Saturday, March 3, 2012

එකට දෙක - රාජාවලිය XIII


ඔයාලට මතක ඇති පහුගිය ලිපියෙන් අපි කතා කරා, ලංකා රාජ්‍යය ලම්භකර්ණ වංශය අතට ගිය හැටි. ඒ, වසභ රජතුමා රජ වීම නිසා. මේ වසභ රජතුමා ගේ පුතා තමයි "වංකනාසික තිස්ස". වක් වූ නහයක් තිබුණු නිසා ඔහුට වංකනාසික නම් උපසර්ගය ලැබුණු බවට මතයක් තියනවා. ඉතින් මේ  වංකනාසික තිස්ස කුමාරයා විවාහ වෙලා තියෙන්නේ ශුභ රජතුමාගේ (මතකයි නේද ශුභ දොරටුපාලයා රජ වුනු හැටි?) දියණියත් එක්ක. ඇයගේ නම "මහාමත්තා".  ශුභ රජු ට වසභ ගෙන් තර්ජන එල්ල වෙද්දී මේ කුමාරිකාව උළු වඩුවෙකුට බාර දුන්නලු හදාගන්න. ඉතින් ඇය හැදුනේ වැඩුනේ උළු වඩුවෙකුගේ දියණියක් විදියට. ඇය ශුභ රජුගේ දියණිය බව උළු වඩුවා වසභ රජුට හෙළි කරනවා. ඉන් පස්සේ තමයි වසභ රජු ඔහුගේ පුතාට ඇයව සරණ පාවා දෙන්නේ. කොහොමහරි අන්තිමේදී කුමාරියට විවාහ වෙන්න උනේ තමන්ගේ පියා මැරූ කෙනාගේ පුතාත් සමග.

ක්‍රි. ව. 110 දී වසභ රජතුමා මිය ගියාට පස්සේ වංකනාසික තිස්ස රජ වෙනවා. ඔහු ගේ කාලයේදී සොලී රටේ රජ කරන්නේ කරිකාල් නම් රජ කෙනෙක්. මේ සොලී රජු ඔහුගේ මිනිසුන් යොදවා සිංහලයන් දොළොස් දහසක් අල්ලා ගෙන සොලී රටට ගෙන යනවා. පාළු ප්‍රදේශවල සැඟවී සිට, සිංහලයින් අල්ලා අත් පා බැඳ රැගෙන ගිය මේ සොලී මිනිස්සු ක්‍රියා කරලා තියෙන්නේ බිල්ලන් විදිහට (මේ සොලී මිනිසුන් "බිල්ලා" නම් ගෝත්‍රයට අයත් බවත් ඒ නිසා පසුව "බිල්ලා" යන සංකල්පය බිහි වූ බවටත් මතයක් තියනවා). මේ ක්‍රියාව ඊට පෙර සිටම දීර්ඝ කාලයක් තිස්සේ රහසේ  සිද්ධ උනත් ඒ ගැන කවුරුත් ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ.

 ක්‍රි. ව. 113 දී වංකනාසික තිස්ස රජතුමා මිය යනවා. ඉන් පස්සේ රජ වෙන්නේ ඔහුගේත් මහාමත්තා ගේත් පුතා වන "ගජබා" රජතුමා (ක්‍රි. ව. 113 - 135). මේ ගජබා රජතුමා ට තිබුනා ලස්සන පුරුද්දක්. ඒ තමයි වෙස් වලාගෙන ගිහින් රට වැසියා එක්ක මුහු වෙලා ඔවුන්ගේ දුක සැප, ප්‍රශ්න ආදිය ගැන හොයන එක. එක දවසක් රෑ මේ විදියට නගරයේ සංචාරය කරද්දී රජතුමාට එක ගෙදරකින් ගැහැණියක් වැලපෙන හඬක් ඇහුනා. ඉතින් රජතුමා මොකද කළේ, ඒ ගෙදර දොරේ හුණු වලින් සලකුණක් යොදලා නැවත රජ මාලිගයට ගියපු එක. පහුවදා උදේ රාජ සේවකයන් ගෙන්වලා කිව්වා අහවල් ඉසව්වේ, හුණු වලින් සලකුණු කළ ගෙදර සිටින ගැහැණිය කැඳවා ගෙන එන්න කියලා. කලින් දා රාත්‍රියේ වැළපුණු හේතුව ඇහුවම ඇය කිව්වේ, වංකනාසික තිස්ස රජුන්ගේ කාලයේ ඇගේ පුතුන් දෙදෙනා බිල්ලන් විසින් රැගෙන ගිය බවත් ඔවුන් සිහි වී හැඬූ බවත් ය.

