Saturday, November 10, 2012

ඇපල් කේක්

පහුගිය දවස්වල ලිහිණි හෝ ගාලා කෑම වර්ග හදන හැටි දැම්මනේ බ්ලොග් එකේ. ඉතින් මටත් හිතුනා මොකක්හරි කෑමක් හදන හැටි කියල දෙන්න.

 ඇපල් කේක් හදන්න හරිම ලේසියි. මේ ලඟදි දවසක ඕක හදපු වෙලාවක ෆොටෝස් ටිකක් ගත්තා බ්ලොග් එකේ දාන්න හිතාගෙන. ඒත් ලියන්න කල් ගියා. ඔන්න යන්තම් අද ලියා ගත්තා.

 අවශ්‍ය ද්‍රව්‍ය :

 සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩි දෙකක්
 බටර්/මාගරින් ග්‍රෑම් 200 ක්
 දුඹුරු සීනි ග්‍රෑම් 150 ක්
 සුදු සීනි ග්‍රෑම් 250 ක්
 පිටි ග්‍රෑම් 250 ක්
 බිත්තර 2 ක්
 දොඩම් ගෙඩියක්
කිරි අවශ්‍ය පමණට
 ලුණු ස්වල්පයක්
 බේකින් සෝඩා
කුරුඳු කුඩු (කැමතිනම් පමණක්)
වැනිලා
 නට් මෙග් (මේක ලංකාවේ මම දැකලා නැති උනත් තියෙන්න ඕන. ඒ කාලේ මම ඔය උයන පිහන බඩු ගැන දන්නේ නැහැනේ. ඒත් මේක නැතත් අවුලක් නැහැ). නට්මෙග් එකක් මෙන්න මේ වගේ. .


 මේ ද්‍රව්‍ය ටික කිව්වේ අඟල් 8 x 8 කේක් පෑන් එකකට ඇති වෙන විදියට.

 මෙන්න මෙහෙමයි හදන්නේ -

 මුලින්ම අවන් එක ෆැරන්හයිට් 325 ට රත් වෙන්න දාන්න ඕනේ. සෙල්සියස් නම් 160 වගේ. ඇපල් පොතු ඇරලා (පීලරයක් ගත්තොත් ලේසියි) කැමති විදියට කෑලි කපා ගන්න. මමනම් කැපුවේ මේ විදියට. ඇපල් කෑලි වලට දෙහි යුෂ ටිකක් එකතු කරන්නත් අමතක කරන්න එපා. නැත්නම් කහට පිපෙනවා.


කේක් පෑන් එක පතුලට තෙල් කොලයක් දාලා වටේටත් තෙල්/බටර් ආලේප කරන්න.

 සාස්‌පානක් ලිපේ තියලා අර බටර්වලින් 1/3 ක් ඒකට දාලා රත් කරන්න. බටර් ටික දිය උනාම දුඹුරු සීනි ටික දාලා කවලම් කරන්න. ඒකත් දිය උනාම පෑන් එකට ඒ ටික වක්කරලා මේ විදියට හදන්න.


 ඊට පස්සේ ඒක උඩින කපපු ඇපල් කෑලි ටික අතුරලා මේ විදියට සකසා ගන්න.


 දැන් පිටි ටිකට ලුණු, කුරුඳු කුඩු, බේකින් සෝදා දාලා මිශ්‍ර කරලා ඒක පැත්තකින් තියන්න. ඉන් පස්සේ අර ඉතිරි බටර් ටිකට සුදු සීනි ටික එකතු කරලා හොඳට බීට් කරගන්න. ටික වෙලාවකින් බිත්තර දෙක සහ වැනිලා එකතු කරලා ආපහු බීට් කරන්න. දැන් මේ මිශ්‍රණයට අර දොඩමේ ලෙල්ල ග්‍රේටරයකින් ගාගෙන දොඩම් ලෙලි තේ හැන්දක් විතර එකතු කරන්න. මේකට හරි යන්නේ අර තැඹිලි පාට දොඩම් ගෙඩියක්. අනිත් ඒවායේ ලෙල්ල ගොඩක් පැඟිරි රසයි මම හිතන්නේ. දැන් නට්මෙග් ගෙඩියක් අරගෙන එකෙනුත් ඉතාමත් ස්වල්පයක් ග්‍රේටරෙන් ගාලා මිශ්‍රණයට එකතු කරන්න. දැන් පිටි මිශ්‍රනයෙනුත් කිරි වලිනුත් ටික ටික එකතු කරමින් තව දුරත් බීට් කරන්න. අන්තිමට මේ වගේ මිශ්‍රණයක් ඒවි.


 හරි දැන් තියෙන්නේ ඒක අර ඇපල් කෑලි ටික උඩට දාලා පැතලි කරගන්න එක. එච්චර තමයි ඉතින්. ඊට පස්සේ අවන් එකට දාලා විනාඩි 50 ක් විතර බේක් කරගන්න ඕන. කේක් එක බේක් උනාට පස්සේ පිහියක් අරගෙන කේක් එකේ පැති පෑන් එකට ඇලිලා තියනවනම් පිහිය ඒ අතරින් යවලා බුරුල් කරගන්න. ඉන් පස්සේ ලොකු පැතලි දීසියක් අරගෙන ඒක කේක් පෑන් එක උඩ තියලා මුනින් නවන්න. දැන් කේක් පෑන් එක උස්සලා අයින් කරන්න.

ඔය තියෙන්නේ එන්ඩ් ප්‍රොඩක්ට් එක :)


හදල බලන්නකෝ

134 comments:

  1. ඉගෙන ගන්න ඒවට පස්සේ ආවට කෑමකට පස්සේ ඇවිත් බෑ.. මම ආවා ඉස්සෙල්ලම..

