Wednesday, June 13, 2012

ලොකු අයියගෙ කතා


අපේ ලොකු අම්මට ඉන්නවා පුතාලා හතර දෙනෙක්. හතර දෙනාම අපිට වඩා වැඩිමල්. පොඩිම අයියා ටිකක් එක විදියක්. තමන්ගේ වැඩ කටයුතු වලටම  මුල් තැන දෙන මේ අයියා ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් තමයි කරන්නේ nerd. ඊට වැඩිමල් අයියා සුදු අයියා. මෙයානම් හරිම සංවේදී හිතක් තියන, මගෝඩි වැඩ කරන්නේ නැති, හොඳ කෙනෙක්. අපිත් එක්කත් හරිම ෆිට් batting eyelashes. ඊට වැඩිමල් රාජ් අයියා. මේ අයියා ගිහි ජීවිතේට වඩා පැවිදි ජීවිතේට තමා වැඩියෙන් ගැළපෙන්නේ (ඒත් දෙයියනේ කියලා දැන්නම් ළමයෙකුත් ඉන්නවා). ඊ ලඟට ඉන්නේ ලොකුම අයියා. මෙයා ගැනනම් ලේසියෙන් විස්තර කරලා ඉවර කරන්න අමාරුයි. හරිම හොඳ හිතක් තියන, හැබැයි අහිංසක නැති, අසාධාරණේ දැක්කම අම්මා තාත්තට උනත් විරුද්ධ වෙන, බොහොම විනෝදෙන් ඉන්න කැමති හරිම සරල කෙනෙක් තමයි ලොකු අයියා cowboy.

අපරාදේ කියන්න බෑ අහසට පොළව වගේ වෙනස් ගති පැවතුම් තියන මේ හතර දෙනාව ලොකු අම්මා හරිම හොඳට හදල තියනවා. මේ හතර දෙනා ගැනම කියන්න වෙන වෙනම කතා තිබුනත් අද කියන්න යන්නේ ලොකු අයියා ගැන.

ලොකු අයියා ඒ ලෙවල් කරලා ඉවර වෙලා මොකක්දෝ කෝස් එකක් කරන්න අපේ ගෙදර එනකොට අපි හරිම පොඩියි. ඒ ලෙවල් හරියට කරගත්තේ නැති හින්දා තමයි එහෙම එන්න උනේ (ඉගන ගන්න කිසිම  උනන්දුවක් තිබුනේ නැතුව ඒ ලෙවල් කරගත්තා නම් තමයි පුදුමේ). ඒ දවස්වල අපි හිටියේ තිස්ස මහාරාමේ. ඊට පස්සේ ඉතින් කසාද බඳිනකන්ම ලොකු අයියා හිටියේ අපේ ගෙදර. ලොකු අම්මලට වඩා අපේ අම්මලා එක්ක ඉන්න තමයි ලොකු අයියා හිටියේ. අපේ මල්ලි ගොඩක් ලොකු වෙනකන්ම හිතාගෙන හිටියේ ලොකු අයියා අපේම අයියා කෙනෙක් කියලා.

ඔය අතරේ ලොකු අයියට වාහන පිස්සුවක් හැදුන නිසා අර කෝස් එක කරන එකත් අතරමග නැවතුනා. අදත් අපේ අම්මා කියන කතාවක් තමයි "මේ කොල්ලා අර කෝස් එක හරියට කරගත්තානම් අද ටී ඕ කෙනෙක්නෙ" කියන එක. ඒත් ලොකු අයියට ඒවා ගානක් නැහැ. එයා අන්තිමට නැවතුනේ ඩ්‍රයිවින් ජොබ් එකක. තමන් කැමති දේ එපාය කරන්න.

ඉතින් කොහොමහරි ඔය විදියට කාලේ ගෙවිලා යද්දී ලොකු අම්මලා පටන්ගත්තා අයියට මනමාලියෝ හොයන්න. හාපෝ ඒ මිනිස්සු ඒකට කාපු කට්ටක් d'oh. බලන්න යන හැම කෙනාගෙම මොකක් හරි ඇදයක් හොයාගන්න ලොකු අයියා හරි දක්සයි. එයා හේතු හැටියට කිව්වෙත් මහ සහ ගහන හේතු. "එයා ගේ ඇතුලට සෙරෙප්පු දාගෙන හිටියා", "එයා සාරියක්වත් අඳින්නේ නැතුව නිකන්ම ඇඳුමක් ඇඳගෙන නේ හිටියේ", "එයා හරියට මූන බලලා කතා කරන්නේ නැහැ". ඔන්න ඔය වගේ හේතු තමයි කිව්වේ. අන්තිමේදී කට්ටියට මේ වැඩේ එපා වෙලා දමලා ගහලා ඉන්නකොට එයාම හරියන එක්කෙනෙක් හොයාගෙන තිබුනා. චන්දි අක්කා, සේවා ස්ථානයේම කෙනෙක්. හැබැයි අක්කා අයියට වඩා නිලයෙන් උසස්. මේ හින්දා අක්කලාගේ ගෙදරින් බාධක ආවත් අක්කා නෙමෙයි ඒවට සැලුනේ smug. අයියටම හරියන ජාතියේ නේ ඉතින් එයත්.  අන්තිමේදී ඉතින් දෙන්නා ජය සිරි මංගලම් ගමන් ගියා.

මේ අක්කට පුළුවන් උනා සක්‍රයටවත් වෙනස් කරන්න බැරි ලොකු අයියාගේ සමහර ගති වෙනස් කරන්න.

1. කොට්ට උර යනු සෝද සෝදා පාවිච්චියට ගත හැකි දෙයක් බව වටහා දීම (කොට්ට උරේ මඩ පාට වෙනකන් පාවිච්චි කරලා ඒක විසි කරලා අලුතෙන් එකක් දාගන්න එක තමයි ලොකු අයියගේ පුරුද්ද වෙලා තිබුනේ)

2. සුදු ලූණු සමග තිබුණු වෛරය නැති කිරීම

3. අමුඩ ලේන්සුවක දමා පිට්ටු තැම්බූ සත්‍ය කතාවක් අසා පිට්ටු වර්ජනය කරමින් සිටි ලොකු අයියාට පිට්ටු කෑමට පුරුදු කිරීම.

මේ දෙන්නා ඉතින් තකට තක. රයිගමයයි ගම්පලයයි වගේ තමයි. දවසක් දෙන්නා පොලිසි නොගිහින් බේරුනේ අනූ නවයෙන්. තමන්ගේම ගෙට වහලෙන් බහින්න ගිහිල්ලා තමයි ඒ වැඩේ උනේ. ඉස්සරහ දොර ලොක් කරලා තියෙද්දී මෙලෝ සිහියක් නැතුව දෙන්නම ඉබේ ලොක් වෙන කුස්සියේ දොරෙන් එලියට බැහැලා. මම අතීතයේ දවසක් පෝස්ට් එකෙත් මේ දෙන්නා ගැන පොඩ්ඩක් ලිව්වා.

