රෝස මලෙන් රතු
පාට බිඳක් ගෙන
මාල පොටක් මම
හදලා දෙන්නම්
රෑක ඇවිත් සඳ
හැමට හොරෙන් නුඹෙ
ගෙල වට කර එය
බැඳලා යන්නම්
සාර සියක් මල්
රේණු ගෙනත් අපෙ
නිවහන මි අඹ
අත්තෙ තනන්නම්
කාර බැඳන් නුඹ
පුංචි පැලට මගෙ
තනිය මකන්නට
කැන්දන් එන්නම්
රෑට වැටෙන පිනි
ගෙට නොවැටෙන්නට
නෙලුම් පතෙන් මුතු
කුඩ ඉහලන්නම්
ඈත වනෙන් නෙක
මීරි මියුරු ඵල
නුඹේ ලඟට මම
ගෙනැවිත් දෙන්නම්
අපේ පැලේ පොඩි
පැටව් හඬන කොට
ගීත ගයා එය
සැමට කියන්නම්
මිතුරු කැලත් ළඟ
පාත ඉඳන් ගී
ආසිරි මල් දෙන
තාලෙ අසන්නම්
තෑගි අරන් නුඹෙ
නෑයො ඇවිත් යළි
රෑන සලා යන
පාර බලන්නම්
පුංචි එවුන් අපෙ
දොරට වඩින දින
නුඹත් එක්ක තුටු
කඳුළු සලන්නම්
හෙහ්..හෙහ්...ඔහොම තමා මුලදි කියන්නෙ
ReplyDeleteඅනේ බොරු නොකියා ඉන්ට...ඔබා+ඔබී අන්දරය ත් මේ වගේ තමා...හොඳයි නැද්ද මං අහන්නෙ
Deleteමොකද මේ එක පාට්ටම...
ReplyDeleteඅයියෝ නෑ මෙයා...මේ ටික එක පාරට නෙමෙයි, දෙතුන් පාරකට ලිව්වේ...:)
Deleteකවි ටිකනම් ලස්සනයි.මොකද හිතන්නේ ගිරවෙක් නැතුව සැළලිහිනියෙක් හැදුවොත්.
ReplyDeleteසැලළිහිණියෝ මාල දාන්නේ නෑ අනේ. :D
Deleteඔව් ඉතිං දැන් කාලේ ගිරවෙක්ගේ කරෙ තියෙන මාලයක්වත් පරිස්සම් කරගන්න බැහැ නේ.එකයි සැලෙක් ගැන කිවුවේ..හෙක්ස්... හික්..
Deleteඒකත් හැබෑ තමයි...ආභරණ දාන්නේ නැති එකෙක් හදා ගන්න බලන්න ඕන එහෙනම්..හි හි
Deleteඅනේ හරි ලස්සනයි. ජීවිත කාලයක පොරොන්දු ලස්සනට කියලනේ.
ReplyDeleteබොහොම ස්තුතියි පොඩ්ඩි...:)) කුරුල්ලෝ කොහොමත් හරි ආදරණීය කට්ටියක්නේ..
Deleteඈයි කුරුල්ලො විතරක් මිනිස්සුත් ආදරණීයයි
Deleteඅනිවාර්...
Deleteමට පේන්නේ සයුරි අක්කා ඉක්මනටම පුංචි එවුන් ටිකක් අරන් එන්න වගේ හදන්නේ.... සෝයි සෝයි...! මුල සිට අගටම තියෙනවනේ! ලස්සනයි!
ReplyDeleteඔන්න බලන්නකෝ ඉතින් මල්ලිත් හිතල තියන දේවල්.. හි හි...
Deleteලස්සන කවි කුට්ටි ටිකක්..
ReplyDeleteහි හි..ඇත්තටම කුට්ටි තමයි :) ස්තුතියි අමිල..
Deleteඅහිංසක සිහින සැබෑවේවා...
ReplyDeleteබොහොම ස්තුතියි විමුක්ති...
Deleteඔන්න මම නෙමෙයි ගිරවා තමයි කිව්වේ..:)
සයුරි අක්කාත් පැටව් ටිකක් අරන් එන්ටද යන්නෙ..
