වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Sunday, May 13, 2012
ඉතින් ආයුබෝවන්
"කියෙව්වේ නැහැ, ආයේ එන්නම්" කියලා යන ඔබා මාමා නොවැරදීම කමෙන්ටුවක් දාන්න ආපහු එන බව අපි දන්නවා.
ඒත් මේ පාරනම් "ආයේ එන්නම්" තියා "යන්නම්" කියන්නෙත් නැතුවම ඔබා මාමා ගිහින්.
අද උදේ මේ ආරංචිය දකිද්දී මට හිතුනෙම මේක ඔබා මාමාගේම වැඩක් කියලා. හැමෝම හිනස්සවන්න කරපු විහිළුවක් කියලා. ටිකක් හොයලා බලද්දියි ඇත්තක් කියලා දැන ගත්තේ. ඒත් මේක විශ්වාස කරන්නේ කොහොමද? ඊයේ වෙනකන්ම බ්ලොග් වල කමෙන්ට් දදා හිටපු ඔබා මාමා හදිසියේම ගියා කියලා හිතන්නේ කොහොමද?
මම මුලින්ම ඔබා මාමාගේ බ්ලොග් එකට ගිහින් කමෙන්ටුවක් දාලා ආවේ නිකමට. ඊ ළඟ දවසේ බලද්දී ඔබා මාමා මගේ බ්ලොග් එකටත් ඇවිත්. මම හීනෙකින්වත් හිතුවේ නැහැ ඔබා මාමා වගේ කෙනෙක් මගේ බ්ලොග් එකට එයි කියලා. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි. ඔහු ඒ තරමටම නිහතමානී කෙනෙක්.
"පොඩි කාලේ ඉතිහාසේ කට් කරපු හින්දා දැන්වත් සයුරි ටීචගෙන් ඉතිහාසේ ඉගනගන්නවා" කියපු ඔබා මාමා, "කැලැන්ඩරේ වෙනස් උනාට කමක් නෑ, එතකොට අපි චුත වෙලා" කියපු ඔබා මාමා, ආදරේ ගැන පොස්ටුවක් ලිව්වොත් එහෙම "හෙහ් හෙහ්...පහු වෙනකොට කොහු වෙනවා" කියලා අපිව ඩිමෝටිවේට් කරපු ඔබා මාමා :) ;(, "කියෙව්වේ නැහැ, ආයේ එන්නම්" කියලා ගිහින් නොවැරදීම ආපහු එන ඔබා මාමා, අද ඒ කිසි දෙයක් නැතිව නිහඬ වෙලා.
ඉතින් තවත් මොනවා කියන්නද? ජිවිතේ පුරාවටම තරුණ හදවතක් ඇතිව, සතුටින් ජීවත් වෙලා, දුක් නොවිඳ හදිසියේම මිය යන එක, අපිට දුකක් උනත් ඔබට සැපක් වෙන්නත් ඇති. ඒ අතින් ඔබා මාමා වාසනාවන්තයි. එහෙම හිතද්දී ටිකක් හරි හිත හදා ගන්න පුළුවන්.
මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
මිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ
ඔබට සුබ ගමන් ඔබා මාමේ...
ඔබී නැන්දා ඇතුළු පවුලේ සියලු දෙනාටම අපගේ බලවත් කණගාටුව..
Subscribe to:
Post Comments (Atom)
උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
ReplyDeleteඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..
ඔබට නිවන් සුව මාමේ..
හොඳ මිනිස්සුන්ව ඉක්මනට දෙවියො ලඟට ගන්නව..
ReplyDeleteඔබා මාමට නිවන් සුව!
මේ පොස්ට් ඒක කියෙවුවහම තවත් දුක වැඩි වුනා වගේ. උදේ මමත් හිතුවේ කාගේ හරි විහුළුවක් කියල.
ReplyDeleteඉන්න ඕනේ මිනිස්සු ඉක්මනින් යන්නේ ඇයි.??
