Monday, May 21, 2012

නලලේ තිලක තියන කිරිල්ලී




"සිංහල සින්දු කියන, නලලේ තිලක තියන කිරිල්ලියේ
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී"

මේ ගීතයේ උපත ගැන ගොඩක් දෙනා දන්නවා ඇති. ආදරය වෙනුවෙන් තමන්ගේ පවුල, ගම වගේම ජාතියත් අත ඇරලා ඉගිලිලා ගියපු කිරිල්ලියකගේ කතාව.

ඇය නමින් "විනීතා ගුණසේකර". පාසල "නාරන්දෙණිය මහා විද්‍යාලය". මගේ අම්මාගේත් පාසල. ඇය, අම්මාට වඩා වසරක් හෝ දෙකක් වැඩුමහල්. ඉතින් මේ විස්තර වැඩි හරියක් මට කිව්වේ අම්මා, ඇයට මතක විදිහට. මේ ගැන අන්තර්ජාලයේ හෙව්වට වැඩි විස්තරයක් හමු උනේ නැහැ.

ගමන බිමන සහ ක්‍රියාවෙන් ගැහැණියකට වඩා පිරිමියෙකුට සමාන වූ විනීතා ඒ දිනවල පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව යි. පැහැපත්, කැපී පෙනෙන රූපයක් තිබූ ඇය අයත් වුනේ ගමේ වැදගත් පවුලකට. ඇගේ පියා ගම්පති කෙනෙක්. බාල සහෝදරියන් කිහිප දෙනෙකුත් මේ පවුලට අයත්. පළමු වර උසස් පෙළ ලිවු විගසම ඇය කළේ පොලිසියට බැඳීම.

මේ කාලය 1974 - 76 අතර කාලය විය යුතුයි. පොලිස් සේවය සඳහා කොළඹ යන විනීතා ට ඇගේ පෙම්වතාව පොලිස් දෙපාර්තමෙන්තුවෙන්ම හමු වෙනවා. ඔහු "නඩේසන්". මේ අසම්මත යයි සම්මත ප්‍රේමයට ගෙදරින් එල්ල වුනු බාධා හමුවේ ඔවුන් තීරණයක්‌ ගන්නවා.

රහසේම විවාහ වීම...

විවාහයෙන් පසුව ඇය නැවත ගෙදර එන්නේ නැහැ. පොලිසියේ සේවය කරමින් කොළඹම රැඳුණු ඇය පවුලෙනුත් ගමෙනුත් ඈත් වෙනවා. දිනක් අම්මාගේ වෙනත් මිතුරියක විසින් කතරගමදී ඇය දැක තිබුනේ කොණ්ඩයේ මල් ගැසූ, නාසයට කරාබු දැමූ නියම දෙමළ ගැහැණියක ලෙසින්.

ත්‍රස්තවාදී කලබල පටන් ගන්නේ මේ අතරතුර. ඇගේ කරුමයට හෝ අපේ කරුමයට නඩේසන් ත්‍රස්තවාදීන්ට එකතු වෙනවා. පෙර සිටම නඩේසන් සහ විනීතා එකතු වී, පොලිසියේ සේවය කරන අතර කොටි සංවිධානය ට ඔත්තු සැපයූ බව අසු වෙද්දී ඔවුන් යාපනයට පැන යන්නේ නැවත නොඑන්නම. ඉන්පසු ක්‍රියාකාරී ත්‍රස්තවාදයට නඩේසන් එළඹෙන්නේ කොටි පොලිස්පති විදිහට. කොටි පොලිස්පති ගේ බිරිඳ වන විනීතා කොටින්ට සිංහල ඉගැන්වීම ආදියෙන් සැමියාට උපරිම සහයෝගය ලබා දෙනවා. තමන්ගේ මව මරා හෝ ඊළම ලබා ගැනීමට කොටින්ට සහය වන බව ඇය ප්‍රකාශ කරන්නේ කිසිම පැකිලීමකින් තොරව.

මේ අතර ඇයව දරු කමින් අයින් කරන විනීතා ගේ දෙමාපියන් ඇය මැරුණු බව සිතා හිත හදාගන්න උත්සාහ කරනවා. සොහොයුරියන්ගෙන් ඈ ගැන විමසූ විටත් ලැබෙන්නේ "ආ...එයා මැරිලා දැන් ගොඩක් කල්" වැනි පිළිතුරක්.

ත්‍රස්තවාදය මැඩලීමේ අවසන් සටනේ අවසන් දිනවල කොටි නායකයින් එකා එකා මරා දමද්දී නඩේසන් ටත් එයින් ගැලවෙන්න පුළුවන් කමක් ලැබුනේ නැහැ. මරණය අභිමුවේ විනීතා අභය දානය ඉල්ලන්නේ "අපි සිංහල...." යයි කියමින්. තමන් මෙතෙක් කල් ද්‍රෝහී වූ, සිංහල ජාතියේ නම විකුණා ඇය ට අභය දානය ලබා ගැනීමට නොහැකි වූ නිසා අද ඇයත් මළවුන් අතර.

මේ කතාවේ හරි කවුද වැරදි කවුද කියලා විග්‍රහ කරන්න මම දන්නේ නැහැ. ඒත් ප්‍රශ්න ගොඩක් නම් හිතට එනවා.

"ආදරේට හැම දේම යටයි ද?"
"ආදරයේ නාමයෙන් ජාතියට එරෙහි වීම ද්‍රෝහී කමක් ද?"
"ගැහැණියකට රට, දැය හා මවටත් වඩා වටින්නේ සැමියා ද?"
"ඔබ විනීතා නම්, ඔබ කුමක් කරයිද?"

104 comments:

  1. හ්ම්ම්.. මම මේ වෙනකන් නොදැන හිටපු කතාවක් මේක.. ආදරේදි සීමා මායිම් නෑ කියලා කියනවනේ.. සමරවිට මෙතනත් උනේ ඒ දේම වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. අදත් මම එක වෙලාලු.. :)

      Delete
    2. අද සයුරි අක්කා තෑගි දෙන්නෙ නෑලු...:D

      Delete
    3. හෙහ්... එවුවා කොහේද??

      තෑගි එපා අක්කේ.. අර ගෙවල් ගාව ගෑල්ලමයෙක් ඉන්නවා කතා කරන්නනම් කිවුවනේ මට.. ඒකට මොකෝ උනේ?? අන්න ඒ ගැන කියන්නකෝ.. ;)

      Delete
    4. තෑගි දෙන්නෙ බට්ටි අක්කා ඇර අනිත් අයටලු ඉතින්... :D

      දිනේශ් අයියා.... හොදා හොදා...


      සයුරි අක්කෙ කතාව කියෝලම කමෙන්ට් කරන්නම් හොදද

      Delete
    5. හ්ම්ම්..සීමා මායිම් නැති කම තමා මෙතන වෙන්න ඇත්තේ මල්ලි...

      ඔන්න බලන්න අපේ මල්ලිට දැන් තේරිලා තියනවා තෑගි වලට වඩා වටින දේවල් තියනවා කියලා :) එයා ඉතාලි එන්න කැමති වෙයිද කියන එක තමා ප්‍රස්නේ...හ්ම්ම්

      බට්ටියෝ...දැන් ඔය ටොෆි චොකලට් වලින් දිනේෂ් මල්ලිට වැඩක් නෑලු...

      කියෝලම කමෙන්ට් කරන්නකෝ එහෙනම් අපි වගේ මල්ලි :)

      Delete
    6. ටොපි චොකලට් කන්න පොඩි ළමයි නෙමෙයි නේ අක්කේ අපි දැන්.. එනික එව ඉල්ලුවම මේ බට්ටි අක්කා එක්ක බෙදා ගන්න වෙනවා... :)

      Delete
    7. හරි හරි ඉන්නකො ඔය වගේ තෑගි නම් සයුරි අක්කා දැන් දෙන්නෙ ඔන්න මම ආයෙම වෙනකාටවත් නම් එක වෙන්න දෙන්නෙ නෑ. (සිතමින් ...මලය නිවාඩුවට ගෙදර යන්නත් බෑ කිව්වෙ මේක නිසා තමයි එහෙනම්. නැන්දට හෙමින් කිව්ව නම් ආයෙ මෙයා එක වෙන එකක් නෑ)

      අපි වගේ මලයා...
      මලයට තමයිලු තෑගි දෙන්නෙ නැත්තෙ. මොකද කියවන්නෙ නැතුව කමෙන්ට් කරනවා කියලා.හූ හූ....

      අක්කා සයුරි
      ඒකනේ අක්කෙ මේ දිනේෂ් මලයා දැන් සිකුරා ලබලලු. ඉතිං හිතන්නෙම රුවැත්තියෙ ගැනමලු...:D

      Delete
    8. අනේ යන්න බට්ටි අක්කෙ :(
      මං කියෝලා කමෙන්ට් කරන්නැත්තෙ ඔයාලා මැද්දට පනින නිසානෙ. කියෝලා කමෙන්ට් කරන්න හදද්දි මං හැමදාම අන්තිම.

      හරි දැන් මගේ අදහස:

      අක්කා අන්තිමට අහලා තියන ප්‍රශ්ණ වලට දෙන්න උත්තරයක් හිතුවා සෑහෙන වෙලාවක ඉදන්.

      ආදරේට හැමදේම යටද?

      නෑ හැමදේම යට නෑ.ඒත් මෙහෙමයි මට හිතෙන්නෙ.ජාතිය,ආගම,රට වෙනුවෙන් තියෙන්නෙත් ආදරයක්.ඒක ඔය අපි කියනවා වගේ ආදරයක් නෙමේ.ආදරයක් නොතිබුනානම් කොච්චර සල්ලි දෙනවා කිව්වත් යුද්ද කරන්න යයිද කවුරැත්ම.නෑ එහෙම යන්නෑ.

      ආදරයේ නාමයෙන් ජාතියට එරෙහි වීම ද්‍රෝහී කමක් ද?

      මෙතන ආදරේ කියන්නෙ කතාවෙ හැටියට විනීතා නඩේසන්ට තියන ආදරේනෙ.එහෙම නම් ඒක ද්‍රෝහී කමක් තමයි.තමන්ගෙ ආදරේට ද්‍රෝහී වෙන්නෑ ඇත්තටම ආදරේ කරන කවුරැත්.

      තුන් වෙනි පුරස්නෙ... ම්ම්ම්...සරලයි.ඒත් ගැඹුරැයි.සැමියා කියන්නෙ ගැහැනියෙක්ගෙ ජීවිතේ.ඒත් මෙහෙමයි. සැමියා වුනත් කරන්නෙ වැරැද්දනම් ගැහැනිය කරන්න ඕනෙ හරි දේ මිසක් සැමියා කරන දේට උදව් කරන එක නෙමේ.ඒත් මෙතන වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්තනෙ.
      ඒ කියන්නෙ වැරදි විනීතා.නඩේසන් සම්පූර්ණයෙන්ම වැරදි. ඔය වගේ මිනිස්සුන්ට කරන්න දෙයක් මේ ලෝකෙ ඉතිරි වෙලා නෑ.


      4 වෙනි ප්‍රශ්ණෙ සයුරි අක්කා මගෙන් අහනවා කියලා හිතලා උත්තරේ දෙනනම්.

      හිතාගන්න බෑ.එහෙම වුනොත් එදාට මට හිතෙයි මෙහෙම

      ආදරේද(නඩේසන් ද)? ජාතියද?

      ස්තූතියි අක්කෙ පෝස්ට් එකට.නොදන්න දෙයක් දැනගත්තා.

      Delete
    9. දිනේෂ් මලයා සහ බට්ටි නගා.....ඔය ජාතියේ තෑගි නම් ඉතින් බෙදාගන්නවා බොරු :)

      අපිවගේ මල්ලි : ඔය තියෙන්නේ නියම කමෙන්ට් එකක්...සාර්ථක උත්තර දීලා තියනවා. 4 වෙනි එකට උත්තර දෙන්නනම් කාට උනත් අමාරුයි. ඇත්තටම මම මෙතන ආදරේ කියලා කිව්වේ මිනිස්සු අතර ඇතිවෙන ආදරේට.
      //සැමියා වුනත් කරන්නෙ වැරැද්දනම් ගැහැනිය කරන්න ඕනෙ හරි දේ මිසක් සැමියා කරන දේට උදව් කරන එක නෙමේ//
      සහතික ඇත්ත.....
      ස්තුතියි මල්ලි කමෙන්ටුවට...