ඉතින් කියන්න ගිය කතාව තාම කිව්වේ නෑ නේ. හැමෝටම සද්දේ දාගෙන ඉන්න ලොකු අයියා, අක්කට ඇරුනහම බය තව දෙයක් තියනවා. ඒ තමයි ඉන්ජෙක්ෂන් කට්ට I don't want to see.

මේ එයා බඳින්න කලින් වෙච්ච වැඩක්. දවසක් අපි ටවුමට ගිය වෙලාවේ මොනවද බඩු වගයක් ගන්න කඩයක් ළඟ නතර කළා. එතන එහා පැත්තේ දත් දොස්තර කෙනෙක් ඉන්නවා දැකපු ලොකු අයියා වැඩර් වගේ ගියා දතක් ගලවගන්න තියනවා කියලා. අපි බඩුත් අරගෙන එයා එනකන් පැය බාගයක් හිටියා...ම්හු....පැයක් හිටියා...ඒත් නෑ. බැරිම තැන අම්මා ගියා බලලා එන්න. යනකොට ලොකු අයියා ඉන්නවලු ඇඳක හාන්සි කරවලා. නර්ස්ලා ටික හිකි හිකි ගගා හිනා වෙවී ඉන්නවලු. ඒ අය අම්මට විස්තරේ කියලා. ඉන්ජෙක්ෂන් එක ගහන්න කටුව ලං කරනකොටම ලොකු අයියට කලන්තේ හැදෙනවලු. ඊට පස්සේ ඇඳෙන් තියලා පොඩ්ඩක් හරි ගියාම ආපහු ඉන්ජෙක්ෂන් එක ගහන්න හදනවලු. ඉතින් ආපහු කලන්තෙලු. ඔය විදියට තුන් හතර පාරක්ම වෙලා. එදා දත ගැලෙව්වද කියලනම් මට මතකයක් නෑ. :)

මේක උනේ බැන්දට පස්සේ. දවසක් අක්කගේ දනිස් පොල් කටුව පැනලා අක්කව හොස්පිටල් අරන් ගියා. අම්මෝ ඒක දිහා බලන්න බයයි. දනහිස ඇත්තටම තියන තැන ෆ්ලැට් වෙලා දනිස්ස පැත්තකට පැනලා. ඕක ගණන් ගන්න එපා ඩොක්ටර්ස්ලා ටක් ගාලා ඕක හරි තැනට දාලා දෙයි කියලා අක්කටත් ටෝක්ස් දිදී තමයි ලොකු අයියා හිටියේ. හොස්පිටල් ගෙනිච්චම අක්කව ඇඳකින් තියලා නර්ස් කෙනෙක් ඇවිත් ඉන්ජෙක්ෂන් එකක් දෙන්න හැදුවලු අක්කට. එතකොටම...
"දඩාස්..."
බලද්දී ලොකු අයියට කලන්තේ හැදිලා වැටිලලු...


125 comments:

  1. හෙහ්.. ඔක්කොමට වැඩිය හිනා අර වෙනස් කරපු කාරනා තුනට.. තුන් වෙනි එක ගැන මුකුත් නොකියමි.. ඕක තමා කියන්නේ කොච්චර පුරුදු තිබ්බත් ඒවා බැන්දම හරි යනවා කියලා..

    කියන්න දෙයක් නෑ.. මම එක බව දනිමි.. තෑගි ගන්න හෙට එමි.. අහෝ බට්ටි අක්කේ... :)

    ReplyDelete
    Replies
    1. සොරි සොරි කමෙන්ට් දෙකක් පැටලිලා. දිනේෂ්... ඔන්න හැදුව..

      Delete
    2. තුන් වෙනි එක ඇත්තටම වෙච්ච එකක්ලු. අන්න රාජ් පහලින් දාලා තියනවා කතාව :) අනිවාර්යෙන් මල්ලි බැන්දම ඔව්වා හරි යනවා. ඔයත් මතක තියාගන්නකො :)

      ආ...එදා දීපු පෑනෙන් ලියන්න අද පොතක් දෙන්නම්

      [im]http://dl.dropbox.com/u/16187387/images.jpg[/im]

      Delete
    3. මෙයා අද හැට්ට්‍රික් ගත්තේ මම අසනීප නිසා..
      අලිම අසාධාරණයි අක්කේ..
      මම ඇමෙරිකාවේ අපේ ඔබාමාමට කියනවා නීතියක් ගේන්න කියලා පොස්ට් දැමීම ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 7.30 සිට සවස 6 දක්වා පමණක් සිදු කල යුතුය කියලා..
      මේක දාලා තියෙන්නේ උදේ 3ට. අපොයි ඒවෙලාවට මම මගේ 59 වෙනි හීනෙ දකිනවා....

      Delete
    4. හලේ බට්ටි නගා අසනීප උනාද? අනිත් දවසේ ලංකාවේ වේලාවෙන් දාන්න බලන්නම්කෝ පෝස්ට් එක :) අම්මෝ මෙයා බලන හීන තොගේ...

      Delete
    5. දැන් දැන් තරගේ උණුසුම් වගේ.. හැම පැත්තෙන්ම මට තර්ජන.. ඉස්සරහට සෑහෙන ගේමක් දෙන්න වෙයි වගේ එක වෙන්න.. ඒත් ඉතින් අපි එහෙම පසු බහිනවද? බලමුකෝ..

      ආ තෑග්ගට තැන්කූ වේවා...:)

      Delete
    6. හි හී...පසු බසින්න එපා මල්ලි :))

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කවුද හලේ හසිත කියන්නේ... මටත් කලින් කවුද එක උනේ.. ;)

      Delete
    2. හරි ෂෝයි අයියෙක් නෙ. මට මැවිල පේනව ඉන්ජෙක්ශන් එක දැකල කලන්තෙ දානව.මම හිතුවෙ මම එක කියල. කොහෙද මේ දිනේෂ් දුවල ඇවිත්නෙ මට කලින්

      Delete
    3. හි හි...ඔව් රෝස කුමාරි. අපිත් එයාව බයිට් කරන්න ඕන උනාම ඕවා මතක් කරනවා.

      දිනේෂ් මල්ලිගේ ටයිමින් වැඩ කරනවා වගේ හොඳට :) අපිට හවස් වෙද්දී එහාට රෑ නේ.

      Delete
    4. සයුරිට ඉන්නේ 4කි මට මදි නොකියන්නට එකම පවුලේ ඥාති සහෝදරයන් 5ක් ම ඉන්නව. ඒ අයගෙත් ලොකු අයියා ඔය වගේ මයි . මනමාලියෝ බලල ආවම පුදුම දේව්වල් කියන්නෙ. ඔන්න ඉදල ඉදල ඊයෙ පෙරේද බැඳ. එයත් බයයි කුකුළන්ටයි බල්ලන්ටයි.

