කම්මැලි කම කියන්නේ මුදලාලි කෙනෙක්ට නම් කොහෙත්ම නොතිබිය යුතු ගුණාංගයක්. ඒත් ඉතින් ඉඳල හිටලා එහෙම මුදලාලිලාත් ඉන්නවා. මේ කියන්න යන්නේ එහෙම කෙනෙක් ගැන.
මගේ යාළුවෙක් හිටියා (තාමත් ඉන්නවා) චාරු කියලා. අපි දෙන්නා කැම්පස් යන කාලේ එක බෝඩිමේ හිටියේ. බෝඩිම කැම්පස් එකට ටිකක් දුරයි. ඒ හරියේ තිබුනේ එකම එක කඩයයි. නැත්නම් කැම්පස් එක කිට්ටුවටම යන්න වෙනවා පොඩි බඩුවක් ගන්නත්. ඉතින් අපි දවසක් ඔය කඩේට ගියා "සම පෝෂ" ගන්න . ඒ දවස්වල ඉතින් ඒක තමයි අපේ ජාතික ආහාරය(පව් අපි).
කඩේ කවුරුවත් පේන්න හිටියේ නෑ. පඩිය උඩට නැග්ගම තමයි දැක්කේ මුදලාලි කඩේ ඇතුලට වෙන්න වාඩි වෙලා ඉන්නවා...අපි ඉතින් ටිකක් සද්දෙන් ඇහුව "අංකල් සමපෝෂ තියද?" කියලා. මෙයා උත්තර දෙන්නෙ නැතුව කල්පනා කරනවා ....අපිත් ඔහේ බලාගෙන හිටියා. අංකල් කිව්වට තද වෙලාද දන්නෙත් නැහැනේ . ඔන්න විනාඩියකට විතර පස්සේ උත්තරයක් ආවා....
"නැහැ මං හිතන්නේ"
එතකොට මුදලාලි දන්නේ නැහැ එයාගේ කඩේ සමපෝෂ තියද කියලා . ඔන්න එතකොට චාරු කට ඇරියා.
"පොඩ්ඩක් බලලා කියනවද?"
ඉතින් මුදලාලි බොහොම අමාරුවෙන් නැගිටලා පැයට මීටර් පන්සීයේ වේගෙන් ගියා රාක්ක තියන තැනට. එතන පොඩ්ඩක් අවුස්සලා බලලා අර වේගෙන්ම ඇවිත් කිව්වා...
"නැහැ තමයි"
අප්පා දැන් ඉතින් කැම්පස් එක ලගටම පයින් යන්නද, අපි ඉතින් තව ට්‍රයි එකක් දැම්මා.
මම: වෙන ඒ වගේ දෙයක්වත් නැද්ද? නෙස්ටම් වත්?
මුදලාලි : ම්.........ආ ...........රන්පෝෂ කියල එකක් නම් තිබුනද කොහෙද................
(මළ පැනපු) චාරු : ඒක පොඩ්ඩක් ගේනවද බලන්න
ඔන්න ඉතින් අර වගේම වෙලාවකට පස්සේ මෙයා ආවා රන්පෝෂ පැකට් එකකුත් අරගෙන. නිකන් අපිට ඕනවට වගේ තමයි ආවේ (හරිනේ ඉතින් අපිටනේ ඕන).
චාරු: මේක අළුතෙන් ද ආවේ?
මුදලාලි : හ්ම්
චාරු : මේ සයු, මේක කලින් කාල නැති නිසා ලොකු size එකක් ගෙනිහින් අප්සට් උනොත් අපරාදේ...
මම : හ්ම්
චාරු: අංකල් අපිට මේකේ පොඩි සයිස් එකක් දෙනවද?
අනේ අර මනුස්සයා ආපහු සැරයක් මැරෙන්න යන හරකා වගේ ගිහින් පොඩි සයිස් එකක් ගෙනත් දුන්නා. දැන් චාරු මේක එහෙට මෙහෙට කරකව කව බලනවා. මොන මගුලක් කරනවද මන්දා ගත්තනම් සල්ලි දීලා යන්නෙ නැතුව. ටික වෙලාවක් ඔහොම ඉඳපු චාරු ඔන්න අන්තිමට මෙහෙම කිව්වා....
"මේක සමපෝෂ තරම් හරි නෑ වගේ. අංකල් මේක තියන්න, අපිට එපා".
