Saturday, April 7, 2012

සොමී සහ තාලම්පට


"සිරිමා  බෝ මුල විදුරාසන මත - බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක - මර දූ වරු තිදෙනා..."

ගායක මඩුල්ල මේ ටික කියල ඉවර වෙද්දී මර දූවරු තුන් දෙනා ස්ටේජ් එකේ තුන් පැත්තකින් නටාගෙන මැදට ඇවිත්. ඊටත් ටිකකට පස්සේ තමයි සොමී කොහෙදෝ ඉඳං දුවගෙන ඇවිල්ලා වාද්‍ය වෘන්දය ට අවතීර්ණ උනේ.

"රතී වයන්නී රඟා රඟන්නී තණ්හා ගී ගයතේ 
මෙකී ලඳුන් බඳු ලඳුන් නටා නැත කිසි දිනයක දියතේ"

සින්දුවේ තාලේ   කොහේවත්. සොමී හති පිට ගහන තාලම්පටේ තාලේ වෙන කොහේවත්. කොහොමහරි දන්න දහන්ගැට දාලා සොමී ටික වෙලාවකින් සින්දුවේ තාලෙත් එක්ක සින්ක්රොනයිස් උනා.

"සවන සනහතී  නයන පිනවතී ඉඟ සුඟ නලවාලා
මනස කළඹතී අනඟ සැර දෙතී රඟ දෙන මර දූලා"

අපරාදේ කියන්න බෑ මර දූලා තුන් දෙනා සින්දුවේ තියන විදියටම නයන පිනවෙන විදියට තමයි නැටුවේ. ප්‍රශ්නෙකට තිබුනේ වාදක මණ්ඩලයේ හිටපු සොමියත් නයන පිනවගන්න ගියපු එක. ටික වෙලාවකින් සොමීට තාලම්පට ගහන්න ඕන බව අමතක වෙලා නැටුම දිහා කටත් ඇරගෙන බලන් ඉන්නවා. ආපහු මතක් උනාම අත ඇරුණු ඒවටත් එක්ක එක ළඟ කීප පාරක්ම ගහලා දානවා.

"සමාධි සම වැද බුදුකුරු සිදුහත් තවුසා වෙසෙනු පෙනේ 
නුරා ලතාවට මර අඟනන් ගේ හිමි නැත වසඟ උනේ"

මේ හරිය වෙද්දී සොමී දැක්කලු සංගීත මිස් සමාධි සම වැදිලා එයා දිහා බලාගෙන ඉන්න හැටි. ඒ තමයි සොමී ට ඉස්කෝලෙදි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ලැබුණු පළවෙනි හා අවසාන වතාව.

                                                        ~~~~~~~~~~~~~~~~~

මේ සොමී තමයි අර බැට් එක උස්සපු කතාවෙත් හිටියේ. ගොඩක් වෙලාවට එයා තමයි අපේ පන්ති නායිකාව.  ඒ පට්ටමට ඊට වඩා සුදුසුකම් තියන වෙන කෙනෙක් හිටියේ නැහැ. අපේ පන්තියේ නායිකාව වෙන එක තමයි ලෝකේ තියන එපාම කරපු වැඩේ. ඒත් සොමී ඒක බෑ නොකියා බාර ගත්තා. ඕනම වැඩකට ඉදිරිපත් වෙන ගතියකුත් එයාට තිබුනා. ඒ හින්දා තමයි වෙසක් පෝය දවසක ඉස්කෝලෙන් ඉදිරිපත් කරපු "සිරිමා බෝ මුල" රංගනය ට තාලම්පට ගහන්න නහයෙන් අඬලා ඉදිරිපත් උනේ. අර උඩින් දාලා තියෙන්නේ නැටුම ගලා ගෙන ගියපු හැටි තමයි.

