Wednesday, August 29, 2012

ලක්දිව කලබල - රාජාවලිය XXI

එහෙනම් අදත් පටන්ගමු එදා නතර කළ තැනින් :)

ඉතින් දෙවන මුගලන් රජතුමාගෙන් පස්සේ රජ කම ලැබුනේ ඔහුගේ පුත්‍රයා වෙච්ච කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි. ව. 560 - 561) ට. මේ කාලයේදී මහානාග කියලා යුධ ඇමතියෙක් රුහුණේ ස්වාධීන පාලනයක් ගෙන යමින් හිටියා ලු. කීර්ති ශ්‍රී රජු රජවෙලා අවුරුද්දකට පස්සේ මේ මහානාග, රාජ්‍ය බලෙන් අල්ලාගෙන අවුරුදු තුනක් රජකම කරගෙන යනවා (ක්‍රි. ව. 561 - 564). ඔහු මෞර්ය වංශයේ කෙනෙක් නිසා නැවතත් රජකම මෞර්ය වංශිකයින් අතට යන්නේ එහෙමයි. ඔහු ඒ වන විටත් මහළු වියේ පසු වුනු කෙනෙක් හින්දා ඉක්මනින්ම මහානාග මරණයට පත්වෙනවා. ඉන්පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ බෑනා වන පළමු අග්බෝ ට (ක්‍රි. ව. 564 - 598). ඔහු ඉතාමත් සාමකාමීව පාලනය ගෙන ගියපු කෙනෙක්. ඒ කාලයේ හිටියලු "සක්දාමල, අසක්දාමල, දැමී, බෑබිරී, දළබිසෝ, අනුරුත්, දළගොත්, දළසල, කිත්සිරි, පරවඩු, සූරියබාහු, කසුප් කොටඈපායනුවෙන් මහා කවීන් දොළොස් දෙනෙක්.  ඔවුන් විසින් ලියපු පොත් පත් විශාල ප්‍රමාණයක් පසු කාලෙකදී දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් අතින් විනාශ උනාලු.

පළමු අග්බෝ ගෙන් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ සොහොයුරියගේ පුතා (බෑනා) වන දෙවන අග්බෝ ට (ක්‍රි. පූ. 598 - 608). දෙවන අග්බෝ රජතුමාත් පළමු අග්බෝ වගේම ඉතාමත් සාමකාමිව රට පාලනය කරන ගමන් රට සශ්‍රික කරන්න කටයුතු කළා ලු. කන්තලේ වැව සහ ගිරිතලේ වැව කරෙව්වේ මෙතුමා. ඒ වගේම ථූපාරාමය ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව බුදු සසුනේ උන්නතියට සෑහෙන වැඩ කොටසක් කළා ලු.


ථූපාරාමය ප්‍රතිසංස්කරණ නිමා වන තෙක් එහි නිධන් කර තිබූ බුදුන්ගේ දකුණු අකු ධාතුව ලෝවාමහාපායේ තාවකාලිකව තැන්පත් කළා ලු. දෙවන අග්බෝ රජතුමාගෙන් පස්සේ රජකම හිමි කර ගන්නේ ඔහුගේ අසිග්ගාහක පදවිය දැරූ සංඝතිස්ස විසින්. ඔහු දෙවන අග්බෝ රජුගේ මස්සිනා කෙනෙක් නිසා නීතියෙන් රජ කමට හිමි කමක් නැහැ. මේ නිසා එයට විරුද්ධ වෙන මුගලන් නම් සේනාපති, කැරළි මෙහෙයවා, සංඝතිස්ස රජවී වසරක් යන්නටත් කලින් ඔහුව රජකමින් පහ කරන්න කටයුතු කරනවා. ඉන්පස්සේ ඔහු මුගලන් III (ක්‍රි. ව. 608 - 614) නමින් රජ වෙනවා. මේ කැරැල්ලේදී සංඝතිස්ස රජුගේ සේනාධිපති, රජුට ද්‍රෝහී වෙලා මුගලන්ට සහය උනා ලු. පස්සේ කාලෙක මුගලන් රජු ඔහුට මලය රටේ පාලනය භාර දුන්නත් කවදා හරි ඔහුටත් ද්‍රෝහී වෙයි කියන බය නිසා ඔහුගේ අත් පා කපා දමන්න කටයුතු කළාලු. මේ සිද්ධිය නිසා ඔහුගේ පුත්‍රයා වන "ශිලා මේඝවර්ණ" මුගලන් රජුගෙන් පළි ගන්න සැලසුම් කරමින් හිටියා ලු. ශිලා මේඝවර්ණ තමයි මුගලන් රජුගේ අසිග්ගාහක පදවිය දරලා තියෙන්නෙත්. ඒ අතරේදී ඔහුට එකතු උනාලු සංඝතිස්ස රජුගේ පුත්‍රයා ජෙට්ඨතිස්ස ත්. දෙන්නම එකම අරමුණ තියන දෙන්නෙක් නිසා දෙන්නම එකතු වෙලා මුගලන් රජුට විරුද්ධව සටන් සැලසුම් කරනවා.

