Friday, January 18, 2013

කළකිරීමෙන් ලියමි...

සතුට ගැන ලිපියක් ලිය ලිය හිටියේ...ඒත් මොන සතුටක්ද? මේ වෙන දේවල් ඇහුවම :(

ඊයේ  හැමෝම වගේ මූණු පොතේ කළු කොඩි දාගෙන ඉන්නවා දැකලා බලද්දී තමයි සිද්ධිය දැනගත්තේ.

"NDT එවුන් අපේ එවුන්ට ගහල ලු"

ඕක ඉතින් අවුරුද්දකට සැරයක්වත් වෙන දෙයක්නේ...

"නෑ මේ පාර ඊට වඩා බරපතලයි. කඩු, පොලු අරගෙන හොස්ටල් වලට පැනලා. හොස්ටල් වල ළමයි කාමර ඇතුලට පැනලා දොරවල් වහගත්තම කඩු වලින් ගහලා දොරවල් කුඩු කරලා...පෙට්‍රෝල් බෝම්බ දාලා ගිනි තියලා...ගර්ල්ස් හොස්ටල් එකටත් ගහලා...එකෙක් ICU එකේ"

මේ මම කනින් ඇසූ දේවල් මිස ඇසින් දුටු දේවල් නොවේ.  එහෙත් ඇසින් දුටුවන් කියන දේ මමද විශ්වාස කරමි.


NDT - BSc ප්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. එය අඩු තරමින් අවුරුදු 10 කට වඩා පැරණිය. මිනී මරාගන්නා තරමට එය ඔඩු දුවන තෙක් ඇස් කන් පියාගෙන සිටි බලධාරීන් ගැන වෙනම කතා කළ යුතුය. 

එදා පටන් අද දක්වා මේ සම්බන්ධ වලි වලින් විශ්ව විද්‍යාලයට අඩුවක් උනේ නැත. දෙකොට්ඨාෂයේම අභ්‍යන්තර ගැටුම්ද නොතිබුනා නොවේ. මේ නිසා "වලි" යනු මොරටුවට අරුමයක් නොවේ. එහෙත්,

"කාන්තා නේවාසිකාගාරවලට පහර දීම, සති කිහිපයක පටන් සැළසුම් කර කඩු, පෙට්‍රෝල් බෝම්බ වැනි දේ යොදාගෙන සංවිධානාත්මකව සිසුන් කොටු කර පහර දීම" වැනි දේවල් මා දන්නා ඉතිහාසයේදී නම් සිදු වී නැත. වඩාත්ම කණගාටුවට කරුණ නම් BSc ගැහැණු ළමුන්ගේ නිදන කාමර පෙන්වා ඇත්තේ NDT ගැහැණු ළමුන් බව අසන්නට ලැබීමයි. හතර වටින්ම ගේට්ටු වසා දමා සිසුන්ට පිට වීමට නොදී එකෙක්ගේ ඔලු කට්ට පුපුරන තෙක් මුගුරු වලින් ගැසීමට තරම් සරසවි සිසුන් සාහසික වන්නේ කෙසේද? 

අද ඒ සිසුවා ජීවිතයත් මරණයත් අතර සටනකය. 

සිද්ධියේ විස්තර සහ පින්තූර බැලීමට අවශ්‍ය නම්...

මේ සියල්ල කර අවසානයේ "කැම්පස් එක අපේ...NDT අපි" යනුවෙන් ජයග්‍රහණය සලකුණු කර තිබුණු සැටිද අපි පින්තූර වලින් දුටුවෙමු. ඇත්තටම ඔය කැම්පස් එක ඔබට බාර දී එතනින් ඉංජිනේරු පිඨය ඉවත්ව යයිනම් මමනම් කැමතිය. NDT අයට දියගම හදනවා කියන ගොඩනැගිලි ටික ඉංජිනේරු සිසුන්ට ලබා දේ නම් ඒකත් එකකි. 

