Tuesday, July 10, 2012

ඔබාමා බලන්න ගිය හැටි

ඔබාමා කිව්වම කවුරුත් දන්නවනේ ඉතින් නේද? මෙයා තමයි හඳ අල්ලපු රටේ ප්‍රධාන පුරවැසියා. එයා ඉන්නේ Washington D.C. වල. අපි ලඟදි දවසක ගියා ඒ පැත්තේ රවුමක් දාන්න. ඒ ගැන විස්තර තමයි මම අද ඔයාලට කියන්න යන්නේ.

මේ Washington D.C. කියන්නේ ප්‍රාන්තයක් නෙමෙයි. District of Columbia කියලා හඳුන්වන මේ ප්‍රදේශය කිසිම ප්‍රාන්තයකට අයිති නැති, සාපේක්‍ෂව හරිම පුංචි බිම් කඩක්. ඒකට භුමිය පරිත්‍යාග කරලා තියෙන්නේ ඊට යාබදව පිහිටලා තියන "මේරිලන්ඩ්" ප්‍රාන්තයෙන්. ඉතින් මේ පුංචි බිම් කෑල්ල තමයි ඇමරිකාවේ අග නගරය. රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වැදගත් ගොඩනැගිලි, අමාත්‍යාංශ හැම එකක්ම තද බද වෙලා පිහිටලා තියෙන්නේ මේක ඇතුලේ. 


මේ තියෙන්නේ ඔබාමා වාසය කරන ධවල මන්දිරය ඉදිරියෙන් සහ පසු පසින් බැලුවම පේන විදිය. ඕනෑම කෙනෙක්ට වැට ලඟට ගිහිල්ලා පින්තුර ගැනීමේ නිදහස දීලා තියනවා. හැබැයි ඔබාමා අන්කල් නම් ආසාවට මූන දැම්මේ නෑ ජනේලෙකින්වත් :)




එහෙ තවත් බලන්න තියන දෙයක් තමයි ඒබ්‍රහම් ලින්කන් ගේ පිළිමය. ඔහුගේ විශාල ප්‍රමාණයේ ප්‍රතිමාවක් ජීවමාන විදියට නිමවලා තියන විදිය නම් ලස්සනයි.



මේ තියෙන්නේ දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් හදපු සිහිවටනය. ඇමරිකාවේ සියලුම ප්‍රාන්ත වල නම් කොටපු ස්මාරක කණු, දිය මල වටේට පිහිටලා තියනවා. දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය අය සිහි වෙන්න තමයි මේ ස්මාරකය හදලා තියෙන්නේ.


මේ පින්තුරේ පේන උස කණුව තමයි "වොෂින්ග්ටන් ස්මාරකය" කියන්නේ. ඒක හදලා තියෙන්නේ ඇමරිකාවේ පළමු ජනාධිපති වුනු ජෝර්ජ් වොෂින්ග්ටන් වෙනුවෙන්.



මේ පහලින් තියෙන්නේ කැපිටල් බිල්ඩින්ග් එක...



මේ හැම එකක්ම පිහිටලා තියෙන්නේ පයින් ඇවිදගෙන යන්න පුළුවන් දුරකින්. හරියට අපි අනුරාධපුරේ ගිහින් අටමස්ථානේ වඳිනවා වගේ. අපේ ඓතිහාසික නගර එක්ක බලද්දී මෙව්වා මොනවද කියලා හිතෙනවා නේද?

85 comments:

  1. අක්කේ ඔය ලගම තියෙන ලෝකේ ලොකුම කෞතුකාගාරේ බැළුවේ නැද්ද? ඒකනේ බලන්න වටින්නෙම.. හැබැයි දවසින් ඔක්කොම බලන්න බෑ කියන්නේ..

    මම එක බව දනිමි.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයා 1 තමයි :) කෞතුකාගාර බලන ආසාව මට නැති උනා චිකාගෝ වල ෆීල්ඩ් මියුසියම් එක බැලුවට පස්සේ (අර ඩයිනෝ ඇටසැකිල්ලක් එහෙම තියෙන්නේ.). ඒකෙ හිතපු තරම් දේවල් තිබුනේ නෑ නේ බලන්න. ඉතිං එදා ඉඳලා මං එච්චර කෞතුකාගාර පස්සේ යන්නේ නෑ :(

      Delete
    2. හූ හූ ඔයාට අද නෝ තෑගිලූ....

