Wednesday, October 3, 2012

නුවණැති දප්පුල - රාජාවලිය XXII



අපි පහුගිය රාජාවලිය ලිපිය නැවැත්තුවේ තුන්වන අග්බෝ රජතුමා රජ වුනු තැනින්. එතකොට අපි කිව්වනේ මේ රජතුමාට "දාඨසිව" ඇමතියාගෙන් කරදර ආවා කියලා (දාඨසිව කියන්නේ  තුන්වන අග්බෝ ගෙ අතින් මියගිය ජෙට්ඨතිස්ස රජතුමාගේ, ඇමතියෙක්). අද එතන ඉඳං පටන් ගමු. 

ඊට කලින් කියන්න ඕන තවත් දෙයක් තියනවා. තුන්වන අග්බෝ රජතුමා ගේ යුව රජ වෙලා ඉඳපු "මාන" කුමාරයා කරපු අපරාධයක් හෙළි වීම නිසා ඇමතිවරු එකතු වෙලා ඔහුව ජිවිතක්ෂයට පත් කළා ලු. ඉන් පස්සේ යුවරජ තනතුරට පත් වුනේ රජතුමාගේ සොහොයුරු "කාශ්‍යප". හමුදාව බාරව ඉඳපු මාන කුමාරයාගේ මරණය නිසා රජතුමාගේ යුධ ශක්තිය ඉතාමත් පහල අඩියකට වැටුනලු. මේ අවස්ථාව බලලා දාඨසිව ඉන්දියාවෙන් සේනාවක් අරගෙන ඇවිත් අග්බෝ රජතුමා එක්ක සටන් වදිනවා. ඒ සටනෙන් පරාජය වෙන තුන්වන අග්බෝ රජතුමාට ඉන්දියාවට පලා යද්දී දාඨසිව ඇමතියා "දාඨෝපතිස්ස" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 640 - 652). ඒත් දාඨෝපතිස්ස රජතුමාටත් වැඩි කල් රජකම් කරන්න නොලැබෙන්නේ නැවතත් අග්බෝ රජු ඉන්දියාවෙන් පැමිණ ඔහුගෙන් රජකම උදුරා ගන්නා නිසා. ඉන් පස්සේ දාඨෝපතිස්සත් නිකන් හිටියා කියලා හිතුවොත් ඒක වැරදියි. ඔහුත් කරන්නේ නැවතත් ඉන්දියාවෙන් සේනාවක් ගෙනත් අග්බෝ රජතුමාගෙන් රාජ්‍ය පැහැර ගන්න එක. මේ විදියට දෙන්නාගෙන් එක්කෙනෙක් දුබල වන තෙක්ම  මේ මරා ගැනිල්ල සිද්ධ වෙනවා. අන්තිමේදී මේ සටන් හින්දා තුන්වන අග්බෝ රජතුමාට සිද්ධ උනාලු රුහුණට පලා යන්න. ඔහු රුහුනේදී අසනීප වී ජීවිතක්‍ෂයට පත් උනත් ඔහුගේ යුව රජ වන කාශ්‍යප කුමාරයා නැවතත් දාඨෝපතිස්ස ට විරුද්ධව සටන් අරඹනවා. අවසානයේදී සටනින් ජයග්‍රහණය කර රජකම ලබාගත් ඔහු "කාශ්‍යප II" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 652 - 661). 

ඒ සටනෙන් පැරදිලා කලින් වතාවල වගේම ඉන්දියාවට පලා ගිය දාඨෝපතිස්ස ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්න කාශ්‍යප රජතුමා වග බලාගතිපු නිසාම ඔහුගෙන් පසු කාලෙක එල්ල වුනු සතුරු ප්‍රහාරය වලකලා ඔහුව මරණයට පත් කරන්න කාශ්‍යප රජතුමාට හැකි වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි සෑහෙන කාලයක් තිස්සේ පැවතුනු ලක්දිව කලබල අවසන් වෙලා අපේ ඉතිහාසයට හුස්මක් කටක් ගන්න පුංචි විරාමයක් ලැබෙන්නේ. මේ සටනේදී දාඨෝපතිස්ස මරණයට පත් උනත් ඔහුගේ සහයට සටන් කරපු ඔහුගේ බෑනා වන "හත්තෝධා" පණ බේරාගෙන ඉන්දියාවට පලා යනවා. 

ඉතින් දෙවන කාශ්‍යප රජතුමා ට පැවරෙන ලොකුම කාර්ය භාරය තමයි ඒ වනවිට පිරිහිලා තිබුණු වාරි කර්මාන්තය, කෘෂි කර්මාන්තය, සාසනික කටයුතු වගේම සමාජයත් ගොඩ ගැනීම. ඉන්දියාවෙන් විටින් විට ආපු ද්‍රවිඩ සේනා වල නොමනා හැසිරීම මැඩ පවත්වන්නත් ඔහුට සිද්ධ උනාලු. ඉතින් මේ හැම දෙයක්ම සාර්ථකව ඉටු කරන්නත් ඔහුට පුළුවන් උනාලු. ඒත් මෙහෙම හොඳින් රජකම කරගෙන ඉඳිද්දී මේ රජතුමා අසනීප වෙන්නේ ඉතාමත් අවාසනාවන්ත විදිහට. කිසිම වෙදකමකින් පලක් නොවුණු තැන රජතුමා හිතනවා මේ ඔහුගේ අවසානය බව. රජකම පැවරීමට තරම් සුදුසු වයසක ඔහුගේ දරුවන් නොසිටි නිසා ඔහුගේ බෑනා කෙනෙක් වන "මාන" කුමාරයාට රජකම දෙන්න තීරණය කරනවා. රජතුමා මියගියාට පස්සේ මේ මාන කුමාරයා රුහුණේ ඉඳලා රජරට ට එනවා. 