    පෙනුමනම් රස පාටයි.. ඇපල් කේක් මම කාලා තියෙනවා.. හැබැයි රෙස්ටුරන්ට් එකක.. මම ඉතින් හදනවා කියලා බොරු පොරොන්දු දෙන්න බෑ.. මදාරට කියලා බලන්න ඕන.. :)

    ReplyDelete
    Replies
    1. අයියෝ මෙයා හරිම පේරෙතයිනේ..එව්වට පනකඩාගෙන දුවන් ඇවිත් එක වෙලා..ෂික් මට නින්ද ගියානේ දවල් වෙනකල්...

      Delete
    2. අර කිව්වා වගේ සිරාවටම කෑමට නම් මුලින්ම ඇවිල්ලනේ ලොකු මලයා...ඇපල් කේක් කෑල්ලක් දෙන්නම් තෑග්ගක් හැටියට..

      Delete
  2. මටත් නම් තාම තෙ එකක් වත් හදා ගන් බැ,,,, :-( මෙ එක නෙමෙ අක්කො හැදුවා වගෙම කැවා නෙද?? :P

    ReplyDelete
    Replies
    1. සිකේ ඒක අහපු කැත...:) කෑවා නේන්නම්

      Delete
  3. මේව නම් ඉතින් අපේ ගෙදර හැදෙන්නේ නෑ.

    ReplyDelete
  4. Replies
    1. හප්පේ ලැජ්ජාවේ බෑ..සාදික්කා ගැන කොච්චර අහල තිබුනත් දැකලා තිබුනේ නෑ නේ

      හැමෝම කවිකාරි නැන්දා කියන්නේ ඔබතුමියට නේද? :) බොහොම සතුටුයි කවිකාරි නැන්දා මේ පැත්තේ ආවට.

      Delete
    2. සාදික්කා රබර් ඇට වගේ පෙනුමට ඒවගෙම ටිකක් හයිය කට්ටක් තියෙන්නෙ. වටලප්පම් වලට කේක් වලට වගේම ග්‍රැටිනේට් කරන සේවරි වලටත් අගෙයි. ඔයා එහෙ ඇවිල්ල වගෙම මම මෙහෙ එනවා කාලයක් තිස්සෙ. පරන කොමෙන්ටුත් ඇති.

      සමහරු නයා කියලත් කියනවා. ඒකෙං තමා ප්‍රසිද්ද උනේ. කාකාට පින් සිද්ද වෙන්න.

      Delete
    3. ඒක තමයි මට අමතක වෙලාද මන්ද..මම ඒ පැත්තේ ගිහින් ෆලෝ කරේනම් ඔන්න අද තමයි ෂුවර් එකටම

      //සමහරු නයා කියලත් කියනවා//

      :)

      Delete
    4. විටක් එදද්දි සාදික්කා පොතු කෑලි දෙක තුනක් එකතු කරහම හප්පේ රස.. ඒ විතරක්යෑ සුවඳ...

      Delete
    5. කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි....සිරි සාර බුලත් විට කාල බලන්

      Delete
    6. ඔන්න සුමිත් මහත්මයාගේ කමෙන්ට් එක හරියට හදලා දානවා...එතකොට අර නැති වෙච්ච කමෙන්ට් ටික පේනවා.. :):)

      කමෙන්ට් එක :

      වසා වාසි කියන්නෙ සාදික්කා මදය වටේ තියෙන පොතු වලට.
      [im]http://www.google.lk/imgres?hl=en&sa=X&biw=1368&bih=621&tbm=isch&prmd=imvnse&tbnid=Nyhl0WlODKQ2EM:&imgrefurl=http://www.moderndaygilligan.com/2010/11/nutmeg.html&docid=5y1avn3rk_5ShM&imgurl=http://www.moderndaygilligan.com/2010/1102_nutmeg.jpg&w=800&h=533&ei=WKifUKm6FseqrAeL64DgDA&zoom=1&iact=hc&vpx=866&vpy=296&dur=6843&hovh=183&hovw=275&tx=129&ty=129&sig=101921885892557748139&page=5&tbnh=135&tbnw=208&start=93&ndsp=25&ved=1t:429,r:77,s:20,i:431
      [/im]

      Delete
    7. ඒත් මං දහ අතේ කල්පනා කළා මොනවද මේ නට්මෙග් කියලා... ඒත් මෙහෙ තියෙන සාදික්කා ඇට කළු පාටයිනේ. කාටවත් කියන්නෙ නැතුව හොරාට හදලා බලන්නෝන :)
      …වැරදුනොත් වස ලැජ්ජාවනේ (එක සැරයක් එහෙම නාගත්තා මං :) )

      Delete
    8. හිහි..ඒ මොනවා හදන්න ගිහිල්ලද නාගත්තේ. කළු පාට වෙලා තියෙන්නේ වේලලද දන්නේ නෑ.

      Delete
    9. ඔව් ඔව්, වේලුවා ම තමයි, අපේ පැත්ත ඕවට ප්‍රසිද්ධයි නේ :) කියන්නත් ලැජ්ජාවේ බෑ, කමක් නෑ අක්කටනෙ... ඒ නිසා ඔන්නොහෙ කියලා දානවා :) මීකිරි වලින් අයිස් ක්‍රීම් හදන්න ගියා මම. හැබැයි ඇඹුල් රස අයිස් කෙසේ වෙතත් ක්‍රීම් එකක් නම් හැදුණා....