මේ සිද්ධිය නිසා කළකිරුණ ගජබා රජතුමා, තම පියාගෙන් ඉෂ්ට නොවුණු යුතුකම් තමන් විසින් ඉෂ්ට කරන්න හිතා ගත්තා. එහෙම හිතලා නීල මහා යෝධයා ඇතුළු සේනාවකුත් එක්ක සොලී දේශයට පිටත් වුනා. ඒ කාලය වෙද්දී සොලී දේශයේ රජ කළේ කරිකාල් රජුගේ පුත් "නාලන්කිලි" රජතුමා.  ඔහු සමග සටන් කොට සිංහලයින් නිදහස් කරගෙන එයින් නොනැවතී, සිංහලයින් එකාට එක ගානේ හිලව් වශයෙන් සොලින් දොළොස් දහසක්ද රැගෙන ලක්දිවට එන්න ගජබා රජතුමා සමත් උනා. මේ නිසා ගජබා රජතුමා "එකට එක" නොකර "එකට දෙක" කරපු රජ කෙනෙක් :)

ගජබා රජතුමා සොලී රටෙන් පත්තිනි දේවියගේ සලඹ ත් පැහැරගෙන ආවලු. ආපසු එන ගමනේදී නවගමුව ප්‍රදේශයේ නැවතිලා රැය පහන් කරද්දී  ඒ සළඹ නා ගසක අත්තක් උඩ තැන්පත් කරා ලු. උදේ බලද්දී එය නාග කන්‍යාවන් විසින් පිරිවරා ගෙන සිටපු නිසා එතන නවගමුව පත්තිනි දේවාලය ඉදි කලා ලු. එය කොයි තරම් දුරට සත්‍යද කියලානම් දන්නේ නැහැ.

ඉතින් මේ ගජබාහු රජතුමාගෙන් පස්සේ, ඔහුගේ බිරිඳගේ පියා වන "මහල්ලකනාග" රජතුමා අවුරුදු 6 ක් (ක්‍රි. ව. 135 - 141) රජකම් කරනවා. ඊටත් පස්සේ රජ වෙන්නේ මහල්ලකනාග ගේ පුත් (ගජබා රජුගේ බිරිඳගේ සොහොයුරු) "භාතික තිස්ස" (ක්‍රි. ව. 141 - 165). භාතික තිස්සගෙන් පස්සේ ඔහුගේ බාල සොහොයුරු "කනිට්ට තිස්ස" (ක්‍රි. ව. 165 - 193) ත්  ඉන් පස්සේ කනිට්ට තිස්ස ගේ පුත් "ඛුජ්ජනාග / චූලනාග" (ක්‍රි. ව. 193 - 195) ත් රජ වෙනවා.

ඊ ළඟ රාජාවලිය ලිපියෙන් අපි කතා කරමු මේ පෙළපත ඉදිරියට යන හැටිත්, උතුම් රජ කෙනෙක් දාන පාරමිතාව පිරූ හැටිත්.

81 comments:

  1. raaa nidid maragene seethale gahi gahi meka karanwata thanks

    mama langadi kohedi hari kiyyewa mihindu hamudurwo lankawata wadiye manawamma raja kale kiyala e gana poddaka hoyala loiyanna barida

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කු කින්කුස...අනේ මම එහෙම එකක් ගැන නම් දන්නේ නැහැනේ..පොඩ්ඩක් හොයල බලන්නම්කෝ...

      Delete
  2. ගජබා රජතුමා තමයි නියම වැඩේ කරල තියෙන්නෙ.මමත් සමහර ෆිල්ම් වලින් දැකල තියෙනව රජවරු ඔහොම වෙස් වලාගෙන හොර අල්ලන්න වගේ යන වැඩ ගැන.අක්කෙ මේකට දාල තියෙන ෆොටෝ එක ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින මල්ලි...ඒ ප්‍රශ්න හොයපු විදියනම් හොඳයි තමයි...දැන් කාලේ රජවරුත් ඒ වගේ කරනවානම් හොඳයි නේද? :)

      Delete
  3. ගජබා රටට ගියේ සෙනෙවියෙක් එක්ක නේද? ඊටපස්සේ යගදාව මිටිකලා වතුර ගත්තු කතාවකුත් තියෙනවා..

    ඒ සෙනෙවියා නේද කළු කුමාරයා වුනා කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් හරී, ජන කතා වල එහෙම සඳහන් වෙන්නේ රජතුමා ගියේ නීල මහා යෝධයා එක්ක කියලයි. එයා තමයි යගධාව මිරිකලා සොලීන් බය කරලා තියෙන්නේ. ඒ කතා ඉතිහාස වාර්තාවකට දැම්මොත් ටිකක් අභව්‍ය නිසා මම ලිව්වේ නැහැ...

      Delete
  4. නීළ මහා යෝධයා කියන්නේ දුටුඝමුණු රජ්ජුරුවන්ගේ දස මහා යෝධයන්ගෙන් එක්කෙනෙක් නෙමේද ?

