Wednesday, April 25, 2012

සොඳුරිය නයගරා

අද මම ලියන්න යන්නේ හඳ අල්ලපු රටේ ඉන්න සුන්දරියක් ගැන. මෙයා ගැන නම් නාහපු කෙනෙක් නැතුව ඇති.

"නයගරා"


නම වගේම ඇයත් සුන්දරයි.

අපි නයගරා බලන්න ගියේ පහුගිය සමර් එකේ. දැන් ගොඩක් කල්. ඒ වෙද්දි මට බ්ලොග් එක තිබුනේ නැහැ නේ. ඉතින් දැන්වත් මේක ලිව්වොත් හොඳයි කියල හිතුණා.

උඩ පින්තූරේ තියෙන්නේ නයගරා අල්ල ගුවනට පේන හැටි. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාව සහ කැනඩාව වෙන් වෙන දේශ සිමාවේ. ඇමරිකාවත් කැනඩාව ත් යා කරන "දේදුනු පාලම" මිට ටිකක් පහලින් ගඟ හරහා වැටිලා තියනවා.

නයගරා ඇල්ල කිව්වම ඒකට දිය ඇලි 3 ක් අයිති වෙනවා.

1. Horseshoe Fall - මේක තමයි දිය ඇලි තුනෙන් ලොකුම ඇල්ල. දකුණු අත පැත්තෙන් තියෙන්නේ ඒ ඇල්ල තමයි. අශ්ව ලාඩමක හැඩය ගන්න නිසාලු ඒකට මේ නම ලැබිලා තියෙන්නේ. මේ ඇල්ලෙන් තත්පරයකට ලීටර 2,271,247 ක ප්‍රමාණයක් ජලය වැටෙනවා ලු. එයින් නැගෙන ජල බිඳිති වලින් සෑදුනු දුම නිසා මේ ඇල්ල හරියට බලාගන්නත් අපහසුයි. මෙය ඇමරිකාවටත් කැනඩාව ටත් දෙරටටම අයිතියි. දේශ සීමාව බෙදලා තියෙන්නේ ඇල්ල මැදින් යන විදියට. උඩ පින්තූරේ අරගෙන තියෙන්නේ කැනඩාව පැත්තේ ඉඳන්.

ඔය තියෙන්නේ...



2. American Falls - වම් පැත්තේ තියන ඇල්ල තමයි මේ. මේකේ තනි අයිතිය ඇමරිකාව ට. හැබැයි මේ හැම ඇල්ලක් ම හොඳට පේන්නේ කැනඩාව පැත්තට. ඇමරිකාවේ ඉන්න අපිට බලන්න වෙන්නේ ඔය ඇලි දෙක මැද තියන දූපත් කෑල්ලේ ඉඳගෙන. ඇමරිකන් ෆෝල් එකත් විශාලත්වයෙන් අඩු උනාට සුන්දරත්වයෙන් නම් අඩුවක් නැහැ.


3. Bridal Veil Falls - දැන් බලන්නකෝ ඔය ඇමරිකන් ඇල්ලේ දකුණු පැත්තේ අයිනේම පොඩියට වෙන් වුනු දිය ඇලි කෑල්ලක් පේනවද කියලා? හරියට මනමාලියෙක් ගේ වේල් එක වගේ. අන්න ඒක තමයි බ්‍රයිඩල් වේල් ෆෝල්ස් කියන්නේ. මෙන්න ලං කරපු පින්තූරයක්.


ඔය ඇල්ල පාමුල පේනවා නේද ලීයෙන් හදපු පඩි පේලි දිගේ මිනිස්සු යන හැටි. ඒ පඩි දිගේ ඇල්ල වැටෙන තැනටම යන්න පුළුවන්. එතනට ගියාම ඇල්ලෙන් නෑවිලා යනවා. හොඳ වෙලාවට කට්ටියටම රේන් කෝට් අන්දවලා තමයි යවන්නේ. කැමති කෙනෙකුට  නයගරා ගඟේ වතුරෙන් නාගෙන එන්න අවස්තාව තියනවා :)

ඒත් මේ ගමනේ වැදගත්ම දෙය ඒක නෙවෙයි. ඒ තමයි "Maid of the Mist" බෝට්ටු සවාරිය. ඔය පහළ පින්තූරේ බෝට්ටුව මිනිස්සුත් අරගෙන යන්නේ හෝර්ස්‌ ෂූ ඇල්ල පාමුලට.



