Monday, July 8, 2013

සමුද්‍රයක් තැනූ රජෙක් - රාජාවලිය XXX

XXX කිව්වේ  30 කියන එක (දැන් කී දෙනෙක් හැරිලා යාවිද මන්දා :).






අද අපි කතා කරන්න යන්නේ කලින් ලිපියේ අවසානෙට කතා කරපු ගජබාහු රජතුමාගෙන් පස්සේ අපේ රටේ රජ පවුල්වල වෙච්ච සිද්ධි ගැන. මතකයිනේ ඒ ලිපිය පුරාම තිබුනේ මහා විජයබාහු රජතුමාගේ සොයුරිය වෙච්ච මිත්තා කුමාරිගේ පුත්තු තුන් දෙනා (මානාභරණ, සිරි වල්ලභ සහ කීර්ති ශ්‍රී මේඝ), විජයබාහු රජතුමාගේ පුතාටයි (වික්‍රමබාහු) මුණුබුරාටයි (ගජබාහු) කරපු කරදර ගැන. නිදහසේ රජ කරගෙන ඉන්න දුන්නෙම නෑ නේ. මානාභරණගේ මව විජයබාහු රජුගේ සොයුරිය වීමට අමතරව තවත් නෑ කමක් ඔවුන් අතර තියනවා. ඒ තමා මානාභරණ විවාහ කරගත්තේ විජයබාහු රජුගේ දුවක්. එහෙමත් නැත්නම් වික්‍රමබාහු ගේ සොයුරියක්. ඇය රත්නාවලී. තිලෝකසුන්දරී කියන බිසව තමයි ඇගේ මව. එහෙම බලද්දී හතුරුකම් කරලා තියෙන්නේ දෙවිදියකින්ම මස්සිනා වෙච්චි කෙනෙක්ට :)

ඉතින් මේ මානාභරණටයි රත්නාවලී බිසවටයි මිත්තා සහ පබාවතී නම් දූවරු දෙදෙනෙක් සහ එක පුත් කුමරෙක් ඉන්නවා. ඒ පරාක්‍රමබාහු කුමාරයා. නෑ කම අනුවනම් පරාක්‍රමබාහු කුමාරයා මහා විජයබාහු රජුගේ මුණුබුරා. මේ කුමාරයා කුඩා කාලේ ඉඳලම ඉතාමත් නිර්භීත වගේම දක්ෂ කම් පෙන්වපු කුමාරයෙක් ලු. මේ කාලය වෙද්දී දෙවන ගජබාහු රජතුමා පොළොන්නරුවේ රජකම් කරද්දී මානාභරණ ඇතුළු තෙසොහොයුරෝ රුහුණු රටේ පාලන කටයුතු කළා (කෙතරම් උත්සාහ කළත් තමන්ගේ නෑයින් එලවා පොලොන්නරුව අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි උන නිසා). 

ඔය අතරෙදි මානාභරණ අසනීප වී මිය යන නිසා ඔහුගේ ප්‍රදේශය පාලනය කරන්න "සංඛ" නම් සෙනෙවියෙක් යොදවන්නේ කීර්ති ශ්‍රී මේඝ විසින්. 

සැමියා නැතිව තනි වෙන රත්නාවලී බිසවට සිද්ධ වෙනවා දරුවනුත් රැගෙන ඔවුන්ගේ සොයුරා වූ සිරි වල්ලභ ලඟට යන්න. සිරි වල්ලභ ගේ බිසව තමයි "සුගලා". ඇය, විජයබාහු රජුට ලීලාවතී රැජිනගෙන් ලැබුණ දියණිය යශෝදරා ගේ දුවක්. මොවුන් දෙදෙනාගේ පුතාගේ නමත් "මානාභරණ". ඉතින් මේකෙන් වෙන්නේ මිත්තා කුමරිය සහ මානාභරණ අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වීම. ඒත් රත්නාවලී බිසව මේ දියණියගේ සම්බන්ධෙට කැමති වෙන්නේ නැහැ. ඇගේ අදහස උනේ ගජබාහු රජතුමාට මේ මිත්තා කුමරියව පාවා දීම. මොනවා උනත් ගජබාහු කියන්නේ තමන්ගේ සොහොයුරාගේ පුතා. ඒ වගේම රටේ රජතුමා. ඉතින් සැමියාගේ සොහොයුරාගේ පුතාට වඩා ගජබාහු කුමාරයාට කැමැත්තක් ඇති වීම සාධාරණයි නේ. මේ බව දැනගත් සිරි වල්ලභ කෝපයට පත් වෙනවා, තමන්ගේ සතුරෙක්ට මිත්තාව පාවා දීමට යන නිසා. ඉතින් සිරි වල්ලභ මොකද කරන්නේ, රත්නාවලී බිසවගේ විරුද්ධත්වය නොතකාම මිත්තාව මානාභරණට පාවා දීම. මෙයින් අසතුටට පත් වෙන රත්නාවලී බිසව, පරාක්‍රමබාහු කුමාරයාත් රැගෙන පිටත් වෙන්නේ ඔවුන්ගේ අනෙක් සොයුරා වූ කීර්ති ශ්‍රී මේඝ ලඟට. කිර්ති ශ්‍රී මේඝ ඔවුන්ව පිළි අරගෙන පරාක්‍රමබාහු කුමාරයාට ඉතා හොඳ අධ්‍යාපනයකුත් ලබා දෙනවා. 