    ගජබා රජතුමා මහ මැටි වැඩක් කරලා තියෙන්නේ සොළීන් 12000 ක් ලංකාවට ගෙනැල්ලා. කට්ටිය අදටත් බොරු නිජභූමි සංකල්පයක් ගැන කතා කරන්නේ ඔහොම ආපු අය හින්දා වෙන්ඩ ඇති.

    සමහර රජ වරුන්ව නිකම්ම උඩින් පල්ලෙන් ගසා දාලා තියෙන්නේ ඇයි.. ඒගොල්ලෝ මුකුත්ම කරලා නැද්ද ?

    මේ වැඩේනම් බොහොම ප්‍රශන්සනීයයි සයුරි. ජය !!

    ReplyDelete
    Replies
    1. නීල මහා යෝධයා දස මහා යෝධයින්ගෙන් කෙනෙක් නෙමෙයි සෙන්නා...මේ ඉන්නේ දස මහා යෝධයෝ..

      http://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%83_%E0%B6%B8%E0%B7%84%E0%B7%8F_%E0%B6%BA%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%9D

      සොලීන් ගෙනාපු වැඩේට මාත් කැමති නැහැ. ඔය විදියට ආපු අය තමයි මෙහෙ පැළපදියම් වෙලා දැන් අයිතිවාසිකම් කියන්නේ. ඔව් අනේ..ඒ රජවරුන්ගේ කාල වල කියන්න තරම් විශේෂ සිද්ධි සිද්ධ වෙලා නැහැ..(ඩි.බී. විජේතුංග වගේ අය වෙන්න ඇති.:)

      Delete
    2. ඔය ලින්ක් එකේ දස මහා යෝධයෝ එකොළහක් ඉන්නවා..ආශ්‍රිත කියලා එකෙකුත් එක්ක... ;)

      "විශේෂ සිද්ධි සිද්ධ වෙලා නැහැ.." ඇයි හොරමැරකම් නැතිවීම..නැගෙනහිර මුදාගනීම..

      Delete
    3. හැබෑම නේන්නම්.. ආශ්‍රිත යෝධයා ගැන මම ඔය ඇහුවමයි.. හිහ් හිහ්..

      ස්තූතියි සයුරි මේ ලින්ක් එක දැම්මට. ඔයාට බැරිද මේ ලියන රාජාවලිය විකිපීඩියා එකේ අර වගේ සිංහලෙන් පළකරන්න. මාර සමාජ මෙහෙවරක් එහෙම කරන්ඩ පුළුවන්නම්.

      මම හිතන්නේ ඔය ඩී.බී. විජේතුන්ග කියන්නේ ලංකාවට නිහඩ සේවයක් කරපු රජ කෙනෙක්.. දැන් සහ පෙර හිටපු නිශ්ශන්කමල්ල පරම්පරාවේ එක්කෙනෙක් නෙමේ එතුමා.

      Delete
    4. ආශ්‍රිත කියන යෝධයා ගැන නම් මටත් සැකයි..හි හි

      අන්න ඒකනේ අප්සට් එක..නිහඬ සේවයක් කරාම අනිත් මිනිස්සු ඒවා දන්නේ නැහැ. දැන් මේ රජවරුත් ඒ වගේ සේවාවල් කරන්න ඇති. ඒත් අපි ඒවා දන්නේ නැහැ නේ..

      Delete
    5. විකිපීඩියා දාන එකනම් ටිකක් බැරෑරුම් වැඩක් නේද සෙන්නා...මම ලියන දේවල් 100% නිවැරදි ද දන්නෙත් නැහැනේ..ඉතින් ටිකක් බයයි :)

      Delete
    6. @ සෙන්න:

      නිශ්ශන්කමල්ල ???

      Delete
    7. ඔව් ඔව්.. දැන් ඉන්නේ ඒ පරම්පරාවේ කට්ටියනේ.. යන යන තැන සෙල් ලිපි. වැඩට වැඩිය හඬ වැඩියි..

      Delete
    8. සෙන්නාගේ අදහසට මමත් එක !!! සයුරි මේ ලිපි විකියේ පල කරනවා නම් ගොඩාක් හොඳයි. වැරදියි කියලා බය වෙන්න එපා. වැරදි තියේ නම් දන්න කෙනෙක් ඒවා නිවැරදි කරයි. ඒකනේ “විකි“ කියන්නේ.

      මේ වගේ තව වෙනත් බ්ලොග් වලත් හොඳ වැදගත් ලිපි තියෙනවා, ඒවා වටින්නේ අදට වඩා හෙටට. ඒ වගේ ලිපි ගොඩ දෙනෙක්ගේ ඇහැට වැටෙන්න විකියට ගියොත් හොඳයි... අපේ කට්ටිය එකතු වෙලා ඒ ගැනත් මොනවා හරි කරනවා නම් හොඳයි !!!

