දැන් මාස දෙකකට විතර කලින් ලියපු රාජාවලිය ලිපියේ අපි කතා කළා නේ කුණ්ඩසාලේ කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ වෙච්ච හැටි.
ඒ වගේම එතුමත් තමන්ගේ පියා ගේ අඩි පාරේම යමින් මධුරා පුරයෙන් බිසවක් ගෙන්නවා ගත්තා කියලත් කිව්වා නේ. ඉතිං අන්න ඒ බිසව තමයි "ප්‍රමිලා දේවිය". මේ බිසව හරිම රූමත් කෙනෙක් කියලයි කියන්නේ.
නරේන්ද්‍රසිංහ රජතුමා ටිකක් සෙල්ලක්කාර කෙනෙක් කියලත් අපි දන්නවනේ. එතුමාට සිංහල කුල කාන්තාවන් කිහිප දෙනෙක් එක්කම අනියම් සම්බන්ධතා තිබුණා කියලා කියනවා.
ඉතින් මේ රජතුමා ගේ රාජ සභාවේ හිටියා "දස්කොන් (ගැස්කොන් )" කියලා ප්‍රංශ පියෙකුට දාව පෘතුගීසි මවකට ලැබුණු කෙනෙක්. ඒ වගේම හොඳ කවියෙක්. දස්කොන් පොඩි කාලේ ඉඳලම රජතුමා ගේ හොඳ මිතුරෙක් ලු. රජතුමාට විරුද්ධව පට්ටියබණ්ඩාර කැරලි ගහපු වෙලාවේ කැරැල්ල මැඩ පවත්වන්න සෑහෙන උදව් උනාලු දස්කොන්. එයින් පස්සේ දස්කොන් ට අධිකාරම් තනතුරකුත් ලැබුණා ලු.
ඉතින් මේ අතරේ දස්කොන් අධිකාරම් තුමා යි රූමත් ප්‍රමිලා දේවියයි සෑහෙන කුළුපග වෙනවා ලු. ඒක අනියම් පෙමක් දක්වාම ඇදිලා ගියා කියලා තමයි ඉතිහාස කතා වල කියවෙන්නේ.
ඔය රූප රාමුව ගත්තේ ජැක්සන් ඇන්තනි ගේ "දස්කොන්" ටෙලියෙන්.
ඉතින් රජතුමාට මේ දෙන්නගේ සම්බන්ධේ අහු උනා කියන්නෙත් හරි අපූරු විදිහකට. ප්‍රමිලා බිසව වෙනුවෙන් පැවැත්වුණු බලි යාගයකට බිසවගේ රූපයක් අඹනවා. බලි ඇදුරන් අඹපු මේ රූපයේ අඩුවක් දකිනවා දස්කොන්. ඒ තමයි බිසවගේ රහස් ප්‍රදේශයේ තිබුණු උපන් ලපයක්. ඉතින් ඔහු මේක ඇදුරන් ට කියලා නිවැරදි කරවනවා. ඉතින් ඕක දැන ගත්තම රජතුමා කරපු දේ හිතා ගන්න අමාරු නැහැ නේද? දස්කොන් ව සිර කරලා අවසානයේ දං ගෙඩියටත් යවනවා.
දස්කොන් ප්‍රමිලා ආදර කතාව කඳුලින් නිමා වෙන්නේ අන්න එහෙමයි. ඒක ඇත්තටම උනේ එහෙමද කියන්න නම් අපි හරියටම දන්නේ නැහැ.
සක්මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් අහො අද ඔබ යනවාද
දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද
මේ කවිය ගොඩක් අය අහලා ඇති. ඒකට දස්කොන් දුන්නා කියන පිළිතුර තමයි මේ....
විසැස් කමලාව රස පහස නොවිඳ මා
දසිස් දුනි පොරණ ඇසු දුටු පමණ මා
වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලත් මෙමා
මහිස් එකක් දුනි නම් ඔබ නමට කිමා
මේකෙන් කියන්නේ "රාවණ රජතුමා සිතාව අගේ පහස නොවිඳම හිස් දහයම දුන් එකේ ඔබේ රස පහස විඳි මගේ එක හිසක් දුන්නට මක් වෙනවද" කියලයි.