      Delete
    10. //මීකිරි වලින් අයිස් ක්‍රීම් හදන්න ගියා මම//

      නයි කයිද රෝස් පාන් කිව්වලු. :))

      ඔය වගේම තමයි අපේ මල්ලිත්. මෙලෝ මනුස්සයෙකුට කන්න බැරි විපිරියාස කෑම හදන්න හරි දක්සයි :)

      Delete
    11. නෑ නෑ මම රෙසිපියක් බලාගෙන හැදුවේ. ඒත් හරිගියේ නෑනේ. ආයෙ සූපවේදිනි සයුරි මහත්මිය ගේ රෙසිපි වලට විතරයි මම කෑම හදන්නේ ඔන්න... ඉන්නකෝ දවසක මම හරියටම මී කිරි වලින් අයිස්ක්‍රීම් හදලා පෙන්නන්න :D

      Delete
    12. හපෝ මටනම් හිතාගන්නවත් බෑ එහෙම අයිස්ක්‍රීම් එකක් ගැන :)

      Delete
  5. ළිහිණිගෙ බ්ලොග් එකේදි සයුරි අක්කා පොරොන්දු වුනේ බිත්තර තම්බන හැටි කියලා දෙන්න නේද? මේක වෙන කෑමක් ගැනනෙ.. ඒ මදිවට අන්තිමට හදලා තියෙන්නෙ හදනවා කිව්ව එකත් නෙමෙයි.. :)

    සුදු සීනි ග්‍රෑම් පිටි ග්‍රෑම් 250 ක්??

    දොඩම් ලෙලි??

    යථා කාලයේ හදලා බලන්නම්..

    ReplyDelete
    Replies
    1. ආ..බිත්තර තම්බන හැටි වෙන දවසක කියන්නම්කො ;)

      //ඒ මදිවට අන්තිමට හදලා තියෙන්නෙ හදනවා කිව්ව එකත් නෙමෙයි.. :)//

      හෑ..ඒ මොකෝ එහෙම කිව්වේ?

      ග්‍රෑම් ගානේ වැරැද්ද හැදුවා..:) දොඩම් ගෙඩියක් කියලා ලිව්වේ ලෙලි ගන්න තමයි..

      Delete
    2. මතෘකාවෙ තියෙන්නෙ ඇපල් කේක් හදනවා කියලනෙ.. ඒත් අන්තිමට හදලා තියෙන්නෙ එන්ඩ් ප්‍රඩක්ට් කියන කෑමනෙ..

      Delete
    3. හෙහ්... මුකුත් කියන්නේ නෑ මං :ඩි

      Delete
    4. //මතෘකාවෙ තියෙන්නෙ ඇපල් කේක් හදනවා කියලනෙ.. ඒත් අන්තිමට හදලා තියෙන්නෙ එන්ඩ් ප්‍රඩක්ට් කියන කෑමනෙ..//

      හපොයි !!! :D

      Delete
  6. සයූ..කලබලෙන් ලියල .."හරී"..!

    රස නහර පිනාගියා පින්තූර ටික දැකල..!

    ඉල්ලීමක් කොරල බලන්න ඕන ගෙදර ඇත්තන්ට...!
    ඔන්න වැරදුනොත් සයුරිව තමා අල්ලන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගෙදර ඇත්තන්ගේ ඉල්ලා ඉල්ලා ඉන්නේ නැතුව වී අයියම හදලා ඒ ඇත්තිටත් දීලා කන්නකෝ...එතකොටනේ ගති :)

      Delete
  7. පින්තූර ටිකෙන් බන්ඩිය පුල් කර ගත්තා අක්කේ..කඩේනුයි කන්නේ තුන්වේලම අක්කේ ඉතිං කොහේ මේක හදන්නද?

    ReplyDelete
    Replies
    1. හනේ..ඔයාටත් මේවා හදන්න කාලයක් එයිනේ. එතකොට හදමු

      Delete
  8. කේක් එකනං රහයි වගේ.

    ReplyDelete
    Replies
    1. රහයි රහයි..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :)

      Delete
  9. හ්ම්ම්ම් සයුරි අක්කගේ කේක් එක දැකලා, කටට කෙලත් එනවා කියන්න ඕනේ හාමිනේට ට්‍රයි එකක් දෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් වැරැද්ද..කොල්ලෝ සේරම ට්‍රයි එක දෙන්නේ හාමිනේට කියලා හදවගන්න. තමන්ම පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ අප්පා...:)

      Delete
    2. මේකනේ කාර්ය බහුල ජීවිතයක්නේ මම ගෙවන්නේ හාමිනේ මොකද එය ගෙදරට වෙලා බලු පැටව් එක්ක සෙල්ලම් කරනවයි. ගෙදර ගිය වෙලාවේ ඉඳන් හුරතල් වෙන එකයි ඇර වෙන වැඩක් තියෙනවද? ඔන්න ඔහේ එයාටම කිව්වොත් තමයි හොඳ. අනෙක් අතට මට එයාට වැඩිය හොඳට උයන්න පුළුවන්. රොටි හදන්නත් මම එයාට කියල දුන්නේ. මට හොඳ පුරුද්දක් තියෙනවා අම්ම ලංකාවට ගියාම තාත්තා එක්ක එකතු වෙලා උයලා.

      Delete
    3. ආ..ඒක මිසක්.

      //ගෙදරට වෙලා බලු පැටව් එක්ක සෙල්ලම් කරනවයි//

      අයියෝ මටත් එහෙම ඉන්න ඇත්තන්

      Delete
    4. අයියෝ සිම්පල් නේ එකට කරන්න තියෙන්නේ. බටර් ගාව ගමන් අහුවෙන හබියෙක්ව හොයාගන්න. එහෙම නැත්නම් ඉන්න කෙනාට බටර් ගාන්න. හිකිස්.....

      Delete
    5. චිහ්..මමනම් බටර් මාගරින් කොච්චර ගෑවත් ගෙදර ඉන්න හම්බු වෙන්නේ නෑ නේ. ලෙක්චර්ස් නොයා නිදාගන්න හදනකොට බලෙන් ගිහිල්ලා දානවා ක්ලාස් එකට :(

      Delete
  10. සයුරි මගේ අළුත් ගෙට එකම එක ගඩොලක් මදි උනා.. දෙන්න බැරිද මේක... ගේ හදල අහවර කරන්න...

