබිලා නැති හැඩයි...

    ReplyDelete
    Replies
    1. මචන් ගෙවල් 100 ගත්තොත් ඒකෙන් ගෙවල් 15 ක වත් තුවක්කු
      තියෙන රටක ඕව වලක්වන්න බැහැනේ.

      Delete
    2. ඔය තුවක්කු සීමා කරන නීතියට රටේ වැඩි දෙනෙක් කැමති නැහැ. ඒත් මේ වගේ දේවල් වෙද්දී ඒ ගැන හිතන්න කාලය ඇවිත්. සීමාවක් දැම්මොත් මේක සම්පූර්ණයෙන්ම නවත්තන්න බැරි උනත් යම්කිසි අඩු වීමක් වෙයි. මැෂින් ගන් වගේ දේවල් තහනම් කරනවනම් මෙහෙම සමූහ මිනී මැරුම් කරන්න බැහැ හිතුන ගමන්.

      Delete
  9. මේ ගැන දැනගත්තම මාත් ගොඩාක් දුක් උනා . මල් වගේ පොඩි දරුවෝ . මිනීමරපු තරුණයගේ ගෙදර පරිසරයේ හැටියට මෙහෙම දෙයක් මීට කලින් නොවුන එකත් පුදුමයක් .
    …මේවට ඉතින් ගොඩක් අය වග කියන්න ඕනෙ . අපේ රටේ උනත් මොනතරම් කුඩා දරුවන්
    …මරණයට පත් වෙනවද මේ ලොකු අයගෙ වැරදි නිසා .

    ReplyDelete
    Replies
    1. //තරුණයගේ ගෙදර පරිසරයේ හැටියට මෙහෙම දෙයක් මීට කලින් නොවුන එකත් පුදුමයක්//

      ඇත්තම ඇත්ත. අම්මා තුවක්කු එකතු කරන අමුතුම මානසිකත්වයක් තියන කෙනෙක්. තාත්තා එක්ක සම්බන්ධයක් අවුරුදු ගානකින් තිබිලා නැහැලු. ඉතින් ළමයි මෙහෙම හැදෙන එකේ පුදුමයක් නෑ.

      Delete
  10. දුක හිතුනා හුඟාක්...මානසික අසහනකාරයෝ හින්දා ජීවිත මොනතරම් ව්නාශ වෙනවාද... මේවා තමා හෆ්ෆා ලෝක විනාස වලට හේතු

    ReplyDelete
    Replies
    1. ඔව් හිතූ. මේ විදියට වෙන්න ඇති ලෝක විනාසේ සිද්ධ වෙන්නේ කවදාහරි

      Delete
  11. සයුරි ඔහෙත් මෙහෙ වගේද ?
    ඒ කිව්වේ සතියෙන් ගින්නෙ දුම වත් නැද්ද ?
    මරුන ළමයි ගැන නම් පව්.කරන්න ඕනේ ගිනි අවි
    භාවිතය අඩුම කරලා , මිනිස්සු ඉන්න පීඩන වලින්
    මිදෙන්න ක්‍රම හදන එක..ඒ උනත් ඇමෙරිකාවේ ඔය
    දේවල් ගැන මහා ඉහලින් සලකනවා නේද ?

    ReplyDelete
    Replies
    1. මෙහෙ ලංකාවේ තරම්නම් ඉක්මනට ගිනි නිවෙන්නේ නෑ සහන්. ටික කලක් ගින්න තියනවා. 911 වගේ ඒවා උනත් තාම අමතක වෙලා නෑ කට්ටියට. මේකටත් ක්‍රියා මාර්ගයක් ගනීවි කියලා හිතනවා ගිනි අවි සම්බන්ධයෙන්වත්.

      Delete
  12. අනේ මන්දා.... හැම තැනම එක වගේ. මිනීමැරුම් මංකොල්ලකෑම් දුෂණ වංචා ඉවරයක් නැ........ මිනිස්සු විනාශය කරාම තමා ලගා වෙන්නේ..... මේ මල් වගේ පොඩි එවුන්ව මරන්න කොහොම හිත හදා ගත්තද මන්දා..... :(

    ReplyDelete
    Replies
    1. ඔව් සමනලී. මටත් හිතාගන්න බැරි මේ පැත්තක ඉන්න පොඩි උන් ටිකක් මැරුවේ ඇයි කියලා.