ඉතින් කොහොමින් කොහොමහරි රජතුමාට ඔටුන්න පවරන්න දරුවෙක් කියල නම් කවුරුවත් හිටියේ නැහැ. උනනම්බුවේ බණ්ඩාර කියලා වෙනත් කාන්තාවකගෙන් ලැබුණු දරුවෙක් හිටියත් ඔටුන්නට හිමි කාරයෙක් සිටියේ නැහැ.
මේ නිසා නරේන්ද්‍රසිංහ රජුගෙන් පස්සේ රජකම හිමි වෙන්නේ ප්‍රමිලා බිසවගේ බාල සහෝදරයා ට. ඔහු රජ වෙන්නේ ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි. ව. 1739 - 1747) නමින්.
ඉතින් ඒ තමා සිංහල රජ පෙළපතේ අවසානය. ලංකාවේ අවසන් සිංහල රජතුමා තමයි නරේන්ද්‍රසිංහ රජතුමා. ශ්‍රී විජය රාජසිංහ රජතුමා තමයි නායක්කර් රජ පෙළපතේ පළමු රජතුමා. එතුමා ගේ රාජ්‍ය කාලය ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.
ලිපිය පළමු කොටස වගේම රසවත් සරලයි.
ReplyDeleteමට හැමදාම ආපු ප්රශ්නය තමා ඔය අඹාපු රූපේ නිරුවත් එකක්ද කියලා.. චියර්ස්..
එහෙම වෙන්ටැති දේශා. එකනේ ඉතින් ලපේ තියන්න ඇත්තේ :ද
Deleteඔය අඹපු රූපෙ උපන් ලප සීන් එක දස්කොන් එක්ක අමනාපයෙන් සිටි උඩරට රදලයොන්ගෙ ගේම් එකක් කියලත් අහල තියේ. හැබැයි ඉතිං එතකොට ඇති වෙන ප්‍රශ්නෙ අගබිසවගෙ ශරීරෙ තියෙන උපන් ලප ප්‍රසිද්ධ රහසක්ද කියල. බිසවගෙ සේවිකාවක්ගෙන් දැනගත්තා වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඉතිං අන්තිමට අර මනුස්සයගෙ බෙල්ල ගියා - අපේ කිරුළ වඩුගයොන්ට ගියා.
ReplyDeleteඔය කතා ඇත්තටම කොහොම උනාද දන්නේ නැහැ නේද. සමහරවිට කුමන්ත්‍රණයක් වෙන්න ඇති. කොහොමත් රදලයෝ කිහිප දෙනෙක්ම දස්කොන් එක්ක අවුලෙන් ලු නේ හිටියේ අධිකාරම් තනතුර ලැබුනට
Deleteරාජ වංශ මාරු වුන ආකරය රසවත්ව සරළ ව පැහැදිලි කෙරෙන වටිනා උත්සාහයක්
ReplyDeleteසරලනම් එච්චරයි :)
Deleteශ්‍රී විජය රාජසිංහ රජ්ජුරුවෝ අවුරුදු 210 රජකම් කරලානේ...:D
ReplyDeleteමොහාන් රාජ් මඩවලගේ "ලොවීනා" පොතෙත් ඔය කතාව ගැන විස්තරයක් තියෙනවා.මේ සිදුවීම අලලාම දිවුල්ගනේ ගායනා කරන "සක්මන් කරන මලුව පාලුයි දේවි" කියන ගීතයත් හරි අපුරුයි.
ඔව්මයි බොලේ. වැරැද්ද පෙන්නුවට ස්තුතියි මනෝජ්. ඔව් ඒ සින්දුවත් ලස්සනයි
Deleteලොවීනා කියන්නේ දස්කොන් ගේ මිනිබිරී නේද
Deleteමේ කතාව අහල තිබ්බා කලින්. 8 වසරෙද කොහෙද. මතකය ආපහු අලුත් උනා.