ඔබා මාමේ ඔබට නිවන් සුව!!..
හොද මිනිස්සුන්ට ආයුෂ අඩුද මන්දා..:( ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!
ReplyDeleteකේ කෙල්ලෝ අඬනවාමනේ වැඩේ කියලා කියනවා සමහර විට :)
ReplyDeleteහරිම සාමාන්‍ය මනුස්සයෙක්, මනුස්සකම ගොඩාක් තියෙන මනුස්සයෙක්.
ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !
"ජීවත්වීම සඳහා යුහුසුළුවන්න" ඔහු අපට නොකියූ පණිවිඩය එයයි....
ReplyDeleteපරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින්ම නික්ම ගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....!!!!
ඔබාමාමාගේ මේ ඡායාරූපය නිතර නිතර බ්ලොග් අඩවිවල කමෙන්ට්වල තිබුන නිසා ටිකක් දැකල පුරුද්දක් තිබුණා. ඒත් එතුමා කවුද මොකක්ද එයාගෙ බ්ලොග් එක කියලා වෙන වෙලාවක හොයන්න ඔනෙ කියලා හිතාගෙන හිටියත් සමහර වෙලාවට ඒක මග හැරුණා.
ReplyDeleteඅද උදේ සිට නෙත ගැටුණු මේ පුවත අනුව නම් එතුමා කවුරුත් ආදරය කළ ඉතාම සරළ සහ සුන්දර මිනිසෙක් බව හැඟුණා.
"සුවඳැති මල් ඇයි මේ හැටි හනිකට පරවන්නේ"
සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික කිසිවක් නැති බව පමණක් කියා නොකියාම නික්ම ගිය නොදුටු සුහදයාණෙනි ඔබට සුබ රාත්‍රියක්.
අපි කරනා පින් ඔබා මාමා ට අනුමෝදන් කරමු, එයයි අපට කළහැකි ලොකු ම දෙය... සුබ ගමන් ඔබට!
ReplyDeleteසදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!
ReplyDeleteමෙ කතාව දන්නෙ මං දැන්... අනේ හිනෙකින්වත් හිතුවෙ නෑ කට්ටිය සුදු කොඩි දාන් හිටපු එකට මෙහෙම දෙයක්... මං හිතුවෙ දිලුම් අයියා ගෙ අවුරුද්දෙ දානෙ හන්ද කියලා... අනේ ඔබා මාම.. එදා සයිබර් අවුරුදු උත්සවෙ දවස මතක් වෙද්දි මටනම් ඇත්තටම ඇඩෙනව... :(
ReplyDeleteමෙවැනි අකල් වියෝවන් මතු සසරේ කිසිදා නොම වේවා ඔබා මාමේ...ඔබට නිවන් සුව පතමි!!!
ReplyDeleteඅඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක් පමණයි.
ReplyDelete------ ඔබා මාමාට බුදුසරණයි ----------
ඇත්තෙන්ම ඔහු සතුටින් මිය යන්න ඇති. ජීවිතයේ වගකීම් මනාව ඉටුකළ සැමියෙක්, පියෙක් ලෙස සතුටින් මිය යන්න ඇති.
ReplyDeleteහැමදේම සැහැල්ලුවෙන් ඉවසූ එම මිනිසා මරණයත් සැහැල්ලුවෙන් ඉවසන්න ඇති.
නිවනින් නිවෙන තෙක්, ඔබ නැවතත් අප අතරම ඉපදේවා !!!