ඒත්, රාජ්‍ය පාලනය මාන කුමාරයා හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. ඒ වෙද්දී ඉන්දියාවෙන් වරින් වර අරගෙන ආපු දමිළ සේනා ලංකාවේම පැලපදියම් වෙලා තිබුණා. ඔවුන්ට වෙනම ගම්මාන පවා පිරිනමලා තිබුණා වගේම උසස් තනතුරුත් ප්‍රදානය කරලා තිබුනලු. මේ නිසා සැළකිය යුතු මට්ටමේ බලයක් තිබුණු ඔවුන් මාන කුමාරයාගේ පාලනයට විරුද්ධ උනා ලු. ඉතින් මාන කුමාරයා මොකද කළේ, දෙමළුන්ව අගනුවරින් එළවලා දාපු එක. මේ ගැන කිපුණු දෙමළ ජනතාව කුමන්ත්‍රණයක් දියත් කළාලු මාන කුමාරයා බලයෙන් පහ කරන්න. ඔවුන් මේක කරන්නේ මාන කුමාරයා නුවරින් බැහැර ගිය වෙලාවක් බලලා. ඒ වෙද්දී ඉන්දියාවේ රැකවරණය ලබමින් ඉඳපු දාඨෝපතිස්ස ගේ බෑනා වන හත්තෝධා ට පණිවිඩ යැව්වලු ඉක්මනින් ලංකාවට ඇවිත් රාජ්‍ය ලබා ගන්න කියලා.  ඒත් මේ ගැන දැන ගතිපු මාන වහාම ඔහුගේ පියා වන "දප්පුල" ගේ සහාය පතනවා. 

දප්පුල ටිකක් නුවණක්කාරයි. දෙමළුන් සමග සටනට නොගිහින් ලේසියෙන් ඔවුන් අවනත කරගන්න උපායක් ඔහු කල්පනා කරනවා. ඒ සඳහා ඔහු සේවකයින් කිහිප දෙනෙක් තෝරා ගෙන දෙමළුන් අතරට යවනවා, කටකතා පතුරවලා ඔවුන් අතර ගැටුම් ඇති කරවන අදහසින්. ඉතින් ඒ අභිප්‍රාය හරියටම ඉෂ්ට වෙනවා විතරක් නෙමෙයි, ද්‍රවිඩයින් මාන කුමරුට පකෂ්පාතිත් වෙනවා. මේ විදියට උපායෙන් ඒ ප්‍රශ්නය විසඳ ගත්තට පස්සේ මාන කුමාරයා තමන්ගේ පියා වන දප්පුලට රජකම බාර දෙනවා. දප්පුල රජතුමා (ක්‍රි. ව. 661 - 664) ගැන කියනවනම් ඔහු එවකට රුහුණේ පාලකයා වූ "තිස්ස" ගේ පුත්‍රයෙක්. ඔහු අයත් වෙන්නේ ඔක්කාක වංශයට.  

මේ විදියට දප්පුල රජතුමා රජකම් කරන අතරේ අර හත්තෝධාථ ඉන්දියාවෙන් ද්‍රවිඩ සේනාවකුත් අරගෙන එනවා, රාජ්‍ය අල්ලාගන්න අදහසින්. මෙතැනදී ලොකුම අවාසියට හිටින්නේ ලංකාවේ ඉඳපු ද්‍රවිඩයිනුත් ඔවුන්ට එකතු වෙන එක. මේ නිසා ජය ගැනීම අපහසු බව දුටු දප්පුල රජතුමා රුහුණට පළා ගොස් ස්වාධීනව පාලන කටයුතු කරන අතර මාන කුමරු දිගා මඩුලු ප්‍රදේශයේ ස්වාධීන පාලනයක් ඇති කරනවා. හත්තෝධාථ, "දෙවන දාඨෝපතිස්ස" නමින් අනුරපුරයේ රජ වෙනවා (ක්‍රි.ව. 664 - 673). ඔහු රජකම ලබා ගත්තේ ද්‍රවිඩයින් ගේ සහයෙන් නිසා ඔවුන්ගේ ඕනෑ එපාකම් වලට අනුව රජකම් කරන්න සිද්ධ වුන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. මේ අස්ථාවර අවස්ථාව දැකපු මාන කුමාරයා සේනාවක් රැස් කරගෙන දෙවන දාඨෝපතිස්ස සමග සටනට යනවා. එහෙත් ඒ සටනින් මාන කුමරුට මැරුම් කන්න සිද්ධ වෙන නිසා ඒ සොවින්ම දප්පුල රජුත් මිය යනවා. 

ඉතින් ඔන්න ඔහොමයි දප්පුල, මාන පිය පුතු දෙපළගේ අවසානය සිද්ධ වෙන්නේ. ලක්දිව ඉතිහාසයේ මී ළඟ කාල පරිච්ඡේදය මොන වගේ එකක් වේවිද කියලා අපි ඊ ළඟ ලිපියෙන් බලමු. 

82 comments:

  1. සුබ උදෑසනක් ටීච....මේ පාන්දරම ඔන්න මම ඉතිහාස පාඩම කියවනවා

    ReplyDelete
    Replies
    1. ලිහිණි දරුවාටත් සුබ උදෑසනක් වේවා :))

      Delete
  2. හ්ම්ම්ම් !