ඒ ඇල්ල පාමුලට මීදුම අස්සෙන් යද්දී අමුතුම ලෝකෙකට යනවා වගේ තමයි දැනෙන්නේ. ඇල්ලෙන් නැගෙන හිරිකඩ වැස්සෙන් නෑවිලා ඒ ලබන අත්දැකීම නම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. එතනට ගියාම ඇල්ලේ පින්තූරයක් ගන්න හැදුවට ඒකනම් සාර්ථක උනේ නැහැ. අහසට නගින දුම අස්සේ මොන පින්තුරද :)



නයගරා ගියොත් එහෙම අමතක නොකර කරන්න ඕන දෙයක් තමයි රෑට ඇල්ල නරඹන එක. හැම රාත්‍රියකම කැනඩාව පැත්තෙන් දිය ඇලි වලට වර්ණවත් ෆ්ලෑෂ් ලයිට් එල්ල කරන නිසා අමුතුම ලස්සනක් දකින්න ලැබෙනවා.




  එහෙනම්...සුන්දරත්වය විතරක් විඳලා යන්න කැමති අයට දැන් සතුටින් විසිර යන්න පුළුවන්. ඊට වඩා ටිකක් කුතුහලාත්මක අයට තව දුරටත් රැඳී ඉන්න පුළුවන් :)

                                                     ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නයගරා ඇල්ල ට මෙච්චර වතුර කඳක් කොහෙන්ද එන්නේ? මෙහෙම ගිහින් වතුර ටික ඉවර වෙන්නේ නැද්ද?

නයගරා ඇල්ල බිහි වෙලා තියෙන්නේ නයගරා ගඟෙන්. නයගරා ගඟ ගලන්නේ ඊරි විලේ ඉඳලා ඔන්ටෙරියෝ විලට. ඊටත් පස්සේ මුහුදට. මතකයි නේද පොඩි කාලේ ඉගන ගතිපු පංච මහා විල්? සුපිරියර්...මිචිගන්...හියුරන්...ඊරි...ඔන්ටේරියෝ. ඊරි විලත් ඔන්ටෙරියෝ විලත් තියෙන්නේ තල දෙකක (ලෙවල් දෙකක). උසින් තියන ඊරි විලෙන් පහළ තියන ඔන්ටෙරියෝ විලට වතුර ගලද්දී තමයි නයගරා ඇල්ල බිහි වෙන්නේ. 

මේ පංච මහා විල් හැදිලා තියෙන්නේ අවසාන අයිස් ඒජ් එකෙන් (විස්කොන්සින් ග්ලැසියේෂන්) පස්සේ අයිස් දිය වීම නිසා කියලයි කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 10000 කට කලින්. 




මේ පින්තුරෙන් පේන්නේ පංච මහා විල්. දකුණේ පහලින් තියෙන්නේ ඊරි විල සහ ඔන්ටේරියෝ විල. ඒ දෙක සම්බන්ධ වෙන සිහින් රේඛාව හරියට පේන්නේ නැතුව ඇති. ඒත් ඒ තමයි නයගරා ගඟ. ඔය ගඟේ තමයි නයගරා ඇල්ල පිහිටලා තියෙන්නේ. 

පංච මහා විල් වල හරස් කඩ දැක්වෙන පහළ රූපය බැලුවම තවත් හොඳින් පැහැදිළි වෙයි. 


ඔන්ටේරියෝ විල තියෙන්නේ අනිත් විල් 4 ට වඩා පහලින් බව මෙතන හොඳට පේනවා. 

ඉතින්...අපේ රටේ ලෝකාන්තෙන් පහළ බහින කට්ටිය වගේ අය ඇමරිකාවෙත් ඉන්නවනේ. අන්න ඒ අය උත්සාහ කරලා තියනවා නයගරා තරණය කරන්න. 1829 දී "සෑම් පැච්" කියන කෙනා ඇල්ල ළඟ තිබුණ කුළුනක ඉඳලා ඇල්ල ට පැනලා බේරිලා තියනවා. ඉන් පස්සේ තමයි අනිත් අයත් වැඩ පටන් අරන් තියෙන්නේ. 