      Delete
    5. හික් හික් කුකුලන්ටත් බයද අප්පා....මාරයිනේ. කොටන හින්දද දන්නේ නෑ.

      Delete
  3. හෙහ් හෙහ්.... මරු පොරක් නෙ එයා...

    ඇයි තමන්ගෙම ගෙට වහලෙන් බහින්ඩ ගිහින් පොලීසි යන්ඩ වුනේ ?

    මම නම් සුදූ ලූණුත් එක්ක හරි යාලුයි.. පොඩි කාලෙ ඉඳලම.

    ReplyDelete
    Replies
    1. පොලිසි යන්න උනේ නෑ අනේ...පොලිසි නොගිහින් නූලෙන් බේරුනා. අහල පහල අය හිතල තියෙන්නේ ගෙට හොරු පනින්න හදනවා කියලා. එයාලා ඇවිත් බලද්දී ගෙදර අයිතිකාරයෝමලු වහලෙන් ගෙට පනින්න හදන්නේ... :)

      Delete
  4. /* මේ අයියා ගිහි ජීවිතේට වඩා පැවිදි ජීවිතේට තමා වැඩියෙන් ගැළපෙන්නේ (ඒත් දෙයියනේ කියලා දැන්නම් ළමයෙකුත් ඉන්නවා) */

    අවුලක් නෑ. සමහර හාමුදුරුවරුන්ට දරුවෝ ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. හිහි...ඒකත් ඇත්ත. අපි හිතුවේ මේ අයියා ගිහියෙක් වෙලා ඉඳලත් බඳින එකක්වත් නැද්ද කියලා....

      Delete
  5. //අපේ ලොකු අම්මට ඉන්නවා පුතාලා හතර දෙනෙක්//
    ape loku ammata inneth kolloma 3 denekne.mage puruve wasanavata lebichcha ayyla 3 dena...D

    //ඒ දවස්වල අපි හිටියේ තිස්ස මහාරාමේ//
    ape ammath thissamaharamene.. samaharavita oyalawa dannava ethi akke.

    //දනහිස ඇත්තටම තියන තැන ෆ්ලැට් වෙලා දනිස්ස පැත්තකට පැනලා//
    ahh..budu ammo..!

    ayya nam maru ane;mehema ayyek innakota hari joli neda? hebei ara wahalen penapu kathava nam theruna madi wage.

    ReplyDelete
    Replies
    1. වැසි නංගි...ඔව් අනේ මේ හතර දෙනාත් පුරුවේ පිනකට තමයි ලැබිල තියෙන්නේ. එයාල එක්ක ඉන්නකොට හරිම ජොලි. ඔයාලගේ අම්මා තිස්ස කොයි හරියේද? අපි හිටියේ තිස්සමහාරාමේ දෙබරවැව. අපේ තාත්තා අවු. 05 විතර එහෙ වැඩ කරා (88 - 92 අතර වගේ). අපිනම් ගොඩක් පොඩියි ඒ කාලේ. ඊට පස්සේ එහෙං ආවා අපි.

      Delete
    2. දෙබරවැව.. අපේ අම්මලත් ඒ හරියෙ තමයි.ඒත් 88-92 කියන්නෙ අම්මා කැම්පස්.89 භීෂණ කාලෙ එයාලා අවුරුදු 7ක් කැම්පස් අහු වෙලා.ඉතින් ඔයාලව දන්නවා ඇති කියලා හිතන්න අමාරුයි.

      Delete
    3. හ්ම්ම් එහෙනම් දැන ගන්න විදියක් නෑ තමා. අපෝ ඔව් ඔය භීෂණ කාලේ අපි හිටියේ තිස්ස. මට යන්තම් මතකයි ඒ දේවල්.

      Delete
  6. අයියාගේ ඉන්ජෙක්ෂන් කට්ටට තියන බය නම්අක්කාට තාම නැති කරන්න බැරුව යන්න ඇති.. :D

    ReplyDelete
    Replies
    1. හපොයි ඒකනම් නැති කරනවා බොරු :)

      විශ්ව සමීර සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට...

      Delete
  7. ෂුවර් එකට බබා අයියාගෙනේ.... :) :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක සුවර් :D.
      ඔන්න මහේෂ්වත් ආයුබෝවන් කියලා පිලිගන්නවා....

      Delete
  8. මේ වගේ අය්යෙක් ගැන මාත් අහලා තියනවා.

    අද කතාවේ මගේ හිත ගත් කෑල්ල.
    //"එයා ගේ ඇතුලට සෙරෙප්පු දාගෙන හිටියා"//

    හී හී...ඇත්තටම මෙහෙමත් වෙනවද? පුදුම එක්කෙනෙක්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට එයා මනමාලියෝන්ගේ ඇද කුද කියපු හැටි ඇහුවම අසූහාරදාහට හිනා යනවා...

      ඔයාටත් හිටියද මේ වගේ අයියෙක්?

      Delete
  9. අයියා නියම පිරිමියෙක්.. නොසැලී ඉදල ඉන්ජැක්සොන් ගහද්දි

    මිසි වැරදිලා අයියට බේත විදලද ?

    ReplyDelete
    Replies
    1. හිහි...හරිනේ සෑම්, කලන්තේ දැම්මම නොසැලී නේන්නම් ඉන්නේ...

      අයියට විද්දනම් කලන්තේ දාලා නවතින එකක් නෑ...

      Delete
    2. බට්ටි ආයෙත් අපිව මෙහෙ ඒවා..

      එයාගෙ පෝස්ටුවේ ලිංකුවක් දාල :)

      Delete
  10. අමුඩ ලේන්සුවක දමා පිට්ටු තැම්බූ සත්‍ය කතාවක් අසා පිට්ටු වර්ජනය කරමින් සිටි ලොකු අයියාට පිට්ටු කෑමට පුරුදු කිරීම//... අපේ මලයාටත් තියනව ඔය වගේ එකක්. මීකිරි වල ගොම තියනව කියල පොඩිකාලේ ඉදන් කිරි කන්නේ නෑ. තාමත් එහෙමයි. බලමුකෝ ඉස්සරහට..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා, පොඩි කාලේ ඔය වගේ එකක් හිතට ගියාම ලේසියෙන් අයින් කරන්න බෑ. මම කාලයක්ම බොම්බෙලි කරවල කෑවේ නැහැ ඒ ගොම්බෙල්ලන්ගේ කරවල කියලා හිතලා...

      Delete
    2. හ්ම්ම් මමත් ආසයි දැන්.