    මේ තොරතුරු නම් කලින් කෝහේදිවත් කියවලා දැනගෙන උන්න දේවල් නම් නෙමේ. සයුරි මේවා සරළව ලියන නව කතාවක් කියවනවා වගේ ආසාවෙන් කියවගෙන යන්න පුළුවන්...ඔන්න ඉතින් අදත් නොදන්නා ඉතිහාස කතාවක් ඉගෙන ගත්තා...බොහෝම ස්තුතියි අපිව දැනුවත් කරනවට...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි ලිහිණි, ඇවිත් කියවලා හොඳ නරක කියනවට

      Delete
  3. මෙහෙම මරා ගැනිල්ලක්. රත්තරනින් මැණික් ඔබ්බවල අලංකාරෙට හදල තිබුණත් ලේ නොගෑවුනු කිරීටයක් ලෝකෙ මොනම රටකවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ අප්පා...බල තන්හාව මිනිස් ගතිගුණ වල ඉහලින්ම තියන එකක් වගේ..

      Delete
  4. පොඩ්ඩක් විතර කම්මැලියි මේ වෙලාවේ!එත් කියෙව්වා!
    අග්බෝ රජතුමාගේ කාලේ නෙමෙයිද නීල මහා යෝධයා කරලියට එන්නේ??
    ඔක්කාක කියන වචනේ කලිනුත් ඇහුව වගේ මතකයි!මතක විදියට කුස පබා ෆිල්ම් එකේ

    ReplyDelete
    Replies
    1. ම්ම්...ඒ ගජබා රජතුමා නේද? මේ ලිපියේ තියෙන්නේ ඒ ගැන http://pahanyaaya.blogspot.com/2012/03/xiii.html

      ස්තුතියි නුවන්, කම්මැලි නොබලා මේක කියෙව්වට :)

      Delete
    2. @ නුවන්

      ලොව මුල්ම රජතුමා වුණු මහා සම්මත මනු අයිති වෙන්නේ සූර්ය වංශයට. ඒ වංශයේ රජෙක් වන ඔක්කාක රජතුමාගේ ඉදන් ඔක්කාක නමින් රාජ වංශය හැඳින්වෙනවා. ඔක්කාක නමින් රජවරු තුන් දෙනෙක් ඉන්නවා. තුන්වෙනි ඔක්කාක රජතුමාගේ දූ දරුවන්ගේ විවාහයෙන් තමා ශාක්‍ය වංශය බිහිවෙන්න පදනම වැටෙන්නේ...

      Delete
    3. ස්තුතියි හසිත අයියේ විස්තරයට!:)

      Delete
  5. රජකම් කරන එකත් ලේසි නෑ නේද? හරිම ශක්තිමත් පාලකයෙකුට තමයි හරිහැටි රජකම් කරන්ට පුලුවන් වෙන්නේ. ඒත් ඉතින් ඒ විදියට උනත් කොච්චර කල් නම් රජ කරන්ටද? නේද ටීචර්?? :D

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි, රජකම් කරන එකත් බෙල්ල ගහල යන වැඩක් තමයි. :)

      Delete
    2. ඒකනෙ අප්පා මං ඔය වැඩේ නොකර මෙහෙම තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ... නැත්තං දනී මං කරන වැඩේ...

      Delete
    3. හෙහෙ..ඒක තමා අලුත් මල්ලි

      Delete
  6. අද කතාවෙදි පොඩි ප්‍රශ්නයක් ආවා.. දැන් අපී රජවරුන්ව මෙහෙම ආමන්ත්‍රණය කරනවනෙ.. 1 පරාක්‍රමබාහු, 2 පරාක්‍රමබාහු, 3 පරාක්‍රමබාහු, 4 පරාක්‍රමබාහු විදිහට..

    මේ නාමකරණය ඒගොල්ලෝ රජවෙලා ඉඳිද්දිම භාවිතා කළාද? නැතිනම් ඉතිහාසය ලියපු කතෘන් රජවරුන් වෙන්කර හඳුනාගැනීම සඳහා පසුව යෙදූ නාමකරණයක්ද?

    ReplyDelete
    Replies
    1. එළකිරි..මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ ඇවිත් ටීචර්ගෙන් අහලා නෝන්ඩිත් උනා. :)

      //මේ නාමකරණය ඒගොල්ලෝ රජවෙලා ඉඳිද්දිම භාවිතා කළාද?//
      නැත. කලින් ඉඳපු රජෙක්ගේ නමක් ගන්න එක එයාලා පුරුද්දක් විදියට කරන්න ඇති. තාත්තගේ නැත්නම් සීයාගේ නමම පුතාට දාන වෙලාවලුත් තියනවනේ.

      පස්සේ ඉතිහාසඥයෝ තමයිලු ඔය විදියට නාමකරණය කරේ. නැත්නම් ඉතින් පරාක්‍රමබාහු කිව්වම කොයි එක්කෙනාද කියලා අඳුර ගන්න බෑ නේ.

      Delete
    2. මටත් ඔය ප්‍රශ්නෙ ඒ දවස්වල ඇති වුනා. ඔය සයුරි කිව්ව උත්තරේ තමා මටත් අපේ ටියුෂන් පන්තියෙ සර් දුන්නෙ (ඉස්කෝලෙ ටීචර් ගැන මොකුත් නොකියමි). අපි කවුරුත් දන්න එංගලනන්තෙ රැජිනි නම් දෙවැනි එළිසබත් කියලම පාවිච්චි කරනව ද කොහේද නේද?

      Delete
    3. ඔන්න DDT නියම කතාවක් කියලා.. ඔව් නේන්නම් දෙවැනි එලිසබෙත් කියලා පාවිච්චි කරනවා..