      Delete
  2. අපිත් ගිය අවුරුද්දෙ ගියා DC හා නිව්යෝර්ක්. බලන්න දේවල් ගොඩයි නේද? දවසක්නම් හොඳටම මදි. DC වල තියෙන බෞද්ධ විහාරයට ගියෙ නැද්ද... මට DC වල බිල්ඩින් දකිනකොට ආස හිතුනෙ night at the museum ‍ෆිල්ම් එකේ අපි දැකපුව හැබැහින් දකින්න ලැබුනු එකට. Lincoln Memorial Reflecting Pool එක අපි යන දවස්වල අළුත් වැඩියා කරනව. වතුර ඔක්කෝම අයින් කරල තිබුනෙ :( කෝ කැපිටල් බිල්ඩින්ග් එක?

    ReplyDelete
    Replies
    1. හෑ...ඔයා ගිය අවුරුද්දේ යනකොටත් පූල් එකේ වතුර අයින් කරලද. අපි යද්දිත් ඒකෙ වතුර නෑ නේ. හයියෝඕ..... එහෙ තිබුණු බිල්ඩින් වලටනම් මමත් ආසයි. ගාම්භීර ගතියක් තියනවනේ ඒවාට. ඔහ්හ්...කැපිටල් එක දාන්න අමතක වෙලා. තැන්කු මතක්‌ කරාට. ඒකත් දාන්නම්...

      Delete
  3. ඔබාමාජනෙල්වලන් එබෙන්නෙනෑඅනේ..එයාලට,ලෝකසාමේවැඩ ගොඩගැහිලානෙ

    ReplyDelete
    Replies
    1. විමුක්ති කමෙන්ට් කරද්දී වචන අතර පරතරයක් තියනං. නැත්නම් හරි අමාරුයි ඒ දේවල් කියවන්න. මම ගොඩාක් තැන් වල දැකල තියෙන අඩුපාඩුවක් මේක.

      Delete
    2. මම මේ නිකමට අහන්නේ විමුක්ති අයියා කමෙන්ට් කරන්නේ ලිනක්ස් Os එකකින්ද???

      Delete
    3. අසාර්,ඒකහිතල කරන එකක්නෙවේ බං.සමහරවෙලාවට මැෂින්එක පිස්සුකෙලිනව.
      ගැමියා,ඔවු මලේ.

      Delete
    4. ඒක නේන්නම්. ඔබාමා හෙන දායකත්වයක් දෙනවනේ ලෝක සාමෙට

      Delete
    5. ලිනක්ස් වල ඔය ප්‍රශ්නේ එනවා විමුක්ති අයියේ.... ibus කියන්නේ හොඳ විසඳුමක් ඕකට.... ibus එකෙත් සොෆ්ට්වෙයාර් එකෙත් හිටපු ගමන් ස්පේස් එකත් එක්ක අකුරු කැලේ අරන් යන ලෙඩකුත් එනවා.ඒ වගේ වෙලාවට මම කරන්නේ නම් alt+f2 press කරලා r අකුර ගහලා එන්ටර් කරන එක.එතකොට මැෂින් එකේ අදාල කොටස රිස්ටාර්ට් වීමක් හෝ රීෆ්‍රෙෂ් වීමක් වගේ දෙයක් වෙනවා......

      ට්‍රයි කරලා බලන්ඩෝ...

      Delete
  4. අපිට ඉතින් ඔහේ කවද යන්නවෙයිද කවුද දන්නේ. මෙහෙමවත් කියෙවුවොත්තමයි

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ මනෝජ්. ඔබාමාත් ඔහොම හිතන්න ඇති ඉස්සර... :ඩි

      Delete
  5. ඔබාමා අත ලඟට ඇවිත් ඒත් බලාගන්ට බැරි උනා. (අපි හිටපු යුනිවර්සිටි එකට ආවා. ඒත් පෝලිම දිග හන්දා ගියේ නෑ... )

    ඒ 2008 දී....එතකොට එයා ජනාධිපති වෙලා හිටියේ නෑ. වෙන්ට ඔන්න මෙන්න.......මගෙ හිතේ....:)

    ReplyDelete
    Replies
    1. හයියෝ....පොඩ්ඩි චාන්ස් එක මිස් කරගෙන නේ....

      Delete
  6. කෝ මිචෙල් නෝනගෙ එළවළු පාත්ති?