    අපිට ඉතින් රෙසපි එච්චර වැදගත් නෑළු.. ඔය බඩහිනි උනහම මොකක් හරි හොද්දක් බතක් හදගෙන කනව ඇරෙන්න.. මෙව්ව ඉතින් කඩෙන් තමා

    ReplyDelete
    Replies
    1. හොද්දක් හදන්න දන්නවා කියන්නෙත් ලොකු දෙයක්නේ ඉතින්..ඒ හින්දා කමක් නෑ.

      මොකද්ද අර ගඩොල් කතාව :-|

      Delete
    2. නෑ මම කිව්වේ අර කේක් එක ගඩොලක් වගේ හයිය හත්තියට තියෙන්න ඇතිනේ....

      එක හොද්දක් නෙවෙයි.. දෙය්යනේ කියල දහ පහලොස් දෙනෙකුට කන්න උයන්න පුළුවන් මට.... මෙච්චර කල් උයපුව කාපු අයත් තාම යහතින් ඉන්නවා

      Delete
    3. අනේ අම්මපා..

      ශා එච්චර හොඳට උයන්න පුලුවන්නම් මරුනේ..අපිත් එන්නම් කාලා යන්න

      Delete
  11. මේක නම් හරි අසාධාරණයි, ඈ... හදන හැටි ෆොටෝ දැම්ම වගේ නෙවි, අර අන්තිම එක දාපු එකනම් වැරදියි ඕං. කාලා ඇවිල්ල වාඩිවුන විතරයි, ආයිත් දැන් බඩගිනියි බඩගිනියි වගේ.

    ReplyDelete
    Replies
    1. හිහි...ඒකට හොඳම විසඳුම තමා ඉතින් එකක් හදාගෙන කන එක. අමාරු නෑ වැඩිය

      Delete
  12. පෙනුමනම් වරදක් නෑ.රසත් ඇති.වැඩේ තියෙන්නෙ මං කේක් විරෝධීයෙක්නෙ. :)


    (සයුරි අක්කේ.. දැන් ගෙදර ඉදන් කෑම හදනව ඇරෙන්න ලස්සන ලස්සන තැන් බලන්න යන්නෙ නැතෙයි.අපි කොච්චර ආසද ඔහෙ තියන තැන් ගැන දැනගන්න.අනේ නිවාඩුවක්වත් දාලා කොහෙහරි ලස්සන පැත්තකට ගිහින් අපිට විස්තර කියන්නකෝ..)

    ReplyDelete
    Replies
    1. // මං කේක් විරෝධීයෙක්නෙ//

      අප්පේ..ඒ මොකද?

      මේ දවස්වලනම් කොහෙවත් ගියේ නෑ නේ මල්ලි. කලින් ගියපු ඒවා ඇති..දාන්නම්කො වෙලාවක.

      Delete
  13. අපොයි. මෙන්න මෙයා කුකරි ක්ලාස් එකක් දාලා.. :-)

    හාමිනේට කියලා බලන්නම්..

    මේ ලඟදි මේල් එකක් ආවා ඇපල් කන්ඩ එපා කියලා..

    ReplyDelete
    Replies
    1. ඔහ්..ඇපල් කන්න එපාලුද? විමල් විරවන්සගේ අණක්ද දන්නේ නෑ

      Delete
  14. හයියෝ සයුරි අක්කේ බඩකින්නේ ඉන්න වෙලාවට මෙහෙම බඩ අවුස්සන්න වටිනවද මං අහන්නේ....? අඩේ මම කාලා තියන ඇපල් කේක් එකේ ඇපල් තිබුනේ නෑනේ සයුරි අක්කේ..ඒ වුනාට ඇපල් කේක් කියලා නම් පෙට්ටියේ ගහලා තිබ්බා

    ReplyDelete
    Replies
    1. හික්..මං හිතන්නේ ඒ කේක් එක හදන්න ඇත්තේ කුඩු කරපු ඇපල් දාලද දන්නේ නෑ නේ :)

      Delete
  15. අම්මෝ මාත් හදනෝ...පින්තූර දාලා පෙනන්නම්කෝ. අර ඇපල් කෑලි ටිකක් පොඩියට කැපුවා නම් මොකද වෙන්නේ?:)

    අපි ඇපල් උයනවා. ඒ ගමන් 'ඔබ ඇපල් මලක් වාගේ' කියලා සිංදුත් කියනවා...:D

    ReplyDelete
    Replies
    1. ඇපල් උයනවා.. පොඩ්ඩියෙ රෙස්පිය දැම්මනන් නරකද

      Delete
    2. පික්චර් එකක් කමෙන්ට් කළා,හරිගිහින් නෑ වගේ...

      Delete
    3. කමෙන්ට් එකේ අන්තිම [/im] ඒක හරියට වැටිලා නෑ මං හිතන්නේ. වසාවාසි යොදා ගන්නේ මොනාටද කියලා කියන්නකෝ කවුරුහරි.

      ඇපල් උයලා මාත් කාලා තියනවා. ඇඹරෙල්ලා තරම්නම් හරි ගියේ නෑ ඉතින්. ඒත් හොඳයි.

      Delete
    4. //අර ඇපල් කෑලි ටිකක් පොඩියට කැපුවා නම් මොකද වෙන්නේ?:)//

      එතකොටනම් චොර වෙලා යාවි. :))

      Delete
    5. ඒ කියන්නේ ඇපල් උයද්දී සීනි දාන්නත් ඕනෙද.. අබරැල්ල උයද්දී සීනි දානවා නේ..