මේ සොමී තනිකරම අලියෙක්. අල්පෙනෙත්තකින් ඇන්නොත් එහෙම කොළ පාටට ලේ එනවා. දැන්නම් කොහොමද දන්නේ නෑ. ඒ කාලේ නම් එහෙමයි. සොමී විවාද වලට එහෙම සෑහෙන දක්ෂයි. එයාගේ වාසනාවකටද රටේ වාසනාවකටද මන්දා තාම දේශපාලනය ට නම් අවතීර්ණ උනේ නෑ.

එක දවසක් සිංහල දිනේ දවසේද කොහෙද සහෝදර පාසලෙන් සහෝදරයෝ කට්ටියක් ඇවිත් හිටියා. එයාලත් එක්කම අපිවත් මේන් හෝල් එකට දාලා මොනවද මන්දා දේශන වගයක් තිබුණා. එයින් එකක් තිබුනේ මනමේ නාටකය ගැන. ඊට පස්සේ අසන්නන්ට අදහස් දක්වන්න අවස්ථාව ආවා. ඉතින් සහෝදර පාසලේ ලොකූ අයියා කෙනෙක් ස්ටේජ් එකට නැගලා මනමේ කුමාරිට මොනවද කතා වගයක් කිව්වා. කොල්ලොන්ගේ ඇද කුද හොය හොය හිටපු අපිට ඕක ගැන සිහියක් තිබුනේ නැහැ. එක පාරටම හුරු පුරුදු කට හඬක් මයික් එකෙන් ඇහෙනවා වගේ දැනුනා. කිරි අප්පට බල්ලො පැනපි...අපිත් එක්ක වාඩි වෙලා හිටපු සොමී එතන නැහැ. බැලින්නම් මෙයා ස්ටේජ් එකට නැගලා ස්ත්‍රී සංහතිය වෙනුවෙන් පෙනී සිටිමින් අර අයියට ගේම දෙනවා. අන්තිමට එයා ස්ටේජ් එකෙන් බැස්සේ කිසි දිනක සත්‍ය විය නොහැකි තියරිස්‌ කීපයක්ම සත්‍යයි කියලා ඔප්පු කරලා. අන්න එහෙමයි සොමී ගේ වැඩ. හොඳම වැඩේ කියන්නේ අර දේශනය කරපු කථිකාචාර්යතුමාත් පස්සෙදි සොමීගේ පැත්තට තමයි කතා කරේ.

මොනවා උනත් හරිම හිත හොඳ කෙල්ලෙක් තමා අපේ සොමී. කාටහරි කරදරයක් වෙන්නේ කොතනද සොමී  එතන ඇති. උදව් කරන්න ගිහිල්ලා වැඩේ දෙල් කරන අවස්ථාත් නැතුව නෙමෙයි. ඒත් ඒවා කරන්නෙත් එක හිතින්. ඒ දවස්වල සොමී කිව්වේ එයානම් කවදාවත් බඳින්නේ නැහැ කියලා. ඕක හින්දම කට්ටිය එකතු වෙලා ඉමජිනරි පෙම්වතෙක් සොමීට අනුයුක්ත කරලා තිබුණා. එයාගේ නම "ජනසාන්ත". දැන්නම් සොමී ජනසාන්ත ව පැත්තකට දාලා අර කලින් කියපු කතාව බොරු කරලයි තියෙන්නේ. අනේ මන්දා ඕවා ඉතින්. දේශපාලනය පැත්තෙන් ගියොත් නම් එයාට හොඳ අනාගතයක් තියේවි කියලා හිතෙන්නේ එතකොට තමයි.


