Monday, September 8, 2014

සතුරු වූ අර්ධ සොහොයුරන්ගේ කතාව - Thee O Jerusalem 2

ඔන්න අද මං ලියන්නේ අර කලින් මාගලක් වගේ ලියපු ජෙරුසෙලම ලිපියේ දෙවැනි කොටස. එදා මම ලිපිය නැවැත්තුවේ අර රෝමන් කාරයෝ සෑහෙන විනාශයක් කරලා ජෙරුසෙලම බිමට සමතලා කරපු තැනින්. ඒ සිද්ධිය උනේ ක්‍රි. ව. 70 දී. එවෙලේ සෑහෙන ජුදෙව්වෝ පිරිසක් වහල්ලු විදියට රෝමයට අල්ලාගෙන ගියාලු.











මේ අල්ලාගෙන ගිය අයගෙන් සෑහෙන පිරිසක් හොඳට කාසි බාගේ තියන ධනවත්තු වෙච්ච නිසා ඒ අයට පුළුවන් උනාලු සල්ලි ගෙවලා වහල් කමෙන් නිදහස් වෙලා යුරෝපයේ වැදගත් විදියට ජීවත් වෙන්න අවස්ථාව ලබා ගන්න. මේ අයගෙන් තමයි යුරෝපයේ යුදෙව් කොලනි බිහි වෙන්න පටන් ගත්තේ.

මේ කාලෙදි සිද්ධ වෙච්ච තවත් වැදගත් සිදු වීමක් තමයි ජුදා ආගමේත් කතෝලික ආගමේත් දෙකඩ වීම. මේ කියන කාලය වෙනකොට ජේසු තුමා මිය ගිහින් අවු. 40 ක් වත් නැහැ. ජේසුස් වහන්සේගේ අනුගාමිකයින් (ජුදා ආගමින් වෙන් වෙච්ච අය වගේම යුරෝපීය නවමු සාමාජිකයින්) වේගයෙන් බිහි වෙන්නට පටන් ගත්ත යුගය. පේන විදියටනම් කතෝලික ආගම යුරෝපයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා වගේ නේද? පේදුරු තුමා ධර්මය දේශනා කරේ රෝමය මුල් කරගෙන කියලා හරී කියනවා. එයින් පස්සේ බිහි වෙච්ච ඒ ආගමේ එක එක ප්‍රභේද (සභා) ගැනනම් මම කියන්න දන්නේ නැහැ. සමහරවිට හරී කියලා දෙයි. කොහොම උනත් "රෝමානු කතෝලික" ආගම සම්බන්ධයෙන් රෝමයට වැදගත් තැනක් හිමි වෙන්න ඕන කියලා හිතෙනවා (නමේ හැටියට එහෙම වෙන්න එපයි ඉතින් :). කොහොම හරි රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්තිය වගේම ඊශ්රායල් ආක්‍රමණයත් ආගම ව්‍යාප්තියට සෑහෙන උදව්වක් වෙන්න ඇති කියලා හිතෙනවා.

ජෙරුසෙලම දිහාවේ මේ දේවල් මෙහෙම වෙද්දී අර ලංකාද්වීපයේ මේ කාලෙදි උනේ මොනවද කියලා නිකමට බලමුද? කට්ටියට මතකද දන්නේ නෑ අර රජ්ජුරුවොයි දොරටු පාලයයි මාරුවෙලා එක විජ්ජුම්බරයක් උනේ. ඊට පස්සේ අර කුමන්ත්‍රණේකින් ගැළවිලා නූලෙන් ජීවිතේ බේර ගත්තු වසභ කියලා ශ්‍රේෂ්ඨ රජෙකුත් බිහි උනේ. මේං මේ කාලෙදි තමා.

හරි. ඉතින් ක්‍රි. ව. 131 දී රෝමයේ "හද්‍රියන්" අධිරාජයා විසින් ජුදයාවට අලුත් නමක් දුන්නලු. ඒ තමා "සිරියා පලස්තීනය".  අන්න එහෙම තමයි ඔය ප්‍රදේශයට පලස්තීනය කියන නම මුලින්ම වැටුනේ. මේ වෙලාවේ ඔහු ගලීලයේ ඉතිරි වෙලා හිටපු ජුදෙව්වන්ගෙනුත් විශාල ප්‍රමාණයක් මරලා දාලා ජෙරුසෙලම ඔවුන් වැරදිලාවත් අඩිය නොතැබිය යුතු තහනම් ප්‍රදේශයක් බවට පත් කළා ලු.

ඉන් පස්සේ තවත් වැදගත් සිද්ධියක් වෙනවා ක්‍රි. ව. 320 ගණන් වල. මේ වෙද්දීත් ඉතින් ලෝකේ බලවතා වෙලා ඉන්නේ රෝම අධිරාජ්‍යය තමා. ඔන්න එක පාරටම රෝම අධිරාජ්‍යය දෙකට කැඩිලා එයින් නැගෙනහිර කොටස "කොන්ස්තන්තිනෝපලය" අග නගරය කර ගත්තු "බයිසන්ටයින් අධිරාජ්‍යය" බවට පත් වෙනවා.






ඔන්න ඒ හින්දා පලස්තීනයත් (ඉස්සර ඊශ්‍රායලය :) දැන් අයිති මේ බයිසන්ටයින් අධිරාජ්‍යය ට. මේ වෙලාවේදී ජෙරුසෙලම සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි නගරයක් බවට පත් කළා ලු. යුදෙව්වන්ට පැත්ත පළාතේ එන එක තහනම්.

මෙන්න මේ කාලෙදි තමයි නියමාකාරයෙන් හීබෘ කැලැන්ඩරය බිහි වෙන්නෙත්. දන්න අය දන්නවා ඇති මේ කැලැන්ඩරය අපි පාවිච්චි කරන ග්‍රෙගෝරියන් කැලැන්ඩරේට වඩා සෑහෙන වෙනස්. යුදෙව් ආගමික කටයුතු වලට මේ කැලැන්ඩරේ ගොඩක් වැදගත් වෙනවා. ඒ ගැනත් හරීගෙන්ම දැන ගන්න පුළුවන්.

ඒ අව් අස්සේ බමුණු වෙස් වලා ගත්තු යුවළක් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරලා ගොඩ බහිනවා ලංකාද්වීපයට. හේමමාලා සහ දන්ත. හේමමාලාව ගේ මුහුලසේ සඟවා ගෙන ආපු බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව කිත්සිරිමෙවන් රජුට භාර කරන්නේ මෙන්න මේ කාලෙදි තමා.

කොහොමහරි ඔන්න යුදෙව්වන්ට තරමක් සැනසිල්ලක් ලැබෙන කාලයක් එනවා ක්‍රි. ව. 361 දී "ජුලියන්" අධිරාජයා පත් වෙනවත් එක්ක. මේ අධිරාජයා ටිකක් හිත හොඳ කෙනෙක්. යුදෙව්වන්ට ගෙවන්න තියන අමතර බදු වලින් ඔවුන්ව නිදහස් කරලා ජෙරුසෙලමට ඇතුල් වෙන්නත් අවසර දීලා කැමතිනම් ඔවුන්ට නැවත දේව මන්දිරයක් තනා ගන්නත් අවසර දුන්නලු.









අනේ ඉතින් මේක අහලා ප්‍රීතියෙන් ඉපිලිච්ච යුදෙව්වෝ ආපහු දේව මන්දිරයක් ඉදි කරන්න කියලා පර්සියන් දිස්ත්‍රික්කයේ ඉඳලා ජෙරුසෙලමට එද්දී, පර්සියන් සොල්දාදුවෝ මොකද කළේ, අර යුදෙව්වන්ව මරලා දාපු එක. ඊට පස්සේ එක පිට එක වගේ සිද්ධ වෙච්ච ජුලියන් අධිරාජයාගේ මරණයයි, මහා ගලීල භූමි කම්පාවයි නිසා මේ තෙවන වරට දේව මන්දිරය ඉදි කිරීමේ යුදෙව්වන්ගේ සිහිනය, සිහිනයක් විතරක්ම උනාලු, අද වෙනකන්ම.

පලස්තීනයේ මේ විදියට භූමි කම්පා වලින් වගේම මිනිසුන් විසිනුත් මිනිස් සංහාර කරද්දී ඈත පෙරදිග මිනිසුන් වගේම තිරිසන් සතුනුත් සුවපත් කරන මහා වෙදෙක් බිහි වෙලා හිටියා. ඒ අපේ බුද්ධදාස රජතුමා.

ඉතින් පස් වෙනි සියවස වෙනකොට පලස්තීනය සම්පුර්ණයෙන්ම වගේ ක්‍රිස්තියානි රටක් බවට පත් වෙලා තිබුනලු. ජන ගහනයෙන් 10% වගේ ලු යුදෙව්වෝ හිටියේ. ක්‍රි. ව. 611 දී ඔන්න බයිසන්ටයින් අධිරාජ්‍යය ට තර්ජනයක් එල්ල වෙනවා නැවතත් පර්සියන් අධිරාජ්‍යයෙන්. රෝමානු පාලනයෙන් පරිපීඩිත වෙලා හිටපු යුදෙව්වොත් මේ පර්සියානුවෝ එක්ක එකතු වෙලා ඔවුන්ට උදව් කරනවා. එහෙම කරන්නේ ඔවුන්ට ජෙරුසෙලමට ඇතුල් වීම, එහි යාඥා කිරීම වගේ දේවල් වලට අයිතිවාසිකම් දෙනවා කියන පොරොන්දු මත. ජෙරුසෙලම ඇතුළු පලස්තීනය යටත් කර ගත්තට පස්සේ පර්සියානුවෝ මොකද කරන්නේ අර යුදෙව්වන්ට වෙච්ච පොරොන්දු සේරම අමතක කරනවා. අසරණ යුදෙව්වෝ.

ඉතින් යුදෙව්වෝ වැලේ වැල් නැති වෙලා ඉන්නකොට ඔන්න ආපහු බයිසන්ටයින් අධිරාජ්‍යය අළු ගසා බසා දාලා නැගිටිනවා. ඉන් පස්සේ යුදෙව්වන්ට කියනවා "උඹලා පර්සියන් කාරයින්ව එළවන්න අපිට උදව් කළොත් උන් නොදීපු අයිතිවාසිකම් අපි දෙනවා" කියලා. ඉතින් පිදුරු ගහේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න යුදෙව්වොත් ඔවුන්ට උදව් කරනවා. පර්සියානුවන් පරද්දලා ආපහු බයිසන්ටයින් අධිරාජ්‍යය ක්‍රි. ව. 628 දී නැවත පලස්තීනය අල්ලා ගත්තට පස්සේ අනේ ආපහු යුදෙව්වන්ට සිද්ධ වෙන්නේ අර සන්තෑසියම තමා. අයිතිවාසිකම් දෙනවා වෙනුවට ජුදා ආගම සම්පූර්ණයෙන්ම තහනම් කරලා දැම්මලු. ඒ හින්දා යුදෙව්වන් විශාල පිරිසකට ඊජිප්තුවට පැනලා යන්න සිද්ධ උනාලු.

ඔන්න ඊ ලඟට ක්‍රි. ව. 638 දී මේ බයිසන්ටයින් අධිරාජ්‍යය පරාජය කරනවා තවත් අධිරාජ්‍යයක් විසින්. ඒ තමා ඉස්ලාම් අධිරාජ්‍යය. මේ කාලෙදි තමා මුහම්මද් නබි තුමා ඉස්ලාම් ආගම බිහි කරන්නේ. මෙතෙන්දි මේ ඉස්ලාම් දහම සහ මුස්ලිමුන් ගැනත් වචනයක් දෙකක් කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. මොකද මෙයාලත් යුදෙව්වන්ට නෑ කම් කියන පිරිසක් හින්දා.


                                                     ~~~~~~~~~~~~~~~

ඔන්න දැන්නම් කලින් ලිපිය මතක් කර ගත්තොත් හොඳයි. මතකනේ අපි කිව්වා ආබ්‍රහම් දෙවියන්ට මොර ගහලා අන්තිමේ ලබා ගත්තු දරුවා අයිසෙක් (ඊසාක්) ගෙන් යුදෙව් ජාතිය බිහි උනා කියලා. හැබැයි ඉතින් දෙවියෝ පොරොන්දු වෙච්ච මේ දරුවා ලැබෙන තුරු ඉවසන්නේ නැතුව ආබ්‍රහම් ගේ බිරිඳ (සාරා ) එයාගේ ඊජිප්තු සේවිකාවගෙන් (හේගාර්) දරුවෙක් ලබා ගන්න කියලා ආබ්‍රහම් ට කියනවනේ. මේ විදියට සේවිකාවගෙන් ලබා ගත්ත දරුවා තමයි ඉස්මයෙල් කියන්නේ. ඉස්මයෙල් ලැබිලා අවුරුදු 12 ක් 13 ක් විතර ගියාට පස්සේ තමයි සුජාත දරුවා වෙච්ච ඊසාක් සාරා ගේ කුසේ පිළිසිඳ ගන්නේ. එතකන් ඉවසන්නේ නැතුව දෙවියන් කෙරෙහි විශ්වාසයක් නොතබා ඉස්මයෙල් නම් දරුවා ලබා ගැනීමේ වරද නිසා අදත් යුදෙව්වෝ දුක් විඳිනවා කියලයි කියන්නේ. මොකද මුස්ලිම් ජාතිය බිහි වෙන්නේ මේ ඉස්මයෙල් ගෙන්.

