Wednesday, April 18, 2012

මුදුන් මල්කඩ - රාජාවලිය XVI



පහුගිය රාජාවලිය ලිපියෙදි අපි කතා කළේ මහසෙන් රජතුමා ගැන. අද එතැන් සිට...

මහසෙන් රජතුමා ගේ මරණයෙන් පස්සේ රජ උනේ ඔහුගේ පුත් කිත්සිරිමෙවන් රජතුමා (ක්‍රි. ව. 304 - 332). හැමෝම දන්නවනේ මහසෙන් රජතුමා ථෙරවාදී වෙහෙර විහාර වලට කරපු විනාශය ගැන. ඉතින් කිත්සිරිමෙවන් රජතුමා ඔහුගේ රාජ්‍ය කාලයෙන් වැඩි හරියක්ම කළේ තමන්ගේ පියා විනාශ කරපු විහාර ප්‍රතිසංස්කරණය කරවපු එක.

අපි බලමු මේ අතරේ අපේ අල්ලපු රටේ කළිඟු දේශයේ මොනවද උනේ කියලා. ඒ කාලයේ කළිඟු රට රජ කළේ "ගුහසිව" රජතුමා. බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතුව බාර වෙලා තිබුනේ එතුමාට තමයි. ඔය අතරේදී කළිඟු රටට සිද්ධ වෙනවා පන්ඩු නම් රජ කෙනෙක්ගෙන් එල්ල වුනු සතුරු කරදර වලට මුහුණ දෙන්න. මේ වෙලාවේදී ගුහසිව රජතුමාට ඇතිවෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දළදා හිමියන්ගේ ආරක්ෂාව. ඉතින් ඔහු තීරණය කරනවා එය ආරක්ෂාව පිණිස ලක්දිව ට වැඩමවන්න. ඒ කාර්යය කිරීම සඳහා යොදාගන්නේ එතුමාගේ ම දියණිය වන "හේමමාලා" කුමරිය සහ ඇගේ ස්වාමියා වන "දන්ත" කුමරු.

ඉතින් මේ කුමරාත් කුමරියත් බමුණන් විදියට වෙස් වලාගෙන දන්ත ධාතුව කුමරියගේ කෙස් කළඹේ සඟවා ගෙන ලක්දිව ඒමට නැව් නගිනවා. ඔවුන් ලංකාවට ගොඩ බසින්නේ ලංකාපටුන වරායෙන් කියලයි කියන්නේ. අද එහි විහාරයක් දකින්න ලැබෙනවා (ලංකාපටුන විහාරය).


දළදාවත් රැගෙන නිරුපද්‍රිතව ලක්දිවට ගොඩ බහින ඔවුන්, එවකට රජ වුනු කිත්සිරිමෙවන් රජතුමා මුණ ගැහිලා දළදාව ඔහුගේ භාර කාරත්වයට පත් කරනවා. අන්න ඒ විදියට තමයි බෞද්ධයා ගේ මුදුන් මල්කඩ විදියට හැඳින්වෙන දන්ත ධාතුන් වහන්සේ අපිට ලැබුනේ.

කිත්සිරිමෙවන් රජතුමා දළදා වහන්සේට උපරිම පුද සත්කාර කරලා දම් සක් මණ්ඩපයේ වැඩ හිඳුවනවා. එතැන් පටන් හැම රජ කෙනෙක්ම දළදාව මාළිගයක වැඩ හිඳුවලා කලට වෙලාවට පුද සත්කාර කරනවා. රටේ භාරකරු දළදාවේ භාරකරු ලෙසත් දළදාවේ භාරකරු රටේ භාරකරු ලෙසත් පිළිගනු ලබනවා. රජවරුන් එය අතපසු කළ අවස්ථා වල රහතන්වහන්සේලා ඉදිරිපත් වී දිවි දෙවැනි කොට දළදාව ආරක්ෂා කරනවා. අදටත් බෞද්ධ අපේ වටිනාම වස්තුවක් හැටියට සැළකෙන දෙයක් තමයි දළදාව. ඒ වගේම එය ආරක්ෂා කරගැනීමත් රටේ පාලකයාගේ වගකීමක් හැටියට සැලකෙනවා.