"ඇනී ටේලර්" නම් 63 හැවිරිදි පාසල් ගුරුතුමියක්‌  බැරල් එකක බැහැලා ඇල්ල උඩින් ආවලු. පහළට වැටුනට පස්සේ එයා බැරල් එකෙන් එලියට ගත්ත ගමන්ම කිව්වේ "මින් පස්සේ කවුරුවත් මේකනම් කරන්න ඕන නෑ" කියලා ලු. ඒත් ඉතින් ඒවා අහයිද "මිනිස්සු"? ඔය වැඩේ කරලා සමහරු බේරිලා වගේම මැරිලත් තියනවා. දැන්නම් විශේෂ අවසරයක් නැතුව ඔහොම වැඩක් කරලා මැරුණේ නැතුව ඉතුරු උනොත් ලොකු දඩයක් එහෙම ගෙවන්න වෙනවලු. ඇනී ගුරුතුමිය බැරල් එකේ යන්න කලින් ඒ බැරල් එකේ පූසෙක් යවලා ටෙස්ටින් පාරක් එහෙම දාලා තියනවා. හරියට ලයිකා හඳට ඇරියා වගේ. සත්තු දාලා ටෙස්ටින් කරන්න නම් මේ රටේ මිනිස්සු හරි දස්සයි. 

මේ තියෙන්නේ 1930 දී කෙනෙක් එහෙම බැරල් එකේ යන වීඩියෝවක්. ඔහුගේ ජීවිතය නම් බේරිලා නැහැ.



තවත් මෝස්තරයක් වෙලා තියෙන්නේ ඇල්ල හරහා ලනුවක් ඇදලා රිටක් අරගෙන ඒක දිගේ යන එක. ඒ ඇරෙන්න කිසිම පාවෙන උපකරණයක් නැතුව (බැරල් එකක් වැනි) ඇල්ලෙන් පහළට වැටිලා දෙදෙනෙක් බේරිලා තියනවා. ඔවුන් සිය දිවි නසා ගන්න උත්සාහ කරපු අයද කියන එක හරියට පැහැදිළි නැතිලු. එහෙම එකකින් බේරුනාට පස්සේ ආපහු නම් දිවි නසාගන්න හිතන්නෙවත් නැතුව ඇති. 

අවසාන වශයෙන් පහළ වීඩියෝවත් බලලම යන්නකෝ. කවදාවත් නයගරා වලින් පැනලා දිවි නසාගන්න හිතෙන එකක් නැහැ. :))






මේ තියෙන්නේ නයගරා සංචාරය ගැන මම හදපු වීඩියෝව





78 comments:

  1. බොහොම ස්තූතියි සයුරී විස්තරයට . මාත් හරි ආසාවෙන් ඉන්නව නයගරා බලන්න යන්න . ඒ අවස්ථාව මට උදා වෙයි කියා සිතනවා , මගේ සොයුරියත් ඉන්නේ ඒ ලඟමයි කැනඩාවෙ . ඇයත් මට කිව්වා එහි අති මනස්කාන්ත බව .

    ReplyDelete
    Replies
    1. සටහනට බොහොම ස්තුතියි ගිම්හානි...ඔයාට ඒ අවස්ථාව ඉක්මනින් උදා වෙන්න කියලා පතනවා. කැනඩාවෙන් බලන්න තියනවනම් ඇත්තටම ඔයා වාසනාවන්තයි.

      Delete
  2. නයගරා වලට වතුර කොහෙන්ද කිව්වට විල්වලට වතුර එන්නේ කොහෙන්ද කිව්වෙ නෑනෙ..
    ගංගා වලින්ද?

    විල් පහම සම්බන්ධයි වගේ පේනවා. ඒවායේ වතුර මූදටත් යනවාද?

    අපේ සීයලා නයගරා බලන්න ගිය විස්තරේ නම් ඇහුවා. මේ වගේම කතාවක් තමයි කිව්වෙ. උඩම පින්තූරෙ නම් දැක්කෙත් අදයි. එතනින් තමයි නියම ලස්සන පේන්නෙ. පහළ මිනිස්සුත් එක්ක බලද්දි නයගරා ඇල්ල කොච්චර විශාලද කියලා තේරෙනවා.

