Tuesday, September 4, 2012

කෑම්පින් ගිය කට්ටිය

ඔන්න අද පොඩි වෙනසකටත් එක්ක ගණනක් හදන්න දෙන්න හිතුනා කට්ටියට.  මේක ටිකක් විතර අර අයි කිවු කියන ජාතියේ ප්‍රස්නයක්. බලමුකෝ...



ඔන්න එක දවසක් යාළුවො කට්ටියක් ගියාලු කෑම්පින්. දන්නවනේ කෑම්පින් යන හැටි? කෑම උයාගන්න බඩු මුට්ටු, ටෙන්ට්, ගිනි පෙට්ටි, කඹ එහෙම අරගෙනනේ යන්නේ. ඉතින් මේ ගොල්ලෝ කළුවර වැටෙද්දී ටෙන්ට් එක ගහන්න හොඳ තැනක් බලලා එතන නැවතුනාලු. ගිනි මැලයක් එහෙමත් පත්තු කරගෙන, කාලා බීලා සිංදුවකුත් කියාගෙන ඉන්නකොට එක්කෙනෙක්ට මතක් උනාලු එයාට කෑමෙන් පසු බෙහෙත් පෙති දෙකක් බොන්න තියනවා කියලා.

වැඩේ තියෙන්නේ පලවෙනි පෙත්ත බීලා හරියටම විනාඩි 15 කට පස්සෙලු දෙවැනි පෙත්ත බොන්න තියෙන්නේ (දැන් ඉතින් මගෙන් අහන්න එපා ලෙඩේ මොකක්ද කියලා). මේගොල්ලෝ කොච්චර අල්පේච්ච ද කියනවනම් එකෙක් ගාවවත් ඔරලෝසුවක් නැහැලු වෙලාව බලාගන්න. බාහිර සම්බන්ධතා අත අරින්න ඕන නිසා ෆෝන් එහෙමත් ගෙදර තියලලු ඇවිත් තියෙන්නේ :).

කෑම බීම, ඇඳුම් ඇරෙන්න සන්තකේට තියෙන්නේ මෙච්චරයිලු.

කඹ දෙකක් - මේ කඹ දෙක හැම අතින්ම සමානයි. එක කඹයක් ගිනි තිව්වොත් ඒක පිච්චිලා ඉවර වෙන්න හරියටම පැයක් යනවලු. ඒක දැනගත්ත හැටි අහන්නත් එපා. කොහොමහරි එයාලා ඒක දන්නවලු. හැබැයි මේ කඹ දෙකේ ඝනත්වය, දිගත් එක්ක ඒකාකාරී නැතිලු. ඒ කියන්නේ මුළු කඹේ පිච්චෙන්න පැයක් ගියාට අපිට හිතන්න බැහැ ඒකෙන් බාගයක් පිච්චෙන්න යන්නේ පැය බාගයයි කියලා.

දැන් මොකෝ කරන්නේ කියලා කට්ටියම දහ අතේ කල්පනා කරනවලු. ඒ අස්සේ එකෙක්ට එක පාරට නියම අයිඩියා එකක් ආවලු අර කඹ දෙක පාවිච්චි කරලා හරියටම විනාඩි 15 ක් මැනගන්න හැටි.

ඔයාලට හිතන්න පුලුවන්ද ඒ කොහොමද කියලා. දන්නවනම් කමෙන්ට් එකකින් කියලා යන්න.


ප. ලි. මේක මට චැලේන්ජ් එකක් විදිහට හම්බු උනේ මේ ලඟදි. මම එය සාර්ථකව විසඳූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමි. හිහි.
ගැටළුවට අයිති ඔය කඹ දෙකේ කෑල්ල විතරයි. ඉතුරු ටික ගොතන ලදී.

103 comments:

  1. ගණන්කාරයෙක් උත්තරේ දෙනකල් බලා ඉමි.:)

    මම අද එකද?

    ReplyDelete
    Replies
    1. එක එක :) අපිනම් අහල තියෙන්නේ කුමාරිහාමිලා ගණන් කාරියෝ කියලයි :))

      Delete
    2. ඒ වෙන අය... මං එහෙම නෑ අනේ...:)

      Delete
  2. ඔන්න ඉතින්.... දැන් හොයාපල්ලකො උත්තර....
    ඔය කඹ දෙක විකුණලා ඔරලෝසුවක් අරන් දෙන්නකො සයුරි.... එහෙමත් නැත්නම් කඹ දෙකටම ගිනි තියන්න ඕන එකම වෙලාවට, එකක එක කොනක් විතරකුයි, අනිකෙ කොන් දෙකමයි.... හරිද මන්දා යන විදිය.... :D

    ReplyDelete
    Replies
    1. උත්තරේ 3/4 ක් විතරම මෙතන තියනවා.. යන විදිහ හරි :ඩි. හැබැයි ඉතුරු ටිකත් කිව්වොත් තමා හොඳ. බලමුකෝ දැන් කට්ටියට පුළුවන් වෙයි උත්තර දෙන්න.