      Delete
    10. අපි වගේ මලයාගේ කමෙන්ටුව කියවා බැලීමෙන් පසු දිනේෂ් මලයා සහ මා එකතුව සියලු තෑගි මලයාට දෙන්න තීරණය කළ බව සතුටින් දැනුම් දෙමි. අම්මෝ මම මෙහෙම කියලා දිනේෂ් මලයා මගෙත් එක්ක වලියට එයිද දන්නෑ.
      ඔන්න මම නම් නැතෝ....

      Delete
    11. අන්න ඒකනම් හොඳ වැඩක්..පව්, පොඩි එකානේ...:)

      Delete
  2. ආදරේට සීමා මායිම් නෑලු. ඒත්...................... නෑ මං හිතන්නෙ මේ කතාවට comment කරන්ඩ පොඩි වැඩියි

    ReplyDelete
    Replies
    1. එලිෆාස් නගෝ (මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඔයා මල්ලි කෙනෙක් කියලනේ :) මටත් හිතෙනවා මේ කතාව ගැන කතා කරන්න මටත් අමාරුයි කියලා...

      Delete
  3. ඔය විනීතා & නඩේසන් කතාව මම දන්නවා..ඒත් ඔය ගීතය ලියවුනේ ඔය දෙන්න වෙනුවෙන්ද.....

    ReplyDelete
    Replies
    1. එහෙම කියල තමයි මාත් අහල තියෙන්නෙ....

      Delete
    2. ගීතය ලියවෙලා තියෙන්නෙ ඒ දෙන්නා වෙනුවෙන් තමයි.නඩේසන්ට කලා ක්ෂේත්‍රය එක්ක ඇසුරක් තිබිලා තියෙනවා.ඒ වගේම වාමාංශික ‍දේශපාලකයො එක්කත්......
      දෙන්නගේ කසාදෙට අත්සන් කරලා තියෙන්නෙ වාසු...

      Delete
    3. තරූ..මාත් අහලා තියෙන්නේ ගීතය ලියවුනේ එයාලට කියල තමයි...

      මියුරු අක්කාටත් සුමිත් මහතා ටත් ස්තුතියි...

      Delete
  4. මම මෙයා ගැන කලින් අහල තිබුණට මේ තරම් විස්තර දැනගෙන හිටියෙ නෑ.... බොහොම ස්තුතියි සයුරි.....
    ඇත්තම කියනවා නම් මේ කතාව කියවද්දි මට දැනුනෙ තරහක්.... තමුන්ගෙ අම්ම මරලා හරි ඊළම ලබාගන්න උදව් කරන්න තරම්.... මං කියන්නෙ, උදව් කරන එක වෙනම දෙයක්.... ඒත් අර විදියේ කතාවක් කියන්න තරම් එයාගෙ හිත මොන වගේ දරුණු වෙන්න ඇත්ද?
    මම විනීතා උනා නම්, මගේ මිනිහා කොටි සංවිධානෙ කෙනෙක් කියල දැන ගත්තු ගමන් එයාගෙන් අයින් වේවි කියලයි මට හිතෙන්නෙ.... මට නම් ආදරේ හින්දා උනත් විනීතා කරපු දේ කරන්න බැරිවෙයි කෑලි වලට කැපුවත්.... ඒත් විනීතයි මායි කියන්නෙ දෙන්නෙක්නෙ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මටත් හිතෙන්නේ ඒක සාපේක්ෂයි. මටත් හිතාගන්න බැහැ විනීතා කරපු වගේ දෙයක් කොහොම කරන්නද කියලා. එයා කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයිද දන්නෙත් නෑ. විනීතාටත් ඔයාට වගේ හිතක් තිබුනා නම් කොයි තරම් හොඳද?

      Delete
  5. මගේ බැච් එකේ යාලුවෙකුගෙන් වගේම යුද්ධය අවසානවීමෙන් පසු පුවත්පතකින්ද මම අහලා තියෙන කතාවනම් මීට වෙනස්.. යම් යම් සමානකම්ද තියෙනවා..

    යාලුවා කියපු හැටියට ඔයා සඳහන් කරන විනීතා ඒගොල්ලන්ගෙ නෑයෝ.. ඒ දවස්වල කිය කිය හිටියෙ නඩේසනුත් නෑයෝ කියලා..:) එයාගෙ විස්තරයට අනුව විනීතා පොලීසියේ හිටියද නැද්ද කියන එක නම් සඳහන් කරන්න දන්නේ නෑ.. කෙසේවෙතත් කඹුරුපිටිය පොලීසියේ සේවය කරන 'නඩේසන්' කියන දමිළ පොලිස් නිලධාරියාත් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්නවා.. විනීතාගෙ ගෙදර අය මේක දකින්නෙ තමුන්ට වෙන්න යන නිග්‍රහයක් හැටියට.. 'දෙමළෙකුට දෙනවට වඩා මරලා දාන එක හොඳා' කියන මතයේ තමයි ඉන්නෙ... ගෙදරින් මොනතරම් බලපෑම් ආවත් තමුන්ගෙ ප්‍රේමය අතහරින්න විනීතා කැමතිවෙන්නේ නෑ.. ඇය නඩේසන් සමග පැන යනවා.

    හරියටම දන්නෙ නෑ යාපනයටම ගියාද කියලා.. කොහොමහරි දෙමාපියන්ට අහුවුනොත් හිරිහැරයක් කරයි කියන බයට වහං වෙනවා.. පවුලෙ අය තීරණය කරනවා විනීතා මියගිය ලෙස සළකන්න.. ඇය වෙනුවෙන් ප්‍රසිද්ධියේ දානත් දුන්නා කියලා තමයි මගේ යාලුවා කිව්වෙ..

    පත්තරේ තිබ්බ ඔය ටිකට අමතරව මේ ටික... යුද්ධයෙන් විනීතා හා නඩේසන් මැරුණු පසු වාර්තාකරු විනීතාගෙ පවුලෙන් අහනවා 'තමුන්ගෙ දරුවා මැරුණු එකට දුක නැද්ද'.. ඔවුන් උත්තර දීලා තියෙන්නෙ එයා ඒගොල්ලනට අහුවුනා නම් මැරෙන්නෙ ඔයිට ඉස්සර බවයි

    වාර්තාකරු වාර්තාව ඉවර කරලා තිබුනේ මෙහෙමයි.. වසර 30ක ජාතිවාදී යුද්ධයකින් පසුත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී නැති හැටි. එදා නඩේසන්ව ඔවුන් පිළිගත්තා නම් නඩේසන් කොටි පොලිස්පති නොවන්නට තිබුනා වගේ එකකින්..

    ReplyDelete
    Replies
    1. හිහි...විනීතා නෑයෝ නම් ඉතින් නඩේසනුත් නෑයෝ තමයි :))

      නඩේසන් වැඩ කළේ කඹුරුපිටියේ වෙන්න බෑ නේද හරී. එයා වැඩ කරේ කොළඹ (පහල කමෙන්ටුවක තියනවා මහරගම කියලා.) විනිතාත් පොලිස් සේවයට ගියේ එහාට. විනිතාගේ ගම තමයි කඹුරුපිටිය (මගේ අම්මගෙත් ගම ඒක).

      විනීතා සහ නඩේසන් කොටි සංවිධානයට ඔත්තු සපයන බව අහු උනාට පස්සේ නිතරම කඹුරුපිටියට ආරක්ෂක අංශ වලින් ආවලු විනීතා හොයාගෙන. ගමම වටලපු අවස්ථා තිබුනලු. ඒත් එයාලා කඹුරුපිටිය පැත්තෙවත් ඇවිත් නැහැ. ඒ අතරේ තමයි කොළඹින් යාපනේට පැනලා තියෙන්නේ.

      //එදා නඩේසන්ව ඔවුන් පිළිගත්තා නම් නඩේසන් කොටි පොලිස්පති නොවන්නට තිබුනා වගේ එකකින්..//
      හ්ම්ම්....මටනම් මේක ටිකක් විශ්වාස කරන්න අමාරුයි අප්පා. ගොඩක් වෙලාවට ගැහැණු ආදරේ වෙනුවෙන් තමන්ගේ ජාතියට පවා ද්‍රෝහී උනාට පිරිමි එහෙම කරනවා ගොඩක් අඩුයි...

      Delete
    2. He worked In Kamburupitiya...

      Delete
  6. අනේ මන්දා මට නම් විනීත එක්ක කේන්තියක් ආවේ. එයාට එයා කරපු පව මේ ආත්මෙදිම පලිසන් දුන්නා. අපි මොකටද අපේ ආදරේ වෙනුවෙන් හැම දේම කැප කරන්නේ. ඒක ගොන්කමක්. එයාට එයාගෙ ආගම ජාතිය උතුම් වගේම මටත් මගේ ආගම ජාතිය උතුම් කියල හදවතට දැනෙන්න ඕන.
    මම බුද්ධාගමේ.සමහර විට වෙන ආගමක කෙනෙක් බදින්න වෙයි. ඒත් එදාට මම මගේ ආගම අත අරින්නෙ නෑ.මොකද මම හැමදේම බුදු හාමුදුරුවන්ගේ ‍විශ්වස මත කරන කෙනෙක්. ඉතිං මට නම් කවදාවත් බෑ ඔය විනීතා කරපු වගේ පහත් නින්දිත වැඩක් කරන්න තියා හිතන්නවත්. හැබැයි එක දෙයක් කිසිම විදියකින් අනිත් කෙනාගේ ආගම ජාතිය හෑල්ලු කරන්නේ නෑ.
    ආ තව දෙයක් තියෙනවා කියන්න. දෙමළ මිනිස්සු තමන්ගේ ජාතිය ආගම මොන දේටවත් මාරු කරන්නේ නැත්නම් මුස්ලිම් මිනිස්සුත් එහෙම නම් ඇය සිංහල මිනිස්සුන්ට විතරක් ඒ මතේ ඉන්න බැරි.ඒකට හේතුව අපේ අගමේ තියෙන නිදහසද නැත්නම් සිංහලයන්ගේ ඇගේ ජාත්‍යාලය නැතිකමද? මුස්ලිම් අයගෙ පිරිමි කෙනෙක් සිංහල කෙනෙක්ව බදින්න පුළුවන් ඒත් ඒ ගෑනු කෙනා එයාලගේ ආගමට හැරෙන්න ඕන. හැබැයි මුස්ලිම් ගෑනු කෙනෙක්ට සිංහල කෙනෙක්ව බදින්න එයාල ඉඩ දෙන්නේ නෑ. ඔන්න ඕකයි සත්‍ය.

    මට අක්කගෙ ලිපිය කියවද්දි මතක් වුනේ අමරසිරි පීරිස්ගේ ලස්සන සිංදුවක්.
    ''මගේ පුතේ නුඹට
    මම කොහොමට දොසක් කියන්නද?
    වෙන බසක් දෙඩූවට රතු තිලක තැබූවට
    ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද?"

    ReplyDelete
    Replies
    1. //එයාට එයාගෙ ආගම ජාතිය උතුම් වගේම මටත් මගේ ආගම ජාතිය උතුම් කියල හදවතට දැනෙන්න ඕන//
      මෙන්න මේකනම් හරි බට්ටි....දෙන්නගෙන් එක්කෙනයිද කැප කිරීම් කරන්න ඕන. අනිත් එක මේක කැප කිරීමක් විතරක්ම නෙමෙයි. ඊටත් එහා ගිය ද්‍රෝහී කමකුත් මේකට ගෑවිලා තියනවා...ඒත් අර හැමෝම කියන්න වගේ ඒක එක එක්කෙනාට සාපේක්ෂ ඇති.

      ඔයා අන්තිමට කියල තියන ටිකෙත් අත්තක් තියනවා. ජාති භේද හොඳ නෑ..හැමෝම එකට ඉන්න ඕන කියන මතයේ ඉන්නේ සිංහලුන් විතරද කොහෙද. මුස්ලිම් කෙල්ලෙක් සිංහල කෙනෙක් බැන්දා නම් පවුලෙන් එළවලා නිකන් ඉන්න එකක් නැහැ...

