Tuesday, February 27, 2018

නයින් ලෙවන් - 911

"නයින් ලෙවන්" කියපු ගමං අර බිල්ලාඩන් ප්ලේන් හප්පලා කරපු හදිය මතක් වෙනවනේ හැමෝටම. එතකොට "නයින් වන් වන්" කිව්වහම හඳ අල්ලපු රටේ හදිසි ආපදා අංකය මතක් වෙනවනේ.



බිල්ලාඩන් ඔය වැඩේ හරියටම සැප්තැම්බර් එකොළොස් වෙනිදා අල්ලලා කොලේ, මේ හදිසි ආපදා අංකෙ නිසා කියලා සෑහෙන කාලයක් යනකන් දැනගෙන නොහිටපු මම වගේ තවත් එවුන් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.

මේ අංකේ ගැන කියනවනම් ඉතින් හරියට නිකන් "දෙයියෝ" වගේ තමා. ඕනම කරදරේකදී මුලින්ම මතක් වෙන්නේ ඕක නේ. හදිසි ලෙඩක්, හොරකමක්, මංකොල්ලයක්, ගං වතුරක්...ඕන දේකට ඉතිං 911 තමා. අපරාදේ කියන්න බෑ හැබැයි 911 සර්විස් එකනම් උපරිමෙන් තියනවා.

මේ ඊයේ පෙරේදා දවසක අපේ පොඩ්ඩා කරා හොඳ වැඩක්. එයා සමහර වෙලාවට මගේ ෆෝන් එක අරගෙන කතා කරනවා "සිරී" ත් එක්ක.

පොඩ්ඩා : සිරී, යූ ආර් ඉන්වයිටඩ් ටු මයි බර්ත්ඩේ පාටි......
සිරී : අයි ඩෝන්ට් නෝ යුවර් ලොකේෂන්. ප්ලීස් අප්ඩේට් යුවර් ලොකේෂන්...
පොඩ්ඩා : හව් ටු අප්ඩේට් ලොකේෂන්
සිරී : හිඅර් ඉස් ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔන් හව් ටු අප්ඩේට් ලොකේෂන්
පොඩ්ඩා : වෙයාර්
සිරී : හියර්....
පොඩ්ඩා : හියර් වෙයාර් ?
සිරී : ඉන් ද සර්ච් රිසල්ට්ස්. ප්ලීස් රීඩ්
පොඩ්ඩා : හව් කැන් අයි රීඩ් ඉට් ඉෆ් අයි ඩෝන්ට් නෝ හව් ටු රීඩ් වර්ඩ්ස්
සිරී : thinking

ඔන්න ඔහොමයි අවුරුදු හතරේ පොඩි එකෙක් සිරීව කොන්ෆියුස් කොරන්නේ. මට වෙලාවකට දුකත් හිතෙනවා...සිරියා ගැන.

ඉතින් ඔන්න ඔහොම දෙන්නගේ කතාව අහගෙන ඉන්න අතරේ මට නිකන් ලාවට වගේ ඇහුනා "Is it an emergency?" කියලා සිරී අහනවා. surprise  පොඩ්ඩා දීපු උත්තරේ මට ඇහුනේ නැති උනත් දීපු උත්තරේ මට සුවර් "yes". මම දුවලා යද්දිත් ප්‍රමාද වැඩියි. සිරියා 911 ඩයල් කරලා දීලා. d'oh

ෆෝන් එක ගත්ත ගමන් කෝල් එක ඩිස්කනෙක්ට් කරත් ප්‍රමාද වැඩියි. කෝල් එක ගිහින් ඉවරයි. ඔන්න ඉතින් ඒ සැනින්ම ආපස්සට කෝල් එකක් එනවා පොලිසියෙන්. හප්පේ...මම වහාම සයුරුට දුන්නා ෆෝන් එක  big grin

පොලිසිය : are you OK ?
සයුරු : yes. my son accidentally dialed 911. sorry about that.   
පොලිසිය : oh thats ok. we just wanted to make sure everything is alright.

එහෙම අහලත් අත ඇරියේ නැහැ. තව විනාඩියකින් විතර තවත් කෝල් එකක් ආවා මට.

