Thursday, February 23, 2012

මාල පොඩිත්තක්




රෝස මලෙන් රතු
පාට බිඳක් ගෙන
මාල පොටක් මම
හදලා දෙන්නම්

රෑක ඇවිත් සඳ
හැමට හොරෙන් නුඹෙ
ගෙල වට කර එය
බැඳලා යන්නම්

සාර සියක් මල්
රේණු ගෙනත් අපෙ
නිවහන මි අඹ
අත්තෙ තනන්නම්

කාර බැඳන් නුඹ
පුංචි පැලට මගෙ
තනිය මකන්නට
කැන්දන් එන්නම්

රෑට වැටෙන පිනි
ගෙට නොවැටෙන්නට
නෙලුම් පතෙන් මුතු
කුඩ ඉහලන්නම්

ඈත වනෙන් නෙක
මීරි මියුරු ඵල
නුඹේ ලඟට මම
ගෙනැවිත් දෙන්නම්

අපේ පැලේ පොඩි
පැටව් හඬන කොට
ගීත ගයා එය
සැමට කියන්නම්

මිතුරු කැලත් ළඟ
පාත ඉඳන් ගී
ආසිරි මල් දෙන
තාලෙ අසන්නම්

තෑගි අරන් නුඹෙ
නෑයො ඇවිත් යළි
රෑන සලා යන
පාර බලන්නම්

පුංචි එවුන් අපෙ
දොරට වඩින දින
නුඹත් එක්ක තුටු
කඳුළු සලන්නම්

101 comments:

  1. හෙහ්..හෙහ්...ඔහොම තමා මුලදි කියන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොකියා ඉන්ට...ඔබා+ඔබී අන්දරය ත් මේ වගේ තමා...හොඳයි නැද්ද මං අහන්නෙ

      Delete
  2. මොකද මේ එක පාට්ටම...

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ මෙයා...මේ ටි‍ක එක පාරට නෙමෙයි, දෙතුන් පාරකට ලිව්වේ...:)

      Delete
  3. කවි ටිකනම් ලස්සනයි.මොකද හිතන්නේ ගිරවෙක් නැතුව සැළලිහිනියෙක් හැදුවොත්.

    ReplyDelete
    Replies
    1. සැලළිහිණියෝ මාල දාන්නේ නෑ අනේ. :D

      Delete
    2. ඔව් ඉතිං දැන් කාලේ ගිරවෙක්ගේ කරෙ තියෙන මාලයක්වත් පරිස්සම් කරගන්න බැහැ නේ.එකයි සැලෙක් ගැන කිවුවේ..හෙක්ස්‌... හික්..

      Delete
    3. ඒකත් හැබෑ තමයි...ආභරණ දාන්නේ නැති එකෙක් හදා ගන්න බලන්න ඕන එහෙනම්..හි හි

      Delete
  4. අනේ හරි ලස්සනයි. ජීවිත කාලයක පොරොන්දු ලස්සනට කියලනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි...:)) කුරුල්ලෝ කොහොමත් හරි ආදරණීය කට්ටියක්නේ..

      Delete
    2. ඈයි කුරුල්ලො විතරක් මිනිස්සුත් ආදරණීයයි

      Delete
  5. මට පේන්නේ සයුරි අක්කා ඉක්මනටම පුංචි එවුන් ටිකක් අරන් එන්න වගේ හදන්නේ.... සෝයි සෝයි...! මුල සිට අගටම තියෙනවනේ! ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකෝ ඉතින් මල්ලිත් හිතල තියන දේවල්.. හි හි...

      Delete
  6. ලස්සන කවි කුට්ටි ටිකක්..

    ReplyDelete
    Replies
    1. හි හි..ඇත්තටම කුට්ටි තමයි :) ස්තුතියි අමිල..

      Delete
  7. අහිංසක සිහින සැබෑවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විමුක්ති...

      ඔන්න මම නෙමෙයි ගිරවා තමයි කිව්වේ..:)

      Delete
  8. සයුරි අක්කාත් පැටව් ටිකක් අරන් එන්ටද යන්නෙ..

    මොනවා වුනත් පිරිමි සතෙක් හොද පොරොන්දු ටිකක් දීලා වගේ...:))

    ReplyDelete
    Replies
    1. මේ ගිරා කතාවක්නේ නංගි :) පොරොන්දු ටිකනම් හොඳයි තමා නේද..