පසුව පබාවතී කුමරියත් මානාභරණගේ බිසවක් බවට පත් වෙන අතර මිත්තා සහ පබාවතී දෙදෙනාටම පුතුන් දෙදෙනෙක්ද ලැබෙනවා. මේ අතරේ සිරි වල්ලභ මිය යන නිසා මානාභරණට ඒ වගකීම් පැවරෙනවා. 

මේ අතරේ අධ්‍යාපනය හමාර කළ පරාක්‍රමබාහු කුමාරයා පසු වෙන්නේ සිත් තැවුලෙන්. හේතුව තමයි රුහුණ සහ රජ රට අසමගිව රට දෙකඩව පැවතීම. මේ ගැන දිගින් දිගටම කල්පනා කරන කුමාරයා රහසේම මාලිගයෙන් පිට වෙලා යන්නේ රට නැවතත් එක්සේසත් කිරීමේ අරමුණින්. කුමාරයා ඒ කාර්යය පටන් ගන්නේ රුහුණේ ප්‍රදේශයක් පාලනය කරමින් සිටි සංඛ සෙනෙවියා මරා දැමීමෙන්. මෙය ආරංචි වෙන කීර්ති ශ්‍රී මේඝ කෝපයට පත් වී කුමාරයා දුර දිග නොබලා ක්‍රියා කරන බව සිතා ඔහු අල්ලාගෙන ඒමට සේනා කිහිපයක් පිටත් කළත් කුමාරයාගේ සෙබළුන් ඔවුන්ව පරාජය කරනවා. 

ඉන් පසුව රජරට බලා ගමන් කරන කුමරු ගැන ඇසූ ගජබාහු රජතුමා ඉතාමත් මිත්‍රශීලි අන්දමින් ඔහුව තම මාළිගාවට කැඳවා ගෙන විත් සත්කාර කරනවා. එලෙස මිත්‍ර වන මේ දෙමස්සිනාලාගේ සම්බන්ධය වඩාත් තර වෙන්නේ පරාක්‍රමබාහු කුමාරයාගේ තවත් සොයුරියක් වන භද්‍රාවතී ගජබාහු රජුට විවාහ කර දීම නිසා. මේ විදියට පරාක්‍රමබාහු කුමාරයා පොළොන්නරු මාළිගාවේ නිදහසේ කල් යවද්දී ගජබාහු රජතුමාට ඔහු ගැන නිතැතින්ම සැක පහළ වෙනවා. පරාක්‍රමබාහු ගේ දක්‍ෂ බවත් තේජසත් එයට බලපාන්න ඇති. මේ නිසා ගජබාහු රජුගේ හැසිරීමේ වෙනසක් ඇති වෙන අතර එය වටහා ගන්නා පරාක්‍රමබාහු නැවතත් රුහුණු රට බලා යනවා. 

කුමරුගේ සුළු පියා වූ කීර්ති ශ්‍රී මේඝ මිය ගිය පසු රුහුණේ පාලනය බාර වන්නේ ඔහුට. ඒත් ඔහුගේ අභිප්‍රාය වෙන්නේ මුළු ලංකාවටම රජු වීමටයි. මුලින්ම රුහුණ සශ්‍රික කිරීම අරඹන ඔහු පසුව වයඹ හා මලය ප්‍රදේශත් ඔහුගේ පාලනයට නතු කරගන්නවා. කුමරුගේ මී ළඟ අරමුණ වෙන්නේ රජරට යටත් කර ගැනීම. ගජබාහු රජු සමග කළ සටන් ලෙහෙසි පහසු ඒවා නොවුනත් අවසානයේ ගජබාහු රජු සිර කිරීමට ඔහුට හැකි වෙනවා. 

මේ අතර පරාක්‍රමබාහුට විරුද්ධව තවත් සතුරෙක් ක්‍රියාත්මක වෙනවා. ඒ, මිත්තාව විවාහ කරගත් මානාභරණ.  තමන්ගේ මස්සිනාට එරෙහිව සටන් වදින මානාභරණට හැකි වෙනවා ඔහුව පරදා කෙටි කලකට පොළොන්නරුවේ පාලනය අල්ලා ගැනීමට. එහෙත් නැවතත් ඔහු සමග සටන් වදින පරාක්‍රමබාහු ඔහුව පලවා හරිනවා. මේ අවසරයෙන් හිරෙන් පැන යන ගජබාහු, ගන්තලාවට පැන ගොස් සේනාව රැස් කිරීමට පටන් ගන්නවා. 