ඉතින් මේ සිදුවීම උනේ කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේදී නිසා එතුමාත් පින්වත් රජෙක් කියලයි මට හිතෙන්නේ. මුලින්ම මිහිඳු පෙරහැර පැවැත්වුවා කියලා සඳහන් වෙන්නෙත් එතුමා තමයි. මේ විදියට ධාර්මිකව අවුරුදු 28 ක් රජකම් කරපු කිත්සිරිමෙවන් රජතුමාට පසුව රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු "දෙටුතිස් II" (කලිනුත් දෙටුතිස් නමින් රජ කෙනෙක් හිටියා මතකයි නේද?).   දෙවන දෙටුතිස් රජතුමා ඇත් දත් කැටයමේ මනා නිපුනත්වයක් තිබුණ කෙනෙක් ලු. තමන් දන්නා ශිල්පය රට වැසියාට උගන්වන්නත් එතුමා කටයුතු කළා ලු. ඒ වගේම එතුමාත් නොයෙක් පින්කම් වල නිරත වෙලා තියනවා.

මේ විදියට දෙවන දෙටුතිස් රජතුමා (ක්‍රි. ව. 332 - 341 ) දැහැමෙන් අවුරුදු 9 ක් රජකම් කරනවා. ඔහුගෙන් පසු රජ වුනු ඉතාමත් සුපතළ රජෙක් ගැන අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු.

55 comments:

  1. මම එක වගේ... අදත් තෑගී ඕනේ... :)

    ReplyDelete
    Replies
    1. කිත්සිරිමෙවන් රජතුමා පින්වන්තයි කියලා කියපු කතාවට මාත් එකගයි.. බුදු දහමට පස්සේ ලංකාවට ලැබුන වටිනාම වස්තුව..

      Delete
    2. හරියටම හරි....බුදු දහමට පස්සේ ලැබුන වටිනාම වස්තුව

      තෑගී තිබේ:)

      [im]http://dl.dropbox.com/u/16187387/2998815478_2c54e9e807.jpg[/im]

      Delete
    3. ඔය තෑගි දෙන විදිහ මටත් කියලා දෙන්ඩකො..

      Delete
    4. මෙතනින් ගිහින් බලන්ටකෝ

      http://www.spiceupyourblog.com/2010/12/images-colored-text-blogger-comments.html

      Delete
    5. තැන්කූ තැන්කූ.. හොද වෙලාවට අද කවුරුවත් භාගයක් ඉල්ලලා නෑ.. ඒ නිසා තනියම කන්න පුළුවන්.. :)

      Delete
    6. @දිනේශ්,

      චූටි කෑල්ලක් දෙන්ට බැරිද? :D:D:D

      Delete
    7. දැන් පරක්කු වැඩියෝ......... :D

      Delete
  2. මාත් දිනේශ්ගේ කතාවට එකඟයි. (තෑගි ඉල්ලපු එක එහෙම නෙමේ.)))

    අර උඩ තියන පින්තූරේ මම ආසම පින්තූරයක්. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ චිත්‍රෙ නම් හරිම ලස්සනයි තමා :))

      Delete
  3. අක්කේ, අක්කා මේ බ්ලොග් එක සංස්කෘතික මණ්ඩලයකට භාර දෙන්න. අක්කට එකේ ජොබ් එක්ක් කරන්නත් පුළුවන්වෙයි...

    ReplyDelete
    Replies
    1. මේ පික්සු කතා කියන්න එපා.. එතකොඅ පහන් යාය නිකම්ම නිවිලා යාවි.. අක්‍රමවත් පාලනය නිසා..

      Delete
    2. හිහි...ඇත්තටම එහෙම කරන්න පුලුවන්නම් හොඳයි තමා. හැබැයි දිනේෂ් මල්ලි කිව්වා වගේ ඔය මණ්ඩල වල වැඩ ගැන සුවර් කරන්නත් බෑ නේ...:))

      Delete
  4. මේ විස්තරයනම් මම අහල තිබුනා..කිත්සිරිමෙවන් රජු පිංවන්ත රජෙක්..දලඳා වහන්සේ අපේ රටට ලැබුනෙ එතුමා දැහැමින් ලංකාව පාලනය කල නිසාම වෙන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...ඔහු අධාර්මික උනානම් ගුහසිව රජතුමා හිත හදාගෙන ඒක අපිට දෙන්නේ නැහැ නේ...