      Delete
    9. ඒකත් ඇත්ත නම් තමා...මම බලන්නම්කෝ ඒ ගැනත්. කොහොම උනත් ඔයා කියපු අර pdf වැඩේ නම් අන්තිමට කරන්න හිතාගෙන ඉන්නේ. අනාගත කට්ටිය අපේ බ්ලොග් බලනවට වඩා කොහොමත් විකිය පාවිච්චි කරාවි නේ. ඇත්තටම බ්ලොග් වල තියන හොඳ ලිපි හොයලා ඒ වගේ වැඩක් කරන්න කට්ටිය එකතු වෙනවානම් ගොඩක් හොඳයි..මමත් ඒකට සහයෝගය දෙනවා.

      Delete
    10. මමත් විකියේ රෙජිස්ටර් වුනාට ඒකේ ෆෝමැටින් වගේ ඒවා නම් දන්නේ නෑ. විකිය ගැන දන්න කියන අය ඉන්නවා නම් අපට පුළුවන් එකතුවෙලා ඒ අයට පළ කරන්න ලිපි ලබාදෙන්න... අපි ඉදිරියට බලමු එහෙම වැඩක් කරන්න පුළුවන් වෙයිද කියලා !!!

      Delete
    11. මමත් විකිය ගැනනම් වැඩිය දන්නේ නැහැ..ඒත් දන්න අය හුඟ දෙනෙක් ඇති. එහෙම වැඩක් අරඹනවා නම් හරිම වටිනවා.

      Delete
  5. රජගොල්ල අතර මං ආසම කෙනා නිශ්ශංකමල්ල ගිය තැන සෙල්ලිපි හරියට මහින්දය වගේ ටොයිලට් එකක් හැදුවත් අනුස්මරණ වැසිකියලිය කියල ගහගන්නවා...

    ReplyDelete
    Replies
    1. හේ හේ...:) ඒක තමයි..නිස්සංක මල්ල ගේ කාලයට එන්න තව ටිකක් කල් යයි වගේ..ස්තුතියි අමිල..

      Delete
  6. තව විස්තර තිබුනනං හොඳයි වගේ නේද?

    මම මේ රජතුමා ගැන කතාවක් අපේ තාත්තා පොඩි කාලේ මට කියල තියෙනවා.දවසක් වෙස්වලාගෙන ඇවිදිද්දී ඒක කඩ වීදියක් වගේ තැනක මිනිස්සු ටික දෙනෙක් කතා වෙනවලු රජතුමා ගැන.රජා සැප විඳිනවා හොඳ කෑම කනවා.ඒවාද මේවාද.පස්සේ මේ රජතුමා ඒ මනුස්සයත් එක්ක යාළු වෙලා පස්සේ දවසක කොහොම හරි රජවාසලට ගෙන්න ගත්තා.පලවෙනි දවසේ රෑ හොඳට කන්න දීලා අන්ගනවියෝ ගෙන්නලා හොඳ සැප ඇඳක නිදාගන්න දීල තිබුනලු.එතකොට ඒ මනුස්සයට හිතිලා තියෙනවා රජ කෙනෙක් වුනානම් කොච්චර සැපද කියල.දෙවැනි දවසේ රජතුමා ඒ මනුස්සයාගේ නිදාගන්න ඇඳ උඩින් සිහින් නූලකින් එල්ලෙන තුඩ පහලට වැටෙන විදියට ඉතා තියුණු කඩුවක් එල්ලලා තිබිල.එදා මුළු රෑම ඒ මනුස්සයට නින්ද ගිහින් නැහැ.පහුවද උදේ රජතුමා අහල තියෙනවා කොහොමද හොඳට නින්ද ගියාද කියල.පස්සේ රජතුමා කියලදීලා දැන් තේරෙනවා නේද රජ කම හිතන තරම් සැප නැහැ නෑනේද කියල.

    ඔයා මේ කතාව දන්නවා ඇති.මට මතක විදියට මේ කිවුවේ.

    ReplyDelete
    Replies
    1. විස්තර ටිකක් හිතලම නොලිය ඇරියා අසරණයෝ...ඒවා ටිකක් අභව්‍ය දේවල්..එහෙම අතිශයෝක්තියෙන් කතා ලිව්වම ඇත්ත ඉතිහාසය පවා පිළිගන්න අකමැති වෙනවා මිනිස්සු. හනේ මේ කතාව මම දැනගෙන හිටියේ නැහැ නේ...බොහොම ස්තුතියි ඒක අපිට කිව්වට. ඇත්ත නේන්නම් රජකම් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි.

      Delete
    2. අලෙ මලයා ඒ කතාව නම් මාත් අහලා නැහැ නේ..