NDT සිසුන් මොරටුවෙන් එළියට යාමට අකමැති වීමට හේතු කිහිපයක් තිබිය හැක. අපි දන්නා තරමින් එකක් "අන්තරය" යි. NDT සිසුන් හරහා මොරටුව සරසවිය තුළට දේශපාලනය ඉතාමත් නින්දිත ආකාරයට රිංගා ඇති බව පැවසීමට බිය විය යුතු නැත. ඔවුන් එයින් ඉවත් වුවහොත් අන්තරයේ මුල් මොරටුවෙන් ගැලවී යාම ඔවුන්ට නිසැකවම ලොකු ප්‍රශ්නයකි. අනෙක ඩිප්ලෝමා - ඩිග්රි ප්‍රශ්නයයි. NDT යනු ඩිප්ලෝමා පාඨමාලාවක් වන තාක් එය ඩිග්‍රියක තත්වයට ගෙන ආ නොහැක. එය ඉංජිනේරු උපාධිය හා සම තත්වයකට ගෙන එයිනම් අදාළ පාඨමාලා කාලය වසරකින් දිගු කර අනෙක් අධ්‍යාපන/ප්‍රායෝගික සාධක එකතු කර විෂය නිර්දේශය සකස් කළ පසු එයද  ඉංජිනේරු ඩිග්රියක් වනු ඇත. එහෙත් එසේ කරයිනම් දැනට ඉංජිනේරු පීඨයට බඳවා ගන්නා ඉංජිනේරු සිසුන් + NDT සිසුන් ට සමාන ප්‍රමාණයකට ඉංජිනේරු සිසුන්ම බඳවා ගත හැක. එවිට NDT කියා පාඨමාලාවක් අවශ්‍ය නැහැ නේද? එවිට සියල්ලෝම ඉංජිනේරුවන් වනු ඇති. තාක්‍ෂණ වේදීන් නැති වී යනු ඇති. එය කොයි තරම් නුවණට හුරුදැයි මදක් සිතා බලන්න. 

කෙසේ වුවත් අපේ අය සම්පූර්ණයෙන් සුද්ද කිරීමටද මට අවශ්‍ය නැත. වැඩි ලකුණු ලබා ඉංජිනේරු පිඨයට ඇතුල් වූ පමණින් අන් සියල්ල තමාට වඩා පහත්යයි සිතීම උගත් කමට තරම් නොවේ (මෙය කිව්වේ එසේ සිතන අයටය.) තවත් කෙනෙක් අවතක්සේරු කර තමන් ගැන ලොකුවට සිතා සිටින අයටම අනාගතයේ අර අවතක්සේරු කළ කෙනා යටතේ වුවද වැඩ කරිමිට සිදු වීමට බැරි කමක් නැත. වැදගත්කම ඇත්තේ ඩිග්රියේද දක්ෂතාවයේද යන්න සිතීම ඔබට බාරය. ඔබ ඔවුන්ට වඩා දක්ෂනම් ඔවුන්ව අවතක්සේරු කර තැන තැන එය ප්‍රකාශ කිරීම අවශ්‍ය නැත. දක්ෂ කම යනු ඉබේ ඉස්මතු වන දෙයක් බැවිනි. එමෙන්ම NDT අයටද දක්ෂ කම පෙන්වීමට සමාන ඩිග්‍රියක් ඉල්ලීම අවශ්‍ය නැත. ඔබ දක්ෂනම් නිසි තැන ඔබට ලැබෙනු ඇත. විශ්ව විද්‍යාලයෙන් එළියට ගිය පසු රැකියාවල  උසස් වීම් ආදිය ලැබෙන්නේ ඩිග්‍රිය මත නොව, දක්ෂ කම මත බැවිනි. (අඩු තරමින් මේ ක්ෂේත්‍රයටවත් තවමත් සැලකිය යුතු තරමකට දේශපාලනය රිංගා නැති බව මම විශ්වාස කරමි ). එනිසා මොරටුව සරසවියෙන් එළියට යාමටද ඔබ අකමැති විය යුතු නැත.

එමෙන්ම මේ ගැටුමද අහසින් කඩා පාත් වූවක් නොවේ. එය මිට කලින් සිදු වූ ගැටුමක ප්‍රතිඵලයකි. ඒ ගැටුමේදී BSc සිසුන් පිරිසක් විසින් NDT සිසුවෙකුගේ බයික් එකක් විනාශ කර ඇත. එයද කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ.  එහෙත් බයික් එකකට පලිය ගන්නේ සංවිධානාත්මක මිනී මැරීමකින්ද යන්න සිතා බැලිය යුතු කරුණකි.


