Tuesday, December 27, 2011

මරුසිරා අක්කා



මගේ කැම්පස් ජීවිතේ මම හතරවෙනියට හිටපු බෝඩිම හැඳින්නුවේ "වලි බෝඩිම" කියලා. නම වගේ තමයි වැඩත්. ඒක අසූ හාර දාහට වලි යන බෝඩිමක් pirate. කොටින්ම කියනවනම් කැම්පස් එකේදි ලැබුන අත්දැකීම් සම්භාරේට වඩා වැඩි අත්දැකීම් ගානක් ඔය බෝඩිමේ දි ලැබුණා :) මේ වලි දිහා බලා ගෙන ඉන්න එකත් එක්තරා විදියක ආතල් වැඩක්. හැබැයි ඉතින් වලියට සම්බන්ධ නොවෙන තාක් විතරයි. කොනක් හරි ගෑවුනොත් නම් බඩුම තමයි, ආයේ ගොඩ එනවා බොරු. ගෙදර අයිතිකාරයොත් ඉන්නේ ටිකක් ඈත නිසා බේරන්න කවුරුවත් ඇත්තෙත් නැහැ.

මේ බෝඩිමේදි ත් මගේ කාමර සගයා උනේ මෙහෙමත් මුදලාලිලා කතාවේ හිටපු චාරු. තෝරු මෝරුන් ගේ වලි වලට යන්න බැරි නිසා අපි දෙන්නා හාල් මැස්සෝ දෙන්නෙක් වගේ පැත්තකට වෙලා ඔබ්සර්වර් මට්ටමේ තමයි හිටියේ. මොකද මේ බෝඩිමේ වැඩි හරියක්ම හිටියේ රස්සාවල් කරන අක්කලා. කැම්පස් ළමයිට හිටියේ අපි දෙන්නයි, තව යාළුවෙකුයි (ඉෂ්), ඔය මාතෘකාවේ ඉන්න මරුසිරා අක්කයි විතරයි.

මරුසිරා අක්කා ගැන කියනවනම් එයා තනියම කාමරේක බොහොම හයි ලෙවල් එකෙන් තමයි හිටියේ. පොදු භාණ්ඩ පරිහරණයක් ඇත්තෙම නැහැ. එයා වැරදිලා හරි හිනා උනොත් එදාට හම්බන්තොට ට වහිනවලු. බාත් රූම් එකට ගියොත් පැයකින් මෙහා එන්නේ නැහැ. හැබැයි අපේ අනිත් අක්කලා ටික නිකන් ඉන්නෙත් නෑ. එයා එනකන්ම දොරට මල්ටි බැරල් එල්ල කරනවා. ඊට පස්සේ දොර බිත්තියේ හැපෙන්න ඇරගෙන එලියට එන මරුසිරා අක්කා මල්ටි බැරල් වලට වඩා දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරනවා දොර වටේ රැස් වෙලා ඉන්න සභාව ට angry. හොඳම වැඩේ කියන්නේ බෝඩිමේ ඉඳපු "ඩිල්" අක්කා   මරුසිරා අක්කා ගේ ලෙක්චරර් කෙනෙක් ලු. හැබැයි ලෙක්චරර් කියල නෑ අනිත් අයට බනින විදියටම තමයි එයා "ඩිල්" අක්කා ටත් බැන්නේ.


මරුසිරා අක්කට යාළුවො නම් හිටියෙම නැති තරම්. අළුතෙන් බෝඩිමට ගියපු මම, චාරු, ඉෂ් ඇරෙන්න අනිත් හැමෝම එයා එක්ක අවුලෙන් හිටියේ. දවසක් මහ රෑ මරුසිරා අක්කා මර බියෙන් කෑ ගහනවා ඇහිලා නිදිමතේ ම මොකද බලන්න ගියෙත් මම විතරයි. හැබැයි ඉතින් ගියපු මෝඩ කම මට තේරුනේ

ඇඳ උඩ නැගගෙන හිටපු මරුසිරා අක්කා, "අනේ නංගි මකුළුවෙක්" කියල  කිව්වහම :-|

සිංහල භාෂාවේ ශුද්ධ වචනත් මතක් උනා ඒ වෙලාවෙනම්. (ආ.. ඒවා වැඩි හරියක් ඉගන ගත්තෙත් මේ බෝඩිමේ හිටපු කාලේ තමයි. අක්කලගෙන් නම් නෙමෙයි. එහා ගෙදර අංකල් ගෙන්. ඒවා පසුවට :). ඇයි යකෝ..හොරෙක් වත් පනින්න ඕන එච්චර සද්දෙට කෑ ගහන්න frustrated.


