Tuesday, September 18, 2012

සහෘද නුඹ වෙත ආදරයෙන් ලියමි...



හ්ම්ම්...පහන්යාය ට අවුරුද්දයි. අවුරුද්දේ උපන්දිනේට තමන්ට උදව් කරපු අය වගේම ලඟින් ඉඳන් දිරි දෙන අයව මතක් කරලා ස්තුති කතාවක් කරන එක බ්ලොග් ලෝකයේ සම්ප්‍රදායයක් වෙලා. ඒ වගේ ලස්සන සම්ප්‍රදායවල් අකුරටම පිළිපදින්න මමත් කැමතියි :).

මම බ්ලොග් ලියන්න ගත්තේ ලඟදි උනාට ඉස්සර ඉඳලම සිංහල බ්ලොග් කියවලා තියනවා. පුරුද්දක් විදියට නෙමෙයි. ඉඳලා හිටලා. දුමී ගේ කට කහන කතා, හිස් අහස, අතීතයෙන් අහුලන මතකයන් සහ බට්ටි ඒවායින් සමහරක්.

ඉතින් ඒවා කියවද්දී මගේම බ්ලොග් එකක් හදන්න ආසාවක් ආවත් ඒක ටිකෙන් ටික පහු උනා. අන්තිමට කොහොම හරි කල් යල් බලන එක නවත්තලා එකක් හදලා දැම්මා. මුලින්ම සයුරු (එයාට මේ නම දැම්මේ "එල කොල්ලා") එක්ක එකතු වෙලා නමක් හිතලා, හරිම සිම්පල් ටෙම්ප්ලේට් එකක් දාලා මුල්ම පොස්ටුව හැටියට "පහනින් පහන් සිය ගනනක්" කියලා කවි ටිකක් දැම්මා. මේ ඔක්කොටම පැය 2 ක් යන්න ඇති.

ඉතින් ඒක දාලා හැරෙන්න උනේ නෑ කමෙන්ටුවකුත් ඇවිත්. ඒකත් කවියක්. ඔන්න ඉතින් මට මුල්ම කමෙන්ටුව ලැබුනේ බට්ටියා ගෙන් :) ඊ ලඟට පහන්යාය පැත්තේ ආවේ මධුරංග මලයා. මෙයා තමයි මුල්ම ෆලෝවර් උනෙත්. මූණු පොතේ බ්ලොග් ගෘප් එක ගැන, සින්ඩි ගැන එහෙම කියා දීලා පහන්යාය ප්‍රමෝට් කරන්න සෑහෙන උදව්වක් දීපු කෙනෙක් තමයි අපේ මධු මල්ලි.

ඉන් පස්සේ ඉතින් පහන්යාය දිගටම දල්වාගෙන යද්දී ගොඩක් හොඳ යාළුවො තොගයක්ම හම්බ උනා. ඒ අය අතරේ සෙන්නා, දයානන්ද රත්නායක, චතුරංග, ගැමියාමන්ඩි පාල, සුමිත් නිරිඇල්ල හැමදාම වගේ ඇවිත් හරබර කමෙන්ට් වලින් සංග්‍රහ කරලා ගියා. සමහර වෙලාවල් තිබුණා මම ලිපියක් ලියලා මේ අයගේ කමෙන්ට්ස් වැටෙනකන් බලාගෙන ඉඳපු. 

ඒත් එක්කම හැමදාමත් වගේ පහන්යාය ට එලිය දෙන දිනේෂ් මල්ලි (ඉස්සර මෙයා හරිම උනන්දු ළමයෙක් :), අසරණයා, ඔබ නොදුටු ලොවක්, ලහිරු,  හරී, අපි වගේ මල්ලි, අනූ, හිතුවක්කාරී,රෝස කුමාරි, රූ, අයිස් නගා, බින්දි අක්කා, පොඩ්ඩි...මේ අයව කොහොම අමතක කරන්නද? 

ඒ විතරක් නෙවෙයි පස්සේ කාලෙකදි හමු වුනු  මී ගොඩයා, තොටියා අයියා, හිරු තරු ඇතුළු ඔක්කොම ආකාස වස්තු, තරියා, වී අයියා, ඇපලා, සිඳු සහ ලිහිණි ලාත් මතක් කරන්න ඕන. ඇයි එතකොට හැමදාම අන්තිම වෙන "එල කොල්ලා" ත් ඉන්නවා. අලුත් යාළුවො ගොඩක් ඉන්න නිසා මෙතන ගොඩක් නම් මග ඇරිලා ඇති. තරහ වෙන්න එපා හොඳේ. ඒ හැම කෙනෙක්ම මට එක වගේ වටිනවා. 

අවුරුද්දක් අවසානේ මගේ බ්ලොග් එක දිහා ආපහු හැරිලා බැලුවම ඇත්තටම සතුටක් දැනෙනවා.  කවි, ඉතිහාසය, විද්‍යාව, පුංචි රස කතා, අතීත මතක මේ හැම දේකම අච්චාරුවක් තමයි මගේ බ්ලොග් එක. ඉතිහාස පාඩමේදී නිදාගන්න කට්ටිය පුංචි කතා අහන්න ඇහැරිලා ඉන්නවා. කවියක් දකින්නත් අකමැති කට්ටිය විද්‍යාව පාඩමට උදෙන්ම එනවා :) නානත්ත කායා නානත්ත සංඥා කිව්වලු (හෝව්..බය වෙන්න ඕන නෑ...බුද්ධාගම පාඩම් උගන්නන්න මගේ කිසිම අදහසක් නැහැ :). එක එක්කෙනා එක එක විදිහයි. විවිධත්වය කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒ විවිධ රුචිකත්වයන්ට හරියන විදිහට ලිපි ලියන්න මම ඉදිරියටත් උත්සාහ කරනවා.