      Delete
  9. ඔබා කිව්වා වගේ ආරම්බය ඔහොම තමයි... පස්සේ එපා වෙනවා අයියෝ..

    ReplyDelete
    Replies
    1. ඔය ඔබා කියන ඒවාට අහු වෙන්න එපා අයියෝ...එහෙමයි කියලා ඔබා මාමත් කරේ ඕකමනේ..

      Delete
  10. //පුංචි එවුන් අපෙ
    දොරට වඩින දින
    නුඹත් එක්ක තුටු
    කඳුළු සලන්නම්//

    :)
    කවි ටික නම් ලස්සනට ගලපලා ලියලා තියෙනවා... හැබැයි ! තව මොකක් හරි තියෙනවා වගේ... අනේ මන්දා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කු චතු :)..."තව මොකක් හරි" කිව්වේ මොකක්ද දන්නේ නෑ නේද..හ්ම්ම්

      Delete
  11. සාර සියක් මල්
    රේණු ගෙනත් අපෙ
    නිවහන මි අඹ
    අත්තෙ තනන්නම්

    මම මේ ටිකට තමයි ආසම. හැබෑට අක්කා ගිරවෙක්වත් වුනාද? මේ තරම් ගිරා හිතක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගිරව් ඉතින් ඔහොමනෙ බට්ටියෝ..එක දවසක් ගිරව් දෙන්නෙක්ගේ ලස්සන පින්තුරයක් දැක්කා..ආදරේ හිතෙන එකක්...අනේ ඒක හොයා ගන්න බැරි උනානේ පෝස්ට් එකට දාන්න..

      Delete
  12. කවි ටික කියවල කොමෙන්ටුවක් දාන්න හිතාගන්නකොටම දැක්කෙ උඩම තියන අපේ ලොකුඅයියගෙ කොමෙන්ටුව. ඉතිං හිත සම්පූර්ණයෙන්ම වෙනස්උනා. :)

    ReplyDelete
    Replies
    1. ඔය ලොකු අයියා එහෙම පිටින්ම මොත්තේ දාන්නේ...අහු වෙන්න එපා..හි හි

      Delete
  13. මොකෑ උනේ අක්කේ මේ නම් අක්කා වෙන්න බෑ බෑ වගේ කාගෙද හැබෑට මේ අදහස....

    ReplyDelete
    Replies
    1. අලේ ඒ මොකෝ ගැමි මල්ලි...මේ මම ම තමා..100% ක් ම :)

      Delete
    2. ආ හරි හරි.... කොලු මනසකින් ලියලා තියෙනවා වගේ දැනුනු නිසා ඇහුවේ නියමයි ඈ

      Delete
    3. ආ...ඒක මිසක් :) කොලු මනසකිනුත් හිතලා බැලුවා ඉතින්..

      Delete
  14. ජීවිතේ සයුර ලග
    නොසැලෙන නෞකාව ලෙස
    ඔබත් එක්ක සයුරු රළ
    අතරේ පිය නගන්නම්..

    හරි ශෝක් කවි ටික අක්කේ.. කට්ටිය කියනවත් වගේ මොකද අද අමුතු වෙනසක්.....:)

    ReplyDelete
    Replies
    1. සයුර සරන ඒ
      සිත් නෞකාවට
      පහන් ටැඹක් වී
      පාර කියන්නම්

      ස්තුතියි මල්ලි...මේ කට්ටිය සීතලට කියන කතා නේ :)

      Delete
  15. වසිලිස්සාFebruary 24, 2012 at 1:27 AM

    හරිම ලස්සන කවි ටික .මී අඹ වගේ රස කවි පද වැල් එකට අමුණලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාට...වසිලිස්සා වත් ආදරයෙන් පිළිගන්නවා..ඔය නමට මම හරිම ආසයි..

      Delete
  16. අයියා ඔහොම්මම කිව්වද අක්කෙ..... :O

    ReplyDelete
    Replies
    1. හික් හික්..මේක කුරුළු වර්ෂන් එකක් නේ නංගා

      Delete
  17. අනේ හොඳයි... පතනා ලෙසම එය ඉටුවේවා...!!!