      Delete
    3. යකඩෝ...සයුරි දන්නේ නැති ඉතිහාස කතා මම දන්නවනේ.මට තියෙන ආඩම්බරේ.. ස්තුතිය අපේ තාත්තට. හික්ස්...

      Delete
    4. අසරණයෝ මාත් ඔය කතාව ඇහුවමයි.. මාර බුද්ධිමත් රජ කෙනෙක් නේද ? අද කාලේ එහෙම ඔහොම එකක් උනානම් " සුදු වෑන් " තමයි..

      උඹලෑ තාත්ත තව කතා දන්නව ඇති. නිකන් ඉන්නවෙලාවක අහගන අපිටත් මේවගේ කියපන්.

      Delete
    5. ඒකනේ..අසරණයාගේ තාත්තා දන්න තව කතා තියනම් අපිටත් කියන්න හොඳේ.

      Delete
    6. මම පොඩි කාලේ හිතං හිටියේ මේ ලෝකේ තියෙන ඔක්කොම කතා දන්නේ අපේ තාත්තා කියල. 3 වසරට වෙනකම් හැම රෑකම අක්කටයි මටයි කතා කියල දෙනවා.එතකොට කියල දුන්නේ.එකම කතාව දවස දෙකක් කියල දුන්නේ නැහැ.එකට එකක් වෙනස්.හැබැයි හිටපු ගමන් එවෙලේ ගොතපු කතාත් කියල දෙනවා.කතා මතක නැති වුනාම.අම්මා හිනා වෙලා යනවනම් ඒ කියන්නේ බොරු කතාවක්.මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ.

      මම ගිය මාසේ දවසක කතා කරපු වෙලාවේ කිවුවා පොඩි කාලේ කියපු කතා මතක් කරලා තියාගන්න ලංකාවට ආපු දවසක මට අයෙත් අහන්න ඕනේ කියල.බලමු එතකොටවත් හෙක් හෙක්..

      Delete
    7. ඔව් ඔව් මේ පාර ගියාම ඔය ඔක්කොම අහගන්න...

      Delete
  7. සයුරී...

    ක්‍රි.ව. 113 - 135 අතර කාලයේ රට පාලනය කලේ ගජබා ද එහෙමත් නැත්නම් විජයබාහු රජතුමාද කියලා තව ටිකක් හොයල බලන්න. මට පුංචි මතකයක් තියනවා කොහේ හරි සඳහන්වෙලා තිබුනා ඉන්දියාවට ගිහින් සොලීන් 12000 ක් අල්ලන් ඇවිත් ලංකාව එක්සේසත් කරපු බව, අනික විජයබාහු චරිතය ලංකාව රාජ්‍යතුල දැවැන්ත චරිතයක් නොවන බව පෙනුනත් විජයබාහු දැවැන්ත වැඩ කොටසක් කරපු චරිතයක්.

    කොහොම වුණත් ඔබේ රජ පෙලපත ගොඩනැගුන මහාවංසය නැවත කියවීම නම් මහත් ආශ්වාදයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මම දන්නා විදියටනම් ඔය සොලී සිද්ධියට සම්බන්ධ ගජබා තමයි. අනුරපුර යුගයේ විජයබාහු රජ කෙනෙක් හිටියේ නැහැ නේද..මේ ලින්ක් එක අනුවත් මේ කාලය හිමි ගජබා ට. විජයබාහු (1) රජතුමා ඉඳලා තියෙන්නේ ක්‍රි. ව. 1056 දී පොළොන්නරු රාජධානියේ පළමු රජතුමා විදිහට. ඇත්තටම විජයබාහු රජතුමා ගැනනම් අපේ මුලාශ්‍ර වල තියන විස්තර මදි. බලමුකෝ ඒ හරියට එනකොට එතුමාට උපරිම සාධාරණයක් කරන්න. බොහොම ස්තුතියි ඔබේ සටහනට.

      Delete
    2. සයුරිට

      ඔබ හරියටම හරි. මගේ මතකය අලුත් වුණා. පළමු විජයබාහු ගැන තමයි මම කිව්වේ. ඔහු පොළොන්නරුව ගොඩනැගෙන්නෙ ඔහු නිසා. කොහොම වුනත් පළමු විජයබාහු ගැන ඔබ ලියනකොට ඔහුගෙ ‍‍ඓතිහාසික වැදගත්කමත් එක්කම ලියන්න විජයබාහු චරිතය සිංහල රජපෙළපතේ මං කැමතිම දැවැන්ත විශිෂ්ඨ චරිතයක්.ස්තුතියි ඔබට

      Delete
    3. ඇත්තටම ඔව්..විජයබාහු රජතුමා ට වැදගත් තැනක් දිය යුතුයි කියලා මමත් හිතනවා...මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඒකට. ස්තුතියි ඒ ගැන මතක් කලාට.