      ඒ ගැන මොකද කියන්නෙ මැඩම්? :)

      Delete
    4. ඇයි ළමයෝ...මම ලියන්නේ ලංකාවේ ඉතිහාසේ ගැන. රැජිනගේ රටේ එව්වා ගැන මම දන්නේ නෑ :පි සමහරවිට අපේ රජතුමාලත් අරයා 1 මම 2 කියලා කියා ගත්තද දන්නෙත් නෑ. ඒ උනාට මේ රෝම ඉලක්කම් දාලා තියෙන්නේනම් ඉතිහාසඥයෝ වෙන්න ඕන හි හි :)

      Delete
  7. ශා අපූරුයි ගුරුතුම්යනි.ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. නලින් දරුවාටත් බොහොම ස්තුතියි ඉතිහාස පාඩමට ආවට :)

      Delete
  8. නියමයි.හැබැයි අපේ ඉතිහාසය අපිට දකින්න ලැබෙන්නේ විකෘති වෙලා සමහර තැන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ධම්මික. අපි මේ ඉගනගන්නේ ඇත්ත කතාවද කියලා අපි දන්නෙත් නෑ.

      Delete
  9. මරු මරු... හැබැයි ටීච ඔන්න අන්තිමට ප්‍රශ්ණ පත්තර එහෙම දෙනවා නෙවයි ඕං ඔය පාඩම් වලින්...

    ReplyDelete
    Replies
    1. හිහි..නෑ නෑ මම විභාග දෙන්න හිතුවේ නෑ තාම :)

      Delete
  10. මේ ගැන නම් අහලාවත් ඉගෙන ගෙනත් තිබුනේම නෑ සයුරි..(ඉතිහාසය මගෙත් ආසම විශය වෙලා තිබුනත්)ඒක නිසා ගොඩක් ස්තුතියි..

    රාජාවලිය ලියන නිසා මේ ප්‍රශ්නෙ අහන එක ටිකක් ආසාධාරණයි ඒත් මේ දවස්වල සාමාන්‍ය ජන ජීවිතය පැවතුනේ කොහොමද කියලා කොහේහරි ලියවිලා තියනවද?
    මේ කාලය වෙද්දි පන්සල් වල හාමුදුරුවන්ගෙන් රාජ්‍ය පාලනයට බලපෑම් එල්ල වෙලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අපි පෙර රජවරු දෙවිවරු කියලා ඇදහුවත් මට හිතෙන විදිහට ඒ රජවරුත් දැන් රජවරු වගේම සමහරවිට ඊටත් වඩා අන්තෙට රටවාසීන්ව පාගාගෙන ඉන්න ඇති.. ඒවගේම එහෙම තියෙද්දි ඒ රජවරුන්ට ආවඩාපු ජනතාව ඉන්නත් ඇති.. රාජ්‍ය මාධ්‍ය භාවිතා කරලා ජනතාව ගොනාට අන්දන්නත් ඇති වගේම.. රජුගේ සැප සම්පත් දැකලා අනේ වාසනාවන් කියපු මිනිස්සු ඉන්ටත් ඇති..

      දැන් බලන්නකො රජ මාළිගා වල නටඹුන් හමුවුනාට එක මිනිහෙකුගේ ගෙයක් හමුවෙලා තියෙනවාද?

      Delete
    2. @රූ : සාමාන්‍ය ජන ජීවිතය ගැන තොරතරු හමු වෙනවා අඩුයි රූ. රාජ්‍ය පාලනයට හාමුදුරුවන්ගෙන් බලපෑම් ආවද කියලානම් දන්නේ නැහැ. ඒත් රජතුමාට ශාසනයේ අනුග්‍රහය අත්‍යවශයි කියලා තිබුණු කාලවල් තිබුණා. රජකමට යුද්ධ කරගනිපු වෙලාවල් වල ගොඩක් වෙලාවට සංඝයා තමන්ගේ පැත්තේ තියාගන්න බැලුවේ එයින් රටේම කැමැත්ත තමන්ට ලැබුනා කියලා සලකපු නිසා වෙන්න ඇති. තවත් දෙයක් තමයි "දළදාවේ භාරකරු රටේ අයිතිකරු හැටියටත් සැලකුවා". ටිකක් වෙනස් මුහුණුවරකින් උනත් ඒක තාමත් එහෙමමයි නේද?

      Delete
    3. @හරී : හරී බොහොම හරි. අවුරුදු දෙදාස් ගානක් ඉතිහාසේ පරණ වෙනකොට ගොඩක් වෙලාවට රජවරු කරපු හොඳ ගැන ලියවෙනවා මිසක් නරක පැත්ත ගැන කියන්නේ නැහැ (නරකම රජෙක්ට ඇරෙන්න). අපි මෙහෙම හිතමු. අද අපි මහින්ද මාමට පලු යන්න බැන්නට තව අවු. 1000 කින් විතර ඉතිහාස පොත්වල මෙන්න මෙහෙම තියේවි.