අවසන් සටන මෙහෙයවලා එයින් ජයග්‍රහනය කරන ශිලා මේඝවර්ණ, රජකම බාර දීම සඳහා ජෙට්ඨතිස්ස ට ඇරයුම් කරනවා. එකාට එකා ද්‍රෝහී වෙච්ච කාලයක් නිසා ජෙට්ඨතිස්ස මේ ආරාධනාව ගැන සැක කරලා රජ කම බාර නොගෙන සැඟවෙනවා. ඉතින් ඊ ළඟ රජතුමා හැටියට ඔටුනු පැළඳුවේ මේ ශිලා මේඝවර්ණ රජතුමා (ක්‍රි. ව. 614 - 623). ඔහුගෙන් පසුව රජකම හිමි වුනේ ඔහුගේ පුත් තුන්වන අග්බෝ ට. තුන්වන අග්බෝ රජ වෙලා වසරක් යන්නත් කලින් සැඟවිලා ඉඳපු ජෙට්ඨතිස්ස, ඔහුට විරුද්ධව කැරලි අරඹනවා. අග්බෝ රජතුමා දිවි ගලවා ගැනීමට ඉන්දියාවට පලා යන නිසා ජෙට්ඨතිස්ස ජයග්‍රහණය කරනවා. ජෙට්ඨතිස්ස/දෙටුතිස් III රජතුමාට රජකම් කරන්න ලැබෙන්නේ  වසරක පමණ කාලයක් පමණයි (ක්‍රි. ව. 623 - 624). ඒ, ඉන්දියාවෙන් සේනාවක් රැගෙන එන තුන්වන අග්බෝ රජතුමා ජෙට්ඨතිස්ස රජතුමාට විරද්ධව සටන් අරඹන නිසා. ජෙට්ඨතිස්ස රජතුමා යුද්ධය අතරතුරේම සිය දිවි නසා ගත්තා කියලා තමයි කියන්නේ.

ඉතින් ඔය විදිහට තුන්වන අග්බෝ රජතුමා නැවත රාජ්‍යත්වයට පත් වෙලා අවුරුදු 16 ක් (ක්‍රි. ව. 624 - 640) රජකම් කරනවා. ඔය අතරේ මේ රජතුමාට තවත් සතුරු කරදරයක් ඇති වෙනවා. ඒ, කලින් ඉඳපු  ජෙට්ඨතිස්ස රජතුමාගේ ඇමතියෙක් වූ දාඨසිව ගෙන්.

දාඨසිව කරපු දේවල් ගැන අපි ඊ ළඟ ලිපියෙන් බලමු නේද? මේ කාලය වෙද්දී මේ වගේ කල කෝලාහල ඇරෙන්න වෙන දෙයක් තිබිලා නැහැ වගේ. දේශපාලන වශයෙන් ඉතාමත් අස්ථාවර කාලයක් තමයි මේ. මරාගැනිලි ඉවරයක්‌ නැහැ. එහෙනම් ඉතින් මීට වඩා සතුටුදායක යමක් කමක් තියන තවත් රාජාවලිය ලිපියකින් හමු වෙමු.