ReplyDeleteමොනවා වුනත් පිරිමි සතෙක් හොද පොරොන්දු ටිකක් දීලා වගේ...:))
මේ ගිරා කතාවක්නේ නංගි :) පොරොන්දු ටිකනම් හොඳයි තමා නේද..
Deleteඔබා කිව්වා වගේ ආරම්බය ඔහොම තමයි... පස්සේ එපා වෙනවා අයියෝ..
ReplyDeleteඔය ඔබා කියන ඒවාට අහු වෙන්න එපා අයියෝ...එහෙමයි කියලා ඔබා මාමත් කරේ ඕකමනේ..
Delete//පුංචි එවුන් අපෙ
ReplyDeleteදොරට වඩින දින
නුඹත් එක්ක තුටු
කඳුළු සලන්නම්//
:)
කවි ටික නම් ලස්සනට ගලපලා ලියලා තියෙනවා... හැබැයි ! තව මොකක් හරි තියෙනවා වගේ... අනේ මන්දා !!!
තැන්කු චතු :)..."තව මොකක් හරි" කිව්වේ මොකක්ද දන්නේ නෑ නේද..හ්ම්ම්
Deleteගිරවගෙන්ම තමා අහන්න ඕනේ !!!
Deleteඒකත් ඇත්ත...
Deleteසාර සියක් මල්
ReplyDeleteරේණු ගෙනත් අපෙ
නිවහන මි අඹ
අත්තෙ තනන්නම්
මම මේ ටිකට තමයි ආසම. හැබෑට අක්කා ගිරවෙක්වත් වුනාද? මේ තරම් ගිරා හිතක් ලියන්න.
ගිරව් ඉතින් ඔහොමනෙ බට්ටියෝ..එක දවසක් ගිරව් දෙන්නෙක්ගේ ලස්සන පින්තුරයක් දැක්කා..ආදරේ හිතෙන එකක්...අනේ ඒක හොයා ගන්න බැරි උනානේ පෝස්ට් එකට දාන්න..
Deleteකවි ටික කියවල කොමෙන්ටුවක් දාන්න හිතාගන්නකොටම දැක්කෙ උඩම තියන අපේ ලොකුඅයියගෙ කොමෙන්ටුව. ඉතිං හිත සම්පූර්ණයෙන්ම වෙනස්උනා. :)
ReplyDeleteඔය ලොකු අයියා එහෙම පිටින්ම මොත්තේ දාන්නේ...අහු වෙන්න එපා..හි හි
Deleteමොකෑ උනේ අක්කේ මේ නම් අක්කා වෙන්න බෑ බෑ වගේ කාගෙද හැබෑට මේ අදහස....
ReplyDeleteඅලේ ඒ මොකෝ ගැමි මල්ලි...මේ මම ම තමා..100% ක් ම :)
Deleteආ හරි හරි.... කොලු මනසකින් ලියලා තියෙනවා වගේ දැනුනු නිසා ඇහුවේ නියමයි ඈ
Deleteආ...ඒක මිසක් :) කොලු මනසකිනුත් හිතලා බැලුවා ඉතින්..
Deleteජීවිතේ සයුර ලග
ReplyDeleteනොසැලෙන නෞකාව ලෙස
ඔබත් එක්ක සයුරු රළ
අතරේ පිය නගන්නම්..
හරි ශෝක් කවි ටික අක්කේ.. කට්ටිය කියනවත් වගේ මොකද අද අමුතු වෙනසක්.....:)
සයුර සරන ඒ
Deleteසිත් නෞකාවට
පහන් ටැඹක් වී
පාර කියන්නම්
ස්තුතියි මල්ලි...මේ කට්ටිය සීතලට කියන කතා නේ :)
හරිම ලස්සන කවි ටික .මී අඹ වගේ රස කවි පද වැල් එකට අමුණලා.
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාට...වසිලිස්සා වත් ආදරයෙන් පිළිගන්නවා..ඔය නමට මම හරිම ආසයි..
Deleteඅයියා ඔහොම්මම කිව්වද අක්කෙ..... :O
ReplyDeleteහික් හික්..මේක කුරුළු වර්ෂන් එකක් නේ නංගා
Deleteඅනේ හොඳයි... පතනා ලෙසම එය ඉටුවේවා...!!!
ReplyDeleteඒක නෙමේ මට කියනවද මේකේ තේරුම..
"වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි..."
අමුතු ගතියක් තියනවා ඒකේ.. අද දවසෙම ඕකෙ මුල පද ටික මුමුණ මුමුණ හිටියෙ..
බොහොම ස්තුතියි...:)
Deleteඔය කවිය සෙන්නෝ, මම මුල්ම පෝස්ටුවට දාපු කවි වලින් එකක්..තේරුම මේකයි...
"වෙසෙස්" කියන්නේ විශේෂ/වෙනස් වූ කියන තේරුම.."වෙසෙස් සිතින් මිදෙන සිතුම්" කියන්නේ වෙනස් විදියේ සිතකින් එලියට එන සිතුවිලි...ඒ සිතුවලි වලින් පහන් වැට සරසනවා...පහන් වැට කිව්වේ ඉතින් මගේ බ්ලොග් එකට තමා...
"පහන් සිලෙන් ගලන කැලුම්" කිව්වේ ඒ දල්වපු පහන් සිළු වලින් ගලන ආලෝකය..ඒ කියන්නේ මේක ලිව්වම මට ලැබෙන දේවල් (නින්දා, ප්රශංසා, ඔක්කොම)..ඒ දේවල් මම පහන් සිතින් විඳලා සන්තෝස වෙනවා කියලා තමයි "පහන් සිතින් විඳ තුටු වෙමි" කියල කියන්නේ...:)
ආ..අන්තිම පදයේ තියෙන්නේ "පහන්" නෙමෙයි "පසන්" නේ...ඒ කියන්නේ "ප්රසන්න සිතින්" කියන එක :)
Deleteෂ්ඃ හරි අපූරු තේරුමක්නේ.. ස්තූතියි පැහැදිලි කරාට..
Deleteඔයාටත් ස්තුතියි :)
Deleteඅපුරු සිතුවිල්ලක්... සරලයි ඒ වගේම ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි ලොකු පුතා...සරල කවි ලියන්නත් ඔන්න මම උත්සාහයක් දැම්මා..
Deleteහරිම ලස්සන සෙනෙහසේ කවි මාලයක් අක්කේ..
ReplyDeleteලස්සන කුරුළු කැදැල්ලක ආදරණීය වටිනාකම..
පියඹන්න හිතුණා මටත්.. :)
ඔයාගේ කමෙන්ටුවත් හරිම ලස්සනයි..ඒකත් කවියක් වගේ..ස්තුතියි නංගි..
Deleteඅනේ ෂෝයි ගිරවයි ගිරවී :))
ReplyDeleteගිරව් ඔහොම තමා ලු වර්ණෝ :)
Deleteසයුරි අක්කා ගිරා පැටවු ටිකක් අරන් එන්න වගේ හදන්නේ.. :)
ReplyDeleteමේ දවස්වල ගිරව් ඇහැට දකින්නත් නෑ නේ නංගා..:)
Deleteහෙ හෙ.. මම කිව්වේ ඔය ගිරා ජෝඩුව ගිරා පැටවු ටිකක් එක්කන් එන්න හදනවා වගේ කියලා..
Deleteඅන්න ඒකනම් වෙන්න පුළුවන්.. :)
Deleteඅනේ..හරිම ලස්සනයි!!! ශෝයි කවිටික අක්කියෝ!!! ගිරා පැටව් හදන්නද යන්නෙ?? හික්ස්ස්... කියවද්දි මරු!!
ReplyDeleteහි හි...ගිරා පැටව් ඉන්නවනම් හොඳයි තමා...දැන්නම් මේ ලව් කේස් ලියන එක නවත්තන්න වෙනවා..හි හි.. තැන්කු හිතූ :)
Deleteඉතාම මිහිරි කවි පන්තියක්. නිසඳැසක් වගේ පෙනුනට සිවුපද කවියේ සියලු හැඩතල තියෙනවා. මාත්රා තුනෙන් තුනට වචන බිඳීම තුල දැනෙන රිද්මය කවියේ අරුත නැවත ප්රතිනිර්මාණය කරනවා.
ReplyDeleteජන කවියේ රිද්මය සහ භාෂාවත් යොදාගෙන තියන ආකරය අපූරුයි.