මෙන්න මේ රුක් සටහන පොඩ්ඩක් බලන්නකෝ.





ඔය තියෙන්නේ ෆැමිලි ට්‍රී එක ආදම් සහ ඊවා ගේ ඉඳලම. මේකේ හැටියට ඇඩම් ගෙයි ඇඩම්ගේ ඉල ඇටේකින් මවපු ඊවා ගෙයි දරුවෙක් තමා සෙත්. එයාගේ පරපුරේ කෙනෙක් තමා නෝවා කියන්නේ. මේ දවස්වල නෝවා චිත්තර පටියත් යන නිසා මේ ගැන කට්ටිය දන්නවා ඇති නේ. ඒ නැතත් ඉතින් නෝවා ගැන නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. අර දෙවියන්ගේ නියෝගෙට අනුව ගං වතුරෙන් බේරෙන්න කියලා ලොකු නැවක් එහෙම හැදුවේ...

ඒ ගං වතුරෙන් බේරිච්ච එකම මනුස්ස පවුල නෝවා ගේ පවුල විතරනේ. එතකොට නෝවා ගේ එක පුතෙක් තමා "හැම්" කියන්නේ. ඔහුගේ පුතෙක් වෙච්ච කානාන් ගෙන් කානාන්වරුත් (කානාන්වරු තමා පස්සෙදී ඊශ්‍රායෙල් වරුන්ගෙන් බැට කන්නේ පොරොන්දු වූ දේශයට ඇතුල් වෙද්දී) තවත් පුතෙක් වෙච්ච "මිසරියම්" ගෙන් පිලිස්තිවරුන් සහ ඊජිප්තු වැසියනුත් බිහි වෙනවා.

එතකොට නෝවාගේ තවත් පුතෙක් තමා "ජාපෙත්". ඔහුගේ පුතා වෙච්ච "ජාවාන්" ගෙන් තමා ග්‍රීක ජාතිය බිහි වෙන්නේ.

දැන් එතකොට නෝවා ගේ අනෙක් පුතා තමයි "ශෙම්". අන්න එයාගේ පරපුරේ කෙනෙක් තමා අපි දන්න අඳුනන ආබ්‍රහම්. එතකොට  ආබ්‍රහම්ට බිරිඳගෙන් ලැබුණ පුතා ඊසක් බවත් එයාගෙන් යුදෙව් ජාතිය බිහි වෙච්ච බවත් අපි දන්නවනේ. අද කියන්න යන්නේ ආබ්‍රහම්ට සේවිකාවගෙන් ලැබුන පුතා ඉස්මයෙල් ට වෙච්ච දේ ගැන.

දැන් මේ රූපෙ බැලුවම කාට හරි හිතුනනම් "ඈ යකෝ, එතකොට ආර්යයෝ, රතු ඉන්දියන්වරු, ඇබෝරජින් ලා  වගේ එවුන් බිහි උනේ ඕපපාතිකවද? කියලා, ඔන්න මමනම් දන්නේ නෑ ඕන්.  

හරි කතාවට එමුකො. දැන් ඔන්න ආබ්‍රහම්ටයි සාරාටයි ඊසාක් ලැබුනට පස්සේ මේ දෙන්නට ඉතින් මාර සතුටුයි. අවුරුදු සීයක්ම බලාගෙන ඉඳලා අන්තිමේ ලැබුණ දරුවනේ. ඉතින් ඊසාක් ට ලැබෙන ආදරෙයි සැලකිළියි දකිද්දී ඉස්මයෙල්ට රුස්සන්නේ නැහැ. ඉතින් එයා කරන්නේ තමන්ගේ අර්ධ සොහොයුරා වෙච්චි ඊසාක් ට එක එක විදිහේ හිරිහැර කරන එක. තේරෙන බාසාවෙන් කිව්වොත් බයිට් එකට ගන්න එක. ඉතින් මේක දකින සාරාට හොඳටම තරහ ගිහින් ආබ්‍රහම්ට කියනවා ඉස්මයෙලුයි එයාගේ අම්මයි දෙන්නම පිටුවහල් කරන්න කියලා.












ආබ්‍රහමුත් ඒක ඒ විදියටම කරනවා. ඉතින් මේ අම්මයි පුතයි දෙන්නා සෑහෙන දවස් ගණනක් කාන්තාරේ ඇවිදලා ලඟා වෙන්නේ කොහාටද දන්නවද?

මක්කමට.



මක්කමේ තියන "කබා" නම් ඝනකාකාර ගොඩනැගිල්ල හැදුවේ ඉස්මයෙල් කියලයි කියන්නේ.









ඉතින් මක්කමේ පදිංචි වෙච්ච ඉස්මයෙල් විවාහ වෙලා ළමයි 12 ක් ලැබුනලු. මේ දොළොස් දෙනාගෙන් තමයි ලු අරාබි ජාතීන් පැවතෙන්නේ. අරාබි කරයේ පදිංචි වෙලා පස්සේ කාලෙක මුහම්මද් නබි ගේ ආගමනයත් එක්ක මුස්ලිමුන් බවට පත් වෙන්නේ මොවුන් තමයි.

දැන් බලමුකෝ නබි තුමා මුස්ලිම් ආගම බිහි කළා කියන කතාව ගැන. ඔහු උපත ලබලා තියෙන්නේ ජේසුස් වහන්සේ ඉපදිලා අවු. 500 කට විතර පස්සේ මක්කමේදී. ඒ කියන්නේ ක්‍රි. ව. 570 විතර. ඔහුට අවුරුදු 40 දී දෙවියන් විසින් එවපු ගේබ්‍රියෙල් නම් දූතයෙක් විසින් ඔහුට කුරානය ඉගැන්නුවා කියලයි කියන්නේ. මම තව කොහේදී හරි දැක්කා ඒ කුරානය උගන්නන්න ආවේ බුදුන්ගේ බුදු වීම නවත්තන්න දත කාපු මාරයා කියලත් :)

එයින් අවු. 3 කට පස්සේ, ඒ කියන්නේ ක්‍රි. ව. 622 දී නබි තුමා ඒ දහම ප්‍රසිද්ධියේ දේශනා කිරීම අරඹලා මක්කමේ අනුගාමිකයොත් එක්ක "මෙදීනා" නගරයට ගමන් කිරීම ඇරඹුවාලු. මෙන්න මෙතන තමා ඉස්ලාම් ආගමේ ආරම්භය හැටියට සැළකෙන්නේ. ඉස්ලාම් කැලැන්ඩරය ඇරඹෙන්නේත් ක්‍රි. ව. 622 න් ලු. ඉතින් මේ කණ්ඩායම මෙදීනා නගරයට ගිහින් අවුරුදු 8 ක් ඇතුලත සෑහෙන පිරිසක් ඉස්ලාම් ආගමට හරවා ගන්නවා. එවැනි අය 10000 ක ගෙන් පමණ සෑදුනු හමුදාවක් එක්ක නැවතත් මක්කමට ඇවිත් ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නන් මරා දැම්මාලු. අන්‍යාගමික පිළිම, දේවස්ථාන, පන්සල් සියල්ලම විනාශ කරලා දැම්මලු. මක්කමේ ඉඳපු අරාබි ගෝත්‍රිකයන් එකවරම මුහම්මද් නබි තුමාට අවනත නොවෙච්ච නිසා තමයි මේ මෙදීනාවට  ගිහින් හමුදාවක් එක්ක ඇවිත් සංහාරයක් කරන්නේ.

ක්‍රි. ව. 632 දී නබි තුමා මිය යනකොට මුළු අරාබිකරයම වගේ ඉස්ලාම් ආගමික රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණලු.


                                                 ~~~~~~~~~~~~~~~~~~~

දැන් එහෙනම් අපිට කලින් කිය කියා හිටපු කතාවට එන්න පුළුවන්.

ක්‍රි. ව. 638 දී ඉස්ලාම් අධිරාජ්‍යය විසින් බයිසන්ටයින් අධිරාජ්‍යය යටත් කර ගත්තා කියලනේ අපි කිව්වේ. කාල වකවානුව බැලුවොත් නබි තුමා මිය ගිහින් අවුරුදු 6 යි. ඔහුගේ ඉගැන්වීම් හරියටම පිළිපැදපු අනුගාමිකයින් වැඩිකල් නොගොස්ම ඉස්ලාම් අධිරාජ්‍යයයේ වපසරිය සෑහෙන පුළුල් කරනවා. ඉතින් පලස්තීනයටත් සිද්ධ උනේ ඉස්ලාම් අධිරාජ්‍යයේ කොටසක් වෙන්න. ජෙරුසෙලමේ Zion දේවමන්දිරය පිහිටි තැන මුස්ලිම් සිද්ධස්ථානයක් වන Dome of the Rock ඉදි කරලා Al-aqsa දේවස්ථානයත් ජෙරුසෙලමේ ඉදි කරලා යුදෙව්වන්ගේ ශුද්ධ වූ භූමිය ඉස්ලාම් ආගමේ ශුද්ධ භූමියක් බවට පත් කරනවා.











ක්‍රි. ව. 750 දී විතර තමන්ගේ ශුද්ධ භූමිය ආපසු  ලබා ගැනීම සඳහා යුදෙව්වන් එකතු වෙලා කැරැල්ලක් සංවිධානය කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ක්‍රි. ව. 1000 විතර වෙද්දී රාම්ලේ, ගාසා, හීබ්රොන් වගේ ප්‍රදේශවල සැළකිය යුතු යුදෙව් ජන ගහනයක් සිටියා ලු. විශේෂ බද්දක් ගෙවීමෙන් ඔවුන්ට එහි පදිංචි වීමේ අවසර ලැබිලා තියනවා.

මෙන්න මේ කාලේ වෙද්දී තමයි අපේ ලංකාවේ අනුරපුර රාජධාණිය චෝල බලයට නතු වෙලා අනුරපුර යුගයේ අවසානය සිද්ධ වෙන්නේ.

ඔන්න ඔය අතරේ තමයි ලතින් රෝමානු කතෝලික පල්ලියෙන් තමන්ගේ අහිමි වෙච්ච ශුද්ධ භූමි නැවත අත්පත් කර ගැනීම සඳහා Crusades කියන යුධමය කණ්ඩායම් මේ ප්‍රදේශයට එවන්නේ. මොකද ක්රිස්තියානින්ටත් ජෙරුසෙලම ශුද්ධ භූමියක්. ජේසුස් වහන්සේගේ ජිවිතයේ වැදගත් අවස්ථා ජෙරුසෙලමත් එක්ක බැඳී පවතිනවා කියලා කලිනුත් කිව්වනේ.

ඉතින් මේ කට්ටිය ඇවිල්ලා මුස්ලිම් සහ යුදෙව් දෙගොල්ලන්ටම පහර දෙනවා. දෙගොල්ලොන්ම ලොකු සංහාරයකට අහු වෙලා වහලුන් හැටියටත් විකිණෙනවා. Crusade කණ්ඩායම් වලට විරුද්ධව මුස්ලිමුන් කරපු සටන් වලට යුදෙව්වොත් සහය දුන්නලු. අන්තිමේ සුල්තාන් සලාදීන් විසින් මෙහෙයවපු සටනෙන් ඔවුන්ව පරාද කරලා පලස්තීනයෙන් වැඩි කොටසක් ආපහු අල්ල ගන්න සමත් උනාලු. ඉන්පස්සේ යුදෙව්වන්ටත් ජෙරුසෙලමට එන්න කියලා මේ සුල්තාන් ඔවුන්ට ආරාධනා කළා ලු. හරියට අර සෑහෙන කාලෙකට ඉස්සර බැබිලෝනියාවේ වහල්ලු වෙලා හිටපු යුදෙව්වන්ට ආපහු එන්න කියලා පර්සියන් අධිරාජයා අවසර දුන්නා වගේ (ඒ විස්තර කලින් ලිපියේ ඇති).ඉතින් මේ ආරාධනාව මත යුරෝපයෙන් සෑහෙන යුදෙව් පිරිසක් නැවත තමන්ගේ ශුද්ධ භූමිය ට ඇවිත් පදිංචි උනාලු.

