Wednesday, November 30, 2011

"ඔළුවට ම තියහං"


මෙහෙමත් මුදලාලිලා කතාවේ හිටපු මගේ යාළුවා "චාරු" හිටියේ මට පල්ලෙහා බැච් එකේ. එයාටත් හිටියා එක එක ජාතියේ බැචාලා සෙට් එකක්. ඔය සෙට් එකේ හිටියා ගේම් පප්පෙකුත්. එයා විතරක් නෙමෙයි එයාගේ මල්ලිත් කම්පියුටර් ගේම් වලට පුදුම ඇබ්බැහියක් ලු තිබුනේ. ජාන වල කේස් එකක් වෙන්නත් ඇති. සමහර දවස් වලට අයියා එක ලෙවල් එකක් කම්ප්ලිට් කරලා කැම්පස් ආවම මල්ලි එතන ඉඳන් ඉතුරු ටික කරගෙන යනවලු. කොහොම හරි ඒ දෙන්නා ෆෝන් එකෙන් කතා කරන්නෙත් ගේම් ගැනම ලු.

ඉතින් එක දවසක් මේ අයියා මොකක්ද උවමනාවකට බස් එකක කොහෙටද යන ගමන්ලු හිටියේ. බස් එක පිරෙන්න සෙනග ඉඳල නැති නිසා සීට් එකකුත් ලැබිලා. එතකොටම ඔන්න මලයගෙන් කෝල් එකක් ඇවිත්. හිතාගන්න පුළුවන්නේ මාතෘකාව....ගේම් එකේ ලෙවල් එකක් ගොඩ දා ගන්න හැටි අහන්න තමයි කෝල් කරලා තියෙන්නේ...

ඉතින් අයියත් හරිම උද්යෝගෙන් උත්තර දෙන්න ගත්තලු...

"එහෙං යන්න එපා බන්...ෂෝට් කට් එකෙන් පලයන්...එතන ඉන්න එකාගෙ ඔළුවට ම තියහන්...ඊට පස්සේ ඉන්න දෙන්න ගාව වෙපන්ස් නැහැ...ඔව්, කඩුවෙන් ගැහුවම හරි....උඹ ගේට් එක ලඟට යනකන් ගොඩ දාපං...ඉතුරු ටික මං බලා ගන්නම්...ඔව් මේ එන ගමන්...."

ඉතින් මෙයා සංවාදේ ඉවර වෙලා ඔළුව උස්සලා බලනකොට ලු දැක්කේ බස් එකේ මිනිස්සු ඇස් නළලේ තියාගෙන එයා දිහා කන්න වගේ බලන් ඉන්න හැටි. එතකොටලු එයාට මීටර් උනේ තමන් කියපු දේවල් වල බරපතල කම. මොකද ඒ තමයි අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නේ උග්‍ර වෙලා තිබුන අන්තිම කාලේ...ඉතින් ඒ කාරණෙත් හිතේ තියා ගෙනම මෙයා මල්ලි ට දීපු උපදෙස් ටික ආපහු කියවල බලන්නකෝ...

කොල්ලා ඊ ළඟ හෝල්ට් එකෙන් බැස්සා කියලා තමයි ආරංචිය...

35 comments:

  1. කොල්ලා ඊලඟ හෝල්ට් එකෙන් බැස්සා නෙමෙයි. කොන්දා ඊලඟ හෝල්ට් එකෙන් බැස්සුවා කියලා තමා කතාව ලියවෙන්න ඕනේ. අම්මෝ පොලිසියට බාර දුන්නේ නැති එක හොදා.

    ReplyDelete
  2. ඊට පස්සෙ මෙහෙමයි

    "මචං උඔව අායුද පෙන්නන්න කියල එක්කං යයි... පොඩ්ඩං අැහැ කන අැරගෙන හිටපං මචං.. පොලිස් කාරය අහක බලද්දිම පැනල හැංගියං මචං....." :D

    ReplyDelete
  3. http://www.cinelanka.net/

    ReplyDelete
  4. තව පොඩ්ඩෙන් ලොකු පොලිස් කේස් එකක් තමයි වෙන්නේ.. මාත් කාලයක් ඔය වගේ ගේම් වලට වහ වැටිලා හිටියා.. බ්ලොග් එකට ආවට පස්සේ ඒක මග ඇරුනා...

    ReplyDelete
  5. හිකිස්!!! කොල්ල බේරිලා තියෙන්නෙ අනූනවයෙන් නොවැ. මිනුස්සු බලන් හිටපු හැටි මට මැවිල පේනව.

    ReplyDelete
  6. හප්පා පුදුමයි ගුටි නොකා බේරුනා...හික් හික් ....

    ReplyDelete
  7. මාර ප්ලෑනක්නෙ කියලා තියෙන්නෙ.. :D හේ හේ හේ..