    ස්තුතියි විස්තරේට..

    ReplyDelete
    Replies
    1. //විල්වලට වතුර එන්නේ කොහෙන්ද කිව්වෙ නෑනෙ//
      ඔව් නේ. ඒකනම් සිද්ධ වෙන්නේ අපේ වැව් වලට වතුර එන විදියට තමයි. විල් පහම එකිනෙකට සම්බන්ධයි පුංචි ගංගා වලින්. නයගරා හරහා ඔන්ටේරියෝ විලට ගිහින් එතනින් අත්ලාන්තික් සාගරයට සම්බන්ධ වෙනවා. හරී ගේ සීයා ඉන්නේ ඇමරිකාවේද

      Delete
    2. ඔන්ටේරියෝ විල අයිනෙලු ඉන්නෙ..

      Delete
  3. මේච්චර විස්තරයක් කියලා දුන්නට ගොඩක් පින් සයුරි..වීඩියෝ ටිකත් හොඳයි දැනගන්න..
    දිය ඇල්ල ගාව වායු බුබුළු නිසා එකේ ඝනත්වය අඩුයි..ඒක නිසයි වතුරෙ පාවෙන ගොඩක් අය දිය ඇලි වලදි මැරෙන්නෙ..
    මේක නම් දැනගත්තෙ උසස්පෙල ෆිසික්ස් පාඩමේදී..

    ReplyDelete
    Replies
    1. රූ කියපු පාඩම මටත් මතකයි. ගොඩක් අය තමන්ගේ හැකියාව ගැන විශ්වාස කරලා ඔය වගේ වැඩ කරන්න ගිහින් නිරපරාදේ ජිවිත නැති කර ගන්නවා. ස්තුතියි ඔයාට ඒ ගැන කිව්වට.

      Delete
  4. හැමදාම වගේ කියන්න වෙන්නේ සයුරි අක්කි නම් ඇවිදින විශ්ව කෝෂයක් කියලා. අර පින්තූර ටික නම් හරිම ලස්සනයි. ස්තූතියි අක්කියෝ......

    ReplyDelete
    Replies
    1. අප්පේ බට්ටි නඟා මාව මුරුංගා අත්තේ තියලා වගේ :)) තැන්කු තැන්කු. ඔයා ගමේ ගිහින් ආවද?

      Delete
    2. ඔය ඔය ඉතිං මොකට අපේ අක්කිව ඔය හයිය නැති අතුවල තියනවද මේ නංගා. ආවා අක්කියෝ 16 ආවේ.

      Delete
    3. මම දන්නවනේ :) හොඳයි හොඳයි..ගමේ අවුරුදු ගැනත් අපිට කියන්න එහෙනම් නංගා

      Delete
  5. නයගරා ගැන අපිව තවදුරටත් දැනුවත් කළාට බොහොම ස්තූතියි....!!

    මේ නයගරා ගැනම මංජුල වෙඩිවර්ධන ලියූ කවියක්(සමහරවිට කියවන්නත් ඇති)

    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2383#BM2383

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේක මම අදයි කියෙව්වේ. පුදුම ලස්සනක් තියෙන්නේ ඒ කවි ටිකේ. හැබැයි ඒ ලියලා තියෙන්නේ සමස්තයක් වශයෙන් කැනඩාව ගැන නේද? නයගරා එයින් එකක් විතරයි.

      Delete
  6. ලෝකයේ සුන්දරම සහ රමණීය දසුනක්. ගිහින් බලන්න හිතෙන විදියට සයුරි ලියල තියනවා පිංතූරටිකත් වීඩියෝ දෙකත් ලස්සනයි.
    නයගරා ගැන මෙහෙම ලියල තියෙනවිට "ටාසන් " කත‍ා මාලාව මතක් වෙනවා.
    ඒවගේම නයගරා දිය ඇලිල ආශ්‍රිතව සිනමා කෘති කීපයක්ම බිහිවුණා. ඒ අතර මම වඩාත් කැමැත්තෙන් නැරඹූ මැරලින් මොන්රේ සහ ජෝශප් කොට්න් රගපෑහෙන්රි හතාවේගේ "නයගරා' චිත්‍රපටය මුලුමනින්ම මේ දිය ඇල්ලවටා රූ ගත කල චිත්‍රපටයක්. එකත් ලස්සනයි.