"සාර සියක් මල් රේණු ගෙනත්" "නෙලුම් පතෙන් මුතුකුඩ ඉහලන්නම්" වගේ යෙදුම් කවියට ගෙන දෙන්නෙ ලොකු ආලෝකයක්.
විශ්ෂ්ඨ නිර්මාණාත්මක හැකියාවක්.
බොහොම ස්තුතියි දයානන්ද අයියාටත් මේ ඇගයීමට...ඒක හරිම වටිනවා මට..මේ රිද්මය ට / විරිතට මමත් ගොඩක් කැමතියි..ඔබ කිව්වා වගේ ඒ බිඳෙන රිද්මය කවියට ලස්සනක් ගේනවා..
Deleteලඟදිම මේ බ්ලොග් එක දිහාවෙන් කිරි සුවඳක් හමයි වගේ !!!!
ReplyDeleteහමන සුළඟ කිරි සුවඳයි ගෙනාවේ
කිරි දරුවා ඔයඋකුලේ නැල උනාවේ
හදිස්සියට පද දෙකක් ලියා ගත්තා. වැරැදි තිබ්බට ගනන් ගන්න එපා !!!
හලේ..මමත් කරගත්ත දෙයක් :-| මේක මේ ගිරා සීන් එකක්නේ දරුවා...
Deleteඔය තියෙන්නේ මරු කවි පද දෙකක්..
මධු මල්ලියි මේ ආසිරි ගෙනාවේ
ඒ පින නුඹටත් ඇප්ලයි උනාවේ...
කම්පයිලේශන් එරර් කෙම් ඉන් දිස් මිනිට් !
Deleteඉට්z නොට් ඇප්ලිකබල් ෆෝ දිස් යුනිට් !
හි හී..ලෙට්ස් සී :))
Deleteමේව ලිව්වෙ ඔයා උනාට කියල තියෙන්නෙ නම් සයුරාද කොහෙද.....
ReplyDeleteඒකනම් නියම නම..සයුරා :)
Deleteසයුරා !!! සයුරී !!!
Deleteනියම නම් දෙක !! අඩේ මේකා එල කොල්ලෙක් නේ !
හිහ් හිහ්...
Deleteඅපි එහෙමයි
Deleteදෙමව්පියන් දුන් සැනසුම සිහිවිද
ReplyDeleteනුඹේ ළඟින් මම උනුහුම වෙන්නම්....
ඔය හිත දුක්බර කඳුලු රැඳෙන විට
මම නුඹෙ මුව අග සිනහව වෙන්නම්.....
ලස්සන කවි ගොන්නක් අක්කේ....ඒත් මොකක්දෝ වෙනසක් තේරුනා......
ඔයාටත් අමුත්තක් දැනුනද?...ඒ මොකක්ද අනේ :)
Deleteස්තුතියි කවියට..
හිනැහෙන නෙතු අග
කඳුලැලි මොකටද
ඔය හිත මා ළඟ
හැමදා ඇත්නම්
ශා........... කියන්න හදපු එක කමෙන්ට් එකක් නිසා වෙනස් උනා... අත්දැකිම් බහුල අය කියලා තියන කථා නිසා..
ReplyDeleteලස්සනයි අක්කෝ
තැන්කු දේවා මල්ලි...අත්දැකීම් බහුල කට්ටිය අපිව ඩිමෝටිවේට් කරනවනේ... ;)
Deleteඅර උඩ ඉන්න ගිරවා ගිරවිට කියන්නෙ මේකද... :D
ReplyDeleteහරිම ලස්සන කවි පන්තියක් සයුරි...
ඔව් ඔව්, උස එකා තමා ගිරවා :)) බොහොම ස්තුතියි...
Deleteඅනේ ඔබා අයියත් එක්ක මම එකගද මන්දා අක්කේ...හි හි..මුලදි ඔහොම තමා නේ කියන්නේ ;)
ReplyDeleteහා හා, ඒකට එකඟ වෙන්න ඔයාට තාම වයස මදි..දැනට මේ අපි කියන එව්වා පිළිගන්නකෝ :ප
Deleteඔයාගෙ පද ගැට ගහන ස්ටයිල් එක නම් මාරයි, ලස්සනයි මොකද ඔයා මේවා ලියන්නෙ හසල අවබෝධයෙන් නෙ...? හැබැයි අර පැටව් එකා දෙන්න වැඩි උනාම ඔය කියන සතුට පෑල දොරෙන් ඉගිලිලා යයිද දන්නෙ නෑ.