එයාලට ඇවිල්ලම බලන්න ඕනෙලු අපි හොඳින් ඉන්නවද කියලා. ඉතින් තප්පර ගානක් ගියේ නැහැ පොලිස් කාර් දෙකක් ආවා. ඇවිත් බෙල් එක ගැහුවා ගෙදර. අපේ පොඩ්ඩට මේ වෙද්දී හොඳටම අවුල්. තඩි පොලිස් මාමලා දෙන්නෙක් එයාව බලන්න ආවා කියලා. ඇවිල්ලා හරිම හොඳට කතා කරා ඉතින්. පොඩ්ඩටත් හිනාවක් එහෙම දාලා කිව්වා.."Its totally OK. Accidents happen to everyone" කියලා :) 


පොඩි එකෙක් උනත් මේ කාලේ 911 කතා කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඉස්කෝලේ යන වයසේ අයට නම් කියලත් දෙනවා. අපේ එක්කෙනත් දැන් දන්නවනේ සිරී ට කියලා කතා කරව ගන්න. 911 විතරක් නෙමෙයි, තමන්ගේ ගෙදර ෆෝන් නම්බර් එක, ලිපිනය, අම්මගේ තාත්තගේ නම්, මේ හැම දෙයක්ම නිවැරදිව තමන්ගේ දරුවට කියල දීල තියන්න ඕනේ. හදිසියකදී ක්‍රියා කරන්න ඕන විදිය පොඩි දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒ අයට අපි හිතනවට වඩා යමක් කමක් කර ගන්න පුළුවන්.




27 comments:

  1. අපේ රටේ නම් ඕය අංක හැටහුටාමාරක් තියෙන්නෙ....ඒත් උන්ට ඕන්නම් විතරයි එන්නෙ...සමාර වෙලාවට ෆෝන් එක උස්සන්නෙත් නෑ කියන්නෙ....මේක මහා රෙද්දෙ රටක් නගෝ...ලංකාව එපාවෙලා තියෙන්නෙ...??
    ඉතිං කෝමද...හුඟ කාලෙකින්නෙ මම ආවෙ...උත්තර නෑ ඉතිං දෙන්න පට්ට බිසි අප්පා..!!!

    ReplyDelete
    Replies
    1. හම්මේ සහෝදරයෙක් දැක්ක වගේ සන්තෝසයි වී අයියා දැක්කම. හුග කාලෙකින්දත් අහනවා. මෙහෙමවත් දකින්න ලැබීම සතුටක්...

      Delete
  2. අපේ 1919 ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා ලු.අනිත් එව්වා ගැන නම් කියන්න දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අංක කීපයක් තියෙන්නේ අයිද දන්නේ නෑ හැබෑටම

      Delete
  3. ඇ.එ.ජ. ආපු අලුත මටත් හොද අත්දැකීමක් ලැබුණා. මගේ අතින් 911 ඩයල් වුනේ වැරදීමකින්. ඒ සැනින් පැමිණි පොලීසියට කාරණය පැවසු විට කාරුණිකව විනෝද වෙමින් හිනා වෙමින්, සුහදව කතා කළ අන්දම මගේ මතකයෙන් ගිලිහෙන එකක් නැහැ.

    ReplyDelete
  4. ඔහේ 911 වුනාට මෙහෙ 119 ,
    ඔහේ 911 කෝල් වලට එකපාරින් ආන්සර් කලාට මෙහෙ 119 නම්බර් බිසී
    ඔහේ 911 එකෙන් කිව්වා ගමන ආවට මෙහෙ 119 උන්ට ඕනෙනම් තමා එන්නේ
    ඔහේ 911 අය වැරදුනාට හිනා වුනාම මෙහෙ 119 අය ට වැරදිලා කෝල් කලොත් $!@$&!@%#$!&%^ තමා

    ReplyDelete
    Replies
    1. ඔන්න රණ්ඩුවක් යනවා. අපි 119 කතා කරනවා. එයාල එද්දි එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා අවසන් කටයුතුත් ඉවරයි. ඔන්න ඕමයි මෙහෙ වැඩ.