72 comments:

  1. ඉතිහාසය පංතියට අදත් ආවා... සයුරි ටීචර්ට පිං

    ReplyDelete
  2. ඒ කාලෙ හිටපු සාමාන්‍ය ජනතාවට එපාවෙල ඉන්න ඇත්තෙ, මේ මරාගැනිලි නිසා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හරියට වර්තමානේ වගේ නේද..

      Delete
  3. අම්මෝ ටීචර් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...:)

    අස්ථාවර කාලයක් කියලා කියලත් වැඩක් නෑ. එච්චර අස්ථාවරයි...

    අර කවියන් දොලොස් දෙනාගේ පොත් එහෙමත් තිබුනාලුද?

    ReplyDelete
    Replies
    1. ඔව් ලු නේ...ඒ පොත් විනාශ වෙලා ගිහින් ඉන්දියාවේ ආක්‍රමනිකයින් අතින්. ලංකාවේ ප්‍රශ්න වලට පිටින් උදව් ගන්න ගිහින් වෙච්ච කරදර තමයි ඒවා..

      Delete
  4. වලි කේස් ඒ කලේ හිටපු රජවරු නේ?

    ReplyDelete
    Replies
    1. වලි වලින් තොර කාලයක් නෑ වගේ නේද :)

      Delete
  5. //සක්දාමල, අසක්දාමල, දැමී, බෑබිරී, දළබිසෝ, අනුරුත්, දළගොත්, දළසල, කිත්සිරි, පරවඩු, සූරියබාහු, කසුප් කොටඈපා

    හරිම ලස්සන නම් ටිකක්නේ...

    ReplyDelete
    Replies
    1. කොට ඈප තමා ලස්සම..... :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

      Delete
    2. හිහි...මාත් කැමතියි කොට ඈපා කියන නමට. ඒක එයාගේ කාඩ් එක වෙන්න ඇති සමහරවිට..

      Delete
  6. අතපය කපපු එක තමයි පුදුම වැඩේ. මේ ප්‍රසිද්ධ නැති රජවරුන්ගෙ කාලෙ ප්‍රසිද්ධ දේවල් වෙලා නැද්ද? ඒවා ලියවිලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ වලි සීන් ඇරෙන්න වෙන ප්‍රසිද්ධ දෙයක්නම් මට හම්බ උනේ නෑ. අත පය කපපු එක හරිම කැතයි..

      Delete
  7. මේ සයිඩ් එක මම වැඩිය දන්නේ නැහැ අක්කෝ..කොහොම උනත් අපූරු ලිපියක්!

    ReplyDelete
  8. අදත් වටින කියන ලිපියක් !!
    මරු මරු
    ඒක නෙමෙයි ලියන්නේ නැද්ද නොතේරෙන කවියක් දෙකක් !

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ඔයා කවියක් ලියල දාන්නකෝ...එතකොට මාත් ලියන්නම්..

      Delete
    2. එහෙනම් කවු අහන්ඩ වෙන්නේ නෑ මහිතේ...:)

      Delete
    3. අර මොකෝ...අපි දන්නවනේ ඔයා කවි ලියන බව

      Delete
  9. ලු ලු කියලා ඉවර කරලා ති‍යෙන නිසා සයුරි අක්කා‍ ඒ දවස්වල හිටියා වෙන්ටත් බෑ... කොහෙන්ද අප්පා මේවා හොයාගත්තේ?? කොහොම වුණත් අපූරු ලිපිය...

    ReplyDelete
    Replies
    1. හිහි.."ලු" දාන්නේ ඉතින් මගේ ගැලවීමට තමා :) මොකෝ ඉතින් ඇහින් දැකලා කියන එකක්යැයි. තෑන්ක්ස් මල්ලි.

      Delete
    2. පුංචි ඇපේකුත් ලෑස්ති කරගෙන කතාව ලියන්නේ... කවදත් කලබලකාරයොමයි ඉඳලා තියෙන්නේ බලාගෙන ගියාම... හොඳ දැනුමක් ගත්තා මේ පෝස්ට් එක කියවලා...