මෙන්න මේ වෙලාවේදී සිද්ධ වෙන්න යන විනාසය දැකලා වහාම ක්‍රියාතමක වෙන්නේ සංඝයා වහන්සේලා. කුමාරවරුන් එකිනෙකා මරා ගැනීමේ ආදීනව දුටු උන්වහන්සේලා තීරණය කරනවා කෙසේ හෝ මොවුන් සමගි කරවීමට. මුලින්ම ගජබාහු රජු ඒ සඳහා කැමති කරගෙන පසුව පරාක්‍රමබාහු හමුවී අනුශාසනා කරනවා. ගජබාහු රජු දැන් මහළු බවත් ඔහුට දරුවන් නැති නිසා ඔහුගෙන් පසු පරාක්‍රමබාහුට රජ කම හිමි කරගත හැකි බව පසක් කර දුන් පසු ඔහුත් සමාදානයට එකඟ වෙනවා. මේ අනුව ඔවුන් සාම ගිවිසුමක් අනුව සමාදාන වූ බවත් ඒ ගිවිසුම සංගමුව රජමහා විහාරයේ සෙල්ලිපි ගත කළ බවටත් විශ්වාස කෙරෙනවා. 

ක්‍රි. ව. 153 දී ගජබාහු රජු මියගිය පසු ඇමතියන් පිරිසකගේ උපදෙස් මත මානාභරණ නැවතත් පොලොන්නරුව අල්ලා ගැනීම සඳහා සටන් වදිනවා. එහෙත් වඩාත් බලවත් පරාක්‍රමබාහු එයින්ද ජය ගන්නවා. ඉන් නොබෝ කලකට පසුව මානාභරණ මිය යන නිසා ඔහුගේ ඇමතිවරුන් කරන්නේ මානාභරණගේ මව වන සුගලා වටා එකතු වී නැවතත් පරාක්‍රමබාහුට පහර දීම සඳහා සටන් වදින එක. පරාක්‍රමබාහු කුමරු "රක්ඛ" නම් සෙනෙවියෙකුගේ සහාය ඇතුව මේ සේනාව සමග සටන් වදිමින් ඔවුන්ව රුහුනටම හඹා යනවා. ඒ අතරේ  දන්ත ධාතුව අයත් කරගන්නා සුගලා, එය රැගෙන උරුවෙල ට පැන යන නිසා පරාක්‍රමබාහු ඇතුළු සේනාව රුහුණ පීරමින් සටන් කර ජයග්‍රහණය කරනවා. දන්ත ධාතුව නැවතත් පොළොන්නරුවට වැඩමවන ඔහු ඒකීය ලංකාවක මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153 - 1186) ළෙස අභිෂේක ලබනවා. 

ඔය ආකාරයට තමයි ලක්දිව තවත් ශ්‍රේෂ්ඨ නරපතියෙක් බිහි වුනේ. රට වාරිමාර්ගයෙන්, ගොවි තැනින් සශ්‍රික කරා වගේම බුදු සසුනටත් උපරිම අනුග්‍රහයක් දක්වපු රජ කෙනෙක්. පරාක්‍රම සමුද්‍රය එහෙම කට්ටියට මතක් වෙනවා ඇතිනේ. එතකොට අර "අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යාමට නොදිය යුතුය" කියන කියමනත් මතක ඇතිනේ...




මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජුගේ මාලිගයේ නටබුන් 



මේ පිළිමය පරාක්‍රමබාහු රජුගේ කියලා සැලකුවත් ඒ ගැන තවත් මතවාද තියන බව ඔබ දන්නවා ඇති.



මෙයින් පස්සේ සුගලාට එහෙම මොකද උනේ කියලා අපි ඊ ළඟ ලිපියෙන් බලමු.




83 comments:

  1. රාජාවලිය xxx ඕ.............

    ReplyDelete
  2. හප්පා දැන් හැම තැනම මාර්කටින් එක 18+, නැත්තම් xxx
    .මාත් පටන් ගන්න ඔනේ අගට මොකක් හරි දාන්න .බැරිම වුනත් දානව 18-කියලා හරි; කලබලේට දැකලා හරි එකෙක් දෙන්නෙක් ආවොත්.,හිට් එකක් දෙකක් කියන්නේ සෙල්ලම්ද?

    අනික සයුරි මං රොලේ අප්ඩෙට් වෙන ඕනෑම බ්ලොග් එකක් කියවනවා...මේකත් එහෙම තමයි.ඔය රොමන්කාරයන්ගේ මඟුල තිබුනත් නැතත්.,

    ReplyDelete
    Replies
    1. හෙහෙ...ඒක සැබැයි. ඔය මාතෘකා යටතේ දාන පෝස්ට් හරි ජනප්‍රියයි නේ..