      Delete
  3. ඉතිහාසේ උගන්වන ටීචලා ගණන් උගන්වනවා මම කවදාවත් දැකලා නෑ. ඊටත් මේ වගේ අමාරු ගණන්....අපොයි..මේ ටීචර් හරි නරකයි...
    හැබැයි ඉතින් තව ටිකක් හිතන්න ගත්තොත් ගාන හදා ගන්න පුළුවන් වේවී...
    try & try..one day you can fly කියනවනේ....

    ReplyDelete
    Replies
    1. අනේ මගේ ෆීල්ඩ් එක ගණන් නේ ඉතින්..ඉතිහාසේ උගන්නන්නේ ඇඟේ අමාරුව යන්න :) අන්න හරි ලිහිණි, අර ඉගිල්ලෙන කතාව හරියටම හරි. ටිකක් හිතලා බලමු නේද.

      Delete
  4. ක්‍රමය මේකයි....

    කඹ දෙක අනුපිලිවෙලින් A හා B යැයි ගනිමු.
    A කඹයේ දෙකෙලවරම ගිනි තියනවා... A කඹය සම්පූර්ණයෙන්ම පිච්චෙන්ඩ හරියටම විනාඩි 30ක් යනවා. A කඹය ගිනි තියනවත් එක්කම B කඹයේ එක කෙලවරක් විතරක් පුච්චනවා...

    එතකොට B කඹය විනාඩි 30ක් පිච්චිලා ඉවරයි...

    ඔන්න මේ මොහොතෙම B කඹයේ අනිත් කෙලවරත් ගිනි තියනවා.. එතකොට B කඹය විනාඩි 15ක් යනකොට සම්පූර්ණයෙන්ම පිච්චිලා ඉවර වෙනවා !!!!

    කියපු විදිහ තේරුනාද මන්දා !!!!

    ReplyDelete
    Replies
    1. මධුරංගගේ උත්තරේ හරි...හැබැයි උත්තරේ හොයාගෙන තිබුන විදිය තමයි සාටර්. :)

      Delete
    2. හික්ස් :)
      උත්තරේ හොයාගත්තු විදිහ නැතුව උත්තරේ විතරක් දාලා නිකන් හිටිය නම් මම දක්ෂයෙක් කියලා අක්කා පිලිගනී. ඒත් නිකන් බොරුවට මොකෑ දක්ශයෙක් වෙන්නේ. ඔන්න පහලින් ඇත්තම කියලා දැම්මා.

      ඔයා දන්නව්ද සමහර වෙලාවට කරන්ඩ කියලා කැම්පස් එකෙන් දෙන එසයිමන්ට් එකේ ප්‍රශ්නයෙන් චුට්ටක් කොපි කරලා ගූගල් එකේ සර්ච් කරලා බැලුවොත් උත්තරෙයි ඒක ගන්න විදිහයි හොයා ගත්තෑකි... අත්දැකීමෙන් කියන්නේ... !! හික්ස් :)

      ඔබතුමියටත් එහෙම අත්දැකීම් ඇති... නේද සයූ ???

      Delete
    3. ඒකනේ මම කිව්වේ "මධූ අවංක ළමයෙකි කියලා"...

      හපෝ ඔය වගේ අත්දැකීම් නැති කෙනෙක් නැතුව ඇති. හිහ් :)

      Delete
  5. අනේ මන්දා . මන් අපේ ගණන් කාරයාගෙන් අහල බලන්නම්. මන් නම් කරන්නේ කඹ දෙක පැත්තකට දාල 60 ඒවා 15 ක් ගණන් කරනවා .ඒ කියන්නේ 900 දක්වා . අපේ බනියා මන් විනාඩියක් ඉන්න කිව්වම 60 ට ගණන් කරලා කෑ ගහනවා විනාඩිය ඉවරයි කියල .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාත් ඔය ගණන් කරන වැඩේ නම් කරනවා සමහර වෙලාවට. ගොඩක් දුරට ඒක හරි යනවා. තත්පරේ රිද්මය අපේ ඇඟේ තියනවා මම හිතන්නේ.

      Delete
  6. පලි ය දාන්ඩ කලින් කමෙන්ට් එක පබ්ලිශ් උනා...