      "රාජ්‍ය නායකින් විසින් හිඟන්නාගේ තුවාලයක් කරගත්, දමිළ ත්‍රස්තවාදීන් සමග පැවතුනු, අවු. 30 ක කුරිරු යුද්ධය නිමා කොට සාමාන්‍ය ජන ජීවිතය සුවපත් කළ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ලක් ඉතිහාසයේ අපිට හමුවන ශ්‍රේෂ්ට රජෙකි. මහත් බාධක හමුවේ නොබියව යුද්ධය නිමාකර දේශපාලනමය අතින් රට ස්ථාවර කළා පමණක් නොව යුද්ධයෙන් විනාශයට පත් ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කර රට සමුර්දිමත් කළේය. හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපළ ද මොහුගේ නිර්මාණ වේ. "මතට තිත" නීතිය පනවා ජන හිත සුව පිණිස කටයුතු කළ අතර ජනයාට ගෙවතු වගාව හුරු කර රට ස්වයංපෝෂිත කිරීමටද කටයුතු කළේය "

      හොඳයි බොරුද? :)

      Delete
    4. @හරී,
      ලංකාවෙ ලිඛිත ඉතිහාසයෙ ප්‍රධානම පුස්තකය කියල සලකන මහාවංශයෙ රචකයො වෙච්ච මහා විහාරික භික්‍ෂූන් වහන්සේලා මහා විහාරයට සිව්පසයෙන් සංග්‍රහකළ රජවරු ගැන අතිශයෝක්තියෙන් කළ වර්ණනා මහාවංශයෙ තිබෙනවය, ඒත් රටට සැලකියයුතු සේවයක් කරපු සමහර රජවරුගැන (උදා - මහසෙන් රජු) එපා වාහෙට හොදි බෙදන්නැහෙ මහාවංශයෙ සඳහන් වෙන්නෙ සුළු විස්තරයක්ය කියල මම අහල තියෙනන.

      මෑත ඉතිහාසෙ මහනුවර යුගයෙදිත් නිවසෙ හුනු පිරියම් කරන්න පවා අවසර තිබුණෙ රජමාලිගයටත් විහාරවලටත් විතරය කියල රොබට් නෝක්ස්ගෙ පොතේ සඳහනක් තිබෙනව. ඔහු සඳහන් කරන හැටියට එය හිස ගසා දැමීමට හෝ විශාල දඩ මුදලකට යටත් කළ හැකි රාජ අපරාධයක් ! ඔහු නොදැන ඒ දේ කළත් පිටදේශක්කාරයෙක් වුනු ඔහුගෙ නොදන්නාකම නිසා ඔහුට නිදහස ලැබුණ කියල ඔහු සඳහන් කරනවා. දසක කිහිපයකට කලිනුත් අපේ රටේ ග්‍රාමීයව තිබුණෙ වැඩිපුරම කටුමැටිගෙවල්. ඉතිං කොහොමද අතීතෙ සාමාන්‍ය ජනතාවට මාලිගා තිබෙන්නෙ, කොයි රජාගෙත් කිල්ලෝටෙ හුනු ටික ටික තියෙනව මම හිතන්නෙ.

      @ සයුරි,

      වර්තමාන මහාවංශ කතුකමට අවශ්‍ය සියළු සුදුසුකම් සයුරිට තියෙනව ඕං. මේ ඡේදය වගකිවයුත්තෙක්ගෙ ඇස ගැටේවායි මම ප්‍රාර්ථනා කරනවා. :)

      Delete
    5. @DDT : ඔයා මතු කරලා තියෙන්නේ සෑහෙන වැදගත් කාරණාවක්. ඇත්ත..මහාවංශ කතුවරු වර්ණනා කරලා තියෙන්නේ මහාවිහාරයට පක්ෂපාති වෙච්ච රජවරු ගැන විතරයි. නොකළ හොඳත් ලියන්න ඇති. ඔය හේතු හින්දා තමයි ඉතිහාසය විකෘති වෙන්නේ.

      හිහි..අපේ මහින්ද මාමා ගැන ඉතිහාස පොතට පරිච්ඡේදයක් එකතු කරොත් එහෙම මෙහෙම එකක් ලියවේවි නේද :) බොරුත් නෙමෙයිනේ එක අතකට. හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ, හොඳ ටික ලිව්වම ඇති. නැවතත්, බොහොම ස්තුතියි මේ අදහස් වලට

      Delete
    6. @ සයුරි,

      හික්..හික්.. එතකොට හංසයා ගැන මොකුත්ම නැද්ද?

      'රට එකඡත්‍ර නංවා අවසන් කල්හි රජු එයින් විඳින්නාවූ කීර්තිය දැකැ බලලෝභී වූ අගැ සෙන්පති රජු හා යුද්ධයට වන්හැ.එහෙත් රටේ ජනතාවගේ වරප්‍රසාදයෙන් සතුරා පලවාහැරි එතුමෝ තම නිල කලැ දිගු කරගෙන සතුටින් වැජඹුනහ. එහෙත් රට තුළැ පැවති කැරලිකරුවන්ගේ අඩුවක් නොවීයැ. ඔවුන් පිටදේසක්කාරයින්ගේ මන්ත්‍රණ වලට රැවටී රජුට විරුද්ධව කැරලි ගසන්නට වම්හ. එයින් නොසැලුනු රජු ආසියාවේ ආස්චර්‍යය කරා රට මෙහෙයවීය. රට ස්වයංපෝෂිත වීයැ. යානවාහන මිලදී ගැනීම හා ධාවනයට අවැසි ඉන්ධන සීමා කිරීමෙන් පරිසර දූෂණයද අවම වීයැ. රජුත් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයත් විඳමින් සිටින්නාවූ සුරසැප දැක චිත්තප්‍රීතියට පත් ජනයා කිසිවක් මිලට ගැනීමට වත්කමක් නොවූ කල්හි එම ප්‍රීතිය අනුභව කරමින් කල්ගෙවූහ.'

      Delete
    7. හිහිහ්..ඔය තියෙන්නේ ඉතුරු ටික..:) ඔහොම තමා ලියවෙන්නේ...

      Delete
    8. මහාවංශය ලියන්නෙ කවුද?