    සයුරිගෙ සංචාරක සටහන් ටිකත් හැමදාටම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ටාසන් කතා මතක් වෙන්නෙ කියලා කියන්ඩ පුලුවන්ද ? මම දන්න විදිහට එඩ්ගර් රයිස් බරෝස් චූටි ටාසන් පැටියව ගිහින් දැම්මෙ බටහිර අප්‍රිකාවට.

      Delete
    2. අම්මෝ ටාසන් පොත් ටික මගේ ප්‍රියතම පොත් ටිකක් (කේ ජී කරුණාතිලක ගේ පරිවර්තන). අප්‍රිකාවට යන්න ආස හිතෙනවා අප්පා.

      නයගරා චිත්‍රපටිය මම බලලා නෑ. හොයාගන්න පුළුවන් උනොත් බලන්න ඕන. බොහොම ස්තුතියි ඔබට ඒ ගැනත් කිව්වට.

      Delete
    3. ඔයා එන්නකෝ අප්‍රිකාවට ආසාව නැති වෙලා යාවි.

      Delete
    4. අලේ :(

      ඝර්ම කලාපීය වනාන්තර...සබෝර්, නුමා, ටැන්ටෝර්...ටාර්සන් පොතේ තිබුණු අප්‍රිකාවට නම් මම හරිම ආදරෙයි...

      Delete
  7. කවද හරි යන්න ඕන . පංච මහා විලුයි නයගරා අල්ලයි දෙකම බලන්න . තොරතුරු ටිකත් ගොඩක් වටිනවා . සිතල වතුර බින්දු ඇඟට ඉහෙනවා වගේ දැනුනා . අපිව නම් දැන් රත්වේගෙන එන කාලය . . සීතලට බැන බැන හිටියේ . දැන් රස්නේ වෙන්න පටන් අරන් . අය්යෝ නයගරා බලන්න යන්න ඇත්නම්

    ReplyDelete
    Replies
    1. අපිත් මේ දවස්වල රත් වෙන්න පටන් අරගෙන අක්කේ. අනිවාර්යෙන් කවදාහරි බලන්න. පංචමහා විල් දැක ගන්න පුළුවන් වෙන විදියට වාහන ධාවනය සඳහා හදපු මාර්ගයකුත් තියනවා. කැනඩාව, ඇමරිකාව දෙකම හරහා යන. අපිට ඉතින් කැනඩා වීසා නැති හින්දා කරන දෙයක් ඇමරිකා පැත්තේ විතරයි පුළුවන්.

      Delete
  8. හයියෝ කවදා යන්නද අපි මේවගේ?

    ReplyDelete
  9. //නයගරා ගියොත් එහෙම අමතක නොකර කරන්න ඕන දෙයක් තමයි රෑට ඇල්ල නරඹන එක. හැම රාත්‍රියකම කැනඩාව පැත්තෙන් දිය ඇලි වලට වර්ණවත් ෆ්ලෑෂ් ලයිට් එල්ල කරන නිසා අමුතුම ලස්සනක් දකින්න ලැබෙනවා.//

    ඔයා සුන්දර මතකයක් අවදි කලා. රටවල් දෙපැත්තෙන්ම බලලා තියනවා. ඒත් බැලුවා මදි.:)

    ReplyDelete
    Replies
    1. දෙපැත්තෙන්ම බැලුවා කියන්නේ ඉතින් සිරාම සිරා :) මටනම් කැනඩාවෙන් බලන්න වාසනාව ලැබුනේ නෑ.
      //ඒත් බැලුවා මදි.:)//
      මේකනම් ඇත්ත තමා :)

      Delete
  10. කියල වැඩක් නෑ අක්කේ. නයගරා බලන්න ගියා වගේ. ලස්සන පින්තුර ටික වගේම විස්තරෙත් ඒ තරම්ම වටිනවා.

    අර බැරල් වලින් පනින කතාව මම පුංචි කාලේ ඩිස්කවරි එකෙන් දැකල තියනව. එත් අක්කගේ එක වීඩියෝ එකක් වත් මගේ කනෙක්ෂන් එකේ ප්ලේ වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි. හයියෝ වීඩියෝ ප්ලේ වෙන්නේ නැද්ද. හ්ම්ම් කමක් නෑ ඔයා බලලා තියනවනේ.