    මෙන්න පලිය.

    ප.ලි. - ඔය ප්‍රශ්නේ කියවලා සහෙන්ඩ කල්පනා කරලා බැලුවත් උත්තරේ හම්බ උනේ නෑ...කොලේක සමීකරණ ලියලා බැලුවා..ම්හු.. ඒත් උත්තරේ ලැබුනේ නෑ. ලඟ හිටපු යාළුවන්ගෙනුත් ඇහුවා. ඒත් උත්තරේ හම්බ උනේ නෑ.. ඊට පස්සේ මට ඉන්න හොඳම යාළුවාගෙන් ඇහුවා. ඒ යාළුවා හරියටම උත්තරේ කියලා දුන්නා.

    "ඉතින් කවුද මධූ ඒ යාළුවා ?"

    "වෙන කවුද... ගූගල් මිසක්. මම් two rope question කියලා සර්ච් කලා. එයා උත්තරේ හොයලා දුන්නා."

    සමහර වෙලාවට වැඩ කරගෙන යනකොට කොතනකදි හරි හිර උනොත් ගූගල් ගෙන් අහලා බලනවා. ඒ ට්‍රික් එක තමා මෙතනත් පාවිච්චි කලේ... හික්ස් :)

    අවසන් වශයෙන් කියන්ඩ තියෙන්නේ "මම පුංචි පහේ සිසුවකු තරම්වත් දක්ෂයෙක් නොවෙමි" :)

    ගිහින් එන්නම්.....
    සුබ දවසක් !!!

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ මධුවා උත්තරේ හොයා ගත්ත විදිහ...බලන්ටකෝ ටිකිරි මොලේ :)

      හිටුකෝ..අනිත් දවසේ හොයන්න බැරි වෙන්න ප්‍රශ්නේ වෙනස් කරලා දෙනවා.

      හැබැයි ඉතින් ඉංජිනේරු සංහතියේ එකෙක් ඔහොම නොකරොත් තමා පුදුමේ. ජය වේවා !!!

      නිගමනය : මධූ අවංක ළමයෙකි :)

      Delete
  7. කඹය මොන ආකාරයනේ පත්තු කලත්, එක පැත්තකින් පත්තු කලොත් පැයක් යනවා නම් දෙපැත්තෙන් පත්තු කලාම යන්නේ පැය භාගයයි. මෙහෙමයි කරන්න ඕනේ. එක කඹයක දෙපත්තමත් අනෙක් කම්බයේ එක පැත්තකුත් එක විට පත්තු කරනවා. අර දෙපැත්ත පත්තු කරපු කඹය හරියටම පය භාගේකදී පත්තු වෙලා ඉවර වෙනවා. ඒ ඉවර වෙන වෙලාවට ලෙඩ පලවෙනි පෙත්ත ගන්න ඕනේ. තව කෙනෙක් ඒ මොහොතේම කඹේ අනිත් පැත්තෙන් පත්තු කරන්න ඕනේ. එතකොට පැය කාලක්දී ඒක පත්තු වෙලා ඉවර වෙනවා. ඒ අවසන් වෙනකොට පෙත්ත බිව්වහම හරි.

    ReplyDelete
    Replies
    1. සුදීක ගේ උත්තරෙත් හරි. සාර්ථක විසඳීමක්...

      :)

      Delete
  8. කඹ පුච්චන්න අවසර නම් ක්‍රමයක් කියන්න පුළුවන් සයුරි අක්කෙ, කඹ පුච්චන්න පුළුවන්ද බැරිද...? ඔයාගෙ උත්තරේට කඹ පුච්චන්න අවශ්‍යද..?

    ReplyDelete
    Replies
    1. අවසරයි අවසරයි...ගිනි මැලයක් තියන නිසා බැරි කමකුත් නෑ නේ..

      Delete
    2. කඹය පුච්චන්න අවසර නම් මම මෙහෙම කියන්නම්කො. එක කඹයක් මුලින්ම පුච්චනව. ඊට පස්සෙ ඒකෙ අලු ටික ගන්නව, අරගෙන ගොඩවල් 4කට බෙදනවා. එයින් එක් ගොඩක ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් අළු ලැබෙන පරිදි දෙවෙනි කඹය පුච්චනව, ඒක පිච්චෙන්න යන කාලය විනාඩි 15යි. මොකද කලින් ලැබුනු හා දැන් ලැබෙන අළු පරිමා දෙක සමානයිනෙ. මේ ආකාරයට දෙවෙනි කඹේ පිච්චිලා ඉවර වෙනකං බෙහෙත් බොන්න පුළුවන්, ඊට පස්සෙ බෙහෙත් බොන්න වෙන සලූෂන් එකක් හොයා ගන්න වෙනව, :( ඒක ටිකක් කම්පනා කරල කියන්නම්කො, තරහ නැතුව කියන්නකො හරි උත්තරේට කඹේ පුච්චනවද නැද්ද කියල... අක්කට ජය ශ්‍රී..!