මට මේ ලිපිය මීට වඩා කලින් ලියන්න ඕන වෙලා තිබුනේ. ඉතින් මම හිතාගෙන හිටියා හිට්ස් 10000 දී මේක ලියනවා කියලා. ඒත් මගේ බ්ලොග් එකට හිට්ස් 10000 සම්පූර්ණ වුනේ ආදරණීය ඔබා මාමා අපෙන් වෙන් වෙලා, ඒ වෙනුවෙන් දාපු ලිපියෙදි. අපි හැමෝගෙම බ්ලොග් වලට කිසිම ආඩම්බර කමක් නැතුව ඇවිත් හැමෝම හිනස්සලා ගියපු ආදරණීය ඔබා මාමටත් හදවතින්ම ස්තුතියි.

සමාන හදවතක් ඇත්තා සහෘදයා ය. සහෘදයෙක් ලැබීමට තවත් සහෘදයෙක් නිසැකවම පින් කර තිබිය යුතුය. මන්ද යත් යමෙකුට සහෘදයෙක් තරම් වටිනා තවත් කිසිවක් නොමැති බැවිනි. ඉතින් ඔබ වැනි සහෘද පිරිසක් ලැබීමට මා කළ පින් මේ යැයි කීමට මම ද නොදනිමි.



                        FRIENDS ARE SIBLINGS THAT GOD FORGOT TO GIVE YOU

107 comments:

  1. සුබපැතුම් .... ජය වේවා ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජය සුබ පැතුමට...

      Delete
  2. මගෙන් උණුසුම් සුභ පැතුම් "සයුරි"...ඉදිරියටත් ලස්සන ලස්සන පෝස්ට් ලියල අපිව පහන් යායකට අරන් යන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. හිමා ටත් ගොඩක් ස්තුතියි..ඒ වගේම ඔයාව සාදරයෙන් පිළිගන්නවා පහන්යාය ට :)

      Delete
  3. // FRIENDS ARE SIBLINGS THAT GOD FORGOT TO GIVE YOU//
    පොඩ්ඩි දිහා බැලුවාම මේක සම්පූරණ ඇත්ත.:)

    අපේ ටීචර් රස ඉතිහාස කතා කියලා දෙනකල් පොඩ්ඩි පන්තියෙන් එලවන්ට හම්බ වෙන්නේ නෑ.
    ඔයාට සුබ අනාගතයක්. ඔයාගේ පහන් යායෙන්, තව පහන් යායවල් ගණනාවක් බිහිවේවා...:D

    ReplyDelete
    Replies
    1. ටීචර් ට ලියන්න බැරි විදිහේ රස සාහිත්‍ය කතා ලියන ළමයෙක් නේ පොඩ්ඩි :) එහෙම ළමයෙක් ඉතිහාස පන්තියට එන එක කොච්චර දෙයක්ද...බොහොම ස්තුතියි ඔයාටත්..

      Delete
  4. සුභ පැතුම සයුරි......

    මුල නම් කියවද්දී මට කේන්ති ගියා මෙයාට මාව අමතක වෙලාද කියලා.. පස්සෙ ලියල පිළිවලකට... අමතක වෙලා තිබ්බනම් .................

    ඇත්තටම පහන් යායා මම බ්ලොග් කියවන්න පටන් ගත්ත දවස්වලම කියවන්න ලැබිච්ච බ්ලොග් එකක්... වැඩිපුරම මම කැමති සයුරිගෙ ඉතිහාසය පාඩමට... ඉඳල හිටල ගේන භූගෝලය පාඩමත් ඒ වගේමයි.. සයුරි හරිම සරලව ඒ සිද්ධි පැහැදිළි කරද්දි අසාවෙන් කියවන්න හිතෙනවා වගේම හැමදාටම මතක හිතෙනවා..

    අදටත් මම ආසම බ්ලොග් පෝස්ට් කිහිපය අතරේ සයුරිගේ .. නිකොලා ටෙස්ලා ගැන ලියපු පොස්ට් එකයි නැවතත් අයිස් යුගයට ( මාතෘකාව හරිද මන්දා ) නිකන පොස්ට් එකයි තියෙනවා...

    මට සයුරිගේ පෝස්ට් කියවද්දි නිතරම හිතෙන්නේ මේ පෝස්ට් පාසැල්වල 6, 7,8 ශ්‍රේණිවල නංගිලා මල්ලිට සමීපකරන්න පුළුවන්නම් හුඟාක් වටිනවා කියලා...

    පහන්යායට ජය වේවා!!!


    ReplyDelete
    Replies
    1. දැල්වූ පහන නිති දැල්වී තියේවා
      සැම දන හට එය එළියක් වේවා

      Delete
    2. දැල්වූ පහන් දැල්වී තිබේවා
      සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
      ළං වූ ලවන් හමු වී තිබේවා
      වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

      මීගොඩයගේ පද දෙක දැකලා මට ඔය ගීතය මතක් උනා. :)

      Delete
    3. හමු වී තිබේවා නෙවෙයි,මං හිතන්නෙ සින්දුවෙ තියෙන්නෙ හමු වී පිපේවා කියල!

      Delete
    4. මී ගොඩයෝ..එහෙමත් අමතක වෙනවද අප්පා. ඔයාගේ පරසතු උයන, කවි ලන්ද වෙලා තිබිච්ච කාලේ ඉඳලම මට මතකයිනේ.