    ReplyDelete
    Replies
    1. අනේ මාත් බැලුවා. ඒත් දැක්කේ නෑ නේ...ඒවා තියෙන්නේ මැද මිදුලකද දන්නේ නෑ :)

      Delete
  7. මෙහෙම විස්තර ඇහුවොත් මිසක් ගිහිල්ල බලන්න්යෑ...... සයුරිට ස්තුතියි.....

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙමයි ඕං...!!

      Delete
    2. ඔය කිව්වට කවුදෑ දන්නේ :)

      Delete
  8. අපිට කොයින්ද ඔහොම චෑන්ස්.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් අඩවි රජතුමාත් ඒ කිව්වා වගේ වැසියන්ට වැටලඟ ඉදන් මාලිගය ඇතුලට බැල්ම දැමීමේ අවසර දීලද තියෙන්නේ..?

      Delete
    2. හිහි....ලංකාවේ රජවරු එහෙම අවසර දෙන්නේ නැහැල්ලු නේ..වැට ලඟට ගියොත් සොරි තමා.

      Delete
  9. ඔහොම හරි බලන්න ලැබුන එකම ඇතිනේ..
    අපිට එහෙමවත් නෑනේ... :D

    ReplyDelete
    Replies
    1. මේක ඇතුල බලන්නත් පුළුවන්ලු අබේ. හැබැයි මාස 6 කට විතර කලින් එම්බසියට කියලා කරවගන්න ඕනලු.

      Delete
  10. එකපාරටම ෆොටෝ එක දැක්කම හිතුනේ ටවුන් හෝල් එක කොහොමද ඇමරිකාවේ තියෙන්නේ කියලා. හික්ස් :)
    අපිට යන්න බැරි තැන් ගැන මෙහෙම ලිපි ලියනවට ගොඩක් තුති ඔබට !!!

    ReplyDelete
    Replies
    1. කොපි කලේ එයාලද අපිද දන්නේ නෑ...නේද මධු? :)

      Delete
    2. දැන් කවි ලියන්නේ නැද්ද ? කවි සිතුවිලි වලට සමු දීලද. මොකද උනේ. !!

      Delete
    3. මේ දවස්වල කවි ලියන්න කිසිම එකලාසයක් නෑ අප්පා....ලිව්වොත් ලටපටස් කවියක් තමයි ලියවෙන්නේ

      Delete
  11. නියමා.....යි! :)

    ReplyDelete
  12. කිව්වනම් මාත් එනවනේ ඔබාමා සීයව බලන්න අපේ දුර නැ යෙක්ද කොහෙද :P

    ReplyDelete
    Replies
    1. අයියෝ කලින් කියන්න එපාය ඔබාමා නෑයෝ කියලා. එහෙනම් කෑමත් කාලම එන්න තිබුනා.

      Delete
  13. පින්තූරත් එක්ක විස්තරේ බලද්දි අපිත් ගියා වගේ තමයි... අනුරාධපුරයෙ අපේ දේවල් හැදුණෙ සුද්දො ධවල මන්දිර ගැන හිතලවත් නැති කාලෙක.. එහෙව් අතීතයක් තියෙන අපි දැන් දක්ෂ දූෂණ, භීෂණ අපරාධ, වංචාවල් වලට විතරමද මන්ද?

    ReplyDelete
    Replies
    1. //අනුරාධපුරයෙ අපේ දේවල් හැදුණෙ සුද්දො ධවල මන්දිර ගැන හිතලවත් නැති කාලෙක//

      සහතික ඇත්ත. දැන් අපි ඉන්න තත්වය ගැනනම් ලැජ්ජයි තමා.

      Delete
  14. මේ ලින්කන් මහ්තමයාගේ ප්‍රතිමාව දකිද්දී නම් මට මතක් වුනෙත් නයිට් ඇට් ද මියුසියම් තමයි. පහන් යාය ඉතිං වෙනද වගේම මේ ලිපියත් ලස්සනට ලියල කියල තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...කාලෙකින් නේද :)