      Delete
    3. හත්තිලව්වේ මේක ගූගල් එකේ තියෙනවනෙ, මධුවගෙ කොමෙන්ටුව කියෙව්වම දැක්කෙ. එව්ව ඔට්ටු නෑ අප්පා! මම තනියම කල්පනා කරල සලූෂන් එක දුන්නෙ.. :( මට හිතෙන්නෙ ගූගල් සොලූෂන් එකම වෙන්ටැ අක්කගෙ සලූෂන් එකත්. හැබැයි මම දීපු එක ගූගල්ට වඩා හොඳ නැද්ද(හිත හැදෙන්නවත් හොඳයි කියන්නකො අප්පා). අළු ප්‍රමාණ මනින්න ක්‍රමයක් ඕනෙ නම් මොකක් හරි කෝප්පයක් පාවිච්චි කරන්න පුළුවන් පරිමාවක් මනින නිසා, අක්ක මොකෝ කියන්නෙ.. මම වඩා සාධාරණයි නේද..? :D :D :P
      වෙනද වගේම ජය ශ්‍රී..!!

      Delete
    4. උත්තරය බෙහෙවින්ම සාර්ථකය...අළු මනින එකේ පොඩි කේස් එකක් තියන එක තමයි ප්‍රශ්නේ. මොකක් හරි දෙයක් පිච්චුවම ලැබෙන අළු ප්‍රමානේ, ඒකෙ ඇත්ත පරිමාවට හෝ බරට සමානුපාතිකයි කියලා හිතන්න බැහැ නේද?

      මොනවා උනත් සැහෙන මහන්සි වෙලා තියනවා මණ්ඩියා...බලන්නකෝ දැන් ඔයාගේ මොලේ පොලිෂ් වෙලා ඇති තිබුනට වඩා :) අනිත් දවසේ මම ප්‍රශ්නේ වෙනස් කරලා දානවා මධූලට ගුගල් කරන්න බැරි වෙන්න :-\

      Delete
  9. මේ අර කඹ දෙකෙන් එකක් දෙන්න බැරිද මට එල්ලෙන්න

    ReplyDelete
    Replies
    1. ඇයි එකක්..ඉල්ලන්නකෝ දෙකක් :)

      Delete
    2. කඹ දෙකක් දීලා මූගේ කොන්ද කඩන්නද අප්පේ යන්නේ....

      Delete
    3. ඇයි දෙයියනේ මැරෙන්න යන එකාගේ කොන්ද කැඩුනට මක් වෙනවද?

      Delete
    4. මැරුනා නම් ඒකත් එකක්... ඒත් කොන්ද කැඩිලා ජීවත් වෙලා මොකෝ අප්පා. !

      Delete
    5. ම්ම්..ඒ කඹ හයියයි. එහෙම නොමැරී බේරෙන්නේ නැහැ.

      Delete
    6. හා මං මැරෙනකන් නේද බලං ඉන්නේ... ඉදපල්ල මම මැරිලා බ්ලොග් බූතයෙක් වෙන්වා

      Delete
    7. බුදු අම්මෝ...බ්ලොග් තොවිලෙකුත් නටන්න වෙයි ඊට පස්සේ..

      Delete
    8. ඒක තමා අක්කේ... මුන් මැරිලත් අපිට නිදහසේ ඉන්ඩ නෑ..

      Delete
  10. කඹ දෙක හැම අතින්ම සමනයිනේ......... ඉතින් කඹ දෙක එකට අඹරනවා.. දෙපැත්තට හිටින්න... ( ඒ කියන්නේ අක කඹේක මහත පැත්තට අනොත් කඹේ කෙට්ටු පැත්ත ) එතකොට කඹේ ගනත්වය හැම තැනදිම සමානයි.... ඊට පස්සෙ ගිනිතියනවා.... කඹෙන් 1/8 ක් පිච්චෙද්දි පැය කාලයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මෙහෙමනේ. ඝනත්වය ඒකාකාරී නෑ කියනකොට ඒකෙන් කියවෙන්නේ නෑ එක පැත්තක් කෙට්ටුයි අනිත් පැත්ත මහතයි මයි කියලා. විෂ්කම්භය ඒකාකාරී ව තියෙද්දී ඝනත්වය වෙනස් වෙන්නත් පුළුවන්නේ (හිතන්නකෝ කඹේ සමහර තැන් වලට පරිමාව සමාන උනත් බරෙන් වෙනස් පොල් කෙඳි දාලා තියනවා කියලා). ඒ නිසා පිටින් බැලුවට මහත සහ කෙට්ටු පැති අඳුරගන්න බැරි වෙන්න පුළුවන්.