      ගජිනි මෙහෙ ආපු පලවෙනි වතාව මම හිතන්නේ...සාදරයෙන් පිලිගන්නවා ඔබව

      Delete
  3. සයුරි අක්කේ අපිත් ආව අනුරාධපුර රාජධානියේ අවසානයට පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. බෝම සතුටුයි...ඒත් මම හිතුවේ ඔයා අනුරාධපුරේ පහු කරලා ගොඩක් කල් කියලනේ

      Delete
  4. මේ විස්තර මෙහෙම බෙදා ගන්න එක වටිනවා. දිගට ම ලියමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි..රාජධානි අවසානය තෙක්ම ලියන්න බලනවා

      Delete
  5. බොහොම වෙහෙස වෙලා ලියපු ලිපියක්. ස්තුතියි සයුරි.

    ReplyDelete
    Replies
    1. විස්තර හොයාගන්න තමා වෙලාව යන්නේ :)..ස්තුතියි අයිලාෂ් අයියේ

      Delete
  6. ඒ පිළිමය නම් ඍෂිවරයෙක්ගෙ (මතක හැටියට පුලතිසි) කියලත් කියනවනේද?

    අපරාදෙ කියන්නෙ ඒ දවස්වල හිටපු රජ පවුල්වල අය නම් පස්සෙ කාලෙ වගේ අරහෙන් මෙහෙන් ගේන්නෙ නැතුව නෑයො නෑයොම අවාහ විවාහ කරගෙන තියෙනව. සමහර විට නොගැලපෙන නෑ කම් පවා. :)

    ReplyDelete
    Replies
    1. ඔව් DDT ඒක පුලතිසි සෘෂිවරයාගේ කියන එකත් එක මතයක් තමා. මොනවා උනත් හරිම ලස්සනට නෙලලා තියනවා.

      නොගැලපෙන නෑ කම කිව්වේ සුගලා වෙන්න ඕන :)

      Delete
  7. මේ අහගෙන ඉන්නේ මැඩම්. ප්‍රශ්ණ නෑ. මම වතුර ටිකක් බීලා එන්නද? වැව් ගැන කිව්වාම තිබහ හැදුනා.

    ReplyDelete
    Replies
    1. ඔන්න වැව් ගැන හිත හිත එච්චර වතුර බොන්නෙ නෑ... ඊළඟ පාඩම වෙලාවෙදි ඔය ළමය ටොයිලට් යන්න අහනව නෙවි මෙතන.

      Delete
    2. මට නම් හිතුනෙ වලියක් දාගන්න..! ඇයි දෙයීයනේ රජවරුන්ට,කුමාර වරුනට හොඳනම් අපිට මොකද හොඳ නැත්තෙ...ඩූඩ් වරෙන් වලියට..!

      Delete
    3. මේ ඉතිහාස පාඩම වෙලාවෙදිමයි මේ ළමයිට වතුර බොන්නයි ටොයිලට් යන්නයි ඕන වෙන්නේ..:ඩි

      වී ළමයව නම් දන ගස්සන්න තමයි වෙන්නේ... :))

      Delete
    4. සයුරි මැඩම්ට කණ්නාඩි මාරු කරන්න කාලේ හරි වගේ, වී ළමයා දැනටමත් දණ ගහ ගෙන ඉන්න ගමන් තමයි ඒක කිව්වේ.

      Delete
    5. හෙහෙ..ඒකත් එහෙමද? මට පස්සේ කල්පනා උනේ වී ළමයා ඇමති පුතෙක් එහෙම නෙවෙයි වෙන්න ඇතිනේ.

      Delete
    6. කෝ ...... මම දැන් මෙතනට දාපු කමෙන්ට් එක. ඔන්න ආයිත් දානවා....

      //මේ ඉතිහාස පාඩම වෙලාවෙදිමයි මේ ළමයිට වතුර බොන්නයි ටොයිලට් යන්නයි ඕන වෙන්නේ//

      කිව්වට විශ්වාස කරන්න සයුරි, ඔය හෙන්රි අයිය නම් දන්නවත් ඇති සමහර විට, අපේ පන්තිවල කොල්ලොන්ට නම් ඔය උවමනාව ඇතිවුනේම ඉංග්‍රීසි පීරියඩ් එකේදි.

      Delete
    7. DDT, සිරා කතාව ඒක. ඇත්තෙන්ම මේ දැන් වුනත් කොල්ලෝ කෙල්ලෝ වතුර බොන්න ටොයිලට් යන්න ඉන්නෙ මම යනකල්. මොකද මම ඒකට වාරණ දාන්නේ නෑ. සමහරු යන්න දෙන්නෙම නෑ. හැබැයි වරකට එකාගානේ යවන්නේ.

      මම එහෙම කරන්නේ, මම දන්න එක ළමයෙකුට නපුරු ටීචර් කෙනෙක් ටොයිලට් යන්න නොදී ඉඳලා, පන්තියේ චූ ගිහිල්ලා, අනිත් උන් ඌට නමක් දාපු සිද්දියක් ඇහුවට පස්සෙ. ඇත්තෙන්ම නම දාන්න ඕනෙ ටීචර්ට.