      Delete
  5. අපූරු විස්තරයක් අක්කේ ...

    ReplyDelete
  6. ලංකා පටුන තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
    Replies
    1. දළදා වහන්සේව එළියට ගත්තාම වහිනවා කියන කතාව ඇතිවෙලා තියෙන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද?

      Delete
    2. ලංකාපටුනට මම කවදාවත් ගිහින් නැහැ. තියන තැන ගැන නම් දයානන්ද අයියා යට උත්තරයක්‌ දීලා තියනවනේ...වහින කතාව පැහැදිලි කරන්න නම් මම දන්නේ නෑ. මම තාම ඒ සිද්ධිය ඇස් දෙකෙන් දැකලත් නෑ. හැබැයි ඒක අත්විඳපු අය ඉන්නවලු.

      Delete
    3. හරී,

      ලංකා පටුන ගැන විස්තරයක්

      http://www.silumina.lk/2012/04/08/_art.asp?fn=ay1204081&p=1

      Delete
  7. ස්ත්‍රීයකගේ හිසකෙස් අතර හංගන් ආපු දළදාව තියන දළදා මාලිගාවේ පත්තිරිප්පුවට ගැහැණු අයට යන්න දෙන්නෑ කියලා මම අහලා තියනවා. ඒ ගැන අදහසක් තියනවද ?

    හැමදාම වගේ ඉතින් අපිට සරලව ඉතිහාසය උගන්වන සයුරි මිස්ට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නෑ සෙන්නෝ...ඔය ගැන මටනම් තියන එකම අදහස තමයි අපේ සමාජයේ ස්ත්‍රිය පහත් කරන්න තිබුණු මානසිකත්වය. දළදා ව වැඩියේ ස්ත්‍රියකගේ කෙස් කළඹේ සැඟවිලා...ශ්‍රී මහා බෝධිය වැඩියේ තෙරණියකගේ දෑතේ. එහෙව් එකේ ගෑනුන්ට පත්තිරිප්පුවට යන්න බෑ. බෝධියට, ධාතු වලට ආවතේව කරන්න බෑ. අනේ මන්දා. සමහර විට අපි නොදන්නා හේතු ඇති. ඒත් පිළිගත හැකි තර්කයක් නම් මම අහලා නෑ.

      ඇත්තටම මේ ගැනනම් වෙනම පොස්ටුවක් ලියන්න වටිනවා. ගැහැණිය කියන්නේ අපිරිසිදු දෙයක්ද? කොටින්ම සිදුහත් කුමාරයා බිහි වුනෙත් මව් කුසකින් මිසක් නෙලුම් මලකින් නෙමෙයි නේද?

      Delete
    2. මිනිස්සුන්ගේ මෝඩ අදහස් තමා ඉතින් ඔය.. ගැහැණිය නැත්නම් මේලෝකෙ පැවැත්මක් කොහෙද ? සැම ගැහැණියක්ම රැජිනක් කියන එකනම් උදේ හවා අහන්ඩ ලැබෙනවා එක වෙළඳ දැන්න්වීමකනම්.. ඒත් ප්‍රායෝගික තත්ත්වය ඔහොම තමයි.

      Delete
    3. අනේ ඇත්තටම ගැහැණිය රැජිනක් කියන්නෙත් ඔය මාකටින් වලටනේ :) ගැහැණිය, කාන්තා විමුක්තිය කියන්නේ ඉතින් නැගලා යන මාතෘකා නේ. ඒවත් වෙළඳ භාණ්ඩ බවට පත් කරලා වගේ අපේ කට්ටිය හිහි. සෙන්නා වගේ අය මේ කාරණා දිහා මැදහත්ව බැලුවට ගොඩක් පිරිමි උදවිය එහෙම නැහැ නේ.. :(

      Delete
  8. ඔන්න පළමුවෙන්ම හරී අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ.
    ලංකාපටුන තියෙන්නෙ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ. කින්නියා සහ සේරුනුවර (සේරුවිල) පහුකරලා කිලෝමීටර් 28 ගිය පසු ලංකා පටුන හමුවෙනවා. ඉස්සර නම් ගොඩබිමෙන් යන්න පාලමක් තිබුණා. යුද්දය නිසා පාලම මුහුදට සමතලාවෙලා දැන්.
    ඒ නිසා කෙටිප දුරක් බෝට්ටුවෙන් යා යුතුයි. නාවික හමුදාව බෝට්ටු පහසුකම් සලසලා තියෙනවා. මම ගියමාසෙ හදිස්සියෙන් විසිට් එකක් දැම්මා ලංකා පටුනේ.