      Delete
    9. මහාවංශය කන්ටිනිවු වෙන එකක් නෑ නේද? කොහොමත් ඒකෙ පශ්චාත් බාගේ චූල වන්සේ නේ. මම හිතන්නේ මේවා ලියවෙන්නේ මෙගා වන්සේ හරි වෙන මොකක් හරි එහෙක වේවි...

      Delete
    10. විහිළුවට නෙමෙයි ඇහුවෙ.. ඔය රජවරු ගැන ලියලා තියෙන්නෙ මහාවංශයේ විතරද? ඒවා ලියලා තියෙන්නේ කවුද?

      Delete
    11. ඔහ්..සොරි වෙන්න ඕන. මහාවංශය ලියලා තියෙන්නේ මහා විහාර වාසී "මහානාම හිමි" (ධාතුසේන රජතුමා මේ හිමියන්ගේ බෑනා කෙනෙක්ලු). ඒකෙ ඇතුලත් වෙන්නේ මහසෙන් රජතුමා දක්වා විස්තර විතරයි . ඉන් පස්සේ විස්තර ඇතුලත් වෙන්නේ චූල වංශයේ. තවත් තියනවා දීප වංශය, රාජාවලිය, ථූප වංශය ආදී මූලාශ්‍ර.

      Delete
    12. @ හරී

      මහාවංසය විදිහට මහසෙන් රජතුමා දක්වා ලියවුණු කොටස නම් කරලා ඉතිරි කොටස් චූලවංසය නමින් හැඳින්වුණේ ගයිගර් පඬිතුමා අතින් සිදුවුණු දෝෂයක් නිසා. මොකද ඔය චූලවංසය කියලා හඳුන්වන කෘතියේත් හැම පරිච්ඡේදයක්ම අවසන් කරන්නේ "හුදී ජන ප්‍රසාද සංවේග පිණිස කරපු මහාවංසය..... පරිච්ඡේදය නිමි" කියලා.

      මහාවංසය අද දක්වාම ලියවෙන එකක්. එක් එක් කාලවලදී භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් මේ කෘතිය අඛණ්ඩව ලියවිලා තියෙනවා. වර්තමානයේ භාවිතා වෙන මහාවංසය 1-101 පරිච්ඡේද වෙනකම් සංස්කරණය කරලා තියෙන්නේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවොයි, බටුවන්තුඩාවේ පඬිතුමා.

      1922 දක්වා කොටස ඩී.එච්.එස්. අබේරත්නත් 1923 ඉදන් 1948 දක්වා කොටස නන්දදේව විජේසේකර ඇතුළු කමිටුවකින් සකස් වෙලා තියෙනවා. ඊට පස්සේත් මණ්ඩලයක් මඟින් මහාවංසය ලියවිල තියෙනවා වගේම වර්තමානයේදීත් ලියවෙනවා...

      Delete
    13. // ගයිගර් පඬිතුමා අතින් සිදුවුණු දෝෂයක් නිසා.//

      මේ දෝෂය මොකක්ද?

      Delete
    14. @හසිත,

      එහෙම බැලුවොත් ලියන කෙනාගෙ දේශපාලන දර්ශනය අනුව වෙනස් වෙයිනෙ.. එහෙම නොවෙන්න වගබලාගන්න ක්‍රමයක් තියෙනවාද?

      දැන් උදාහරණෙකට ගත්තොත් කැපුවත් කොළ කෙනෙක්ට කොළ එවුන් මොනා කෙරුවත් හරි.. කැපුවත් නිල් එකෙක්ටයි කැපුවත් රතු එකෙටයිත් එහෙමයිනෙ..

      Delete
  11. ආසාවෙන් කියෙව්වා ඉතිහාසය කිව්වොත් මම නම් කොච්චර වැඩ අතපසු උනත් ඒ පොස්ටුව නොබලා ඉන්නේ නැහැ. එල කිරි වැඩිවැඩියෙන් ලියන්නට ලැබේවා කිව්වා ඕන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෝරළේ මහත්තයෝ. ගොඩක් අය අකමැති විෂයක් මේක. ඔයා වගේ අය මේකට කැමතියි කියන්නේ ඒක හරිම සතුටක්.

      Delete
  12. බලනකොට ඉස්සර කාලේ වුණත් ඉන්දියාව කරලා තියෙන්නේ ලංකාවෙ එවුන් ගහ මරා ගන්නකොට ඒකට උල්පන්දම් දීපු එක වගේ... මෙහෙන් පළා යන අය ඊට පස්සේ ඉන්දියාවෙන් සේනා අරගෙන එන්නේ ඒකනේ... කලින් අහපු නැති ඉතිහාස කතා ටිකක්.. ස්තූතියි ටීචර්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මෙහෙ අවුලක් උනාම ඒකට පිදුරු දාන්න සැදී පැහැදී ඉන්නේ ඒගොල්ලෝ. තොටියා ලමයාටත් ස්තුතියි :)

      Delete
  13. ඉතිහසය පිළිබද ඔබ ලියු වැදගත් ලිපිය ෙහාදයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයානි. සාදරයෙන් පිලිගන්නවා ඔයාව. :)

      Delete
  14. //ඔක්කාක වංශය// ...සයූ ට පැහැදිලි කරන්න පුලුවන්ද..!
    මීට කලිනුත් ඇහැව්ව පිලිතුරක් ලැබුන්නෑ...ඔයාගෙ පෝස්ට් වල චිත්‍ර අදින්නේ කව්ද..?ඔයාද..?

    ReplyDelete
    Replies
    1. ඔහ් කලිනුත් ඇහුවද වී අයියේ. මම දන්න තරමින් නම් "ඔක්කාක වංශයේ නම් පෙරලී ශාක්‍ය වංශය" බිහිවූ බවක් කියවෙනවා. ඒ කියන්නේ බුදු හාමුදුරුවනුත් ඒ වංශයේ.