      Delete
  7. මාත් ඔය කතාව අහලා තියෙනවා අක්කේ.සිංදුව ලියවුනේ ඒ දෙන්නට කියලත් දන්නවා.ඒත් විනීතා "තමන්ගේ මව මරා හෝ ඊළම ලබා ගැනීමට කොටින්ට සහය වන බව" කිව්ව බවක් තිබුනෙ නෑ. ඒ කතාව ඇත්ත නම් මට හිතා ගන්න බෑ තමුන්ගෙ ජාතියත් පාවා දෙනවා මදිවට තමුන්ගෙ අම්මව මරන්නෙ කොහොමද කියලා.:(

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නංගි...එයා ඒ කතාව කිව්වේ ඊළම ලබා දෙන්න ඕනෑම දෙයක් කරන්න සුදානම් කියන එක කියන්න වෙන්න ඇති. කරන නොකරන එක කොහොම උනත් එහෙම දෙයක් කියන එකත් පවක්...

      Delete
  8. ස්තුතියි සයු නොදන්න කතාවක් අපිත් එක්ක බෙදාගත්තට..
    ඔයා අන්තිමට අහපු ප්‍රශ්නවලට උත්තර නම් එක එක්කෙනාට වෙනස් වේවි..අපි මෙහෙම පිටින් ඉඳලා කාලයක් ගියාට පස්සෙ විශ්ලේෂනය කරලා ප්‍රතිචාර දැක්වුවට සමහර වෙලාවට ඒ වටපිටාව අනුව අපිත් විනීතා වගේම ක්‍රියා කරාවි.

    ReplyDelete
    Replies
    1. ඔව් රූ...ඒක එක එක්කෙනා අනුව වෙනස් වේවි...ඒ වෙලාවේ ඇති වෙන පරිසරය අනුවත් වෙනස් වේවි...මේක විශ්ලේෂණය කරන්න අමාරු කතාවක්

      Delete
  9. කතාව නම් කලින් අහලා තියෙනවා. මම නම් හිතන්නේ අක්කගේ ප්‍රශ්නෙට උත්තරේ සාපේක්ෂයි කියලා. ගොඩක්වෙලාවට ඒ ඒ අවස්ථාව අනුව ක්‍රියාකරන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒත් තමන්ගේ ආගම ,අම්මා කියන දේ අතහරිනවා නම් කෙනෙක්, ඒක එයා ගේ නුවණේ තරම කියලා තමයි හිතාගන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. // තමන්ගේ ආගම ,අම්මා කියන දේ අතහරිනවා නම් කෙනෙක්, ඒක එයා ගේ නුවණේ තරම කියලා තමයි හිතාගන්න වෙන්නේ.//

      ඇත්ත මල්ලි....

      ඒ වගේම අර සාපේක්ෂ කතාවත් ඇත්ත.

      Delete
  10. ම්ම්ම් මට ඔයා අහපු එක ප්‍රෂ්න එකටවත් හරි පිළිතුරක් දෙන්න අමාරුයි... හැබයි අර අම්ම මරල හරි කියන තැනදි ඉහ වහා ගිය කෝපයක් ඇතිවෙනවා...

    ප.ලි.ල..

    මේ කිරුළපන පැත්තේ පදිංචි වෙලා හිටිය කෙනෙක්ද.. මම ඔය කථාව අහල තියනවා.. නමුත් ගැහැනු කෙනාගේ නම නාලනී

    ReplyDelete
    Replies
    1. මෙයා කිරුලපන නෙමෙයි මී ගොඩයෝ, කඹුරුපිටියේ. කිරුලපනත් එහෙම සිද්ධියක් උනාද

      Delete
    2. ඔව් කිරුළපනත් ඔය සමාන සිද්දියක් උනා... එයාගෙ නම නම් නාලනී... කොටි සංවිදානයේ නාලනී අක්කා කියල තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.. එයත් කරල තියෙන්නේ කොටි කෙල්ලන්ට සිංහල උගන්වන එක

      Delete
    3. අප්පා...අපි නොදන්න කතා කොයි තරම් තියනවද. ස්තුතියි මී ගොඩයා

      Delete
  11. සිංහල සිංදු කියන කිරිල්ලී ගිතය ඉතාමත් අපූර්වතම ගියක් ඔබ මේ පුවත සඳහා ගීයේ පදමාලාවත් එකතු කරගත්ත නම් මේ පුවතේ නිර්මාණාත්මක බව සහ එහි පසුබිම පිලිබඳව රසවත් නිර්මාණාත්මක අදහසක් කෙරෙහි සංනාදයක් ගොඩනගන්න තිබුණා කියල හිතෙනවා.

    මගේ පුද්ගලික අදහස අනුව නම් ඔබේ අත්දැකීම්තුළ ගොනු කළ මේ නිර්මාණයේ දෘෂ්ඨිය අප සිතුවිලි යොමු කරන්නෙ වෙනත් දිශාවකට ඒ මට හිතෙන්නෙ මෙන්න මේ විදියට

    "ආදරේට හැම දේම යටයි ද?"

    "ආදරයේ නාමයෙන් ජාතියට එරෙහි වීම ද්‍රෝහී කමක් ද?"

    "ගැහැණියකට රට, දැය හා මවටත් වඩා වටින්නේ සැමියා ද?"

    "ඔබ විනීතා නම්, ඔබ කුමක් කරයිද?"

    ඔබ ලියල තියෙන අදහසත් එක්ක බැලුවාම මම විශ්වාශ කරන අන්දමට "ආදරේ" සඳහා පවුරු පදනම්, සීමා මායිම් කිසිවක් නැහැ. ආදරයක් උපදින්නෙ ආදරයක් වෙනුවෙන්. ඒක ඉතාමත් උත්තරීතර හැඟීමක්, සිතුවිල්ලක්. සමූහයක් වශයෙන් ගත්තාම මේ විශ්වය තුල සතා සීපාවා, ගහකොළ, ඇල දොළ, සහ මිනිසා පවතින්නේ සොබාදහමත් එක්ක බැඳුන ආදරය හේතුවෙන්.

    ඇත්තටම ආදරය වෙනුවෙන් කැප කළ හැකි බොහෝ දේ ඇති නිසා එය ජාතියට එරෙහිවීමේ ද්‍රෝහිකමක් නොවේ. ඔබ පහන් යායේ ලියන සිංහල රාජාවලිය තුළ පවා එවැනි සොඳුරු සිහිවටන හමුවෙනවා. "සාලිය අසෝකමාලා" පෙම් පුවත එවැන්නක්.

    ඕනැම කාන්තාවකට සිය අනාගතය සැළසුම් කරගැනිම සඳහාත් ආරක්ෂාව සහ රැකවරණය පිණියත් යම් දවසකදි සහකරුවෙක් අවශ්‍ය වෙනවා. එතැනදි සමහර විට අනෙක් සියලු දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත්හල යුතු වෙනවා. ඒ නිසා විනීතාගේ තීරණය නිවැරදියි.

    දැන් මේ ගියට පසුබිම් වූ පුවත ගැන ‍ත් ටිකක් ලියන්නම් අපි ගීයෙන්ම පටන් ගමු.

    සිංහල සිංදු කියන නළලේ තිලක තියන
    කිරිල්ලී
    තුඩින් හදවතත් අරගෙන ගිනිගත් තල්අරඹට
    ආවාදෝ ඉගිල්ලී


    දිව නුහුරු බසින් පෙම් කවි කී
    කුරුල්ලාට වශීවී
    ගිනි මලින් තැනූ මල් පොකුරක්
    අතට ගත්ත මනාලී
    මධු සමේ මධුර කටු අතරේ
    පිපී වැනුන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන
    විහඟ සෙනග අඬාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට
    හැකිය ප්‍රියාවී
    ආදරය නුඹට බාරයි රැකගනින්
    දේවතාවී..


    ගීපද: රත්න ශ්‍රී විජේසිංහ තනුව සංගිතය සහ ගැයුම කපුගේ

    ඔය තමයි ගිතය මට මගේ මතකයේ තැන්පත්ව තියෙන හැටි. මේ ගිය ගැන කපුගේ ගෙන් මම පුද්ගලිකව දැනගත් විස්තරේ හැටියට ඇත්තටම මේ ගිය රත්න ශ්‍රී ලියන්න මූලාශ්‍රය සපයාගෙන තියෙන්නෙ අසූව දශකයේ අග භාගයේ "වත්මන" නම් වූ සඟරාවක තිබූ "නඩේසන් - විනීතා" යුවල පිළිබඳව පළවූ වාර්තාවක්. මේක කියවපු කපුගේ එක්තරා දවසක මේ පිටුව රත්න ශ්‍රී ට පෙන්නලා ඇහුවලු මේ ගැන අපිට මොකක් හරි හිතන්න බැරිද කියලා. රත්න ශ්‍රී බොහොම නිහඬ චරිතයක් වූ නිසාම සඟරාවේ තිබුන ප්‍රවෘතිය අරන් ගිහින් පසු කාලෙක මේ ගිය ලියලා කපුගේටම
    දුන්නා . කිසිඳු වචනයක් පවා වෙනස් කරන්නෙ නැතුව ගීය දුටු ගමන් කපුගේ තනුවත් නිර්මාණය කරලා ගායනා කළා. මුලින්ම ගායනා කළේ කපුගේගේ "කම්පන" ගී ප්‍රසංගයට. ඊට පස්සේ රත්නශ්‍රී විජේසිංහගේ සියළුම ගීත සහිත කපුගේ ගේ අවසන් ගීත ඇල්බමය වූ "ඉරබටු" තරුව ගිත ඇල්බමයට මේ ගීය ඇතුල්කළා.

    ඔන්න ඔය වකවානුවේ මේ ගීය ගැන එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් තොරතුරු ලැබිල තිබූ නිසා ඒ සංවිධානය "ප්‍රභා සහ නඩේසන්" සිය චරපුරුෂයන් යොදවා. මේ කැසට් පටය පිටකොටුවෙ මල්වත්ත පාරෙ කැසට් කඩේකින් ගෙන්වා ගෙන තිබුණා. නඩේසන් විනිතා යුවල විතරක් නෙවෙයි මේ පිළිබඳව ලැබුණ තොරතුරු අනුව නම් ප්‍රභාකරන් පවා මේ ගිතය සහ කපුගේ ගේ ගිත අහලා බොහොම සතුටින් කතා කළා කියලයි ගිත රචකයාගෙන් සහ කපුගේගෙන් මම පෞද්ගලිකව දැනගත් තොරතුරු වල තියෙන්නෙ. එක්තරා අවස්ථාවක මගේ මතකයේ හැටියට යුද විරාමයක් තිබූ කාලෙක තමයි කපුගේට කපුගේගේ ගිත පිලිබඳව එල්ටීටීඊ දැක්වූ ප්‍රතිචාර පිලිබඳව මේ සියලු තොරතුරු දැනගන්න ලැබෙන්නෙ.

    මේ ගිය විතරක් නෙවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රිය කරපු කපුගේ ගැයූ තවත් ගීයක් තියෙනවා ඒ "තල්වැට අයිනේ" ගීයයි.

    සයුරි , ඔබ අද ලියූ පෝස්ට් එක මේ ගිය පිළිබඳව මගේ මතකය අලුත් කළා.

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුව මගේ පෝස්ට් එකටත් වඩා හොඳයි කියලා මට හිතෙනවා...:) බොහොම ස්තුතියි....

      පද මාලාවත් යොදාගෙන මේක ලියන්න මුලින් හිතුනත් එතකොට කතාව වෙනම පැත්තකට යාවි කියලා හිතුනා. ඒ ගීතයෙන් කියවෙන්නේ විනිතාගේ ආදරයේ වටිනාකම ගැන විතරයි කියල හිතුනා.