      Delete
    2. //මෙහෙ 119 උන්ට ඕනෙනම් තමා එන්නේ //
      //එයාල එද්දි එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා අවසන් කටයුතුත් ඉවරයි//

      ඔහොම වෙන්න හෙතුවකුත් ඇති නේද. අපේ සමහර අය ඔය නම්බර් වලට කතා කරලා බයිට් කරනවලු. ඇත්තද දන්නේ නෑ

      Delete
  5. කව්ද සිරී කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. සිරියලතා ගේ මනුස්සය

      Delete
  6. මං මේ 911 දැක්ක ගමන් දුවං ආවේ මොකෝ දන්නවද? අර මං මේ දවස්වල ලියන මාගල් කතාන්දරේත් පහුගිය ටිකේ එමර්ජන්සි නම්බර් එකක් හින්දා අලි විජ්ජුම්බරයක් වුණා. අන්න ඒක මතක් වෙලා.

    පොඩ්ඩාට වෙච්චි අකරතැබ්බෙන් හිනාවෙවී කියවන්න දෙයක් ලැබුණාට, සයුරි ලියලා තියෙන අන්තිම ඡේදේනම් හරිම වැදගත්. අපේ පැංචාටත් ඒ දේවල් හෙමීට පාඩම් කරවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අහා ඔව් ඔව්. මම 23 කිවෙව්වා දැන් මේ 22 කියවන ගමන් :)

      Delete
  7. සහ්. ලංකාව ඒ අතින් සුපිරි. මහත පෙ ාලිස් මාමල කවදාවත් දකින්න ලැබෙන්නැ දහ පාරක් කතා කරත්.

    ReplyDelete
  8. /කව්ද සිරී කියන්නේ? / x 2

    ReplyDelete
    Replies
    1. සිරියලතාගේ මනුස්සයා අනේ X 2
      :)

      Delete
    2. ඔය ඉතිං.....කවුද බොල සිරියලතා?

      Delete
    3. ඒ පාර කට්ටියම එකතු වෙලා මාව බයිට් කරනවා වගේ :))

      Delete
    4. //"ඔය ඉතිං.....කවුද බොල සිරියලතා?"// සිරි ගේ ගෑනු මනුස්සයා බං :D

      Delete
  9. අතිශයින්ම වැදගත් මීට තරමක් සමාන සිද්ධියක් මටත් උනා මම නිවාඩුවකට මීට වසර දෙකකට පෙර කැන්ගරු දේශයේදී! මමත් මගේ නෑයත් එයාගෙ රැකියා ස්ථානයට ගිහින් දොර ඇරගන්න ගිහින් වැරදි අංක වගයක් ඔබලා විනාඩි 5 විතර යනකොට පොලිස් රථ දෙකක් එතන! වැඩේ සුපිරිම අවුල උනේ සංචාරක වීසාවලින් එරටට ගිය මම එතන ඉන්නේ කොහොමද කියන එක වෙන්න ගියා! මම අපේ එකාගෙ වාහනය ඇතුලෙ ඉඳලා ශේප් උනා!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කිව්වලු ;D
      හබැයි ඉතින් සන්චාරක වීසා වලින් ගිහින් හිටියා කියලා අවුලක් තියද?

      Delete
  10. මෙහෙ කොමඩි එස්එම්එස් එකක් වටේ ගියා කාලෙයක්...

    “119 අමතා “පිස්ස මූ - පිස්ස මූ - පිස්සු පූස මූ...“ ගීතය ගායනා කර නොමිලේ ජම්පරයක් සමඟ වැලිකඩ හිරගෙදරට සවාරියක් දිනාගන්න“ කියල. හිතාගන්ඩ පුළුවන්නෙ මෙහෙ සර්විස් එක?

    ReplyDelete
  11. ඕකම කොපි කරලා කණපිට ගහල
    අපේ රටේ දාපු 119 නම් ගෙන්නගන්න සුද්ධ සිංහලත් පාවිච්චි කරන්න ඕනෙ. ඒ ඇවිල්ලත් සමහර වෙලාවට අපිටම බැනල යනවා. මෙහෙ පොඩි එකෙක් වැරදිලා කෝල් කරොත් පොර වසල හමාරයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඉතින්. රටක් හැටියට හැදෙන්නෙ කොහොමද ඉතින්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...