      "මහා සම්මත" රජතුමාගේ ඉඳලා රාජ වංශවල නම් වෙනස් වේවි(මහා සම්මත වංශය, මඛාදේව වංශය ආදී වශයෙන්) එද්දී ඇති වුනු එක වංශයක් "ඔක්කාක වංශය". 3 වන ඔක්කාකගෙන් පස්සේ ඒක ශාක්‍ය වංශය උනා.

      හරිද මන්දා. මිට වඩා තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

      Delete
    2. @ වීපොකුර

      ලෝකයේ හිටිය මුල්ම රජතුමා වෙන්නේ මහා සම්මත මනු. එයා සූර්ය වංශයටයි අයිති වෙන්නේ. තවත් මතයක් තියෙනවා මනුගේ පුතුන්ගෙන් ඉක්ෂ්වාකුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු පරපුර සූර්ය වංශය වුණා කියන එක. ඒ හැරෙන්න මනුගේ දියණිය වුණු ඉලාගේ [විටෙක ඔහු පිරිමියෙක් ලෙසටත් පෙනී සිටිනවා] මූලිකත්වයෙන් ඇරඹුණු වංශය "චන්ද්‍ර වංශය එහෙමත් නැත්නම් සෝම වංශය" නමින් හඳුන්වනවා.

      ඒ වගේමයි මහා සම්මත වංශය විදිහටත් මහා සම්මත මනු රජතුමාගෙන් ආරම්භ වුණු රාජ වංශය හඳුන්වනවා. ඒ පෙළපත සාගර රජතුමාගේ පුතා වුණු මඛාදේව රජතුමාගේ ඉදන් මඛාදේව වංශය නමින් හැඳින්වෙනවා. තවත් කාලයක් ගියාම මඛාදේව වංශය අශෝක රජතුමාගේ පුතා වුණු ඔක්කාක රජතුමාගේ ඉදන් ඔක්කාක වංශය නම්න් හැඳින්වෙනවා.

      …මේ ඔක්කාක වංශයේ ඒ නමින් රජවරු තුන් දෙනෙක් ඉන්නවා. තුන්වෙනි ඔක්කාක රජතුමාගේ පළමු බිසවගේ දරුවන් පිය රජතුමාගේ අඥාන තීරණයක් නිසා වනගත වෙනවා. ඔක්කාක රජතුමාගේ දූ දරුවන් ඔවුනොවුන් විවාහ වීමෙන් ශාක්‍ය වංශය බිහිවෙනවා.

      …එයාලා තමන්ගේ රාජධානිය කරගන්නේ කපිල තාපසතුමාගේ භූමිය. ඒක නිසා ශාක්‍යයන්ගේ රාජ්‍යය කපිලවස්තුපුර නමින් හැඳින්වෙනවා. ඒ හා සමගාමීව කෝලිට වංශෙත් බිහිවෙනවා. [ඒකත් ටිකක් දිග කතාවක් :D ]

      ඒ ශාක්‍ය වංශයේ පසුකාලීනව රජෙක් වෙන ජයසේන රජතුමාගේ වැඩිමහල් පුතා වෙන සිංහහනුගේ වැඩිමහල් පුතා වෙන්නේ සුද්ධෝදන. සුද්ධෝදන රජතුමාගේ පුතා තමයි සිද්ධාර්ථ කුමාරයා.

      දැන් පැහැදිලියිනේ කතාව :)

      Delete
  15. කාශ්‍යප සහ දෙඨෝපතිස්ස රජවරු මාරුවෙන් මාරුවයට අසල් වැසි රටෙන් සහය අරන් අපිටම ගැහුවා. හැබැයි ඒ ආව අය මෙහේ පදිංචි වුණා. ඉතිහාසයේ රජවරු කරපු ලොකුම මෝඩකම් අපි අදටත් විඳවනවා.ඒකාලෙක් ඔවුන් ආපහු යවන්න බැරිවීම ඒ රජවරුන්ටම තේරුණ එක ලොකු දෙයක්.

    සයුරි අද ලියපු රාජාවලියේ රජවරුන්ගෙන් කාශ්‍යප සහ දප්පුල ගැන දැන හිටියේ යාන්තමට ඒ නිසා අද පැහැදිලිව දැනගන්නට ලැබුණා ඒ ගැනත්. ඒ කොහොම වුණත් රජවරු ඒ යුගයේ යුද්දෙට සහ බලය බෙදාගැනිමට මුල්තැන දුන් බව පේනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒවා තමයි නියම මෝඩකම්. සේනාව ගෙනාව විතරක් නෙමෙයි, ගජබා රජතුමා පලිගන්න කියලත් ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවනේ. මතකද ලංකාවෙන් අල්ලාගෙන ගියපු දොළොස් දෙනා වෙනුවට එකාට එක ගානේ දොළොස් දාහක් ගෙනාපු හැටි. ඒවම තමයි අද වෙද්දී ප්‍රශ්න වෙලා තියෙන්නේ.

      Delete
  16. අයියෝ මරා ගන්නවා ඉවරයක් නෑ.. ඉන්දියාව තමා හෙනේ...

    ReplyDelete
    Replies
    1. //ඉන්දියාව තමා හෙනේ//

      එදයි අදයි වෙනසක් නෑ නේද :)

      Delete
  17. මේ ඔටුන්නකට මරාගන්න මරා ගැනිල්ලක් ...වෙලාවකට හිතෙනවා මුන්ට පිස්සුද කියලා ...