      // එතැනදි සමහර විට අනෙක් සියලු දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අත්හල යුතු වෙනවා. ඒ නිසා විනීතාගේ තීරණය නිවැරදියි.//
      ඒක ඇත්ත...ඇය ගැහැනියක් නිසා මේ දේ ඇයට අදාලයි. විනීතාට එහෙම නොකර බැරි තරමට අසරණ උනා වෙන්නත් පුළුවන්. හැබැයි පිරිමියෙක් නම් කවදාවත් මෙහෙම දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි.

      ඇත්තටම මේ වගේ කතා කවදාහරි ඉතිහාසයට එකතු වේවි. එතකොට සොඳුරු ආදර කතාවක් විදියට මේ කතාව සලකන්නත් ඉඩ තියනවා.

      ගීතය ගැනත් පසුබිම ගැනත් අපි නොදන්න තොරතුරු ගොඩක් අපිට කීම ගැන බෙහෙවින්ම ස්තුතියි. එල් ටි ටි ඊ සංවිධානය එහෙනම් සිංහල ගීතත් අහල තියනවා...

      Delete
  12. හැම මනුස්සයාගේ ඇගේම දුවනේ ලේ රතු පාට නම් මොකටද ජාති,ආගම කියල කුල බේදයක්...? ආදරය කරද්දී කෙන්ක්ගේ හිත යන්නේ ආගම,ජාතිය බලලා නෙවෙයිනේ..ඉතින් මේක මේ මිනිස්සුන් තේරුම නොගන්නේ ඇයි මන්දා..:(
    මේ කතාව කොහෙන්ද මන්ද අහලා තිබ්බා වගේ මතකයි..හුගක් ස්තුතියි අක්කේ...සින්දුවත් එක්ක පැහැදිලි කිරීමක් දැම්මට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේ කතාව හැම ජාතියටම එකයි හිරු....අද තියන එකම ජාතියක් වත් ඔය විදියට හිතන්නේ නැති එකයි වැරැද්ද....ස්තුතියි ඔයාගේ කමෙන්ටුවටත් :)

      Delete
    2. මම නම් සහකාරියක් තෝරගනිද්දි ජාතිය ආගම බලනවා මොකද පස්සෙන් පහු කරදර ඇති කරගන්නවට වඩා ඒක හොඳයි... ජාතිය-සිංහල විය යුතුයි බෞද්ධ විය යුතුයි.. තේරෙන කාලේ ඉඳන් මම හිතන් හිටියේ මට කොයිතරම් ආදරේ කරන කෙනෙක් වුනත් ඉහත නිර්ණායක වලට අදාල නැත්තම් ප්‍රතික්ෂේප කරනවා කියලා...

      Delete
    3. මගේ ප්‍රතිපත්ති, මගේ විශ්වාස, වෙනස් කරන්න බලපෑම් එයි කියලා සාධාරණ බයක් මට තිබුනා. ඒ නිසා මමත් වෙන ජාතියක/ආගමක කෙනෙක් ගැන හීනෙන්වත් හිතුවේ නැහැ.

      Delete
  13. විනීතාගේ අක්කා තවම මහරගම ඉන්නවා. මම දන්නා තරමට නඩේසන් වැඩ කරලා තියෙන්නේ මහරගම පොලිසියේ. සාම ගිවිසුම් කාලේ අම්මව බලන්න විනීතා ගෙදර ගිහින් තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයා කියපු මේ විස්තර වලට. සාම ගිවිසුම කාලේ කිසිම බාධාවක් නොතිබුණු නිසා යන්න පුළුවන් වෙන්න ඇති...

      Delete
  14. අනේ මන්දා අර තමන්ගේ අම්ම මරල හරි ඊළම ගන්න කතාව නම් මට හරිම පිළිකුල්.
    හැබැයි එයා ඇත්තටම එහෙම කිව්වද නැද්ද කියල අපි හරියටම දන්නේ නැහැනේ.

    කුවේණි කරෙත් ඕක නේද කියල හිතුන

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් නිරෝෂිනී...ඒක නම් හරිම දරුණුයි. එහෙම කිව්වා කියන එකට හරි සාක්ෂියක් නම් නැහැ. එක අතකට නූතන කුවේණි කෙනෙක් තමයි විනීතා ත්.

      Delete
  15. මම මේ ගැන ඇහුවමයි සයුරි.. ස්තූතියි.. නඩේසන් පොලීසියේ වැඩකරපු බවනම් අහලා තියනවා..

    මට නම් හිතා ගන්ඩ බෑ මම ඔහොම තත්ත්වෙකට පත්වුනොත් මොනවා කරයිද කියලා.. මිනිස්සු තීරණ ගන්නෙ ඒ මොහොතෙ තියන වාතාවරණය අනුවනෙ. ඉතින් විනීතට හිතෙන්ඩ ඇති එයා ගත්ත ඒ තීරණේ හරි කියලා. හැබැයි ද්‍රෝහී වෙලා පස්සෙ මැරෙන්ඩ යනකොට ඒකෙම පිහිට පතලා බේරෙන්ඩ හදපු එකනම් බියගුලු කමක්.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...ඒ ඒ වෙලාවේ වාතාවරණය අනුව ගන්න තීරණ වෙනස් වෙන්න පුළුවන්. අසරණ කම අනුව වෙන්නත් පුළුවන්. සෙන්නා අන්තිමට කිව්ව කතාවට මාත් එකඟයි. බොහොම ස්තුතියි කමෙන්ටුවට...

      Delete
  16. ආදරය වෙනුවෙන් තමන් කළේ පරිත්‍යාගයක් කියලා හිතන් උන්නත්....
    තවත් ඇසකින් එය පාවා දීමක්...

    ඒ පරිත්‍යාගයට සරිලන වටිනාකමක්... තමන්ට ඇත්තටම හිමි වුනාද... කියන එක දන්නෙ විනීතාගෙ හදවත විතරමයි..

    ලෝකයට කොහොම පෙනුනත් සමහර විට ඈ හඬන්න ඇති..පසු තෑවෙන්න ඇති...
    ඉතිහාසයෙ වගේම....

    ReplyDelete
    Replies
    1. දම්මි මේ පැත්තේ ආපු පලවෙනි වතාව මම හිතන්නේ...:)

      //ආදරය වෙනුවෙන් තමන් කළේ පරිත්‍යාගයක් කියලා හිතන් උන්නත්....
      තවත් ඇසකින් එය පාවා දීමක්...//
      ඇත්ත කතාව...

      ඇත්තටම විනීතා ගේ ඇතුලාන්තය දන්නවනම් අපිට මිට වඩා හොඳට මේ ගැන කතා කරන්න තිබුනා. ඔයා කිව්වා වගේ ඇය සමහරවිට පසු තැවෙන්න ඇති. ගැහැණියක් ගොඩක් වෙලාවට අසරණයි නේ..

      Delete
  17. සයුරී, ආදරය ඉස්සරහා ඔය එකදු සීමාවක් නෑ කියලා තමයි මටත් හිතෙන්නේ. ආදරය කියන්නේ ස්වාභාවික දෙයක්. ඊට විරුද්ධව සටන් කරන එක හරියට ස්ව්භාව ධර්මයට එරෙහිව සටන් කරනවා වගේ වැඩක්. ඒ හන්දා කවුරු කාට ආදරේ කලත්, අපට ඒකට මොන දෙයක්වත් කියන්ට බෑ. මට හිතෙන්නේ එහෙමයි.

    ඔයාගේ අර අහලා තියන ප්‍රශ්න එකකටවත් අපට පිළිතුරු දෙන්ටත් බෑ. දෙන්ට අයිතියකුත් නෑ කියලයි මට හිතෙන්නේ. ඒකත් හරියට අපි කිසිවක් දන්නේ නැතුව, යමෙකු විනිශ්චය කරනවා වගේ මේ ඉතින් මට හිතෙන හැටි. :)

    ReplyDelete
    Replies
    1. ඔයාට වගේම තමයි පොඩ්ඩි මටත් හිතුනේ..මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අයිතියක් අපිට නෑ. ඒ අත්දැකීම් වලින් දශමයක්වත් අපි ලබලත් නැහැ. ඉතින් විනිශ්චය කරන්න අමාරුයි.

      Delete
  18. අදමයි මම කතාව ඇහුවේ. ආදරේ කොච්චර උතුම් දෙයක් වුනත් පාරිශුද්ධ දෙයක් වුනත් යම්කිසි සීමාවක් තිබිය යුතුයි කියලයි මට හිතෙන්නේ. ආදරය වෙනුවෙන් දෙමාපියන්, උපන් රට පාවාදෙන එක අනුමත කරන්න බෑ. සීමා මායිමක් නැත්තම් ඔය කියන පාවාදීම් අනුමත කරන්න පුළුවන්. එකයි ආදරයට අදෘශ්‍යමාන සීමාවක් තියෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. //අදෘශ්‍යමාන සීමාවක්//
      අන්න හරි....ආදරේට සිමා මායිම් නැති බව ඇත්ත උනත් "සීමා මායිම" කියන එක අර්ථ දක්වන විදිය අනුව ඒක වෙනස් වෙනවා. කිසිම සීමාවක්‌ නෑ කියලානම් මමත් හිතන්න කැමති නෑ...

      Delete
  19. ආදරය කියන්නේ මහා පුදුම දෙයක්
    හ්ම්ම්ම්ම්

    ආදරේ වෙනුවෙන් වුනු තවත් එක්තරා පරිත්‍යාගයක්

    ReplyDelete
    Replies
    1. සචිත්ව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට...

      ඇත්ත...ඒක මහා පුදුම දෙයක්

      Delete
  20. ඔතනදි ඇත්තටම මට හිතෙනවා නඩේසන්වයි විනිතා කියන චරිත 2ම විවේචනය කරන්න කලින් සින්හල කියන අපි අතින් උන වැරද්ද ගැන කතා කලොත් හොදයි කියලා.මන් අහල තියෙන විදියට නඩේසන් සහ විනිතා කියන චරිත දකුන අතහැරල යන්නෙ කලු ජූලිය නිසා.මව්පියන් විසින් දෙමල චරිතයක් විවාහ කරගැනීම කියන වරදට අතහැරල දාපු විනිතාට තිබ්බ එකම සරන තමාගෙ සැමියා විතරයි. එයගෙ හැම දේකටම හිටියෙ නඩේසන් කියන එයාගෙ සැමියා.මන් හිතන්නේ නඩේසන් කියන දකුනෙ හිටපු පොලිස් කාරයව උතුරේ කොටි පොලිස් නායකයා බවට පත් කරන්නෙ සින්හල අපිම තමා.තව දෙයක් ඇත්තටම මට හිතෙනවා විනිතා කියන්නෙ ජාතියකට වඩා මිනිස්සු කියන සන්කල්පයට ආදරේ කරපු චරිතයක් කියලා. ඇත්තටම දුකයි ඔය සින්දුව දැන් ඇහෙන්නෙම නෑ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මේ කතාවෙත් ඇත්තක් නෑම කියලා මම කියන්නේ නෑ. ඒත් ඒ දෙන්නා කළු ජූලියට කලින් ඉඳලම කොටි සංවිධානයට ඔත්තු සැපයීම හරි දෙයක් විදියට මම දකින්නේ නෑ. ඒවා අහු වෙලා කොළඹ ඉන්න බැරි තත්වයක් ආවාමයි එයාලා යාපනයට යන්නේ.

      ගැහැනියෙක්ට සියලු දේ අහිමි උනාම ඉතිරි වෙන පිදුරු ගහේ එල්ලෙන එකනම් ස්වාභාවිකයි.