      Delete
  11. ඔයාගෙ අයියනම් මගෙ ජාතියෙම පොරක්.. :D
    බලමුකො කාටද පුලුවන් මාව වෙනස් කරන්න කියල

    ReplyDelete
    Replies
    1. චූටි බටපොලයට ආයුබෝවන් කිව්වා එහෙනම්....ඔය කිව්වට බලමුකෝ වෙනස් වෙන්නේ නැද්ද කියලා :)

      Delete
  12. බැන්දට පස්සෙ කොහොමද දවසක් අක්කගේ දනිස් පොල් කටුව පැන්නේ? හොයලා බලන්නෝන දෙයක්නේ... අනේ මන්දා!

    ReplyDelete
    Replies
    1. හිකිස්‌...මෙයාටත් හිතෙන ඒවා....

      කිව්වත් වගේ, එයාලා අපිට කිව්වේ නැහැනේ කොහොමද දනිස්ස පැන්නේ කියලා :0

      Delete
  13. // මේ අක්කට පුළුවන් උනා සක්‍රයටවත් වෙනස් කරන්න බැරි ලොකු අයියාගේ සමහර ගති වෙනස් කරන්න. //

    වෙසමුනියත් ගෙදර කෙනාට බයළු ඒ හින්දා පුදුම වෙන්න දෙයක් නෑ

    මරු කතාව...

    ReplyDelete
    Replies
    1. හිහි....ඒක නේන්නම්. ඔය ලොකු ලොකු පොරවල් හැමෝම හාමිනේට බයයි ලු...

      Delete
  14. //...රයිගමයයි ගම්පලයයි වගේ තමයි..//

    ඇත්ත, හුගක් විවාහක ජෝඩු රයිගමයයි ගම්පලයයි වගේ තමා.
    රයිගමයා නිතරම හිතන්නෙ ගම්පලයට වැඩක් දෙන්නෙ කොහොමද කියල...ගම්පලයා හිතන්නෙ රයිගමයට වැඩක් දෙන්නෙ කොහොමද කියලා. හැබැයි පිට ඉදලා බලන අයට පෙනෙන්නෙ දෙන්නා ෂෝක් එකට ඉන්නව වගේ. ඒත් ඇත්තටම එකෙක් ඉන්නෙ අනිකට කෙළවන්න බලාගෙන...විවාහය තුළ අමු ඇත්ත ඕකයි...;)

    ඒ වුනාට මේ ලොකු අයියයි හාමිනෙයි නම් එහෙමම නෙවෙයි වෙන්න ඇති....:)

    ReplyDelete
    Replies
    1. හප්පේ...පැහැදිලි කිරීම දැක්කම තරුත් පෙනුනා මට...බොහොම ස්තුතියි සුමිත් මහත්මයා. සමහර විවාහක කපල් වලට මේක හරියටම හරියනවා මම හිතන්නේ. ඔන්න එහෙනම් රයිගමයයි ගම්පලයයි කියන එකේ හරි තේරුම දැන ගත්තා.

      ඒත් මේ දෙන්නා නම් එහෙමම නෑ. අක්කා හොඳ නිසා හරි ගියා. :)

      Delete
    2. ඇත්තටම එහෙම ගේමක් දෙන්ඩද බලන්නෙ..? එතකොට නිකන් මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගත්තා වගේ වෙනවනේ..

      කිව්වත් වගේ සම හරක් ඒ වගේ ඇති මන් හිතන්නෙ.

      Delete
    3. හ්ම්ම්...ඔව්, සමහරක් එහෙම වෙන්න ඇති

      Delete
  15. හොඳටම හිනා උනා අක්කෝ..... නියම කතාව

    මටත් ඔය අයියට තිබුනු ප්‍රශ්න 3ම තියෙනවා අප්පා.... ඒ කියන්නේ මටත් බඳින්න කාලෙ හරි..අමුඩ ලේන්සුවේ සීන් එක දන්නේ නම් නෑ හැබැයි පිට්ටු නම් කන්නැ...

    දනිහ පැන්නම පට ගාලා කකුල හොඳට දිගෑරලා පොල් කට්ට අතින් තද කරන ගමන් හිමින් නමන්න ඕනේ එතකොට ටක් ගාලා තැනට වැටෙනවා... දවසක් ක්‍රිකට් ගහද්දි මගේ යාළුවෙක්ගේ කකුල පැන්නා මිනිහා බැට් කර කර හිටියේ...

    එයා බිම වැටිලා කෑ ගහනකොට අපි හිතුවේ බැට් එක කකුලේ වැදිලා කියලා ඒත් බැලින්නම් දනිහ පැනලා... මම ඌ ගාවට ගිහින් ඇහුවා "මචෝ උඹව ඔහොම්ම ඉස්පිරිතාලෙකට අරන් යන්නද... කකුල හයි කරලා අරන් යන්නද" කියලා...

    "^$%ෑ%$# %^%$#^ කතා කියන්නැතිව මේක දාපිය ^$#%$^#^"

    ආයෙ දෙපාරක් කියනකන් හිටියේ නෑ ඉස්සෙල්ලා කියපු විදියට කලාම ටකස් ගාලා වැටුනා.... වෙද මහත්තයෙකුත් කියලා තියෙනවා ගානට මම කකුලට වැඩේ දීලා කියලා :D

    මගෙ වෙන්ඩ භාරිත් ඔහොම බයයි ඉන්ජෙක්ෂන් වලට... පණ බයයි කියන්නේ එයාට ඕක විදින්න යන කෙනාටම තමා ඇනගන්න වෙන්නේ.පුදුම හයියක් තියෙන්නේ ඒ වෙලාවට.දවසක් නර්ස්ලා හතර පස්දෙනෙක්වම පෙරලන් ගෙදරම දුවලා තිබුනා...

    තව සීන් එකක් මතක් වුනා ටැක්සි කියන ෆිල්ම් එකේද මන්දා නෝනාට බබා හම්බුවෙනකොට හස්බන්ඩ් කලන්තේ දාන්න ඔන්න මෙන්න... බබා හම්බුනාම හස්බන්ඩ් ඉන්නවා සේරම කරදර ඉවරයි වගේ බිත්තියකට හේත්තුවෙලා.... පෙකණි වැල කපන්න කියලා හස්බන්ඩ්ට කතුරයි පෙකණි වැලයි දුන්නම එයත් ඔහෝම්ම කලන්තේ දානවා....