      සයුරි ටීචර්, අපේ සාකච්ඡාව මාතෘකාවෙන් පිට යනවා, කමක් නැද්ද?

      Delete
    8. ආ..හැබෑටම. සමහරුන්ට ඉතිහාසෙට වඩා ඉංගිරිස් පෙන්නන්ට බෑ නේ. අනේ අර පන්තියේ චූ ගියපු ළමයා නම් පව්. එකා ගානේ යවන එක තමයි හොඳම ක්‍රමේ එහෙනම්.

      අනේ කමක් නෑ අප්පා..ඕන එකක් කතා කරන්න අවසර තියනවා පන්තියේ :)

      Delete
  8. මහා පවුල් අරගලක සටන නිම වෙන්නේ අන්තිමට රටට දැයට හිතැති මහා සෙන්පතියෙක් බිහි වීමෙන්. එක අතකින් රජකම සහ බලය ලබාගන්න ජීවිතය උගසට තැබීමෙන් පමණක් නොනැවතී ඹ්නැම ක්‍රිියාවක් කරන්න පෙළඹෙනවා. ඒක තමයි බලලෝභීත්වය.

    මහා පරාක්‍රමබාහු රජවෙන්ට කලින් හිටපු අය ගැන නම් දැනගෙන හිටියේ ටිකයි. ඒත් මේතරමට අර්බුද තිබුන බවක් දැනගෙන හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අද කාලෙත් එහෙම පවුල් අරගලයක්වත් වෙලා රටට හිතැති කෙනෙක් බිහි වෙනවානම් කියලා හිතෙනවා

      Delete
    2. <>

      එකෙන්ම ඔව් සයුරි එහෙමවත් දෙයක් වෙනවනම්...

      Delete
  9. බොහොම මහන්සියෙන් ලියලා තියෙනවා සයුරි මේක. ඇත්තටම අවුරුදු 1000 - 2000ක් ආපස්සට යන්න තියේ නම් ඒ කාලේ රාජමාලිගා , වැව් පොකුණු හැදුනු හැටි මේ දෑසින්ම දැක ගන්න තිබුණා නේද ...? මට බොහෝම ආසයි වැව් හදපු හැටි දැනගන්න.. මොකද වැව් බන්ට් එහෙක පස් කියුබ් මිලියන ගාණක් තියෙනවා.. විල් බැරෝ එකක් වත් නැති කාලේ ඒවා කොහොම හැදුවද කියලා හිතාගන්න බැහැ සයුරි...

    දිගටම ලියන්න ..ආසාවෙන් බලනවා මේ සියල්ලම...

    ReplyDelete
    Replies
    1. අයියෝ සහන්, ඕව මොනාද. අර කළුගල්ගෙඩිවලින් කරපුවයෙ හැටියට පස්වලින් මොනා කරන්න බැරිද බං. :)

      Delete
    2. ශික් අන්තිම හරක් ප්‍රශ්නයක්නේ මන් අහලා තියෙන්නේ.. හැබෑටම ගල් ගැන අමතක උනේ කොහොමද මට ...? මට මේකට කියන්න උදාහරණයක් , උපමාවක් , උපමෙයක් , ප්‍රබන්ධයක් , යෙදුමක් වගේ කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ DDTයෝ.. සරමේ හිටන් නේද ...?

      Delete
    3. පිස්සුද බං. මම විහිළුවක් කරේ. ඒක වැදගත් ප්‍රශ්නයක් තමා. මේ පස් තාච්චුවක් දෙකක් නිකන් දානව නෙවිනේ බං. අක්කර අඩි ලක්‍ෂගානක ජල කඳක් රඳවගන්න එක සෙල්ලමක්ද. කොච්චර පීඩනයක් ද. යාන්ත්‍රික මෙවලම් නැතිව මිනිස් ශ්‍රමයෙන් සියල්ල කළ යුගයක්. සියල්ල කලින් සලකා බලමින් එවැන්නක් සැලසුම් කිරීම. අනික හිතුන හිතුන තැන වතුර පුරවනව නෙවිනේ. ප්‍රදේශයෙ භූවිෂමතාවය අනුව සුදුසුම ස්ථානයක් තෝරා ගැනීමේ සිට නැවත ජලය බෙදා හැරීමේ වාරි පද්ධතියක් සැලසුම් කිරීමම අපේ අතීත වාරි තාක්‍ෂණයෙ විශිෂ්ඨත්වය යළි යළිත් තහවුරු කරනවා.

      Delete
    4. ආඩම්බර වෙන්න පුළුවන් අතීතයක් තිබුනත් ආඩම්බර වෙන්න පුළුවන් වර්තමානයක් රටට නැහැ දැන් එකයි කනගාටුවට කරුණ.