      Delete
    2. මෙහෙමයි මෙතන අපි ඔය කියන්නේ පසුකාලීනව ඇතිඋනු කතන්දර,සමහර විට ඕක ඇත්ත වෙන්න පුලුවන්,ඒ වගේම බොරු වෙන්නත් පුලුවන්,මන් අහල තියෙන විදියට ඔය විවාහයේ සාක්කියට රටේ එකල වාමන්ශික(වත්මන් කාලයේ රජයේ ඇමති කෙනෙක්) ප්‍රබල චරිතයක් අත්සන් කරල තියෙනවා.මන් දන්නේ නෑ මේක ඔයාල පිලිගන්නවද කියන්න ආගම ජාතිය තුල එකිනෙකා වෙන්වීම තමා මට හිතෙන විඩියට අපි අවුරුදු 30ක් විතර බැට කෑවෙ. ඔය දේ තුල සින්හල ජීවිත වගෙම දෙමල ජීවිතත් විශාල ප්‍රමානයක් රටට අහිමි උනා.අපි හැමෝම මිනිස්සු කියන සන්කල්පයට ආව නම් අද මේ රට මීට වඩා ගොඩක් දියුනුයි.ඔය වැරද්ද තමා ඇත්තටම නඩේසන් හා විනිතා කියන චරිත අපිට කියලා දෙන්නේ, ඔක විතරක් නෙමේ තව ඔය වගේ කතා අනන්ත වෙන්න ඇති, තව දුරටත් වෙමින් තියෙනවා ඇති.ඔය අනික් හැම සන්කල්පයකටම වඩා මට හිතෙන්නේ මිනිස්කම කියන දේයි වටින්නේ.ඒකට ජාති ආගම් කුල බේද කිසිවක් නෑ

      Delete
    3. විවාහයට අත්සන් කරලා තියෙන්නේ වාසුදේව වෙන්න ඕන. මේ කතාවේ දෙපැත්තක් තියනවා. විනීතා ට විතරක්වත් දෙමාපියන්ට විතරක්වත් වරද පටවන්න අපිට බැහැ. අපි ඔක්කොම එකම ජාතියක් කියලා කියන ගොඩක් දෙනෙක්, තමන්ගේ දරුවෙක් වෙන ජාතියක කෙනෙක්ට බන්දලා දෙන්න කැමති වෙන එකක් නැහැ.

      බොහොම ස්තුතියි රුචිර කමෙන්ටුවට...

      Delete
    4. ඔව් වසුදේව තමා, මන් හිතුවේ එහෙම කියන එක හොද නැති වෙයි කියලා, ඔව් එහෙම ඇති.නමුත් අපිට ඔය ගැටලුව විවාහය කියන කාරනයට වඩා එහාට හිතන්න ඔනේ.කොහොමත් මිනිසුන්ගේ සුන්දර හැගීම් වලට ජාතිය ආගම බාදාවක් නෙමේ.

      Delete
    5. හ්ම්ම්...ඒත් ඒක විවාහයට බාධාවක්. විවාහය ගැන නොහිතා ඉන් එහාට හිතන එක ප්‍රායෝගිකයි කියලා මම හිතන්නේ නැහැ. එහෙම විවාහයකදී දෙන්නගෙන් එක්කෙනෙක්ට (ගොඩක් වෙලාවට ගැහැණියට) ලොකු කැප කිරීම් ගොඩක් කරන්න වෙනවා. විනීතා කළේ ඒක.

      Delete
    6. එහෙම නම් ඒ කැප කිරීම විනිතා කරලා තියෙනවා, හරි විවාහයකට දෙදෙනාගේම ආදරය ඕනෙ.එහෙනම් දෙදෙනාගේ ආදරයට ජාතිය ආගම බාදාවක් වෙලා නෑ. මන් හිතන්නේ නෑ විනිතාව දරු කමෙන් අයින් කලේ එයා කොටි සන්විදානයට එකතු උනායින් පස්සෙ කියලා.එයාව අයින් කරන්නේ එයා දෙමල ජාතිකයෙක්ව විවාහ කරගත්තා යන කාරනය නිසා පමනයි. මන් අහලා තියෙනවා නඩේසන්ගෙන් එක සම්මුක සාකච්චාවකදි ලන්කාවෙ එක පුවත්පත් වාර්තාකරුවෙක් අහලා තියෙනවා මෙහෙම සින්දුවක් ලියලා තියෙනවා දන්නවද කියල. එතකොට නඩේසන් අහලා තියෙනව ඒ සින්දුවෙන් අපි දන්නට බනිනවද කියලා.ආදරයට සීමා මයිම් නෑ කියන අතරේ අපිම ආයි බාදක ඇති කරගන්නව.

      Delete
    7. රුචිර, අනිවාර්යයෙන් විනීතා තමයි ඒ කැප කිරීම කලේ. හැබැයි එයාට කියලා ඒ කැප කිරීම කරවගත්තද කියලාත් අපි දන්නේ නැහැ. නඩේසන් ඔය වගේ කැප වීමක් කවදාවත්ම කරයි කියලා මම හිතන්නෙත් නැහැ.

      // මන් හිතන්නේ නෑ විනිතාව දරු කමෙන් අයින් කලේ එයා කොටි සන්විදානයට එකතු උනායින් පස්සෙ කියලා.එයාව අයින් කරන්නේ එයා දෙමල ජාතිකයෙක්ව විවාහ කරගත්තා යන කාරනය නිසා පමනයි//
      මේ ඔබ හිතන විදිය වෙන්න පුළුවන්. දෙමල ජාතිකයෙක් එක්ක විවාහ වෙන එකට මුල ඉඳලම අකමැති උනාට දරු කමෙන් අයින් කරන්න තරම් දුර දිග යන්නේ ඔවුන් කොටින්ට ඔත්තු සපයන එක අහු වෙලා හමුදාවෙන්, පොලිසියෙන් කඹුරුපිටියට එන්න ගත්තට පස්සේදී. ගමේ මිනිස්සු මේවා දන්නවා.

      මෙතන දෙපැත්තේම වැරදි තියනවා. විනීතා තනිකරම සාධාරණීකරණය කරන එක වැරදියි.

      Delete
    8. මට ඇත්තටම විනීතාවත් නඩේසන්වවත් සාදාරනීය කරන්න උවමනාවක් නෑ, නමුත් මට කියන්න ඕනේ අපි තාමත් හිතන්නේ පරන විදියට කියන එක පෙන්නන්න.මේකයි මට කියන්න ඔනේ ජාතිය කියන කාරනය ආගම කියන කාරනා තුල මිනිස්සුන්ව බෙදන එක නැති කරන්න.ඇයි නඩේසන් එහෙම නොකරයි කියල හිතන්නේ.මට එහෙම කියන්න බෑ.යමක් පවතින්නේ දෙදෙනාගෙම කැමැත්ත මත.මන් හිතන්නේ 2න්නම තමාට අයිති කැපකිරීම් කරන්න ඇති. එතනදි විනිතා කරන දේ නඩේසන්ට වඩා විශිෂ්ටයි. එක මන් පිලිගන්නවා.

      Delete
    9. //මට ඇත්තටම විනීතාවත් නඩේසන්වවත් සාදාරනීය කරන්න උවමනාවක් නෑ//
      එහෙමනම් කමක් නෑ :)

      පරණ විදියට හිතනවා කියන එක අර්ථ දැක්වෙන්නේත් ඒ ඒ රාමුවට අදාලව නේ රුචිර. මුලින්ම බලන්නකෝ ඇයි මේ වෙනස් වෙනස් ජාති, ආගම් ඇති වෙලා තියෙන්නේ කියලා. රටම එකම ජාතියක් හැටියට හිතන එක මේ වෙනස් ජාති තියනකන් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එකම ජාතියක් හැටියට ඉන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියනවා. ඒත් එහෙම ඝට්ටනයක් නැතුව ඉන්න පුළුවන් වෙන්නේ එක්තරා සීමාවක් වෙනකන් විතරයි. එහෙම බැරි අවස්ථාත් තියනවා. එකක් තමයි විවාහය.

      //.ඇයි නඩේසන් එහෙම නොකරයි කියල හිතන්නේ//
      නඩේසන් මෙතන පිරිමියා නිසා. ගොඩක් දුරට (එහෙම නැති වෙලාවලුත් ඇති) Adaptation එක වෙන්නේ ගැහැනියගේ පැත්තෙන්. මුස්ලිම් තරුණයින්ට සිංහල තරුණියක් බඳින්න බාධාවක් නැත්තෙත්, මුස්ලිම් තරුණියක් සිංහල තරුණයෙක් සමග සම්බන්ධයක් ඇති කර ගැනීම මිනී මැරුම් දක්වා දුර දිග යන්නෙත් ඇයි? ඒක තමයි හේතුව.

      Delete
  21. ම්ම්ම්.. අක්කා හැමදාම නොදන්න කතා කියලා දෙනවා... මම මේක දැනගෙන හිටියේ නෑ...

    //තමන්ගේ මව මරා හෝ ඊළම ලබා ගැනීමට කොටින්ට සහය වන බව ඇය ප්‍රකාශ කරන්නේ කිසිම පැකිලීමකින් තොරව.//

    මමනම් කවමදාවත්ම මෙහෙම දෙයක් කියන්නෙ නෑ..ආදරේට හැමදේම යටයි කියනවා තමා.. ආදරේ අන්ධයි කියන්නෙත් මේ නිසාමද මන්දා.. ඒත් මෙහෙම දරුණු වෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් නංගා..ආදරේ අන්ධයි කියන්නේ මේ වගේ සිද්ධි හින්දා වෙන්න ඇති. දරුණු වීම ගැන කියනවනම් ඉතින් එහෙම කරන්න පුළුවන් අතලොස්සකට විතරක් වෙන්න ඇති...

      Delete
  22. මගේ පුතේ නුඹට
    මං කොහොමට දොසක් කියන්න ද?
    වෙන බසක් දෙඩුවට
    නළලේ තිලක තියුවට
    මං අමනාප වුණත්
    ඇගෙ තරමට ආදරයක්
    කොහෙන් ලබන්න ද??

    විනීතා ගේ කැප කිරීම අගය කරනවා! වැරැද්ද තියෙන්නේ ඇගෙ දෙමව්පියන්ගේ.. එදා ඔවුන් තමන්ගේ දියණිය පිළි ගත්තා නම් සමහර විට අද ඒ දෙදෙනා සමාජයේ බොහොම ඉහල තැනක වැජබෙන්න තිබුණා. පාට කණ්නාඩි වලින් ලෝකය දිහා බලන එවුන්ට තේරුම් ගන්න නියම කතාවක්. ආදරය අන්ධ වීම සහ ආදරය වෙනුවෙන් කැප කිරීම් කිරීම කියන්නේ සම්පුර්ණයෙන් වෙනස් කරුණු දෙකක්. මේ පිළිබඳව ගෙදර ආවම පොස්ට් එකක් දාන්න හිතෙනවා!
    ජය!

    ReplyDelete
    Replies
    1. රැංගෝ ගේ ඇසින් මේ කතාව දකින විදිය දැන ගන්නත් අපි කැමතියි. ඒ නිසා පෝස්ට් එක දාන්න කියලා ඉල්ලනවා :)

      තවමත් කුල මල බලන රටක ජාතිය, ආගම නොබැලුවොත් තමා පුදුමේ. ඒ වගේම ඒ දේ කරන්නේ සිංහල මිනිස්සු විතරක් නෙමෙයි. අනෙක් ජාතින් අතරත් ඉතා තදට මේ වෙනස තියනවා.

      Delete
    2. කෙල්ලෙක් වෙනත් ආගමක එකෙක් එක්ක ආගම ජාතිය නොසොයා විවාහ වුනා කියමු...

      ඒ කොල්ලා කෙල්ලට කිසිම විදියක වෙනස් කමක් කරන්න හිතාගෙන හිටියේ නෑ කියලත් හිතමු...

      කොල්ලගේ අම්මලා තාත්තලා ඒ ආගම ජාතිය සෑහෙන්න ඔළුව උඩ තියාගෙන කොල්ලට බලපෑම් කරනවා කියලා හිතමු...

      අන්න ඒ බලපෑම් වලට සමහර විට කොල්ලා යටවෙනවා කියලා හිතමු....

      එතකොට ඒ කෙල්ලගේ නිදහස සීමා වෙන්න පුළුවන්...කෙල්ලට මේ ආගම වැළඳගන්න කියලා බලපෑම් එන්න පුළුවන්...ඒවා කෙල්ල ප්‍රතික්ෂේප කලොත් කොල්ලා ඉන්නේ පීඩනයක නිසා කෙල්ලත් එක්ක වලි ඇතිවෙන්න පුළුවන්...අන්න එතනදි විවාහය දෙදරන්න පුළුවන්...ඒත් කෙල්ලට යන එන මං නැති නිසා ඒ ආගමට හැරෙන්න වෙන්න පුළුවන්... මේක හැම කෙල්ලෙක්ටම පොදුයි.