මේ බෝඩිමේ අමාරුම කාරිය වෙලා තිබුනේ ඉස්සරහ දොරේ යතුර පරිහරණය කිරීම. කවුරු හරි බෝඩිම ඇතුලේ ඉන්නවනම් දොර ඇතුලෙන් යතුරු දාගෙන නේ ඉන්නේ. ඉතින් ඔය අතරේ තව කෙනෙක් ආවොත් ඇතුලේ ඉන්න කෙනා දොර අරින්න ඕන. හැබැයි ඇතුලේ ඉන්න කෙනා මරුසිරා අක්කා උනොත් නම් කොච්චර තඩි බෑවත් දොර නම් ඇරෙන්නෙ නැහැ. එදාට ඉතින් ගිනි වලි. ඕකම අනිත් පැත්තටත් උනා ඉතින්. කට්ටියම එකතු වෙලා මරුසිරා අක්කව එළියේ තියපු වෙලාවල් අනන්තයි. හැබැයි මායි චාරුයි මේ විකාරේ බලන් ඉන්න බැරුව ඩුප්ලිකේට් යතුරු දෙකක් කපා ගත්තට පස්සේ අනිත් අයත් ඒක අනුගමනය කරපු නිසා ඊට පස්සේ යතුරු වලි නැවතිලා ගියා.

කොහොම උනත් මේ බෝඩිමේ තිබුණ අසමගිය නම් අඩු උනේ නෑ. අන්තිමේදී ඔය අසමගිය පුපුරලා ගියේ බෝඩිමේ වැසිකිලියෙන්. කවුරුවත් ඉදිරිපත් උනේ නෑ ඒක සුද්ද පවිත්‍ර කොරන්න. අනිත් අයට බැරිනම් අපි මොකට කරනවද කියල තමයි කවුරුත් හිතුවේ. දැන් ඉතින් එන්න එන්නම ඒකෙ තත්වේ අසාධ්‍ය වෙනවා. පුදුම වැඩේ කියන්නේ අච්චර පොෂ් එකට හිටපු මරුසිරා අක්කත් ගානක් නැතුව ඕක පාවිච්චි කරපු එකනේ.


ඉතින් මේ වැඩේ හරි යන්නේ නැති නිසා කට්ටිය එකතු වෙලා (මරුසිරා හැර) අකාරාදී පිළිවෙලට (නෑ නෑ Aකාරාදී පිළිවෙලට) නම් ලිස්ට් එකක් හදලා ගැහුවා දොරේ. දැන් ඉතින් නම් ලිස්ට් එකේ පිළිවෙලට සතියට සැරයක් පිරිසිදු කිරීම කරන්න ඕන. අනේ අපේ චාරුවා තමයි මුලින්ම ඕකට අහු උනේ. නහයෙන් අඬ අඬ එයා උඩින් පල්ලෙන් වැඩේ කරලා නම ඉස්සරහින් කතිරෙකුත් දාලා ආවා whew!. ඊට පස්සේ "ඩිල්" අක්කා. එයානම් බ්ලිචින් පවුඩර් වගයක් දාලා ලස්සනට වැඩේ කරලා තිබුණා. ඊ ලඟට ඉෂ්. ඔය විදියට සති කීපයක් කිසි අවුලක් නැතුව වැඩේ ගියා. ඊට පස්සේ බලද්දී මේක ආපහු අපිරිසුදු වේගෙන එනවා. සේදෙන පාටක් නැහැ. බලනකොට මරුසිරා අක්කා තමයි ලිස්ට් එකේ ඊ ලඟට ඉන්නේ. සතියක් බැලුවා. දෙකක් බැලුවා. ම්හු..වැඩේ හරි යන්නේ නැහැ.

ආපහු සභාව රැස් වෙලා මරුසිරා අක්කව අල්ලගත්තා.