ඔබා මාමා කොයිතරම් අව්‍යාජ සුහදශීලි මනුස්සයෙක්ද කියලා මම දැනගත්තේ අවුරුදු උත්සවේදි කතා කලාම... කලින් දැකලා නොතිබුනත් ඔබා මාමේ මම ගැමියා කිව්වාම අතට අත දීලා හිනා වෙවි කතා කරපු විදිය මට තාමත් මැවිලා පේනවා.. ඒ හමුවීම මුල්ම සහ අවසාන හමුවීම වෙයි කියලා මම ජීවිතේට හිතුවේ නැ.... තිබ්බ කඳුලට කඳුළු වැලක් එක්කලා අක්කේ මේ පෝස්ටුව හරිම සංවේදියි....මටත් ඔබා මාමා වෙනුවෙන් පෝස්ටුවක් දාන්න ඕනේ වුනත් කිසිම දෙයක් එකලාසයක් කරන්න හිතෙන්නේ නෑ.... ඔබා මාමේ ඔබට නිවන් සුව!!!
ReplyDeleteරූපය දිරයි නාමය නොදිරයි..
ReplyDelete"ඔබා" සදාතනිකව අප හදවත් තුල ලැගුම් ගනු ඇති...
ඒම දුකකි, යාම දුකකි
ReplyDeleteඒම, යාම අතර දුකකි
ඔබා මාමේ ඔබට නිවන් සුව!!
ReplyDelete//මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
ReplyDeleteමිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ
ඔබට සුබ ගමන් ඔබා මාමේ...//
මටත් කියන්ට තියෙන්නේ මෙච්චරයි සයුරි....:(
උදාර හදකිය නිසල වූයේ,
ReplyDeleteසුබ රැයක් දයාබර වූ කුමරුනි,
දෙවඟනන් කැල ගයන ගී සර,
අසමින් නිදනු මැනව සදා ඔබ,
ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!
ReplyDeleteඋපදින උපදින ආත්මයක් පාසා අප අතරම සත්පුරුෂ ආශ්‍රයන් ඇතිව, සැප සම්පත්, ධන ධාන්‍ය, ගුණ යහපත්කම්, නැණ නුවන, ප්‍රඥාව වීර්යය, ඇතිව නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ඇති උපදීවා...!!
සයුරි අක්කට ජය ශ්‍රී, කාලෙකින් ආපු නිසා අපිව අමතකද මන්ද...? ඒ පැත්තෙත් පොඩ්ඩක් යන්න. පොඩි පෝස්ට් කෑල්ලක් දැම්ම. ආයෙත් කිව්ව ජය ශ්‍රී හොඳේ...
ඔබා මාමේ.. :( නිවන් සුව ලැබේවා...!!
//මිනිසුන් වෙසෙන මිනිසත් කම නොමැති ලොවේ
ReplyDeleteමිනිසෙකු මළ නිසයි දුක මරණයට නොවේ//
දුකක් නොවිඳ ජීවිතයෙන් සමුගැනීම ඇත්තටම සැපතක්... ඒත් සහෘදයින්ට ඔබේ නික්මයාම දුකක්...!
සොඳුරු නිරීක්ෂකයාණෙනි... ඔබට සුභ ගමන් !!!
නිවන් සුව ඔබා මාමෙ....
ReplyDeleteසයුරි අක්කට වුනා වගේමයි මටත් උනේ.මාම මුලින්ම ඔබ මාමගේ බ්ලොග් 1 ෆලෝ කර විතරයි,මගේ බ්ලොග් 1 ට ඊලග දවසේ කමෙන්ට් 1ක් වැටිලා.ඒක සමහරෙක්ට බොහොම පොඩි දෙයක් වෙන්න පුළුවන්,එත් අලුතින් බ්ලොග් ලියන්න ගත්ත අපිට ඒ කමෙන්ටුව මහා මෙරක්!
ReplyDeleteබ්ලොග් කරුවෝ දකින හැම හීනයකම ඔබ ජීවමානයි!
ඔබා මාමා ඇවිත් කියෙව්වේ නෑ කියලා යද්දී මම විහිළු කරනවා 'අයියෝ මෙච්චර පෙට්‍රල් ගනන් කාලේ දෙපාරක් එන්න ගියහම වියදම් වැඩී නේද 'කියලා. බ්ලොග් ලෝකේ හදවතින්ම ගරුකල කෙනෙක්. වැඩිමල් වුනත් විහිළුතහළු කලේ ඔබා මාමාගේ තිබුණ ආදරණීය බව නිසාමයි.