      ඔන්න ඔය කාරනා ඇති නොවෙන්න නම් යෝජිත විවාහ කරගන්න යද්දි මෙව්වා හොයන්න ඕනේ.... යාළුවෙනව නම් යාළුවෙන්නේ මොකා එක්කද කියලා හිතන්න ඕනේ.යාළු වෙලා ඉද්දි එහෙම වෙන්න දෙන්නෑ අනං මනං කිව්වට බැන්දම තමා කෙලිය වෙන්නේ....

      ආදරයක් හරියට කරන්න දෙන්නටම ඒ දේ දැනෙන්න ඕනේ එහෙමත් නොදැනි පට් ගාලා විවාහ වුනොත් එක එක්කෙනාගේ අඳුරු පැති පස්සෙන් පහුවට තමා නැගිටිනවා දකින්න වෙන්නේ... සමහරවිට පරක්කු වැඩි වෙයි එතකොට

      Delete
    3. //යාළු වෙලා ඉද්දි එහෙම වෙන්න දෙන්නෑ අනං මනං කිව්වට බැන්දම තමා කෙලිය වෙන්නේ.... //

      සහතික ඇත්ත :ඩි

      Delete
  23. හරිම අපූරුවට ලියැවුණු ලිපියක් සයුරි...

    කපුගේගෙ ඔය ගීතය මගේ ප්‍රියතම ගීතයක් මුලින්ම සවන් වැකුණු දා පටන්ම ...

    පසුබිම් කතාව දැනගත්තෙ පසු කාලෙකදි...යුද විරාම සමයෙ මම හිතන්නෙ සිළුමිණේ පළවූ ලිපියකින්.

    ඔයාගෙ ප්‍රශ්න පත්තරෙත් නියමයි.හෙහ්...හෙහ්...කවදාවත් හරි පිළිතුරක් හොයාගන්ට බැරි ප්‍රශ්න මාලාවක්....එහෙම කියනවාට වඩා සුදුසුයි කවදාවත් හැමෝටම එකඟ විය හැකි පිළිතුරක් හොයාගන්ට බැරි ප්‍රශ්න මාලාවක් කියල කිව්වොත්...

    / මරණය අභිමුවේ විනීතා අභය දානය ඉල්ලන්නේ "අපි සිංහල...." යයි කියමින්. තමන් මෙතෙක් කල් ද්‍රෝහී වූ, සිංහල ජාතියේ නම විකුණා ඇය ට අභය දානය ලබා ගැනීමට නොහැකි වූ නිසා අද ඇයත් මළවුන් අතර /

    සයුරි...පරෙස්සමින්....ජෙනරල් හිරේ ගියෙ මේ වගෙ කතාවක් කියල...හොඳද?...:) :)

    තව ප්‍රශ්නයක් මතුවෙනව...ආදරේ වෙනුවෙන් ජාතියට ද්‍රෝහී වීම වරදක් නම් කුවේණියත් එහෙම හිතුව නම් අද සිංහල ජාතියක් තියෙයිද? :) :)

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්න පත්තරේට උත්තර නෑ තමයි රවි අයියේ :)

      //සයුරි...පරෙස්සමින්....ජෙනරල් හිරේ ගියෙ මේ වගෙ කතාවක් කියල...හොඳද?...:) :)//
      අප්පා....මට නිකමටවත් මතක් උනේ නෑ නේ ඒ ගැන.... :0 ඇත්ත තමා කතාව.

      අන්තිමට අහල තියන ප්‍රශ්නේ නම් කියල වැඩක් නැහැ. මේ හැමදේම සාපේක්ෂයි කියලා තමයි ඒකෙන් පේන්නේ. හදිසියේ හරි අපි යුද්ධේ පැරදිලා දෙමළ සිංහල මිශ්‍ර වෙලා වෙනත් ජාතියක් හදුනානම්, අනාගතේ ඒ ජාතියේ අය කියාවි විනීතා නැත්නම් අද අපේ ජාතිය නෑ කියලා :)
      බොහොම ස්තුතියි කමෙන්ටුවට....

      ප.ලි. හැබැයි මට හිතෙනවා කුවේණි නැතත් සිංහලය බිහි වෙයි කියලා.
      "හෙළය නම් කිරි මුට්ටියට සිංහ වංශිකයන්ගේ මුහුම් දැමීම නිසා "සිංහලය" නම් මුදවපු කිරි මුට්ටිය බිහි විය :)"

      Delete
    2. //ආදරේ වෙනුවෙන් ජාතියට ද්‍රෝහී වීම වරදක් නම් කුවේණියත් එහෙම හිතුව නම් අද සිංහල ජාතියක් තියෙයිද? :) :)//

      මේකට නම් මම පැහැදිලිවම විරුද්ධයි... විජයගෙන් සිංහලයා පැවත එනවා කියන එකට මම පොඩි එකා කාලෙත් අකමැතියි දැනුත් අකමැතියි... ආදරේ නිසා ජාතියට ද්‍රෝහි වීම අල්ලපු ගෙදර ඇන්ටිගේ ආදරේට වශීවෙලා තමන්ගේ අම්මව ගහලා පන්නනවා වගේ වැඩක්...

      Delete
    3. ගැමියෝ....කිරි මුට්ටියේ කතාව බලන්ටකෝ :) විජයගේ කට්ටියට තනි අයිතිය දෙන්න බෑ...

      Delete
    4. ආ ඒක බැලුවේ දැන්නේ... ඒක හොඳ උදාහරණයක් තමා.

      Delete
  24. මේ සිද්ධිය ගැන මේ ගීතයේ රචකයා රත්න ශ්‍රී විජේසිංහයන් කපුගේ දේශනයේදී කිව්වේ නඩේසන්ගේ බෙදුම්වාදයට අපි විරුද්ධයි,ඔහුගේ ත්‍රස්තවාදයට අපි විරුද්ධයි එත් අපිට ඔහුගේ ප්‍රේමයට විරුද්ධ වෙන්න බෑ කියල.ඒ කතාව හරි කියලයි මට නම් හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ප්‍රේමයට විරුද්ධ වෙන්න බෑ. ඒක සැබෑ ප්‍රේමයක් වෙන්න ඇති කියලා හිතනවා. ස්තුතියි නුවන්.

      Delete
  25. ආදරේ වෙනුවෙන් ජාතිය ආගම මාරුකලත් උපන් දේශය අම්මා තාත්තා නැති කරන්න කොහෙත්තම බෑ... එත ලෝකේ ඉතිහාසේ මේවගේ දේවල් සිද්ද වෙලා තියෙනවා තමන්ගේ සැමියත් එක්ක එකතුවෙලා කරපු විනාස. සිංහල ජාතියත් එක්ක, තමන්ගේ මවත් එක්ක කේන්තියක් ඒ විදියට එන්න ඇත්තේ කොටි සංවිධානේ දෙන "බ්‍රේන් වොෂ්" එකත් එක්ක තමන්ගේ විවාහයට දෙමාවියන් අකමැති වීමේ කේන්තියක් කියන දෙක නිසා වෙන්න පුළුවන්. පුලුවන්නම් ඒ අවසාන අවස්තාව ගැන විස්තර කියන්න පුළුවන් ද? කොහොමද මරුනේ එයාත් ආයුධ අරන් යුද්ද කලාද වගේ විස්තර.

    ReplyDelete
    Replies
    1. අවසාන අවස්තාව ගැන නම් වැඩි විස්තරයක් දන්නේ නෑ අසාර්. මම දන්න විදියට දෙන්නම යුධ භුමියේ තමයි ඉඳලා තියෙන්නේ. නඩේසන් අල්ලගත්තම අපි සිංහල කියලා කියපු කතාවත් නඩේසන් එක්කම විනීතාත් මරපු කතාවත් ඇරෙන්න තව වැඩි දෙයක් දන්නේ නැහැ. ඔවුන්ට පුතෙකුත් හිටපු බව අහන්න ලැබුනා. එයාට මොනවා උනාද දන්නේ නෑ.

      Delete
  26. 01)"ආදරේට හැම දේම යටයි ද?"
    02)"ආදරයේ නාමයෙන් ජාතියට එරෙහි වීම ද්‍රෝහී කමක් ද?"
    03)"ගැහැණියකට රට, දැය හා මවටත් වඩා වටින්නේ සැමියා ද?"
    04)"ඔබ විනීතා නම්, ඔබ කුමක් කරයිද?"

    01)හැම දේම යටයි කියා පිළිගනිමි.
    02)අනිවාර්යෙන්ම ඔව් වැදූ මව පාවාදෙනවා හා සමානයි.
    03)ඒක ගැහැණිය දකින විදිය තමා මට තාම බැරිවුණා ගැහැණිය තේරුම් ගන්න(කවුදෝ මන්දා කියලා තියෙනවාලු Never trust a women කියලා මට ඒක අහුවුනේ 3 musketeers ෆිල්ම් එකෙන්)
    04)මිනිහා කොටියෙක් කියලා දැනගත්තනම් දන්න මායම් දාලා මිනිහව මගේ පැත්තට ඇදගන්න බලනවා බැරි වුනොත් අල්ලලා පොලිසියට භාර දීලා හැමදාම උයාගෙන පිහාගෙන මනුස්සයව බලන්න යනවා.

    මනමේ නාට්ටිය කියෙව්වමත් මට හිතුනේ ගැහැණු සාමාන්‍යයෙන් අවස්ථාවාදීන් කියලා.එහෙව් ගැහැණුන්ට මෙහෙව් වැඩ කරන්න අමාරුයෑ... මොන විදියේ විචාර අර්ථකතන දුන්නත් මම දකින්නේ කුමාරියයි වැරදි.(අම්මා කියන්නෙත් ගැහැණියක්ය කියලා කියන්න එපා මම කතා කරන්නේ විවාහක බිරිඳ/පෙම්වති ගැන පමණයි)

    මම නම් ජාතිය ආගම බලනවා අක්කේ හැබැයි කුලය කේන්දරය පොරොන්දම්ද මොනාද එව්වා බලන්නේ නෑ ඒකටත් හේතු තියෙනවා.සාමාන්‍යයෙන් වෙනත් ආගමක කෙනෙක් වුනාම එයා එක එක දේවල් දකින විදිය වෙනස් වෙයි.ජාති දෙකක වුනාම ඒ ඒ ජාතින් ඉන්න විදියටනේ ඉන්නේ එතකොට මම හිතන්නේ ගොඩක් ලොකු ප්‍රශ්න ඇතිවෙන්නේ... හැබැයි මිතුරන් විදියට කිසිම ජාතිභේදයක් අවශ්‍ය නෑ.

    හැබැයි තමන්ගේ ජාතිය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීම තමන්ගේ ජාතියට වෙන අසාධාරණ ගැන හඬ නැගීම ජාතිවාදය ඇවිස්සීමක් කියලා මම දකින්නෙත් නෑ.තමන්ගේ ආගම රැක ගැනීමට කතා කිරීම ආගම් වාදය කියලා දකින්නෙත් නෑ.... තමන්ගේ අම්මට බනිද්දි හිතට එන කැක්කුම වගේ දෙයක් තමා තමන්ගේ ජාතියට වින කටින කට්ටිය දැක්කම ඇතිවෙන්නේ.එහෙම අවස්ථාවක තමන්ගේ අම්මා වෙනුවෙන් කතා කරන එක වැරදි නෑ...

    ReplyDelete
    Replies
    1. ගැහැණිය තේරුම් ගන්න ගැහැණුන්ටත් අමාරුයි මලයෝ. හැබැයි පිරිමින්ට වඩා ඒක පුළුවන් ගැහැනුන්ට.

      //මිනිහා කොටියෙක් කියලා දැනගත්තනම් දන්න මායම් දාලා මිනිහව මගේ පැත්තට ඇදගන්න බලනවා බැරි වුනොත් අල්ලලා පොලිසියට භාර දීලා හැමදාම උයාගෙන පිහාගෙන මනුස්සයව බලන්න යනවා.//
      එල එල :))) වැඩේ තියෙන්නේ මේ කියපු දේ කරොත් කරන්නේ 0.1% ක් විතරයි. අසරණකම ඒ හැම දෙයක්ම වෙනස් කරනවා. මනමේ කුමාරිගේ සීන් එකේදී නම් වැරදි කුමාරි බව ඕන කෙනෙක්ට පැහැදිලියි මම හිතන්නේ. ඒත් මේක ටිකක් වෙනස්.