      Delete
  15. හැබැයි ඉතින් ඔබාමා ජනේලෙන් මූන දැම්මෙ නැති වුනාට රබර් ඇහැදාලා සයුරි දිහා හොරැහින් බැලුවද දන්නෙත් නෑ..
    මේ කතාව ඇහුවම මටත් සිද්ධියක් මතක් වුනා. යාලුවෙකුයි මායි දවසක් නුවර එළියේ ඉබාගාතේ ඇවිදිමින් ලස්සන දේවල් ෆොටෝ ගනිමින් ඉන්න අතරේ හොද ලස්සන මන්දිරයක් වගේ එකක් දැකලා ඒක ඉස්සරහා ඉදලා (මූනු පොතට දාන්න)විවිධ ඉරියව්ව්ල ඉඳලා ෆොටෝ ගන්න පටන් ගත්තා විතරයි ආමි එකේ සෙට් එකක් ගේට්ටු ඇරගෙන ඇවිල්ලා කියාපි. "මේක ජනාධිපති මන්දිරය. ෆොටෝ ගන්න තහනම්. ගත්තු ඔක්කොම ඩිලීට් කොරන්න" කියලා. කවුද අප්පා දන්නෙ නුවරඑළියෙත් රජමැදුරක් තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව මොන හිගන රටක්ද බැලුවම නේ...?

      Delete
    2. අප්පට සිරි...අපේ රජතුමාට නුවර එලියේත් මන්දිරයක් තියනවද. තොටියා අයියා ඔයිං බේරුනා ඇති. අර කිව්වා වගේ ඇමරිකාව මොන හිඟන රටක්ද බැලුවම :D

      Delete
  16. ඔයා දැකල නැහැ නේ කොංගෝ ජනාදිපති. හු හු මම දැකල තියෙනවා වාහනයක් පදවාගෙන යනවා.

    මම තවම අපේ රටේ ජනාධිපති දැකලත් නැහැ හැබැහින්.

    ReplyDelete
    Replies
    1. සා...මරුනේ. එයත් ඔබාමා වගේද? අපේ ජනාධිපති නම් මමත් දැකලා නෑ තවම.

      Delete
  17. වටිනා විස්තරයක් අක්කේ
    අක්ක මේ රටෙයි දැන්නේ දන්නේ :/

    ReplyDelete
    Replies
    1. ඔව් නේ මල්ලි...හැබැයි ටික කලකට...

      Delete
  18. අම්මටහුඩු..!! //ඔබාමා** බලන්න ගිය හැටි//
    **කලබලේට “ඔබාමා“ කියන එක දැක්කෙ “ඔබාමාමා“ වගේ..
    //අපේ ඓතිහාසික නගර එක්ක බලද්දී මෙව්වා මොනවද කියලා හිතෙනවා නේද?//
    මේ කතාව නං අක්කේ සහතික ඇත්ත. මම හදිසි වැඩකට ගිහිල්ල මේ දැං අනුරාධපුරේ ඉඳං කොළඹ ආවෙ, ඇවිද්ද පණ යනකං.. මම කීප වාරයක්ම ගිහින් තිබුණත් යන හැම වාරෙකම හිතට පුදුමාකාර හැඟීමක් දැනෙනව. මහා විහාර සංකීර්ණය, රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභය ගිරිය, කුට්ටම් පොකුණ, කලා වැව, ඉසුරුමුණිය.. දඹුල්ලෙ සීගිරිය.. මෙකී නොකී හැමදෙයක්ම පුදුමාකාර සැලසුමකට අනුව කරපු බවක් තමයි පේන්නෙ. ඉතාම ඉහළ ගෘහ නිර්මාණ තාක්ෂණයක් වාරිතාක්ෂණයක් තිබුණ කියන එක මනාව පැහැදිලියි. මේක කියද්දි මතක් වුනා “යකාගෙ හැටියට විමානෙ“ කතාව. එච්චරම අදාල නැතත් මතක් වුනු නිසා කියල යන්නම්. ඒ කාලෙ අපේ රටේ හෙලයන් ආසියාත්තරා නිශ්පාදනය කරල භාවිතා කරාලුනේ. ඔයින් ප්‍රසිද්ධ එකක්නෙ රාවණා රජතුමාගෙ දඬුමොණරෙ. මේ ආසියාත්තරා වලට ඒ කාලෙ කියල තියෙන්නෙ විමාන කියල. මේව නිශ්පාදනය කරල තැනකට ගියාම ඕනෙම කෙනෙකුට(ඕනම යකෙකුට - යක්ෂ යනු ගෝත්‍රයකි) තමන්ට කැමති ප්‍රමාණෙට, කැමති විදියට විමානෙ හදාගන්න පුළුවන්ලු. ඔන්න ඕකෙන්ලු යකාගෙ හැටියට විමානෙ කියන එක හැදුනෙ. හැබැයි නාග යක්ෂ රාක්ෂ කියල ගෝත්‍ර තුනක් තිබුණත් ඔතන යකා කියල විතරක් කියන්නෙ ඇයි කියන්න නම් මම දන්නෑ, මේ ටිකත් මම දැක්කෙ මේ අන්තර්ජාලෙ කොහේ හරි, වැරැද්දක් තියේ නම් හදන්න හොඳේ... අක්කගෙ කලින් පෝස්ට් එක මග ඇරුනනෙ.. ඒකත් කියවන්න ඕනෙ, :)) අක්කට ජය ශ්‍රී..!!