      //නිකොලා ටෙස්ලා ගැන ලියපු පොස්ට් එකයි නැවතත් අයිස් යුගයට ( මාතෘකාව හරිද මන්දා ) නිකන පොස්ට් එකයි//

      මේක කියවද්දී හරිම සතුටක් දැනුනා. ඒ ලිපි අමතක වෙලා නෑ කියන්නේ මට ලොකු දෙයක්. පොඩි එවුන් එච්චර බ්ලොග් කියවන්නේ නැතුව ඇති මං හිතන්නේ..බොහොම ස්තුතියි මී ගොඩයටත් පහන්යායත් එක්ක හැමදාම ඉන්නවට

      ආ..කවියත් ලස්සනයි ඈ. ලවන් කියන්නේ මොනාද මධූ? වර්ෂා කිව්වා වගේ "පිපෙන" දෙයක්ද?

      Delete
    5. ලවන් කියන්නේ තොල් වලට මහිතේ... :)

      අර සිංදුවකත් තියෙන්නේ,

      "සුසුම් සර විලාපේ ලවන් පීර පීරා
      පිපාසෙන්ද මත් වී මල් යහනේ " කියලා. මේ සිංදුව නම් පොඩ්ඩක් සම්භාව්‍යයි.

      මෙන්න පාර... ගිහින් ම බලන්ඩ

      Delete
    6. මෙතන ලවන් කියන්නේ තොල් වලට තමයි.. හැබැයි තණකොළ වලටත් ලවන් කියල කියනවා

      Delete
    7. ආ..ඒක දැනගත්ත එක හොඳයි...

      Delete
  5. පහන් යායට මගෙනුත් සුභ පෑතුම් !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි ගිම්හානි :)

      Delete
  6. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    මාව අමතක කරලා.......... :(

    දිගටම ලියන්න වෙලාව ලැබේවා කියලා එක සිතින් පතනවා :)

    ReplyDelete
    Replies
    1. අනේ..සොරි සොරි රජෝ. ගැත්තී ට සමාව භාජනය කරනු. ප්ලීස් :)

      //දිගටම ලියන්න වෙලාව ලැබේවා// මෙන්න මේකනම් වැදගත් පැතුමක්. බොහොම ස්තුතියි.

      Delete
  7. ඔන්න මමත් ෆලෝ පාරක් දැම්ම. ඇත්තටම ඒක මට අමතක වෙලා තිබුනේ. මමත් හරිම ආසයි මේ බ්ලොග් එකට. ඒක නිසයි මගේ බ්ලොග් එකේ සයිඩ් එකෙන් දාල තියෙන එකතුවට එකතුකරලා තියෙන්නේ. ඔන්න උපන් දිනේට සුභපතනවා. දිගටම හරවත් රසවත් පොස්ට් ලියන්නට ලැබේවා කියල ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හප්පේ..කෝරලේ මහත්තයා මේ පැත්තේ එන එක මට සතුටක්. මමත් වලව්ව පැත්තේ නිතර එනවා සිහින කුමරිය කියවන්න :) කිව්වමයි මතක් උනේ. මගේ එකෙත් සයිඩ් බාර් එක අප්ඩේට් කරන්න කාලේ හරි..සුබ පැතුමට ස්තුතියි හොඳේ.

      Delete
  8. උණුසුම් සුභ පැතුම් සයුරි අක්කෙ !!!

    //ඒත් එක්කම හැමදාමත් වගේ පහන්යාය ට එලිය දෙන දිනේෂ් මල්ලි (ඉස්සර මෙයා හරිම උනන්දු ළමයෙක් :)//

    ඇයි දැන් එහෙම නැද්ද :| ???

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් දිනේෂ් මල්ලි...හිහි..දැනුත් එහෙම තමයි ඉතින්.

      Delete
    2. කෝම උනත් ලොකු අක්කේ ඔයා මේකේ වැඩියෙන් තෑගි දුන්නේ මට හලී.. පුළුවන්නම් නෑ කියන්න බලන්න... :)

      Delete
  9. මම නම් අලුත්. මගෙනුත් සුභපැතුම් පහන් යායට!

    ReplyDelete
    Replies
    1. වන වදුල සාදරයෙන් පිළිගන්නවා. ලස්සන නමක්. අලුත් අයත් මට පරණ අය වගේම වටිනවා :). බොහොම ස්තුතියි ඔයාටත්.

      Delete
    2. ගොඩක් ස්තූතියි සයුරි සොහොයුරිය!

      Delete
  10. උණුසුම්ම සුබ පැතුම් 'අපේ' පහන් යායට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා නංගෝ. විභාගේ ඉවර කරගෙන එන්නකෝ මේ පැත්තේ ආපහු.

      Delete
  11. යායට පහන් සුබ නව වසරක් වේවා
    ආ මඟ සුබයි තව තව පහන් දැල්වෙවා !

    ReplyDelete
    Replies
    1. යායේ පහන් තව එක පහනක් දල්වා
      කළ සුපැතුමට පුදනෙමි තුති හද ගල්වා

      Delete
  12. ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්!
    ජයෙන් ජය සයුරි අක්කේ!
    පහන්යාය මම කවදත් ආසාවෙන් කියවන බ්ලොග් අඩවියක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විසිතුරු මල්ලි...විසිතුරු සටහනුත් අමතක නොකර ලියන්න :)

      Delete
  13. පහන් යායට පහන් සිතින් මම සුබපතමි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබටත්...