      මම අබරැල්ල උයල නෑ.. කන්නේ නැති කෑම උයල වැඩක් නෑනේ ..

      Delete
    6. මමනම් සීනි දැම්මේ නැද්ද කොහෙද,

      //මම අබරැල්ල උයල නෑ.. කන්නේ නැති කෑම උයල වැඩක් නෑනේ//

      හපොයි දෙවියනේ..ඔය කට මොකටද මී ගොඩයෝ

      Delete
    7. @මී ගොඩයෝ...මම නම් ඔච්චර උයන්ට දන්නේ නෑ. ලේසි විදිය මෙහෙමයි. කොල පාට ඇපල් ගෙඩි කීපයක් අරන් හීනියට කපලා, තෙල් ටිකක් ලිපේ තියලා රත් කරලා, ඒකට දාන්ට. ඊලඟට කහ ටිකක්, ගම්මිරිස්, කෑලි මිරිස් අතට අහුවෙන ගානට දාලා, ඉක්මනින් බාගන්ට. ලුණු අන්තිමට දාන්ට. නැත්නම් ඇපල් වතුර වෙන්ට බලනවා. වැඩි වෙලාවක් ලිපේ තියන්ට අවශ්‍ය නෑ.

      ඕනිමනම් ඔය දීසියට 'පොඩ්ඩි ඇපල්' කියන නම් දාගත්තට වරදක් නෑ.:D

      Delete
    8. ඔව් ඇපල් උයල හරි රහයි...කොළ පාට ඇපල් තමා හැබැයි. රතු ඒවා ට්‍රයි කරේ නැහැ පැණි රස වෙයි කියල.
      පොඩ්ඩි ගේ රෙසිපි එකට චුට්ටක් වෙනස් විදිහට මම හදන්නේ...මම නම් පොල් කිරිත් චුට්ටක් දානවා....

      @Mee godaya
      රහ කැමති විදිහට තුනපහ එක්ක හිතුනොත් සීනි හරි ඊට පොඩ්ඩක් වෙනස් රහක් ඔනෙ නම් බැදපු තුනපහ හරි දානවා.

      Delete
    9. මාත් රතු ඇපල් නම් උයලා කාලා නැහැ. කොළ ඇපල් තරම් ඒවා හරි යන්නේ නැතුව ඇති වැඩේට.

      Delete
  16. මෙහෙ කඩවල තියෙන ඇපල් කේක් නම්, ඇපල් ගෙඩියේ හැඩයට තමා හදල තියෙන්නේ...පැණි ගුලියක් xD

    ReplyDelete
    Replies
    1. අප්පා එහෙමද..වැඩිය කන්න එපා එහෙනම්. චම්මා කාලෙකට පස්සේ :)

      Delete
  17. මේක හරියන්නේ නෑ. මෙච්චර ලාබෙට ඇපල් තියෙද්දී වෙන කාගෙන්ද ගත්ත නේද? :(
    මේවා හදන්න නම් බඳිනකම්ම ඉන්න වෙනවා. කෑම උයන්න පුළුවන් උනාට කම්මැලියි. මම සාමාන්‍යයෙන් කරන්නේ ඔක්කොම කලවම් කරලා අමුතු ඒවා හදනවා. ගොඩක්ම වෙලාවට ඒවා නියමෙට එනවා. අමුතු රසවල් එක්ක.

    ReplyDelete
    Replies
    1. අප්පේ මට ඔයාව හැම තිස්සෙම මතක උනා මේක ලියද්දි.

      //මම සාමාන්‍යයෙන් කරන්නේ ඔක්කොම කලවම් කරලා අමුතු ඒවා හදනවා.//

      මේකත් හොඳ වැඩක්..මතකනේ රැටටුල්ලි

      Delete
  18. හම්මා.... අර අන්තිම පින්තූරෙ දැක්කාම නම්.............. කෙල ගිලුන අහෆ්ෆා.. ඔව්වා හදන්න අමාරුයි :( මට කවුරුහරි හදලා ලස්සන මල් වැටිච්ච පීරිසියක තියලා තඩි කෑල්ලක් ගෙනත් දෙනවානම්................:D

    ReplyDelete
    Replies
    1. අමාරු නෑ අනේ..හදල බලන්නකෝ :)

      Delete
    2. ඇයි හිතූ මල් වැටිච්ච පීරිසිය නැතිනම් කේක් එකේ රස එන්නේ නැද්ද? මට නම් අර රූපෙ දකින කොටත් රසාංකුර පිනා යනවා..

      Delete
    3. රසාංකුර කොහෙද තියෙන්නේ අයියේ? දිවේ වෙන්ටෝන

      Delete
  19. මෙන්න කටට කෙල උනන කෑමක් . සීනි නම් තමයි දැකලත් අහක බලන් යන්න බැ. ඇපල් වෙනම කාලා කේක් වෙනම කෑවත් නරක නෑ.

    අර රෙසපි එක කොහොම වුණත් අතේ ගුණය සහ පදම තිබුනාම කේක් විතරක් නෙවේ ඕනැම කැමක් නියමයි. මේකත් එහෙමයි.

    අර තුන්වැනි පිංතූරේ කේකෑල්ලෙන් මුල්ලක් කඩන කැවා නේද. හදල ඉවර වෙනකල් ඉවස්නෙ නැතුව.ඒක තමයි ශ්‍රී ලාංකේය අනන්‍යතාවය.

    ReplyDelete
    Replies
    1. කේක් එකට ලකුණු දුන්නට බොහොම ස්තුතියි..