කෙසේ වුවද, දෙපිරිසම දැන ගතයුතු කරුණක් වන්නේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු බර මතින් ඔබ විශ්ව විද්‍යාලයට පැමිණියේ ඒ බදු මුදල් වලින් ඉගෙනගෙන රටට වැඩක් කර ඒ ණය ගෙවීමට මිස දෙපසකට බෙදී කුලල් කා ගැනීමට නොවේ. නිකන් ලැබෙන නිදහස් අධ්‍යාපනය ඔබ තුට්ටුවකට මායිම් නොකරන්නේ ඔබට එය නිකන් ලැබෙන බැවිනි. ඔබේ ඔය සෙමෙස්ටරයක මුදල්මය වටිනාකම කීයක්දැයි කියා ඔබ දන්නවාද? දවසකට පැය ගණනක් පීසා කඩයක හෝ ෂෙඩ් එකක වැඩ කරන ගමන් ඉගන ගන්නා තත්වයට ඔබ පත්ව නැත්තේ ඔය නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නටය. රටේ අහිංසකයින්ගේ බදු මුදල් වලට පින් සිදු වන්නටය. ඒ කිසිවක් නොදුටුවා සේ  "අපි විශ්ව විද්‍යාල සිසුන්" යයි මහන්තත්වයකින් උදම් වී එකිනෙකා මරාගන්නා ඔබ, ඒ නිදහස් අධ්‍යාපනයේ මළගම ළඟදීම සනිටුහන් කරනු ඇත...දේශපාලුවන් අතින් ඒ දේ සිදු වීමට පෙර ම....

අවසාන වශයෙන්,

රොෂාන් සොයුර, ඔබට "ඉක්මන් සුවය" පමණක් පැතීමට සිදුවීම ගැන අපි අප්‍රමාණව සතුටු වෙමු. 





141 comments:

  1. මම ඔය සිද්ධිය සැරින් සැරේ මතු වෙනකොට එහෙන් මෙහෙන් අහලා තිබුනට මොකක්ද පසුබිම කියලා හොයන්ඩ උත්සහා කළේ නෑ, මම එහෙම හෙව්වයි කියලා වැඩකුත් නැතිනිසා..

    මේකනම් බොහොම කණගාටුදායක තත්ත්වයක්.. කට්ටිය ඔහොම මරා ගන්නකොට අරෙහෙන් පුද්ගලික් විශ්ව විද්‍යාල ගජරාමෙට නැගලා යනවලු නේද ? සල්ලි තියන එක ඒවට ගිහින් ඉගන්න ගන්නවා නැති එකා මේවට ගිහින් කාබාසිනියා වෙන තත්ත්වයක් තමා නිර්මාණය වේගන එන්නෙ.

    // "කැම්පස් එක අපේ...NDT අපි" //

    බල්ලොත් රණ්ඩු කරලා දිනුවට පස්සෙ අන්ඩ උස්සලා සුළුදිය පිට කරල තමන්ගෙ සීමාව ලකුණු කරගන්නවා දැකලා තියනවද ?

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/photo.php?fbid=573344682693478&set=o.405765766168623&type=1

      Delete
    2. ඇනෝ,

      මම ෆේක් බුක් පරිහරණයක් නෑ... ඔය කියන එක බලන්ඩ පුලුවන් වෙන මොකක් හරි ලින්ක් එකක් දෙන්ඩකොහ්..

      Delete
    3. ඔව් සෙන්නයියා, මේ වැඩෙන් වෙන්නේ රජයේ විශ්වවිද්‍යාල වල තත්වය බින්දුවට වැටෙන එක. හැමදාම ගැටුම්, ස්ට්‍රරයික්(ඇකඩමික්, නන් ඇකඩමික්) ...ඉතින් ඉගනගන්න වෙලාවක් කොහෙද.

      සීමාව සලකුණු කරලා තමා. :))

      ඔය ඇනෝ දාල තියෙන්නේ අර කලින් බයික් එක කුඩු වෙච්ච ගැටුමේදී BSc කට්ටිය ලියල තිබුන ඒවා.

      "අපි දිව්වේ මෙතනින්", "අපි හැන්ගුනේ මෙතන" වගේ දේවල් ලියල තියනවා. ඒවත් ඕන නැති වැඩ. ඇනෝ කියන්න හදන්නේ මිනී මරණ සයිස් එකට ගහලා කැම්පස් එක අපේ කියලා ලිව්වේ ඒකට පළිගන්න කියලා වෙන්න ඇති.