      Delete
  13. මොනවා කියන්නද හිතාගන්නවත් බෑ..

    ReplyDelete
  14. ඔච්චරම දරුණු නොවුණත් ලංකාවෙත් ඔය වගේ උන් ඉන්නෙ. අම්ම තාත්තා මරා දාන, බිරිඳ,දරුව පණපිටින් පුළුස්සන....

    ReplyDelete
    Replies
    1. ඔව් යසිත්. මෙහෙම ගියොත් ලංකාවටත් ඔය දේ වෙයි.

      Delete
  15. // අද හැම කෙනෙක් ලඟම ජංගම දුරකථනයක් තිබෙන්නා සේ තවත් ටික දිනකින් සාක්කුවේ ගිනි අවියක්ද නැතුවම බැරි අවස්ථාවකට ඇමරිකන් සමාජය එළඹෙනු ඇති. පුංචි වචන හුවමාරුවක් උනත් ප්‍රතිවාදියාට වෙඩි තබා තමාද වෙඩි තබා ගන්නා අවස්ථා ඕනා තරම් අසන්නට ලැබෙනු ඇති. //


    අපි පරණ ගොපලු චිත්‍රපට, චිකාගෝ සංස්කෘතිය ගැන හදපු චිත්‍රපටි එහෙම බලන කොට දකිනව සුළු සිද්ධියකදි උනත් එයාල උණ්ඩවලින් මරාගන්න හදන හැටි. අද නව තාක්‍ෂණයෙන් ඉදිරියට ගිහින් තියෙන ඒ ඇමරිකන් සමාජය නැවත පරණ තැනටම ආපස්සට ගමන් කරනවද මන්ද.

    කොහොම උනත් කාගෙවත් ප්‍රශ්නවලට අන්තිමට ජීවිතයෙන් වන්දිගෙවන්න උනේ ජීවිතයෙ අයනු ආයනු කියන්න උත්සාහ කරමින්සිටි අසරණ පුංචි එවුන් ටිකකට. මීට පෙරත් කීපපාරක්ම විශ්ව විද්‍යාල උසස් පාසල් තුළ මෙහෙම වෙඩි තැබීම් සිද්ධි ගැන මාධ්‍ය වාර්ථා පළ වුනා මට මතකයි. ඔවුන් ඒ අවස්ථාවලදි එයට පිළියම් යොදා තිබුණ නම් නැවත මෙහෙම සිදුවීමක් නොවෙන්නත් ඉඩ තිබුණ.

    (මට පුදුම අපේ රටේ මෙහෙම දෙයක් උනා නම් අද අපිට උදේ හවස අහන්න වෙන්නෙ ඇඟ ලෝම කෙලින්වෙන කුමන්ත්‍රණ කතන්දර, එහෙමත් නැත්නම් ආණ්ඩුව ගෙදර යවන කතා. ඒ අතින් නම් ඔවුන් දියුණුයි.)

    ReplyDelete
    Replies
    1. ඔව් DDT මීට පෙරත් මේ වගේ සිද්ධි වෙලා තියනවා. මේ ගිනි අවි ගැන නීති දාන එක ටිකක් ආන්දෝලනාත්මකයි පේන විදියට. මිනිස්සුන්ට දැන් ඒක නැතුවම බැරි දෙයක් වෙලා.

      //මට පුදුම අපේ රටේ මෙහෙම දෙයක් උනා නම් අද අපිට උදේ හවස අහන්න වෙන්නෙ ඇඟ ලෝම කෙලින්වෙන කුමන්ත්‍රණ කතන්දර, එහෙමත් නැත්නම් ආණ්ඩුව ගෙදර යවන කතා. ඒ අතින් නම් ඔවුන් දියුණුයි.//

      අනිවාර්යෙන්. එහෙම උනානම් ඒක කෙලින්ම දේශපාලන මඩ ගොඩක් වෙලා. ඒ පැත්තෙන් නම් මම ලංකාවට වඩා ඇමරිකාවට කැමතියි.

      Delete
  16. මමත් හිතුවා අද මේ ගැන ලියන්න ඕන කියල..... ඔයාගෙ ලිපිය ගොඩක් වටිනවා... මනුස්සකම් අන්තයටම පිරිහෙනකල් අපි බලන් ඉදලනේ නංගි... දැන් ඒවයෙ ප්ර තිඵල භුක්ති විදින්නයි තියෙන්නේ. මේ දේවල් ආපහු හරිගස්සන්නම් ලොකු කැපකිරීමක්, වෙහෙසක් දරන්න වෙනවා...