      Delete
    3. එහෙම තමා ඉතින් :) ලංකාවේ ඉතින් හැමදාම කලබලම තමා

      Delete
  10. වෙනදා වගේම ඉතිහාස පාඩම අපූරුයි. සරළව ලියන නිසා කියවන්න ආස හිතෙනවා . සයුරිට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිහිණියෝ

      Delete
  11. ඉස්සර ඉදන්ම රටේ පාලනය අරගන්න සටකපටකම් කුමන්ත්‍රණ, ආදිය අඩුවක් නැතිව ‍තිබිල තියෙනවා.මේ රජවරු අතරින් යම් තරමින් හෝ මතකයේ තැන්පත් වෙන්නේ පළමු සහ දෙවන අග්බෝ රජවරු විතරයි. අවුරුදු සියයකට ආසන්න කාලයක් ‍ඒදෙන්නවත් නොහිටියනම් රට වල් වැදෙනවා.

    ReplyDelete
    Replies
    1. අග්බෝ රජතුමාලා දෙන්නා නම් ඇත්තටම කාලයේ හැටියට වටිනා රජවරු දෙන්නෙක්. නැත්නම් මොන කලක් යාවිද රටට

      Delete
  12. මේ අත්පා නැති පුද්ගලයද අර සිරීපාදේ හොයාගත්තා කිව්වේ?? නැත්තම් ඒක වෙන මොකක් හරි කතාවක්ද?? පොඩ්ඩක් විතර පැටලිලි සහගතයි වගේ අක්කේ... සෑහෙන්න කතා මගඇරිලවත්ද මට...

    හැමදාමත් වගේ වටිනවා අක්කේ.වෙනස් ක්ෂේත්‍රයක ඉන්න කෙනෙක් මේ වගේ මාතෘකාවක් ගැන මෙච්චර විස්තර ඇතිව ලියනවා දකින එක මාරයි... ඉන්න ක්ෂේත්‍රයට අදාල දේවල් එහෙම ලියන්න අදහසක් නැතෙයි??

    ReplyDelete
    Replies
    1. ම්ම් සිරීපාදේ හොයාගතිපු කතාවක්නම් මම දන්නේ නෑ ගැමිස්..මොකද්ද ඒ සිද්ධිය? මමනම් එහෙම එකක් කිව්වේ නෑ ඔන්න.

      :) ඉන්න ක්ෂේත්‍රයට අදාළ බ්ලොගේකුත් තියනවා වෙනම. ඒක ඉතින් ඇත්ත නමෙන් නේ ලියන්නේ. දෙක පටලව ගත්තේ නෑ තාම. වෙලාවක එවන්නම්කො...

      Delete
    2. මොකක්ද ඒ බ්ලොගිය? කිව්වානම් බලන්න..

      Delete
    3. මටත් යාන්තම් වගේ මතකයි කොහේදි හරි අහපු කතාවක්.. මතක හැටියට අන්ධ කෙනෙක් හරි, කිව්වත් වගේ අතපය නැති කෙනෙක් හරි ශ්‍රී පාදෙ හොයාගත්ත කතාවක්. වැඩි විස්තර නම් මතක නෑ. මතක්වුනොත් ලියන්නම්
      ඉන්න ක්ෂේත්‍රය ගැන එක් බ්ලොගේකුයි පරිබාහිර ඒවා වෙනත් බ්ලොගේකයි ලියන එකක්ත් හොඳ අදහසක්. මමත් බ්ලොගේ ලියන්න ආපු කාලේ හිතුවා ඉන්න ක්ෂේත්‍රය ගැන කිසිම දෙයක් ලියන්නෑ කියලා. ඒත් ලියවුණා. දැන් නම් බ්ලොගේ අච්චාරුවක් වෙලා..

      Delete
    4. කතාවක් අහලා තියෙනවා මෙහෙම...

      එක්තරා රජතුමෙක්ගේ මල් උයනක් බලාගන්න මේ වගේ අත්පා කපලා දාපු පුද්ගලයෙක්ව දැම්මලු.ඉතින් ඒ පුද්ගලයා ඒ මල්වත්ත බලාගෙන ඉද්දි දවසක් රෑක දැක්කලු සුරංගනාවියෝ කට්ටියක් ඇවිත් මල් කඩාගෙන යනවා.ඉතින් මේ අත්පා නැති එකත් අර සුරංගනාවියකගේ ඇඳුමෙ එල්ලිලාද මන්දා ගියාලු.අන්තිමට කට්ටිය ගියෙ සිරීපාදෙටලු....