      Delete
    5. @ මනෝජ්,

      දැන් අපි මොනවටද බං කරදර වෙන්නෙ, චීන්නු ඇවිත් කරන්නෙ. කොටින්ම උන් අපි වෙනුවෙන් සැටලයිට් හිටං උඩ අරිනවා, බලපං කාටද ආඩම්බර.

      Delete
    6. @ DDT

      එකත් ඇත්ත නෙන්නම් බන්..
      ආඩම්බර තාත්තේක් ඉන්නකොට එහෙම වෙන්න එපැයි.
      ඒ උනාට බන් මගේ හිතේ තියෙන කරදරේ සැටලයිට් යවනවා වාගේ අපිවත් උඩ යවයිද කියලායි..:D

      Delete
    7. මම අහල තියෙනව...පොලවෙ ලෙවල් එක( බෑවුම) දැනගන්න ගැබ්බර එලදෙනක් යවල පස්සෙන් ගියාලු.හේතුව ගැබ්බර එලදෙන ගැබට ආරක්ෂාවට අඩි තියමින් යන්නෙ..අඩුම උසක්..හා මහන්සිය අඩුම ආකාරයටලු...මේව ජනවහරෙ එන දේවල්...තව දෑ ඇති.

      Delete
    8. මටත් ඔය ඉස්සර වැව්‍, වෙහෙර විහාර එහෙම හදපු හැටි බලාගන්න තියනවනම් හරිම කැමතියි. සමහර වෙලාවට හිතින් මවාගන්නවා ඒ දර්ශන. ගල් පිළිම, කැටයම් ගැන හිතුවම ඊටත් එහා..

      කිව්වත් වගේ දැන් චීන්නු ඉන්න නිසා මොකට මහන්සි වෙනවද?

      මේ හරක් ගේ කතාවනම් අදමයි ඇහුවේ. අන්න නියම ස්වාභාවික තාක්ෂනය යොදවන හැටි..නියමයි.

      //ඇත්ත නැත්ත නම් හොයාගන්න විදියක් නැහැ. අපි හරක් වත් මී හරක් වත් නෙවේනේ //
      අර පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියව ලිහලා අරිමුද ?

      Delete
    9. මාව එක දිගට ස්පෑම් වෙලා සයුරි. :(

      Delete
    10. කෝ ස්පෑම් ෆෝල්ඩරේනම් මුකුත් නෑ සහන්

      Delete
    11. සයුරි හොඳට කල්පනා කරන්න .. ටිකක් නිවී සැනසිල්ලේ කල්පනා කරන්න...

      ***ඇත්ත නැත්ත නම් හොයාගන්න විදියක් නැහැ. අපි හරක් වත් මී හරක් වත් නෙවේනේ***

      ඔයා මේ ටික ක්වෝට් කරපු කමෙන්ට් එක නැහැනේ ..

      Delete
    12. ඒක තමා සහන්..ඒත් ස්පෑම් ෆෝල්ඩරේ මුකුත් නෑ. ඒක කොහේ ඇත්ද කියලා නෝ අයිඩියා

      Delete
    13. //ඇත්ත නැත්ත නම් හොයාගන්න විදියක් නැහැ. අපි හරක් වත් මී හරක් වත් නෙවේනේ //

      මමත් ඒත් කම්පනා කළා ඒක කොහෙන්ද ආවෙ කියල. දැන්නෙ සිද්ධිය දන්නෙ. මට ඒ කමෙන්ට් එක කියවන්න උනේ නෑ සහන්. ආයිත් දාපන්කෝ මතක හැටියෙන්වත්.

      Delete
    14. මගේ මේල් වල තියෙනවා ස්පෑම් වුණු සේරම ටික නම් DDT ඔන්න මම පහලින් දානවා සේරම ටික .. ( දුක්ගැනවිලි ටිකත් එක්කම )








      _______________________________________________
      සැටලයිට් එකේ විස්තර තව සති 3 කින් විතර දාන්නම් මචන්ලා..පහු ගිය ටිකේ දාන්න හිටියට බැරි උනා..


      වීයෝ ,

      මම අහලා තියෙන්නේ මී හරක් පට්ටියක් කැලේට යවනවලු..උන් ගාණට පහත් බිමක් හොයන් යනවලු වතුර තිබහ හැදුනම.. ඇත්ත නැත්ත නම් හොයාගන්න විදියක් නැහැ. අපි හරක් වත් මී හරක් වත් නෙවේනේ වීයෝ :)
      ________________________________________________


      සයුරි මම මී හරකෙක් වගේ දාපු කමෙන්ට් එකක් ස්පෑම් වෙලා... :(


      ________________________________________________

      මාව එක දිගට ස්පෑම් වෙලා සයුරි. :(




      ________________________________________________

      Delete
    15. සහන්ට වෙලා තියෙන්නේ හරිම අසාධාරණයක් නේ..මටනම් මේ කමෙන්ට් එක කියෙව්වා මතකයි. හැබැයි පස්සේ බලද්දී නැහැ. ඔන්න මමනම් මුකුත් කරේ නෑ :(