ඉස්කෝලේ අපේ සෙට් එකේ යාළුවො 8 දෙනෙක් හිටියා. සොමී එයින් එක්කෙනෙක්. අන්තිමේ අට දෙනා පාරවල් අටක ගියා. ඒ අට දෙනාගෙන් එක්කෙනෙක් අද අම්මා කෙනෙක්. ඉතුරු අයගෙන් 3 දෙනෙක් යුග දිවියට පිවිසිලා (මාත් ඇතුළුව :). තව දෙන්නෙක්ට සහකාරයෝ හොයමින් පවතිනවා (අවාසනාවන්තයෝ ඉන්නවනම් ඇප්ලයි කරන්න) . තව කෙනෙක් ළඟදීම කරත්තේ බඳිනවා. අටවෙනියා...කවදාවත් නොඑන ගමනක් ගිහින්...

59 comments:

  1. නිසූත් මේ වගේ කතාවක් දාලා තිබ්බා මතකයි..
    ආපහු ඉස්කෝලෙ කාලෙට යන්න ඇත්තම් කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...අයෙමත් ඉස්කෝලෙ යන්න ඇත්නම්...

      Delete
  2. මාර දූවරු දිහා කටඇරගෙන බලාගෙන හිටපු විදිහට මට හිතුනෙ සොමී කියන්නෙ කොල්ලෙක් කියලා..

    'අල්පෙනෙත්තකින් ඇන්නොත් එහෙම කොළ පාටට ලේ එනවා.' ඒ මොකද? එයාට කොළරාවද?

    මේක කොයිවිදිහටද ගන්න ඕනෙ.
    1. 3 දෙනෙක් යුග දිවියට පිවිසිලා (මාත් ඇතුළුව
    2. මාත් ඇතුළුව :). තව දෙන්නෙක්ට සහකාරයෝ හොයමින් පවතිනවා

    එක්කෙනෙක් නැතිවීම ගැන කණගාටුයි..

    ReplyDelete
    Replies
    1. මම අයිති වෙන්නේ මුලින් කිව්ව කට්ටියට :) කොලරාව නෙමේ අප්පා. අලින්ගේ පාටනේ කොළ පාට.

      Delete
  3. මටත් ඉස්කෝලෙ කාලෙ මතක් උනානෙ.... මමත් මොනිටර් වෙලා ටික කාලයක් හිටිය නොවැ....

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයත් මොනිටර් කෙනෙක් වෙලා හිටියද..එපා වෙන්න ඇති

      Delete
  4. මොනිටර් වෙලා මොනිටර් කරන එක තමයි එපාම කරන වැඩේ. කොහොම වුණත් යාළුවෙක් නැති වුණ එක ගැන නම් හුඟක් කණගාටුයි, මොකද මටත් ඒ වගේ දුක හිතෙන අත්දැකීමක් තියෙන නිසා!

    ReplyDelete
    Replies
    1. යාළුවා ගැන මතකය නම් හරිම දුකයි මල්ලි. හිටියානම් අද වයිද්‍යවරියක්.

      Delete
  5. සොමී එහෙමවත් තාලම්පොට ගැහුවා. එයා එහෙම ගැහුවෙ නැත්නම් එදා තාලම්‍පට නැතිව තමයි සිංදුව කියන්න වෙන්නේ. ඉන්ද්‍රාණි විජේබණ්ඩාරට එහෙම ඕක එදා ඇහුනනම් බෙල්ලෙ වැල දාගන්නවා.

    සොමී ඇත්තටම දක්ෂයින් අතර දක්ෂයෙක්

    ReplyDelete
    Replies
    1. සොමී නම් කලාතුරකින් හමු වෙන විදියේ දක්ෂයෙක් තමා (තාලේ පිහිටලා නැති උනාට :)). අපේ සංගීත මිසුත් තව පොඩ්ඩෙන් බෙල්ලේ වැල දාගන්නවා...:)

      Delete
  6. මොනිටර් කම නං පජාතයි........(මම 8 ඉදං 13එම් වෙනනං කල නිසා)
    යාළුවෙක් නැතී වුන එක නං දුකයි.......

    ReplyDelete
    Replies
    1. අම්මෝ...8 ඉඳං දහතුන වෙනකන්...කොහොමද ඉවසගෙන හිටියේ අප්පා?