    ReplyDelete
    Replies
    1. හප්පේ...එහෙමද දැක්කේ..?

      ඔය විමානේ කතාව නම් මම අහල තිබුනේ නෑ. බොහොම තැන්කු මංඩි ඒක කිව්වට. ඇයි තව ගෝත්‍රයක් හිටියලු නේද "දේව" කියලා. එතකොට ගෝත්‍ර 4 යි. එයාලටනේ සිව් හෙළය කියන්නේ :) ඒ දවස්වල ඉඳපු බහුතරය යක්ෂ ගොත්රිකයෝද දන්නේ නෑ. හිහ්

      Delete
    2. අයියෝ වෙලි තොලි ඔඳේ.. සිව් හෙලය කිව්වම හතරක් නේන්නම්, දේව අමතක වුනා.. මේ ගමන් තව පොඩි දෙයක් කියල යන්නම්, අක්ක සමහර විට මේ ගැන දන්නවත් ඇති.
      යක්ෂ = යක්+අක්ඛ (ලෝහ කර්මාන්තය කරපු අය)
      රාක්ෂ = කුස රකිනුයේ (ගොවිතැන් කරපු අය)
      නාග = නාවික කටයුතු
      දේව = කඳුකර වාසීන් (මෙයාල මාන්නෙන් වැඩි අය කියලත් අහල තියෙනව, මාන්නෙ නිසා උස් බිම් වල ඉපදුනාලු)
      අර කියන්න වගේ බහුතරය යක්ෂද දන්නෑ, හැබැයි මට හිතෙන්නෙ වැඩිපුර ඉන්න ඇත්තෙ ගොවිතැන් කරපු අය වෙන්නැ. පෙරදිග ධාන්‍යාගාරය කියන්නෙ නිකංයැ... :)))
      ජය ශ්‍රී හොඳේ..!!

      Delete
    3. ශා...ඔය තියෙන්නේ....මම ඔය ටික පොඩ්ඩි ලියපු "යක්කු" පෝස්ට් එකේ කමෙන්ට් එකකට දාන්න ගිහින් "රකුස් = රැක්+කුස්" කියන එක විතරයි මතක තිබුනේ. බොහොම ස්තුතියි හොඳේ අනිත් ටිකත් මතක්‌ කරලා දුන්නට....

      Delete
    4. මේක දැක්ක ගමන් මාත් පොඩ්ඩිගේ යක්කු පෝස්ට් එකට දුවන්නයි ලෑස්ති වුනේ.... මගෙනුත් තැන්කූ එකක් ගනියෝ....

      Delete
  19. හෙට උදෙන්ම ගොහින් අරලියගහ මන්දිරේ පොටෝ ටිකක් ගන්න ඕනි ;)

    ReplyDelete
    Replies
    1. අනේ අංකල්, ඔන්න මම එව්වා කියලනම් කියන්න එපා...

      Delete
  20. ශා මරුනේ... ඇමරිකාවට ගිහින් ආව වගේ!

    ReplyDelete
  21. වොෂින්ටන් ස්මාරකය දකිද්දි මටහ්ක් වෙන්නෙම ඇමරිකාවට හානි වෙනව පෙන්නන එක එක ‍ෆිල්ම්ස් වල ඒක කඩන් වැටෙන හැටි(2012, earths last hour etc).