    කඳුලක් නැගෙන එක හොදයි... හදවතටම දැණුන බවට ලකුණක්... ඒත් කඳුළුවලින් විතරක් මනුස්සකම් ගොඩ නගන්න බැහැ... දුර දැක්මක්, හොද වැඩපිළිවෙලක් ඕන.. ලොකු පුංචි හැම රටක්ම, හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් කැපවෙන්න ඕන කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. තරු අක්කට කලින් මම ලියලද? :) ඔව් අක්කේ. මේවා හරිගස්සන එක ටිකක් අමාරුයි. ඒත් හෙමින් හෙමින් උනත් කරනවානම් ලොකු දෙයක්.

      //ඒත් කඳුළුවලින් විතරක් මනුස්සකම් ගොඩ නගන්න බැහැ... දුර දැක්මක්, හොද වැඩපිළිවෙලක් ඕන//

      බොහොම හරි

      Delete
  17. අවි හරඹ දන්න අයට අවියට වඩා අවැසි දියුණු මනසක්, නිකම්ම නිකං මනසක් නෙවෙයි පිරිපුන් ඔලුවක් සහිත තියුනු මනසක්. එහෙම එකක් නැතිවුනාම ඒකත් අර වඳුරට දැලි පිහිය අහුවුනා වගේ තමයි.

    බටහිර මිනිස්සුන්ට ගිනි අවි වැනි දේවල් පරිහරනය කරන්න ඕනෙ තරම් නිදහස දීල තියෙන්නෙ අපිට වඩා ප්‍රජාතන්ත්‍රීය ලෙස හිතන, තියුණු මනසක් ඇති පිරිසක් නිසා. ඒත් දැන් දැන් ඒ දේවල් පවා ගිලිහෙමින් පවතිනවා.

    කාගෙ වුනත් දරු පැටවු.. ඔබාමා ට විතරක් නෙවෙය් අපිටත් මේ නිව්ස් එක කනට වැටුන දා ඉඳල හිතට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. //ඒකත් අර වඳුරට දැලි පිහිය අහුවුනා වගේ තමයි.//

      ඒකනම් ඇත්ත. වැරදි පුද්ගලයින් අතට වැරදි දේවල් ගියාම එහෙම තමයි. මේවා පාවිච්චි කරන නිදහස තියුණු මනසක් ඇති අයට ලැබෙද්දී අනිත් අයටත් නිකන්ම ලැබෙන එක තමා අවුල. දෙගොල්ලන්ටම සීමා කරන එක තමා කරන්න වෙන්නේ.

      Delete
  18. මේ හැමදේකටම මූලික වෙන්නේ අද කාලේ මාධ්ය කියලයි මට හිතෙන්නේ අක්කේ. පොඩි ළමයි කාටූන් වල පවා අද දකින්නේ ගහගන්න මිනීමරාගන්න ඒවා. අපි පොඩි කාලේ තිබුන සුන්දර ළමා කාලය අද පරම්පරාවේ ළමයින්ට උරුම නෑ.කොයි රටේ වුනත් තත්වේ මේ හා සමානයි. ළමයින්ගේ මානසික තත්වයට මේ දේවල් සෘජුවම බලපානවා. ඒ නිසාමයි අද කාලේ අපරාධ වුනත් වැඩි වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි. චිත්‍රපටි, කම්පියුටර් ගේම්, සෙල්ලම් බඩු ඇතුළු හැමදේම මේවට වග කියන්න ඕන. අපරාධයක් කියන දේ තෝර බේර ගන්න බැරි තත්ත්වෙට අද කාලේ ළමයි පත් වෙලා.

      Delete
  19. මමත් මේ සිදුවීම අහලා හුඟාක් සසල උනා. කිසිම හේතුවක් නැතුව නිකරුනේ මේ පුංචි දරුවෝ මරලා දාන්න කොහොම හිත හදා ගත්තද මන්දා. මේ පාසැලේ ඝාතකයාගෙ අම්මත් සේවය කරලා තියෙනවලුනේ..