      //අර තුන්වැනි පිංතූරේ කේකෑල්ලෙන් මුල්ලක් කඩන කැවා නේද//

      අනේ මම කොහොමහරි ඉවසගෙන හිටියා ෆොටෝ එක ගහනකන්. ඊට පස්සේ නම් කෑවා ඉතින් :)

      Delete
  20. නියමයිනේ . මන් නම් වැඩිය හදන්නේ මෆින් තමයි. ඔය අරවා මේවා දාලා හැන්දෙන්ම කවලම් කරලා අවන් එකට ඔබන්න පුළුවන් .

    හැබැයි අපේ බනිලගේ තාත්තා කැමති චොකලට් කේක් වලට .

    මේක හදල බලන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ම්ම් චොකලට් කේක් වලට මාත් ආසයි...හදල බලන්නකෝ මේකටත් ආස වෙයි :)

      Delete
  21. හරිම හොඳයි නේ සයුරී. පුදුමෙ සාදික්කා නොදැන සිටීම. කොහොම උනත් මාත් හදලා බලනවා මේක. කොහොමත් මම හරිම ආසයි අලුත් කෑම හදන්ට. මේක හරියට පයිනැපල් අප්සයිඩ් ඩවුන් පුඩිම වගේ.

    ReplyDelete
    Replies
    1. හදල බලන්නකෝ හරිම ලේසියි :)

      //පුදුමෙ සාදික්කා නොදැන සිටීම//

      ඒකනේ :( උයන පිහන එව්වට අතගැහුවේ ලඟදි නේ..දැන්නම් ගොඩක් දුරට දන්නවා.

      // පයිනැපල් අප්සයිඩ් ඩවුන් පුඩිම වගේ.//
      අන්න හරි

      Delete
  22. අක්කා ඕකට තව brandy වගේ මොනා හරිත් දාමු නේද රස වගේම ගුනත් වෑඩි වෙන්න.....ඔනිමනම් තම තමන්ගෙ කෑමෑත්ත අනුව අර කොල්ලො හදට යනකොට ගන්න එවත් චුට්ටක් දාමු ;)....තවත් කෑම හදන ව්දිය ගෑන ලියන්න...එල කොල්ලට ගොඩාක් ප්‍රයෝජනයි මේවා!!

    ReplyDelete
    Replies
    1. අහා...බ්‍රැන්ඩි එච්චර ගුණයිද? බඩේ අමාරුවලට එහෙම හොඳ ඇති. කොල්ලෝ හඳට යනකොට...හ්ම්ම් ඒ මොනාද අප්පා

      Delete
    2. අර අරවා...අරවා

      Delete
    3. අපෝ බ්‍රැන්ඩි ටික කේක් වලට දාන්නෙපා. බැරිවෙලාවකවත් කේක් එක චොර වෙලා හදාගත්තොත් බ්‍රැන්ඩි ටිකත් අපරාදේ.

      අද එල කොල්ලා කලිං ඇවිත්.

      Delete
    4. බලපල්ලකො මෙයාගේ පෙරේත කම :)

      Delete
    5. එල කොල්ලටත් කලින් එන්න පුලුවන්:D

      Delete
  23. මගේ කමෙන්ට් එක වහා ස්ථාන ගත කරණු !!

    ReplyDelete
    Replies
    1. අනේ ඉවසා වදාරනු මැනවි සෙන්නා තුමනි. කමෙන්ට් 10 ක් විතර නැති වී ඇත. ඊ මේල් එකේ ආවට බ්ලොගේ පෙන්නන්නේ නැත :( හේතුව සොයා ගැනීමට බැරිය

      Delete
    2. හැබෑව, කෝ මගේ එක. :)

      Delete
    3. ආ ඔන්න හරි ගියා...

      Delete
    4. මොකක් කරලද හරි ගියේ.. ? අපිටත් දැන ගන්න එක්ක කියලා තියන්න.

      Delete
    5. සුමිත් මහත්මයා දාපු පික්චර් කමෙන්ට් එකේ වරහනක් අඩුවෙන් තිබිලා. ඒක හැදුවම හරි ගියා...

      Delete
    6. අඩේ ..... මාත් මීට පස්සෙ වරහන් අඩුවෙන් කමෙන්ට් දාන්ටෝන. කෝමද කස්ටිය දෙකොන මාරුවෙල ලෙඩේ හොයද්දි. :)

      Delete
    7. හිහි...ඇත්තටම දෙකොන මාරු උනා නේන්නං :)

      Delete
    8. Preview එක නොබලා කෙලින්ම පබ්ලිෂ් කරලා වැඩේ අල වුනා,

      කට්ටියම සමා වෙන්ඩලා වැඩි වැඩ කරන්න ගිහින් වෙච්ච කාරුමික දොසෙට.

      Delete
    9. හනේ ඒකට මක් වෙනවද? මාත් ඔය ප්‍රිවිව් බල බල ඉන්නේ නෑ...ඒක බල බල පබ්ලිස් කරන්න බෑ අප්පා :) තාමත් පින්තුරේ නම් වැටුනේ නෑ..මොකද මන්දා

      Delete
    10. එහෙම වෙන කෙනෙක් දාපු කමෙන්ට් එකක් හින්දා අනිත් අය දාන ඒවත් බ්ලොක් වෙනවද ? අනික සයුරි කොහොමද ඒ කමෙන්ට් එක හැදුවෙ ? බ්ලොගර් වල කමෙන්ට් එඩිට් කරන්ඩ පහසුකමක් තියනවද ? ලෙඩේ හොයා ගත්තු එක සෑහෙන හපන් කමක්..

      මම, මගෙ බ්ලොග් ඉතිහාසෙටම ප්‍රීවීව් එකක් බලලා නෑ කමෙන්ට් එකක් දාද්දි.