ඉෂ් : මරුසිරා අක්කේ ඔයා දැක්කේ නැද්ද ලිස්ට් එකේ ඊ ලඟට ඉන්නේ ඔයා කියලා
මරුසිරා : මට වැඩ තිබුණා හරියට...කරන්න උනේ නැහැ..
ඩිල් අක්කා : ආ..එහෙනම් මේ වීක්‌ එන්ඩ් එකේ සෝදලා තියන්න
මරුසිරා : මට කැතයි අනේ worried
ඊට පස්සේ එතන උද්ගත උන තත්වේ ගැන මම කියන්න ඕන නැහැනේ not listening  . මායි චාරුයි කාමරේට රිංගලා දොර වහ ගෙන දොරට කන තියාගෙන හිටියා :) අන්තිමේදී වීක් එන්ඩ් එකේ වැඩේ කරන්න මරුසිරා අක්කා එකඟ වෙනවා ඇහුනා. හැබැයි ඉතින් ඒ වීක් එන්ඩ් එක එන්න කලින් දුම්මල ගහලාවත් බෝඩිමෙන් යවාගන්න බැරි (ඩිල් අක්කා කියන හැටියට) මරුසිරා බඩුත් පැක් කරගෙන බෝඩිමෙන් අයින් වෙලා ගිහින් තිබුණා.

ඉතින් ඔයාලා හිතනවා ඇති ඊට පස්සේ බෝඩිමේ වලි නවතින්න ඇති කියලා. හපොයි නැහැ :)

48 comments:

  1. තාම කියෙව්වෙ නෑ, ආයෙ එන්නං කියවන්න.

    ReplyDelete
  2. ඔය වගේ කක්කා කේස් එකක් හිටියොත් ඉතින් සොරිම තමයි...

    ReplyDelete
  3. හික් හික්.. වලි කොතනද මම එතන.. :D

    ReplyDelete
  4. අපොයි ඉතින් ඕක කරන්න පුලුවන්ද..මමත් හිටියනම් ඒ බෝඩිමේ අකුලගෙන යනවා..:D

    ReplyDelete
  5. හපොය්, බාත් රූම් සුද්ද කරන එක තමා මොන බෝඩිමෙත් වලිවල මුල..ඔය වගේ ඩයල් හිටියම බෝඩිමම චාටර් වෙනවා..මරු කතාව...

    ReplyDelete
  6. ආපෝ ගෑණු ළමයිනුත් ඔහොමද මං හිතුවෙ උංවත් පිරිසිදුව ඉන්නවා ඇති කියලා

    ReplyDelete
  7. හොද වෙලාවට මම බෝඩිම්වල ඉදලා නැහැ :D

    ReplyDelete
  8. මරුසිරා නෙමේ කක්කාසිරා & මං ඇග්රි විත් නරකයා

    ReplyDelete
  9. මරු සිරා අක්කට එතකොට මළමූත්‍ර කරන්න කැත නැතිව ඇති හෙහ් හෙහ්....

    @ ඔබා - මොකද නම් ලකුණු කරන්නෙ නෑ මෙතැන. :)

    ReplyDelete
  10. අම්මෝ මටත් පේන්න බෑ බෝඩිම් ජීවිතේ නම්. හොද වෙලාවට මට බෝඩිමක ඉන්න වුනේ නෑ.

    ReplyDelete
  11. මරුසිරා අක්ක කක්ක කරලත් සෝදන්නෙ නැද්ද දන්නෑ!හික්.

    ReplyDelete
  12. කෙල්ලන්ගෙත් තියෙනවද කක්කා කතා?

    ReplyDelete
  13. හප්පේ මාර වලි පොට් එකකනේ ඉදලා තියෙන්නේ...අන්තිමට මොකද උනේ ආයිත් A ඉදන් කිලීන් කරන්න පටන් ගත්තද...

    ReplyDelete
  14. ඇති ඔයින් ගියා... තව ටිකෙන් බෙල්ලත් නැතුව තමයි එන්න වෙන්නේ අක්කාට.. හික් හික්...

    ReplyDelete
  15. @ Outsider,
    ඇඩෝව්...කව්ද ඩෝව්... 'මරු ඔබා' අය්යට පල් පාට් දාන්නෙ?

    ReplyDelete
  16. 'මරුසිරා'අක්ක නමේ තරමට වැඩ කාරියෙක් නෙමේ වගේ, මකුළුවන්ටත් බය නං....