      Delete
  8. ගජබා කිව්වම මතක් උනේ වැලි මිරිකලා වතුර ගත්ත හැටි....මමත් බැලුවා මිරිකලා...ආවේ නෑ....

    ReplyDelete
    Replies
    1. ඔයා වැලි මිරිකුවොත් නම් ඉතින් වතුර නෙමෙයි එන්නේ, අමුර්තය !! හිහ්

      Delete
    2. ඇත්තටම මේ විස්තර ඔක්කොම Pdf කරලා හරි පරිස්සන් කරලා තියන්න...ඔයා මේ කරන වැඩේ නං මට හිතාගන්නවත් බෑ...අපි හැමෝටමත් අපේ ඉතිහාසය ගැන මතක් කරලා ඒ දැනුම බෙදා ගන්න එක කියලා නිම කරන්න බැරි මෙහෙවරක්....ස්තූතියි ඔයාට...තව තවත් මේසා දැනුම බෙදා හදා ගන්න ලියන්න ශක්තිය ලැබේවා....

      Delete
    3. මේ සහයෝගයට බොහොම ස්තුතියි ඔබ නොදුටු...Pdf කරන වැඩේ නම් කොහොමහරි කරන්න ඕනා..

      Delete
  9. රජවරුන්ගේ විස්තර ටික හරිම ලස්සනයි. සරලයි. පැහැදිලියි.

    නීල මහා යෝධයා හිටියේ ගජබා රජුගේ කාලෙද? එහෙම කතාවක් අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ලු නේ...නීල මහා යෝධයත් එක්ක තමයි ගජබා රජ්ජුරුවෝ සොලී රටට ගිහින් තියෙන්නේ...ස්තුතියි පොඩ්ඩි

      Delete
  10. අනේ ජනතාවගෙ දුක හදුනන රජෙක් අපිටත් හිටියනං...

    ReplyDelete
  11. ගොඩාක් පින් මේ වගේ ලිපි ලියනවට. වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන් අයියා :)

      Delete
  12. ගජබා රජ්ජුරුවෝ කලේ මෝඩ වැඩක් කියන එක මම ඒ කතාව අහපු මුල් දවස් වල ඉඳලම මටත් හිතුනා
    කොහෙවත් ඉන්න පරපුටුවෝ ටිකක් ලංකාවට උස්සගෙන එන්නේ නැතුව අපේ අයව විතරක් ගෙනාවනම් මොකද වෙන්නේ...
    සමහර විට අපේ අයව එහෙට ගෙනියන්න ඇත්තෙත් ගජබා රජ්ජුරුවෝ ඉන්දියාවෙන් කට්ටිය ලංකාවට ගේන්න ඇත්තෙත් වහල් සේවයට වෙන්නත් පුළුවන්....
    ඒත් වහලෙක් විදිහටවත් ඉතින් ඉන්දියාවේ උන්නම් ඕනෙම නැහැ.
    දවස ගානෙම එකට වැඩ කරලා උන් කරන මජර වැඩ දැකලා මටනම් ඉන්දියාව පැත්ත බලාගෙන බත් කන්නත් එපා වෙලා තියෙන්නේ :(

    කොහොම උනත් ඔයාගේ ඉතිහාස පාඩමට බොහොම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ වහල්ලු හැටියට තමයි ගෙනාවේ. ඒත් ඒ අය මෙහෙ විවාහ වෙලා පැලපදියම් වෙලා පරම්පරා ගානක් ගියාට පස්සේ උන් වහල්ලුද කියල උන් දන්නෙත් නෑ. මේක තමන්ගේ නිජ බිම කියල තමයි කියන්නේ.

      //මටනම් ඉන්දියාව පැත්ත බලාගෙන බත් කන්නත් එපා වෙලා තියෙන්නේ :(//

      හි හි ඒක ඇත්ත...

      Delete
  13. සොලී කාරයො කිව්වම යකා නගිනවා.....මේ ලගදිත් මොකෙද්ද දෙමල පිස්සෙක් කියලා තිබ්බෙ ඌ ජෑජ්ජ්නා කුමාරයෙක්ලු ඌට ලන්කාව බාර දෙන්න කියලා!!

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා අප්පා ඔය නිවුස් එක...පිස්සු හැදෙයි :(

      Delete
    2. අහුවුනානන් මන් ඌට රජකම දෙනවා....පොර ඉන්නෙ හබෑයි netherlands කියලා තමා ආරන්චිය

      Delete
    3. ඔව් ලු..එහෙ ඉඳං මෙහෙ රජ වෙන්න ඕනලු..

      Delete
  14. කවුද අක්කෙ ඒ දාන පාරමිතාව පුරපු උතුම් රජතුමා ..??