      අන්තිම හරියේදී ඔයා කියලා තියන දේට මම සම්පුර්ණයෙන් එකඟයි. මමත් ජාතිය, ආගම බලනවා. වෙන මොකක්වත් නිසා නෙවෙයි, එහෙම දෙන්නෙක්ට එකට ඉන්න ගියාම එන ප්‍රශ්න ගැන හිතුවම. ආදරේ කරන කාලයත් විවාහ ජීවිතයත් පැහැදිලිවම දෙකක්. ආදරේට ජාතියක් ආගමක් පාටක් නැති උනාට විවාහයට තියනවා....කවුරුහරි කියනවනම් ආදරෙයි විවාහයයි දෙකක් නෙමෙයි එකක් කියලා...එහෙනම් මොනාටද මිනිස්සු "විවාහ" වෙන්නේ??

      Delete
    2. මනමේ කුමාරි කරපු දේ හරි කියලා ගොඩාක් කට්ටිය එක එක මත ඉදිරිපත් කරනවනේ අක්කෝ....පොකු අක්කා උනත් ඒක නියමෙට කරයි...ඒකයි ඒක විශේෂ කලේ...

      මම බලාගෙන හිටියේ අක්කා පිළිතුරු සපයනකන් මම දාපු කොමෙන්ට් සැර වැඩිද මන්දා කියලා හිතුනා බනියිද කියලා බලාගෙන හිටියේ තද වුනොත් මොනා වෙයිද කියන්න බෑනේ සුනාමිනේ...

      එල ඈ

      Delete
    3. හඃ හා....සුනාමි එහෙම ලේසියෙන් එන්නේ නෑ දරුවා...ආවොත් ලේසි වෙන්නෙත් නෑ :ඩි

      අනේ පොඩ්ඩි ලියන ඒවා ගොඩක් දුරට ඇත්ත තමා :) මනමේ කුමාරිනම් වැරදියි කියලා මම පිලිගන්නවා. හැබැයි ගෑනු සංහතියම වැරදියි කියනවනම් ඒකට මම විරුද්ධයි....:ප

      ස්තුතියි ගැමි මලයෝ....

      Delete
  27. අදනම් මම හොදටම පරක්කුයි. අර අන්තිමයට එහෙම තෑගිදෙන්නෙ නෑ නේද?
    ඇත්තම කියනව නම් මම අද තමා මේ කතාව දැන ගත්තෙ. හිතගියතැන මාලිගාව කිව්වලුනෙ. ම් කතාව කියවනකොට මම බලපු අලිම0කඩ ෆිල්ම් එක මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ හැටි පරක්කුවක් නෑ තොටියෝ...:) අන්තිමට හරි ආපු එකනේ වටින්නේ...අලිමංකඩ ෆිල්ම් එක ගැනනම් මම අහලා නෑ...හොයලා බලන්න ඕන

      Delete
    2. ඊයෙ පෙරේදා දැනගත්තු දෙයක් නිසා මේකට මාස ගානකට පසුව වුනත් ආයේ පාරක් කමෙන්ට් එකක් දාන්න හිතුවා. මම යාපනේ පැත්තේ යාලූවෝ එක්ක පොඩි රවුමක් දාන්න ගිය වෙලාවේ ගියා දඹකොළ පටුනට. එතකොට තමා මේ විස්තර දැන ගත්තේ. දඹකොළ පටුනේ මුලින් තිබිලා තියෙනවා මහමෙව්නාවේ රෝපිත ශ්‍රී මහා බෝධියෙන් ගත්තු අංකුරයකින් වැඩුනු බෝධීන් වහන්සේ නමක්(මම හිතන විදියට අෂ්ටඵලරුහ බෝධින් වහන්සේ නමක් වෙන්න ඕන).කොටි ඒ පලාත අල්ලගත්තාට පස්සේ ඒ ඔක්කෝම විනාශකරලා දැම්මාලු. ආයේ ඒ පළාත හමුදාව මුදාගන්නකොට දඹකොළ පටුනේ එතැන ඉදිකරලා තිබුණාලු කොටි නායිකාවකගේ සොහොනක්. එතැන හිටපු හමුදාවේ කෙනා කියපු විදියට එයා තමයිලු පළමු හා එකම සිංහල කොටි නායිකාව. කොටි පොලීසියේ ලොක්කෙක්ගෙ බිරිඳ කියලත් කිව්වා. ගම්පලාත දකුනේ කියලත් කිව්වා. එතකොටම මට එකපාරටම මතකෙට ආවේ මාස ගානකට කලින් කියවපු ඔයාගේ මේ ලිපිය. මම හිතන්නේ දඹකොළ පටුනේ හදන්න ඇත්තේ ඔය කිව්ව විනීතාගේ සොහොනම තමා. බලන්න උන් සිංහල කොටි නායිකාවකගේ සොහොන හදන්න එතනම තෝරගනිපු හැටි....
      මම කිව්වේ අහගනිපු කතාවක් නිසා වැරදි තියනවා නම ටීචර් කරෙක්ට් කරන්න. ආ.. හසිත මල්ලිත් පොඩි සප් එකක් දෙන්න ඕන්...

      Delete
    3. හැබැයි මම දැනගනිපු මේ කතාවයි ඔයා කිව්ව අවසන් සටනේදී අභය දානේ ඉල්ලන්න ආපු කතාවයි පොඩ්ඩක් පෑහෙන්නේ නෑ. ඒ මොකද අවසන් සටන වෙනකොට මුලූ යාපන අර්ධද්වීපයම හමුදාව සතුව තිබුණ නිසා දඹකොළ පටුනේ සොහොන් හදන්න කොටින්ට හැකියාවක් නැති නිසා. බාගවෙලාවට විනීතා කලින් සටනකින් මැරුණද දන්නෑ. නඩේෂන් නම් අන්තිම සටන වෙනනම්ම හිටියලුනෙ.

      Delete
    4. sahena wadagath kathawakne thotiya ayye. kiyapu wisthara walata anuwanam vinithatama galapenawa. eth ara kiwwa wage awasan satanedi maruna wenna ba ehenam. kalin satanakadi marunada danne na.

      apahu me post eka mathak wela awith comment karata bohoma sthuthiyi oyata.

      Delete
  28. මේකයි.මේ වගේ කාලකන්නි නිසා තමයි අපේ ජතිය නති වෙන්නෙත්.....මුන්ව එලිපිටම මරල දන්න ඔනි........පලමුව ආගම ජාතිය.......මේ කොහෙක්වත් ඉන්න දෙමලෙක් ලොකු වුන මේ ගොන් බදින කනුව වගේ තවත් කට්ටිය ලන්කාවෙ නෑතිවේවා කියලත් ප්‍රර්තනා කරනවා

    ReplyDelete
    Replies
    1. එල කොල්ලා කාලෙකට පස්සෙනේ දැක්කේ :)

      විනීතා කරපු වැඩේ මමත් කීයටවත් සාධාරණීකරණය කරන්නේ නෑ..

      Delete
  29. මට මග ඇරුනු ලිපි කීපයක්ම තියනවනෙ. මේ ඒ ඔක්කම කියවමින්.

    ReplyDelete
    Replies
    1. රෝසකුමාරි කාලෙකට පස්සේ...හොඳයි හොඳයි කියවලා එන්නකෝ :)

      Delete
  30. තමන්ගේ අම්ම තාත්ත ට වඩා , තමන් එක්ක එකට සෙල්ලම් කරපු සහෝදරියට වඩා කොහෙන්දෝ ආපු කෙනෙක් ලොකු වෙනවා කියන්නේ කරන්න පුළුවන් අන්තිම ද්‍රෝහී වීමක් . මේ වගේ අය නම් තවත් එපා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ අයනම් තවත් එපා කියලා තමයි මමත් හිතන්නේ දර්ශන...ස්තුතියි කමෙන්ටුවට...

      Delete
    2. ආදරේ අන්ධයි කියන්නෙ ඕකටනෙ.
      පේනවනෙ අන්ධ වෙලා කරන්න ගිය දේවල්.

      මොන දේ මොන විදියට සාධාරනීකරනය කලත් අම්ම මරල හරි ඊලම ගන්න [හෝ වෙනත් දෙයකට] උදව් කරනව කියන අදහසනම් කිසි සේත්ම සාධාරනීකරනය කරන්න බෑ

      //මේ අඩවියේනම් ගොඩක් දේ තියනව වගේ ඉගෙන ගන්න :)

      Delete
    3. සුදර්ශි සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. ඒ වගේම බොහොම ස්තුතියි කමෙන්ටුවටත් :) මටත් හිතෙන්නේ මේක සාධාරණීකරණය කරන්න බැහැ කියලයි...

      Delete
  31. අදයි සයුරි මේ ලිපිය මම දැක්කේ. ටිකක් පරක්කුයි, කමක් නෑ මගේ අදහස කියලම යන්නම්කෝ.

    මේ කතාව මම මීට කලින් අහලා තිබ්බෙ නෑ. ත්‍රස්තවාදියෙක් විදිහට නඩේසන්ගේ නම නිතර නිතර ඇහිලා තිබ්බට මේ තරම් දුරදිග ගිය කතාවක් දැනගෙන හිටියෙම නෑ. ලිපිය කියවාපු මොහොතේ හිතට ආපු ආවේගය අඩු වෙනකල් ඉඳලා තමයි මේක ලියන්න ගත්තේ. විස්තරය කියවද්දි මතක් උනේ කුවේණියව. ඇය එදා කරපු පාවා දීම තරම්ම, සමහරවිට ඊටත් වඩා ද්‍රෝහී කමක් හැටියටයි මට තේරෙන්නේ මේ ක්‍රියාව. දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන්ම මම තීරණය කරගෙන හිටියේ කවදාවත් සිංහල බෞද්ධ නොවන කෙනෙක් එක්ක විවාහ වෙන්නේ නෑ කියලා. එකක්, මම පෞද්ගලිකවම මගේ ආගම, මගේ ජාතිය ගැන උසස් හැඟීමකින් හිතන නිසා, දෙවෙනි හේතුව, එහෙම නොවන කෙනෙක් එක්ක මගේ මව්පියන්ගේ හිත් නොරිදවා දීග යන්න විදිහක් නැති බව මම හොඳටම දන්න නිසා, කොයි තරම් අනිත් කෙනාට ආගම ජාතිය පිළිබඳව නිදහස දෙනවා කිව්වත් විවාහ වෙලා ගියායින් පස්සේ, පවුල් පසුබිම, වටපිටාව අනූව ඒ කිව්ව දේවල් ඒ විදිහටම තියාගන්න පුළුවන් වෙයිද කියලා විශ්වාසයක් නැති නිසා.

    ඉතින් අපි මේ කාරණාව ගැන විනීතාගේ පැත්තෙනුත් හිතලා බලමු. එයා මුලින්ම තමන්ගේ පවුල් පසුබිම තේරුම් අරන් කටයුතු කළානම්, සම්බන්ධකම් අරඹන්න කළින් ඒ ගැන හිතා බැලුවානම් එයාට ඒ වගේ දුක් වෙන්න ඕන වෙන්නේ නෑ. ඒත් ඒක සමහර විට පදනමක් නැති කාරණාවක් වෙන්නත් පුළුවන්. හිත ගිය තැන මාළිගාව ඉදි වෙන කොට ඒ දේවල් අමතක වෙලා ආදරේට මුල් තැන ලැබෙන්න පුළුවන්. ඒක එහෙම උනයි කියමුකෝ. එයා ඊලඟට ක්‍රියා කරපු ආකාරයත් මම එයාගේ තැන හිටියනම් ක්‍රියා කරන ආකාරයට වඩා වෙනස්.