      Delete
  14. බ්ලොග්වසරියට මගෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කේ..
    ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙඩ් නංගි ඔයාටත් :)

      Delete
  15. හා ඇනිවසරියක් නේද? ඒත් මට නම් හිතෙන්නෙ අවුරුදු දෙක තුනක ඉඳන් ම කියවනවා වගේ කියලා! එහෙම නෙවේද? සුබ පැතුම් අක්කෙ!

    …පහනින් පහන..
    …එපහන් සිලෙහි අලු අඩු නොව දිලෙන ලෙද...

    ReplyDelete
    Replies
    1. හප්පේ..ඔයාට එච්චර පරණයි කියලා හිතුනද? බොහොම ස්තුතියි මල්ලි :)

      //…එපහන් සිලෙහි අලු අඩු නොව දිලෙන ලෙද..// :))

      Delete
  16. බ්ලොග් එකේ පළවෙනි අවුරුද්දට සුබ පැතුම් !
    අදත් එල කොල්ලා පරක්කුයි වගේ. :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මධූ. ඒක එල කොල්ලගේ අනන්‍යතාවය :)

      Delete
    2. මචන් හිතල පරක්කු වෙනවා නෙවේ....වෑඩ නිසයි පරක්කු....අනික පරක්කු වෙලා ආවෙ නෑත්තන් කිසි ගතියකුත් නෑ......

      Delete
    3. ඒකනේ.. ෆැශනබ්ලි ලේට් එකත් මරු !!
      රාජ්‍ය උත්සව වලදි ජනාධිපති තුමා ප්‍රමාද වෙනවා වගේ පරක්කුවීමත් මරු.

      Delete
  17. මගෙන් ඌණුසුම් සුභපැතුම්... වරසක්ම ගියා නේද එහෙනම්... මම හිතාන හිටියෙ මේ බ්ලොග වසර ගානක්ම පරණයි කියලා..

    මෙහෙම ලිපියකින් ස්තුති කළාට බොහෝම ස්තුතියි.. මම නම් කවදාවත් මේ වගේ ස්තුති ලිපි ලියලා නෑ.. ඒකට ඉතින් අනිත් අය අමනාපදෝ මන්දා.. මම හදන්නෙ පුලුවන් තරම් අඩු වචන වලින් මේ වගේ අවස්ථා පෙන්වන්න.. ඒ මං හිතන විදිහ..

    ආයෙත් උණුසුම් සුභපැතුම්.. උම්මා එහෙකුත් දෙන්ටද? :P

    ReplyDelete
    Replies
    1. @ හරී

      "මම හදන්නෙ පුලුවන් තරම් අඩු වචන වලින් මේ වගේ අවස්ථා පෙන්වන්න.. ඒ මං හිතන විදිහ.."

      +++++++++

      Delete
    2. ඔන්න ඉතින් මට හිතුනා කට්ටියට ස්තුති කරන්න. හ්ම්ම් ඔයා වගේ හිතන අයත් ඉන්නවා..ඒකෙ වැරද්දක් නෑ ඉතින්. තමන් කැමති විදියනේ :) නැවතත්..හරී ට බොහොම ස්තුතියි පහන්යායට එලිය දෙනවට...සුබපැතුමටත් එක්කම...

      ආ...වර්චුවල් උම්මා දෙන්නත් පුලුවන්ද? හිහි

      Delete
    3. @හරී :
      උම්මා වගේ දේවල් අහ අහා දෙන්නේ නෑ. එකපාරටම දීලා දානවා ! එතකොටයි ගතිය තියෙන්නේ.. කිය කිය දෙන්ඩ ගියොත් උම්මා දෙන වැඩේ කෙරෙන්නේ නෑ.. (මොකෝ ඕන කමක් තිබ්බත් මුන් හා කියන එකක් යෑ :) )

      අහක බලාගෙන ඉන්න වෙලාවක් බලලා එකපාරට හෙනයක් ගැහුවා වගේ දීලා දාන්ඩ ඕනා. උම්මා එක දීලා ටික වෙලාවකට පස්සේ කෙල්ලගේ මූන චුට්ටක් ලැජ්ජාවෙන් රතුවෙයි

      "ඔයා හරි නරකයි" කියලා චූටි තට්ටුවක් දායි.. වැඩේ එතනින්ම කම්මුතුයි !

      ඔන්න අහ අහ හිටියොත් "අපෝ සෙනගත් බලාගෙන ඉන්නවා. පිස්සු වැඩ කරන්ඩ එපා !" කියලා කියයි. අපි මොකටද ඕවා අහ ගන්නේ නෙහ්..

      හික්ස් :)

      ඩිස්ක්ලේමර් වාක්කිය -
      සමස්ථ උම්මා ගැන කිව්වා මිසක්කා සයුරි අක්කාට උම්මා දෙන එකක් ගැන මා සඳහන් කලේ නැති බව හුදී ජන පහන් සංවේගය උදෙසා ලියා පලකරමි.

      Delete
    4. වර්චුවල් උම්මා! - දවසේ වාක්‍යය
      හැක්...හැක්...

      Delete
  18. මාවනම් අමතක වෙලා.කමක් නෑ ඔච්චර නම් ගොඩක් මතක් කර කර ලියන්නෙ කොහොමෙයි. :)))))

    සුභ පැතුම් අක්කේ.

    ReplyDelete
    Replies
    1. හයියෝ...මගේ මොලේට මොනා වෙලාද මන්දා. සොරිම සොරි වෙන්න ඕන නිසූ :(

      ස්තුති ලිපි වල තියන නරක පැත්ත මේක තමයි... :) සුබ පැතුමට ස්තුතියි හොඳේ..

