Tuesday, January 31, 2012

එම්බා මැති සඳ











බන්දා ජය දද
පෙන්නා ඔද තෙද
නංවන සිහ නද
එම්බා පින් කඳ,

සිනහව පොදි බැඳ
මැන මැන දෙන සඳ
පතුරන ජය නද
මිසදිටු ජන කඳ,

අදරැති මැති සඳ
සිරි සර විඳ විඳ
මතු මහලට වැද
ජය පැන් බොන සඳ,

කරදර පොදි බැඳ
ඔහු වෙත යන සඳ
කරමින් ගොර නද
රිදවයි උන් හද

"ආධාරෙට විද
තොප හට මඳ මඳ
දුන්නා මදිවද
නොහදව් මට පද "

හිරු තරු සහ සඳ
අප හට නැති සඳ
මේ අපෙ මැති සඳ
මොනව කරන්නද?

"එම්බා පින් කඳ
අහිතක් නැත හද
අපි හෙට මෙන් අද
ඔබටම දෙමු හද"

62 comments:

  1. කොච්චර රැවටුනත් අපි හෙට මෙන් අද ඔබට දෙමු හද..

    ReplyDelete
    Replies
    1. පරම සත්‍යය තමා අසරණයෝ..

      Delete
  2. නියමයි වගේ කවි ටික

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එල කොල්ලෙක් :)

      Delete
    2. එල කොල්ලෙක් ! හරක් හොරෙක් !

      Delete
    3. @ ඈනෝ-ලා.ම.ඈ.ඕ

      Delete
  3. වරෙල්ලකො දෙන්ඩ..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි සේනාට කේන්ති ගිහිල්ල තියෙන තරම.. බයත් හිතෙනවා.

      Delete
    2. කේන්ති යන්නැද්ද මචන්.. කාලකන්නි අපිව අන්දන ඇන්දිල්ලට,,,,

      Delete
    3. ඒකනේ සෙන්නා..මෙහෙමත් අන්දන සිරිතක් තියනවද..

      Delete
  4. මුහුණ පිරෙන්නට තරගත්තු සිනහවින්
    දෑත් එක්කරමින් සැමට සුභ පතමින්
    කුණු කාණු උඩින් හොද පිමි පනිමින්
    අපේ මංත්‍රීතුමා එනවා චන්දය ඉල්ලමින්...

    අක්කා ලියපු කවියේ තාලෙටනම් කොහෙත්ම ගැලපෙන්නේ නෑ මම ලියපු එකනම්..

    ReplyDelete
    Replies
    1. තාලෙ වෙනස් වුනාට මේ කවියත් හොඳයි

      Delete
    2. හප්පේ තාලේ වෙනස් උනාට මොකද..මේ තියෙන්නේ එල කිරි කවියක්..

      බොරු සිනහව යට කපටි කමත් ඇත
      එක් කළ දෑතේ ලේ තැවරී ඇත
      කානුවෙ තරමට ජරාව කා ඇත
      මන්ත්‍රී තුමාට කිසිම කැතක් නැත

      Delete
  5. දේවෝ වස්සතු කාලේන...සස්ස සම්පත්ති හෝතුච
    පීතෝ භවතු ලෝකෝච...රාජා භවතු ධම්මිකෝ

    ReplyDelete
    Replies
    1. අනේ මේකේ තියන දේ වෙනවා නම් :(

      Delete
  6. හෙහ්... රජ කතාව.. අර කියන්න වගේ උන් කරන්නෙ බොරුව කියලත් අපි දන්නව, දැන දැනත් ඡන්දෙ දීල උඩය යවනව.. අනෙක ඉතින් ඔතෙන්ට දැන් ඉගෙන ගත්ත මිනිස්සු ටිකක් යන්න ඕනෙ අප්පා.. මේ අටපාස් කබ්බො ගියාම හෙන වදේ, මට නම් දැන් උන්ගෙ ගොන් ආතල් බලලම ඇති වෙලා... අනෙක ඉතින් මේ කබ්බො ඉන්න කන් උගත් මිනිහෙක්ට ගිහිල්ල ඔතන වැඩක් කරන්නත් ලේසි නෑ, ඇරත් උගත් මිනිහෙක් කවදාවත් තමන්ගෙ රස්සාවල් දාල ඔතෙන්ට ගිහිල්ල චාටර් වෙන්න කැමති වෙනවැයි, ඊට වැඩිය හොඳයිනෙ කොම්පැණියෙන් දෙන පඩියයි වාහනෙයි තියාගෙන නිදහසේ රස්සාව කරගෙන ඉන්න එක.. කුණු නෑ.. මඩ නෑ.. කැම්පේන් නෑ.. ජය ශ්‍රී...!!!