      Delete
  7. පාසල් කාලය අමතක කරන්න බෑනේ!
    ජීවිතේ එක එක කාල වලදි කොච්චර යාලුවෝ හම්බුනත් ඉස්කෝලේ කාලේ බොක්කෙන් ආශ්‍රය කරපු යාලුවෝ තරම් ෆිට් 1ක් නෑ මට නම් :-/

    ReplyDelete
    Replies
    1. ඇත්ත නුවන්. ඉස්කෝලේ කාලේ වගේ යාළුවො ආපහු ලැබෙන්නේ නැහැ. ඊට පස්සෙත් හොඳ යාළුවො මුණ ගැහුනත් ඒ යාළුකම් වල ස්වරුපය ගොඩක් වෙනස්..

      Delete
  8. " කොල්ලොන්ගේ ඇද කුද හොය හොය හිටපු අපිට ඕක ගැන සිහියක් තිබුනේ නැහැ. "

    මේ ගැන මුකුත් නොකියා ඉන්නම්කෝ.. දැන් සෝමි ඉන්නේ අර කරත්තෙට බදිනවයි කියපු සෙට් එකේද??

    ReplyDelete
    Replies
    1. //මේ ගැන මුකුත් නොකියා ඉන්නම්කෝ//

      හි හි
      ඔව් ඔව් එයා තමයි කරත්තේ බඳින්න ඉන්නේ...

      Delete
  9. සොමී ගැන ඔයාගේ මුල් පෝස්ට් එකකුත් කියෙව්වා... මටත් මැවිලා පෙනුනා සොමී සින්දුවේ රිදම් එකට තාලම්පට සින්ක්‍රොනයිස් කරගන්න දුන්න ගේම !!! ඔයාලගේ සංගීත ගුරුතුමියගේ මූණ හරි ලක්ෂණට තියෙන්න ඇති නේද ?

    ඉස්කෝලේ කාලේ නම් හරිම සුන්දරයි. එක වයසේ සෙට් එකක් එක්ක දවසේ වැඩි කාලයක් ගත කරනවා කියන්නෙත් සුන්දර අත්දැකීම් ගොඩක් නේ ! ඉස්කෝලේ කාලේ ඉඳන් අද වෙනකලුත් ඉන්න යාළුවෝ තමා නියම යාළුවෝ... හ්ම්, මගෙත් ඉස්කෝලේ යාළුවෝ දෙතුන් දෙනෙක්ම නැතිවුනා. අවාසනාවට මං දන්නේ මාස ගාණක් ගියාට පස්සේ...

    ඉස්කෝලේ කථා නම් සුන්දරයි ! තවත් ඇතිය කියලා හිතනවා... ජය !

    ReplyDelete
    Replies
    1. සංගීත ගුරුතුමියගේ මූන තාමත් මතක් වෙනවා අප්පා :ඩ්. ඇත්ත, ඒ අය තමා නියම යාළුවෝ.

      //මං දන්නේ මාස ගාණක් ගියාට පස්සේ...//
      එහෙනම් එයාලා නැති වෙන්න ඇත්තේ ඉස්කෝලෙන් අස් වෙලා ටික කලක් ගියාට පස්සේ වෙන්න ඇති නේද? මගේ මේ යාළුවා නැති වෙලා අවුරුදු 7 ක්. අර නැටුමේ "රඟා" ට හිටියේ එයා තමයි..:(

      Delete
  10. //අල්පෙනෙත්තකින් ඇන්නොත් එහෙම කොළ පාටට ලේ එනවා.//

    හෆ්ෆා..සොමී නම් මලු අක්කෙ!!!අන්තිමට පුංචි කාලෙ යාලුවො යන්නෙ එක එක පැති වලට තමා.. මෙහෙම ලස්සන මතක විතරයි ඉතුරු ව්එන්නෙ..:)

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...අන්තිමේදී හැම දෙයක්ම ලස්සන මතක විතරයි. කැම්පස් යාළුවෝ නම් එකම ක්ෂේත්‍රයේ නිසා ගොඩක් වෙලාවට හමු උනත් ඉස්කෝලේ යාළුවෝ හමු වෙන්නේ හරි කලාතුරකින්.