    ඒක නෙමේ මට කියනවද මේකේ තේරුම..

    "වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි..."

    අමුතු ගතියක් තියනවා ඒකේ.. අද දවසෙම ඕකෙ මුල පද ටික මුමුණ මුමුණ හිටියෙ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...:)

      ඔය කවිය සෙන්නෝ, මම මුල්ම පෝස්ටුවට දාපු කවි වලින් එකක්..තේරුම මේකයි...

      "වෙසෙස්" කියන්නේ විශේෂ/වෙනස් වූ කියන තේරුම.."වෙසෙස් සිතින් මිදෙන සිතුම්" කියන්නේ වෙනස් විදියේ සිතකින් එලියට එන සිතුවිලි...ඒ සිතුවලි වලින් පහන් වැට සරසනවා...පහන් වැට කිව්වේ ඉතින් මගේ බ්ලොග් එකට තමා...

      "පහන් සිලෙන් ගලන කැලුම්" කිව්වේ ඒ දල්වපු පහන් සිළු වලින් ගලන ආලෝකය..ඒ කියන්නේ මේක ලිව්වම මට ලැබෙන දේවල් (නින්දා, ප්‍රශංසා, ඔක්කොම)..ඒ දේවල් මම පහන් සිතින් විඳලා සන්තෝස වෙනවා කියලා තමයි "පහන් සිතින් විඳ තුටු වෙමි" කියල කියන්නේ...:)

      Delete
    2. ආ..අන්තිම පදයේ තියෙන්නේ "පහන්" නෙමෙයි "පසන්" නේ...ඒ කියන්නේ "ප්‍රසන්න සිතින්" කියන එක :)

      Delete
    3. ෂ්ඃ හරි අපූරු තේරුමක්නේ.. ස්තූතියි පැහැදිලි කරාට..

      Delete
    4. ඔයාටත් ස්තුතියි :)

      Delete
  18. අපුරු සිතුවිල්ලක්... සරලයි ඒ වගේම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු පුතා...සරල කවි ලියන්නත් ඔන්න මම උත්සාහයක් දැම්මා..

      Delete
  19. හරිම ලස්සන සෙනෙහසේ කවි මාලයක් අක්කේ..
    ලස්සන කුරුළු කැදැල්ලක ආදරණීය වටිනාකම..
    පියඹන්න හිතුණා මටත්.. :)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ටුවත් හරිම ලස්සනයි..ඒකත් කවියක් වගේ..ස්තුතියි නංගි..

      Delete
  20. අනේ ෂෝයි ගිරවයි ගිරවී :))

    ReplyDelete
    Replies
    1. ගිරව් ඔහොම තමා ලු වර්ණෝ :)

      Delete
  21. සයුරි අක්කා ගිරා පැටවු ටිකක් අරන් එන්න වගේ හදන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ගිරව් ඇහැට දකින්නත් නෑ නේ නංගා..:)

      Delete
    2. හෙ හෙ.. මම කිව්වේ ඔය ගිරා ජෝඩුව ගිරා පැටවු ටිකක් එක්කන් එන්න හදනවා වගේ කියලා..

      Delete
    3. අන්න ඒකනම් වෙන්න පුළුවන්.. :)

      Delete
  22. අනේ..හරිම ලස්සනයි!!! ශෝයි කවිටික අක්කියෝ!!! ගිරා පැටව් හදන්නද යන්නෙ?? හික්ස්ස්... කියවද්දි මරු!!

    ReplyDelete
    Replies
    1. හි හි...ගිරා පැටව් ඉන්නවනම් හොඳයි තමා...දැන්නම් මේ ලව් කේස් ලියන එක නවත්තන්න වෙනවා..හි හි.. තැන්කු හිතූ :)

      Delete
  23. ඉතාම මිහිරි කවි පන්තියක්. නිසඳැසක් වගේ පෙනුනට සිවුපද කවියේ සියලු හැඩතල තියෙනවා. මාත්‍රා තුනෙන් තුනට වචන බිඳීම තුල දැනෙන රිද්මය කවියේ අරුත නැවත ප්‍රතිනිර්මාණය කරනවා.
    ජන කවියේ රිද්මය සහ භාෂාවත් යොදාගෙන තියන ආකරය අපූරුයි.