    ඊළඟට අද පොස්ට් එක ගැනයි. ඉතිහාසය මේතරම් රසට මිහිරට ලිවීමම මහා පුණ්‍ය කර්මයක්. මොකද පොත්පත්වල තියෙන්නේ කම්මැලිකමට නිදිමත හැදෙන භාෂා රටාවක්නේ. ඒ ගැනනම් සයුරි කාගෙත් පැසසුමට ලක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හරී ට උත්තරයක්‌ දුන්නට...මමත් තාම ගිහින් නැති තැනක්. ඔබටනම් වාසනාව තිබිලා වගේ එහෙ යන්න. ලිපිය ගැන කරපු ඇගයීමටත් බොහොම ස්තුතියි. සරල භාෂාව යොදා ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා :)

      Delete
    2. @ දයා අයියා,

      බොහොම ස්තුතියි, දයා අයියා බොහෝමයක් තැන්වල ගිහින් තියෙන බව පේනවා.

      Delete
  9. ම් ස්තුතියි සයුරි..
    ඉස්සර ඉගෙන ගත්ත දේවල් ගොඩක් ආයෙත් මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි රූ :)

      Delete
  10. මගේ ආසම පොටෝ එකක් උඩම දාලා.... ඊළඟට මම ආසම ස්ථානයක් ගැන.... මරු අක්කේ....

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ එකට ගොඩක් අය ආසයි වගේ :) නංගි ලන්කාපටුනේ ගිහින් තියද

      Delete
  11. ගොඩක් ස්තූතියි! නැවත නැවතත්! :)

    ReplyDelete
  12. ස්තුති සයු.. මට ඉස්සර ඉතිහාසය පේන්න බැහැ.. එත් මේක හොදා !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි සෑමෝ. මටත් ඉස්සර ඉතිහාසේ පෙන්නන්න බැහැ :)

      Delete
    2. මමනම් ඉස්සර ඉඳලම හරිම ආසයි...
      අපේ ආච්චි අපිට පැරණි කතා කියල දීපු නිසා පුංචි කාලෙම ඉතිහාසෙට අසාවක් ඇතිඋනා කියල මට හිතෙනවා.

      Delete
    3. ලොකු පුතා වාසනාවන්තයි. මට ඉතිහාසේ එපා උනේ ඉස්කෝලෙදි.

      Delete
    4. මමත් පොඩි කාලේ ඉඳල ඉතිහාසය ඉගන ගන්න ආසයි මට තම ඉතිහාසෙට පන්තියේම වැඩියෙන් ලකුණු තිබුනේ.අනේ මන්දා අපේ පන්තියේ හිටපු ගොඩක් දෙනෙක්ට ඉතිහාසය පෙන්න බෑ...

      Delete
    5. ශා අසරණයා හරි හොඳ ළමයෙක් නේ....

      Delete
  13. ඔන්න අදත් ආවා ! හැමදාමත් වගේ මේ ලිපි පෙල දිගටම කරන් යන්න අපි සපෝට් !!! ඒ වගේම සයුරි අඳුන්වා දුන් අළුත් තෑගි සිස්ටම් එකටත් මගේ මනාපය !!!

    සෙන්නා මතුකල කාරණා සමග එකඟයි ! ඒ වගේම තවත් ප්‍රශ්ණයක් තියෙනවා. දැන් අපේ අය ඉන්දියාවත් එක්ක වලි මූඩ් එකේ ඉන්න වෙලාවේ එහෙන් ගෙනිච්ච ඔක්කොම අපිට ඕනේ කියලා ඉන්දියන් කාරයෝ ඉල්ලුවොත් !!!