හප්පේ අර මනුස්සයා හිතපු ඒවා මට ඇහුණා වගේ දැනුනා. හැබැයි අපරාදේ කියන්න බෑ ඒ මනුස්සයා අපිට එරෙව්වේ වත් නැහැ (ඒකටත් කම්මැලි ඇති ෂුවර් එකටම). මම ඉතින් ඉක්මනට චාරුත් ඇදගෙන එලියට බැස්සා.
චාරු: හිකි හිකි...
මම: මොනාද හලෝ අර කරේ
චාරු: එහෙම තමයි හලෝ ඔහොම කම්මැලියොන්ට කරන්න ඕන
බොරු කියන්න ඕන නැහැනේ, ඊට පස්සෙත් අපි ඔය කඩේ පැත්තේ ගියා ඒ මනුස්සයව ටිකක් ඇවිද්දවන්න හිතුනම :)
හී හී.........
ReplyDeleteමරු මුදලාලියෙක් නේ.......
ආයි සමපෝෂ කඩේට ගෙන එකකුත් නැතිවෙයිද? හී හි...
අපොයි! ඔය වගේ කම්මැලි තවත් ජාතියක් තමයි සයිවර් කඩවල, මුස්ලිම් හෝටල් වල වේටර්ලා. උන් හරියට වැඩ කරන්නෙ අපි පිනට කන්න එනවා වගේ. නමුත් කියන්න ඕන. හැම වේටර්ම එහෙම නෑ.
ReplyDeleteඔහොම කම්මැලි වයසක පොරවල් ඉන්න කඩයක් තිබුනා නුගේගොඩ ප්‍රසිද්ධ ටියුෂන් පන්තියක් ගාව. ඒකට ලඟ තිබුනෙ ඒ කඩේ විතරයි.
කොහොම වුනත් අක්කලා දෙන්නා කම්මැලියටකරපු වැඩේ මරු!
මරු මුදලාලි කෙනෙකුයි කස‍්ටමර් කෙනෙකුයි. හොද වෙලාවට මුදලාලියාට ඉහටත් උඩින් කම්මැලිකම තිබ්බේ. නැත්නම් දෙන්නටම ඉලපොත අරගෙන නෙලන්න තිබ්බේ. හික්ස් :)
ReplyDelete@රහස් පරික්ෂකයා : හී හී...සමපෝෂ රන්පෝෂ දෙකම ගේන්න නැතුව ඇති...
ReplyDelete@විසිතුරු : සහතික ඇත්ත...ගොඩක් මුස්ලිම් කඩ ඔහොම තමයි. පිනට කන්න එනවා වගේ තමයි සලකන්නේ :) මෙයානම් වැඩිය වයසත් නෑ. 50 ක් විතර ඇති..
@මධුරංග : එයා ඔරවන්නත් කම්මැලි බව දන ගත්තට පස්සේ කිසිම දේකට බය වෙන්න ඕන නැහැනේ..හී හී ..."ඉහටත් උඩින් කම්මැලි කම" නියම වචනේ :)
ඔහොම මුදලාලිල මමත් දැකලා තියනව ආන් ඒකට සමහර අය.බලන්නකො බිස්නස් කරන හැටි.කොහොමහරි කඩේට එන කෙනාට වෙන දෙයක් හරි ඇගේ ගහනව.
ReplyDeleteමේ මුදලාලි නෝනා එක්ක වලියක් වත් දාගන හිටියද දන්නෙ නෑ.:)
අපිත් ඉස්සර හොස්ටල් ඉද්දි කන්නෙ ක්‍රීම් ක්‍රැකර්, සමපෝෂ,කොත්තුමී තමා.ජාතික ආහාරය වෙලා තිබ්බෙ.
@නදී : ඔයාට කියන්න මුදලාලිගේ නෝනත් ඔය වගේම තමයි:)..එයත් සමහර දවසට ඉන්නවා කඩේ..දෙන්නා වලි දාගන්නත් කම්මැලි ඇති අප්පා...
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ අර මදුරංග මල්ලි කිව්ව් කතාවම තමයි ..
ReplyDelete@Sanjaya : හී හී...පව් අනේ අපි
ReplyDeleteමම කලිං වැඩකරපු ආයතනයේ කැන්ටිමේ මුදලාලි ඊට හපන්. මිණිහා 12.30 වෙනකොට කෑම කනවා කොච්චර කස්ටමර්ස්ලා හිටියත්.