      Delete
  11. නියමයි. නයගරා ඇල්ලෙ කැලැන්ඩරයක් මගේ ලග තිබුන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, කෝ දැන් ඒ කැලැන්ඩරේ?

      Delete
  12. ඇත්තටම නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. එය මට සතුටක්. කලාකාරයාට ස්තුතියි මේ පැත්තේ ආවට :)

      Delete
  13. සයිබර් වන්දනාව තමයි ඉතින් කරන්න වෙන්නෙ
    බලමුකෝ කවදා හරි බලන්න යන්න :)

    ReplyDelete
    Replies
    1. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියනවනේ මල්ලි...බැරි වෙන එකක් නෑ. :)

      Delete
  14. ශා.. අනේ මටත් ආසාවක් ආවා, අර රෑට ෆ්ලෑශ් ලයිට් දාලා තියෙද්දි ඇල්ල බලන්න..:(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...එතකොටනම් ඇල්ල හරිම ලස්සනයි තමා. හැබැයි ටිකක් කෘතිමයි.

      Delete
  15. හරිම ලස්සනයි සයුරි.... පින්තූර ටික වගේම විස්තරයත්.... ඒ වගේම නොදන්න දේවල් ගොඩාක්ම දැනගත්තා.... කවදාහරි යන්න බලාපොරොත්තු වෙන නිසා බලන්න ඕන කොහොමද කියලත් තේරුනා....

    ReplyDelete
    Replies
    1. අම්මෝ මියුරු අක්කා එලියට ඇවිත් වගේ. දැකීමත් සතුටක් :) නියමයි...කවදාහරි බලන්න වටිනා තැනක් නම් තමා.

      Delete
  16. කවදා හරි හද අල්ලපු රටට ගියොත් ඉතින් අනිවාර්යෙන්ම නයගර මනමාලි බලන්න යනව කියල හිතා ගත්තා. අම්මෝ අර අන්තිමට දාපූ වීඩියෝ එක දැක්කම බයත් හිතෙනව

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මනමාලිවත් බලල එන්න :) අපෝ ඔව් ඒක බලද්දී ඇඟ හිරි වැටෙනවා...

      Delete
  17. අම්මියෝ අන්තිම වීඩියෝ එක දකිද්දී හිරිගඩු ත් පිපුනා :(

    හොඳ විස්තරයක් අක්කේ. කවදා බලන්න පුළුවන් වෙයිද මන්දා. බලමුකෝ :)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නංගා. මිනිස්සු මැරෙන්න හිතුවට මරණයේ අද්දරට ගියාම මරණ බය දැනෙනවා කාට උනත්. දැක්ක නේද පස්සේදී ජිවිතේ බේර ගන්න පොර බදාපු හැටි.

      Delete
  18. මරු විස්තරයක් අක්කේ විඩියෝ වලින් අන්තිම වීඩියෝවේ මූණක් වගේ එකක් තියෙනවානේ... නිකං කන්න බලං ඉන්න යකෙක් වගේ... හැබැයි ඒ වීඩියෝව මාර වැදගත්.. සියදිවි නසාගන්න ඕනේ නම් ඒ ගැන specialist කෙනෙක්ගෙන් ආධාර ගන්න ඕනේ හම්මෝ මැරෙන එක අමාරුවෙන් මැරෙන්න බෑ...

    නියමයි අක්කේ වෙනදා වගේම..

    ReplyDelete
    Replies
    1. //අන්තිම වීඩියෝවේ මූණක් වගේ එකක් තියෙනවානේ//

      හෑ?

      අන්න හරි මල්ලි. දිවි නසා ගන්න එකත් ස්ටයිල් එකට කරන්න ඕනේ :) අර මනුස්සය මැරෙන්න ගියාට අන්තිමේ කොයි තරම් බයක් හිතෙන්න ඇත්ද? බොහොම ස්තුතියි හොඳේ...