      Delete
  19. ඔන්න මගෙනුත් සුභ පැතුම් සයුරි.

    මම නම් මෙහේ ඉස්සර වෙලාම ආවෙ ‘සබෝර්‘ කියන වචනෙ දැකල. මම කැමති ටාර්සන් සීරීස් එකේ සුපුරුදු වචනයක් නිසා බලන්න ආවෙ. අපි වෙනුවෙන් තව තවත් ලියන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. DDT සබෝර් පොස්ට් එකට දාපු කමෙන්ට් එකත් මට මතකයි...මට එවෙලේ හිතුනා ඒ නම දැකලා එන්න තරම් මෙයානම් හොඳ ටාසන් රසිකයෙක් කියලා :) බොහොම ස්තුතියි DDT ඔයාටත් මේ ලබාදෙන දිරි ගැන්වීමට.

      Delete
    2. හයියෝ...

      "ටාර්සන්, ටාර්සන්, ටාර්සන්"..ඔය පාර වරදින එකක් නෑ...

      Delete
  20. පහන් යායටත් අවුරුද්දද තාම ? මම හිතුවෙ ගොඩක් පරණ බ්ලොග් එකක් කියලා..

    හැමදාම අලුතින් යමක් උගන්වපු සයුරි මිස්ට මේ වර්ෂ පූර්ණයේදී හදවතින්ම සුබ පතනවා !! දිගින් දිගටම අළුත් අළුත් දෑ අප වෙනුවෙන් පිරිනැමීමට ශක්තිය ධෛර්යය පතනවා !!

    ReplyDelete
    Replies
    1. (රහසින්)මේ මචන් ලින්ක් එක දාන්න කීයක් දුන්නද බන්?

      ප.ලි. හිතේ කහටකින් නෙමේ ඈ.. 100% විහිළුවට..

      Delete
    2. ඒක රහසක්... :-)

      මගෙ සංවත්සර කතාවට..ඇඩ් කෝල් කරලා තියෙන්නෙ.. ලින්ක් එකත් එක්ක නම දාගන්ඩ ඕනනම් හීයක් එවපන්.. උඹට හින්දා අඩු ගානට දෙන්නම්..

      Delete
    3. බොහොම ස්තුතියි සෙන්නෝ. අවුරුද්ද ඇතුලත මම සාපේක්ෂව පෝස්ට් ගොඩක් දාලා තියන හින්දා එහෙම පේනවත් ඇති (ඔහ් දැනුයි බැලුවේ..මේ 75 වෙනි එක:). ඒක නෙමෙයි දැන් කුරුන්ද කපලද අප්පා? හොඳ හිතින් කියන්නේ පෝස්ට් එකක් දාන්න.. :-|

      හිහි...අයියෝ මේක ලියන්න ගද්දි මම හිතාගත්තේ ඔක්කොටම ලින්ක් දාන්න පස්සේදී එහෙම කරන්න ගියොත් මේක වේලාවට පබිලිස් කරන්න බැරි වෙනවා වගේ පෙනුනා. ඉතින් රෝ ටෙක්ස්ට් ම දැම්මා... :( ඔන්න දැක්කද සෙන්නගේ වැඩ..

      මොකද මන්දා "හරී" කිව්වම මට හාවෙක් මතක් වෙන්නේ..

      Delete
    4. පොඩ්ඩක් ඉවසා වදාරන්න.. එකක් අමාරුවෙන් ලියලා ලියලා පබිලිස් කොරන්ඩ ගැට්ටෙ තියෙන්නෙ. පොඩ්ඩක් ෆයින් ටියුන් කරලා, දෝස බලලා හෙට දිහාට පල කොරන්ඩ කියලා හිතාගෙන ඉන්නෙ..

      හිහ් හිහ්.. හාවෙක්.. ?

      Delete
    5. ආ..එහෙනම් කමක් නෑ..ඉක්මනට ගැට්ටෙන් උඩට ගමු :)

      ආ මතක් උනා මතක් උනා...

      "හා හා හරී හාවා..." :)

      Delete
  21. මම නිරන්තරයෙන් කියවන බ්ලොග් අඩවි අතර එකම පෝස්ට් එක තුන් හතර වතාවක් ඇවිත්, ඇවිත් නිතර කියවන බ්ගෙලාග් අඩවි කීපයක්ම තියෙනවා. ඒක හරියටම පත්තරයක් නැවත නැවත කියවනව වගේ. එහෙම කියවන බ්ලොග් අඩවි අතර සයුරිගේ "පහන් යාය" එවැනි බ්ලොග් එකක්.

    එහම නැවත නැවත කියවන්න හිතෙන්නෙ සිංහල භාෂාව සමග කරන හරියටම කවියක් වගේ සරල වූත් ගැඹුරු වූත් කිසියම් රසවින්දනාත්මක දාර්ශනිකත්වයක් කෙරෙහි හිත යොමු කරන නිසා.

    අනෙක් අතට ප්‍රියමනාප සහ සිත්ගන්නා සුලු භාෂා රිතියක් නිරන්තරයෙන් භාවිතා කිරන නිසා. එයින් කියවෙන්නේ පොතින් පතින් කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීමට සිදුවන්නා වූ මෙහෙය ඔබේ බ්ලොග් අඩවිය මගින් සිදුවන බවයි.

    ඒත් ඇත්ටම මම මෙතෙක් කල් හිතා හිටියේ පහන් යාය ලියන සයුරි වසර ගනනාවක් තිස්සේ බ්ලොග් ලියා අත්දැකීම් බහුල කෙනෙක් හැටියටයි.ඒත් එහෙම නොවුනත් දැන්නම් ඒවගේමයි කියල හිතෙනවා.