    ප.ලි. මන්ඩිපාලගෙ සින්ඩියට සබැඳිය දෙනකොට පිංතූරෙ පේන්නැති ප්‍රශ්නෙ නිසා කේතයන් සංස්කරණය කලා, දැන් උත්සාහ කරල බලන්නකො. තිබූ දෝෂය පෙන්නල දීපු එකට ස්තූතියි, තව ගැටලු තියේ නම් ඊයක් විදින්න. පෙර තිබූ ගැටලුව දැනගෙන පැය කීපයක් ඇතුලත සංස්කරණය කරල ඊයක් විද්ද මම. පොඩ්ඩක් පරීක්ෂා කරල බලන්න.

    ReplyDelete
    Replies
    1. දේවෝ වස්සතු කාලේන...සස්ස සම්පත්ති හෝතුච
      පීතෝ භවතු ලෝකෝච...රාජා භවතු ධම්මිකෝ

      Delete
    2. ඒක ඇත්ත මන්ඩ්, උගත් මිනිස්සු මඩ වලට පනින්න කැමති නෑ...හදිසියෙන් හරි පැන්නත් මඩේ ඉන්න අනිත් එවුන් ඌ ට ඒ විදියට ඉන්න දෙන්නේ නැහැ...ඉතින් එයත් මඩ නානවා...මම බලන්නම්කෝ සබැඳිය ගැන..

      Delete
  7. හපොයි මේ කියන්නේ කා ගැනද? කවි ටික නම් ලස්සනයි. :D

    ReplyDelete
    Replies
    1. ටිපිකල් මන්ත්‍රී තුමාලා තමා පොඩ්ඩි..හි හි

      Delete
  8. "ආධාරෙට විද
    තොප හට මඳ මඳ
    දුන්නා මදිවද
    නොහදව් මට පද "

    හෙ හෙ.. ඇත්ත කථාව. නියම කවි ටික අක්කියෝ,.

    ReplyDelete
  9. මරේ මාරු... සදාකාලික සත්‍යක්.. :D

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයිස් නංගි, මේක සදාකාලිකයි..

      Delete
  10. චන්දය ලග වෙද
    ඔහු එනවා අද
    ආදර මැති සඳ
    පිලිගමු වැඳ වැඳ


    ගියවර බැරි වුවත් අපහට සලකන්ට
    මෙවරත් යවමු අපෙ පින්කද මැති සබට
    යැව්වත් නොයැව්වත් වන්නේ ලෙවකන්ට
    මොකක් උනත් අපි හැමදා අපෙ මැතිට .........

    ReplyDelete
    Replies
    1. //යැව්වත් නොයැව්වත් වන්නේ ලෙවකන්ට//

      හි හි...මරු මරු

      ලෙව කෑ නොකෑ කාටත් වෙයි දුක් වෙන්ට
      මැතිඳුන් උලා කෑ පොළවේ වැලලෙන්ට

      Delete
  11. නියම කවි ටික අක්කා.... නියමෙට ගැලපෙනවා.... :D

    ReplyDelete
    Replies
    1. හිහි...ස්තුතියි නිසූ..

      Delete
  12. ජොබයක් දෙන බවට
    ඔහු දුන්න පොරොන්දුවට
    පණයනකල් ඇවිද්දට
    නොමැත ලැ‍බුනේ මුකුත් අපහට

    ඥාති කම හන්දා
    අනේ අපි වැන්දා
    අපේ කම හින්දා
    සකලකාවී කියලා උන්දා

    අපෝ මට නම් බෑ සයුරි. පන ගියා මේක ගලපන්න. ඔයාගේ කවි නියමයී.කේ කියන්න දේවල් තිබුණට ඔය තාලෙට ගන්න බෑනේ.

    ReplyDelete
    Replies
    1. ෂා මරු නේ බට්ටි..

      හපොයි ඒ උන්දා
      වර වර ලඟට කැන්දා
      අපිට ගිනි බින්දා
      වැලේ වැල් නැහැ මෙවුන් හන්දා

      Delete
  13. එම්බා ගොන් කඳ
    …නිරතුරු දෙන වද
    …මොළයක් ඇති සඳ
    …නොලැබේ ජන හද

    …නියමයි , නියම කවි ටික අක්කේ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු මල්ලි..ඔයාගේ කවියත් මරු

      "බාවනවා අද"
      කිව්වොත් මැති සඳ
      මොළයක් තිබුනද
      උන් දෙයි ජන හද

      Delete
  14. ඔන්න තිත්ත ඇත්ත, ඒ උනත් ඊලග එකෙත් දෙනව.