      Delete
  10. "මම රාජ කුමාරයෙක් නෙමෙයි මම ගමේ කොල්ලෙක්!!! :D"

    ReplyDelete
  11. කී දෙනෙක් හැරිලා ගියාද නෙමේ කී දෙනෙක් දුවගෙන ආවද දන්නෑ.. :D

    පරාක්‍රම සමූද්‍රයනම් විස්මිත නිර්මාණයක් තමා නේද ? කෝ අර ශ්‍රේෂ්ඨ කියමන ගැන සඳහනක් නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඒ දුවගෙන ආපු කට්ටිය මට බැන බැන යන්න ඇති. ඒකයි අවුල :D

      අයියෝ ඇත්ත නේන්නම් ඒ කියමන දාලා නැහැනේ..බලමු ලිපියට රිංගවන්න. බෝම ස්තුතියි මතක් කරාට

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සිදුවූ ප්‍රමාද දෝශය ගැන කණගාටුව.. සමනළීගෙ බ්ලොග් එකට දාන්න ගිය කමෙන්ට් එක මෙතන වැටුනෙ..:D

      Delete
    2. හා හා..කමක් නෑ. නින්ද ගියා කිව්වනම් ඉවරනේ

      Delete
  13. සරලව ලියල තියෙන විදිය හරිම අපුරුයි සයුරි.
    ඉතිහාසය කියන්නේ මමත් ආසම විශයක්.

    රජරට වැව් බැදී රාජ්ජේ කොහොමත් හදවතට සමීපයි..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්..ඒ කතාව ඇත්ත. ඒ පැත්තට නිකන් ට්‍රිප් එකක් ගියත් අමුතුම හැඟීමක් එනවා

      Delete
  14. ///XXX කිව්වේ 30 කියන එක (දැන් කී දෙනෙක් හැරිලා යාවිද මන්දා :).//..........ෂිහ්..අපහාසෙ තරම...අපි එන්නෑ ආයි ඕගොල්ලො නරක ලමයි..!

    ReplyDelete
    Replies
    1. හිහි...හරි හරි අනේ. නරක ළමයි ටික මෙතන කමෙන්ට් කර කර ඉන්නේ නැතුව එහෙමම හැරිලා ගියාලු

      Delete
  15. මොකද මන්දා මේ රජවරු බලය නිසා මෙච්චර රණ්ඩු වෙන්නේ......

    ReplyDelete
    Replies
    1. අද වගේම තමයි සමනලී

      Delete
  16. මං නම් ඔන්න ආපහු ගියා නැන්දේ.. :D (ගිහින් ආයෙ ආවලු...)

    වෙහෙස වෙලා ලියපු අගනා කරුනු වලට ස්තුතියි සයුරි.. ඉතිහාසය වගෙ දේවල් කියවන්න මමත් ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. කාටද බොලේ මේ නැන්දා කිව්වේ :0

      බොහොම තැන්කු චන්දන...කැමතියි කියලා අහන්න ලැබීමත් සතුටක්..

      Delete
    2. //කාටද බොලේ මේ නැන්දා කිව්වේ//

      ඒකනේ ... ඒකනේ .... සයුරි තාම 18 ඉටිකිරිස් කෑල්ල.

      Delete
    3. අනිවා...ඕකට 10 ක් එකතු කරගත්තට ඉතින් අමනාපයක් නෑ.

      Delete
    4. මොකක්? මම දැක්ක කලින් කොහේදි හරි කියල තිබුන 25 යි කියල වගේ. ම්....................ඉතිරි තුන කොහෙන්ද ආවෙ..... :)

      Delete
    5. එහෙම තමයි බන් නිතරම දෙකක් , තුනක් අඩු කරලා නෙව කියන්නේ..


      ( සෑහෙන්න සංයමයෙන් යුතුව , වචන එඩිට් කිරීමකට ලක් කර දැමු කමෙන්ටුවක් බව සළකන්න )

      Delete
    6. අහා..එහෙම කියල තිබුනද? මට මතක නෑ නේ :0 (දුමින්ද තියරිය දැම්මම ඕන එකක් ශේප්)

      මේකනේ ඔය දෙක අතර ඕන ගානක් හිතාගන්න..හරියටම වයස කියන එක එච්චර හොඳ නෑ ලු නේ. හැබැයි 28 ට වැඩි කරනවා එහෙම නෙමෙයි ඕන්.