ක්‍රි. ව. 1260 - 1290 කාලය ඇතුළත මේ ප්‍රදේශය ආක්‍රමණය කරන්න ආපු මොන්ගෝලියන් වරුන්ට එරෙහිව ඉදිරිපෙළ සටන් ඇවිලුනේ පලස්තීනයේ ලු.  මේ සටන්වලින් පලස්තීන සුල්තාන්වරු ජය ගත්තත් ඒකෙන් සෑහෙන ජිවිත හානියක් සිද්ධ උනාලු. සුල්තාන් සලාදීන් ගේ ආරාධනාව නිසා යුදෙව්වෝ නැවත පැමිණීම ඇරඹුවත් ඉන් පස්සේ ආපු සුල්තාන්ලාගෙන් ඔවුන්ට ආපහු කුඩම්මාගේ සැළකිලි හම්බ වෙන්න පටන් ගත්තා ලු.

යුදෙව් ජාතියේ ආදිතමයන් ලෙස සැලකෙන ආබ්‍රහම්, සාරා, ඊසාක්, ජේකොබ් යන අයගේ සිරුරු තැන්පත් කළා යයි විශ්වාස කරන ගුහාව පිහිටි තැන ඉදි කළ  Cave of the Patriarchs නම් ගොඩනැගිල්ල මුස්ලිම් ආයතනයක් බවට හරවා යුදෙව්වන්ටත් ක්‍රිස්තියානින්ටත් එහි ඇතුල් වීම තහනම් කළා ලු 1266 දී.







මේ තියෙන්නේ ඒ ගොඩනැගිල්ල ඇතුලේ තියන ආබ්‍රහම් ගේ සොහොන කියලයි කියන්නේ.

1967 දී යුදෙව්වන් නැවත එහි බලය ලබා ගන්නා තුරුම මේ තහනම දිගටම පැවතුනා ලු.



ක්‍රි. ව. 1400 ගණන් වල පලස්තීනයට සංක්‍රමණය වෙමින් හිටපු යුදෙව්වන් අත් අඩංගුවටත් ගත්තා ලු. යුදෙව්වන්ට ආපහු මේ විදියේ දුක්බර කාලයකට මුහුණ දෙන්න උනා.

ඔන්න ඉතින් ක්‍රි. ව. 1516 දී තුර්කි සුල්තාන්වරයෙක් විසින් පලස්තීනය අල්ලාගෙන එය සිරියාවේ කොටසක් බවට පත් කරනවා. නගර කිහිපයක් එකතු කරලා යුදෙව්වන්ට බයක් සැකක් නැතුව ඉන්න වෙනම ස්ටේට් එකකට මේ සුල්තාන්ගෙන් අවසර ගන්න යුදෙව්වන්ට හැකි වෙනවා. හැබැයි මේ සැළසුම සාර්ථක වෙලානම් නැහැ. ඒ වෙනුවට 1576 දී යුදෙව් පවුල් 1000 කට වැඩි ප්‍රමාණයක් සයිප්‍රසයට පිටුවහල් කරා ලු.

ඒ එක්කම කියන්න ඕනේ මේ කාලෙදි තමයි අර ලොරන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස ලංකාවට ගොඩ බැහැලා රජතුමා එහෙම බැහැ දැකලා ඒ පාරාදීසයේ පදිංචි වෙන්න තීරණේ කරේ.

ක්‍රි. ව. 1759 දී ආපු භූමි කම්පා මාලාවෙන් මේ ජුදා නගර වැඩි කොටසක් විනාශ වෙලා යනවා. එයින් මියයන මිනිසුන් 2000 ක් අතරේ යුදෙව්වන් ඉඳලා තියෙන්නේ 190 ක් වගේ ගණනක්. ඊ ළඟට ක්‍රි. ව. 1799 දී නැපෝලියන් බොනපාට් (මෙතනින් තවත් වංගුවක් ගැහුවොත් ප්‍රංශ විප්ලවේ ගැන එහෙමත් කතා කරන්න පුළුවන්. එව්වා ඕන නෑ) යුදෙව්වන්ට කැඳවීමක් කරනවා ජෙරුසෙලම යටත් කරගන්න උදව් කරන්න කියලා. හැබැයි මේ සැළසුම ක්‍රියාත්මක වෙන්නේ නම් නැහැ. ඊට කලින් ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පරදිනවා. ඒ ඉතින් හිරු නොබසින අධිරාජ්‍යය නැගලා ආපු කාලේ නේ. ලංකාවත් ඔවුන්ට යටත් වෙන්නේ මිට ටික දවසකට පස්සේ තමා.

පස්සේ, ඊජිප්තුවේ මොහොමඩ් අලි ගේ කාලයෙන් පස්සේ කොහොමහරි ජෙරුසෙලමේ බහුතරය යුදෙව්වන් වෙලා හිටියලු, සමස්ථ ප්‍රදේශයේ යුදෙව් ගහනය 10% වගේ ප්‍රමාණයක් උනත්. පළවන ලෝක යුද්ධය අවසානයේ, ඒ කියන්නේ 1920 පමණ වෙද්දී පලස්තීනයේ බලය අල්ලාගෙන සිටියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය.

පළමු ලෝක යුද්ධයෙන් පරාජය ලබන ජර්මනියේ, හිට්ලර් විසින් මහා යුදෙව් සංහාරය පටන් ගන්නේ මින් පස්සෙයි.








හිට්ලර් ඒ තරම් යුදෙව්වන්ට වෛර කළේ ඔවුන් කොමියුනිස්ට්වාදීන් වීම නිසා බව ප්‍රධාන වශයෙන් විශ්වාස කළත් තවත් සමහරු කියන්නේ හිට්ලර්ට  යුදෙව්වෙක් මරන්න උවමනා කරන එකම හේතුව ඔහු යුදෙව්වෙක් වීම විතරක් බවයි. ජේසු තුමාට මරණ දඬුවම නියම කරපු වෙලේ "එහෙනම් ඒ පාපය අප පිටත් අප දරුවන් පිටත් වැටිච්ච දෙන්" කියපු කතාව ඇත්තක් උනාදෝ කියලත් හිතෙනවා.

කොහොම උනත් ආපහු මැද පෙරදිග පැත්තට ආවොත්, 1940 ගණන් වෙද්දී බ්‍රිතාන්‍ය තමන්ගේ යටත් විජිත වලට නිදහස දී ගෙන යන්න පටන් ගන්නවනේ. ඉතින් පලස්තිනයෙනුත් අයින් වෙලා යන්න ඔවුන් තීරණය කරන්නේ 1947 දී. ඒත් එක්කම පළමු ලෝක යුද්ධය අතරතුර ඔවුන් මැදපෙරදිග වාසීන්ට දීපු පොරොන්දු දෙකක් ඉෂ්ඨ කරන්නත් වග බලා ගන්නවා. ඒ පොරොන්දු දෙක තමා,

1. මැද පෙරදිග බොහෝ අරාබි ප්‍රදේශ ඇතුළත් කරමින් අරාබීන්ට එක්සත් දේශයක්.
2. යුදෙව්වන්ට තමන්ගේම කියලා මව් බිමක්.

මෙන්න මේ දෙවැනි පොරොන්දුව අනුව තමයි 1948 දී ඊශ්‍රායලය (නැවත) බිහි වෙන්නේ.



ඉන් පස්සේ ලෝකය වටේ ඉඳපු යුදෙව්වෝ තමන්ගේ මව් බිමට ආපු හැටි, එදා පටන් ඔවුන් ලබපු දියුණුව, ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වුන යුධ ප්‍රහාර, මේ හැම දේම සියුස් ගේ ලිපියේ විස්තර සහිතව ලියලා තියෙනවා. මෙන්න මේ රට බෙදීමට පලස්තීනයේ ඇති අකමැත්තත් ඊශ්‍රායලයේ ඇති කැමැත්තත් නිසා හට ගත්  ගැටුම් තමා තාමත් ඉවරයක් නැතුව අද වෙනකන් පවතින්නේ.

ඔන්න ඔහොමයි ඉතින් ඊශ්‍රායලයේ කතාව. සෑහෙන්න දිග වැඩි උනා. තවත් කොටස් කරන්න තියන අකමැත්ත හින්දම එකේම ලියල දැම්මා ඔන්න. අසා සිටි ඔබ සැමට ස්තුතියි !!



101 comments:

  1. හපොයි ආපහු මුලින් එකත් කියවන්ට ඕනිලු... :(

    ReplyDelete
  2. හම්මේ මේක දාන්න ගිය වෙලා.. කෝම වුනත් සෑහෙන්න හොද විස්තරයක්.. ඒ විදිහට එකතු වෙච්ච යුදෙවුවෝ අද ලෝකයට කොච්චර වටින දේවල් නම් දීලා තියෙනවද..

    ReplyDelete
    Replies
    1. වෙලා නම් ගියා තමා අප්පා. මෙව්වා ආවට ගියාට දාන්නත් බෑ නේ. බෙල්ල ගහලා යන වැඩ.

      Delete
  3. 1. //එයින් පස්සේ බිහි වෙච්ච ඒ ආගමේ එක එක ප්‍රභේද (සභා) ගැනනම් මම කියන්න දන්නේ නැහැ. සමහරවිට හරී කියලා දෙයි.// ළඟදීම.. :)

    2.අද නම් ෆිල්ම් එක මැද්දෙ වෙළඳ දැන්වීමුත් යනවා. :D

    3.//ආබ්‍රහමුත් ඒක ඒ විදියටම කරනවා. ඉතින් මේ අම්මයි පුතයි දෙන්නා සෑහෙන දවස් ගණනක් කාන්තාරේ ඇවිදලා ලඟා වෙන්නේ කොහාටද දන්නවද?
    මක්කමට.//මේ අර කාන්තාරේ දෙන්නා වතුර නැතුව මැරෙන්න යද්දි දිය උල්පතක් මටුවෙච්ච තැන වෙන්නැති.

    4.මුස්ලිම් ආගම අවුරුදු 10කින් පුදුම විදිහට ව්‍යාප්ත වෙලානෙ.

    5. Crusades = කුරුස යුද්ධ

    6.//හිට්ලර් ඒ තරම් යුදෙව්වන්ට වෛර කළේ ඔවුන් කොමියුනිස්ට්වාදීන් වීම නිසා බව ප්‍රධාන වශයෙන් විශ්වාස කළත් තවත් සමහරු කියන්නේ හිට්ලර්ට යුදෙව්වෙක් මරන්න උවමනා කරන එකම හේතුව ඔහු යුදෙව්වෙක් වීම විතරක් බවයි.// මට හිතෙන්නේ ජුදෙව් ව්‍යාපාරවල නැඟී සිටීම රුස්සන්නේ නැතුව යන්න ඇති.

    7.//මෙන්න මේ රට බෙදීමට පලස්තීනයේ ඇති අකමැත්තත් ඊශ්‍රායලයේ ඇති කැමැත්තත් නිසා හට ගත් ගැටුම් තමා තාමත් ඉවරයක් නැතුව අද වෙනකන් පවතින්නේ.//ඉන්දියාව හා පකිස්ථානය වගේ

    රාජකාරියට යන්න ඕනා. පරක්කු වෙන බව ඩැන දැනත් ලිපිය දාලා යන්න හිතුනේ නෑ. ඇවිල්ලා ආයෙ කිඅවන්නම්. මම් දුවනෝ..

    ReplyDelete
    Replies
    1. 1. හා හා...ළඟදීම පෝස්ට් එකක් එනව වගේ...
      2. නැතුව නැතුව මේ කාලේ කිසිම දෙයක් නිකන් නෑ
      3. ඔය වතුර හම්බ වෙච්ච එක මතක් කරලලු නේ එයාලා හජ්ජි උත්සවේ පවත්වන්නේ.
      4. සිරාවට. ඒක ගොඩක් දුරට බලෙන් ව්‍යාප්ත කිරීමක් වගේ පේන්නේ.
      5. අඩේ මට නිකන් ලාවට මතකයි වගේ ඉස්කෝලෙදි කුරුස යුද්ධ එකක් කියලා ගැන ඉගැන්නුවා. එහෙනම් මේකයි ඒ. වැඩි විස්තර හොයන්නත් ආසයි. දැන් බෑ. ස්තුතියි හරී. පොස්ට් එකේ මම කියන්නම් මේ ගැන.
      6. හ්ම්ම් වෙන්නත් ඇති.යුදෙව්වෝ දක්ෂයෝ නේ කොහොමත්.