    "සාර සියක් මල් රේණු ගෙනත්" "නෙලුම් පතෙන් මුතුකුඩ ඉහලන්නම්" වගේ යෙදුම් කවියට ගෙන දෙන්නෙ ලොකු ආලෝකයක්.

    විශ්ෂ්ඨ නිර්මාණාත්මක හැකියාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයානන්ද අයියාටත් මේ ඇගයීමට...ඒක හරිම වටිනවා මට..මේ රිද්මය ට / විරිතට මමත් ගොඩක් කැමතියි..ඔබ කිව්වා වගේ ඒ බිඳෙන රිද්මය කවියට ලස්සනක් ගේනවා..

      Delete
  24. ලඟදිම මේ බ්ලොග් එක දිහාවෙන් කිරි සුවඳක් හමයි වගේ !!!!

    හමන සුළඟ කිරි සුවඳයි ගෙනාවේ
    කිරි දරුවා ඔයඋකුලේ නැල උනාවේ

    හදිස්සියට පද දෙකක් ලියා ගත්තා. වැරැදි තිබ්බට ගනන් ගන්න එපා !!!

    ReplyDelete
    Replies
    1. හලේ..මමත් කරගත්ත දෙයක් :-| මේක මේ ගිරා සීන් එකක්නේ දරුවා...

      ඔය තියෙන්නේ මරු කවි පද දෙකක්..

      මධු මල්ලියි මේ ආසිරි ගෙනාවේ
      ඒ පින නුඹටත් ඇප්ලයි උනාවේ...

      Delete
    2. කම්පයිලේශන් එරර් කෙම් ඉන් දිස් මිනිට් !
      ඉට්z නොට් ඇප්ලිකබල් ෆෝ දිස් යුනිට් !

      Delete
    3. හි හී..ලෙට්ස් සී :))

      Delete
  25. මේව ලිව්වෙ ඔයා උනාට කියල තියෙන්නෙ නම් සයුරාද කොහෙද.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් නියම නම..සයුරා :)

      Delete
    2. සයුරා !!! සයුරී !!!
      නියම නම් දෙක !! අඩේ මේකා එල කොල්ලෙක් නේ !

      Delete
    3. අපි එහෙමයි

      Delete
  26. දෙමව්පියන් දුන් සැනසුම සිහිවිද​
    නුඹේ ළඟින් මම උනුහුම වෙන්නම්....
    ඔය හිත දුක්බර කඳුලු රැඳෙන විට​
    මම නුඹෙ මුව අග සිනහව වෙන්නම්.....

    ලස්සන කවි ගොන්නක් අක්කේ....ඒත් මොකක්දෝ වෙනසක් තේරුනා......

    ReplyDelete
    Replies
    1. ඔයාටත් අමුත්තක් දැනුනද?...ඒ මොකක්ද අනේ :)

      ස්තුතියි කවියට..

      හිනැහෙන නෙතු අග
      කඳුලැලි මොකටද
      ඔය හිත මා ළඟ
      හැමදා ඇත්නම්

      Delete
  27. ශා........... කියන්න හදපු එක කමෙන්ට් එකක් නිසා වෙනස් උනා... අත්දැකිම් බහුල අය කියලා තියන කථා නිසා..

    ලස්සනයි අක්කෝ

    ReplyDelete
    Replies
    1. තැන්කු දේවා මල්ලි...අත්දැකීම් බහුල කට්ටිය අපිව ඩිමෝටිවේට්‌ කරනවනේ... ;)

      Delete
  28. අර උඩ ඉන්න ගිරවා ගිරවිට කියන්නෙ මේකද... :D
    හරිම ලස්සන කවි පන්තියක් සයුරි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, උස එකා තමා ගිරවා :)) බොහොම ස්තුතියි...