    තවත් දිගු කලක් හරවත් බසකින් ,හරවත් දැඹුරකින්, ලෝකය දකින්න , ලියන්න සුබ පතන සහෘද පිරිස අතර මමත් එක් සහෘදයෙක් ලෙස මගේ සුබ පැතුම ද මේ මොහොතේ එකතු කරමි.
    ෴ සුබ පැතුම්෴

    ReplyDelete
    Replies
    1. මේ වගේ කමෙන්ට් දකින්න ලැබෙන එකත් වාසනාවක් ඇත්තටම. එදා වගේම අදත් වටිනා කියන අදහස් දීලා පහන් යායට දිරිය දෙන ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා. මට විතරක් නෙමෙයි වෙනත් බ්ලොග් වලත් මම දැකලා තියන විදියට "දයානන්ද රත්නායක" කියන්නේ ඉතාමත් වියත්, රසවත් හිතක් ඇති කෙනෙක් හැටියටයි මම දකින්නේ. හොඳ බ්ලොග් කරුවෙක් වගේම හොඳ කමෙන්ට් කරුවෙක් වෙන්න පුළුවන් ටික දෙනාටයි. ඔබ එයින් කෙනෙක් :)

      ඉතින් අදත් මේ දීපු අදහසටත් සුබ පතුමටත් බොහොම ස්තුතියි ඔබට.

      Delete
  22. ඔන්න මමත් ප්‍රර්ථනා කරනවා සුභ බ්ලොග් උපන්දිනයක් කියලා සයුරි අක්කගේ බ්ලොග් එකට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතුම් පැතුම් මල්ලිටත්...

      Delete
  23. හ්ම්.. හ්ම්.. හොදට ලියන්න නම් පුළුවන් වගේ කියලා තමා මට නම් හැගුනේ

    ReplyDelete
    Replies
    1. :)) බොහොම ස්තුතියි ධම්මික

      Delete
  24. තවම අවුරුද්දයි?
    වෙන්න බෑ....
    දයානන්ද අයියට හිතුන එකමයි මට හිතුණේත්
    එහෙනම් පහන් යාය දොළොස් මහේම දැල්වුණා නේ? සුබ පැතුම් සයුරි. තව ගොඩක් ගොඩාක් කල් ලියන්න ලැබෙයි ඔයාට.
    මම ආසා සමබර බ්ලොග් එකක් මේ.
    මාවත් මතක් වුණා නෙ? නියමයි නියමයි.

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට වඩා පරණයි කියල හිතෙනවනම් ඒක මට සතුටක් අප්පා :) බොහොම ස්තුතියි සිඳු ඔයාගේ සුබ පැතුමට. ඔයාලා නැත්නම් ඉතින් පහන් යාය දැල්වෙන එකක් නැහැ..

      Delete
  25. නියමා..යි අක්කෝ..සුභ පැතුම් ඔන්න අපෙනුත් හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුවෝ...ගොඩක්ම :)

      Delete
  26. චිරාත් කාලයකට ආසිරි :)

    ReplyDelete
  27. සයුරි නගාට මාවත් මතක් උනා නෙව. සතු‍ටුයි ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා..!!!
    මම නම් බ්ලොග් ලියන්න අරන් මාස 3ක් වගේ..බොහෝම අඩු පෝස්ට් ගනනක් තමයි දාන්න පුලුවන් උනේ අවිවේකය නිසා..ඒ ටික කාලෙට නොදැක්කත් කොම්පුටර් තිරයක් ලඟ සමීපවුනු නුඹ වැන්නන්...සහෝදරත්වයෙන් හදවතට ලෙන්ගතුයි හැමදාමත්. ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..අපිට වී අයියව මතකයි. ඇත්තටම මටත් හිතෙන්නේ එහෙමමයි...ඇත්ත ලෝකෙදි හමු නොවෙන විදියේ හොඳ මිතුරන්, සොයුරන් මේ සයිබර් අවකාශේදී හමු වෙලා තියනවා. එහෙම සහෝදරත්වයෙන් ඉන්න ඔබලාට ස්තුති කරන්න වචන මදි...

      Delete
  28. වෑරදි වෑරදි වෑරදි අක්කා......සයුරු නෙවේ සයුරා..........එල කොල්ලා මුලින්ම කියවපු සින්හල blog එක තමයි මේක....අහම්බෙන් වුනේ....නිතරම සින්හල blogs කියවන්නෙ නෑ.....මදුරන්ගගෙ,අසරනයගෙ වගේ බොහොම ටික දෙනෙකුගෙ ඒව විතරයි කියවන්න හම්බුනෙ..............................පහන්යායට ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔහ් සයුරා ද :) කමක් නෑ ඔන්න මම පොඩ්ඩක් මොඩ් කරලා ගත්තා...

      //එල කොල්ලා මුලින්ම කියවපු සින්හල blog එක තමයි මේක//
      හප්පේ...අහන්නත් සතුටුයි. බොහොම ස්තුතියි එල කොල්ලෝ හැමදාම මේ ලබා දෙන සහයෝගයට.

      Delete
  29. සමාවෙන්න ඕනේ සයුරි අන්තීමට වගේ ආවට. ඔන්න දැනුයි මම ගෙදර ආවේ. ආව ගමන් තමා මේක දැක්කේ.