      Delete
    2. අර මිනිහාව ගොඩ ගන්න යන තැන අයිස් කන්දේ මූණක් වගේ පැහැදිලිවම පේන්න තියෙනවා ඒ වීඩියෝවේ ටෙක්ස්ට් එකකුත් දානවා ඒක ඒ මිනිහව ගිලින්න බලන් ඉන්න යකෙක් වගේ පේන්නේ

      Delete
    3. හැබෑටම ඔව් නේ...ගැමියා මල්ලිගේ ඇස් දෙක මාර හොඳයි වගේ...

      Delete
  19. අපූරු විස්තරයක්, හරියට දැන් නයගරා ගියා වගේ, ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. කොච්චර එකක්ද :) බොහොම ස්තුතියි...

      Delete
  20. කාලෙකට පස්සේ ලස්සන පෝස්ට් එකක් !!!
    නයගරා බලන්ඩ නම් ආසයි. ඒත් කොයි !!

    ReplyDelete
    Replies
    1. ආ...ළමයට දෙකක් කියන්න ඕන වෙලා තමයි මම හිටියේ. ඉන්නවද මැරිලද කියලාවත් රිප්ලයි එකක් දැම්මනම් නරකද අර ස්ට්‍රෝබෙරි පෝස්ට් එකටම :ප

      :)) කාලෙකට පස්සේ දකින්න ලැබීම ගැන සතුටුයි.

      Delete
    2. අම්මෝ මෙයාගේ සැර !!
      ආයේ නම් මොකද උනේ කියලා කියනවා. :)

      Delete
    3. හි හි....එහෙම නැතුව බෑ නේ ඉතින්...

      Delete
  21. දෙවෙනි වීඩියෝ එක ඉවර වෙනකන් හිතාගන්න බැරුව හිටියේ මොකදවෙන්නේ කියල.මේ ලඟදි මම ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා නයගරා ඇල්ල ගැන.කැනඩාව පැත්තෙන් අරන් තිබුනේ.

    ReplyDelete
    Replies
    1. අද කොහෙද තිබිල කියෙවුවා කැනඩාව දෙකඩ වෙන්න යනවා කියල.

      Delete
    2. ඒ වීඩියෝව මුලින්ම බලත්දී මමත් හොඳටම බය උනා.

      //අද කොහෙද තිබිල කියෙවුවා කැනඩාව දෙකඩ වෙන්න යනවා කියල.//

      අප්පට සිරි. සුවර් එකටම ඊළමක් දීලද දන්නේ නෑ.

      Delete
    3. ඔව් ක්‍යුබෙක් ප්‍රාන්තෙ වෙන් වෙන්න යනවලු..

      Delete
  22. අන්තිම වීඩියෝ එකනම් මාර ත්‍රිල්.. කොහෙන්ද ඕක හොයා ගත්තේ.. හරි පුදුමයි ඒ මිනිහව ගහගන නොගියා..

    තාම හරියට දුන්හිඳවත් බලන්ඩ බැරුව ගියා.. ඉතින් මොන නයගරාද..මෙහෙම බැලුවොත් මිසක් ගිහින් බලන්ඩ ලැබෙයි කියලානම් හිතන්ඩ අමාරුයි..

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අප්පා. වැටෙන කොට මම හිතුවා ගහගෙන ගියා තමයි කියලා.
      හනේ දුන්හින්දත් කොයි තරම් ලස්සනද. ඒ වගේම නපුරුයි. මුලින්ම දුන්හිඳ බලලා ඉන්ටකො එහෙනම්. නයගරාත් බැරි වෙන එකක් නැහැ.

      Delete
    2. @ සෙන්නා,

      ඔය රටේ දියඇලි ගැනත් දාන්නකො..

      Delete
    3. @ හරී,

      හහ් හහ් හාහාහා...... ඒක තමා අවුරුද්දේ හොඳම විහිලුව.....

      මෙහෙ තියනවා කරන්ට් නැති උනාම නතර වෙන දිය ඇලිනම්...

      Delete
  23. තව එකක් ඔය හඳ අල්ලපු රට කියන ප්‍රකාශය ඉවත් කරගත්තොත් හොඳ නැද්ද.. හැම දේකදිම වගේ ඕකුන් එතනදිත් ප්‍රෝඩාව කරලා තියෙන්නෙ. ඔය නම්බුව හරිනම් යන්ඩ ඕනා රුසියාවට.