    ආසයි ඔයාගෙ විස්තරේට. ඉන්නකො මම කවදා හරි ගිහින් ඔබාමා එක්ක එකට ෆොටෝ එකක් අරන් එනවා. ( ඒ වෙනකොට එයා ජනාධි පත් නෙමේ ලු ඉතින්)

    ඇමරිකාවෙත් හොඳ ගෘහ නිර්මාණ ශිල්පයක් තියනව කියල තේරුණේ The lost symbol කියෙව්වුවට පස්සෙ. මුලින් හිතුව Dan brown අතින් දාපුවා කියල, ඒත් search කරලා බලද්දි තේරුණේ ඇත්තටම එහෙම ඒව තියනව කියල.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්...ජනාධිපති නොවුනත් මොකෝ ඉතිං ඔබාමා එක්ක පින්තුරයක් ගත්තම. දිනේ වැටෙන්නේ නැති විදියට පින්තුරේ ගන්න :)

      The lost symbol, කියවලා නම් නෑ. පුළුවන් උනොත් කියවන්න ඕන. ස්තුතියි සිඳු...

      Delete
  22. අමේක කියවන්න හදනකොටම ඉවරයි. මට හිතෙන්නේ සයුරි ලියූ කෙටිම පෝස්ට් එක මේක විය යුතුයි.

    ඔය ෆොටෝ ගත්තේ ධවල මන්දිරේනේ බැරිවෙලාවත් ඒ පුරුද්දට මෙහේ එහෙම ඒවගේ ෆොටෝ ගන්න නම් එපා.බදු අම්මෝ අපිට කලින් චරපුරුෂ සේවාවන් අපේ ගෙවල්වලට ඇවිත් පවුලෙම පිංතූර ගෙනයනවා ආයෙ කිසිම කතාවක් නැතුව හතරවෙනි තට්ටුව පැත්තේ ඇවිදලත් එන්න පුළුවන්.

    මොනවා වුනත් ඉඳහිටල කෙටි සංචාරයක් ගිහින් මෙහෙම ලිව්ව නම් දිග සංචාරයක් ගිහින් ආව දවසට මුළු හඳ අල්ලපු රටම කියවන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ කෙටිම ලිපිය මේක තමයි :)

      හපෝ ඒ ගැනනම් කියල වැඩක් නෑ. අරලිය ගහ මන්දිරේ දිහා හැරිලාවත් බලන්න හොඳ නෑ...හීනෙන්වත්.

      අනිවාර්යෙන් සංචාරක සටහන් හැම එකක්ම ලියන්නම්. මේකත් දිග සංචාරේක කෑල්ලක්.

      Delete
  23. මම එක පාරටම දැක්කේ ඔබා මාමා වගේ....

    මට මේක කියවද්දි මතක් වුනේ මම බලපු ෆිල්ම් ටිකක්.මුලින්ම මතක් වුනේ die hard 4 එකේ white house එක බිමට සමතලා වෙන හැටි පෙන්නන කොටස.ඒක නම් ඇත්ත වගේම හදලා තිබුනා...

    දෙවෙනියට මතක් වුනේ night at the museum එකේ කොටසක්.ඒකේ මේ ඒබ්‍රහම් ලින්කන්ගේ පිළිමෙට පණ එන කේස් එකක් තිබ්බා වගේ මතකයි...

    තුන්වෙනියට ඔය ස්මාරකේ කැඩෙන සීන් එකක් තිබ්බා වගේ මතකයි 2012 ෆිල්ම් එකේදි...

    අක්කේ හැකි නම් නාසා එක ඇතුලට රිංගන්නකෝ..
    මේක අක්කා ලිව්ව කෙටිම පෝස්ට් එක වෙන්ඩෝන....

    ඒක නෙමේ අක්කේ මේකේ දන්සැල් එහෙම දෙන්නේ නැතුවවත්ද?? අඩුගානේ හැමෝටම එන්න කියලා පාටියක්වත්??

    ReplyDelete
    Replies
    1. ඔහ්හ් ඒ පිළිමෙට පණ එන එක මට මතක නෑ නේ. ආපහු බලන්න හිතෙනවා ඒක. ඔව් ඔව් 2012 නම් තිබුණා ඒක කඩන වැටෙන එක. නාසා එකටත් රිංගලා පෝස්ට් එකක් දැම්මනේ මලේ. හැබැයි අපිට යන්න දුන්නේ සීමිත කොටසකට විතරයි. එතුරු එව්වගේ රිංගන්න ගියොත් එලියට එන්න වෙන එකක් නෑ :)

      අනේ පාටියක් තියා පාන් වාටියක් වත් දුන්නේ නෑ නේ...