    ReplyDelete
  8. හිකිz.මිනිස්සු බය වෙන්නැතුව තියෙයි යෑ කියපු දේවල් වලට.ලොල්
    ඉස්සර මටත් ඔය ගේම් පිස්සුව තිබ්බ,ලෙක්චර් එකක් ඉවර වෙලා හොස්ටල් ආව ගමන් මැශින් එක ඔන් කරල ගේම් ගහනව.පස්සෙ ගොඩක් අයට ඒ ලෙඩේ බෝ කරා.

    ReplyDelete
  9. @ මධූ : එයා කට්ටියට අර විදියට කතාව කිව්වට ඇත්තටම උනේ ඔයා කියපු එකද දන්නෙත් නැහැ...හි හි

    @ තනි අලියා : හේ හේ..එහෙම කිව්වනම් ඉතින් බඩුම තමා...

    @ ඇනෝ : ?

    @ දිනේෂ් : පොලිස් කේස් එකක් නේන්නම්...ඒක අත ඇරුන එකනම් හොඳයි මල්ලි...

    ReplyDelete
  10. @ රෝස කුමාරි : මටත් මැවිලා පේනවා අප්පා ඔය සීන් එක...හි හි

    @ ඔබ නොදුටු ලොවක් : ඌ ගුටි කන්න කලින් මොළේ කල්පනා කරලා බැහැගෙන...

    @ නන්දු : එකනේ අනේ...:))))

    @ නදී : හි හි අපොයි ඔව් ඔය ලෙඩේ වසංගතයක් වගේ බෝ වෙනවා නේන්නම්...

    ReplyDelete
  11. අනේ First Person Shooter ගේම් එකක් දැක්ක කාලයක්වත් මක නෑ. :D :D :D

    ReplyDelete
  12. අයියෝ අයියෝ.. උදේ පාන්දරම බඩ අල්ලං හිනා වෙන්න චාන්ස් එකක් ලැබුනා. =))

    ReplyDelete
  13. හිකි හිකි... හොද වැඩේ ඔය ගේම් වලට ඇබ්බැහි වෙනවට.

    ReplyDelete
  14. ඇති ගුටිනොකා බේරුනා.. හිකිස්.. :P

    අර මං අපේ සෙට් එක ගැන ලිව්ව පොස්ට් එකෙත් ඉන්නවා ඔහොම එකෙක්. පැතුම්.. මේ ලඟදි එග්සෑම් එකට පාඩම් නොකර ගේමින්ග් සීඩීස් ගන්න ගිහින් , මං කරා හොඳ වැඩක්.... :)

    ReplyDelete
  15. හොඳ වෙලාවට බස් එකේ හොඳ මිනිස්සු ටිකක් ඉඳලා තියෙන්නේ...නැත්තම් ඔළුවටම තියන්න එක්ක යන්න තිබ්බා පොලෝසියටම....වට පිට ගැන අවධානයක් නැති කම තමා

    ReplyDelete
  16. හික් හික් මාර අයියයි මල්ලියි :))

    ReplyDelete
  17. හැබැයි ඉතින් ඔහොම ප්‍රසිද්ධියේ ඔහොම ප්ලෑනක් ගහන්න ගිය එකා පොලෝසියට නෙමේ අංගොඩට ගිහින් නොදාපු එක තමයි පුදුමේ...

    ReplyDelete
  18. @ මාධව : ඔයත් අර සෙට් එකේ එක්කෙනෙක් ද දන්නේ නැහැ...පොතේ හැටියටනම් ඔයා මට පල්ලෙහා බැච් එකේ වෙන්න ඕන :))

    @ සීතල අයියා : උදේම හිනා වෙන එක හොඳයිලු නේ සීතල :)

    @ නිසුපා : එකනේ නංගි..ඔන්න ඔහොමයි ඇබ්බැහි කමේ තරම..

    @ අයිස් : හෙ හෙ හොඳ වැඩේ...ඔයා මොකද කලේ එයාට?

    ReplyDelete
  19. @ දිල් : ඔය ගේම් පිස්සොන්ට වට පිට ගැන නම් කොහෙත්ම අවධානයක් නෑ දිල්...

    @ වර්ණා : අනේද කියන්නේ :))

    @ තනොජා : අන්න ඒ කතාව නම් නියමයි...මොන මෝඩයා ද ඔහොම කාටත් ඇහෙන්න ඕවා කියන්නේ..තනෝජා අක්කා ව සාදරයෙන් පිළිගන්නවා මෙහාට...

    ReplyDelete
  20. බෙල්ල ගහල යන සීන් කෝන් එකක්නෙ, ඇති කව්රු හරි පොලිසියට ටිප් එක නොදුන්න

    ReplyDelete
  21. ඔයින් ගියා ඇති මම හිතුවේ කොල්ල බඩ කට පිරෙන්න සැපට හොද හෝටලයකින් හිතේ හැටියට කන්න ඇති කියල මොකද ඒ දවස් වල ඔයවගේ කතාවක් කිව්වොත් ඉතින් වසල හමාරයිනෙ .

    ReplyDelete
  22. @ Observer : ආයෙත් අහලා...මම හිතන්නේ මිනිස්සු සිහි එලව ගන්න කලින් මූ බැහැගෙන...