      හරි හරි ගිහින් එන්ඩකෝ. ඔය රාජකාරි වලටනම් පරක්කු වෙන්න එපා. බොහොම ස්තුතියි හදිසියේම කියෙව්වට මේක.

      Delete
    2. //අන්න එහෙම තමයි ඔය ප්‍රදේශයට පලස්තීනය කියන නම මුලින්ම වැටුනේ.//මට හිතෙන හැටියට නම් පලස්තීනය කියන නම් මීට වඩා පරණ වෙන්න ඕනා. බයිබලයේ නික්මයාමෙදි ජනතාව පොරොන්දු දේශයට එද්දි මඟදි පිලිස්තිවරු එක්ක සටන් කරන්න සිදුවෙනවා. ඔවුන්ට අයත්ව තිබූ දේශය පලස්තීනය කියලයි මට හිතෙන්නෙ. ඒවගේම ඉශ්‍රායෙල් රජවරු යුද්ධ කරන්නෙත් පිලිස්තිවරු එක්ක. දාවිත් විසින් මරාදමපු ගොලායත් පලස්තීන ජාතිකයෙක්.

      විකියෙ මෙන්න මෙතන ඒ ගැන විස්තර ටිකක් තියෙනවා.

      Delete
    3. http://en.wikipedia.org/wiki/Timeline_of_the_name_%22Palestine%22

      Delete
    4. 8.//දැන් මේ රූපෙ බැලුවම කාට හරි හිතුනනම් "ඈ යකෝ, එතකොට ආර්යයෝ, රතු ඉන්දියන්වරු, ඇබෝරජින් ලා වගේ එවුන් බිහි උනේ ඕපපාතිකවද? කියලා, ඔන්න මමනම් දන්නේ නෑ ඕන්.// මම හෙව්වා. ආර්යයෝ එන්නෙ ජපෙත්ගේ පෙළපතින්ලු. ජපෙත්ගේ තුන්වෙනි පුතා මදායිලු ආර්යයන්ගේ ආදිතමයා.

      ආර්යයෝ කිව්වම මතක් උනේ. හිට්ලර් ජේසුස් වහන්සේව ආර්යයෙක් කරන්න හදලා තියෙනවාලු. ඒ මනුස්සයා වෙනම ආගමකුත් පිහිටෙව්වානෙ.

      9.//මම තව කොහේදී හරි දැක්කා ඒ කුරානය උගන්නන්න ආවේ බුදුන්ගේ බුදු වීම නවත්තන්න දත කාපු මාරයා කියලත් // එතකොට බුදුන් වහන්සේ පහළවෙලා ගොඩාක් කල් ගිහිල්ලා නේද?

      10. මේ විස්තර බැලුවාම නම් පේන්නෙ මුස්ලිම් ජනතාව කුපිත කරවලා තියෙන්නෙ නබිතුමාගේ ඉගැන්වීම් කියලායි.

      ඔන්න ආයෙම දෙතුන් සැරයක් ලිපිය කියෙව්වා. රසබර හරබර ලිපියට බූඑම ස්තුතියි. කලින් දැන නොසිටි බොහෝ දේ දැනගත්තා. තව තව දේවල් හොයලා බලන්න ඕනා කියලා හිතුනා. ස්තුත්යි.

      Delete
    5. //පොරොන්දු දේශයට එද්දි මඟදි පිලිස්තිවරු එක්ක සටන් කරන්න සිදුවෙනවා. ඔවුන්ට අයත්ව තිබූ දේශය පලස්තීනය කියලයි මට හිතෙන්නෙ//

      එතකොට හරී ඒක කානාන් දේශයේ කොටසක් නෙමෙයිද? මගදී හමු උනා කියපු නිසයි ඇහුවේ. ඔව් මටත් පිලිතිසිවරුන් ගැන විස්තර හමු උනා. ඔය පිලිතිසිවරුන් කොහොමත් ඒ ප්‍රදේශයේ(ඊශ්‍රයලය අවට) දිගටම ඉන්න ඇතිනේ. ඉතින් ඊශ්රායෙල් ජාතිකයන් පිටුවහල් කරාම මේ අය එහෙ ස්ථානගත වෙන්න ඇති. පලස්තීනය කියලා නම ලැබෙන්න ඒ නම බලපාන්න ඇති.

      //ඔය ප්‍රදේශයට පලස්තීනය කියන නම මුලින්ම වැටුනේ// කියලා මම කිව්වේ මීට කලින් පලස්තීනය කියලා රටක් නම් කරලා තියනවා මම දැකලා තිබුනේ නැහැ. පිලිස්තිවරුන් හිටපු අර මගදී හමු වෙච්ච රටද පලස්තීනය?

      Delete
    6. 8. ඔහ් එහෙමද? අර රුක් සටහනේ පෙන්නලා තියෙන්නේ එයාගෙන් ග්‍රීකයින් පැවතෙනවා කිය්ලාඅ විතරනේ. ඔයාට හරියට ඇඳපු එකක් ලැබුනොත් මට කියන්න හොඳේ. ඇහ්, ජේසුස් වහන්සේ ආර්යයෙක් කරන්න? හිට්ලර්ට වෙන වැඩක් තිබිල නැතුවද කොහෙද :D

      9. ඔව් ඔව්. මෙහෙමනේ, මේ මාරයා කියන්නෙත් අර ගේබ්‍රියල් වගේ සැරින් සැරේ පහළ වෙන ජාතියේ කෙනෙක්. බුදුන් වහන්සේ පිරිනිවන් පෑවට මාරයා දිගටම ඉන්නවා කල්ප කාලාන්තරයක්...:) එයා බුදුන්ගේ පෙර ආත්මවල ඉඳලම බුදු වෙන්න පෙරුම් පුරන එකට අකුල් හෙලලා තියනවා මම දන්න විදියට.

      10. ඔව්..කෙලින්ම ආගමෙන් එන දෙයක්. කොටින්ම නබි තුමා පහළ වෙන තුරුම ඉස්ලාම් කියලා ආගමක්වත් මුස්ලිම් කියලා ජාතියක්වත් ඉඳලා නැහැ. නබි තුමා කරලා තියෙන්නේ ඉස්ලාම් ආගම බිහි කරලා, ඉෂ්මයෙල්ගෙන් පැවතෙන අරාබි ජාතින් එකතු කරලා, ඉස්ලාමයට නම්ම ගත්ත එක.

      මේ වැඩ අස්සේ මගේ මාගල කියෝලා වැදගත් විස්තර එකතු කරනවට බොහොම ස්තුතියි හරී.

      Delete
    7. https://www.google.lk/search?q=exodus+route&client=firefox-a&hs=13s&rls=org.mozilla:en-US:official&channel=sb&tbm=isch&imgil=cvUJFArKooDSqM%253A%253BOolahInqTgem4M%253Bhttp%25253A%25252F%25252Fblogs.pioneerlocal.com%25252Freligion%25252F2009%25252F01%25252Ftaking-a-new-look-at-the-route.html&source=iu&fir=cvUJFArKooDSqM%253A%252COolahInqTgem4M%252C_&usg=__g9xCBg18TVD_sv8K-R0aR7BVOKE%3D&sa=X&ei=ZKcPVP6CO4neau_XgdAD&ved=0CB8Q9QEwAA&biw=1280&bih=698#rls=org.mozilla:en-US:official&channel=sb&tbm=isch&q=exodus++route+palestine&facrc=_&imgdii=_&imgrc=gz1XOAXq25gLdM%253A%3BQlcBsHbHblJacM%3Bhttp%253A%252F%252Fbarrybandstra.com%252Frtot4%252Fimages%252Fch3%252Fch3-4.jpg%3Bhttp%253A%252F%252Fbarrybandstra.com%252Frtot4%252Frtot4-06-ch3.html%3B500%3B385

      ඔය පොරොන්දු දේශයට ගිය පාර පෙන්වන සිතියමේ පලස්තීනය හරහා මාර්ගය කියලා එකක් ඇති. බයිබලයේ නම් ඒ හරිය 'පිලිස්තිය' කියලා ලකුනු කරලා තියෙනවා.

      Delete
    8. @ හරි

      3.//මේ අර කාන්තාරේ දෙන්නා වතුර නැතුව මැරෙන්න යද්දි දිය උල්පතක් මටුවෙච්ච තැන වෙන්නැති.//
      ඔතනට කියන්නේ Beersheba,වගේ නමක් කාන්තාරේද,නැතිනම් වනන්තර පැත්තක්ද ඔය.කොහොම වුනත් කතාවේ හැටියට ඔතනදි දෙවියන්වහන්සේ තමයි බොන්න වතුර තියෙන උල්පතක් මවලා දෙන්නේනම්.

      පළමුවැනි ලෝක යුද්දෙන් පස්සේ ජර්මනිය ලබන පරාදයත් එක්ක හිට්ලර්ගේ හිතේ යුදෙව්වෝ ගැන තියෙන වෛරය වැඩි වෙන්න ඇති.මම කොහේදී හරි දැක්ක විදියට ගොඩක් ව්‍යාපාර කටයුතු ඒ යුගයේ තිබිලා තියෙන්නේ යුදෙවෝ අතේ.ඉතින් හිට්ලර් වගේ මෝඩ දේශ ප්‍රේමියෙක්ට ඕකත් එක හේතුවක් වෙන්න ඇති යුදෙව්වන්ට විරුද්ධ වෙන්න.
      (දැන් මෙහෙත් ඉන්නේ ඔය වගේ දේශප්‍රේමින් මුස්ලිම් අය,දෙමළ අය ව්‍යාපාර කරනවාට විරුද්ධ.)

      Delete
    9. හරී, මේක යන්නේ ගූගල් ඉමේජ් සර්ච් එකට විතරයි. අදාළ සිතියම කොහොමද හොයාගන්නේ?

      මනෝජ්, මටත් මතක හැටියට වතුර ලැබිච්ච තැනයි මක්කමයි දෙකක්.

      Delete
    10. බෙයාර් සෙවා හරි ලස්සන තැනක්,, එතන ඒ තැන් තාමත් තියෙනවා.

      සයුරි, යුදෙවුවරු පොරොන්දු දේශයට එන ගමනෙදි. පිලිස්තිවරු නිතරම සැරින් සැරේ පහර දුන්නා,ඒ ගැන බයිබලේ මෝසෙස්ගේ පොත් වල තියෙනවා,මගේ බයිබලේ යාලුවෙක් ඉල්ලන් ගියානේ බයිබල් පදේ හොයාගන්න විදියක් නැහැ,, එදා ඒ හැංගි g=හැංගි ගල් මුල් වලින් ගහපු එක පිලිස්තිවරු අදටත් නවත්තලා නැහැ,,, සතියකට සැරයක් වත් ජෙරුසලමේදී ඔය දේ වෙනවා

      Delete
    11. පිලිස්තිවරු යනු ග්‍රීක සම්භවයක් සහිත නාවික ජාතියක් වූහ.ඔවුන් හා ඊශ්‍රායෙල්/යුදා රාජ‍යයන් අතර සටන් මෙන්ම රජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන්ද ඇතිවිය.මේ පිළිබඳව වැඩි විස්තර යුදෙව්වන්ගේ වංස කතාව වන බයිබලයෙහි සඳහන් වෙයි.
      ඔවුන් ජීවත් වුයේ ඊශ්‍රායෙල්/යුදා රජදරුවන්ගේ සමයේදීය.
      ඔවුන් ක්‍රිස්තු වර්ශ ඇරඹෙන විට ඉතිහාසයෙන් අතුරුදහන් විය.

      පලස්තීනුවන්ගේ උපත
      ක්‍රි.ව. 71-171 දක්වා පැවති යුදෙව් හා රෝමානු අදිරාජ්‍ය හමුදා අතර ඇතිවූ සංග්‍රාමයන් වලින් පසුව යුදෙව්වන් ඊශ්‍රායෙල් දේශයෙන් නෙරපා හැරීමත් ඊශ්‍රායෙල් හා යුදා දේශය 'පලස්තීනය' ලෙස නම්කිරීමත් හේඩ්‍රියන් නැමැති රෝම අධිරාජය විසින් ත් සිදු කරන ලදී.

      යුදා/ඊශ්‍රායෙල් දේශය 'පලස්තීනය' ලෙස ඉතිහාසයට එක්වූයේ එසේය.

      තවද වර්තමාන පලස්තීන් අරාබීන් අරාබි සම්භවයක් සහිත ජන කොටසකි.
      එහෙයින් ඔවුන් හා බයිබලයෙහි සඳහන් පිලිස්තීන ජාතිකයන් එකම ජන කොටසක් ලෙස වරදවා තේරුම් නොගත යුතුය.