      Delete
  11. සොමි කිවුවහම කොල්ලෙක්වනේ මැවිලා පෙනුනේ. කතාව කියවල හිනා වුනා ඒත් අන්තිමට ගොඩාක් දුක හිතුනා.

    ReplyDelete
    Replies
    1. අහ්හ් නෑ නෑ කෙල්ලෙක් :)) හැබැයි කොල්ලා වගේ තමයි හිටියේ....

      ඒ ගැන මතකය දුකක්ම විතරයි :(

      Delete
    2. (අවාසනාවන්තයෝ ඉන්නවනම් ඇප්ලයි කරන්න)

      මචන් අසර්.. මොකෝ ඔය ගැන කියන්නේ.. දාමුද ඇප්ලිකේෂන් එකක්.. රිෆරි කෙනෙක්ට සයුරිව දාමු..

      Delete
    3. දාන්ට දාන්ට..මම දෙන්නම් හොඳ රෙකමන්ඩේෂන් එකක්...

      Delete
  12. මටත් ඉන්නවා ඔය සොමීගෙ ජාතියේ යාළුවෙක්.ඕන දේකට ඔට්ටු යාළුවෙක් ළග ඉන්නව කියන්නෙ ඉතිං මාර ගටක් නේද එන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ...ඕන දේකට ඔට්ටුයි. ගහගන්න උනත් :ඩ්

      Delete
  13. එහෙම ඕන දේකට ඉන්න යාලුවෙක් ලබන්න ඇත්තටම පින් කරන්න ඕනා... මටත් යාලුවෝ ගොඩාක් ඉන්නවා.. එත් බොක්කෙන්ම ‍ෆිට් උනු එකෙක් නැති එක ගැන නම් දුක් වෙනවා...

    මොනවා උනත් ඉතින් ඔයා වාසනාවන්තයිනේ අක්කෝ....

    මොනවා උනත් ආයේ පාසල් යන්න තියනවානම්..........

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි එහෙම යාළුවෝ ඉන්න එකනම් වාසනාවක්...දැන් හමු වෙන්නේ නැති එක තමයි දුක. ආයේ පාසල් යන්න තියනම් ඉතින් වෙන මුකුත් ඕන නෑ...

      Delete
  14. හරි සෝක් යාලුවො ටික නේ! :D
    අටවෙනියා ගැන බලවත් ශෝකය! :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...සෝක් යාළුවෝ ටිකක්. අටවෙනියා නැති අඩුව හැමදාම එහෙමයි. :(

      Delete
  15. ආආ ලගදි මේ පත්තෙ එන්නත් බෑරි උනානෙ.....මමත් කාලයක් 9,10 වගේ වයසෙදි බදින්නෙ නෑ කියලා හිතගෙන හිටියා....ඒක් නිසා අපේ ක්ලාස් ටීචත් මට කෙල්ලෙක් හොයනවා කිව්වා මතකයි....

    ReplyDelete
    Replies
    1. අපෝ බලාගන්න පුළුවන් මෙයා නොබැඳ ඉන්න හැටි...අපේ සොමී කිව්වෙත් ඔහොම තමයි. හි හි

      Delete
  16. මාර ලස්සනට ලියලා තියනවා මේක.. අමුතුම ගතියක් ඇත..

    අලින්ගෙ ලේ කොල පාටද ? අදයි දන්නෙත්.

    ReplyDelete
    Replies
    1. අලියා ඉතින් කැපුවත් කොළ නේ...:) ස්තුතියි සෙන්නා අයියා

      Delete
  17. හොඳ යාලුවෝ ටිකක් ඔයාට ඉඳලා තියෙන්නේ.