ReplyDeleteමේ කතාව කියවද්දි මතක් උනේ. අපේ ඉස්කෝලෙ ස්ටාෆ් එකේ ඉන්නවා දස්කොන් කියල ටීචර් කෙනෙක්.
තව දෙයක්- අපේ මිනිස්සු හැමදාම නාගත්තේ පිටරට දේවල් හොයාගෙන ගිහිල්ලා. නැද්ද හා?
//අපේ ඉස්කෝලෙ ස්ටාෆ් එකේ ඉන්නවා දස්කොන් කියල ටීචර් කෙනෙක්//
Deleteහම්මේ..ඇහුවමයි එහෙම එකක්
ඇත්ත ඇත්ත. නරේන්ද්‍රසිංහ ටත් උනේ එක තමා
අනේ හැබෑට එහෙමද වුනේ? මම හිතුවේ දස්කොන් ප්රමිලට යවපු whatsapp msg එකක් රජාට මාට්ටු වෙලා කියලා... 😂
ReplyDeleteබොරුව කවදා හරි අහුවෙනවා කියන්නේ ඕකනේ....
ඇත්තටම එහෙමත් නෙමේ ලු උනේ.රජතුමා දස්කොනුත් එක්ක මොකද්දෝ වැඩකට ප්‍රමිලගේ කුටිය පැත්තට එනකොට 'ටොන්' ගාලා දස්කොන්ගේ ෆෝන් එක කුටියේ වයිෆයි එකට කනෙක්ට් උනා ලු.
Deleteමහනුවර යුගයේ සමහර රජවරුන් දුර දිග නොබලා කළ සමහර කටයුතු තමයි අවසාන වශයෙන් අපේ මුළු රට ම ඉංග්‍රීසීන් ට යටත් වීමට මූල බීජය සැපයුවෙ. ඒ ගොරතුරු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙන්නෙත් නැහැ
ReplyDeleteනීල නිම්නය - ඔව් මමත් පිලිගන්නවා. අදටත් ඒ දේවල් එහෙමම සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට.
Deleteදස්කොන් කියල සිංහල ඌරුවට හදාගත්තයි කියන්නෙ කියන Gascoigne කියන ප්‍රංශ නම. උච්ඡාරණය කරන්නෙ ගෑස්කොයින් කියල.ඒ නම තියන කට්ටියගෙ නිජ බිම ප්‍රංශෙ නිරිතදිග ප්‍රදේශයෙ තියෙන Gascony කියන පළාත.
ReplyDeleteස්තුතියි සයුරි...මම බොහොම ආසාවෙන් ඔබේ මේ ලිපි පෙල කියවන්නෙ....:)
ස්තුතියි රවී අයියේ :) ගෑස්කොයින් කිව්වම බිට් කොයින් මතක් උනා.
Deleteඉතිහාසය මා ස්වේච්ඡාවෙන් හදාරන විෂයයක්. අප ආ මග විමසා බැලීමෙන් යා යුතු මගට එළියක් ලබා ගත හැකි නිසයි ඒ. ඒ වගේම ඉතිහාසයේ සිදු වූ දෑ නැවත නැවත සිදුවන අන්දමත් එහිදී දැක ගත හැකියි. මගේ පෙර කමෙන්ටුවට ඔබ දී ඇති පිළිතුර පරිදි ම, එදා දේශපාලකයන් අතින් සිදු වූ දේ ම අදත් සිදු වෙමින් පවතිනවා.
ReplyDeleteඅහන්නත් සතුටුයි. ඉතිහාසය විෂයට කැමති අය හරිම අඩුවෙන් තමයි මම දැකලා තියෙන්නේ. දිගටම නිල නිම්නය පැත්තේ එන්න ඕනා මමත්
Deleteසිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/
ReplyDeleteකිසිදා නැත සමුගන්නේ........������
ReplyDeleteඔබ මා යලි හමුවන්නේ...������