      Delete
  2. නිරායුධ එකෙකුට පහර දෙන එක සෑහෙන්න පහත් වැඩක්... NDT උන් ගහන්න කලින් හිතන්න තිබුනා..ගැහුවට පස්සේ උන්ගේ තැනින් යන්න වෙන්නෙත් උන්ටමයි කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක හරි රත්ගමයා. මිනිහෙක්ට කරන්න පුළුවන් පහත්ම වැඩක් ඒක. ගහලා ගහලා ඔත්පල වෙලා ඉඳිද්දී තවත් ගහනවා කියන්නේ තිරිසන් වැඩක්.

      //ගැහුවට පස්සේ උන්ගේ තැනින් යන්න වෙන්නෙත් උන්ටමයි කියලා//

      :)) කියලා වැඩක් නෑ..

      Delete
  3. මේ ප්‍රශ්නයේ අභ්‍යන්තර ස්වභාවය කුමක්දැයි මම දන්නේ නෑ!
    එත් මොරටුව කම්පුස් එකේ ඉංජිනියරින් සෙට් එකේ බහුතරය ආදී දෙකක් උඩින් යන එන බව නම් අපි අත්දැකීමෙන් දන්නවා.ලංකාවෙන් ඉඅහලම ලකුණු ලබාගෙන විශ්ව විද්‍යාලයට එන පිරිසක් වශයෙන් ඔවුන් ආඩම්බර වීම වරදක් නැහැ.එත් එයින් හිස බර කරගෙන සිටීම සහ අනුන් පහත්කර දැකීම එච්චර හොද ලක්ෂණ නෙමෙයි!
    දෙපිරිසම අතර ගැටළු ඇති!එත් මම කිව්වේ මම දන්නා කාරනාව!
    කොහොම උනත් විශ්ව විද්‍යාල සිඋන් අතර නොවිය යුතු දෙයක්!


    අද අක්කගේ හැපී බර්ත් ෙඩී එක නේද??
    සුභම සුභ උපන් දිනයක් වෙන්න කියල පතනවා!:)

    ReplyDelete
    Replies
    1. නුවන් මොරටුව කැම්පස් එකේ වගේ. (අත්දැකීමෙන් දන්නවා කිව්වා හින්දා :). අඩි දෙකක් උඩින් යන අය ඉන්නවා. ඒකනේ මම ලිපියෙත් කිව්වේ. හැබැයි මලයෝ අඩි දෙකක් උඩින් ගියා කියලා ඒ අය එක්ක වෛර බඳින එක හරි දෙයක් නෙමේ. ඉංජිනියරින් ආපු නිසා තමන් ගැන ආත්මාභිමානයක් තියන එක වරදකුත් නෙමෙයි. දොස්තරලට, ලෝයර්ස්ලට උනත් ඔය දේ තියනවා. ඒ දේ නිසා ඔවුන් එක්ක ගැටුම් ඇති කරගැනීමයි වැරදි.

      //අනුන් පහත්කර දැකීම එච්චර හොද ලක්ෂණ නෙමෙයි//

      ඔව් ඇත්ත. ඒ බව මම ලියලත් ඇති. අතිමාන කාරයෝ පිරිසක් ඉන්නවා. ඒකට විසඳුම ගැටුම් ඇති කිරීම නෙමෙයි.

      ස්තුතියි මල්ලි සුබ පැතුමට :)