    ReplyDelete
    Replies
    1. බල තන්හාව තමා රොබින්

      Delete
  18. අදනම් හොඳටම පරක්කුයි....

    මුල ඉඳම් අගටම මරාගැනිල්ල තමා... අද කාලේ ගැන එච්චරම විස්සෝප වෙන්න ඔනේ නෑ ඉතින්.. මේක අපේ ලේ උරුමයක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ මේ වගේ කතා අහනකොට, අද කාලේ තව හොඳයි කියලා. මීටත් වඩා මිනිස්සු පිඩනයක ඉන්න ඇති ඒ කාලේ.

      Delete
  19. දන්නා දේ කියාදීම වටිනවා .. ඒ මගින් දෙපිරිසකගේ දැනුම වර්ධනය වෙනවා..
    ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරුවෝ :) දෙපිරිස කිව්වේ මමයි ඔයාලයි නේද

      Delete
  20. නොදන්න දේවල් ටිකක් දැනගත්තා ස්තූතියි

    ReplyDelete
  21. ඉතිහාසය නම් මම එච්චර ප්‍රියකරන විෂයක් නෙමෙයි... හැබැයි ඓතිහාසික නවකතා නම් කියවනවා. හැබැයි ඔය කොයි දේත් දැනගෙන හිටියට වරදක් නැහැ... මෙන්න මෙහෙමයි ඒ කාලෙත් වෙලා තියෙන්නෙ කියලා උදාහරණ දෙන්න පුළුවන් අවශ්‍ය වෙලාවට...

    ReplyDelete
    Replies
    1. //මෙන්න මෙහෙමයි ඒ කාලෙත් වෙලා තියෙන්නෙ කියලා උදාහරණ දෙන්න පුළුවන් අවශ්‍ය වෙලාවට.//

      හිහි ඒකනම් ඇත්ත..ඔහොම කියන්න පුළුවන් අය ටික දෙනයිනේ ඉන්නේ. මටත් මේ ලිව්වට එහෙම කියන්න තරම් මතක හිටින්නේ නෑ මේවා. ඒක හින්දා ලියලා තියන එක හොඳයි කියලා හිතුනා ළමයෙක් ඉන්න කාලෙකවත් කියල දෙන්න.. ;)

      Delete
  22. තවත් අපුරු ඉතිහාස පාඩමක්..... ස්තුතියි මිස්...

    ReplyDelete
  23. දැන් වාගෙම ඉස්සරත් හරි හරියට මරාගෙන තියෙනවා නොවැ... හරිම තන්තෝසයි!

    ReplyDelete
  24. ඉතිහාසය ගැන අපේ දැනුම හරි අඩුයි සයුරි, එහෙම බලද්දි ඔයාගෙ මේ ලිපි ටික කරන්නෙ ලොකු සේවයක්. මට සමහර වෙලාවට හිතෙනව ඔයා ඉතිහාසය ටීච කෙනෙක්ද කියලත්

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සිඳු... මට ඉතිහාසය විෂයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. ටීච කෙනෙකුත් නෙමෙයි නේ :(

      Delete
  25. හුඟක් කාලෙකින්.. විභාග නිසා එන්න බැරි වුනා ... :( මට ලිපි මඟ ඇරිලා ද?

    වැඩේ කියන්නෙ ඉතිහාසෙ ඉදන්ම මරා ගැනිලි හරිල සුලභයිනෙ..:O

    ReplyDelete
    Replies
    1. විභාගේ ලේසි ඇති නේද? :) මාත් රාජාවලිය ලිපියක් දැම්මේ කාලෙකින්. ඔයාට මග ඇරෙන්න නැතුව ඇති...

      Delete
  26. ගහමරා ගැනිලි වල අඩුවක් නෑ.. හැම රජකෙන්ක්ටම මොකක් හරි අවුලක් තිබිලනේ බලන් යද්දි..

    හේ.. හේ.. මම පන්තියේ අන්තියමයා... සංතෝසේ බෑ.. :)

    ReplyDelete
  27. අක්කා ඔන්න මේ මෑච් එකත් කෑව අපි එහෙනන්......^බුහාහාහාහා mr.Dinesh එවා කොහෙද එල කොල්ලත් එක්ක

    ReplyDelete
    Replies
    1. හැමදාම ෆයිනල්ස් කන එක අපේ සම්ප්‍රදායනේ එල කොලුවෝ :)

      Delete
  28. එයාල හරියට රණ්ඩු කරගෙන නේද? නරක රජවරු. සංවර්දනයක් කියන දෙයක් තිබිලම නැද්ද?

    ReplyDelete
    Replies
    1. අද ඔයාගේ පරණ පොස්ට් ටිකක් කියෙවුවා.

      Delete
    2. මෙහෙම මරාගන්නකොට සංවර්ධනයක් ගැන හිතන්න බැහැ නේ අසර්

      හොඳා හොඳා

      Delete
  29. අපේ ඉස්කෝලේ කැඩෙට් සාජන් කෙනෙක් හිටියා දප්පුල කියලා...හපෝ දප්පුලයා එනවා කිව්වමත් බයයි ඒ කාලේ....ඩබල් දෙන්නේ ඇවිල්ලා...ඉතිහාසේ මාර සීන් නේද වෙලා තියෙන්නේ....ලස්සන විස්තරයක් වෙනදා වගේම..ස්තූයියි බෙදා හදා ගත්තට...

    ReplyDelete
    Replies
    1. අද කාලෙත් මෙහෙම නම් තියන අය ඉන්නවා එහෙනම් :)

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. මාන යනු II කස්සප රජුගේ පුත්‍රයෙකි.......

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...