හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුන්ට "සුළි කුණාටු" එහෙම නැත්නම් "ටෝර්නේඩෝ" කියන්නේ එයාලට තියන ලොකුම ජීවිත තර්ජන වලින් එකක්. ඕනම වෙලාවක සයිරන් සද්දයක් ඇහුනොත් basement වලට දුවන්න බලාගෙන තමයි එයාලා ඉන්නේ. ඔය කියන කුණාටුවක් හරියට දැක්කොත් පේන්නේ උඩ තියන පින්තූරේ විදියටලු (එහෙම එකක් දකින්න ලැබෙන එක වාසනාවක්ද අවාසනාවක්ද කියලනම් මම දන්නේ නැහැ). මටත් ඔය වගේ පුංචි අත්දැකීමක් නම් තියනවා (ඒත් ඒ වෙලාවේ කුණාටුව ගිහින් තිබුනේ අපි ඉන්න තැනට ගොඩක් ඈතින්. ඉතින් අපිට තේරුණා ලගින් ගියොත්නම් සොරි තමයි කියලා ). මොනවා උනත් ඒවායින් වැඩක් නැහැ, මේ කියන්න යන්නේ ඔය කුණාටු වලට නම් දෙන හැටිනේ.
මුලින්ම කියන්න ඕන ඔය උඩින් දාලා තියන වර්ගයේ කුණාටු (ටෝර්නේඩෝ) වලට නම් දැමීමක් කෙරෙන්නේ නැහැ (ඒවා ඒ තරමටම සුලබ නිසා වෙන්න ඇති). නම් දාන්නේ, ඊට වඩා ලොකු, සති කිහිපයක් උනත් පවතින්න පුළුවන් hurricane (සිංහලෙන් අවපාත වෙන්න ඕන) වලට. මේ හරිකේන් වල අතුරු ඵලයක් විදියට තමයි ගොඩක් වෙලාවට ටෝර්නේඩෝ ඇති වෙන්නේ. මෙන්න මේ පින්තූරේ තියෙන්නේ හරිකේන් එකක්. ඔය මැද හිලක් වගේ පේන එකට කියන්නේ හරිකේන් එකේ "ඇහැ" කියලා. එතන තමයිලු අවපාතයේ ගොඩක්ම පීඩනය අඩු තැන.
ඉතින් ඔය හරිකේන් වලට නම් දාන්න හරි ලස්සන ක්‍රමයක් තියනවා :) මම ලේසියට කුණාටු කියලම කියන්නම්.
ඔයාලා අහල ඇතිනේ මෙන්න මේ වගේ කතා ...
"මේ පාර කත්‍රිනා සැරටම ඇවිල්ලා"
"රීටා ආපහු එනවලු"
ඉස්සර මේවා ඇහුණාම මටනම් හිතුනේ මෙහෙම..."රීටා ආපහු එන්න එයා මෙච්චර කල් හිටියේ කොහෙද? අනිත් එක ඒ එන්නේ රීටා මයි කියලා මෙයාල දන්නේ කොහොමද?"
ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.මේ වැඩේට හදල තියනවා නම් ලයිස්තු 6 ක් . එක ලැයිස්තුවකට නම් 21 ක් ඇතුලත්. මේ නම් වල මුල අකුරු තියෙන්න ඕන ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට. (Q, U, X, Y, Z කියන අකුරු අත අරිනවා. ඒකයි නම් 21 ක් එන්නේ). ලැයිස්තුවක නම් එකක් හැර එකක් ගැහැණු නමක් හා පිරිමි නමක් විය යුතුයි (ඉස්සරනම් ගැහැණු නම් විතරලු දැම්මේ ). මේ පහලින් තියෙන්නේ දැනට තියන නම් ලයිස්තු 6.