    ReplyDelete
    Replies
    1. අම්බෝ...ගැමි මලයා වෙදකම් එහෙමත් දන්නවනේ....වෙද ගෙදර ඉඳපු නිසා වෙන්න ඇති. අපෝ දනිස්ස පනිනවට වඩා අමාරුයි නේ ඒක ආපහු දාන හැටි අහන් ඉන්න එක.
      බැන්දට පස්සේ ඔයා එහෙනම් ගම හාමිනේව වෙනස් කරලා ගන්නකො :)

      හිහි...විස්තරේ ඇහුවම මටත් ආස හිතුනා ඒ ෆිල්ම් 1 බලන්න. ඔහොම කට්ටිය ඉන්නවා. බබා හම්බ වෙන මනුස්සයට වඩා අමාරු හස්බන්ඩ් ට...හිහි

      Delete
  16. කොච්චර අනම් මනම් කීවත් බැන්දට පස්සේ අපිටත් ඔහොම වෙයිද දන්නේ නෑ. හැබැයි මට නම් ඉන්ජෙක්ෂන් කටු දැක්කට කලන්තේ හැදෙන්නේ නම් නෑ වෙලාවට. හික් හික්

    ReplyDelete
    Replies
    1. බලන්ටකෝ බැන්දට පස්සේ :) සෑහෙන දේවල් වෙනස් වෙයි.

      Delete
    2. ඔන්න ඉතින් ඒ පාර බය කරනවා. ඔහොම කිව්වම බඳින එකත් එපා වෙනවා. හම්මෝ......

      Delete
    3. බය නොවී ඉන්ට මෙයා....සත්‍යයට කවදා හෝ මුහුණ දිය යුතුය :)

      Delete
  17. අක්කට බය සුවර් එකටම එයා ළහත් ඉන්ජක්ශන් කට්ටක් ඇති

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි...එහෙම වෙන්නත් බැරි නෑ :)

      Delete
  18. ලොකු අයියා මාර පොරක්නේ බලන් ගියාම ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාර පොරක් තමයි :)

      Delete
  19. අමුඩ කතාව මේකයි. එක මනුස්සයෙක් -ගොවියෙක්ද කොහේද- හේනට ගිය වෙලාවක පිටිටු හදන්න ඕන වෙලා. රෙදිකෑල්ලක් තිබිලත් නෑ. පස්සෙ ඇඳල හිටිය අමුඩෙ, එක් කෙලවරක් ඉනේ තියෙද්දිම පිටිටු හැදුවලු. ගින්දරට පරම්පරා කූට්ටම පිච්චුනාද කියල නං දන්නෙ නෑ.

    අයියනම් නියමයි. තිස්ස නං අපිටත් කිට්ටුයි. ;-)

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු රාජ් අමුඩේ කතාව කිව්වට. මට ඕක අමතක වෙලා තිබුනේ.

      අපි හිටියේ තිස්ස, දෙබරවැව :)

      Delete
  20. අයියෝ සයුරි, අමුඩ කතාව නිසා පිට්‍ටුත් එපා වුණා වගේ ... හිහි ...

    ReplyDelete
    Replies
    1. හිහි....මෙන්න සම්මානිටත් ලෙඩේ හැදිලා :)

      Delete
  21. අම්මෝ අයියගෙ වැඩ නිසා හොදට හිනා වුණා.. අමුඩ කථාව ඊට වැඩිය මරු පිස්සු අයියෙක්..
    මමත් ඉන්ජෙක්සන් වලට හරි බයයි.වෙලාවකට අම්මත් මම නිසා බැනුම් අහනවා අනන්තවත් නර්ස් නෝනලාගෙන්.මොනව වුනත් බය එකනම් බයයි.දන්න කියන නර්ස් නෝනලානම් කියන්නෙ අඩන බබා කියල.

    කථාවනම් නියමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් සිත්තම්....පිස්සුම තමා මේ අයියට...
      හිහි..ඔයත් එහෙනම් ඒ ජාතියේ..දැන් තියන කටු ගහනකොටනම් එච්චර රිදෙන්නේ නෑ නේද

      Delete
  22. bandata passe hamakenama pittu kanna purudu wenna onalu.parippu kana gaman kawahakilu.bandapu aya kiyai.

    ReplyDelete
    Replies
    1. අවතාර් ව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. ඔන්න අපිව බය කරන්න බෑ හරිද?

      ම්ම්...ඒ මොකද ඒ පිට්ටු කන්න පුරුදු වෙන්න ඕන? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ :)

      Delete
  23. හමහර වැඩිමහල් සහෝදරයෝ පොඩි එවුන් වගේ. යකෙක්ටවත් බය නෑ කිව්වට නෝනා කියන ඕනෑම දෙකට සුවච කීකරු බලු පැටියෙක් වාගෙ වෙනවා.
    ආයෙ ඉතිං නෝනත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ. එයාට දිනුම නොදුන්නොත් ඉදල හමාරයි.

    ඒත් ඉතිං ඉන්‍ජෙක්ෂන් එකට ඔය තරම් බය නම් නෝනට බය වෙන එකත් අහන්න දෙයක්ද?

    ලස්සන රසකතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. ඔය යක්කුන්ටත් බය නැති ගොඩක් අය නෝනට බයයි නේ...
      ලොකු අයියානම් වැඩිය බය ඉන්ජෙක්ෂන් එකටද අක්කටද කියලා අපිටත් ෂුවර් නෑ... :))

      බොහොම ස්තුතියි ඔබට...

      Delete
  24. එහෙනං ඉතිං ඔ්කෙං විද්දොත් සිහි නැති වෙයි! :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...අනිවාර්යෙන් එහෙම වෙයි :ඩ්
      අලියා කාලෙකට පස්සේ නේද....

      Delete
  25. නියමම අයියෙක්නෙ.ගතිගුණ ටිකත් මරු... :D

    ReplyDelete
    Replies
    1. ඔව් නිසූ....මරු අයියෙක් මෙයා :)

      Delete
  26. මේක නම් රසකතා පෝස්ටුවක්..
    ඉන්ජක්ෂන් වලට බය අය ගැන නම් කතා ගොඩක් අහලා තියනවා..ඇයි ලේ වලට..
    පොඩ්ඩිගේ පෝස්ටුව කියවලා ආවා විතරයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ...පොඩ්ඩි හොල්මන් කතාවක් දාලා තිබුනා නේද. ඔව් ඔව් ලේ වලට බය අයත් ඉන්නවා ඔය වගේ.

      Delete
  27. හිකිස්... අයියත් අපි වගේමද මන්දා... :-))

    මටත් නං සුදු ලූණු පේන්න බෑ... ඈක්කා ගද.. :/

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සුදු ලූනු කියන්නේ රස කෑමක් නේ රජෝ :) නහය වහගෙන කාලා බලන්නකෝ

      Delete
  28. කීයක් දේවල් කියන්නද මන්දා.මම දන්න සාසනේට බර සිවුර දරන්නොත් ඇතුළුව ගොඩක් අයට නිල හරි නොනිල හරි ළමයි ඉන්නවා.රාජ් ටිකක් දාල තිබුනත් අමුඩ කථාව තව තියනවා,මතක කෙනෙක් ලියන්න.අන්තිම එක මම වහත් බීලා වෙඩිත් තියාගෙන ග‍ඟෙත් පනින්න කැමතියි .ඒත් ඉන්ජක්ෂන් වලට බයයි.(හැබැයි කොට්ට උර හෝදනවා)

    ReplyDelete
    Replies
    1. හිහි...නිල හෝ නොනිල ළමයි :))

      //මම වහත් බීලා වෙඩිත් තියාගෙන ග‍ඟෙත් පනින්න කැමතියි .ඒත් ඉන්ජක්ෂන් වලට බයයි//
      මෙන්න මෙහෙමම තමා ලොකු අයියත්. මොකක්ද ඇත්තට ඔය භීතිකාව?:)

      ආ කොට්ට උර හෝදන එකනම් ලොකු දෙයක්...