    ReplyDelete
  17. ඇනෝ ඇවිල්ල දාපු සද්දෙට පිටස්තරය බය වුනා වගේ...හෙහ්...හෙහ්...

    ReplyDelete
  18. අපොයි.... මටත් ඔහොම වැඩනම් වෙලා තියෙනවා.සමහරු හෝදන්නෙ බාගෙට බාත් රූම් එක හෝදන්න කීවම. එතකොට එයා ඉතුරු කරපුවත් අපිට.

    ReplyDelete
  19. මට කේන්ති ගියා මාරු සිරා එක්ක.අපේ බෝදිමේත් හිටිය ඔයවගේ උන් නම මාරු සිරා වුනාට වැඩ ලමකයිනේ

    ReplyDelete
  20. හෆොයි හෆොයි......අපේ ගෙදරත් බෝඩිමක් තියන නිසා මම දන්නවා කොහොමද බෝඩිම් වලිවල තත්වේ කියලා.....

    ReplyDelete
  21. @ Observer : හොඳා හොඳා...කිව්වා වගේම ආපහු ඇවිත් තියෙන්නේ :) අපෝ එයා අනිත් අයට පාට් දැම්මට මකුළුවෝ එයාට පාට් දානවා නේ...

    @ සෙන්නා : ආයෙත් අහලා...හොඳ වෙලාවට අස් වෙලා ගියේ..

    @ වර්ණා : නියමයිනේ...ඔයා ඉන්න තිබුනේ අපේ බෝඩිමේ :))

    @ සිත්රූ සිහින : අයියෝ අපිටත් හිතුනා ඒකෙන් යන්න...ඒත් එතන කැම්පස් එකට මාර ලඟයි..නියම තැන...

    @ රූ : ඒකනම් ඇත්ත..බාත් රූම් එකෙන් තමයි වලි උපදින්නේ..ස්තුතියි රූ මේ පැත්තේ ආවට...

    ReplyDelete
  22. @ නරකයා : හික් හික්...හැබැයි සාපේක්ෂව බැලුවොත් පිරිසුදුයි මම හිතන්නේ :)

    @ චම්මා : බෝඩිමක ඉඳලම බලන්න ඕන මල්ලි..:)

    @ ජීනියස් : ඔන්න ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා...හි හි නියම නමක් නේ ඔයා යෝජනා කරේ :)

    @ ``` Outsider```: ඒකනේ කියන්නේ...එතන ගියපු වලියේ කට්ටිය එයාගෙන් ඕක තමයි ඇහුවේ..:)

    @ බට්ටි : එහෙනම් හොඳයි..හැබැයි හොඳ බෝඩිමක් අහු උනොත් නම් ෆන්...

    ReplyDelete
  23. @ රාජ් : ඒකම තමා අපිටත් තිබුණු ප්‍රශ්නේ..හි හි...ස්තුතියි රාජ් මේ පැත්තේ ආවට

    @ කතන්දර : ඉඳල හිටලා තියනවා මන් හිතන්නේ :)) ස්තුතියි කතන්දර මේ පැත්තේ ආවට...

    @ ඔබ නොදු‍ටු ලොවක් : හපොයි ඒ හතර වටේට තිබ්බ ගෙවලුත් වලි පොට් තමයි...අනේ මන්දා මොකද කියලා..අන්තිමට ඉතින් ලිස්ට් එකේ ඊ ළඟ එක්කෙනා වැඩේට බැස්සා :)

    @ ලහිරු : ආයෙත් අහලා...එසේ මෙසේ කස්ටිය නෙමේ ඒ බෝඩිමේ හිටියේ..

    @ Anonymous : ඒකනේ අප්පා බලන්නකෝ :)

    ReplyDelete
  24. @ නිසුපා : ඒකනේ...එහෙම වෙනකොට එපා වෙනවා...කාලෙකින් නිසුපා දැක්කේ :)

    @ අසරණයා : ඔව් අනේ..එයා මරුසිරා පාට් දාන්නේ අපිට විතරයි..

    @ කෝඩුකාරයා : හප්පේ...ඔයාලට කනක් ඇහිලා ඉන්න නැතුව ඇති..ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා පහන්යාය ට.