    ReplyDelete
    Replies
    1. හරියට හරි Shaggy...ස්තුතියි..

      Delete
  15. කවි ටික කියවන් යදිදි මාව නිකන් හීතල වෙලා වගේ ගියා....
    ලස්සන කවි ටික...

    ReplyDelete
    Replies
    1. හනේ..සිහින ගේ කවිය ඩිලීට් කරලා නේ...ඒකත් ඇත්ත. නිකන් මොකටද ලේ කෝප කර ගන්නේ..:)
      ස්තුතියි...

      Delete
  16. ඕක ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් නේ !
    ඕන දෙයක් මතක තියෙන්නේ දවස් 14යි !

    කවි ටික නම් මරු ! පිකටින් එකකට අරන් යන්න තිබ්බා නම්....

    ReplyDelete
    Replies
    1. //පිකටින් එකකට අරන් යන්න තිබ්බා නම්//
      මෙයාටත් හිතෙන දේවල් :)

      සමහර මිනිස්සුන්ට දවස 15 ක් විතර මතක තියනවලු නේද? ;)

      Delete
    2. @ මදුරන්ග-හෙක් හෙක් මටත් හිතුනා ඕකම

      Delete
  17. නියමම කවි ටිකා!!! සුපිරියි අක්කේ!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතු නංගි :_)

      Delete
  18. හිකිස්.....පට්ට කතාව

    ReplyDelete
    Replies
    1. හි හි...ස්තුතියි තරූ :)

      Delete
  19. අපි හැමදාම කරන්නෙම ඕක නොවැ. රැවටීම,මුලාව,නිතරම වෙනව. ඒ නිසාම සසරත් දිගුකර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා..සසරේ කෙලවරක්නම් දකින්න වෙන්නේ නැහැ..

      Delete
  20. අනේ ඉතිං අපි කියල මොනා කරන්නද?! :(

    ReplyDelete
  21. කොච්චර වැරදි බව දැන දැනත් ආයේ වෙන්නෙත් ඕකමයි නේද අක්කෙ....

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා...දැන දැන ඒ වරද්දම කරනවා...

      Delete
  22. ඇත්ත කතාව අක්කේ.. ලස්සනට ලියලා තියනවා.

    මේ පැත්තෙ එන්නවත් වෙලාවක් නෑ අක්කෙ. අදහස් හිතේ තියෙනවා. වෙලාවක් හදාගත්තහම ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ආ..ඒකට කමක් නැහැ අපි වගේ මල්ලි..මුලින් ඔයාගේ වැඩ කරගෙන ඉන්නකෝ...පුළුවන් වෙලාවක එව්වත් ලියන්න..

      Delete
  23. "එම්බා පින් කඳ
    අහිතක් නැත හද
    අපි හෙට මෙන් අද
    ඔබටම දෙමු හද
    අපො ලොවෙත් දෙන්න එපා!!!

    ReplyDelete
    Replies
    1. ජනියා ව සාදරයෙන් පිලිගන්නවා. පහන්යාය ට. මම නම් දෙන්නේ නෑ අනේ..ඔය කස්ටිය දෙන්නේ ඒ උනාට :)

      Delete
    2. මේ ජනියා කියන්නේ රහස් පරීක්ෂකයා ද?? :0

      Delete
    3. හොව් හොව් අක්කෙ මන් රහස්...

      Delete
  24. "එම්බා පින් කඳ
    අහිතක් නැත හද
    අපි හෙට මෙන් අද
    ඔබටම දෙමු හද"

    හිනත් යනවා.... දුකත් හිතෙනවා....

    අන්තිම එකට කලින් කවියේ 'මොනව කරන්නද' කියන පදය හැර අනිත් ඔක්කොම පද මාත්‍රා 4 කොටස් දෙකක් විදිහට, එලිසමය රැකලා... හාස්‍යොත්පාදක විදිහට ලියලා තියනව... හැබෑම දක්ෂකමක්...

    ReplyDelete
  25. හිහි...ස්තුතියි තිසර..ඇත්තටම දුක හිතෙනවා නේද අපේ මිනිස්සු ගැන.

    මොනව කරන්නද කියන එක මාත්‍රා 4 4 කඩලා ලියන්න වෙන්නේ මොනවක රන්නද කියලා :) ඉතින් එහෙම ලියන්න බැරි හින්දා කියවනකොට එහෙම කියවගන්නකෝ :))

    තිසර කවි වලට ආසයි වගේ නේද. ඒකනේ පරණ කවිත් බලන්නේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...