Monday, September 19, 2011

පහනින් පහන් සිය ගනනක්

සුලං සැරින් සැලෙන පහන්
නොමින් බිඳෙන් බිඳ දල්වමි
වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්
වලින් පහන් වැට සරසමි

පහන් සිලෙන් ගලන කැලුම්
නුවන් විඳිනු දැක තුටු වෙමි
සදොස් වෙසින් හමන පවන්
පසන් සිතින් විඳ සැනසෙමි

14 comments:

  1. ලස්සනයි. දිගටම ලියන්න.
    කවි සිතුවිලි වලට නුබේ ...
    බ්ලොග් ලෝකේ ඉඩක් ඇතේ...
    කවි කාරකම් කරන්න
    බ්ලෝග් ලෝකේ රැදී ඉන්න

    ReplyDelete
  2. බොහොම ස්තුතියි බට්ටි... ඔයාගෙන් තමයි මුල්ම comment එක.:) බලන්නම්කො දිගටම රැදී ඉන්න. මොනව උනත් මෙච්චර කල් නිහඩවම කියවපු ඔයාලගෙ බ්ලොග් කියවන එකනම් දිගටම කරනවා :)

    ReplyDelete
  3. ගොඩාක් ලස්සනයි. මම් කියවලා තියෙන කවි වලින් වෙනස්ම ආරක කවි සෙට් එකක්. සුභාෂිතයේ හරි ගුත්තිල කාව්‍ය වලට ගොඩක්ම නෑකම් කියන රටාවක්.

    ඔන්න මාත් දිගටම සයුරි එක්ක ඉන්නවා. දිගටම ලියන්න සයුරි.

    ඔයාගේ සයුර හිස් වෙන්න දෙන්නෙපා :)

    ReplyDelete
  4. මධුරංග ටත් බොහොම ස්තුතියි. ඇති යන්තම් ඔයාලටවත් මම ලියන කවි තේරුණා.... :) අදහස ටත් දිරි ගැන්වීමටත් බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. @Sayuri :
    ඔයාලටවත් කියලා කිව්වේ. ඇයි කාටද ඔයා ලියන කවි තේරුම් ගන්න බැරි උනේ ? :)

    ReplyDelete
  6. @මධුරංග මල්ලි : කමෙන්ට් එක දිග වැඩි වෙනවා වගේ පෙනුන නිසා ඔන්න පෝස්ට් එකකින්ම උත්තරේ දුන්නා :D

    නොතේරෙන කවි

    ReplyDelete
  7. සාදරයෙන් පිළිගනිමු.
    ජය වේවා!

    ReplyDelete
  8. බොහොම ස්තුතියි පිළිගැනීමට විසිතුරු....

    ReplyDelete
  9. නියමයි .....හැබැයි මටනං තේරුනේ නෑ....තරහ වෙන්න එපා..මගේ සාහිත්‍ය දැනුමනං 0 යි......

    ReplyDelete
  10. @ඔබ නොදු‍ටු ලොවක් : කිසිම තරහක් නැහැ :) මේ පැත්තේ ආවට ස්තුතියි...

    ReplyDelete
  11. උදයංග ලක්මාල්October 30, 2011 at 9:07 AM

    ලස්සන කවි නිර්මාණයක් සයුරි... දිගටම ලියන්න... අපෙන් සුබ පැතුම්...

    ReplyDelete
  12. @උදයංග : බොහොම ස්තුතියි...ඇත්තටම මේ කමෙන්ට්ස් මට හයියක්...

    ReplyDelete
  13. ඉඳන් කියවන්න පටන් ගන්න කියල හදන්නේ dr ...

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි සහන් :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...