2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
---|---|---|---|---|---|
Arlene Bret Cindy Don Emily Franklin Gert Harvey Irene Jose Katia Lee Maria Nate Ophelia Philippe Rina Sean Tammy Vince Whitney | Alberto Beryl Chris Debby Ernesto Florence Gordon Helene Isaac Joyce Kirk Leslie Michael Nadine Oscar Patty Rafael Sandy Tony Valerie William | Andrea Barry Chantal Dorian Erin Fernand Gabrielle Humberto Ingrid Jerry Karen Lorenzo Melissa Nestor Olga Pablo Rebekah Sebastien Tanya Van Wendy | Arthur Bertha Cristobal Dolly Edouard Fay Gonzalo Hanna Isaias Josephine Kyle Laura Marco Nana Omar Paulette Rene Sally Teddy Vicky Wilfred | Ana Bill Claudette Danny Erika Fred Grace Henri Ida Joaquin Kate Larry Mindy Nicholas Odette Peter Rose Sam Teresa Victor Wanda | Alex Bonnie Colin Danielle Earl Fiona Gaston Hermine Ian Julia Karl Lisa Matthew Nicole Otto Paula Richard Shary Tobias Virginie Walter |
2011 වසර සඳහා පාවිච්චි කරන ලිස්ට් එක තමයි මුලින්ම තියෙන්නේ. දෙවැනි ලැයිස්තුව 2012 ටත් තුන් වෙනි ලැයිස්තුව 2013 ටත් මේ විදියට ලයිස්තු 6 බෙදල දෙනවා අවුරුදු වලට. 2011 අවුරුද්දේ එන මුල්ම කුණාටුවට නම තියන්නේ "Arlene" කියලා. දෙවෙනි කුණාටුවට "Bret". අවුරුද්ද ඉවර වෙන්න කලින් නම් 21 ම ඉවර උනොත් ඊ ළග අවුරුද්දේ නම් වලට යනවා. ලේසියි නේද?
දැන් එතකොට 2017 ට ලිස්ට් එකක් කෝ? ආ ඒකට අලුතෙන් ලිස්ට් හදන්නේ නැහැ. 2011 ලිස්ට් එකමයි ආපහු 2017 දීත් ගන්නේ. 2018 දී ගන්නේ 2012 ලිස්ට් එක. මේ විදියට ඔය නම් ලිස්ට් 6 නැවත පාවිච්චි වෙනවා. මේ නිසා තමයි "2005 දී ආපු Arlene ආපහු 2011 දී එනවා" වගේ කතා කියන්නේ. එහෙම නැතුව එකම කුණාටුව කොහේ හරි ඉඳලා ආපහු එනවා නෙමෙයි :).
හරි, දැන් මේ විදියට මේ ලිස්ට් 6 තමයි දිගටම පාවිච්චි කරන්නේ. හැබැයි එක ප්‍රශ්නයක් තියනවා. අපි හිතමු 2011 දී ආපු දෙවනි කුණාටුව ගොඩක් විනාශකාරී එකක් කියලා. ඒකට නම වැටෙන්නේ Bret කියලනේ. ඊට පස්සේ Bret කියන නම ලැයිස්තුවලින් කපා හරිනවලු. ආපහු කවදාවත් ඒ නම කුණාටු වලට දාන්නේ නැහැලු. ඊ ළගට Bret නමින් හමන කුණාටුව පොඩි පහේ එකක් උනොත් කලින් එකට අගෞරවයක් වගේ වෙයි කියලා තමයි මෙහෙම කරන්නේ. මේ විදියේ විනාශකාරී කුණාටු වලට උදාහරණ තමයි Katrina (මෙයා නිසා මිනිස්සු 2000 ක් විතර මැරුණා ලු 2005 දී) සහ Andrew. බලන්න ඒ නම් දෙක මේ ලැයිස්තුවල නැහැ. ඒ වෙනුවට වෙන නම් ඇවිත් (Katia සහ Alex).
ඔන්න ඔහොමයි ඉතින් කුණාටු ගැන කතාව. මේ ලිපියේ සමහර විට වැරදි ඇති. දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න :)
ඒත් ගොඩක්ම අහල තීයෙන්නෙ ඕවට දාන්නෙ ගෑණු නම් කියල.එහෙම නම් උද්ගෝශණය කරන්න වටිනව.
ReplyDelete@ නදී: ඉස්සරනම් ගෑණු නම් විතරයි දාල තියෙන්නේ. 1973 දී ඒක වෙනස් කරලා. දැන්නම් දෙජාතියෙන්ම දානවා එකක් ඇර එකක්. Andrew කුණාටුව පිරිමි එකක්නේ :)
ReplyDeleteමම ඔය කරුණු දැනගත්තේ දැන්.... කලින් ඔච්චර අහල තිබුණ් නෑ..
ReplyDeleteඔය ගෑණු නම් වලින් තින කුණාටු සැර වැඩිද දන්නේ නෑ?
වටින ලිපියක්......
මට නම් හිතෙන්නේ පිරිමි නම් තියෙන කුණාටු වලට වඩා ගෑනු නම් තියෙන කුණාටු සර වැඩියි කියලා. හික්ස් :)
ReplyDeleteමේ දේවල් නම් මීට කලින් අහලා නෑ. අක්කගෙන්ම ඉස්ස ඉස්සෙල්ලාම අහ ගත්තේ.පවු. කොහේ හිටියත් මනුස්ස ජීවිත නේ නැති වෙන්නේ.
අක්කත් පරිස්සමින් එහෙම ඉන්න. ඕවා කොයි යහා එනවද කියලා දන්නේ නෑනේ.