      Delete
    12. //සතියකට සැරයක් වත් ජෙරුසලමේදී ඔය දේ වෙනවා//

      අප්පට සිරි, ඒකත් එහෙමද ඔමා :O

      @Jayampathi De Silva : විස්තර වලට බොහොම ස්තුතියි...මටත් පලස්තීනය කියලා රටක් අහු වෙච්චි මුල්ම අවස්ථාව තමා මේ හද්‍රියන් අධිරාජයා ඊශ්‍රායලය, පලස්තීනය කියලා නම් කරපු එක.

      Delete
  4. හැමදා ම බ්ලොග් එක කියෙව්වත් කොමෙන්ට් එකක් දාන පළමුවෙනි අවස්ථාව. ගෙදර එකා නිසා කියන්න ඕනෙ එකක් ඔයාට ම කියන එක තමයි මෙච්චර කල් නම් කරේ, ඒ වුනත් මේ පොස්ට් එකේ ලංකා ඉතිහාසයත් ඒ ඒ කාලවලදි මතක් කරලා තියෙන එක කොමෙන්ට් එකකින් කියන්න තරම් හරි ම වැදගත් කියල හිතුන. අද වෙනකම් මගේ ඔලුවෙත් ලෝක ඉතිහාසය ලංකා ඉතිහාසයෙන් ව්‍යුක්ත දෙයක් හැටියට තමයි තිබුනේ.

    ඔන්න ඉතින් වැදගත් වැඩක් කරාට මගෙනුත් ප්‍රසංශා!

    ප.ලි. ඔය ඇනොනිමස් නිසා ඔන්න මාත් ඇනොනිමස් විදියට මේක දැම්මා.

    -- සයුරු

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් නිසා ඔන්න මාත් ඇනොනිමස් විදියට මේක දැම්මා/////
      ඒ බව පේනව...
      හිහි

      Delete
    2. @සයුරු : තැන්කිවු හොඳේ :) ගෙදර එකා කියලා කමෙන්ට් දාන්න අවුලක් නෑ නේ. වෙලාවකට එහා කාමරේ ඉඳන් මෙහා කාමරේට චැට් කරන එකේ මේක මොකද්ද? හිහ්. හප්පා ඔයාට ඉතිහාසේ සුට්ටක් හරි තේරිච්ච එකට මට සෑහෙන සන්තෝසයි අප්පා..

      @මහේෂ් : ඔය තේමිය සහස් කියන්නේ මෙයාගේ ඇත්ත නම නෙමේ. ඕක කවද හරි ළමයෙක්ට දාමු කියලා කිව්වේ. මම ඒකට එරෙහි වෙච්ච හින්දා ඔන්න එයා ඒක අරගෙන.

      Delete
    3. ඔන්න බලාපල්ලකො පිරිමින්ට වෙලා තියෙන දේ. ළමයෙක්ට තමන් කැමති නමක් වත් තියාගන්න නිදහසක් නෑ.

      Delete
    4. ඇයි දෙයියනේ අර චාතුර්යා එකේ ඉන්න තේමිය මඩුගල්ලව මතක් වෙනවා මට ඔය නම ඇහෙනකොට. සික්.

      Delete
    5. අඩේ සයුරු ව දැක්කෙ අදනෙ... උන්දැටත් කමෙන්ට් දාන්න පුළුවන් එහෙනම්.. කමෙන්ට් නොදැම්මත් ලියන දෙයක් කියවන එකත් මදෑ.. ඒකට අපේ උන්දෑ...

      Delete
    6. ඒකනේ සෙන්නෝ..මමත් හිතාගෙන හිටියේ ඔය ටෙක් උන්දලට මෙහෙම පෝස්ට් එකකට සිංහලෙන් කමෙන්ට් දාන්න බැරුව ඇති කියලා. ඒ උන්දෑ දන්නවය කුරුන්ද කියලා එකක් තියෙයි කියලා? දන්නවනම් නොබලා ඉන්න එකක් නෑ

      Delete
    7. weradyi weradyi weradyi.....sayuru nemeyi mama daapu nama "SAYURA" :D

      Delete
  5. අය්යෝ මේක එතකොට අදින් ඉවරද...
    අපරාදෙ... මං හිතුව රාජාවලිය වගේ සීරීස් එකක් යයි කියල...
    සැක්කේ....

    පට්ට ඈ... රොම්බ නන්රි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ආපහු නම් සීරිස් දාන්නේ නෑ කියලා හිතා ගත්තා රාජාවලියෙන් පස්සේ. ඒක තාම අදෙනවනේ. ඒක නෙමේ, රොම්බ නන්රි කියන එකනම් තේරුනේ නෑ :)

      Delete
    2. ගොඩක් ස්තූතියි කියන එක වෙන්ටැ...
      හෙක් හෙක්

      Delete
  6. රසවත් ඉතිහාස පාඩමක්...
    දීල තියන ලින්ක් වලටත් ගිහින් බලන්නම්..

    ස්තුතියි දැනුවත් කලාට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පාඩම කියෙව්වට...බලන්ටකෝ ඒවටත් ගිහින් එහෙනම්

      Delete
  7. එක හුස්මට කියවන් ආවා, පහලට එද්දි බයේ ආවේ මේකී කොයි වෙලේ ලිපිය නතර කරයිද කියලා හම්මේ ඇති යාන්තම් , ලෝක ඉතිහාසේ මට අවුල්ම තැන තමා ජේසු හිටියේ ජෙරුසලමේ නම් මොන කෙහෙල්මලකටද රෝමේ වතිකන් එක හදලා කිතුනුවන්ගේ ප්‍රධාන සන්දිස්ථානය කලේ කියලා, මායි අපේ අංකල් කෙනෙකුයි ඔය ගැන පොඩි සංවාදයක් කරද්දි එයා කිව්වේ රෝමයේ තනිකර කානික සල්ලි වලට ගිජු කමින් ආදි රෝමන්වරු වතිකන් එක කතෝලිකයින්ගේ කේන්දස්ථානය කලා කියලා,මට නම් තාම ඔය ගැන පැහැදිලි කර ගන්න පුළුවන් පොතක් හම්බෙලා නෑ...ගොඩක් වටින විස්තරයක් සයුරියා සමහර සිද්ධි මම අද වෙනකම් දැනන් හිටියේ නැති එව්වා...(අපි පහු ගිය මාසේ රෝමේ කරක් ගැහැව්වා වතිකන් එකේ ගොඩක් දේවල් බලන්න ටිකට් කඩනවා දැන්, ඔන්න ඔහොමයි තත්වේ) දිග වැඩි උනාද මන්දා

    ReplyDelete
    Replies
    1. හෙහෙ...නෑ ශානුවෝ දැන්නම් කොටස් කඩන්නේ නොකඩම බැරිනම් තමා. මොකෝ කැඩුවට පස්සේ ආපහු අනිත් කොටස ලියනවා කියන්නේ මරන්න වගේ. මටත් ඔය වතිකානුව ගැන ප්‍රශ්නේ ඔහොමම තිබුනා...ඒ කියනකොට මතක් උනේ, කෝ බොලේ ඩිලාන් ගේ කොමෙන්ට් එක. ඊයේ මම දැක්කනේ මේලක් ආවා. දැන් මේලත් නෑ...කොහොමහරි එයා කියලා තිබුනා,

      "ධර්මය ප්‍රචාරය කරන්න කියලා පොඩි වගුරු බිම් කෑල්ලකට අවසර දුන්නලු රෝමයෙන්, ඒක තමයි වතිකානුව උනේ" කියලා.

      මුන්ටනම් ෆුල් ෆන්, රෝමේ රවුම් ගහන්න. අර දිනේශයත් ආවද රෝමේ යන්න?

      Delete
    2. කතෝලික දහම කියන්නෙ ග්‍රීක්වරුන්ගෙ නිර්මාණයක්.පරන ගිවිසුමේ කෲරත්වය උඩු යටිකුරුකරමින් අපට දකින්නට ලැබෙන්නෙ ඒ ග්‍රීක් ශිෂ්ටත්වයයි.එහෙම බලපුවම මුස්ලිම් ආගම ක්‍රිස්තියානියට වඩා යුදෙව්වන්ට කිට්ටුයි.කුරාණයයි බයිබලයෙ පරන ගිවිසුමයි හුඟක් දුරට සමානයි.
      පාවුල් බොහෝ පැරණි දේවල් සංශෝධනය කළා කියා හිතෙනවා.ක්‍රිස්තියානිය යුරෝපයේ ජනප්‍රිය වුනේ රෝමවරු අතර එය ජනප්‍රිය වූ පසුයි.එනිසායි රෝමවරුන්ගෙ මූලස්ථානය වූ රෝමය තෝරාගත්තේ.

      Delete
    3. << කතෝලික දහම කියන්නෙ ග්‍රීක්වරුන්ගෙ නිර්මාණයක්. >>

      යකා, මොන පදනමකින්ද මේ ප්‍රකාශය කරන්නෙ ? මම දන්න හැටියට යුරොපයට ගිය මුල්ම කතෝලිකයන්ට මුහුණ දෙන්න වුනු මුල්ම බාධාවලින් එකක් තමා ග්‍රීක ඇදහිලි..

      Delete
    4. ක්‍රිස්තියානිය මුලින්ම ජනප්‍රිය වුනේ රෝම අධිරාජ්‍යයේ වහලුන් වූ ප්‍රධාන වශයෙන් ග්‍රීකයන් අතරයි.පේතෲස් හා පාවුල් යුදෙව්වන් වුනත් යුදෙව්වන්ගෙන් ඔවුනට පිළිගැනීමක් ලැබුනේ නැහැ.විශේෂයෙන් පාවුල් ග්‍රීක් සභ්‍යත්වයේ බලපෑමට ලක් වුනා.සෙමිටික් දහම වෙනුවට ඌරු මස් කෑමට හැකි චර්ම ඡේදනය තව දුරටත් අවශ්‍ය නොවන දහමක් නිර්මාණය වුනේ එසේයි.මේ අලුත් දහම සිය නිර්මාණයෙන් වියුක්ත දෙවියා වෙනුවට නිර්මාණය හා ඒකාත්මික ආදි බ්‍රහ්මන් වැනි සංකල්පයක් ගොඩ නැගුනා.ඒ වනවිට යුරෝපයේ බලවත්ව තිබූ අයිසීස් හා සයිබීලි වැනි දේවමාතා වන්දනයන්ට ක්‍රිස්තියානි ස්වරූපයක් දීමත් සමගාමීව සිදුවුනා.පසු කලෙක මාටින් ලූතර උත්සාහ කළේ පිරිසිදු යුදෙව් මූලයන් සොයා ගැනීමටයි.

      Delete
    5. පරණ ගිවිසුමත් කුරානය වගේ ටිකක් කෘරයි කියලා මාත් අහල තියනවා. "ඇසට ඇසක් දතට දතක්" වගේ පාඨ තියෙන්නෙත් පරණ ගිවිසුමේ නේද? හැබැයි කොච්චර කොහොම උනත් කුරානය තරම් නම් දරුණු නෑ මම හිතන්නේ. ඉස්ලාම් ආගම අච්චර කෙටි කාලෙකින් මුළු අරාබිකරයේම ව්‍යාප්ත වෙන්නෙත් ඒ කෘර කම හින්දම තමයි. මහා සංහාරයක් කරලයි අරාබි ජාතින් ඉස්ලාම් ආගමට නම්ම ගන්නේ.

      ක්‍රිස්තියානි ආගම ග්‍රීකයින් අතර ව්‍යාප්ත වීම ගැනනම් මම දැනගෙන හිටියේ නැහැ. ස්තුතියි යකා.

      Delete
    6. සයුරි, පුළුවන්නම් මෙන්න මේ නවල් එක හොයාගෙන කියවන්න. ඕක විසූවියස් විදාරණය හා පොම්පෙයි නගරයේ විනාශය අලලා ලියවිච්ච එකක්. ඒකෙ තියනවා ක්‍රිස්තියානිය යුරෝපයට ආපු මුල් යුගයේ ග්‍රීක ඇදහිලි වලින් එල්ල වෙච්ච විරෝධතා ගැන පොඩි සඳහනක්.. ජේසු මරණයෙන් නැගිට්ටවපු ලාසරසුත් ඒකෙ චරිත නිරූපණයක් කරනවා.. පසු කාලීනව, නොදන්න දේ දන්න දෙයින් ඔතා දීමේ සංකල්පය මත යකා කියන විදිහෙ මිශ්‍ර වීමක් වුනා වෙන්න පුළුවන්..

      http://en.wikipedia.org/wiki/The_Last_Days_of_Pompeii

      Delete
    7. හනේ..බෝම ස්තුතියි පොත ගැන කිව්වට. ගෙන්නවගන්න බලන්න ඕනේ. ග්‍රීක ඇදහිලි කියන්නේ අර සියුස්, හර්කියුලිස් වගේ දේව ඇදහිලි නේද. මම තවත් කැමති දෙයක් තමා ඔය ග්‍රීක දේව කතා. බලාගෙන ගියාම අපි ඉන්න ලෝකේ මාර ඉන්ටරෙස්ටින් නේ.