      Delete
  4. අනේ අපොයි කියල හිතුන සයුරි සිද්දිය දැක්කාම.
    මන් නං කියන්නෙ ආයෙ මේ වගේ දේවල් සිද්ද නොවෙන තැනට බලධාරීන් වැඩ කටයුතු කරන්ඩ ඕනිමයි. අර ලමය අවුරුදු ගානක් දුක් විඳල කැපවීම් කරල කටුබැද්දෙ ආවෙ අද ඔය විදියට ජීවිතෙයි මරනෙයි අතර සටන් කරන්ඩ නෙමේනෙ. මේක නිකං හරියට ත්‍රස්තවාදෙ වගේනෙ සයුරි. ඔතන අනිවාර්යෙන් කැම්පස් ඇතුලට මැර දේශපාලනේ ගේන කාලකන්නි ඉන්නව. කවුද කියන්ඩ ඕනි නෑනෙ. ඕකුංව කැම්පස් එකෙන් එලවන්ඩ පුලුවං උනු දාක මේ වගේ තිරිසන් වැඩ සෑහෙන්ඩ අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. බලධාරීන්ට ඇස්, කන් නැහැ සමි. වී සී ගේ පටන් එහෙමයි. ඔයා කිව්වා වගේ ඔය දේශපාලනය ලොකු පිළිලයක් වෙලා තියෙන්නේ. NDT එක මෙහෙයවන වැඩි හරියක් ගැටුම් වලට ඔය දේශපාලනය සම්බන්ධයි. මේ ළමයිව දේශපාලන ඉත්තෝ කරගන්න එවුන්ටනම් හොඳක් වෙන්නේ නැහැ.

      Delete
  5. අනේ මන්ද සයුරි, මේවට මොනව කියන්නද කියල, මට නම් දැන් එපා ..... වෙල.

    රටේ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නෙ සාමාන්‍යයෙන් සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවගෙන් කුඩා ප්‍රතිශතයක්, උනුත් ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන්නෙ මෙහෙම නම් අනිත් උන් කරන දේවල් ගැන කතාකරන්න දෙයක් නෑ. එකාතකට පාලකයොන්ගෙ ඇස් ඇරෙන්නත් එකෙක් දෙන්නෙක් මැරුනම වෙන්න නැතෑ.

    ReplyDelete
    Replies
    1. එපා වෙන එක සාධාරණයි DDT. ඇත්ත...කී දෙනෙක්ගේ අවස්ථා නැති කරගෙනද මේ අය කැම්පස් එන්නේ. ඔන්න ඉතින් ඇවිල්ලා කරන වැඩ.

      Delete
  6. දෙපැත්තෙම වැරදි තියෙනවා....
    දැං නිකං මොරටුවේ ඉංජෝ උපාසකලා වෙන්න හැදුවට....
    අන්තිමට ගුටි කන්න උනේ කිසිම දෙයක් දන්නැති අහිංසකයෙක්ට...
    විස්ස විද්‍යාල වල ඉන්න උංනං.... (හැමෝම නෙමේ ඈ)

    ReplyDelete
    Replies
    1. දෙපැත්තේම වැරදි තියනවා තරියා. හැබැයි මේ වෙලාවේදී ඉන්ජෝ උපාසකලා තමා :) මොකද මේ වගේ නින්දිත දෙයක් කවදාවත් වෙලා නැහැ. කොටින්ම ගැහැණු නේවාසිකාගාරවලට ගහන්න තරම් ඔවුන් පහත් තත්වෙට වැටිලා. (ඔවුන් උපාසකයෝ නොවුනා නම් ඊ ළඟ පියවර හැටියට එන්ඩිටී දෙතුන් දෙනෙක් මරලම දාවි නේ)

      Delete
  7. ඊයේ ඉදන් මාත් දැක්කා ඔය පින්තුරේ හැම තැනකම වගේ.. එතකොට තමයි මාත් විස්තරේ හොයලා බැළුවේ.. මේ දේවල් නම් කවදා වෙනස් වෙයිද මන්දා ලොකූ..

    ReplyDelete
    Replies
    1. මේ වාක්‍යය වැරදියිනේ. 'ඊයේ ඉඳන් මාත් දැක්කා' නෙමේ 'ඊයේ ඉඳන් අපිත් දැක්කා' :D

      Delete
    2. හෙහ් හෙහ්.. කියන්න ආව දේවලුත් අමතක උනා ඒක දැක්කම...

      Delete
    3. පොඩ්ඩිටත් පේන දෙවල්...හෙහ්..හෙහ්..!

      Delete
    4. මේක දැකලා මටත් හිනා. ඇත්ත නේන්නම් මෙතන දෙන්නෙක්නෙ..:D

      Delete
    5. හි හි.. පොඩ්ඩිගේ ඇස් දෙක තමයි ඇස් දෙක....

      Delete
    6. කමෝන් පොඩ්ඩි.. තීක්ෂණ නිරීක්ෂණයක්..