      හැබැයි මේක ඉතාම හොඳ උත්සාහයක්. මී ගොඩයාට මගේ ප්‍රණාමය :)

      Delete
  11. මම නම් හාට් බීට් එක ගනන් කරනවා අක්කෙ වෙන මොනා කොරන්නද...

    ReplyDelete
    Replies
    1. මටනම් එක දිගට ගණන් කරන්න ගියොත් අනිවා වරදිනවා

      Delete
  12. ආයෙ හිතුනා විනාඩියක් ගනන් කරලා ඒ කාලෙ ඇතුලත කඹෙන් පිච්චුනු කොටස ගනනය කරලා ඊට සමාන කොටස් තව 14ක් ලකුණු කරගෙන ඒ ටික පිච්චෙනකන් බලාගෙන හිටියාම හරි කියලා.නැත්තම් ඔය ගනන් කරන වැඩේ කරද්දි අනිවා නින්ද යන්න තියෙන ඉඩ වැඩියි....

    ReplyDelete
    Replies
    1. ඈ ළමයෝ...කඹේ ඝනත්වය ඒකාකාරී නැහැ නේ. එතකොට අපිට කියන්න බෑ පලවෙනි විනාඩියේ පිච්චුනු කොටසට සමාන දිගක්ම ඊ ළඟ විනාඩියේ පිච්චෙනවා කියලා.:) ඒ නිසා මේ ක්‍රමය හරි යන්නේ නැත. උත්සාහය බෙහෙවින්ම අගය කරමි.

      Delete
  13. මදෑ කතාවක් කියවන්න ආවා...මම නම් හදයි මේවා.

    මොකද්ද හැබෑට අර ලෙඩේ?? විනාඩි 15න් 15ට බේත් බොන්න??

    ReplyDelete
    Replies
    1. මට හිතුනා...දැන් දොස්තරලා ටික ආවම ලෙඩේ ගැන අහයි කියලා...:)

      Delete
  14. කල්පනා කරලා බලන්න ඕනෙ...

    ReplyDelete
  15. ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    ඕක ඔච්චර සීරියස් ගන්න ඕනා නෑ මිස්.. ඔය විනාඩි පහලවක් කිව්වට පහලොවක්ම වෙන්ඩ ඕනා නෑ.. චුට්ටක් එහෙ මෙහෙ වුනාට කමක් නෑ.. ඒක හින්දා බොරුවට කඹ පුච්චන් නැතුව ආසන්න වශයෙන් ඔන්න ඕක බීලා දාන්න.. අවුලක් නෑ..

    මගෙ ඔය මොකක්ද කිව් කියන එක හරිම දුර්වලයි..අනික මේ තියන පුරස්ණ මදෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. හපෝ ඔය කිව්වේ කතාවක්. හරියට වී. 15 න් පෙත්ත ගත්තේ නැත්නම් හෙන සීරියස් ලු.

      //මේ තියන පුරස්න මදෑ// එක අතකට ඒකත් ඇත්ත.

      Delete
  16. සාමාන්‍ය බුද්ධිය මෙහෙයවිම ට දැන් ඔලුව කම්මැලි වෙලා. බුද්ධි පරීක්ෂනවලට ගියත් මේවගේ ගානක් හදන්න විනාඩි කිපයක් යනවා. ඒනිසා කරන්නේ මුලින්ම සරල බුද්ධි පරීක්ෂන ප්‍රශ්ණවලට මුලින් පිළිතුරු සැපයීම.

    ඊට පස්සේ බහුවරණ ප්‍රශ්ණ නම් 10,20,30 කියලා 100 ආව තැන බලලා කණා ෂොට් එකක් ගහනවා දෙයියනේ කියලා.

    ඒනිසා උත්තර හතරක් දීල නැති නිසා ඉතුරු ප්‍රශ්ණ වලට යනවා.

    ReplyDelete
    Replies
    1. මේකේ උත්තර හතර දුන්නනම් ඉතින් නිකන්ම අහු වෙනවා :) ඔය ටක් ටික් ටුක් මෙතඩ් එක මට වැඩ කරන්නේ නෑ නේ. කිසිම ලක් එකක් නැහැ මටනම්...

      Delete
  17. මගේ උත්තරය හරි හින්ද වෙන්නැති පබ්ලිෂ් කරන්නැත්තේ.