      Delete
    8. ග්‍රීක ඈදහිලිත් හින්දු ඈදහිලි වලට දෙවෙනි නෑ.. උන්ටත් ඉන්නවා දෙවිගොල්ලො අටෝරාශියක්...

      Delete
    9. //විසූවියස් විදාරණය හා පොම්පෙයි නගරයේ විනාශය // ෆිල්ම් එකක් ආව නේද. ඒක නම් ලව් පැත්තට බර කතාවක්. :)

      Delete
  8. හප්පේ.... වැල කතාවක්වත් මෙච්චර දිගට කියවලා නෑ. මමනම් ඔව්ව මොකුත් දන්නේ නෑ හප්පා. ඔක්කොම ඉතින් අලුත් තමා. ටන්කු වේවා ! :D

    ReplyDelete
    Replies
    1. හිහ් ඒ වගේද සින්දුවෝ මේවා...:D බෝම ස්තුතියි එච්චර අමාරුවෙන් කියෙව්වට ඔන්න.

      Delete
  9. දිගටම කියෙව්වා, ආපහු පලවෙනි කොටසත් කියවන්න වුනා , කාලෙකට පස්සේ නිසා . මටත් ඔය ඔක්කොම අලුත් තමා . ස්තුතියි සයුරි

    ReplyDelete
    Replies
    1. හම්මෝ...සෑහෙන උනන්දුවෙන් ඔන්න කියවපු එකට ස්තුතියි ඉවාන්. මෙයා නේද අර ගෙඹි කුමාරයා? :)

      Delete
    2. හෑ ගෙඹි කුමාරයා ..?? ඔය එක එක්කෙනා ඉරිසියාවට කියන කතා සයුරි ... (කවුද බොලේ ඒක කනේ තිබ්බේ ?)

      Delete
  10. නියමයි සයුරි.. සුපිරියි.. ඉතා හොඳ ගවේෂණාත්මක ලිපියක්..

    1. කායින්, ආබෙල්, සෙත්.. මේ ගොල්ලන්ට බිරින්දෑවරු වුනේ කවුද ?

    2. මේකෙ නියම අයිති කාරයො ඇවිල්ලා කානාන්වරු.. ඒ ගොල්ලොන්ගෙන් ඊශ්‍රායෙල් වරු පැහැර ගත්තා.. දැන් ඉතින් ඒ ගොල්ලන්ට තමා අයිති.. පලස්තීන් කාරයො කුලියට කහිනවා කියලයි මට හිතෙන්නෙ..

    3. කතාව මැද්දෙන් අදාල කාලසීමාවෙදි ලංකාවෙ මොනාද වුනේ කියලා කියපු එක නියමයි..

    4. මම හිතුවේ ඉෂ්මායිල්ගෙ ඉඳලම මුස්ලිම් ආගම පැවතෙනවා කියලා.. බලද්දි සෑහෙන පස්සෙ කාලෙකනෙ මුස්ලිම් ආගම බිහි වෙලා තියෙන්නෙ. නබි තුමාට කුරාණය ඉගැන්නුවේ කවුද දන්නෑ හැබෑටම.. ??

    ඔන්න අද තමා මේ ගැන තිබුන අවුල එහෙම් පිටින්ම ලිහුනෙ. හැමෝම පලස්ටීන්-ඊශ්‍රායෙල් ගැන කතා කලාට කීයෙන් කී දෙනෙක් මේ ඉතිහාසය දන්නවද දන්නෑ නේද ?

    සයුරි මිස්ට ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. තැන්කු සෙන්නයියේ.

      1. ඔන්න ෂෝක් තැනක් අහු වෙලා. අම්මපා මට මේක හිතුනේ නෑ නේ ලියද්දි. දැන් මන් හොයලා බැලුවා පොඩ්ඩක්. සමහරු කියනවා ඇඩම් ඊව් දෙන්නට ලැබිච්ච දුවලා (එයාලගේ සොයුරියෝ ) ම බැන්දා කියලා. වෙලාවේ හැටියට ඒක අවශ්‍යතාවයක් නිසා. තවත් තැන් වල තියනවා මේකට උත්තරයක් හරියකට දෙන්න කවුරුවත් දන්නේ නැහැ කියල.
      යුදෙව්වන්ටත් ක්රිස්තියානින්ටත් හරියට උත්තර දෙන්න බැරි වෙච්ච තැනක් ලු මෙතන. (https://answersingenesis.org/bible-characters/cain/cains-wife-who-was-she/)

      2. මමත් ඉන්නේ ඔය මතයේම තමා :-|

      3. හෙහෙ...පොඩි ඇඩ් ටිකකුත් දැම්මා

      4. අවංකවම කිව්වොත් ඉස්ලාම් ආගම බිහි වෙලා තියෙන්නේ ජේසුස් වහන්සේගෙනුත් අවු. 500 කට විතර පස්සේ කියලා මමත් දැනගත්තේ මේක ලියාගෙන යද්දී තමයි. නබි තුමා කරලා තියෙන්නේ අර ඉස්මයෙල්ගේ පරම්පරාවේ උදවිය (ඒ වෙද්දී ආරාබිකරයේ පදිංචි වෙලා ඉඳපු) ඉස්ලාමයට හරවා ගත්තු එක, හොඳින් හෝ නරකින්. කුරානය ඉගැන්නුවේ ගේබ්‍රියල් දේව දූතයා කියලනේ කියන්නේ...අපේ බෞද්ධ කතා වල ඉන්න මාරයාත් එයාමයි කියලා කියනවා ;)

      Delete
    2. ඊශ්‍රායලය සැබවින්ම අයිති කානාන්වරුන්ට තමයි.දාවිත් යෙබූසිවරුන්ගෙන් ඉඩම් මංකොල්ල කෑ බව සදහන් වීමෙන් දාවිත් යුගය වන තුරුම කානානිවරු ජීවත්ව සිට තිබෙනවා.කානානිවරු යනු කලු මිනිසුන් කියා කීමත් වැරදියි.යුදෙව්වන්ගේ සමූලඝාතනයට ලක්වූ හිත්තිවරු යනු ආර්යයන්.ඉන්දියාවට කොටසක් ගිය අතර කොටසක් මැදපෙරදිගට ආවා.තුර්කියේ සිට ඊජිප්තුව දක්වාම හිටයිට් අධිරාජ්‍ය පැවතුනා.බයිබලයේ සදහන් හිත්තිවරු හා හිවී වරු ආර්යයන්.ඒත් සෙමිටික්වරුන්ට කළු මිනිසුන් පමනක් නොවෙයි ආර්යයන්වත් රුස්සන්නෙ නැතිබව පේනව.සාරා කියනව අයිසැක්ට බැබිලෝනියාවෙන් භාර්යාවක් ගේන්න ඕන කියල.හෙත් ගේ දූවරු ඇයට තිත්තවෙලාලු.
      ඒ වගේම සෙමිටික් ආබ්‍රම් මිනිසුන් රවටමින් සැරි සැරූ සැටි බලන විට සෙමිටික්වරු සෙසු මානවයන්ට ස්වභාවයෙන්ම වෛරකළ කපටි පිරිසක් බව පේනව.ඒ වගේම ඔවුන් ස්වභාවයෙන්ම දක්ෂයන්

      Delete
    3. //හිත්තිවරු යනු ආර්යයන්//

      මේ කියන්නේ අර රුක් සටහනට අනුව හැම් ගේ පරම්පරාවෙන් පැවතෙන හිටයිට් වරු (කානාන් වරු කියනකොට මොවුනුත් අයිතියි නේද?) වෙන්නේ ඕනේ.

      එතකොට යකා කළු මිනිස්සු කියන්නේ අප්‍රිකන් අයද? ඔවුන්ගේ මුල පැවතෙන්නේ කාගෙන්ද? නැත්නම් පොදුවේ ඊජිප්තු ජාතිකයින්, පිලිතිසිවරුන් කියලා හැඳින්වෙන්නේ ඔවුන්ද?

      Delete
    4. ඔවු සයුරි ඒ රුක් සටහනේ එන හිත්තිවරු තමයි.කානානි කිව්වම අපට සිහිවෙන්නෙ කළු මිනිස්සු.බයිබලයේ එන නෝවා මුද්‍රික පානයෙන් මත්වෙලා නිරුවතින් ඉන්නාව හැම් දුටුවලු .ඔහු ඒ බව දැකල සෙම් හා යෆෙත් ට කිව්වලු.සෙම් හා ජපෙත් රෙද්දක් අරන් පස්සෙන් පස්සට ඇවිත් නෝවාගේ සිරුරට රෙද්ද දාල නිරුවත වැහුවලු.නෝවා අවදිවෙලා මේක දැනගෙන හැම්ට ශාප කළාලු.කළුමිනිසුන් පැවත එන්නෙ හැම් ගෙන්.සෙම්ගෙන් සෙමිටික් මිනිසුන්.නෝවා යපෙත්ටා ආශීර්වාද කළේ ඔහුගේ සීමා පුළුල් කරන ලෙසයි.බලන්න බලන්න අප්‍රිකාව හ නැගෙනහිර ආසියාව හැර මුළු ලෝකයම යෆෙත්ට ලැබී ඇති සැටි.ශාප ලත් කලු මිනිසුන් සියවස් ගනනක් වහලුන් ලෙස දුක් වින්දා.කතන්දර තමයි ඉතින් ඒත් ලස්සනයි.

      Delete
    5. සමකාලීන වෙනත් කතන්දරවලට වඩා බයිබලයෙ එනව තාර්කික කතාවක්.දැන් බලන්න සිංහලය සිංහයෙකුගෙන් පැවත එනව වගෙ කතා වලට වඩා මේව තාර්කිකයි.ඊජිප්තුවරු මිශ්‍රයිම්ගෙනුත් කූෂ් වරු කූෂ්ගෙනුත් පැවත එනවාලු.කූෂ් කියන්නෙ සූඩානයේ නුබියන්වරු.
      හිටයිට් වරුන් නම් ආර්යයන්.තුර්කිය හා ඊජිප්තුව අතර මිතානිවරුනුත් ආර්යයන්.මිතානි කුමරියක් හා ඊජිප්තු කුමරෙක් අතර විවාහයක් ගැන පත් ඉරුවක් හමුවී තිබෙනවා.එහි ආශීර්වාද ලබා ගෙන තිබෙන්නේ ඉන්ද්‍ර ,වරුන,යම නාසත්‍ය කියනයන හතර වරම් දෙවියන්ගෙන්.

      ඒ කියන්නෙ ඉන්දියාවට කොටසක් යනකොට තව කොටසක් මැදපෙරදිග නතර වුනා.ඉන්දියාවේ ඉන්දු නිම්නය විනාශකළ ඍග් වෛදික ආර්යයන් හා මැදපෙරදිග හිටයිට් වරු (හිත්ති )වරු දෙපසට බෙදී ගිය සහෝදරයන්.එකම දෙවිවරු වැන්ද අය.
      මෝසෙස් ආවේ හිටයිට් අධිරාජ්‍ය දුර්වල වූ කාලයේ.යුරෝපයේ රෝම හා කැර්‍රොලින් හා ,මෙරොවින් අධිරාජ්‍ය දුර්වල වූ විටත් ම්ලේච්ඡයන් කඩා වැදුනානෙ.අන්න එහෙම දෙයක් ඔතන වුනේ.
      හිත්තිවරු කානාන්ගෙන් පැවත එනබව කියා කියන එක වැරදියි.ඔවුනුත් ජපෙත්ගෙන් පැවත එන්නන්.රුක් සටහන වැරදියි.

      Delete
    6. ඔය සාපයේ කතාව මාත් එහෙන් මෙහෙන් අහලා තිබුනා. පස්සේ හිතුනා අච්චර හොඳ නෝවා සාප කරන්නත් දන්නවද කියලා :) ඔව් කතාන්දර උනත් ඇත්තටම ලස්සනයි.

      //අප්‍රිකාව හ නැගෙනහිර ආසියාව හැර//

      මෙතනට එන්න ඕනේ නැගෙනහිර ආසියාවද බටහිර ආසියාවද? ඒ කියන්නේ මැදපෙරදිග කියන එක නේද?

      යකාගේ බ්ලොග් එක පැත්තේ යන්නම ඕන කියලා හිතෙනවා. දුවලා ගිහින් එන්න නෙමේ. නිවී සැනසිල්ලේ කියවන්න. දැනුත් ඕපන් කරගෙන ඉන්නේ, හොඳ වෙලාවක් ලැබෙනකන්.