    දැන් දැන් සමාජයේ මිනිස්සු මරන්නෙ සෙල්ලම් කරනවා වගේ. ඇමෙරිකාවේ ලේසියෙන්ම මිළදී ගන්න පුළුවන් ගිණිඅවියට යමක් කරන වග ජනාධිපති ඔබාමා කිව්වත්...ඒක තවමත් ක්‍රියාත්මක උනේ නෑ... කලින් දාසයයි..දැන් විසි හතයි..තම කීයක් වෙනකල් බලා ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිණි. අම්මා කලින් සේවය කරපු පාසල ලු. අම්මත් එක්ක තිබුණු තරහක් පිට කරලද මන්දා. දැන්වත් ඇමරිකාව මේ ගැන තීරණයක්‌ ගත්තොත් හොඳයි වගේ. ඔවුන්ටත් ඒක තේරිලා තියෙන්නේ.

      Delete
  20. අපේ චූටි අයිය කිව්වලු අම්මට ඊයේ පෙරේද ස්කයිප් කතා කරපු දවසක, ඇමෙරිකාවෙ ඉන්නෙ මහ ජරා මිනිස්සු කියලා...

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ අනූ. ඕන තරම් හොඳ මිනිස්සු මෙහෙ ඉන්නව. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ වගේම පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්.

      Delete
    2. අනූගේ අයියත් ඇමරිකාවේද ඉන්නේ? මාත් හිතන්නේ ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. ලංකාවේ අයටත් වඩා හොඳ මිනිස්සු ඇමරිකාවේ ඉන්නවා. ලොකුම ප්‍රශ්නේ මානසික ආබාධිතයින්ට ඕනවට වඩා උත්තේජක ඇමරිකාවේ වැඩි එක.

      Delete
  21. මාත් මේ ගැන ලියන්න හිතමින් ඉන්නකොට සයුරි ලියල. හරිම ඛේදජනක සිද්ධියක්. මේ වගේ මානසික අසහනයෙන් පෙලෙන අය අද සමාජයේ ඕන තරම් එහෙම අයට ගිවි අවි අතට ලැබෙනව කියන්නෙ ඉතින් විනාසයක්. මේ වෙඩි තැබීම කරපු ල තියෙන්පුද්ගලයට ඉලක්කයට වෙඩි තියන්න පුරුදු පුහුණු කරල තියෙන්නෙ අම්ම.ඒ වගේ ම මේ සිද්ධියෙන් බිහි වූ වීරවරිය ගැනත් නොකිය බෑ. ඈ වීක්ටෝරියා ,තරුණ ඒ වගේම ලස්සන ගුරුවරියක්. ඈ වෙඩි හඬ ඇහුනු ගමන් තමන්ගෙ පන්තියෙ ළමයි ටික කබඩ් ඇතුලෙ හංගල. මිනීමරුව ආවම කියල ළමයි ජිම් එකට ගියා කියල. මිනීමරුව වික්ටෝරියට වෙඩි තියල පිට වෙලා. ඈ නිසා ඒ දරුවන් 20 දෙනාගේ ජීවිතය බේරුනා.

    ReplyDelete
    Replies
    1. රෝස කුමාරිගේ ලිපියත් දාන්න. මේ ගැන මීට වඩා විස්තර ලියන්න පුළුවන් නේ. ඔව් මමත් හිතන්නේ මෙතන අම්මා ගොඩක් වැරදියි කියලා. වික්ටෝරියා ගේ කතාව ඇහුවම ඇය ගැන දුක හිතුනා වගේම ආඩම්බරයකුත් දැනුනා. එහෙම අය අද කාලේ අඩුයි. මට මගඅරුන කරුනුත් එකතු කරාට ඔයාට ස්තුතියි.

      Delete
  22. ඒ සිදුවිම ගැන ශ්‍රි ලංකීකයෙකු විදියට අදහස් ප්‍රකාශ කිරීමට මට අයිතියක් ඇත්ද යන ප්‍රශ්ණය මේ අකුරු කරන විට මගේ හිතේ හොල්මන් කරයි.බොහෝ මනුෂ්‍යකම් ගැන කථා කරන අපි අද කරන තුට්ටු දෙකේ වැඩ.මාසයක් පමණ ප්‍රේම සම්බන්ධයක් නිසා බිරිඳත්,තම දරුවන් දෙදෙනාත් මරන්න තරම් නින්දිත ආශාවන්ගෙන් පෙලෙන මිනිසුන් ඉන්න රටක් බවට අද අප පත්ව ඇත.