    ස්තුතියි මාවත් මතක් කලාට. ඉස්සර මම බ්ලොග් කියවන්න විතරක් ආව කාලෙදි ඔයාගෙ ඉතිහාස පාඩම නොවරදවා කියෙව්වා. කමෙන්ට් දමන්න එතරම්ම උනන්දු උනේ නැති උනාට හැමදාම පෝස්ට් කියෙව්වා. අගය කරන්න ඕනෙ දේවල් අපි අගය කරන්න ඕනෙ සයුරි. මම මේ කියන්නෙ හදවතින්මයි. ඔයා ලියන හැම පෝස්ටුවක්ම හොඳ යමක් ගන්න පුළුවන් යමක් තිබුණු ඒවා. ඒ නිසා වෙන්න ඇති ඔයා ලඟ කියවන්න මේ තරම් අය පෙළ ගැහිලා ඉන්නේ.

    මගෙන් සුබ පැතුම් සතුරිගේ "පහන් යායට " . හැමදාම කියවන්නාගේ සිත් පහන් හැඟීමෙන් පුරවාපු පහන් යායට ජය !

    ReplyDelete
    Replies
    1. අන්තිම උනාට වටිනාකම එකමයි නේ ලිහිණි...:) ගොඩක් අලුත අඳුන ගත්තත් ඔයාත් පරණ යාලුවෙක් කියලමයි මට හිතෙන්නේ. ඔයා හදවතින්ම කියපු දේට හදවතින්ම ස්තුතියි. එහෙම අහන්න ලැබීමත් සතුටක්. පහන්යාය එලිය කරන්න දිරිය දෙන ලිහිණිටත් ජයම වේවා !!

      Delete
  30. සුභ පැතුම් පහුගිය ටිකේ ගොඩාක් පොස්ට් මග අරුනා. ආයේ හෙමිහිට කියවන්නම්.

    අයෙත් සැරයක් සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. හලෝ අසරණයෝ...ස්තුතියි. මග ඇරුන කාරණේ අපි දන්නවා නේ. දැන් කොහෙද ඉන්නේ?

      Delete
    2. මමත් බැලුවා අසරණයාට මොනව වෙලාද..? කියලා..!
      කාරණය අපිටත් දැනගන්න කියන්නකො..(පුලුවන්නම්) ෆේස්බුකියෙ නැතිනිසා කිසිම තොරතුරක් දන්නැහැනෙ.

      Delete
    3. මගේ දැනුමේ හැටියටනම් අසරණයා ලංකාව පැත්තේ රවුමක් දැම්මා..දැන් ඇවිත්ද දන්නේ නෑ

      Delete
    4. ඔව් ඔව් මම නිවාඩුවට ගියා. නිවාඩුව හොඳටම ගත කළා. ඉතින් බ්ලොග් පැත්තේ ආවේ නැහැ.

      Delete
  31. මමත් ටිකක් පරක්කු වුනා.

    මම කියවන ‍හොදම බ්ලොග් 10 ඇතුළත ‍~~~පහන් යාය~~~ ඉහලින්ම තියෙනවා, ඒ වගේම ළමයින්ට පෙන්වන එකම බ්ලොග් එකත් මේකමයි. ළඹයින්ට විතරක් නෙවෙයි, අපටත් සයුරි ටීචර් කෙනෙක්, බොහෝ දේවල් මෙතනින් අපි ඉගෙනගන්නවා. ඔබගේ බස්වහර අතිශයින්ම සිත්ගන්නා සුළුයි. එය ගැලවී යා නොහැකි ලෙස පාඨකයා ඇද බැඳ තබාගන්න සමත්.

    බ්ලොග් කාරියක ලෙස ගෙවුනු වසර ඔබට තෘප්තිමත් විය හැකියි,.අපට ද එසේමයි,

    තවත් බොහෝ කාලයක් හරවත් ලිපිවලින් අපගේ දැනුම් සයුර පුළුල් කිරීමට ඔබට හැකිවේවා.....!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ..මේ ටික දැක්කම පුදුම නිහතමානී සතුටක් දැනුනා මට :) අපේ ලිපි කියවලා ඒවාට හරවත් තවත් යමක් එකතු කරන ඔබටත් ගොඩක්ම ස්තුතියි...ඒ වටින උපදෙස් සහ දැනුම අද වගේම ඉදිරියටත් ඔබෙන් අපිට ලැබෙයි කියලා හිතනවා...

      Delete
  32. පහනින් දැල්වුනු තවත් පහන් සිළු
    සියක් දහස් ගණනින් බැබලී
    එළිය කරන්නට මෙදියත
    හැකිවේවා සොයුරිය නුඹට..


    තවත් බොහෝ කල් බ්ලොග් ලොව සිටින්නට කාලය ඉඩ හසර ලැබේවා නුඹට..

    ReplyDelete
    Replies
    1. දැල්වූ පහනින් රූ සොයුරිය ඔබ
      දල්වා පහනක් පහන් වැටේ
      යායට එළියක්‌ ගෙනදුන් හින්දම
      පුදනෙමි තුති මල් තුටින් සිතේ...

      බොහොම ස්තුතියි රූ ඔයාටත්

      Delete
  33. සුභ පතන්න පමා උනා!
    ඉදිරියටත් හරවත් දේ ලියන්න ඔබට ශක්තිය ලැබේවා!:)

    ReplyDelete
    Replies
    1. පමාවක් නෑ නුවන්...බොහොම ස්තුතියි ඔයාටත්

      Delete
  34. මඩයත් සුභ පැතනවා ඔයාගේ පලවෙනි සංවත්සරේට.දෙවෙනි අවුරුද්දේ පලවෙනි අවුරුද්දේ කලාවත් වඩා වැඩියෙන හැම දෙයක්ම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!