    ReplyDelete
  25. මෙහෙමත් කෙල්ලෝ ඉන්නවාද අප්පා අහ්ම් අහ්ම් කෙල්ලෙක් බලන්න මනමාලයෙක් යනවානම් ගෙයි කුණු මුල්ල පමණක් නොව වැසිකිලියද පරික්ෂා කර බැලීම මැනවි...

    කෙල්ලෝ කෙස්වලු පටලෝගත්තාම කොල්ලොන්ට හපං මැරුණත් මුං ගේම අතාරින්නෑ මම හොදට දැකලා තියෙනවා අපේ පන්තියේ වලි එහෙම.මුං ඉස්කෝලේ එන්නේ එළවළුත් උස්සන් දවසක් මුං තක්කාලි ගෙනැල්ලා එව්වා ගහගෙන අන්තිමේ වලිය බේරුවේ කෙල්ලක්ව වෙන පන්තියකට මාරු කරලා.හි හි මතක් වෙද්දි හිනා යනවා

    අක්කේ කථා ටික පට්ට ඈ දිගටම ලියමූ.මේ මගේ ෆස්ට් විසිට් එක.ජය වේවා....

    ReplyDelete
  26. @ ගැමියාගේ පත් ඉරුව : ගැමි මල්ලිව සාදරයෙන් පිළිගන්නවා පහන්යාය ට..ඒක හරි, ඔන්න ඔයා මේක මතක තියා ගන්න කවදාහරි මනමාලියෙක් බලන්න ගියොත් :)හප්පේ තක්කාලිත් ගැහුවද..අපේ බෝඩිමේ තක්කාලි නොතිබ්බ එක හොඳට ගියා..

    ReplyDelete
  27. මම නම් එහෙම කෙල්ලක් ගැන ඇහැවුවාමයි මම මෙතුවක් කාලෙකට හිතාන උන්නේ කෙල්ලන් යනු මේ ලෝකේ ඉන්න පාරිෂුද්ධම සත්ව කොට්ටාසය කියලයි .

    මට විස්වාස කරන්නත් අමාරුයි ..

    ගැමියා කියූ කතාව නම් සහතික ඇත්ත

    ReplyDelete
  28. @ හිස් අහස : හප්පේ..ඔයා පටලවගෙන නේ සඳරු මල්ලි...:) පාරිශුද්ධ සත්ව කොට්ටාශය නම් කෙල්ලෝ තමයි :ප..හැබැයි කට නොඅරින තාක් විතරයි...

    ගැමියා වගේ ඔයත් එහෙනම් මතක තියාගන්න මනමාලිගේ ගෙදර පරික්ෂා කරන්න ඕන දේවල්..:)

    ReplyDelete
  29. මරුසිරා අක්කා ගියාට පස්සේ ඊලඟට ලිස්ට් එකේ හිටියේ කවුද? :D

    ReplyDelete
  30. @ පොඩ්ඩි : හි හි...මම නෙමෙයි කියලනම් හොඳටම සුවර් :))

    ReplyDelete
  31. අප්පට සිරි... මුන්ට ටොයිලට් යන්න හොඳයි, හෝදන්න නරකයි.. :PP

    ReplyDelete
  32. @ අයිස් : හෙ හෙ...අනේද කියන්නේ :)

    ReplyDelete
  33. අඩේ දවස ගානේ හෝදන්න දෙන්න තිබ්බේ. මොකෑ ඒ තරමටම මරු සිරා අක්කෑ ගෑස් !!!
    මරු සිරා අක්කගෙන් පස්සේ සයුරි අක්කද වලි දැම්මේ ? හික්ස් :)
    කාලෙකට පස්සේ තමා පෝස්ට් එකක් කියවන්න එන්න උනේ.

    ReplyDelete
  34. @ මධූ : ඒක නේන්නම්..හොඳටම බිසී වගේ දැන් ළමයට..පව් අප්පා..

    ඊට පස්සේ වලි දැම්මේ බෝඩිමේ අයිතිකාර ඇන්ටි..:))

    ReplyDelete
  35. අක්කේ වලියකට එයාව සෙට් කරගන්න ඇහැකි වෙවිද???? හි හි මරු යාළුවෝ ඉන්නේ අක්කට

    ReplyDelete
  36. @ රහස් : වලියකට සෙට් කරගන්න නම් කියාපු එක්කෙනෙක් තමා :) මරු දත් අහලා...