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකිකයින් හැටියට අපිත් මේ ගැන හිතන්න ඕන ගයානි. කොයි තරම් දේවල් උනත් මෙච්චර දරුණු තත්වෙකට ලංකාව තාම පත් වෙලා නෑ. හැබැයි එහෙම වෙන්න වැඩි දවසක් යන එකකුත් නෑ මේ විදියට ගියොත්.

      Delete
  23. හද සසල කරනවන සිදුවීමක්......

    ReplyDelete
  24. සයුරි කිව්වා වගේ අඩුම ගණනෙ ස්වංක්‍රීය අවිවත් ඇමරිකානු සිවිල් සමාජයට තහනම් කරන්න පුළුවන්නම් මේ වගේ ඛේදවාචක පාලනය කරගන්න පුළුවන්.
    ලංකාවෙත් මීට අවුරුදු 20කට විතර ඉහත මේ වගේ කාලකන්නින් බිහි කරන ආගමක් ඉහළ මධ්‍ය පන්තියේ ළමුන් අතර ව්‍යාප්ත වෙමින් තිබුණා. කල් ඇතුවම ඒක හදුනාගත් නිසා, "මේ වර්ගයේ ඛේදවාචක පමණක්" අපට යම් තරමකට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් ඛේදවාචක වලින් ලංකාවට අඩුවක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකක් ද කියල විස්තර කරන්න පුලුවන්ද සුනෙත්.?

      Delete
    2. //අඩුම ගණනෙ ස්වංක්‍රීය අවිවත් ඇමරිකානු සිවිල් සමාජයට තහනම් කරන්න පුළුවන්නම්//

      ඇත්තටම මේක උනොත් සැළකිය යුතු පාලනයක් වේවි කියලා මාත් හිතනවා.

      //ලංකාවෙත් මීට අවුරුදු 20කට විතර ඉහත මේ වගේ කාලකන්නින් බිහි කරන ආගමක් ඉහළ මධ්‍ය පන්තියේ ළමුන් අතර ව්‍යාප්ත වෙමින් තිබුණා.//
      මේක අපි නොදන්නම දෙයක්. ඔබට පුළුවන්නම් ලිපියකින් හරි විස්තර කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේ දේවල් නියපොත්තෙන් කඩා දාන්න ඕන අවස්ථාවේ එහෙම කරපු එක ගැනනම් සතුටුයි.

      Delete
  25. හරිම දුක හිතෙන ආරංචියක් ඒක.තමන්ගේ අම්මගෙන් පළි ගන්න ඕනේ එකට පුංචිම දරුවොන්ගේනුත් පළි අරගෙන..

    ReplyDelete
    Replies
    1. ඔව් අසාර්. කොහොම හිතක් තියෙන්න ඕනද එහෙම කරන්න.

      Delete
  26. ගිනිඅවි භාවිතය කියන එක ඇමෙරිකාවේ සුලභ දෙයක් නේද? මම අහලා තියනවා ජනගහනයට වඩා වැඩි සංඛ්‍යාවක් ගිනි අවි තියනවා කියලා. ඒත් මිනිස්සු ගිනිඅවි දැරීමේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවා තවම. තමන්ට ලැබෙන නිදහස මැද්දේ, ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න හදන එක විකෘති මානසිකත්වයක් තියන කෙනෙකුට, තත්පර ගණනක් තුලදී, ඇඟිල්ලෙන් ට්‍රිගරයක් තද කිරීමෙන් වටිනා ජීවිත විශාල ගනණක් විනාශ කරන්න පුළුවන් කියන දේ අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. // මම අහලා තියනවා ජනගහනයට වඩා වැඩි සංඛ්‍යාවක් ගිනි අවි තියනවා කියලා.//

      මේක ගොඩක් දුරට ඇත්ත වෙන්න පුළුවන්.

      //ඒත් මිනිස්සු ගිනිඅවි දැරීමේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවා තවම.//

      මේක තමා ලොකුම ප්‍රශ්නේ. මොන නීතියක් ගෙන්න හැදුවත් ඒකට විරුද්ධ කට්ටිය ගොඩක් ඉන්නවා. තමන්ටම මොනවහරි වෙනකන් ඒ අයට තේරෙන්නේ නැතුව ඇති.