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ඔයාට බොහොම ස්තුතියි චතුරංග මේ දෙන සපෝට් එකට :) අන්න තෑගි දෙන විදිය සෙන්නාට රිප්ලයි කළා.

      // එහෙන් ගෙනිච්ච ඔක්කොම අපිට ඕනේ කියලා ඉන්දියන් කාරයෝ ඉල්ලුවොත් !!!//

      හප්පොච්චියේ..විනාසයි :ඩි

      Delete
    2. එසේ වුවහොත්, විශාල වාසි සමග විශාල අවාසිද ඇත...

      ඔවුනට අපේ පුජනීය වස්තුන් මිස බුදු දහම නැවත ගත නොහැක, බුදු දහමෙන් අප ලද අධ්‍යාත්මික සුවය සහ ධර්ම කරුණු ඔවුනට කිසිදා ගත නොහැකි බැවිනි...
      පුජනීය වස්තුන් ඔවුන් නැවත රැගෙන ගියද පුජනීය ස්ථාන කෙරෙහි අප සිත්තුල ඇති ශ්‍රද්ධාව එසේම පවතිනු ඇත.

      රටෙන් බාගයක් ඉල්ලා සිටි උදවියවද ඒ අයුරින්ම ආපසු ගන්නේනම් එය අපේ රටට වාසියකි.
      ඊට අමතරව රටෙන් කොටසක් අල්ලා ගැනීමට මාන බලන තවත් කොටසකටද ඒ සමගම යාමට සිදු වේ. ඔවුන් බහුතරයද ආවේ අල්ලපු රටේ සිට බැවිනි....

      ඒ යෝජනාව මගේ ඔළු ගෙඩියට තේරෙන පරිදිනම් හොඳ යෝජනාවකි.... ;)))

      Delete
    3. අප්පා...ඒකත් හැබෑව. ඒ ගොල්ලොත් අයිති අල්ලපු රටට නේ. හැබැයි ඒ වැඩේට නම් එයාල කැමති වෙන එකක් නෑ. අපේ කැම්පස් එකේ ඉඳපු දෙමළ යාලුවන්ගෙන් අපි ඇහුවම "රටෙන් කෑල්ලක් දුන්නොත් දැන් වැල්ලවත්තේ ඉන්න දෙමළ අයව එහාට ගන්නවද?" කියලා, එයාලා කිව්වේ "ඔන්න ඔහේ ඒ අය ඉන්න තැන් වලම හිටපු දෙන්" කියලා.

      Delete
  14. එන්න ටිකක් පරක්කු වුනා.

    ධන්ත දාතුන් වහන්සේ ලංකාවට වැඩමවපු හේතුව දැනගත්තේ අදයි. හැමෝම කියනවා වගේ ඔයා ලියන විදියට ගොඩක් මතක හිටිනවා.එත ඇයි අද ලිපිය කෙටි කරලා.

    ReplyDelete
    Replies
    1. අලේ කිසිම පරක්කුවක් නැහැ අසරණයෝ

      මේ ලිපිය හිතලම මෙතනින් නැවැත්තුවා ඊ ලඟට ඉන්න රජතුමා ටිකක් වැදගත් කෙනෙක් නිසා. එයා ගැන මේකෙම ලියන එක එතුමාට කරන අසාධාරණයක් කියල හිතුනා :)

      Delete
  15. හැමදාම වගේ සරලයි, හොඳයි...
    ස්තුතියි සයුරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු පුතා :)

      Delete
  16. ඉතිහාසයට නම් ඉස්සර ඉදන්ම ආසයි,ඒත් ඉතින් ඉස්කෝලෙදි නම් කරන්න ඉඩක් ලැබුනේ නෑ.
    සයුරි අක්කගේ පොස්ටු කියෙව්වම සැහෙන්න දෙයක් ඉගෙනගන්න පුළුවන්.
    මට තව හෝම් වර්ක් නුත් තියෙනව පහුගිය පොස්ටු කියවන්න :D

    ReplyDelete
    Replies
    1. ළමයා ඉතිහාස පීරියඩ් එක කට් කරා නේද? :) හොඳා හොඳා එහෙනම් හෝම් වර්කුත් කරමුකෝ :D