      Delete
  11. මේ දේවල් මමත් මගෙ බ්ලොග් එකෙන් කතා කළත් ඒව මේ තරම් ලස්සනට ඉදිරිපත් කළේ නෑ.ඒකට හේතුව මගෙ ක්‍රමය වෙන්න ඇති.
    ජූලියන් අධිරාජයා අකාලයේ මිය නොගියානම් කිතු දහම වෙනුවට මිත්‍රාස් දහම ලොව පුරා ප්‍රචලිත වෙන්න ඉඩ තිබුනා නේද
    ඔහුගේ හදිසි මරණය නිසා ඉතිහාසය වෙනස්වුනා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්....මිත්‍රාස් දහම ගැනනම් මට දැනුමක් නෑ..යකා ගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් බලන්න ඕනේ. මේ දේවල් ගැන සෑහෙන දැනුමක් තියන කෙනෙක් වගේ පේන්නේ :)

      Delete
    2. එන්න මගෙ බ්ලොග් එක පැත්තෙ.
      මිත්‍රාස් කියන්නෙ ඉතාම ආදිකාලීන ඇදහීමක්.මිත්‍ර යනුවෙන් ආර්යයන්ගේ වන්දනාවට ලක් වුනේ මොහුයි.මෙය ගොඩනැගුනේ පර්සියාව තුලයි.මානව ඉතිහාසයේ නූලෙන් ගැස්සුන තැන් දෙකතුනක් තියනවා.ඉන් එකක් තමා ජූලියන්ගෙ මරණය.ජූලියන් මියගියේ පර්සියානුවන් හා යුද්ධයක් කර එන අතරෙයි.ඔහු තව වසර කීපයක් ජීවත්වුනානම් අද ක්‍රිස්තියානිය තිබෙන තැන තිබෙන්නෙ මිත්‍රාස් දහම.මේ කතා හරි රසවත්.
      යුරෝපයේ ආගම් අතර තරඟයක් තිබුන.මිත්‍රාස්,යේසුස් සහ අපොලෝනියස් ලෙස.මෙතන වාසනාව තමා ඉතින්.තුන්දෙනාගෙන් වාසනාවන්ත වුනේ යේසුස් වහන්සෙ.
      බැරිවෙලාවත් මිත්‍රාස් ජයගත්තානම් අපට මිත්‍රාස් පාස්කුව දැක ගන්න ලැබේවි. එතනදි ගවයෙක් බිලිදෙනව.මුස්ලිම්වරුන් කරනව වගෙ.

      Delete
    3. හප්පේ ගවයෝ බිලිදෙනවානම් ඕන නෑ එහෙනම් :) මුස්ලිම්වරු ගවයෝ සෑහෙන ගණනක් බිලි දෙනවා මම හිතන්නේ. මොනවා උනත් ආසයි මිත්රාස් දහම ගැනත් දැනගන්න. අනිවාර්යෙන් මම එනවා යකාගේ අඩවිය පැත්තේ.

      Delete
  12. ත්‍රස්තවාදීන් ඉරාකයේ ක්‍රිස්තියානීන් පලවා හැරීම මගේ කනගාටුවට හේතුවුනා.මේ ක්‍රිස්තියානීන් දීර්ඝ ඉතිහාසයක් සමඟ ජීවත්වන්නන්.ඔවුන් ඇසිරියානුවන්.ඇසිරියානු අධිරාජ්‍ය මැදපෙරදිග තිබූ බලවත්ම බලවේගයක්.මේ සෙමිටික් මිනිසුන් මුළු මැදපෙරදිගම ලෙයින් තෙත් කළා.ඔවුන්ගේ සිතුවම්වල ඔවුන්ගේ බිහිසුනු බව දක්වා තිබෙනවා.බයිබලයේ පරන ගිවිසුමේ නිම්‍රොද් යුගය දක්වාම මේ මිනිසුන්ගේ ඉතිහාසය දිවෙන බවයි මට හිතෙන්නේ.ලොව හොල්ලපු ඒ රජවරු කවදාවත් හිතන්න නැතිව ඇති තමන්ගෙ මුනුපුරන් ගෙවල් දොරවල් අත ඇරලයන තරමට දුර්වල වෙයි කියල.

    ඉතිහාසය මගෙත් ප්‍රියතම විශයක් නිසා සංවාදෙට එක් වුනේ

    ReplyDelete
    Replies
    1. ඔව් නේද, අසිරියන් අධිරාජ්‍යයෙන් නේ අර ඊශ්‍රායලය සහ ජුදයාව වෙන් වෙලා ඉඳපු කාලේ ඊශ්‍රා යලය යටත් කර ගත්තේ. එතකොට සෙමිටික් කියන්නේ ඉස්ලාම් භාක්තිකයින්ද? (මට තේරුණ හැටියට).

      ඉතිහාසය ප්‍රියතම විෂයක් වෙච්චි කෙනෙක් දකින්නත් ආසයි. බොහොම ස්තුතියි යකෝ සංවාදෙට එක් උනාට. සෑහෙන රසවත් තොරතුරු ටිකක් දැනගන්න ලැබුනා.

      Delete
    2. ඔවු එදා ශල්මෙනසර්,අශූර්බනිපාල් මට තව අනික් පොරවල්ගෙ නම් මතක නෑ.ඔන්න ඔය අය එදා මුළු මැදපෙරදිගම නිනවේ නගරයේ සිට පාලනය කළා.නිනවේ තියෙන්නෙ වර්තමාන මොසුල් නගරය ආසන්නයේ.
      බයිබලයේ නිනවේ ගැන නිතර සදහන් වෙනවා.නිනවේ බිදවැටුන පසුයි පර්සියානු අධිරාජ්‍ය බිහිවුනේ.ඇලෙක්සැන්ඩර් විසින් ඩේරියස් පරාජය කරන තුරුම ආසියාවේ ප්‍රමුඛ බලයක් වුනේ ඔවුන්.

      ඇසිරියන්,සිරියන්,යුදෙව්,අරාබි මේ හැමෝම සෙමිටික්වරු.

      හසිතගෙ ලිපිවලින් වගේම ඔයාගෙ බ්ලොග් එකේ ඉතිහාස ලිපිවලින් මම හුඟක් දේවල් ඉගෙන ගත්ත.ඒකට ස්තුතියි.
      ඒ වගේම ඉතිහාසය ගැන මට අපහැදිලි තැන් නිරාකරනය කර ගන්න ඔබේ පරන පෝස්ට් මට හුඟක් ප්‍රයෝජනවත් වුනා විශේෂයෙන් පොලොන්නරු යුගය සමබන්ධව .ඔන්න ආයෙත් ස්තුති කළා

      Delete
    3. අහ් හරි හරි තේරුණා. එහෙනම් සෙමිටික් කියන නම එන්න ඇත්තේ "ෂෙමිටික්" කියන එකෙන්. ඒ කියන්නේ ෂෙම් ගේ දරුවෝ කියන එකනේ. නියමයි. මේ ලිපිය ලියද්දිට වඩා සෑහෙන දැනුමක් දැන් තියනවා මට. යකාටත් ගොඩක්ම ස්තුතියි මේවා කමෙන්ට් වලින් කාටත් දැනගන්න එකතු කළාට.

      Delete
  13. සෙත් කියන්නේ නැව හදපු නෝවාගේ ආදීතම මුත්තෙක් නේ ?

    නෝවාට පුත්තු තුන්දෙනයි.1)ෂෙම් 2)හාම් 3)යාඑත්.
    ඔය යාඑත්ට පුත්තු 07 හිටියා.
    ඔය පරම්පරාව යන හැටි බයිබලේ තියෙනවා නේද පැහදිලි විදියට ලියවිලා.

    මේක කියවනකොට මට මතක් වුනේ ඉස්සර ටීවී එකේ ගිය මහා සිංහලේ වංශකතාව.එකේත් ඉස්සර ඔය වගේ අපේ ඉතිහාසය කියන් එනකොට ඒ යුගයට සමගාමී ජාත්‍යන්තර ඉතිහසේ ගැනත් කියනවා.

    දිග වුනත් හරිම ආසාවෙන් කියව්වේ සයුරියේ.
    හරිම අගෙයි.බොහෝම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මනෝජ්, එයාගේ මුත්තෙක් තමා.

      වැඩේ තියෙන්නේ බයිබලේ ලියලා තියෙන්නේ පුත්තු ගැනම විතරනේ. උන්ට බඳින්න ගෑනු හම්බ උනේ කොහෙන්ද, දුවලා එහෙම හිටියද කියලවත් ලියලා නෑ. හරිම අසාධාරණයිනේ මේක :-|

      //ඉස්සර ටීවී එකේ ගිය මහා සිංහලේ වංශකතාව.එකේත් ඉස්සර ඔය වගේ අපේ ඉතිහාසය කියන් එනකොට ඒ යුගයට සමගාමී ජාත්‍යන්තර ඉතිහසේ ගැනත් කියනවා.//

      මමත් හරිම කැමැත්තෙන් බලපු වැඩ සටහනක්. ඔය සමගාමී ව යන කතාවට මම හරිම කැමතියි.

      බෝම ස්තුතියි මේක කියවලා අදහස් එකතු කරාට මනොජ්ටත්...:)

      Delete
  14. හිත්තිවරු හා හිවීවරුන් නම් කානාන්ගෙන් පැවත එන අය නොවේ කියා මා කියන්නෙ.ජඵෙත් ගෙන් ආර්යයන් පැවත එන බවත් කානාන්ගෙන් කලු මිනිසුන් පැවටහ් එන බවත් කියනවා.මෙතනදි පොත් ලියපු යුදෙව් ලේඛකයන්ට පැටලුනා.ඔවුන් හිත්ති (හිටයිට් ) වරුන් හිවී වරුන් කලු ගොඩට දැම්මෙ ඒකයි.
    මේ විදියට ජාතීන් පැවටහ් එන්නෙ නෑ.හැම ජාතියක්ම සිය දහස්වර මිශ්‍ර වුන සම්මිශ්‍රණයන්.

    ReplyDelete
    Replies
    1. //ජඵෙත් ගෙන් ආර්යයන් පැවත එන බවත්//
      ඔය කතාවම තමා හරීත් කිව්වේ. ඔව් පැටලිලි සහගත තැන් තියනවා වගේ. සමහර ප්‍රශ්න වලට අදටත් උත්තර නැහැ නේ (අර සෙන්නා අහපු "ඇඩම් ගේ පුත්තුන්ගේ නෝනලා කවුද?" වගේ ප්‍රශ්න)

      Delete
  15. ගොඩක් ආසාවෙන් කියෙවුවා . මිනිස්සු මොන දේ කීවත් යේසුස් වහන්සේගේ තුන් වෙනි ඊම සිද්දවෙනකල් ඊශ්‍රායලයට නිදහසේ හුස්ම ගන්න බැහැ,,, මේ මිනිස්සුන්ගේ ජිවිත කොච්චර සැප පහසු උණත් එයාල ජිවිතේ අවසානය ගොඩක් නරක විදියට විදවනවා,, ඒ වගේම හැම පවුලකම කවුරුහරි කෙනෙක් යුද්දෙන් මැරිලා,,, යේසුස් වහන්සේ මරාදාපු ඒ ශාපය ,,, යෙසායා තුමා අවුරුදු 3000 කට කලින් කිවා වගේ යුදෙවුවෝ පිට තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි ඒම ? එතකොට දෙවෙනි ඒමක් සිද්ධ වුනාද ?

      Delete
    2. ඔව් යේසුස් ක්‍රිස්තුස් විදියට කුරුසිපත් වුණේ දෙවැනි ඊමෙදි... ඔයා හිතයි එතකොට පළවෙනි ඊම ? උත්පත්ති පොතේ ලෝකය මැවීම ගැන සදහන් පරිච්චේද වල තියෙනවා,, ත්‍රී ඒක දෙවියන් වහන්සේ ලෝකය මැවීමේදී හිටියේ කියලා, .. තුන් වෙනි ඊම සිද්ධ වෙන්න තුන් වෙනි ලෝක යුද්ධය හෝ "හර්මගදොන්" යුද්ධය තුල,, උන්වහන්සේ එන්නේ විනිශ්චය සදහා,,, ඒ යුද්ධය වෙනුවෙන් ඊශ්‍රායල් වල මිටියාවතක් තියෙනවා,, බයිබලේ පැහැදිලිව සදහන් වෙලා තියෙනවා ඒ ගැන පාවුල් තුමාගේ පොත් වල සහ එළිදරව් පොතේ විශේෂයෙන් .... ඒ මිටියාවත ඊශ්‍රායල් මිනිස්සු කිසිම දේකට පාවිච්චි කරලා නැහැ අද වෙනකල්,,, ඒ ගැන හේතුවක් කවුරුත් දන්නෙත් නැහැ,, නමුත් ඒක වෙන් වෙලා තියෙන්නේ ඒ යුද්ධය වෙනුවෙන් කියන එක බයිබල් විශ්ලේෂකයන්ගේ අදහස,,

      Delete
    3. බොහොම ස්තුතියි ඕමා.