      Delete
    2. ඒක මාර බය හිතෙන කථාවක් සයුරි.ඔයත් බ්වය වෙන්න ඉඩ තියන හින්දා නොකියා ඉන්නම්.

      Delete
    3. හ්ම්ම් එහෙනම් පස්සෙවත් කියන්නකෝ....

      Delete
  29. අදමනෙ මේ පැත්තෙ ආවෙ. කොහොමද අනේ මට මේ වගේ බ්ලොග් එකක් මග ඇරුණෙ? දැන් නම් ඉතින් මගෙන් ගැලවෙනව බොරු. හැමදාම ඇවිත් බලනව මම අලුත් ඒවා දාලාද කියලා.

    මම කියන්නද වැඩක්........ ලොකු අයියව එක පාරටම සිරින්ජ ගොඩාක් තියන කාමරේකට දාලා දොර වහන්න. පැයක් 2ක් එහෙමම ඉන්න දෙන්න.

    ReplyDelete
    Replies
    1. සිඳු බොහොම ආදරයෙන් පිලිගන්නවා පහන්යාය ට...දිගටම එන්ටකෝ එහෙනම් මේ පැත්තේ :)

      සිඳු ගේ යෝජනාව නම් නියමයි. හැබැයි එලියට ගන්නකොට මනුස්සයා ජීවත්ව ඉඳීද කියලා ෂුවර් නෑ...

      Delete
    2. mass exposure therapy
      hikz...........!

      Delete
  30. කලන්තේ දාපු අයිය තමයි අයිය. පුංචි බබෙක් වගේනේ. සමහරු ඔහොම ඉන්නවා කියල මම අහල තියනවා. සමහරුන්ට ලේ පෙන්න බෑනේ.

    දනිස්ස පැනපු කෙනා පැත්තක, කලන්තේ දාන්නේ වෙන කෙනෙකුට. අනේ වාසනාවන් මෙහෙම අයියලා. :D

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සිතුම්. අන්තිමට දනිස්ස පැනපු අක්කටත් හිනයිලු මේ වැඩේ දැකලා. එයා හිටපු ඇඳේ එහා පැත්තේ ඇඳට තමයි අයියව දාලා තියෙන්නේ.

      Delete
  31. හික්ස්ස්.. අයියායි අක්කායි මරු!!! නියම කපල් එක.. :D

    අක්කා අයියාව වෙනස් කරලා ගත්තු හැටිත් ශෝයි!!!

    අක්කාට අයියාට කලන්තෙ දානෙක වලක්වන්න මොකුත් කරන්න බෑනේ?? මාත් ඒ අයියා වගේ තමා.. ඔය දොස්තර වැඩ වලට බයයි.. ඒත් එහෙම ඉන්ජක්ශන් කටු ඩ්හැක්කාම කලන්තෙ දාන්නෙ නම් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිතු...කලන්තේ දාන ඒක නවත්තන්නනම් අක්කට බැරි උනා. ඒක ආත්මයක් ගානේ එන එකක්ද දන්නේ නැහැ නේ :ඩ්

      අපෝ මමත් ඔය ඔපරේෂන් වලට එහෙම නම් බයයි...

      Delete
  32. සයුරි.., හිනායන කතාත් ලියනවනෙ...ශෝක්..!
    කොල්ලො 4ක් ඉන්නවනම් මොනවද අනේ කරන්නබැරි..?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ වෙනස් කතාවකුත් ලිව්වා වී පොකුර. ඇත්ත ඇත්ත. කොල්ලෝ 4 ක් කියන්නේ ලේසි නෑ...

      Delete
  33. ඒ අයියට එහෙම වුනාට හිනා වෙන්න එපා අනේ.පව් එය.
    තව අයටත් ඔහොම වෙනවලූ..ඉන්ජක්ශන් කටු දැක්කහම නෙවෙයි ඉස්පිරිතාලෙකට ගියහම...ඊට පස්සේ බලන්න යන ලෙඩා පැත්තක තියලා එයා ඇදේලූ.. අනේ ඉතිං අහන්නෑ දැන් කවුද කියලා...

    ReplyDelete
    Replies
    1. හිහි....කවුද කියලා මමනම් දන්නේ නෑ බට්ටියෝ. ඇත්තටම එහෙම දෙයක් උනාද? කියන්නකෝ අපිටත් :)

      Delete
    2. බට්ටි කෙල්ලත් බයදෑ.... හූ හූ හූ

      Delete
  34. අහ්, ගිය සතියෙ මටත් මුණ ගැහුණා වෙන කිසිම දේකට බය නැති, ඒත් ඉන්ජෙක්සන් කට්ටට බය කෙනෙක්!

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න බෑ මේකනේ තියරි එක..
      කැරපොත්තා බයයිලූ මීයට,මීයා බයයිලූ පූසට, පූසා බයයිලූ බල්ලට, බල්ලා බයයිලූ ස්වාමියට, ස්වාමියා බයයිලූ බිරිදට,අනේ ඉතිං බිරිද බයයිලූ කැරපොත්තට.
      හැබැයි ඔය කියන කෙනාට තාම බිරිදක් නැද්ද දන්නෙ නෑ...:P

      Delete
    2. ලකී ට හම්බු උනේ අපේ ලොකු අයියමද දන්නෙත් නෑ :)

      ශා බට්ටිගේ තියරිය නම් මරු. බලනකොට කරපොත්තත් සෑහෙන තැනක නේ ඉන්නේ...

      Delete
  35. මම මේ පොස්ට් ඒක දාපු ගමන් කියවල කමෙන්ට් කළා ඒක වැටිලා නැහැ නේ. දැන් මතක නැහැ මොකක්ද දැම්මේ කියලා.

    මමත් බෙට් ෂිට් මාස 3 ක් විතර පාවිච්චිකරලා විසි කරනවා හෝදනවට වඩා ලේසියි. තියෙන අඩුම ඒක තමා ගන්නේ.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා...කවුද අනේ ඒක මැකුවේ??

      ආ...මේ ඉන්නේ තව ඒ ජාතියේ කෙනෙක්. මම ඒ දවස්වල හිතුවේ මෙහෙම අයනම් තව ලෝකේ නැතුව ඇති කියලා :)

      Delete
    2. බෝඩිමක ඉද්දි රෙදි හෝදන්න හිතෙන්නේ නැහැ ඒ වෙලේ හිතෙන්නෙත් කොහේ හරි යන්න.