ReplyDeleteඒ ඔෆීස් එකේ හිටියා බුලත්විට කන කීපදෙනෙක්. ඒත් කැන්ටිමේ බුලත්විට නෑ. අපි දවසක් මුදලාලිට යෝජනාවක් දැම්ම මෙහෙම
"අයියේ බලන්න දැන් මේ ඔෆීස් එකේ විට කන අය ඉන්නවනේ, ඔයා බුලත්-පුවක් ටිකක් ගෙනල්ල විට හදල විකුණන්න. ඒකෙන් ලාභයකුත් තියනවානේ"
මුදලාලි ටිකක් කල්පනා කරලා කියනවා
"රාජ් මහත්තයා,... ඒ පැත්තෙ පුවක් තියනවා නේද? ගෙදර ගිහිං එනකොට පුවක් ටිකක් ගෙනත් දෙන්න බැරිද? එහෙම උනොත් වැඩේ පටංගන්න ඈකි"
ඇද්ද උන්දැගෙ උත්තරේ.
අපොයි මුදලාලිලා කම්මැලි වෙලා බැ. ටොයිලට් පේපර් නැත්නම් නො 2 වැලි කඩදාසියක් හරි දෙන්න ඕන.
ReplyDeleteනො2 වැලි කඩදාසි කියල ජාතියක් මම ඇහුවමයි.
ReplyDeleteඅපරාදෙ මුදලාලි කඩේ දැම්මෙ! මිනිහට තිබ්බෙ මාළු බාන්න යන්න.
මොනවා උනත් මුදලාලියට හොද පාඩමක් උගන්නලා තියෙනවා.. හරියට නිකන් බඩු නිකන් දෙන ගානටනේ මිනිහගේ වැඩ........
ReplyDelete@රාජ් : හී හී ඔයාට තිබුනේ "නෑ බුලතුත් අපිම ගෙනත් විට හදා ගෙන කන්නම්" කියන්න
ReplyDelete@අයි ටී නිශාන්ත: ඒක ඇත්ත..එයාලට තමයි නියම බිස්නස් කාරයෝ කියන්නේ :)
@ඉන්දික : නියම කතාව ඉන්දික :D
@දිනේෂ් : කියල වැඩක් නැහැ..කාටද ඉතින් ඔහොම කඩ වලට යන්න හිතෙන්නේ
පවු අනේ. නෝනගෙ කරදරේට කඩයක් දා ගන්න ඇති
ReplyDelete@චානක : සමහර විට එහෙම වෙන්නත් ඇති :D
ReplyDeleteහිහිහී... අන්තිමට මුදලාලි "සමපෝෂත් වෙන ඊට සමාන දේවල් වත් විකිණීමට නැත" කියලා බෝඩ් කෑල්ලක් එහෙම දැම්මෙ නැද්ද සහෝදරී.. :D අෆොයි මුදලාලිට දීලා තියෙන වදයක්.. :D
ReplyDelete@නන්දු : හී හී....මුදලාලිව ටිකක් ඇවිද්දවන එක එයාටත් හොඳයිනේ :)
ReplyDeleteමුදලාලි කඩේ වැහුවා කියන්නේ ඇත්තද.....
ReplyDelete@ඔබ නොදුටු ලොවක්.: හී හී...ඔයාට ඒක ආරංචි උනාද?
ReplyDeleteහික් හික්.
ReplyDeleteඅපේ කැම්පස් එකේ එක කාලෙක හිටිය මුදලාලියෙක්. මිනිහත් ඔය වගේ තමා. අපිට ඉතින් හැමදාම මල පනිනව, පෝලිම කිලෝමීටරයක් තිබ්බත් ඒකගෙ වැඩ ඉබි ගමනින්. ඉතින් අපිට කැන්ටින් එකෙන් කන එකත් මේක එපා කළා. :D
හැබැයි එක ආන්ටි කෙනෙක් ඉන්නව, පෝලිම වට රවුම් ගහල තිබ්බත් පට පට ගාල ඉවර වෙනව.
@මාධව : ඔය කියන ආන්ටි මුලින්ම හිටියේ ගොඩ කැන්ටිමේ නේද? ගුලෙත් හිටියා වගේ මතකයි. අනේ හරි හොඳයි එයානම්. තාමත් අපි ගියොත් අඳුර ගන්නවා...ම් මුදලාලි ගැනනම් මට මතකයක් නැහැ..