      හරියටම හරිද මන්දා ඔහොමයි මතක.ඒත් අතපය කපපු එක්කෙනෙක් නිසා මම කල්පනා කලේ මේ එයාද කියලා... ම්ම්ම් ඒ කොයි රජ කාලෙ වෙච්චි සිද්ධියක්ද කියලත් මීටර් නෑ.. :) ඒකනෙ හරි අයියේ ඒකත් කිව්වනම් සෑහෙන්න වටිනවා මෙහෙම්ම කියලා දාන්න අක්කේ

      Delete
    5. @ ගැමියාගේ පත් ඉරුව

      ඒක සිද්ධ වුනාය කියන්නේ නිශ්ශංකමල්ල රජතුමාගේ කාලේ. රජතුමා අතපය කපන්නේ නැහැ. අතපය කොරවුණු මනුස්සයෙක් තමා උද්‍යානය බලාගන්න ඉන්නේ :)

      Delete
    6. ඒ බ්ලොගියෙන් වැඩක් නෑ අප්පා...ඉංගිරිස් එකක්..

      Delete
    7. @ සයුරි,

      කලින්ම කිව්ව එක හොඳයි.. නැතිනම් නොදන්න කඩ්ඩට ගිහින් දිව උලුක් වෙලා පත්තු බඳින්න වෙද මහත්තයා ගාවට යන්නත් වෙනවා..

      අනේ මොකටද මගෙ කට... :|

      Delete
    8. @hasitha,

      සෑහෙන්න ස්තූතියි හැමදාමත් වගේ ප්‍රශ්න ලිහලා විසඳලා දෙනවට :)

      @සයුරි අක්කේ,

      එහෙනම් ලියමු සිංහල එකක්.. :D

      Delete
  13. ඒ කියන්නේ රජකම භාරගන්නය කියලා ආරාධනා ලැබුණත් ඒක භාර නොගෙන සැඟවුණූ ජෙට්ඨතිස්ස වගේ රජවරුත් මේ සිරිලංකාද්වීපේ ඉඳලා තියනවා.. එක අතකට ඒ වගේ අවිචාරවත් කාලෙක රජවෙලා නිරපරාදේ බෙල්ල ගහ ගන්නේ නැතිව පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න එක හොඳා කියලා ජෙට්ථතිස්ස කුමාරයාට හිතුනද දන්නෙත්ත් නෑ

    ReplyDelete
    Replies
    1. ජෙට්ඨතිස්ස හැංගිලා තියෙන්නේ බය සහ සැකය හින්දා වෙන්න ඕන..අර කිව්වා වගේ ඒ වගේ කාලෙක කාවද විශ්වාස කරන්න පුළුවන්. හැබැයි බල තණ්හාවත් තිබිලා තියනවා අඩු නැතුව. ඒකනේ පස්සේ කාලෙක ආපහු බලය අල්ලගන්න එන්නේ...

      Delete
  14. අද පාඩමනම් හරි බෝරිං මිස්.. කට්ටිය මරගන්නවා මිසක් රටට යමක් කරලා නෑ නේද ? මෙහෙමවත් ලංකාවක් තියන එක හරි පුදුමයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෙන්නා ළමයෝ...මේ මරාගැනිලි ගැන ලියන්න ගියහමත් එපා වෙනවා...

      Delete
  15. දැන් දැන් පන්තියේ අන්තිම පේලි වල ඉදන් පාඩම අහන් ඉන්න වෙලා තියෙන්නේ.. ඒත් ඔන්න පාඩමට අහුකන් දුන්නෝ.. දැන් ඔන්න පස්සේ ඉන්නවා කියලා අමාරුම ප්‍රශ්ණ අහන්න ඔට්ටු නෑ... :)

    ReplyDelete
    Replies
    1. පේනවා පේනවා ඒ බව :) මල්සරා විදපු කට්ටිය ඉතින් අන්තිම පේළිවල තමා නතර වෙන්නේ..හිහි...හැබැයි අපරාදේ කියන්න බෑ තවමත් පන්තියට එනවා...හොඳ ළමයා..