      @ සහන්: කෝ ඉතින් සහන් එහෙමවත් වයස කිව්ව එකක්යැයි..හැබැයි පුතෝ මම දන්නවා ඔයාට 30 පැනලා කියලා. :)

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. හ්ම්ම් මායාවක් උනත් කමක් නෑ ඉතින්. ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි නේ. බ්ලොග් එකනේ වැදගත්

      Delete
    9. ඔයා එදා දැක්ක රූපේ ගත්තේ ගිය අවුරුද්දේ වෙසක් පෝයට...මගේ උඩ කමෙන්ට් එක දැක්කම මහා බරපතළ දෙයක් හිතෙන්න පුළුවන් සත්‍යට වඩා..ඒ නිසා මම මේක අයින් කරන්නම් සයුරි.. ( මේල් සබ් වලින් ගිය අයටත් අමතක කරන්න කියමු )

      කෙටියෙන් කියනවා නම් මම හොරෙක් , වංචාකාරයෙක් , මන් පහරන්නෙක් නෙවේ.. පුංචි හේතුවක් නිසා මාව ලෙඩ උනා. ටික කාලෙකට නිවාඩුවක් ගත කරන්න ආව බ්ලොගයක් හදන්... ඉක්මණටම රැකියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..එතෙක් හිතට එන දේවල් ඔයාල එක්ක බෙදා ගන්නවා..

      බොහෝම සරළ මනුස්සයෙක් නිතරම සිනහවෙන් ඉන්න ..

      Delete
    10. ආ .... ඒ කමෙන්ට් එක මම දැක්කා සහන්. මම ටිකක් ඒ ගැන කල්පනා කරල ඒක ඔන්නොහෙ අමතක කරල දැම්මා. මම සහන්ගෙ බ්ලොගේ ඉස්සරවෙලාම දාපු කමෙන්ට් එක මතකත් ඇති.

      Delete
    11. ඔව් ඔව් ඒක මතකයි මට..මම මුළින්ම DDT මාරයාගේ එකේදී ආරාධනා කරපු එකත් මතකයි...DDT මෙන්න මේක බලලා තියේද බලන්න...
      මම හොට් ලින්ක් නොකර දාන්නම් හරිද ...?

      http://obeth-mageth-addakeem.blogspot.com/2013/02/memory-and-humanity.html?m=0

      තව එකක් තියෙනවා..ඒක වෙනින් වෙලාවක බලන්නකෝ දැනට බලලා නැත්නම්...

      Delete
    12. මම ගිහින් ඒක කියෙව්ව බං දැන්. කමෙන්ට්ස් ටිකත් එක්කම කියවපු නිසා සිද්ධිය හොඳින්ම වැටහුනා. ඒත් මොනව කියන්නද කියල මට හිතාගන්න බැහැ. අනේ මන්දා බං.

      Delete
  17. බොහොම කාලෙකින් අලුත් ලිපියක්.. :) කාලිංග මාඝ ආක්‍රමණය එන්නෙත් මේ කාලෙ ම නේද?

    ReplyDelete
    Replies
    1. ඒ හරියට එන්න තව ටිකක් කල් යාවි හසල..

      කාලෙකින්නම් තමයි :)

      Delete
  18. අම්මටසිලි...ඒකත් එහෙමයි ඈ.....

    ReplyDelete
  19. සෙන්කෝලේ,

    මේ මම බ්ලොග් ලියන්න ආපු අලුතම මධුරංග දීපු සින්ඩි ටික. මේවට ඇප්ලයි කරලා බලන්න.

    1. http://www.lankablogger.com/ - ලංකා බ්ලොගර්
    2. http://sindiya.com/ - සිංඩිය
    3. http://blogs.sinhalabloggers.com/ සිංහල බ්ලොග් කියවනය
    4. http://http//www.seegiri.com/syndi/ -සීගිරි බ්ලොග් සිංඩිය
    5. http://hathmaluwa.org/ -හත්මාළුව බ්ලොග් සිංඩිය
    6. http://ambagaha.blogspot.com/ -අඹ ගහ යට
    7. http://sindilanka.blogspot.com/ - සිංඩි ලංකා

    ReplyDelete
  20. සෑහෙන පරක්කුයි වගේ මම... ඒත් මමත් ඇවිත් වෙනදා වගේ ම ආසාවෙන් කියවලා ගියා... !

    ReplyDelete
    Replies
    1. kamak na ane parakku unaata..mage reply ekath parakku unane :(

      Delete
  21. ඇත්තට දැන් ගොඩක කාලෙකට කලින් මධුරංග කියලා ළමේක් හිටියා නේන්නං අළුතෙං බ්ලොග් ලියන්න ආපු ඈයොන්ට පාර කියලා දෙන්න..!!
    ඒ ළමයට මොනා වුනාද දන්නෑ..!!

    ReplyDelete
  22. පරාක්‍රමබාහු රජතුමා ගැන නම් ගොඩක් දේවල් ලියැවේවි නේද?
    ඊළඟ පාඩමටත් ආසාවෙන් එන්නට බලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ..බලමුකො ඊ ලග පාඩමෙන් :)

      Delete
  23. ඒකනෙ අප්පා..එයා ආගිය අතක් නෑ නේ..

    ReplyDelete
  24. ලිපිය ආසාවෙන් කියෙව්වා....ඉතිහාසය කියන්නෙ බොහොම රසවත් මාතෘකාවක් නේද...?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...