ReplyDeleteඒ රත්තරන් මිනිසා යන්න ගිහින්.කිසිම දාක නොඑන්නම...
ඔබා මාමේ ඔබට නිවන් සුව!
ReplyDeleteවෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.
ReplyDeleteමාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.
විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා
ඔබා මාමාට නිවන් සුව.
(මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)
''මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ '' වෙන මොනවා කියන්නද සයුරි
ReplyDeleteඔබා මාමා අපව දාල ගියත් හැම දාම අපේ හිත් වල ජීවත් වේවි.
ReplyDelete"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ReplyDeleteලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"
ඉතින් සොඳුරු ඔබා මාමේ... ඔබ අද නිසළ වුනත් , ඔබ මතකය සැමදා අප සිත්තුල සදා රැදෙනු ඇත.. ඔබට නිවන් සුව..
සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
ReplyDeleteරාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................
ගිහින් එන්න ඔබා මාමේ..
ReplyDeleteඒත්
මතක ඇතිව
නිවන් දකින්න කලින්
තවත් එක ම එක පාරක්
අපි අතරට ඇවිත් යන්න..
අයියෝ මම කාලෙකින් ආවෙ අදනෙ මේ පෑත්තෙ.....එතකොට ඔබා මිය ගිහින්........අයියෝ....මම අදනෙ දන්නෙ අක්කා.......
ReplyDeleteනොකියාම ගියත් ආයි කිසි දිනෙක හමුවෙන්නේ නෑ කියලා හිතුනම හිතා ගන්න බැරි දුකක් දැනෙන්නේ ඔබ මෙතරම් අපිට ලං උන නිසයි ඔබ මාමේ ..ඔබට නිවන් සුව ඔබා මාමේ...
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව.... ජිවිතේ මට හමුවුනු තවත් සුන්දර මිනිසකුගේ සමුගැනිම ඇහැට කදුලක් එක් කරලා.....
ReplyDeleteමම එන්න කලින් ඔහු ගිහින්...
ReplyDeleteඔබා මාමාට නිවන් සුව !
ඔබා,ඔබා මාමා කිව්වමහ මුලින්ම මතක් වෙන්නෙ ඔබා මාමා හිනා වෙලා අපි දිහා බලාගෙන ඉන්න ෆොටෝ එක. ලා කොල පාටට තියන මේ ෆොටෝ එක දිහා බැලුවහමම එයා මොනවගේ කොනක්ද කියලා අඳුනගන්න අමාරැ නෑ.
ReplyDeleteඒ ඔබා මාමා තුළ චරිත දෙකක් නොතිබුන නිසා. සමහරැ හොඳ මූණ පෙන්නගෙන හිටියට හිත් ඒ තරම් හොඳ නැති වුනාට ඔබා මාමා තුළ එහෙම දෙයක් තිබුනෙ නෑ.
සයුරි අක්කාගෙ බ්ලොගේ තිබුණු ලින්ක් එකකින් ගිහින් තමයි ඔබා මාමගෙ බ්ලොගේට මම ගියේ.
ආයෙ කවදාවත් පොස්ට් එකක් ඔබා මාමගෙන් අපිට කියවන්න ලැබෙන්නැති වුනත් එයා ජීවිතේ ගැන පෝස්ට් එකක් අපිට කියවන්න දීලයි ගියේ කියලයි මට හිතෙන්නෙ.
මේක මට අයිති ලිපියක් නොවෙන නිසා වෙන වෙනම පිළිතුරු දීමෙන් වැලකී සිටිමි. හැම දෙනාටම ආදරණීය ඔබා මාමා වෙනුවෙන් ස්තුතියි...
ReplyDelete