    @ රසික : ස්තුතියි :D

    @ සැනසීම : එකනේ කියන්නේ..මොකක් හරි පරණ පිනක් තියෙන්න ඇති මිනිහගේ..

    ReplyDelete
  23. මදැයි ඔයින් ගිය.. දවසක් මන් කොම්:powar saplayi එකක් අරන් යද්දී මාව චෙක් කරා තප්පෙකට හෙත්තුකරගෙන. පොලිසියෙන් හිතුවේ බෝම්බයක් කියල පව් ඉතින් පොලිසියේ රාළහාමිලා

    ReplyDelete
  24. ඇති ඔයිං ගියා...

    මට හිටපු හොඳ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ගේම් ගහලම ඔලුව අවුල් උනා... තාමත් ඒ ගතිය ටිකක් තියෙනවා ඒ ලමයට

    ReplyDelete
  25. @ අසරණයා : පොලිස් රාළහාමි ලා පණ දාගෙන චෙක් කරද්දී අසරණයා හිනා වෙවී ඉන්න ඇති...

    @ ලොකු පුතා : අපොයි දෙයියනේ..ඔළුව අවුල් වෙනකන් ගේම් ගැහුවා කියන්නේ ඉතින් නොකා නොබී ගේම් ගහන්න ඇති..

    ReplyDelete
  26. සයුරි අක්කා මට කිව්වේ නැනේ සීන් එක..... මන් ටක් ගාලා වැඩේ භාරගන්නවනේ

    ReplyDelete
  27. ඉන්න තැන මුලින්ම හිතුවනම් හරි.නැත්නම් ලොකු අවුලක්..

    ReplyDelete
  28. @ රහස් : අය්යෝ ඒකනේ...මට අමතක උනානේ අපේ රහස් පරීක්ෂකයා ව..

    @ දයානන්ද : ඒක නම් සහතික ඇත්ත...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට...

    ReplyDelete
  29. ඔහොමත් පිස්සෝ ඉන්නවා තමා... අපිත් ඉස්සර රෑ එළි වෙනකල්ම Age of empire ගහලා නිදාගත්තම හීනෙනුත් පේන්නේ නැව් වලින් ගිහින් ගහන ඒවයි, දුන්නෙන් විදින ඒවයි තමා. කොච්චර ඇබ්බැහියක්ද කිව්වොත් අපිට ඒකේ dialog පවා කටපාඩම් !!!

    වෙලාවට මිනිහා බැහැලා ගියේ. නැත්නම කූඩුවේ !!!

    ReplyDelete
  30. @ චතු : හෙ හෙ...ඔයාලත් මරු නේ...මටත් ඔය හීනෙන් පේන ලෙඩේ තිබ්බා ඉස්සර හේලෝ ගහද්දි...ඒවා හීනෙන් පේනකොට මටනම් හරි වෙහෙසකරයි...හැබැහින් වගේ නෙමෙයි...

    ReplyDelete
  31. කොලුවා ඊළඟ හෝල්ට් එකෙන් බැස්ස එක හොඳයි. එහෙම නැත්නම් වෙන්නේ පොලිසිය ගාව හෝල්ට් එකෙන් බැහැලා කූඩුව ඇතුළේ පාක් වෙලා පාර දෙක තුනක් ඇට මුං ඇට වෙන්න කන්න

    ReplyDelete
  32. @ හසිත : ඒක තමයි...ඇති යන්තම් එහෙමවත් මොළයක් තිබුණා මිනිහට...

    ReplyDelete
  33. ගේම් ගහන එකේ ආතල් එක ගහන් උතුමෝ මිසක් නොගහන උතුමාවියෝ නොදනිත්...හි හි හැබැයි පිස්සුවෙන් ගහන එක හොද නෑ පණ යන්න හිනා හලෝ අක්කේ හි හි

    මාත් ගේම් ගැහුවා හම්මෝ මිෂන් එකක් ඉවර කරගන්න බැරිව නිදාගන්න ගියොත් හීනෙන් පේන්නේ ඒක ඉවර කරන විදිය පහුවදා උදේම නැගිටලා ඒක ඉවර කරලා තමයි ඉස්කෝලේ ගියත් දැන් නම් හිතෙනවා මෝඩකම ගැන.

    දැන් තියෙන්නේ වෙන ලෙඩක් අප්පා දැං බ්ලොග් එකේ කොමෙන්ටු මැවිලා පේන්නේ....කාලය මැව් වෙනසක අරුමේ තමයි

    ReplyDelete
  34. @ ගැමියාගේ පත් ඉරුව : ඔව් ඔව්, මටත් ඉස්සර හේලෝ ගේම් එක හීනෙන් පෙනුනා..දැන් නම් ගේම් ගැහීම ඇනහිටලා..හැබැයි තාමනම් ඔයාට වගේ බ්ලොග් හීනෙන් පේන්නේ නෑ...:)) ලගදීම පෙනෙයි මටත් එහෙනම්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...