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඒ රජතුමා ගැන කියන්නම්කො :)

      Delete
    2. pinguththara carithaya mama age karnaw e rajata wada

      Delete
  15. පැහැරගත්තු සිංහලයින් එක්දහස් දෙසීයක්(1200)ක් වෙනුවට සොලීන් දොලොස් දහසක්(12000)ක් උස්සන් ආවා කියලා මම කියවලා තියෙනවා නීල මහා යෝධයා කියන කතන්දර පොතින්....ඒ ගමනේදි නීල මහා යෝධයා වැලි මිරිකලා වතුර ගත්තු කේස් එකකුත් තිබුනා වගේ මතකයි...

    අපරාදේ එච්චර උස්සන් ආවේ අඩු ගානේ ඒ රජාට තිබුනා අන්තපුරේට සොළී ගෑනු ටිකක් ගේන්න ඒ ඉඩේ...එහෙම උනානම් මේ තරම් ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඈ..1200 කියලද තිබුනේ. හැබැයි ඉස්සර ඉස්කෝලෙදි ඉගැන්නුවෙත් 12000 කියලයි මට මතක. එකාට එක ගානේ සොලීන් 12000 ක් ගෙනාව කියලනේ කියන්නේ. යෝධයා යගධාව මිරිකලා වතුර ගත්තා කියලත් කියනවා. ඒවා විද්‍යාත්මකව වෙන්න බැහැ නේද? මම ඉතින් ලියන්න ගියේ නෑ...

      //ඒ රජාට තිබුනා අන්තපුරේට සොළී ගෑනු ටිකක් ගේන්න //
      එකත් ඇත්ත :)

      Delete
    2. මම අහලා තියෙන්නේ වැලි මිරිකා වතුර ගත්තා කියලා... ඒක නම් වෙන්න පුළුවන් නේද ? යගදාව මිරිකලා වතුර ගන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නෑ අප්පා !!!

      Delete
    3. ඒක තමයි චතු..සමහරු වැලි මිරිකුවා කියනවා. සමහරු යගධාව මිරිකුවා කියනවා. මේවා ඇත්තද දන්නේ නැහැ..

      Delete
    4. නීල මහා යෝධයා බබා කාලේ ඇතෙක් එක්ක පොරබැදුවා කියලත් නීල මහා යෝධයා කියන පොතේ තිබුනා...මට තාම මතක 1200 කියලයි අක්කේ බලමු තව හොයන්ටෝන

      Delete
    5. එහෙනම් ඉතින් යෝධයෙක්ම තමයි එයා...බලමුකෝ තව හොයලා..

      Delete
  16. මගේ ඉතිහාස දැනුම නිල් ය ! අක්කා මේ කරන වැදගත් වැඩේ නිසා යන්තන් ඉතිහාසය ගොඩ දාගත්තෑකි. ස්තුතියි සයූ අක්කා !

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේවා කියවලා මල්ලිගේ ඉතිහාස දැනුම වෙන පාටකට හැරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න :))

      Delete
    2. විහිලු නෙමේ හලෝ. අක්කා ලියන මේ ලිපි ටික නම් මරු !

      Delete
    3. හි හි...තැන්කු තැන්කු

      Delete
  17. අම්මේ...!!! උඹ නම් මාර බඩුවක් අක්කෙ, නිදාගන්නෙත් මහාවංශෙ කොට්ටෙ යට තියාගෙනද..? ඔයාගෙ හැකියාව නම් නියමයි, ආඩම්බරයි ඔයා ගැන. මම මේ කතාව කලින් කියවල තියෙනව, පොඩ්ඩ පොඩ්ඩ මතකයි. අපි දැන් ඉන්නෙ අනවශ්‍ය එක් එක් දේවල් මත පදනම් වූ තවත් අනවශ්‍ය දේවල් රාශියකින් සෑදුනු, ඒ සියල්ලක්ම එකිනෙකට බැඳී පවතින, අනවශ්‍ය සංකීර්ණත්වයක් සහිත ලෝකයක් තුල ඒ සියලුම අනවශ්‍ය දේවල් එක්ක ගැටෙමින්. ඉතින් ඒ අතරෙ මෙහෙම වැදගත් ලිපියක් කියවන්න තියා දකින්න ලැබීමත් සතුටක්. වෙනද වගේම සුභ පතනව.. ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. අනේ මණ්ඩි මලේ, කොට්ටෙට තියන්නවත් මගේ ළඟ මහා වන්ශේ නැහැ නේ..:( ඒ පොත් ඕන වෙනකොට තමයි ලංකාවට දුවන්න හිතෙන්නේ. දැන් ලෝකයේ තියන සංකීර්ණ කම ගැන නම් කියල වැඩක් නෑ අප්පා. ඉස්සරහට මේවා අමතකම වෙලා යාවි කියලා බය හිතිලා තමයි මෙහෙමවත් ලියලා තියන්න හිතුවේ. බොහොම ස්තුතියි මල්ලි...