      Delete
  27. මිනිස්සුන්ට මෙච්චර තිරිසන් වෙන්න පුලුවන්ද කියල හිතෙනව.. පුදුම මානසික අසහන කාරයො ඉන්නෙ.. හරිම දුකයි ඒ මල් වගේ අසරණ ලමයි ගැන.. අවුරුදු 20 එකෙක්.. මේ වගේ දෙයක් කලා කියන එකම ඇමරිකාවෙ තියන මානසික විකුර්තිය පෙන්නුම් කරනව. තාක්ශනය දියුනුඋනට වැඩක් නැ, මිනිස්සුන්ගෙ ආකල්ප දියුනු නොවී

    සමීගේ පුංචි ලෝක‍ය

    ReplyDelete
    Replies
    1. ඒක තමා සමි, තාක්ෂණයේ දියුණුවත් බලපාලා තියනවා මේ මානසික විකෘතියට මම හිතන්නේ.

      Delete
  28. මේ දේවල් නිතර සිදුවෙනවා නේද? මේ දරුවන් මේ කරන විනාශය කවදා නතර වේවිද මන්දා. ධර්මයක් නොදකින සමාජයක මෙවැනි සිදුවීම් බහුලයි.

    ReplyDelete
    Replies
    1. මේකේ නතර වීමක් ගැන හිතා ගන්නවත් බැහැ. පුළුවන් තරමින් පාලනයක්වත් කරනවා නම්...

      Delete
  29. පරිඝනක ක්‍රීඩා වල බලපෑම ගැනත් දැන් නම් අවධානය යොමු කලයුතු කාලය ඇවිත්..
    ස්තුතියි සයුරි හිතන්න වටින දෙයක් ගැන ලීවාට..

    ඒ මරණ ගැන මුළු ලොවම කම්පා වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ. වෙඩි තියන මරාගන්න කම්පියුටර් ගේම් වලට අදාළ වයසට කලින් ඇබ්බැහි උනාමත් මෙහෙම වෙනවා ඇති. ගෙදර පරිසයත් ඒවාට අනුබල දෙනකොට කොහොමට ඇත්ද

      Delete
  30. ඔබාමා මාමා කළේ බොරුවක් සයුරි අක්කො.. තමන්ගෙ රටේ තමන්ගෙ ගොංකං නිසා ළමයි දාස්ගාණක් මැරුණම ඒකට කියන්න දෙයක් නැතිවුණාම අසරනය වගේ කඳුලු හෙලනව.. පිටරටවල ළමයි දෙමවුපියෝ ප්‍රජාතන්ත්‍රවාදෙ නාමෙන් මරාදානව..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..බොරුවක් වෙන්නත් පුළුවන් තමා. හැබැයි මම අපේ මහින්ද මාමගේ කඳුළු වලට වඩා නම් ඔබාමා ගේ කඳුළු ගැන පොඩ්ඩක් හරි විශ්වාස කරනවා.

      Delete
  31. පව් අදකාලේ සිද්දවෙන දේවල් විග්‍රහ කරන්න හරිම අමාරුයි අක්කේ. ඔන්න මමත් දැන් බ්ලොග් ලියනවා.
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් හා පැංචි. සාදරයෙන් පිලිගන්නවා ඔයාව. මම ඇවිත් බලන්නම් ඒ පැත්තේ

      Delete
  32. මේ වගේ දේවල් කරන්නේ මානසික ආබාධ තියන අය නේද? ඒ උදවියට අවශ්‍ය දේවල් පහසුවෙන් ලබා ගත හැකි සමාජයක් තිබීමත් තව හේතුවක්. කාගේ වැරැද්ද උනත්, මල් කැකුලු පිපෙන්ට කලින් මෙහෙම පරවෙලා යන එක නම් උහුලන්ට බැරි දෙයක්....:(

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා. මෙහෙම පිස්සොන්ගේ අතට ආයුධයක් දෙනවා කියන්නේ මෝඩ වැඩක්. ඔයා කොහෙද අතුරුදහන් වෙලා හිටියේ මෙච්චර කල් :)

      Delete
    2. පිටසක්වල....:D:D:D

      Delete
  33. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා නංගා

      Delete

Related Posts Plugin for WordPress, Blogger...