    නැති උනු යාලුවා ගැන හිතන කොට පව් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හරිම හොඳ යාළුවෝ ටිකක් පොඩ්ඩි

      Delete
  18. මෙයානම් සොමී ම තමා... හරියටම නම දාලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. හි හි හරිම සොමි බර කෙනෙක්...

      Delete
  19. සුදු පාට ලේ ගැන නම් අහල තියනවා. හපොයි දෙවියනේ කොළ පාට ? හරි යාළුවො තමයි සයුරි අක්කටත් ඉඳල තියෙන්නේ. අට වෙනි යාළුවාට වෙච්ච දේට නම් ගොඩක් කනගාටුයි.

    ReplyDelete
    Replies
    1. :)) ඒකනේ මල්ලි සොමී ට තිබුනේ කොළ පාට ලේ හි හි. හ්ම්ම් ඒ යාලුවා ඉතිරි කරලා ගියේ හරිම සුන්දර මතක ටිකක්...

      Delete
  20. great please come to our site

    ReplyDelete
  21. ඕන එකටයි එපා එකටයි කිචි කිචි ගාපු ඒ ලස්සන කාලේ ආයේ එන්නේ නැහැ . අපෙත් හිටියා ඔහොම හිත හොඳ කෙල්ලෝ . ටිකක් දඟයි ඒත් හරියට උදව් කරනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අක්කේ...ආයේ නම් එච්චර ලස්සන කාලයක් එන්නේ නැහැ. ඉස්සර තිබුන දඟ ගති තාමත් ටිකක් හරි අපි හැමෝගෙම ඉතුරු වෙලා තියනවා...

      Delete
  22. පන්ති නායකකම මට වැඩියම ලැබිල නැහැ.මොකද ඉස්කෝලෙන් වැඩි කාලයක් ගෙදර ඉන්න අයට එහෙම දෙන්නෙ නැතිලුනේ.ඒත් උසස් පෙළ කරද්දී වැඩියෙනුත් කියල ශිෂ්‍ය නායකයෙක් වෙන්න කිව්වනේ.එකනම් නරකම නැහැ.හිස් පීරියඩ් වල පන්තියෙන් එලියට යනවා බැජ් ඒක නිසා.:DD

    ඉස්කෝලේ කාලේ ආයෙත් මතක වුනා අක්කේ.හුඟාක් ලස්සන මතකයක්.ඒත් නැතිවුන යාලුවා ගැන දුකයි.අපි ආදරේ කරන අය වෙන් වෙද්දී දැනෙන දුක හිතට මහා දුකක් එකතු කරනවා.

    ReplyDelete
    Replies
    1. නොහිම් සිහින මල්ලි, ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. ප්‍රිෆෙක්ට් බැජ් එකේ වාසිනම් කියලා වැඩක් නැහැ. අපිත් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. හැබැයි මොනිටර් කමේ නම් අවාසි විතරයි තියෙන්නේ :)

      ඔව් මල්ලි, ඒ යාළුවා ගැන මතක් කරන එකත් දුකයි තවමත්...

      Delete
  23. අක්කා අවුරුදු උත්සවයකට පුරුදු වෙන්නද හදන්නේ.... හී හී
    කැම්පස් එකෙදි නටන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. හෑ? අවුරුදු නෙමෙයි අනේ වෙසක්...

      Delete
  24. ඇත්තටම සොමී ගැන කියද්දි මටත් මතක් වුනේ සඳා කියල මගේ යාලුවෙක් ගැන..හැමෝටම ඔහොම පිස්සු කේස් එකක් කොහේ හරි ඉන්නව..ඒ වුනාට ඒවගේ අයගෙ හිත මාර හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඔව් සිත් රූ...ඒ වගේ අයගේ හිත් හරිම හොඳයි...