      Delete
  18. මිනිස්සුන්ගේ දුක හොයාබලන නියම රජවරු... එහෙම නොවුනානම් ඉතිහාසය වෙනස් වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. අප්‍රසිද්ධ වේශයෙන් ගිහින් දුක සැප හොයා බැලුවා කියන්නේ ගජබා රජතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ රජෙක්..

      Delete
  19. ඉතිහාස පාඩම නැගලම යනව

    Congratulations....!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්ස් තෑන්ක්ස්ස් :))

      Delete
  20. නියමයි අක්කේ... අක්කා මේ මතකෙන්ද ලියන්නේ...??

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ කී බෝර්ඩ් එකෙන්. (කෙන්තිගන්න ඔට්ටු නැහැ)

      Delete
    2. අපොයි නෑ නිසූ, මගේ පරණ කටු සටහනක් තියනවා. තව නෙට් එකෙත් රිසර්ච් පාරක් දානවා ඉතින්..

      @අසරණයා : හික් හික්

      Delete
    3. නෙට් එකෙන් රිසර්ච් කරලා පෝස්ට් ලියන කෙනෙක් මේ හම්බ උනාමයි. (කෙන්තිගන්න ඔට්ටු නැහැ)

      Delete
    4. //නෙට් එකෙන් රිසර්ච් කරලා පෝස්ට් ලියන කෙනෙක් මේ හම්බ උනාමයි//

      සිරාවටම එහෙමදෑ :0:0

      Delete
    5. අක්කත් ගේම අතාරින්නේ නෑ වගේ. හොදා හොදා ! :)

      Delete
  21. If you have trouble reading sinhala fonts, click here.
    මිහිදුහිමිගේ දායාද
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

    මිහිඳු හිමි වැඩම කළේ උත්තිය රජු දවස ද?

    http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A_%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF

    http://www.lakehouse.lk/budusarana/2010/06/25/tmp.asp?ID=fea04


    mama thawa kohe hari kiyawala thiyenawa uttiya rajuge atweni warashaydi mihindu hamuduruwo piriniwana pawa kiyala giri lipiyaka thiyenawa kiyala ane me gana hoyala balla poddka kiyanna

    ReplyDelete
    Replies
    1. විස්තර වලට බොහොම ස්තුතියි කින්කුස...නිස්කලංකව කියවලා බලන්න ඕන...මම නම් මේ ගැන දැනගෙන හිටියේ නැහැ..මේ ගැන දන්න තව අය ඉන්නවනම් අදහසක් දෙයි කියලා හිතනවා. බලමුකෝ...

      Delete
  22. ගජබා රජතුමාගේ නීල මහා යෝධයා ගැනත් ලස්සන කතා තියෙනවා නේද අක්කේ? නීල මහා යෝධයා යගදාවෙන් මුහුඩේ වතුර දෙබෑ කරලාලු හමුදාව මුහුදෙන් එතෙර කලේ කියනවා. හැබැයි ඉතින් ඒ කාලේ ආදම් ගේ පාලම තියෙන්නත් ඇති. තව වැලි මිරිකලා වතුර ගත්ත හැටි එහෙම. අක්කා ඒවා දන්නවා නම් දාන්න, එතකොට රාජාවලිය තවත් රසවත් වෙයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරු මල්ලි..ඒ මුහුද දෙබෑ කරපු කතාවත් මම අහලා තිබුනා. මම හිතලම ඒවා නොලියා ඇරියා මම ලියන්නේ වාර්තාවකට සමාන ලිපි නිසා. (සාහිත්‍යමය පැත්තට බර නැති හින්දා). බොහොම ස්තුතියි ඒකත් මතක් කරලා දුන්නට..

      Delete
  23. ඊයෙ කියෙව්වට කමෙන්ට් එක දාන්න ලැබුනෙ අද....
    අර ගජබා රජතුමාගෙයි නීල මහා යෝධයාගෙයි කතාව මං පුංචි කාලෙ අහලා තිබ්බා... ඒ පුංචි කාලෙ මගේ ඔළුවට තදටම ගිය කතාවක් ඒක.... අර ලහිරු උඩින් කියල තියෙන දේවලුත් ඒ කතාවෙ තිබුණා... ලොකු උනාම නම් මං හිතුවෙ ඒවා අතිශයෝක්තියෙන් කියන්න ඇතියි කියලා සිංහලයාගෙ ජවසම්පන්න බව පෙන්නන්න....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මියුරු අක්කා මටත් හිතෙන්නේ, ගොඩක් දුරට ඒක අතිශයෝක්තියක් වෙන්න ඇති..ගොඩක් වෙලාවට ජන කතා වල ඒ වගේ දේවල් තියනවා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...