    ReplyDelete
  18. හයියෝ සයුරි අක්කේ මම ඕලෙවල් වලට ගණන් ගොඩ දාගත්තේ බොහොම අමාරුවෙන්...විභාගෙන් පස්සේ මේවගේ ගානක් හදලම නෑ අප්පා.

    ඒත් මම මාර ගේමක් දුන්න අප්පා මේක විසඳන්න...උත්තරේ දෙන කෙනෙක්ගෙන් තමයි දැනගන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හප්පා...ගේමක් දුන්නනම් ඒකත් ලොකු දෙයක් නේ. උත්තරේ දාන්නම්. කීප දෙනෙක් උත්තර දීලා තියනවා. සමහරු බාගෙට උත්තර දීලා. සමහරු හොර කරලා උත්තර දීලා :) සමහරු හින්ට් දීලා.

      Delete
  19. Kamba dekama samana keli 4kata kapanawa.Eta passe kamba dekenma kella kella aragena ekaparata puchchanawa.Deken ekak pichchila iwara unama ithuru wena kambaye kella thiya gannawa.Me widiyata keli 4ma pichchila iwara unama ithuru wena keli 4 thiya gannawa. e keli 4 pichchena welawa hariyatama winadi 15.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...මේක වෙන්න බෑ නේද? මට පොඩ්ඩක් තේරුනා මදිද මන්දා.

      කෑලි 4 කට කපලා දෙක දෙක අරන් පුච්චනවනේ.
      //ekak pichchila iwara unama//
      ඒ කියන්නේ එක කඹ කෑල්ලක් සම්පුර්නෙන්ම පිච්චෙනවා. එතකොට පොඩි කෑලි 4 ක් ඉතුරු වෙන්නේ නැහැ නේ. 2 යි නේ තියෙන්නේ. කොහොමත් මේ ක්‍රමේට හිතන්න බෑ ඝනත්වය වෙනස් නිසා.

      Delete
  20. මං කැමති නෑ මගේ කිරිටොයියා වගේ තීන මොල කෑල්ල වෙහෙසන්න...
    ඒ නිසා උත්තරේ දානකංම ඉන්නං...

    ReplyDelete
    Replies
    1. හනේ ඔය මොලේ පොඩ්ඩක් පොලිෂ් වෙයි නේ මේ වගේ එකක් විසඳුවානම් :)

      Delete
  21. ම්හ්ම්..... හිතාගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. අම්මෝ..කෝරලේ මහත්තයෙකුත් ඇවිත් මේ පැත්තට..

      Delete
    2. එකනේ සයිබර් කෝරලේ කියන්නේ මගේ වසම නොවැ :)

      Delete
  22. මම නම් ගනන් දන්නෑ ඔන්න. කවුරු හරි කියලා දෙයි කියල බලා ඉන්නවා. බින්දි කිව්වා වගේ 60 ඒවා 15ක් ගැන්නා නම් ඉවරයි නේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්...ගණන් කරන වැඩේ හිතන තරම් ලේසි නෑ මම හිතන්නේ. හරියටම තත්පරේ මනින්න අමාරුයි නේ. :)

      Delete
  23. ඉතිහාස පාඩම ගන්න ආවම මෙන්න බොලේ ටීචර් ගනන් පේපර් එකක් දෙනවා (පූර්ව දැනුම් දීමකින් තොරව)... අහන්න එපාය කිව්වට බෑ. මොකක්ද ඒ ලෙඩේ ඈ?? හික්ස්ස් :D ඔච්ච්ර කට්ට කන්න ඕන නෑ ඕකට විකල්ප සින්ගල් ඩෝස් පෙත්තක් දෙන්නම්.. හී හී..
    හලේ ඔය පෙත්ත විනාඩි 30ට පස්සේ ගත්තාට අවුලක් නැද්ද? විනාඩි 30 හොයන විදියක් නම් පෙනේ (කඹේ දෙකෙලවරම එකපාරට පත්තු කලොත්) ඒත් 15ක්? ම්හු.. දැන් නම් මගේ මීටරේ මලකඩ කාලා.. තෙල් ටිකක් දාලා වත් බලන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. එයාට බෙහෙත් දීලා තියෙන්නේ තොටියා අයියා වගේ හොඳ දොස්තර මහත්තයෙක් නෙමෙයි ලු. ඉතින් ඩබල් ඩෝස් තමා දීලා තියෙන්නේ.

      ඔය බාගයක්ම විසඳලා තියෙන්නේ නියමෙට. තව ටිකක් ට්‍රයි කරලා ඉතුරු ටිකත් හිතමු.