      Delete
    2. night at the museum 2 එකේ තමා තිබුනා වගේ මතක.අර ස්මිත්සෝනියම් කෞතුකාගාරෙට පණ එන කේස් එක තිබ්බ එකේ තමා මේක තිබ්බා වගේ මතක.......

      නාසා එක ගැන කියෙව්ව වගෙ චුට්ටි මතකයක් එනවා... ඇත්තටම අක්කේ රතු ඉන්දියානු පිහාට්ටක් එහෙම අරගෙන එන්න බැරිවෙයිද ලංකාවට ගොඩබහිද්දි???

      Delete
    3. හිහි බලමුකෝ පිහට්ටක් ඉල්ලගන්න. ඒ රාජාලි පිහාටු වෙන්නැති මගේ හිතේ

      Delete
  24. ඇත්තට සයුරි area 52 පැත්තෙ ගියොත් ටිකක් දිග පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන් :) ඒ පැත්තට යන්න දෙන්නේ නැති එක තමයි අස්පට් එක. පිටින් බලන්න නම් පුළුවන් මගේ හිතේ. ම්ම්ම් 51 නේද?

      Delete
  25. ඔන්න මමත් සයූගෙ පිහිටෙන් ධවල මන්දිරය වැඳපුදා ගත්තා..
    තැන්කූ වේවා ඔන්න..

    ReplyDelete
    Replies
    1. යූ ආර් වෙල්කම් රූ :)

      Delete
  26. ශාහ්... සයුරි අක්කා නිසා මාත් එහෙනම් ඇමෙරිකාවෙ පොඩ්ඩක් ඇවිද්දා...:D

    තැන්කූ හොදෙ!!

    ReplyDelete
    Replies
    1. තවත් දාන්නම්කො හිතු මේ වගේ විස්තර...

      Delete
  27. ඔච්චර ලඟට ගිහිල්ලත් ඔබාමාව දැක ගන්ඩ ලැබුන්නැද්ද ? අපරාදේ.. අන්න ඒකට අපේ, කටවුට් එකක් හරි අඩු ගානෙ පුලුවන්..

    ReplyDelete
    Replies
    1. හනේ ඒකනේ....කටවුට් එකක්වත් දැක්කේ නෑ නේ..

      Delete
  28. අර ඔබාමාගේ ගෙදර ඉන්න කළු බව්වා දැක්කෙ නැද්ද අක්කේ..?

    ReplyDelete
    Replies
    1. කළු බව්වගෙත් හරි ගණන් බට්ටි. එයත් ආවේ නෑ එලියට...

      Delete
    2. මොකට ඔය එක එකාගෙ ගණන් බලන්න ගියාද? අන්න ඒකට අපේ රටේ.. පාරෙ යන අයටත් අඬගහලා තේ කෝපි දීලා එවන්නෙ..

      Delete
    3. තේ කෝපි බිව්වට කමක් නෑ ෆොටෝ එහෙම ගහනවා නෙමෙයි ඕන්..

      Delete
    4. ඇහුන නේද හරි :)

      සිරාවට කෝපි දෙනවද?

      Delete
  29. සිත්තරපටිවලින් දැක්කට ඔව්ව ඉතින් දකින්න ලැබිල නැහැනේ . ස්තුතියි සයුරි අපට මේවා පෙන්නන එකට

    ReplyDelete
    Replies
    1. සංචාරක සටහන් ලියන එක හොඳ දෙයක් කියල මට හිතුනේ බින්දී අක්කගේ පෝස්ට් දැක්කම තමයි...

      Delete
  30. අන්න ඒකට අරලියගහ මන්දිරේ.. කාක්කෙක්ට වත් උඩිං පියාඹන්න බැ.. කාටද ආඩම්බර :D

    ReplyDelete
  31. ඔබාමා ජනෙල්ලෙන් ඔලුව දායිවත් :ඩී........අම්මො දවල මන්දිරේ ලොකු!!!

    ReplyDelete
    Replies
    1. ආආ මේ මම අහන්න හිටියෙ......අන්තිම comment එක දාන එක්කෙනාට මොකුත් හම්බවෙන්නෙ නෑද්ද???

      Delete
    2. හප්පේ එතකොට හැමෝම අන්තිම වෙන්න හිතුවොත් මට එක කමෙන්ට් එකක්වත් එන්නේ නැතුව යාවි :)

      Delete
  32. මාත් යන්න ඕන දවසක ඔබාමා අංකල් බලලා එන්න...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...