ඒ අතින් අපේ රට මාරම සුරක්ෂිතයි. ඔය කරදර කිසි එකක් නෑනේ.
බලාපල්ලකෝ ඉතින්, අමාරුවෙන් පිරිමි නමුත් දා ගත්තම දැන් කියනවා ගෑණු කුණාටු සැර වැඩිලු..හී හී. හැබැයි ඒ කතාව ඇත්තදත් මන්දා :-)
ReplyDeleteමේක කිව්වේ මල්ලිල දෙන්නටම.
@රහස් : ස්තුතියි :)
@මදුරංග : ඔව් අප්පා ඉඳල හිටලා සුනාමියක් ආවට මේවත් එක්ක බලනකොට අපේ රට හරිම සුරක්ෂිතයි. මේවයින් ඉතින් දුවල බේරෙන්න කියලයැ
අපේ රට හොඳයිනෙ බලන් ගියාම ඇමරිකාවට අවුරුද්දකට හරිකේන් 7, 8 ක් එනවාමයිනෙ
ReplyDelete@ විසිතුරු : එකේනම් ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ. ඒවත් සුළු පටු හරිකේන් නෙමෙයිනේ...
ReplyDeleteමට මතක හැටියට අන්තිමට ආවේ මාරියා චණ්ඩමාරුතය නේද අක්කේ ? නැත්නම් අන්තිමට ඒ රටට ආවේ මොන සුළි සුළඟද ?
ReplyDeleteම්ම් පේන විදියටනම් Philippe වගේ. ඒ කියන්නේ දැනටමත් 16 ක් ඇවිත්
ReplyDeleteඅක්කේ මම මේ ගැන ඇත්තටම දැන ගත්තේ අද... අක්කා හොහෙන්ද මේ විස්තර හොයා ගත්තේ???
ReplyDelete@දිනේෂ් : මේක හොයන්න හිතිලා හොයා ගත්තේ නම් දැන් අවුරුදු ගානකට කලින්:) වැඩි හරියක්ම තොරතුරු ලැබුණේ අන්තර්ජාලයෙන්...
ReplyDeleteඇත්තටම ඇයි දන්නෙ නෑ නේද ගෑනු නං වලින්ම දාන්නෙ...මම හිතන්නෙ සාමකාමී තැනකට කඩාගෙන බිදගෙන ඇවිල්ලා ව්නාස කරලා ආයිත් යනවා මොකුත් නූනා වගේ....ඒක නිසා වෙන්න ඇති කියලා......
ReplyDelete@ඔබ නොදුටු ලොවක් : ආ ඒ ඉස්සරනේ...දැන් ගෑණු පිරිමි දෙජාතියම දානවා. දෙගොල්ලොම එහෙමනේ අනේ :))
ReplyDeleteඔය ඇමරිකාවට එන කුණාටු විතරක් නේද?.....ලෝකෙ අනික් තැන් වලට බලපාන කුණාටුවලට නම් දාන අන්දම ගැන සයුරි මොනවත් එහෙම දන්නව නම් කියන්නකො....
ReplyDeleteඔබට ස්තූතියි ........අගේ ඇති ලිපියක්.....මෙ මාරුවෙන් මාරුවට ගෑණු පිරිමි නම් දාන කතාව මම කලින් අහල තිබුනට මේ ලැයිස්තු හයේ කතාව දැන ගත්තෙ අදමයි.
@රවී : මම හිතන්නේ අත්ලාන්තික් සාගරයේ ඇති වෙන කුණාටු කිව්වොත් වඩාත් හරි. අනිත් ඒවටත් මේ විදියේ ලැයිස්තු තියනවා (මම දන්න විදියටනම්). ඒ ගැන හරියටම හොයල බලන්න ඕන වෙලාවක. ස්තුතියි රවී...
ReplyDeleteගොඩක් වටින ලිපියක්... කුනාටු වලට නම් දාන්නේ කාලගුණ විද්‍යාඥයින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලගේ නම් කියලයි මං හිතන් හිටියේ:P
ReplyDeleteනොදන්නා දෙයක් ගැන දැනුවත් කලාට ස්තුතියි සහෝදරී...ජයවේවා !!!
@චතුරංග පෙරේරා :බොහොම ස්තුතියි.....හිහි ඇත්තටම ඉස්සර එහෙමද දන්නේ නැහැ උනේ :)
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්... ගොඩක් කුණාටු තියෙන්නේ ගෑණු අයගේ නම් වලින්නේ..ඒකෙත් හැටි නේද... දැන් නම් ඉතින් පිරිමි අයගේ නම් වලිනුත් තියෙනවා කියන්නේ.. ඒත් ඉතින් ඒවා ගැහැණු අයගේ නම් වලින් තියෙන කුණාටු තරම් සැර නැතුව ඇති මම හිතන්නේ:)...