      Delete
  16. අෆ්ෆා.. ඒ කාලෙ ඉදන්ම කට්ටිය මරාගෙනනෙ...

    ReplyDelete
  17. "මහානාග කියලා යුධ ඇමතියෙක් රුහුණේ ස්වාධීන පාලනයක් ගෙන යමින් හිටියා ලු"

    මේ මහානාග කියන ඇමතියා සිලාකාල රජතුමා විසින් රෝහණයේ පාලන කටයුතුවලට පත් කරලා හිටිය ඇමතියෙක්.

    …"කීර්ති ශ්‍රී රජු රජවෙලා අවුරුද්දකට පස්සේ මේ මහානාග, රාජ්‍ය බලෙන් අල්ලාගෙන අවුරුදු තුනක් රජකම කරගෙන යනවා"

    මේකට හේතුව වෙන්නේ කිර්ති ශ්‍රී මේඝ රාජ්‍යත්වයට පත්වුණත් රජතුමාගේ මව සම්පූර්ණ පාලනය අරගෙන ගිය එක. මව් බිසවගේ පාලනය නිසා රජයේ ඇමතිවරුන් අල්ලසට හුරුවුනා වගේම ඒක නිසා රටවැසියන්ට හිරිහැර විඳින්නට සිදුවුණු නිසා තමා රජතුමාට විරුද්ධව කැරැල්ලක් ඇතිවෙන්නේ. ඒ යටතේ තමා මහානාග ඇමතියාට රාජ්‍ය බලය අල්ලගන්න පුලුවන් වෙන්නේ...

    මහානාග රජතුමාව පූජාවලියේ හඳුන්වන්නේ "සෙනෙවිමාතා රජතුමා" කියලා.

    "ඔහු මෞර්ය වංශයේ කෙනෙක් නිසා නැවතත් රජකම මෞර්ය වංශිකයින් අතට යන්නේ එහෙමයි"

    මහානාග ඇමතියාගෙන් ඇරඹෙන්නේ තුන්වෙනි මෝරිය/මෞර්ය රාජ වංසය

    "පළමු අග්බෝ ට (ක්‍රි. ව. 564 - 598). ඔහු ඉතාමත් සාමකාමීව පාලනය ගෙන ගියපු කෙනෙක්"

    ප්‍රසිද්ධ මණිමේඛලා අමුණ කරවන්නේත් මේ රජතුමාගේ කාලයේදී.

    "ඉන්පස්සේ ඔහු මුගලන් III (ක්‍රි. ව. 608 - 614) නමින් රජ වෙනවා"

    මේ සමඟම නැවතත් ලම්භකර්ණ රාජ වංශයක් ඇතිවෙනවා.

    "තින් ඊ ළඟ රජතුමා හැටියට ඔටුනු පැළඳුවේ මේ ශිලා මේඝවර්ණ රජතුමා (ක්‍රි. ව. 614 - 623)."

    මෙයාගේ කාලයේදී ජෙට්ඨතිස්ස කුමාරයාගේ මාමා කෙනෙක් වුණු සිරිනාග කියන සෙනෙවියා දකුණු ඉන්දියාවෙන් ආධාර අරගෙන රජතුමාට විරුද්ධව උතුරු ප්‍රදේශයේ කැරැල්ලක් ඇති කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.

    "ඔහුගෙන් පසුව රජකම හිමි වුනේ ඔහුගේ පුත් තුන්වන අග්බෝ ට."

    මේ රජතුමාවත් ප්‍රසිද්ධ වෙන්නේ සිරිසඟබෝ කියන නමෙන්...