      Delete
  24. එක කඹයක් දෙපැත්තෙන් පත්තු කරල පැය බාගේ හොයා ගන්නවා..එක ඉවර වෙන තැන අනිත් කඹෙන් ලකුණු කරල, ඒ කඹේ එතනින් කපාගෙන එක දෙපත්තෙන් පත්තු කරල පැය කාල හොයා ගන්න පුලුවන් ද?? මන්ද??

    ReplyDelete
    Replies
    1. ම්ම් මුල කෑල්ල හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දෙවැනි කඹේ කැපුවට පස්සේ කොයි කෑල්ල ද ඊ ලඟට දෙපැත්තෙන් පත්තු කරන්නේ?

      Delete
    2. අහ්හ්...හිතුව ඇති..කඹ දෙකම තියල මම පනිනව ගින්නට.. :( එතකොට බෙහෙත් පෙත්ත ඕනෙත් නැනේ..

      Delete
    3. එහෙම කරන්න එපා ඉතින් :(

      Delete
  25. මම නම් දන්නවා උත්තරේ....තෑග්ගෙ හැටියට තමයි කියන්නේ...මට මොනවද දෙන්නේ උත්තරේ කිව්වොත්...

    ReplyDelete
    Replies
    1. බෝනික්කෙක් මහපු කොට්ටයක් තමා දෙන්න වෙන්නේ.

      Delete
    2. බෝනික්කෝ කොට්ට මහන්නේ නෑ නේ..

      Delete
  26. අයියෝ පට්ට ලෙසිනේ...එක කඹේක දෙපැත්තම සහ අනික් එකේ එක පැත්තක් පත්තු කරනවා. දෙපැත්තෙන්ම පත්තු කරපු එක ඉවරවෙනකොටම අනික් කඹේ නිමනවා. ඉතුරු වෙලා තියෙන්නේ පැය බාගෙක කඹයක් . එකේ දෙපැත්තෙන්ම පත්තු කලහම පැය කාලෙන් ඉවරවෙනවා. හ හා කොහොමද ඇපල් ගෙ මොලේ...??

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි ඇපල් ගේ මොලේ...ඔයත් අර මධූ වගේ ගූගල් දෙයියා ගෙන් ඇහුවේ නෑ නේද? හිහි.

      Delete
    2. අපොයි නෑ උත්තරෙන් පටන් අරගෙන ප්‍රශ්නෙට ගියහම වැඩේ ලේසියි. මේ වගේ ගැටළු විසඳන්න තියෙන ක්‍රමේ මේක තමයි.

      Delete
    3. අනිත් අයටත් දැනගන්න කියන්නකෝ ඔයාගේ ක්‍රමේ...

      Delete
  27. ඕකනේ ඉති බැරි.. මේ පසු පේලි වලට මාරු උන අපිට දැන් ඕවා බෑලු.. වෙන මොනා හරි අහන්න බලන්න හොද ලොකු අක්කා වගේ... :)

    ReplyDelete
    Replies
    1. හෙහෙ ඔන්න බලන්න ඉස්සර උදෙන්ම ආපු ළමයිට ගිහින් තියන කල. පේපර් එක දීලා උත්තරත් දුන්නට පස්සෙනේ ඉස්කෝලේ ඇවිත් තියෙන්නේ :)

      Delete
    2. කාලය මැවු වෙනසක අරුමේ... :)

      Delete
    3. හ්ම්ම් හ්ම්ම්

      Delete
  28. හච්චෝ..මම පරක්කු වී පැමිණ ඇත.:(
    ඔයත් මාර දේවල් අප්පේ හොයාගන්නේ ..හී හී :)

    ReplyDelete
  29. මේන් මං එනකොට කට්ටියම එකතු වෙලා කඹ දෙකටම ගිනිතියලා වෙලාව හොයාගන්න විදිහ හොයාගන්න... දැන් ඉතින් මට වෙලාව හොයාගන්න වෙන්නේ අලු ටිකෙන් තමයි... හ්ම්ම්... උත්තරේ ඉතින් දීලා තියෙනවනේ... මාත් ආය ඕකම මොකටද කියන්නේ? කඹ පාවිච්චි නොකර නම් ක්‍රමයක් තියෙනවා... ඒ තමයි පණ තියෙන කව්රු ළඟත් තියෙන ඔරලෝසුව පාවිච්චි කරන එක... "නාඩි"

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලන්නකෝ...දැන් ඉතින් අළු විතරයි ඉතුරු. ඒක නෙවෙයි, වි.15 ක් නාඩි ගණන් කරන්න ගියාම වරදිනවනේ.