ReplyDeleteබොහෝම ස්තුතියි සැගියෝ...හසල අවබෝධයක් නම් තියද දන්නේ නෑ :) පැටව් වැඩි කල් කුඩුවේ ඉන්නේ නැහැ නේ...උන් දොරට වඩිනවා නේ..ඊට පස්සේ අර දෙන්නා ආපහු තනියම...
Deleteආදරේ තියෙනවනම් තනිවෙන්නෙ නහැ.............
Deleteමොනවා කිව්වත් පැටව් ටික යනවනේ කනමදයෝ :)
Deleteඒක නම් ඇත්ත සයුරි...ඒත් ආදරේ තියෙන නිසා අපි තනිවෙන්නෙ නැහැ.හිත තනි වෙන්නෙ නැහැ...:)
Deleteඅනිවාර්යෙන්...
Deleteලස්සන කවි පෙළක් . ඔයාට හොඳ හැකියාවක් තියෙනවා සයුරි .
ReplyDeleteබොහොම ස්තුතියි බින්දි අක්කේ...
Deleteහුරතල් පැටියෙක්
ReplyDeleteදොරට වඩින්නට
ඉක්මනටම
අපි පැතුම් පතන්නම් !!
හරිම ලස්සන කවි ටික ..ආදරේ ඉතිරෙනවා..
සිත් රූ ගේ කවියත් හරිම ලස්සනයි...බොහොම ස්තුතියි..
Deleteපැතුම් ගෙනා මේ
සිත් රූ කෙල්ලට
සුවඳති තුති මල්
මිටක් පුදන්නම්..
ආදරේ තේරෙන්නෙ ආදරේ විදපු හිතකටලු....ඒක ඈත්තද?
ReplyDeleteගිරවගෙන් අහුවනම් හොදයි වගේ
ආදරේ කරන හිත්වලටත් ඒක තේරෙනවා ඇති මම හිතන්නේ :)
Deleteඅත්දකීමක් නැ වගේ......සයුරි අක්කට
Deleteතියන නිසයි කිව්වේ :)
Deleteවිඳපු හිත්වලටත්, කරන හිත් වලටත් දෙකටම ආදරේ තේරෙනවා..
අම්මෝ අක්කෙ හෙනම ගති හොඳේ...........
ReplyDeleteතෑන්ක්ස් පිස්සා :)
Deleteමට නිහාල් නෙල්සන් මහත්තයගේ මේ සින්දු කෑල්ල මතක් වුනා.
ReplyDeleteලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සලලා
ආදරෙයි, ආදරෙයි කිය කිය ඉඳලා
මේ අර "ලස්සනට පිපුණු වන මල්" සින්දුවේ කෑල්ලක් නේද පුබුදුවෝ..ලස්සන සින්දුවක්
Deletemama kasada bandala ban
ReplyDeletedan pama wadi
හයියෝඕ....
Deleteඅලේ... සයුරි අක්කට සයුරි අයිය කියපු කවියක්ද කොහෙද...? හැක්... හැක්... පට්ට ලස්සනයි ඈ... මේක කියවද්දි අර නන්දා මාලිනියන්ගෙ සිංදුවක් මතක්වුනා...
ReplyDelete“ ගාට ගාට ඇවිදින්..
ඇස් දෙක වහලා හිනාවෙන්න..
ආදරේට කොනිත්තලා
පෑල දොරින් පැන දුවන්න..“
එල ඈ... ජය ශ්රී..!!
හිඟා කකා ලුනුයි බතුයි කමුකො රත්තරන්...හිහ් :)
Deleteතෑන්ක් යූ මණ්ඩියා....
ලස්සන කයිය ! ගැලපෙන තාලෙ.
ReplyDeleteබොහොම ස්තුතියි රසික :)
Delete"පුංචි එවුන් අපෙ
ReplyDeleteදොරට වඩින දින
නුඹත් එක්ක තුටු
කඳුළු සලන්නම්"
කවදද දන්නෙනෑ කඳුළු සලන්නෙ?????????????