      Delete
  36. හපොයි අයියා...මේ ඔන්න ඉන්ජෙක්ෂන් කටු එහෙම මතක් කරනවා නෙවෙයි පහු ගිය සතියට මගේ අතෙන් 14 පාරක් ලේ ගත්ත ඔය මගුල ගහලා....හපුයි අසරණ මං...

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං..පව් අප්පා තරුවා. මම මේ කල්පනා කරේ ලොකු අයියට ඩෙංගු හැදුනොත් කොහොමට තියෙයිද කියලා...

      Delete
  37. අයියලාගෙ ඔක්කොම හොදයි.......බොන්නෙ නෑති එක ඈරෙන්න......!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එල කොල්ලා..ඔය කිව්වේ එල කතාවක්...:)

      Delete
  38. නියම කතා ටික.. ලොකු අයියගෙ පිට්ටු වගේ තමයි අපේ මල්ලී කරවල කන්නෙ නෑනෙ.. මීගමු වැල්ලෙදි බල්ලෙක් කරවල ගොඩකට චූ කරනවා දැකලා..

    ReplyDelete
    Replies
    1. හප්පා...ඒකනම් ටිකක් ප්‍රායෝගිකයි නේද? ඕන තරම් කරවල වලට ඔය වැඩේ වෙනවා ඇති :) සිහ්, මටත් දැන් කරවල කන්න මොකක්ද මොකක්ද වගේ....

      Delete
  39. කතාව කියවද්දි පුංචි මතකයක් හිතට ආවා.හැබැයි හිනායන සීන් එකක් නෙමේ ඔන්න.

    අපේ අයියට ඇපෙන්ඩයිසිස් හැදිලා ඉස්පිරිතාලෙ නැවැත්තුව වෙලාවෙ මායි තනියට හිටියෙ.වාට්ටුවට දාන්න කලින් සේලයින් කට්ට ගහන්න හදිසි ප්‍රතිකාර ඒකකේට අරන් ගිය වෙලේ එහා පැත්තේ ඇඳට ඉස්කෝලෙ ලමයෙක් කට්ටියක් උස්සගෙන ආවා. කම්බි කනුවක් කකුලට වැටිලා.මාපටගිල්ල ගන්න දෙයක් නෑ. මාත් ලඟට ගියා.
    පොඩි එකා කෑ ගහනවා.වටේට සර්ලා කටිටයක් ඉඳගෙන ලමයගෙ බය නැති කරන්න හදනවා.මිසීලා ඇවිත් තුවාලෙ සුද්ද කලා.පොඩි එකාගෙ කෑ ගැහිල්ල වැඩිවුනා.මට දැන් ඉවසන් ඉන්න බෑ.කඳුළු පනිනවා ඇස් දෙකෙන්.
    වොඩ් එක බාර ඩොක්ට ආවා එතකොටම. වයසක කෙනෙක්.එයා කිව්වා ඉතිරි වෙලා තියන නියපොතු කෑල්ල අයින් කරන්න ඕනෙ කියලා.මිසී කෙනෙක් ඉන්ජෙක්ෂන් එකක් ගෙනාවා හිරිවට්ටන.පොඩි එකා කෑ ගහනවා එහෙන්. දොත්තරත් මෙහෙන් කෑ ගහනවා දගලන්න එපා කියලා.
    දොස්තරට දැගලිල්ල දැකලා තරහ ගියා.මිනිහා මාපටගිල්ල හයියෙන් තද කරන් විද්දා ඉන්ජෙක්ෂන් එක.වැදුනෙ ඕනෙ තැනට නෙමේ.මාපටගිල්ල මැදින් පසා කරගෙන කටුව යටිපතුලෙන් මතුවුනා.දොස්තර තවත් විදිනවා ලමයට බැන බැන.ලඟට වෙලා හිටියෙ මං. පසා කරගෙන ආව කටුවෙන් මූණට ඉන්ජෙක්ෂන් එකේ බේත් වැදුනා විතරයි මට මතක.

    බලද්දි මං අයියට පැත්තේ ඇඳක නිදාගෙන හිටියා.
    ඒ ලමයා ගෙදර ගිහින් හොද වෙලා.

    ReplyDelete
    Replies
    1. අප්පේ...මේ කතාව අහන්නත් අමාරුයිනේ. බලන හිටපු ඔයාට කොහොම හිතෙන්න ඇත්ද? දොස්තරලා ටිකක් කරුණාවන්ත වෙනවනම් හොඳයි මීට වඩා. (මම කිව්වේ සමහර දොස්තරලා ගැන විතරයි).

      පව් අප්පා...මට මැවිලා පේනවා ඔයාව ඇඳෙන් උස්සලා තියපු හැටි :(

      Delete
  40. අම්බෝ අක්කේ දනිස් පනින එක ගැන මතක් කරන්ඩම එපා. මේ දැනුත් මගේ ඇඟේ හීගඩු පිපුනා.
    අම්බෝ එහෙමත් අමාරුවක් !!!!!
    අර ඉන්ජෙක්ශන් එක ගහන්නේ දනිහ දාන්ඩ වෙන්ඩෑ. අම්බෝ මට එක පාරක් ඔය මුකුත් නැතුව එක පාරට දැම්මා. මලා හොදයි කියලා හිතුනා !!!!

    අනිත් පෝස්ට් වගේ නෙමෙයි මේ පෝස්ට් එකේ හිනාමූනු දාලා. මරු ඈ.
    ලොකු අයියා මරු පුත්‍රයෙක් නේ.


    අක්කේ...අක්කේ...අපට තෑගි නැද්ද ??? මම් (පංතියෙන්) එක වෙලා නේ !!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔයාගෙත් දනිස් පැන්නද මල්ලි? මටනම් බලන්නත් බය හිතුනා අර අක්කගේ පැනපු වෙලාවේ. ඉන්ජෙක්ෂන් එක ගැහුවේ හිරි වට්ටන්න වෙන්න ඇති.

      හිනා මූණු දාද්දි මට ඔයාව මතක් උනා :)

      හෑ...පන්තියෙන් එක වෙලා?

      Delete
    2. එහෙම කියලා හරි තෑග්ගක් ගන්ඩ බැලුවේ. ඒත් කොයි....

      දකිස් පැන්නා නේන්නම්.. හිතන්ඩකෝ දනිස් පොල් කට්ට එක පැත්තකට ගිහින් ආයෙම තියෙන තැනට වැටෙනවා කියලා. කොහොම සනීපයක් ඇත්ද...
      බොරු නම් මේ පෝස්ට් එක කියවන්ඩ.