      Delete
  30. ගාණක් හදන්න තරම් ඔළුවට නිදහසක් නැති හින්දා මධුවගේ කොමෙන්ටුව බලලා හිත හදාගත්තා. හැබැයි මමත් හරිම කැමතියි ඔය වගේ මොළේ ඇඹරෙන පුරස්න වලට. ඉස්සරහටත් දාන්න මෙහෙම එව්වා!

    ReplyDelete
    Replies
    1. නියමයි නියමයි. ඉස්සරහටත් දාන්නම්කො...

      Delete
  31. එල කොල්ලා පට්ට බිසී වෙලාවෙ සයුරි අක්ක කඹ මෙහෙ පුච්චනවනෙ......comment එක දාද්දි උත්තරෙ මදුරන්ග දාල ඉවරයි!!!!අදත් මම අන්තිම....යේ

    ReplyDelete
  32. මම පරක්කුයි.. :(

    ReplyDelete
  33. අනේ තීතර්..
    මං ලියන් ආව කොලේ කවුදෝ උදුරගෙන ගියා නෙව.. ඉතින් සිම්පල් ප්ලෑන බේත බීලා අමාරු වුණොත් හොස්පිට්ල් එකට යන එක.. :D

    අගෙයි අක්කෙ ගොඩක්.. බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ වගේ පැන විසඳුම්..!

    ReplyDelete
    Replies
    1. හනේ පව්...මට කියන්නකෝ ඒ කොලේ උදුර ගත්ත එක්කෙනා..වේවැලෙන් දෙකක් දෙන්න :)

      ඉස්සරහටත් දාන්නම්කො නංගා

      Delete
  34. මිස්, කෝ බන් උත්තරේ ? අපි වගේ මැටි ළමයිව අහක දාලා දස්සයො එක්ක ඉස්සරහට යන එක හරි නරකයිනෙ බන් මිස්.. අඩු ගානෙ අපිට දැනගන්ඩවත් උත්තරේ කියපන්කො බන් මිස්..

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ..අර ගෙඩි පිටින් දාලා තිබුනේ දෙන්නා තුන් දෙනෙක්ම..මම හිතුවේ තේරුනා කියලා...ඔන්න එහෙනම් මමත් කියන්නම් උත්තරේ...:)

      මුලින්ම එක කඹයක් අරගෙන දෙපැත්තෙන් ගිනි තියනවා ඒකට. ඒත් එක්කම අනිත් කඹේ එක කොනකින් ගිනි තියනවා. අර දෙපැත්තෙන් ගිනි තියපු කඹේ දෙපැත්තෙන් පිච්චි පිච්චි ඇවිත් අන්තිමේ එක තැනකදී මීට් වෙලා ඉවරයක්‌ වෙනවනේ. ඒ වෙලාව වෙද්දී වි. 30 ක් ගිහින්. හරියටම ඒ වෙලාවේදී අර එක පැත්තකින් ගිනි තියපු කඹේ නිවන්න ඕන. දැන් එතන ඉතුරු වෙලා තියෙන්නේ වි. 30 ක් පිච්චෙන්න පුළුවන් කඹ කෑල්ලක්.

      ඊ ලඟට කරන්න තියෙන්නේ ඉතින් පලවෙනි පෙත්ත බොන ගමන්ම අර කඹ කෑල්ලට දෙපැත්තෙන් ගිනි තියන එක. එතකොට ඒක පිච්චිලා ඉවර වෙන්න වි. 15 ක් යනවා. ඒ වෙලාවට අනිත් පෙත්ත බිව්වම හරි.

      Delete
    2. එතකොට මේ කඹ පුච්චන්න හදන්නේ පලවෙනි බෙහෙත බොන්න කලින් ද?. මට උත්තරේ දෙන්න බැරි වුනේ එක නිසා නේ.

      Delete
    3. ඔව් ඔව්, කැමති වෙලාවක බෙහෙත් බොන එක පටන් ගන්න පුළුවන්.

      Delete
  35. prasnei uththarei dekama thiyanawa api enakota..hafoi :(

    ReplyDelete
    Replies
    1. හලේ... :( ඒකට කමක් නෑ..ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට ඔන්න.

      Delete
  36. සයුරි ගනන්කාරියක් වෙලානෙ...!

    ReplyDelete
  37. ඇයි තව දවසක් නිසූපා ඩබල් දාල බයිසිකල් පැදලා....... ඒකත් ලියමුකෝ

    ReplyDelete
  38. අනේ.....මේ ගැටළුව කලින් විසඳලා තියනවනේ.අලුත් එකක් ඕනේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...