    "ඉතින් ඔය විදිහට තුන්වන අග්බෝ රජතුමා නැවත රාජ්‍යත්වයට පත් වෙලා අවුරුදු 16 ක් (ක්‍රි. ව. 624 - 640) රජකම් කරනවා"

    මේ කාලයේදී රජතුමාගේ බාල සහෝදරයා වුණු මාන කුමාරයා රජතුමාගේ අන්තඃපුරයේ කරපු වැරැද්දක් නිසා ඇමතිවරු යුවරජතුමාව මරා දමනවා. මේ සිද්ධියත් එක්ක රජතුමයි ඇමතිවරු අතරයි එච්චර හොඳ හිතක් තියෙන්නෙත් නැහැ. දාඨාසිවත් එක්ක කරන සටන 3 වෙනි අග්බෝ රජතුමා පරාද වෙන්න ඒකත් එක හේතුවක්.

    ReplyDelete
    Replies
    1. //මේ මහානාග කියන ඇමතියා සිලාකාල රජතුමා විසින් රෝහණයේ පාලන කටයුතුවලට පත් කරලා හිටිය ඇමතියෙක්.//

      ඔව්...මේ කාලය වෙද්දී ඔහු ස්වාධීන පාලනයක් ගෙනයමින් ඉඳලා තියෙන්නේ.

      Delete
    2. @ සයුරි

      ඔව්. සිලාකාල සමයේ විතරයි මහානාග එහෙම ඉදලා තියෙන්නේ. බලවත් රජවරු නැතිවුණාම එහෙම වෙනවා කියන එක දන්නවානේ :)

      සිලාකාලගෙන් පස්සේ ඉදන් රාජ්‍යයේ අර්බුද සහගත තත්වයක් තිබුණු නිසා මහානාග රජෙක් යටතේ සිටිය බවක් පේන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමා සිලාකාලගේ පුතුන් වුණු දාඨාපභූති සහ මුගලන් අතර සිංහාසනය සඳහා සටන් ඇතිවෙද්දිත් මහානාග අනුරාධපුරය අල්ලාගෙන රජවෙන්න උත්සහ කරපු එක.

      ඒත් දාඨාපභූති පරදවලා ජයගත්තු මුගලන් පහසුවෙන්ම මහානාගව පලවා හරිනවා. 2 වෙන මුගලන් මියයනකම් රුහුණට වෙලා බලාගෙන හිටිය මහානාග කීර්ති ශ්‍රී මේඝගේ කාලයේ තිබෙන ආරවුල් සහගත තත්වය ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ අරමුණ ජයගන්නවා.

      Delete
    3. //බලවත් රජවරු නැතිවුණාම එහෙම වෙනවා කියන එක දන්නවානේ :) //

      අපොයි ඔව්...
      ;0

      Delete
    4. @ සයුරි

      මෙතන "එහෙම වෙනවා" කියලා කිව්වේ ස්වාධීන වෙනවාය කියන එක :)

      Delete
  18. සමහර කමෙන්ට්ස් අතුරුදහන් වෙන්න පටන් අරන්...මේ මේල් බොක්ස් 1 ට ආපු හරී ගේ කමෙන්ට් එකක්.

    //අහපු ප්‍රශ්නය තේරිලා නෑ..

    මම ඇහුවෙ මේ ප්‍රසිද්ධ නැති රජවරුන්ගෙ කාලෙ ප්‍රසිද්ධ දේවල් වෙලා නැද්ද? ඒවා ලියවිලා නැද්ද? කියලා.. ආයිමත් ඒකමයිනෙ.. කොහොමද කියන්නෙ..

    මේ කියන රජ්ජුරුවෝ අප්‍රසිද්ධව ඉන්නෙ ඒකාලෙ මොකුත් විශේෂ දේවල් ඇත්තටම සිද්ධ නොවිච්ච නිසාද?

    නැතිනම් ඒ සිදුවෙච්ච දේවල් කාගේ හෝ වුවමනා එපාකම් මත ලියවිලා නැද්ද?

    තේලුනාද?//

    ඒකනේ...තේරෙන්න අහන්න එපාද...