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රෝඩාවක් කියලා ඔප්පු උනේ නෑ නේද? මුලින්ම යානාවක් හඳට යැව්වේ රුසියාව තමයි. ඒත් මිනිසුන් යැව්වේ ඇමරිකාව නේ. ඒකයි "අල්ලපු" කියලා කියන්නේ. රුසියාවට මෙව්වා ඕන නෑ. ඒකට හරිම ලස්සන නමක් තියනවා. "වසිලීස්සා ගේ රට" :) රුසියාව කිව්වම මටනම් මතක් වෙන්නේ අභාවකාශ තාක්ශනේ නෙමෙයි, අපි පුංචි කාලේ කියවපු ආදරණීය පොත් ටික...

      Delete
  24. මරුනේ...මටත් යන්න ආස හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. අපිටත් කියන්නකෝ එන දවසක

      Delete
  25. බලමුකො කැනඩාව පැත්තෙ ඉදල ඕක බලන්න අවස්තාවක් ලැබේවිද කියල දවසක....හොඳ විස්තරයක් අක්කෙ...අක්කගෙ මීටරෙන් පොඩ්ඩක් දෙන්න බැරි වේවිද දන්නෙ නෑ නේ........:)))

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අවස්ථාවක් ලැබෙයි. අයියෝ මගේ මීටරේ අරගෙන ඔයාගේ මීටරේ අස්පට් යවා ගන්න එපා අනේ :)

      Delete
  26. කම්පූටෙරේ කැඩුනයින් එන්න පරක්කු උනා.. ඒකෙන් බලන්නකෝ පළවෙනියා වෙන මට ලැබුන තැන...

    ගොඩක් හොද විස්තරයක් අක්කේ.. මේ වගේ සුන්දර දේවල් ගැන තව ටිකක් ලියමු.. මොකද ඉතින් මේවත් රස්තියාදු ගමන් නේ... :)

    ReplyDelete
    Replies
    1. හයියෝ...කොම්පුටරේ හදා ගන්න ඇති නේද? පළවෙනියට ආවත් අන්තිමට ආවත් මේ කමෙන්ට් මට කොච්චර වටිනවද :) අනිවාර්යෙන්...රස්තියාදුවේ යන්න මමත් මාර ආසයි. ලියන්නම්කො තව.

      Delete
  27. දවසක බලන්න යන්න ආසාවෙන් ඉන්නවා..
    සුන්දර නයගරාව..
    ගොඩක් ස්තූතියි අක්කෙ මේ වටින තොරතුරු වලට.. :)

    ReplyDelete
    Replies
    1. ආවොත් අපිටත් කියන්නකෝ නංගා...නයගරා අපිට දුර උනත් ආවා කියලවත් දැනගන්න පුළුවන්නේ...

      Delete
  28. මමත් දවසක යන්න ඕනා නයගරා බලන්න!

    ඊට කලින් අපේ ලංකාවේ හැම තැනම ගිහින් එන්න එපැයි! :D

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...මමත් අපේ රටේ හැම තැනම ගිහින් නෑ නේ :(

      Delete
  29. නයඟරා නම් සොඳුරුයිම තමා.... පින්තුර මෙච්චර ලස්සන නම් පියවි ඇසට කොතරම් ලස්සන ඇතිද?

    ReplyDelete
    Replies
    1. ඔව් නංගා...පියවි ලස්සන කැමරාවකට ගන්න ඉතින් හරිම අමාරුයි

      Delete
  30. ජීවිතේට සියදිවි නසා ගන්නේ නම් නෑ.. වැරදිලා වත් මැරෙන්න ඔන්න මෙන්න තියලා අපරාදේ කියලා හිතුනොත්..
    නයගරා නම් සුපිරියි! කවදා හරි දවසක දැක ගන්න ආසාවෙන් ඉන්නේ! බලමුකෝ!!

    ReplyDelete
    Replies
    1. // වැරදිලා වත් මැරෙන්න ඔන්න මෙන්න තියලා අපරාදේ කියලා හිතුනොත්..//

      අර මනුස්සයාටත් උනේ මේ දේ නේ :) ගොඩක් මැරෙන අයට මෙහෙම වෙනවා ඇති...
      ඔයාව සාදරයෙන් පිලිගන්නවා රැන්ගෝ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...