    අවුරුදු ගාණක් මහන්සි වෙලා තමුන්ව උස් මහත් කරපු අම්මා තාත්තාට පිටුපාලා, ඒ ගොල්ලන්ගේ හිත් රිදවලා ඊයේ පෙරේදා අඳුනගත්තු ආදරවන්තයා එක්ක යන එක. සමහර විට, දරුවෙක් ඇති දැඩි වෙච්ච ආකාරය මත මේ තීරණයේ හරි වැරදි බව වෙනස් වෙන්න පුළුවන්. ඒත් මේ සිද්ධියෙදී මං හිතන්නේ නෑ ගම් ප්‍රධානියෙක් වෙච්ච තාත්තයි, ඒ අම්මයි තමන්ගේ දරුවන්ව ඇතිදැඩි කරද්දි දුකක් දෙන්න ඇති කියලා. කමක් නෑ, ඒකත් එහෙම වෙලා, දෙමව්පියන්ගේ ආශිර්වාදය පස්සෙ ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් රහසේම විවාහ උනා කියමුකෝ. දැනුත් එහෙම සිද්ධීන්නම් ඕනතරම් වෙනවනේ.

    ඊටපස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයා ත්‍රස්තවාදී ඔත්තුකරුවෙක් කියලා දැනගත්ත මොහොතේවත් ඇයට තමන් අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න තිබුණා. තමුන්ට ආශිර්වාද නොකළ, තමුන් මැරුණු බවට සලකන අම්මා තාත්තා ඇතුළු නෑදෑයෝ ගැන කළකිරිලා හිටියත්, අර වගේ ප්‍රකාශයක් කරන්න තරම් වෛරයක් තියාගත්තේ ඇයි. තමන්ව මේ වෙනකල් ලොකු මහත් කළේ ඒ අම්මා තාත්තාම නේද. තමන්ගේ රටත් ජාතියත් විනාශ කරන්න අරාඳින ත්‍රස්තවාදීන්ට එකතු උනේ ඇයි. නඩේසන්ව එයින් වළක්වාගන්න බැරි උනත් තමනුත් ඒ තරම් ද්‍රෝහී තත්ත්වයකට ඇද වැටුණේ ඇයි. සමහරවිට, මගේ අම්මා තාත්තටත් මම දැන් මැරිලා, මට දැන් ඉන්නේ මගේ මනුස්සයා විතරයි, එයාවත් මට නැති කරගන්න බෑ කියලා හිතෙන්න ඇති. නඩේසන්ට තමුන්ගේ බිරිඳට වඩා ත්‍රස්තවාදය ලොකු වෙච්ච නිසා, විනීතා තමුන් වෙනුවෙන් කළා වගේ කැපවීමක් ඇය වෙනුවෙන් කරන්න ඔහු පෙළඹුනේ නැති නිසා අසරණ වෙච්ච විනීතා ඒ සංවිධානයට එකතු වෙන්න ඇති. තමුන්ව මරා දැම්මත් රට ජාතිය පාවා දෙන්නේ නැතැයි හිතන්නට තරම් ජාතිමාමක සිතුවිලි පහළ වෙන්නට තරම් හැඟීමක් ඈ තුළ නොතිබෙන්නට ඇති.

    ඒත් එහෙම වෙලා අන්තිම මොහොතෙදී විතරක් ඇයට සිංහල කම මතක් උනේ ඇයි. එතනදී කෝ ඇය තුළ නඩේසන්ට තිබ්බ ආදරය? දෙමළෙක් වෙච්ච මිනිහා මැරිච්චදෙන්, ඒත් මම සිංහල. කොයිතරම් නිවට කමක්ද.

    විනීතාගේ මව්පියන් මුළින්ම නඩේසන්ට අකැමැති නොවුනානම් මෙහෙම තත්ත්වයක් ඇති වෙන එකක් නෑ කියලා කවුරුහරි කියන්න පුළුවන්. ඒත් එහෙම වෙන්නේ, ඒ වෙනකොට නඩේසන් අහිංසක ද්‍රවිඩ තරුණයෙක් වෙලා හිටියනම් විතරයි. ඒත්, ඒ වෙනකොටත් ඔහු රජයේ පොලිස් නිලධාරියෙකුව හිඳගෙන ත්‍රස්තවාදීන්ට ඔත්තු සැපයූ කෙනෙක්නම් ඒ තත්ත්වයේ වෙනසක් නෑ නේද. විනීතා එම හේතුව නිසා ඔහුට අකැමැති උනානම්, ඔහු විනීතාව අත් හැර යනවා මිස මා හිතන්නේ නෑ ත්‍රස්තවාදීන් සමග ඇති ගනුදෙනු නවත්වා දමයි කියා.

    ජාති බේධයක් නැතුව අහිංසක මිනිස්සු ත්‍රස්තවාදී ප්‍රහාර වලට ගොදුරු වෙලා මිය යන කොටවත්, ජාතිය ගැන හැඟීම් පැත්තක තියලා මනුෂ්‍යත්වය ගැනවත් ඇයට හිතන්න තිබ්බා. ඇයට ඒ සියල්ල ඉවසාගෙන අන්ත අසරණ වෙලා, ත්‍රස්තවාදීන්ට සිංහල උගන්නන්නත් සිද්ධ උනා කියමු. ඒත් මම ඒ වෙන තුරුත් ඈ සිටි තැන සිටියානම් අඩුම තරමින් එතනදිවත් කොටින්වත් මරාගෙන මැරෙන්න හරි උත්සාහයක් ගන්නවා.

    ඇයට අවස්ථා රැසක් ලැබුණා තමන්ව නිවැරදි කරගන්න. ඒත් ඒ සියල්ලටම පිටු පෑ ඇය තමන්ගේ උපන් බිමට ද්‍රෝහී උනා. ආදරය වෙනුවෙන්වත්, වෙන කිසිම කාරණයක් වෙනුවෙන්වත් කිසිම කෙනෙකුට අයිතියක් නෑ තමන්ගේ රටට ජාතියට ද්‍රෝහී වෙන්න, පාවා දෙන්න. මේ තමයි මගේ අදහස. හරිම වටින ලිපියක් සයුරි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සිත්තමී..ඔයාට ගොඩක් ස්තුතියි වටිනා කාලය අරගෙන දිග ප්‍රතිචාරයක් තිව්වට...ඔයාගේ අදහසට මමත් එකඟයි. ගොඩක් වෙලාවට තරුණ ළමයි හැමදේටම වඩා ආදරේ ලොකු කරගන්නවා. එයාලට පේනවට වඩා දුරක් දෙමව්පියන්ට පේන නිසා තමයි ඒ වගේ දේවල් වලට විරුද්ධ වෙන්නේ. ඒ නිසා විනිතාගේ දෙමව්පියන්ට වැරද්දක් කියන්න මටනම් බැහැ. බලනකොට අන්තිමට උනෙත් ඒ දේම නේද? විනිතාට සිද්ධ උනේ තමන්ගේ රට ජාතිය ඔක්කොම පාවලා දෙන්න.

      ඔයා වගේම මමත් හිතාගෙන හිටපු දෙයක් තමයි වෙන ජාතියක කෙනෙක් ගැනනම් හිතන්නෙවත් නෑ කියන එක. එහෙම දෙයක් උනොත් මගේ දේවල් අතඅරින්න මට බැරි නිසා. නඩේසන් විනිතාගේ පවුල පිළිගත්තත් මමත් හිතන්නේ නෑ කීයටවත් ඔහු ත්‍රස්තවාදයට නොයා ඉඳීවි කියලා. ඔහුට බැරි උනානම් විනිතා වෙනුවෙන් ත්‍රස්තවාදයට නොයා ඉන්න, ඇයගේ පවුල වෙනුවෙන් එහෙම කරාවි කියලා හිතීම විහිළුවක්.

      Delete
  32. හැමදේම සාපේක්ෂයි. අපි අපේ කෝණයෙන් බලලා, මෙහෙම කරන්න තිබුනා, අරම කරන්න තිබුනා කියනවා. රට ජාතිය, ආගම වෙනුවෙන් සටන් කරන එක හොඳයි කියන මේ ශ්‍රි මුඛයෙන්ම, යාපනේ සාමාන්‍ය දෙමලෙක්ගේ ඒ අයිතිය හෙලා දකිනවා, ඌට ත්‍රස්තවාදියා කියනවා. මෙහෙම කියන නිසා මම දේශද්‍රෝහියෙක් වෙනවා, ඒත් අපි ඉගෙන ගත්තේ , පැත්ත ගියත් ඇත්ත කියන්නයි

    ඔය සුදු කොඩි කතාව අපි හැමෝම දන්නවානේ? එව්වා ජාතික රහස්. ඒක නිකම්ම නිකං collateral damage විතරයි.මේ ඇහට පේන දේ නැහැයි කියනවා, අපේ මතය සාධාරණීකරනය කරගන්නවා. දශක කීපයක් තිස්සේ ඇදීගිය අවසනාවන්ත යුද්ධයෙන් දිනුවෙ අපි.පැරදුනේ උන්. මේ යුද්ධයට් හේතු වෙච්ච, අතීතයේ අපෙන් වෙච්ච වැරදි , නිවරදි කරන්නවත් උත්සාහ කරන්නේ කීයෙන් කී දෙනාද?

    දැං අපි ගැනම බලමු, දෙමලත් එක්ක ගත්තාම අපි සිංහල. එතකොට පල්ලියට විරුද්ධව අපි සිංහල බෞද්ධ, ඊට පස්සෙ ඕක කුල,මල ධනපති/ නිර්ධන පංති අරක, මේක කිය, කිය තව ඇට හුටාමාරක් උප කුලක වලට බෙදෙනවා. ඔය දෙමල බෞද්ධයො වගේ ආතක්-පාතක් නැති උන්ට ඉතිං ඇඩ්‍රසුත් නෑ.

    මට මතක් වෙනව කොහේද අහපු කතාවක්. මොකක්ද ජල ගැල්මක්ද, භූමි කම්පාවක්ද තිබ්බ වෙලාවක, ගුහාවක හාවො, මීමින්නො, කොටි,නරි සේරම කස්ටිය ‍රැස් වෙලා සාමදානව හිටියලු :) ජාති ආලෙයි, ජාතිවාදෙයි කියන්නෙ දෙකක්, ඒත් අවාසනාවට ජාතිවාදෙ එන්නෙ , ජාතිආලෙ වෙස්මූණ පැළඳ ගෙනයි. ඕක බොහොම බලවත් දේශපාලන අවියක් නෙව. මුළු දෙවන ලෝක සංග්‍රාමය ගෙනිච්චෙ ආර්‍ය වංසෙයි, ඉරු දෙයියොන්ගෙන් පැවත ජප්පොයි, ප්‍රතාපවත් රෝම අධිරාජ්‍යයෙන් පැවත් එන කස්ටියයි නෙව. :)

    කොහි පැත්තෙත් ඉන්නෙ මිනිස්සු, හොඳ-නරක මිනිස්සු කොහෙත් ඉන්නවා. අහල තියනවද " ආනන්ද භවන් එකට ගිහින් ‍තෝසෙ ගිලිනවා, එලියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා" කියන සිංදුව.

    ReplyDelete
    Replies
    1. හලෝඕ ටොමී ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට...:)

      හ්ම්ම් හැමදේම සාපේක්ෂයි...මේක වැරදියි කියන අය කියන්නෙත් සාපේක්ෂව...හරියි කියන අය කියන්නෙත් සාපේක්ෂව...මක් කරන්නද ටොමියෝ...:(

      Delete
  33. ආදරය සාපේක්ෂයි.මේ වගේ තැනකදි මම මොන තීරණයක් ගනීවිද දන්නෙ නෑ.හොඳම දේ දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙන සම්බන්ධවලට පටලවෙන්නෙ නැතුව ඉන්න එක.මොනා වුනත් ආදරය හින්දා උනත් අපරාධ කරන එක වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා...ආදරේ නාමෙන් උනත් අපරාධ කරන එකනම් අනුමත කරන්න බැහැ. ස්තුතියි වර්ණ

      Delete
  34. ඔය කතාවට පාදක වුණු මූලික දේවල් ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඔය අරයා මෙහෙම කියල තිබ්බා ,මෙයා අර යට අර විදියට කියල තිබ්බ කියල කියන දේවල් විශ්වාස කරන්න බෑ මොකද කට කතා වලින් ගොඩක් දේවල් වෙනස් වෙලා තමයි ජනගත වෙන්නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...