      Delete
  25. අඩේ මේ සොමී සොමි කෙල්ලෙක් වෙන්ටෑ අප්පා . . .

    මතක කලා කියන්න ඈ . . .

    ලස්සන ලිපිය . .

    ඉස්කෝලේ කාලේ කරපු ජොලි වැඩ ටිකකුත් මතක් උනා කියවද්දී . ..

    ReplyDelete
    Replies
    1. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොමි කෙල්ලෙක් :))

      බොහොම ස්තුතියි දුකා අයියා මේ පැත්තේ ආවට...

      Delete
  26. ජිවිතේ බොහොම ඉක්මනින් වෙනස් වෙනවා දුවේ.. අපිට හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනින්... මටත් තවම පරණ යාළුවෝ මතක් වෙනවා.. සම්බන්ධකම් තරම් වටින දෙයක් මනුස්සයන්ට නැහැ....

    ReplyDelete
    Replies
    1. ඔව් අංකල් මිනිස්සු යන්නෙත් එන්නෙත් තනියම උනාට, තනියම ජිවත් වෙන එකනම් කරන්න අමාරු දෙයක්...

      Delete
  27. මාර සොමි කෙල්ලක්නේ අක්කේ.... තාලම්පට ගහපු හැටි හිතාගත්තෑකි ඔහොම ගල මල කරන කෙල්ලෝ අපේ ඉස්කෝලෙත් හිටියා හැබැයි ඉතිං අපි ඊට එහා නැති තර්ක දාලා අන්තිමට කෙල්ලව නෝන්ඩි කරලා අඬවලා තමා පස්ස බලන්නේ... කලින් ඇවිත් කියවන්න බැරිවුනු එක ගැන දුකයි අප්පා...

    ReplyDelete
    Replies
    1. මෙයාලත් කරලා තියන වැඩ...එහෙම අඬවන එක පව්නේ අප්පා. :) සොමිත් එක්කනම් එහා ඉස්කෝලේ අයියලටවත් බේරෙන්න බෑ. හලේ ඒකට මක් වෙනවද මලයෝ? දැන් හරි කියෙව්වනේ :)

      Delete
  28. 8 වසරෙදි මගේ එහා පැත්තේ පුටුවේ හිටිය මගේ යාළුව නැතිවුනේ ක්‍රිකට් ගහන්න ගිහිං... අප්‍රේල් මාසේ නිවාඩු ඉවර වෙලා ඉස්කෝලේ පටං ගන්න කලින් දවසේ...

    9 වසරෙදි නෑදෑ අයියෙකුත් නැතිවුනා එයා තමයි අපි ගමේ ගිහින් ක්‍රිකට් ගහද්දි ගඟට යන බෝල අරං එන්න අපි යද්දි ආරක්ෂාවට ආවේ...

    12 වසරෙදි මගේ යාළුවෙක්ගේ මල්ලී කෙනෙක් අනුරාධපුරේ වැවක ගිලිලා අපිව දාලා ගියා... අපේ ගෙවල් ගාව හිටියේ දැං ගේත් නෑ

    මේ හැම දෙයක්ම වුනේ අප්‍රේල් මාසේ නිවාඩුවේ මෙහෙම වාක්‍යයක් දකින හැම වෙලාවකම මට ඒවා මතක් වෙනවා... එයාලා ගියාට මතකෙන් යන්නෑ කවදාවත්...

    ReplyDelete
    Replies
    1. මේ ටික ඇහුවම දුක අලුත් උනා :( මගේ යාලුවත් නැති උනේ වතුර හින්දා තමා. මේ වගේ අදහගන්නත් බැරි විදියට වෙන හදිසි දේවල් හරියට හීනයක් වගේ. ගඟේ නානවා කිව්ව හින්දයි කියන්නේ...පරෙස්සමට කරන දෙයක් කරන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...