      Delete
    3. හප්පේ....ඇඟත් හිරි වැටුනා

      Delete
  41. හික් හික්..මරු ලොකු අයියෙක්නේ එයා..... ඉන්ටජක්ෂක් කට්ටෙන් මෙල්ල කළ හැකි....
    අර වෙනස් කළ ගති තුනත් නියමයි නංගී..................

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ...මෙල්ල කරන්න ඉන්ජෙක්ෂන් කට්ට පෙන්නුවම ඇති :) ඊට පස්සේ පූසා වගේ...

      Delete
  42. මට පහුගිය ටිකේ එන්න බැරිවුනාට වෙරි සොරි හොඳේ අක්කේ. දැං නං ඉතිං දිගටම එනව හොඳේ, නැවත ටියුබ් ලියිට් වීමක් නැත. ලොකු අයියල හැමෝම මේ වගේද මන්ද..!! මමත් අපේ පවුලටත් එතිනින් එහාට සෑහෙන පිරිසකටත් ලොකු අයියෙක්, මගේ කාමරේ දැනුත් තියෙනව පාවිච්චි කරපු කොට්ට උර පහක් විතර සෝදන්න, බෙඩ් ෂීට් දෙකක් තියෙනව. අර කියන්න වගේ මමත් ඉන්ජෙක්ෂන් ගහන්න පණ බයයි නෙව, කිව්වට හිනාවෙන්න එපා හොඳේ ඔය ඉන්ජෙක්ෂන් කෙරුවාව නිසා මම දැං අවුරුදු දෙකක් විතර ඉඳං වාහනේ ගෙනියන්නෙත් හොරෙං(අත්‍යාවශ්‍ය කරුණකට පමණක් වාහනය භාවිතා කරන බව කරුණාවෙන් සලකන්න), ඇයි ලයිෂන් ගන්න මෙඩිකල් එකක් දෙන්න එපැයි, ඒකට ලේ චෙක් කරන්න ඕනෙ. දැං දැං වෙන්ඩ හාමිනේ බර බරේ දානව ලයිෂන් ගන්න කියල, කොච්චර බැරි දේවල් වුනත් හාමිනේ කිව්වම කරන්න හිතෙනව අප්ප, ඒක කාගෙ කාගෙත් හැටි වෙන්ඩැ. නැත්තං ඉතිං මේ ලෝකෙ මෙහෙම ඉස්සරහට යන්නෙ නැහැ නෙව. කොහොමත් මටත් එකලාසියක් වුනයිං පස්සෙ ඉන්ජෙක්ෂන් භීතිකාව ඇරගන්න වෙනව, ඉන්ජෙක්ෂන් ගහන්න ගියේ නැත්තං ඉංජෙක්ෂන් එක ගෙදරට එන සයිස් එකක් දැං තියෙන්නෙ. රෙදිටික නං අවුලක් නෑ, මම දැන්ම කියල තියෙන්නෙ මම රෙදි සෝදන්න කම්මැලි, ඕන්නම් ඔයා සෝදනකොට මම උදව් කරන්නම් කියල. එයත් කිව්ව හා...හා...එහෙම හොඳයි මමත් කැමතියි කියල.. හැක්...හැක්... අක්කට ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒකට කමක් නෑ මන්ඩ් මල්ලි...ඔයත් අපේ ලොකු අයියගේ අච්චුවෙන් බිහි වුනු කෙනෙක්ද කොහෙද....

      අලේ අර ලයිසොන් කතාව ඇහුවම මට දුකයි ඔයා වගේ පොඩි එව්වෝ ගැන. මම නම් හොඳ වෙලාවට ඔය අලුත් නීති එන්න කලින් අර ගත්තා. කිසි කරදරයක් නෑ. එක්ස්පයර් වෙන්නෙත් නෑ නේ ඒක :)

      ඔන්‍න‍ කිව්වා....හාමිනේ කියන ඒවා නාහ ඉන්නවා එහෙම නෙමෙයි....

      Delete
  43. Replies
    1. ආ ගිනි කුරුල්ලෝ....ස්තුතියි මේ පැත්තේ ආවට...

      Delete
  44. බුදු අම්මේ මට නම්...ඉස්පිරිතාලෙක ඇදක් මතට වෙලා ඉන්න වාසනාවක් නොලැබේවා !!!!
    මෙව්වා කියෝපුවහම හිරිගඩු පිපිල ආයිත් පිපෙනවනේ...බට්ටි අක්කගේ බ්ලොගේට ගොඩ උන වෙලේ තමයි මෙහෙට එන්න පාර හොයා ගත්තෙ...
    මම නම් ඔය ඉන්ජෙක්ෂන් කටුවට එච්චරම බය නෑ...ටිකක් විතර බයයි...ඒත් ඉංගිරිසි බෙහෙත් නම් මට ඇලජික් වගේ...බොන්ඩ හිතෙන්නෙම නෑ....බැරිම තැන වද කරල පෙව්වොත් තමයි බොන්නෙ...අඩුම තරමේ පෙනඩෝල් පෙත්තක්වත් බොන්න බෑ...උණක් හැදිලා බෙහෙත් ගෙනාපු වෙලාවක එහෙම,බෙහෙත් ටික බීව කියල විසික් කරල බෙහෙත් බීපු හොද ළමය වගේ අම්ම ලගට වෙලා ඉන්නවා...
    ඒකට සිංහල බෙහෙත්....ඕන තිත්ත කසායක් මම බොනව කිසි ගේමක් නැතිව....

    ReplyDelete
    Replies
    1. දමිත් මල්ලි සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. ඒකනම් ඇත්ත. කොච්චර තිත්ත උනත් සිංහල බේත් නම් අප්පිරිය නැතුව බොන්න පුළුවන් :)

      Delete
  45. හරිම ලස්සනයි කතාව. සමහර ලොකු අය මෙහෙමම තමයි. මකුළුවන්ටත් බය අය ඉන්නවා. ඔයමහ කයිවාරු ගහන අය නෝනට බබා හම්බ වෙනකොට ළඟ ඉන්න බයයි. කලන්තෙ දානවා සයුරී. කාලෙකින් ඇවිත් හොය හොයා කියවනවා. මගෙ අධිවේගිය යාන්තම් හරි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා :)

      Woman is flexible, Man is brittle කියන්නේ ඒ හින්දා වෙන්න ඇති මම හිතන්නේ....

      Delete
  46. නියමයි සයුරි, අර අනිත් අය්යලා සෙට් එක ගැනත් ලියන්නකො.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. තන්කිවු ඩුඩ්....එයාල ගැනත් ලියන්නම්කො දවසක...

      Delete
  47. හේ හේ...ලොකු අයිය වුනාට පොඩි ඉන්ජෙක්ෂන් කටුවටත් බයිනේ හප්පේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ රෙහානි...සාදරයෙන් පිලිගන්නවා ඔයාව :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...