      Delete
    11. හ්ම්ම්...නිකන් කමෙන්ට් එකක් හින්දා නම් එහෙම වෙන්න විදියක් නෑ. ඒත් මේක පික්චර් කමෙන්ට් එකක්නේ. ඒවායේ තියනවා [im] කියන ටැග්. ඉතින් ඒ කමෙන්ට් එකේ closing tag එක තියෙන්න ඕනේ [/im] කියලා. ඒත් එකේ '/' එක හැලිලා තිබුනේ. ඒ හින්දා ඊට පහළ කමෙන්ට්ස් කම්ප්‍රෙස් වෙලා මොකක් හරි අටමගලයක් වෙලා :D මටත් ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ.

      වෙන කෙනෙක්ගේ කමෙන්ට් එඩිට් කරන්නනම් බෑ මම හිතන්නේ. මම කරේ පහලින් අලුත් එකක් දාපු එක.

      Delete
    12. දැක්කද මම ඒ ටැග් එක ලිව්වම ඊට පස්සේ වචන වගයක් හැලිලා තියන හැටි. (ඊ මේල් එකේ එන කමෙන්ට් එකෙයි මගේ උඩ කමෙන්ට් එකෙයි වෙනස බලන්න.)කමෙන්ට් වලටත් වෙන්න ඇත්තේ මේකම තමයි.

      Delete
    13. මට නෝතේරුනා වුනත් පැහැදිලි කලාට ස්තූතියි සයුරි..

      Delete
    14. මේක මටත් හරියටම කියන්න තේරෙන්නේ නෑ සෙන්නයියා :(..ඉතින් නොතේරුන එකේ පුදුමයක් නෑ

      Delete
  24. හප්පේ...ඇපල් කේක්. ඔයාත් ඉතින් මම නැති අතරේ තමා කේක් හදන්න ගන්නෙත් නේද...හරි නරකයි. කොහොම උනත් මේක නම් කාලා නැති කේක් එකක්. කලින් කොහෙන්වත් හදලා නෑ. ඉස්සරහට නිවාඩු දවස් තියෙනවනේ...මේක හදන්නම්... හැබැයි අර නට් මෙග් කියන ඒවා නම් හොයා ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හලේ..ඔයාටනම් මේක කජ්ජක් නෙමෙයි. ඔයා හොඳ ඉවුම් පිහුම් කාරී නේ :) නට්මෙග් කියන්නේ සාදික්කා ලු. හොයාගන්න පුළුවන් වෙයි..ඒක නැතත් අවුලක් නැහැ..හදල බලන්නකෝ.

      Delete
  25. පෙනුමත් රස පාටයි.... හදල බලන්න ඕන... ඔන්න අපි ඔෆිස් යාළුවො දෙන්නෙකුටත් රෙසිපි එක දුන්නා... කොහෙන් හරි ඇපල් කේක් කෑල්ලක් කන්න ලැබේවි. සයුරි නංගි හොද ගෘහණියක්නෙ..

    ReplyDelete
    Replies
    1. හනේ එහෙම කිව්වට ස්තුතියි තරු අක්කේ :)

      හොඳයි හොඳයි යාළුවොන්ටත් රෙසිපි එක දීපු එක. එයාල හැදුවොත් අනිවාරෙන් කෑල්ලක් ලැබේවි

      Delete
  26. ඇපල් කේක් කියලා කිව්වම මගේ ඔළුවේ ඇඳෙන්නෙම ඉස්සර මම් මොන්ටිසෝරි යනකොට අපේ අම්මා මට දවල්ට කන්ඩ අරන් දීපු ඇපල් ගෙඩියක හැඩේට තියෙන කේක් එක. ඒකේ නැට්ටකුත් තිබ්බා. හරියට අපල් ගෙඩියක් වගේමයි.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මට කියලා හදෝගෙනම කන්න ඕනා.

      Delete
    2. මම දැකලම නැහැනේ ඒ ජාතියේ කේක්.

      අනිත් අය ගෑනු ළමයට කියලා හදවගන්න ට්‍රයි කරද්දී මේ ළමයා අම්මට කියලා හදවන්න හදනවා. එහෙම හොඳ නෑ නේ. මුලින්ම කෙල්ලෙක් හොයලා පස්සේ කේක් හදවගමු නේද

      Delete
    3. එහෙනං මට ඉක්මනටම අපල් කේක් කන්ඩ වෙන්නේ නෑ..

      Delete
    4. ඒම හිතන්න එපා..

      Delete
  27. මට නම් බටර් කේක් තමා හොඳ මොනා තිබ්බත්... :)))))

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙනම් මුලින් බටර් කේක් කාලා ඇපල් වෙනම කන්න :)

      Delete
  28. හපොයි කේක් හැදිල්ලට මම නං කැමතිම නෑ. කවුරුහරි හදල දුන්නොත් වගකියනඑක නං වෙනම දෙයක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඔහොම තමා ඉතින්

      Delete
  29. ඇපල් කේක් රෙසිපියක් මමත් හොය හොයා හිටියේ... හදන්නම කියලා හිටියත් අමතක වෙලා තිබුණේ... සයුරිගේ කේක් එක දැක්කම හදන්නම හිතුනා...

    හදනවා කිව්වට මම නම් නෙවෙයි ඕං... නෝනි තමා හදන්නේ... මම කොරන්නේ අත්උදව් දෙන එකයි, ටෙස්ට් කරන එකයි තමා... හදන හදන හැම කෑමම ටෙස්ට් කරන ජොබ් එකත් ටිකක් භයානක වැඩක්... මොකද ඇපල් කේක් කියලා හදන්න ගත්තට එන්ඩ් ප්‍රඩක්ට් එක මොකක් එයිද දන්නේ නෑනේ !

    ළඟදී නෝනි පොල් කේක් හැදුවා... හැබැයි අපිට කන්න ලැබුනේ නම් ගල් බනිස් වගේ ජාතියක්...:P

    (නෝනිට එහෙම කියනවා නෙවෙයි ඕං.!!!)