    ඕකට හේතු කීපයක්ම තියෙන්න පුළුවන්. එක්කෝ මේ ගොල්ලෝ මරාගන්නවා ඇරෙන්න වෙන මුකුත්ම කරලා නෑ. එහෙම නැත්නම් අර කිව්වා වගේ කරපු දේවල් කවුරුහරි යටපත් කරලා. එහෙමත් නැත්නම් ලියලා තිබුනත් ඒවා මට කියවන්න අහු වෙලා නෑ :)

    ReplyDelete
  19. සයුගේ ඉතිහාස පාඩම කියෙව්වාම වර්තමානය දිහා උපේක්ෂාවෙන් බලන්න හිතෙනවා..
    ස්තුතියි සයු...

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ අදහසක් රූ...

      Delete
  20. කෝ අක්කෙ මගේ කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. අයියෝ...මගේ බ්ලොග් එකෙන් කමෙන්ට්ස් අතුරුදහන් වෙන්න පටන් අරගෙන... :(

      Delete
  21. සික්.. මිස් දවස් ටිකක ලෙඩ නිවාඩු වැ‍ටුණා.. ආයි කියවනවා පාඩම

    ReplyDelete
    Replies
    1. හයියෝ...දැන් ලෙඩ හොඳයිද? ඉක්මනට හොඳ වෙන්න...

      Delete
  22. ඒ කලෙත් මට ඉතිහසෙට ලකුනු 50 ට අඩුයි දැන්වත් ටිකක් බලා ගන්න ඔනි මේකෙන්

    නියමයි...

    ReplyDelete
    Replies
    1. ඊ ළඟ පාර හොඳට ලකුණු ගන්නකො..නරුමයා මෙහෙ ආපු පලවෙනි වතාව නේද? මොකද අනේ ඔහොම නමක් දාගත්තේ :)

      Delete
  23. ගොඩක් ස්තූතියි! සයුරී.
    මම නම් ඉතිහාසෙ ඉගෙන ගන්නෙ දැන් තමයි ඔන්න . ඒ කාලෙ මොනව තිබුනද කියල මතකවත් නෑ.
    උදේ පාන්දර ගිරිතලේ හෝටලයේ සිට පෙනෙන ගිරිතලේ වැව විතර සුන්දර දර්ශනයක් මම දැකල නෑ. හරිම සුන්දරයි ඒ දසුන.

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඇහුවම මටත් හිතුනා කවදාහරි ගිරිතලේ හෝටලේට ගිහින් බලන්න..

      Delete
  24. " අසිග්ගාහක "...යන වචනයේ තේරුම කියල දෙනවද..සයූ...!
    අපේ රාජ්‍යත්වයේ සංකේතය..මරාගැනිල්ල මිසක් වෙන මොකක්ද..??

    ReplyDelete
    Replies
    1. ඒක මම හිතන්නේ "අසිපත දරන්නා" වගේ තේරුමක් වෙන්න ඕන. රාජ්‍ය සේනාවේ සැලකිය යුතු තනතුරක්.

      //අපේ රාජ්‍යත්වයේ සංකේතය..මරාගැනිල්ල මිසක් වෙන මොකක්ද..??//

      නියම කතාව..

      Delete
    2. @ වීපොකුර

      අසිග්ගාහක කියන්නේ රජතුමාගේ කඩුව/ මංගල කඩුව දරන කෙනා හඳුන්වපු නම. ඒ වුණත් රාජ සභාවේ වගේම රාජකීය හමුදාවේ ප්‍රධාන තැනක් අසිග්ගාහකට හිමිවෙලා තියෙනවා. ඒ වගේමයි ඒ තනතුර රජවරු ලබාදීලා තියෙන්නේ තමන්ගේ සමීප ඥාතීන්ට හරි එහෙමත් නැත්නම් විශ්වාසීම අයට.

      Delete
  25. හ්ම්ම් මෙයත් ඉතිහාසේ ලියන කෙනෙක් වගේ. අද ඉඳන් එන්නම් කෝ හැමදාම මොකද මගේ කැමතිම විෂය ඉතිහාසය

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටින් පිලිගන්නවා කෝරලේ මහත්තයව. අහන්නත් සතුටුයි. දිගටම එන්න. "රාජාවලිය" ලේබල් එකට ගියොත් ඔක්කොම ලිපි බලාගන්න පුළුවන්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...