ReplyDeleteඔයාලත් නියම වැඩ තමා කරන්නේ. හැබැයි ඔහොම මුදලාලිලට බිස්නස් කරන්න බෑ. එක දවසක් කඩේට ආපු කෙනෙක් ආපහු එන්නේ නෑ. හරියට නිකන් බඩු දෙනවා වගේනේ එයා හැසිරෙන්නේ. පුදුම කම්මැලි කමක්නේ තියෙන්නේ. ඒත් ඔයාල මුදලාලිගේ කම්මැලිකම නැති කරන්න හදපු උත්සාහය නම් පින් අතේ වැඩක්.. හී..හී..
ReplyDeleteකියල වැඩක් නැහැ උදයංග...ඒ කඩේට මිනිස්සු ගියේ ළඟ පාත වෙන කඩයක් නැති හින්දාද කොහෙද...මේ චාරු හරි කැමතියි පින් අතේ වැඩ කරන්න :))
ReplyDeleteකම්මැලි මුදලාලි කෙනෙක්ගේ කතාවක් මාත් අහලා තියෙනවා. පොඩි කොල්ලෝ තුන් දෙනෙක් කඩේකට ආවලු පැණි කජු ගන්න. පැණි කජු බෝතලේ තියෙන්නේ උඩ රාක්කෙක නිසා මුදලාලි කම්මැලිකමට වෙන මොකක් හරි දෙන්න යද්දී කොල්ලෝ එපා කිව්වලු.
ReplyDeleteඉතින් මුදලාලි මුල්ම කොල්ලගෙන් මොනවද ඕනේ කිව්වම රුපියල් 2 ක් පැණි කජු කිව්වම උඩට නැගලා අරන් දුන්නාම අනික් එකෙකුත් කියනවාලු උටත් රු. 2 පැණි කජු කියලා මුදලාලි කොල්ලන්ට බැන බැන උඩට නැගලා අනික් එකාගෙනුත් ඇහුවලු උඹටත් රු.2 පැණි කජුද කියලා ඒ කොල්ලා නෑ කිව්වලු
අන්තිමට පහලට ඇවිත් උඹට මොනවද කොලුවෝ කිව්වම ඌ කියනවලු රු. 4 ක පැණි කජු කියලා :))
@ හසිත : හි හි...නියම පොඩි එකෙක්..මුදලාලිට මොනවා හිතුනද දන්නේ නෑ...එහෙම තමයි මුදලාලිලාගේ කම්මැලි කම යවන්න ඕන..
ReplyDeleteමුදලාලිට ගෙදර ප්‍රශ්න ද දන්නේ නෑ... කල්පනා කර කර ඉන්නේ..පව් අහිංසකයට කරදර කරලා....
ReplyDelete@ ලහිරු : මුදලාලිගේ නෝනා ත් ඊට දෙවැනි නෑ ලහිරු...භූමි දෝෂයක්ද දන්නෙ නැහැ :)
ReplyDeleteවිහිලුවට නෙවේ මේ අහන්නේ මන් දන්න ගොඩක් තරුණ ගෑනු
ReplyDeleteළමයි සමපෝෂ කන්න ආසයි . මේ අපිට නැති ආසාවක් ඇයි අනේ..?
හික්ස්..අයියෝ අපි ආසාවට නෙමේ කෑවේ. කැම්පස් ඉද්දි වෙන කන්න දෙයක් තිබුනේ නැති නිසා.
Deleteඕක ගැන කල්පනා කරද්දී මතක් උනේ මට අමතක
ReplyDeleteවෙලා ගියපු දෙයක්.මම ඉස්සර ඉඳන් හිටියේ හොයල බලන්න
ත්‍රීපෝෂ වල රෙසිපි එක ..( සමපෝෂ වල නෙවේ ලංකාවේ health මිනිස්ට්‍රියෙන්
දෙන ත්‍රීපෝෂ )
අනේ ඒක හොයාගන්න පුළුවන් උනොත් දාන්න සයුරි මැරෙන්න කලින්
ත්‍රීපෝෂ ගුලියක් කන්න ආසයි ...
හිහි...මටත් ත්‍රිපෝෂ කාපු කාලයක් මතක නෑ
Delete