ReplyDeleteකුණාටු ගැන මීට කලින් අහල තිබුනත් අර ලැයිස්තු 6 කතාව ගැන දැන ගත්තේ අදයි. ඔයාට බොහොම ස්තූතියි සයුරි...
@උදයංග : මමත් හිතන්නේ ගෑණු කුණාටු සැර වැඩි ඇති :D "කත්‍රිනා" කුණාටුවත් ඒ වගේ ගොඩක් සැර එකක් ලු නේ...
ReplyDeleteගැහැණුන්ට කේන්ති ගියාම කුණාටුවකටත් වඩා සැර පරුසයි. හානිය ඉහළයි :))
ReplyDelete@ හසිත : ඔන්න බලමුකෝ ඉතින්..කොල්ලෝ හිතන හැටි :))
ReplyDeleteඑතකොට ආයෙ සැන්ඩි කියලා කුණාටුවක් එන එකක් නෑනේද?
ReplyDeleteසැන්ඩි ව ඉවත් කරන්න යන පාටක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට වෙන නමක් තීරණය කරාවි.
Deletehttp://www.examiner.com/article/sandy-to-be-retired-as-a-hurricane-name-list-of-all-retired-hurricane-names
සයුරි කියලා දැම්මොත් මොකද?
Delete:ඩි ඒකනම් හොඳයි තමා :)
Deleteගොඩක් කාලෙකින් පස්සෙ හිතට ආසාවෙන් කා වැදුනු ලිපියක් මේකත්.අද නම් මගෙ හිත කියන්නෙ නිදිමරං කොහොම හරි තව මේ බ්ලොග් එකෙන් පොස්ට් ටිකක් කියෙව්වොත් නම් හොඳයි කියල.ඒ තරම්ම රසවත් :)
ReplyDeleteහම්මෝ..කොච්චර දෙයක්ද? මෙහෙම පාඨකයෝ හම්බ වෙනවට වඩා සතුටක් තව නෑ :) මේ වගේ ලිපි වලට ආස කරන අය හරි අඩුයි නේ.
Deleteමධුරංගගේ කටට මසුරන් දාන්න වටිනවා ඈ...
ReplyDeleteඔන්න මදුරංග කට අරින්නකෝ...ලහිරු මසුරන් දාන්න හදන්නේ :)
Deleteඔයාට ආව ප්‍රශ්න මට ඔයා කියද්දී තම ආවේ ඇත්තනේ බොලේ
ReplyDeleteකියල...මන් නිකන් නම් විතරයි කියල තම හිතන් හිටියේ.ඒත්
ඔය ලැයිස්තුව ජීවිතේට දැක්කේ අද තමා ඔයාට පින් .සිද්ද වෙන්න.
ඒ එක්ක ආයෙම ගැටළුවක් ආව ලංකාවේ අපිට එදා ඉඳල ඇහුනේ
ගෑනු නම් තියෙන කුනාටු ගැන. ( මම 80 දශකයේ ) ඉඳල හිටලා
කියන්නත් බැහැ දැනට දෙහෙකට තුනකට ඇරෙන්න අනිත් ඔක්කොම
ගෑනු නම් තියෙන කුණාටු..
හිහි..ගෑනු නම් තියන කුනාටු ගැන තමා අපිට වැඩිපුරම ඇහෙන්නේ. වැඩිපුර විනාශ සිද්ධ කරන්නේ ඒවා නිසාද කොහෙද. හැබැයි ඉතින් ඊට සමාන ගානක් පිරිමි කුනාටුත් තියනවා. ඒවා ගැන අහන්න ලැබෙන්නේ නෑ එච්චර. හැබැයි Andrew කුනාටුව මතකයි නේද? ඒක පිරිමි එකක්.
Delete
ReplyDeleteඔව් ඒක තමා සයුරි මන් කිව්වේ හැම වෙලේම ලොකු
විනාසයක් කරන ඒවට වැටිලා තියෙන්නෙම ගෑනු නම් ..
ඒක අහම්බයක් නෙවේ හිතලම කරන දෙයක් මිස..
හිතල කරන දෙයක්නම් නම් නෙමෙයි නෙමෙයි සහන්. ඊ ළඟ අවුරුද්දේ අත්ලාන්තික් කුණාටු ගැන විමසිල්ලෙන් හිටියොත් ඒක පෙනෙයි. මේ වගේ නීතිගත වෙච්ච දේවල් එහෙම වෙනස් කරන එක ටිකක් අමාරුයි. ලංකාවෙනම් ඉතින් ඔන්න කිසි අවුලක් නෑ :)
Delete