    බොහොම තැන්කූ රෙසිපිය දැම්මට !!! ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. //හැබැයි අපිට කන්න ලැබුනේ නම් ගල් බනිස් වගේ ජාතියක්...:P//

      හිහි...එහෙම කියන්න එපා අනේ. ගල් බනිසුත් නරක නෑ. අපිටත් බැරිද ඒ පොල් කේක් රෙසිපිය දැනගන්න.

      මේකත් හදල බලන්නකෝ. වරදින්න තියන සම්භාවිතාව හරිම අඩුයි.

      Delete
    2. පොල් කේක් එකට දාන රට ඉඳි ඉස්සරල දවසෙ කහට තේ ටිකක් එක්ක ආප්ප සෝඩා ටිකක් දාල තියල අරං පොල් කේක් එක අනන විට දාන්න. පොල් කේක් ගල් කේක් නොවේවි

      Delete
    3. ස්තුතියි කවිකාරි අක්කේ (නැන්දේ ?). මේ වගේ කාරණා හැමෝගෙන්ම දැනගන්න බෑනේ. මං නෝනිට කියන්නම්කෝ මෙහෙම කරන්න කියලා... බොහොම ස්තුතියි උපදේසෙට !!!

      Delete
  30. නංගිට තමයි හදන්නේ.ඒයාට කියලා හදලා බලලම කියන්නම්කො.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. නංගිට කියල බලන්ටකෝ :)

      Delete
  31. දැන් මේ මෙච්චර බඩගින්නේ ඉන්න මට අක්කා කෑල්ලක් ගෙනත් දෙනවමයි නේද.....

    ReplyDelete
  32. ම්..රස පාටයි..
    සයුරිගේ රෙසිපි වලින් මම කියවපු පළවෙනි එක...තව ඉස්සරහට තියේවි නේද?

    ReplyDelete
    Replies
    1. මේක තමා පළවෙනි රෙසිපිය රූ. බලමුකෝ ඉස්සරහටත් දාන්න.

      Delete
  33. මේ පෝස්ට් එක අම්මට පෙන්නන්න ඕන. ඊලඟපාර ගෙදර ගියාම ඇපල් කේක් එකක් හදවගන්න. දැන් ඉතින් නට් මෙග් කියන්නෙත් මොනාද කියලා දන්නවනේ. කේක් එකේ ඇපල් කෑලි හැපෙනකොට හරි රසට ඇති නේද?
    මේ ඒක නෙවි.. මම කියන්නද ඇපල් කේක් හදන ඔයිට වඩා සිම්ලිෆයිඩ් රෙසිපියක්.(මේ වගේ එකක් නම් ඉතින් අපි වගේ ආධුනික අයට වුනත් මුලින්ම ට්‍රයි කරන්න පුළුවන් :) ඔන්න ලියාගන්න. අවශ්‍ය ද්‍රව්‍ය: බටර් කේක් එකක් සහ ඇපල් කෑලි. ක්‍රමය: බටර් කේක් එක තුලට ඇපල් කෑලි ඔබන්න.ඉන්පසු කේක් එක කෑලි වලට කපන්න.. කෝමද ටිකිරි මොලේ

    ReplyDelete
    Replies
    1. //කේක් එකේ ඇපල් කෑලි හැපෙනකොට හරි රසට ඇති නේද?//

      ඔව් ඔව්..ඇපල් කෑලි ගොඩක්ම පොඩි කරන්න හොඳ නැත්තේ ඒකයි. එතකොට චොර වෙනවනේ.

      ඔයාගේ සිම්පල් රෙසිපිය මාරයි නේ..අපරාදේ මම මෙච්චර මහන්සි උනේ :)

      Delete
  34. කේක් එකේ පෙනුමනම් නියමයි... රසත් ඒ වගෙම ඇති කියල හිතනව.... දැක්කම කන්නමයි හිතෙන්නේ.....හික්

    ReplyDelete
    Replies
    1. රහයි රහයි සමනලී..හදලා බලන්නකෝ

      Delete
  35. ම්ම් මටත් හදන්න හිතුනා :)

    ReplyDelete
  36. nutmeg කියන්නෙ සාදික්කා වලට නේද සයුරි අක්කේ??? ඒක නෙවෙයි කාලෙකින් පහන් යායට ගොඩවෙන්න ලැබුණු වෙලාවෙ මාර ට්‍රීට් එකක්නෙ හම්බුනේ...තැන්කූ ආ... :D

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා ඔය කවිකාරි නැන්දා කිව්වේ...

      ඔන්න කාලෙකින් ආපු මකුළු නගාට ඇපල් කේක් කෑල්ලක් :)

      Delete
  37. දැන් ඉතින් හදපියකෝ ඇපල් කේක්.....:D
    බොහොම ස්තූතියි සයුරි. නිවාඩු වෙලාවක හදලා බලන්නම්. බේකිං සෝඩා කොච්චර විතර මේකට දාන්න ඕනිද. ප්‍රමාණය වැරදුනොත් කේක් එක කන්න බැරි වෙයි නේද...

    ReplyDelete
    Replies
    1. හදල බලන්නකෝ ප්‍රියන්ත අයියේ..ඔව් ඔව් බේකින් සෝඩා වැඩිය දැම්මොත් අප්සට්. මම දැම්මේ තේ හැන්දකින් බාගයක් වගේ..

      Delete
  38. අවතාර්ගේ ලින්ක් එක දිගේ ආවේ. ඇත්ත නේන්නම් ඔයා මුලින්ම අවන් එක රත් කරනවනේ. ඔය කේක් එකේ මුල ටික කරත්දී ගින්දර ඇවිලෙන එක අහන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හිහි...මුලින්ම අවන් එක ගානට රත් කරන්න ඕන නේ..නැත්නම් වැඩේ අවුල් යනවා ;)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...