      Delete
  17. "ඔය අතරේදී කළිඟු රටට සිද්ධ වෙනවා පන්ඩු නම් රජ කෙනෙක්ගෙන් එල්ල වුනු සතුරු කරදර වලට මුහුණ දෙන්න. මේ වෙලාවේදී ගුහසිව රජතුමාට ඇතිවෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දළදා හිමියන්ගේ ආරක්ෂාව. ඉතින් ඔහු තීරණය කරනවා එය ආරක්ෂාව පිණිස ලක්දිව ට වැඩමවන්න"

    මේක නිවැරදි කතාව නෙමෙයි. මේකට මේ විස්තරත් ඇතුළ් වෙන්න ඕනේ

    පාටලී පුත්‍රයට අධිපති පණ්ඩු රජ්ජුරුවෝ ගාව හිටපු අන්‍යාගමික කොටස් රජ්ජුරුවන්ට කේළම් කියනවා "ඔබතුමාගේ සාමන්ත රජෙක් වෙන ගුහසීව ඔබ වහන්සේ පුදන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර දෙවියන්ට නින්දා කරමින් මිනී ඇටයකට පූජා කරනවා" කියලා.

    මේ නිසා පණ්ඩු රජතුමා අණ කරනවා දළදාව තමන්ට භාරදෙන්න කියලා. මේ යටතේ පණ්ඩු රජතුමා ගුහසීව රජතුමා විසින් දළදාව භාරදුන්නාට පස්සේ පණ්ඩු රජතුමාගේ අණින් දළදාව අඟුරු වළක දාලා ගිනිබත් කිරීම, යගදාවකින් තැලීම දේවල් කරලා දළදාව විනාශ කරන්න ගියත් ඒක සාර්ථක නොවුණු නිසා දළදා ප්‍රාතිහාර්යය නිසා බුදුන් සරණ ගිහින් දළදාව නැවත වරක් ගුහසීව රජ්ජුරුවන්ටම භාර කරනවා.

    ඊට පස්සේ ඛීරදාර කියන රජ්ජුරුවෝ කලිඟු රට ආක්‍රමණය කරලා "දළදාව ලබාදෙන්න හෝ යුද්ධ කරන්න" කියලා කියපු නිසා තමා දළදාව ආරක්ෂා කරන්න ගුහසීව රජතුමා හේමමාලා සහ දන්ත කුමරු මාර්ගයෙන් ලංකාවට දළදාව වැඩම කරවන්නේ

    දළදා වහන්සේ සම්බන්ධ කතා පුවත් සියල්ලම අඩංගු වෙන දෙව් රද දම් පසඟිනාවන් රචනා කරපු දළදා සිරිත කියව්වොත් තවත් වැඩි විස්තර දැනගන්න පුලුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විස්තරයට

      Delete
  18. රාජාවලිය පොත කියවන්න කම්මැලි හිතුණත් සයුරි ඉදිරපත් කරන විදියට නම් ආසාවෙන් කියෙව්වා.. දළදාව වැඩවවීම ගැන චිත්‍රපටයකුත් මේ දවස් වල කෙරෙනව කියල ටීවී එකේ දැක්කා.. අර දළදාව එලියට ගත්තාම වහින කතාව විද්යාවෙන් ඔප්පු කරන්න බැරි උනත් ඇත්තක් තියනව.. මොකද මම අවුරුදු ගාණක් නුවරට කිට්ටුව හිටපු නිසා දන්නව දැනුත් පෙරහරේ ගෙනියන කරඩූව ඇතා පිට තැන්පත් කරන කොටත් (පෙරහරේ ගෙනියන්නෙ සැබෑ දලදාව සහිත කරඩුව නොවේ)පෙරහරට බාධා නොවන විදියට පොඩි පහේ වැස්සක් යනව..

    ReplyDelete
    Replies
    1. ඔයාට ආස හිතුන එකනම් සතුටට කාරණයක් තොටියෝ. ඒ වගේම දළදාව සහ වැස්ස ගැන කියපු කරණු වලටත් බොහොම ස්තුතියි. ඒක හොඳ සාක්ෂියක් :) අපිට ඒවා දකින්න වාසනාවක් නැහැ නේ. චිත්‍රපටිය නම් කොහොමහරි බලන්න ඕන. කිව්වමත් ආස හිතුනා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...