    සොලී අක්කේ පරක්කු වෙලා ඇවිත් wish කලාට.මේ දවස් වල වැඩ වැඩි නිසා මේ පැත්තට එන්න උනේ නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මඩයෝ...අනේ පරක්කුවක් නැහැ කිසිම...

      Delete
  35. පරක්කු වුනා,සමාවෙන්න...සුභ පැතුම් මගෙනුත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කස්සා...කිසිම පරක්කුවක් නැහැ :)

      Delete
  36. කෝටියක් ෂුභපැතුම් ඔන්න මගෙනුත්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අලුත් මල්ලී....

      Delete
  37. පරක්කුවෙලා ඇවිත් හරි සුභ පතන්න ලැබිච්චි එක ලොකු දෙයක්... පහන් යාය චිරාත් කාලයක් නොනිවී දැල්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සයුරි....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි මියුරු අක්කේ...බොහොම වටිනවා මට මේ සුබපැතුම්

      Delete
  38. සමාවෙන්න සුභ පතන්න එන්න පරක්කු උනාට.පහන් යාය දැන් අවුරුද්දක ලොකු ළමයෙක්නෙ දැන් :) සුභ පතනව ඔයාට. තව ගොඩාක් රස කතා ඉතිහාස කතා අරන් එන්න ශක්තිය ලැබේවා කියල පතනව...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රෝස කුමාරි. ඔව් ඔව් පහන්යාය දැන් ලොකු ළමයෙක් :) නැවතත් ස්තුතියි පරක්කු උනත් අපිට සුබ පතන්න ආවට.

      Delete
  39. සුභ පැතුම්...ඕං පටන් ගත්ත දවසේ ඉඳලා අපි ඉන්නවා ඒ වගේම...අර මං කිව්වේ ලොකු දුවගේ ඉස්කෝලේ වැඩේට ඔලිම්පික් ගැන අර ලිපිය මම ප්‍රින්ට් කරලා දුන්නා...මිස් නොසෑහෙන්න ස්තූති කරලා..මම කිව්වා විස්තර හොයා ගත්ත තැන...තැන්කූ ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ..මුල ඉඳලම මේ පැත්තේ ආ ගිය කෙනෙක්නෙ ඔබ නොදුටු ලොවක් කියන්නේ. ශා..ඉස්කෝලේ ළමයිට වැඩක් උනානම් හරිම සතුටුයි ඒ ගැන..

      Delete
  40. අයියෝ.. මම හොඳටම පරක්කු වෙලානේ.. මේ දවස්වල පොඩි පඹගාලක පැටලිලා ඉන්න හින්දා (ජීවිතේට ඉගෙනගන්න හීනෙන්වත් නොහිතපු විෂයක් ඉගෙනගන්නවා හලේ.) වැඩිය බ්ලොග් ලෝකෙ එහේ මෙහේ යන්න බැරිවෙලා.. සමාවෙන්ඩ ඕන උපන්දිනේදා සුභපතන්න බැරි වුණ එකට.. ඇත්තම කියනවා නම් මට නම් හිතාගන්න බෑ මේ පලවෙනි උපන්දිනේ කියලා ඒ මොකද කියනවා නම් පහන්යාය ඊට වඩා ගොඩාක් පරිණතයි කියලයි මට නම් දැනෙන්නේ.. අපි ගැනත් මතක් කරලා තියෙන්නේ බොහෝමත් ස්තූතියි... බ්ලොග් ලෝකේ තව තවත් හරබර දේවල් ඉදිරියටත් ලියන්න හද පතුලින්ම සුභපතනවා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද අප්පේ ඒ විෂය? :) අපෝ ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ තොටි අයියා...කවදා සුබ පැතුවත් වටිනාකම එකමයි..බොහොම ස්තුතියි. ඔයාටත් පහන්යාය ඊට පරණයි කියලා හිතුනද? කොච්චර එකක්ද අප්පා. නැවතත්..බොහොම ස්තුතියි සුබ පැතුමට.

      Delete
  41. අනේ සයුරි අක්ක මාවත් මතක් කරලනෙ, මම නේන තරමටම මතක් වුනාද මන්ද..? බ්ලොගේ සංවත්සර ආටිකල් එක දාපු දවසෙම දැක්කත් දැනුයි කොමෙන්ටුවක් දාන්න වෙලාව ලැබුනෙ, පමාවට සමා වෙන්න ඕනෙ.. මේ දවස් වල පොඩි වැඩක් සෙට් වෙලා තියෙන්නෙ. සතියෙ දවස් 3ක් අනුරාධපුර, 3ක් කටුබැද්දෙ, 1ක් කෝච්චියෙ.. ඔහොමයි ජීවිතේ, බ්ලොග් මකුළුදැල් බැ‍‍‍‍‍ෙඳෙන්නත් හේතුව ඕකයි. සයුරි අක්කගෙ බ්ලොග් ජීවි‍තේට දිඝාසිරි පැතුව ඕං, අනිත් වැඩකටයුතුත් සාර්ථක වේවා! ජය ශ්‍රී කිව්ව එහෙනං...!!

    ReplyDelete
    Replies
    1. අපෝ, ඔය මන්ඩි කෝප්පේ අමතක වෙන්නේ කොහොමද? පමා උනාටනම් කිසිම අවුලක් නෑ. සුබ පතුමනේ වටින්නේ. බොහොම ස්තුතියි ඈ. අනුරාධපුරෙත් යන්න වෙලාද. එහෙනම් ටිකක් ශේප් උනාම මකුළු දැල් ටික කඩල දාන්නකෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...