      Delete
  29. අනේ ඔබා අයියත් එක්ක මම එකගද මන්දා අක්කේ...හි හි..මුලදි ඔහොම තමා නේ කියන්නේ ;)

    ReplyDelete
    Replies
    1. හා හා, ඒකට එකඟ වෙන්න ඔයාට තාම වයස මදි..දැනට මේ අපි කියන එව්වා පිළිගන්නකෝ :ප

      Delete
  30. ඔයාගෙ පද ගැට ගහන ස්ටයිල් එක නම් මාරයි, ලස්සනයි මොකද ඔයා මේවා ලියන්නෙ හසල අවබෝධයෙන් නෙ...? හැබැයි අර පැටව් එකා දෙන්න වැඩි උනාම ඔය කියන සතුට පෑල දොරෙන් ඉගිලිලා යයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සැගියෝ...හසල අවබෝධයක් නම් තියද දන්නේ නෑ :) පැටව් වැඩි කල් කුඩුවේ ඉන්නේ නැහැ නේ...උන් දොරට වඩිනවා නේ..ඊට පස්සේ අර දෙන්නා ආපහු තනියම...

      Delete
    2. ආදරේ තියෙනවනම් තනිවෙන්නෙ නහැ.............

      Delete
    3. මොනවා කිව්වත් පැටව් ටික යනවනේ කනමදයෝ :)

      Delete
    4. ඒක නම් ඇත්ත සයුරි...ඒත් ආදරේ තියෙන නිසා අපි තනිවෙන්නෙ නැහැ.හිත තනි වෙන්නෙ නැහැ...:)

      Delete
    5. අනිවාර්යෙන්...

      Delete
  31. ලස්සන කවි පෙළක් . ඔයාට හොඳ හැකියාවක් තියෙනවා සයුරි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බින්දි අක්කේ...

      Delete
  32. හුරතල් පැටියෙක්
    දොරට වඩින්නට
    ඉක්මනටම
    අපි පැතුම් පතන්නම් !!

    හරිම ලස්සන කවි ටික ..ආදරේ ඉතිරෙනවා..

    ReplyDelete
    Replies
    1. සිත් රූ ගේ කවියත් හරිම ලස්සනයි...බොහොම ස්තුතියි..

      පැතුම් ගෙනා මේ
      සිත් රූ කෙල්ලට
      සුවඳති තුති මල්
      මිටක් පුදන්නම්..

      Delete
  33. ආදරේ තේරෙන්නෙ ආදරේ විදපු හිතකටලු....ඒක ඈත්තද?
    ගිරවගෙන් අහුවනම් හොදයි වගේ

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන හිත්වලටත් ඒක තේරෙනවා ඇති මම හිතන්නේ :)

      Delete
    2. අත්දකීමක් නැ වගේ......සයුරි අක්කට

      Delete
    3. තියන නිසයි කිව්වේ :)

      විඳපු හිත්වලටත්, කරන හිත් වලටත් දෙකටම ආදරේ තේරෙනවා..

      Delete
  34. අම්මෝ අක්කෙ හෙනම ගති හොඳේ...........

    ReplyDelete
  35. මට නිහාල් නෙල්සන් මහත්තයගේ මේ සින්දු කෑල්ල මතක් වුනා.

    ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සලලා
    ආදරෙයි, ආදරෙයි කිය කිය ඉඳලා

    ReplyDelete
    Replies
    1. මේ අර "ලස්සනට පිපුණු වන මල්" සින්දුවේ කෑල්ලක් නේද පුබුදුවෝ..ලස්සන සින්දුවක්

      Delete
  36. mama kasada bandala ban
    dan pama wadi

    ReplyDelete
  37. අලේ... සයුරි අක්කට සයුරි අයිය කියපු කවියක්ද කොහෙද...? හැක්... හැක්... පට්ට ලස්සනයි ඈ... මේක කියවද්දි අර නන්දා මාලිනියන්ගෙ සිංදුවක් මතක්වුනා...
    “ ගාට ගාට ඇවිදින්..
    ඇස් දෙක වහලා හිනාවෙන්න..
    ආදරේට කොනිත්තලා
    පෑල දොරින් පැන දුවන්න..“
    එල ඈ... ජය ශ්‍රී..!!

    ReplyDelete
    Replies
    1. හිඟා කකා ලුනුයි බතුයි කමුකො රත්තරන්...හිහ් :)

      තෑන්ක් යූ මණ්ඩියා....

      Delete
  38. ලස්සන කයිය ! ගැලපෙන තාලෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රසික :)

      Delete
  39. "පුංචි එවුන් අපෙ
    දොරට වඩින දින
    නුඹත් එක්ක තුටු
    කඳුළු සලන්නම්"
    කවදද දන්නෙනෑ කඳුළු සලන්නෙ?????????????

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...