      ඒ කියන්නේ මෙතන දෙවියන් වහන්සේත් ජේසුස් වහන්සේත් දෙදෙනෙක් නෙමෙයි එක්කෙනෙක් හැටියටයි සලකන්නේ නේද? ත්‍රිඒක සංකල්පය මටනම් ටිකක් තේරෙනවා මදි. මට මතකයි හරී ත්‍රිකෝණයක් ද කොහෙද ඇඳලා ඕක පැහැදිලි කරලා තිබුනා. මටනම් හරියට මීටර් උනේ නෑ.

      Delete
  16. ලෝකෙ කොහෙ ගියත්‍ යුදෙව්වො දිහා මිනිස්සු බලන්නෙ මාර අප්සෙට් විදිහට​. ලංකවේ පවා යුදෙව්වො ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති මිනිහ වුනත් කියන්නෙ ආ ඕකුන් මහ ජරා ජාතියක්නෙ කියල​. ඇයි ඒ? කියල ඇහුවොත් කොර වෙනව​. මම නම් කියන්නෙ ඔය මිනිස්සු ඔච්චර දියුනු වෙන්න හේතුව අවුරුදු ගානක් විදපු කෙනෙහිලිකම් එක්ක ලබපු පරිනාමය කියලයි. මගෙ යුදෙව් ෆිට් ගොඩක් ඉන්නව​. උන් කියන්නෙ ලෝකෙ කොයි රටට ගියත් උන්ට ලැබෙන්නෙ එකම හැන් දෙ සාත්තුව කියලයි. නමුත් ඒකට මුහුන දෙන්න උන් පුරුද්දෙන්ම බය නැහැ.

    ReplyDelete
    Replies
    1. අයියෝ හරි වැරදියි නේ එහෙම කරන එක. මටනම් යුදෙව්වෝ ගැන එහෙම අප්සෙට් හැඟීමක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඔවුන් ජාතියක් හැටියට තියන එකමුතුව සහ ධෛර්යය ගැන පැහැදීමක්.

      Delete
  17. ඊශ්‍රායෙල්වරුන්ගේ වංශ කතාව පිළිබඳව හොඳ විස්තරයක් ඉදිරිපත් කර ඇත.
    03 වන ඡේදයේ දැක්වෙන ජුදා හා කතෝලික ආගම වෙන්වූයේ මෙතැනදීය යන්න සදොස්ය.
    'කතෝලික' කියා දහමක් ක්‍රි.ව.03, 04 ශත වර්ශ දක්වා නොතිබුනි. කතෝලික යන්නේ අර්තය සර්ව සාධාරන යනුයි.මුලින් කිතුනු අනුගාමිකයන් යුදා දහම තුලම සිටියහ.දේව නමස්කාරය සඳහා යුදෙව් සිනගෝගයන්ට ගියහ.මංගල්‍යන් සඳහා යෙරුසලම් දෙව් මැඳුරට ගියහ.යුදෙව්වෝ පෙති පිලිම හා රූප වලට නමස්කාර නොකලහ.
    මුලින් ක්‍රිස්තු අනුගාමිකයන්වුනුඉ සියලුම දෙනාම පාහේ ඊශ්‍රායෙල් ජාතිකයන් වූහ.ක්‍රිස්තු අනුගාමික ශ්‍රාවකයන් හා පාවුල් වැනි මිශනාරිවරුන් යුදෙව් නොවන විදේශිකයන් වෙතට ක්‍රිස්තු දහම රැගෙන යාමත් සමගම යුදෙව් නොවන කිතුනුවන් වැඩිවත්ම යම යම් ප්‍රවණතාවයන් කිතුනු සංඝයන් තුල වර්ධනය වන්නට විය.

    03 වන ශත වර්ශයේදී කොන්ස්ටැන්ටයින් රෝම අධිරාජයාගේ බලය යටතේ පවත්වන ලද ජාත්‍යන්තර ධර්ම සමුළුවේදී යුදෙව් චාරිත්‍ර මකා දැමීමත් වෙනත් 'ක්‍රිස්තියානි' චාරිත්‍ර ආදේශ කිරීමත් සිදුවිය.
    නිදසුන්:01. බයිබලයෙහි සඳහන් පාස්කුව මකා දමා ක්‍රිස්තුන් ස්වර්ගාරෝහනයවූ දිනය පාස්කුව ලෙස නම් කිරීම
    මෙවැනි ක්‍රියාවලට සැබෑ කිතුනුවෝ විරුද්ධ වූහ.ඔවුන්ව සමුලුවෙන් නෙරපා හැරීම හෝ නිහඬ කිරීම හෝ සිදුවිය.
    ක්‍රිස්තු අනුගාමිකයන් සිය යුදා මූලයෙන් වෙන්වීම හෝ ඉවතට බලෙන් ඇද දැමීම සිදුවූයේ මෙලෙසය.
    සැ.යු. කොන්ස්ටන්ටයින් අධිරාජයා සැබැ කිතුනුවෙක්ද යන්න විවාදයට පාත්‍රවු කරුනකි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජයම්පති මහත්මයා. හරි අර්ථය ගම්‍ය වෙන විදිහට මම ලිපිය නිවැරදි කරන්න බලන්නම්කෝ. ස්තුතියි ඒක නිවැරදි කරාට.

      //මෙවැනි ක්‍රියාවලට සැබෑ කිතුනුවෝ විරුද්ධ වූහ.ඔවුන්ව සමුලුවෙන් නෙරපා හැරීම හෝ නිහඬ කිරීම හෝ සිදුවිය//

      මම නොදැන සිටි අලුත්ම තොරතුරක්.

      Delete
  18. ලිපිය සම්පුර්ණයෙන්ම බලන්න බැරි උනා, පස්සේ ඇවිත් බලන්නම්
    කාලෙකින් ආපු නිසා කියවල ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා බ්ලොග් වල....:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...සෑහෙන කාලයක් මග ඇරිච්ච දේවල් ඇතිනේ. හෙමින් කියවන්නකෝ :)

      Delete
  19. encyclopedia එකක් නෙව! පාරක් බැලුව.... අායෙ ටිකක් බලන්න ඔ්න! :)

    ReplyDelete
    Replies
    1. හිහි...ස්තුතියි අලී...

      Delete
  20. නියමයි සයුරි...සටහන වගේම ඊට පස් සෙ ලියවුනු අනු සටහන් වලිනුත් බොහොම දෙයක් ඉගෙන ගත්තා..ස්තූතියි හොඳේ....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී අයියා

      Delete
  21. ලිපියට ගොඩක් තුති, මමත් මේක කියෙව්වේ ලොටසින් කොටස

    ReplyDelete
    Replies
    1. ලොටසින් කොටස :)

      එහෙම කියවන එක තමා හොඳ ඉතින්

      Delete
  22. මාත් ක‍තෝලික වුනාට මේ දේවල් පිලිවෙලට දැනගෙන හිටියෙ නෑ. ඉස්කෝලෙන් ඉගෙනගත්ත ආගම ඇරෙන්න වෙන දැනුමක් නෑ. හොඳට පැහැදිලි කරල තියෙනවා ඕන කෙනෙකුට තේරෙන විදියට. පරන ඒවත් කියවන්න පස්සෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. මානෙල් අක්කා කතෝලිකද? අපිත් ඉතින් බුද්ධාගමෙත් නොදන්න ගොඩක් දෙවල් තියනවනේ.

      Delete
  23. ඉවර වෙනකම් එක දිගටම කියෙව්වා. හැමදාම වගේම ගොඩක් දේවල් දැනගත්ත. :)

    ReplyDelete
  24. හප්පේ... මේක සෑහෙන්න මහන්සි වෙලා ලියපු එකක් වගෙ. අපේ හසිත මල්ලි වත් මතක් වුනා.
    ආයෙ පාරක් කියවන්නම වෙනවා. විස්තර වලට තැන්කිව් ය. :)

    ReplyDelete
    Replies
    1. අප්පේ චන්දන දැකපු කල්...බෝම සන්තෝසයි. දැම්මේ නැද්ද පෝස්ට් එකක් එහෙම..

      Delete
  25. සෙන්නාගේ කුරුන්ද පන්නයේ මම ඉතා ආශා කරන මාදිලියේ ලිපි පෙලක්. මම ගොඩක් වෙලාවට මේ වගේ ලිපි ප්‍රින්ට් කරගෙන දෙගොඩ හරියේ තමා කියවන්නේ...මගේ එකෙත් එල්ලුවා ඔන්න...අනික් ලිපි ඔක්කෝමත් නොවැරදීම කියවනවා හොඳේ...

    ReplyDelete
    Replies
    1. හප්පේ පොඩි බිය මුසු ආඩම්බරයක් ඇති උනා එහෙම කිව්වම...බොහොම ස්තුතියි විසිටර් මේ පැත්තේ ඇවිත් කමෙන්ටුවකුත් දාලා ගියාට. ගොඩක් දෙනා දෙගොඩ හරියේ වැඩ කරන අය වගේ නේද? :)

      Delete
  26. සෑහෙන වටින ලිපියක්.. බොහොම කැමැත්තෙන් කියෙව්වා.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි. ස්තුතියි අශාන්.

      Delete
  27. ඔන්න එකතු කළා. ස්තුතියි.

    ReplyDelete
  28. අම්මෝ.. බොරු කියන්න ඕන නැහැ පොඩි කාලේ ඉඳලම ඉතිහාසෙට හොරයි.
    එත් කතා වගේ තියෙන ඒවා කියවනවා, එත් කියවල ඉවර වෙද්දී වර්ෂ සහ නම් මොකුත් මතක නැහැ.

    මේකේ මං ගොඩක් අගය කරන දෙයක් තමයි ලෝක ඉතිහාසේ ගැන කියද්දී මැදට පැනල ලංකාවේ ඒ වෙනකොට තත්වය සාරාංශ කරපු එක.. ඒක නම් මාරම ට්‍රික් එකක්.. :)

    ReplyDelete
    Replies
    1. හෙහෙ...මැදින් ඇඩ් ටිකක් දැම්මේ නැත්නම් ඉතින් ටිකක් මදි මදි වගේ නේ...මේ කාලේ ඇඩ් නැති මොනම දෙයක්වත් තියනවද මම අහන්නේ :)) ස්තුතියි යසිත්...

      Delete
  29. apo maasa gaaanakata daala thiyenneh posts 2yi 3yi neh akka.....hu hu hu :D

    ReplyDelete
    Replies
    1. කියන්නේ නෑ ඉතින් මුකුත් :D

      Delete
  30. සයුරිගේ ඉතිහාස කථා එදා ඉඳන්ම ඉතින් සුපිරි තමා... නොදන්නා දේ ගොඩාක් දැන ගත්තා... ගොඩක් මහන්සි වෙලා කරපු පෝස්ට් එකක්...! ජයවේවා !!!

    ප.ලි. - නිතර ආවා නොගියට, කමෙන්ට් නොකලට රාජාවලියට මම ඇහැ ගහගෙන සිටින වග දන්වා සිටිනු කැමැත්තෙමි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග..කාලෙකින් දැක්කේ :) රාජාවලිය ඊ ළඟ එක දැන් මාසෙක විතර ඉඳන් ලියනවා අප්පා :)

      Delete
  31. හරිම වටිනා කතාවක්......... ඉතිහාසය ඉතා වටිනවා මේ විදිහට ගෙන හැර දැක්වීම................. සයුරි අපි මේ පැත්තේ අාවේ පළමු පාරට ද ??? කොහොම වුණත් දැන් පාර හදාගත්තා.......... දිගට ම ඒන්නම්........... බ්ලොගය අගෙයි.............

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කුරුටු අද තමා මුලින්ම මේ පැත්තට ආවේ. ඔන්න සාදරයෙන් පිලිගන්නවා. බොහොම ස්තුතියි කියවලා සටහනකුත් තිව්වට..බොලේ, මම දැනුයි ගී පවුර පැත්තේ ගිහින් බැලුවේ..ඒකෙ කුරුටු ගාන සෑහෙන කට්ටියක් ඉන්නවා නේද? මේ කොයි එක්කෙනාද කියලා කොහොමද හරියටම දැනගන්නේ? ;)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...