    ReplyDelete
  37. පිරිසිදු නොකරන කෙනා එහෙමත් නැත්නම් වැඩියෙන්ම අපිරිසිදු කරන කෙනා මුලින්ම බෝඩිමෙන් එළියට ඇදල දැම්ම නම් වැඩේ එතනින්ම ගොඩ.

    ReplyDelete
  38. @ දයානන්ද රත්නායක : :) අන්තිමට මේ වැඩේ වෙනකන්ම ඒක කරන්න බැරි උනානේ...දුම්මල ගැහුවත් යන්නේ නැති විදියට හිටියේ...

    ReplyDelete
  39. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  40. මට මාරු සිරා අක්කගේ පෝස්ට් එක මිස් වෙලා තිබිල දැන් දැක්කේ
    මේ වගේ අය එක්ක එකට බෝඩින් වල ඉන්න ලැබෙන එකත අවාසනාවක්
    එයා බෝඩිමෙන් ගියපු එකනම් හොඳයි
    ඒත් මට හිතෙන්නේ ගෑනු ළමයින්ට එකට බෝඩින් වල ඉන්න ටිකක් අමාරු ගතියකුත් තියෙනවා කියල තමයි
    කොල්ලෝ ටිකක්නම් මේ තරම් ප්‍රශ්න දාගන්නේ නැතුව ඉන්නවා :)

    ReplyDelete
  41. @ ලොකු පුතා : ඒ කතාව මාත් පිළිගන්නවා..ගෑණු ළමයි ගොඩක් දේවල් (පිරිසුදු කම වගේ) ගැන ගොඩක් හිතන නිසා මෙහෙම ප්‍රශ්න වෙනවා..කොල්ලන්ගේ බෝඩින් වලනම් කවදාවත් ඔහොම දෙයක් උනා කියල මම අහල නෑ...එයාලා කවදාවත් හෝදන්නේ නැද්ද දන්නේ නැහැ :))

    ReplyDelete
  42. නැහැ නැහැ සයුරි
    ඔයා මේක වැරදියට තේරුම් අරගෙනනේ
    කවුරුත් කරනකල් බලන් ඉන්නේ නැතුව, ඒ වගේම පංගු පේරුවක් නැතුව කවුරුහරි කරනවා පිරිමි බෝඩිම් වල
    එහෙම නැත්නම් අර වගේ ලිස්ට් එකක් දැම්මත්, කරදරයක් නැතුව හැමෝම වගේ ඒක අනුගමනය කරනවා
    පස්සේ පස්සේ හිටපු බෝඩිම් වල ඒ වගේ වැඩවලට වෙනම අය හිටපු නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ
    දැනුත් එහෙමයි, මනුස්සයෙකුට ගානක් දීල බෝඩිමේ පිරිසිදු කිරීම් කටයුතු කර ගන්නවා
    ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ

    ReplyDelete
  43. @ ලොකු පුතා : ෂා...හරි හොඳ ළමයි ටිකක් නේ..මම නම් එහෙම හොඳ පිරිමි ළමයි ටිකක් ගැන ඇහුවමයි ඕන් :) අනේ, අපිට හිටියේ නෑ නේ එහෙම ගානක් දීලා කරවගන්න කෙනෙක්..

    ReplyDelete
  44. aiyyoooo oyala toilet hodannath maragenane akki....mokadda appe apinam hithuwe kello pirisiduwata innawa kiyalane...balan giyama api hodai!!!!!

    ReplyDelete
  45. @ එල කොල්ලෙක් : හෝව් හෝව් මල්ලි, පටලවගන්න එපා ඉතින් :) මරුසිරා අක්කා විතරයි අපිරිසුදු...අපිනම් එහෙම නැහැ හි හි

    ReplyDelete
  46. මරුසිරා අක්කා කක්කා ඩැඩනෙ කරල තියෙන්නෙ.අන්තිමට පැනල ගියා හොර ගෙඩියා......

    ReplyDelete
  47. @කනමදයා : ඒකනේ..හොඳවයින් හොර ගෙඩියෙක්..ඔයාව මෙහාට සාදරයෙන් පිලිගන්නවා කණමදයා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...