      Delete
    7. සිහින මදාරා නෙව නමත්..මට හිතෙන්නෙ කොයි වෙලෙත් බුදි ඇති. ඒ නිසා ඔය බලන දේවල් දිනේශ් තනියම වෙන්නැති බලනව ඇත්තෙ....:) :)

      Delete
    8. හෙහ් හෙහ්.. කට්ටිය සෑහෙන හොදයිනේ බලන් යද්දි.. ඔය කමෙන්ට් එක අපි දෙන්නගෙන් දැම්මේ කවුද කියලා හොයනවනම් සයුරි අක්කට තව පොඩි හින්ට් එකක් තියෙනවා ඕකේ... :)

      Delete
    9. හා හා කට්ටියම හොදට හොයන්න. හිකිස්..... එත් අඳුර ගන්න බැරි කමක් නෑ.
      මොනවා උනත් සිහින මදාරා කියන්නෙ ලස්සන කියුට් නමක් හරිය. :පී

      Delete
    10. දැන් මාර සීන් එක! දාපු කමෙන්ට් එකකට රිප්ලයි එකක් දානකොට මල්ලි කියනවාද නංගි කියනවාද හිතන්න වෙනවා... මම හිතන්නේ මේක දැම්මේ මලයා කියලා.. ඇයි ඉතින් අර සුපුරුදු 'ලොකු' අක්කා කෑල්ල නම් එයාගේනේ..

      Delete
    11. හික් හික්..දැන් ඉතින් මම මේකට මුකුත් කියන්න ඕන නෑ නේ ලොකු මල්ලි. ආ සොරි සොරි මල්ලි නෙමෙයි "මල්ගි". :)

      Delete
    12. @සයුරි
      ඊට වඩා හොඳ නැද්ද "ඇල්ගි" කිව්වා නම්.

      Delete
  8. මේ ගැන වැඩි විස්තර දැනගත්තේ ඔයාගේ ලිපිය කීවට පස්සේ. බලාගෙන යනකොට ජාති භේද, කුල භේද, ආගම් භේද මදිවට මේ වගේ භේද...

    ඇත්තටම කණගාටු හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි, හරිම කණගාටුයි මේවා දැක්කම..

      Delete
  9. එකෙක්ටවත් හොඳයි කියන්න බෑ සයුරි අක්කේ, දෙගොල්ලම එකයි. දෙපැත්තෙම ඉන්නව නහර කාරයො, ඒකයි මේක මෙච්චර දුර ගියේ. ඔයාලගෙ කාලෙ හිටපු බී.එස්.සී. එවුන් නෙමෙයි දැං ඉන්නෙ, ඔයාලගෙ කලෙ එන්.ඩී.ටී. එවුනුත් නෙමෙයි ඉන්නෙ. හොඳම දේ තමයි දෙගොල්ල තැං දෙකක තියන එක. බළධාරීන්ගෙ පැත්තෙන් කරන්න පුළුවන් එච්චරයිනෙ, මොන්ටිසෝරි පොඩි එවුන් වගේ බලාගන්න වැඩේ කරන්නත් බෑනේ, අන්තරය තහනං කලත් ආයෙ එකක් හදා ගනියි. ඒ. ලෙවල් කරල ඇතුලට එන එකාටත් ‍මොළේ තියෙන්න ඕනෙ මැදහත්ව හිතන්න, අවශ්‍ය/අනවශ්‍ය දේ හඳුන ගන්න. නායකත්ව පුහුණුවට වඩා අන්න ඒ වගේ දෙයක් පුරුදු කලොත් තමා ‍හොඳ. මම නං දකින්නෙ මෙතන බලධාරීන්ගෙ අඩුවකට වඩා දිනෙන් දිනම ශිෂ්‍ය මානසිකත්වය පහත් තත්වයකට ඇද වැටීමක් තමයි තියෙන්නෙ, හොඳම දේ තමයි පොඩි කාලෙ ඉඳන් මැදහත්ව හිතන්න, අවශ්‍ය/අනවශ්‍ය දේ හඳුන ගන්න පුරුදු කරන එක. ජය ශ්‍රී හො‍‍දේ...!

    ReplyDelete
    Replies
    1. මණ්ඩියා කාලෙකට පස්සෙ.. අධික වැඩ කියලා ආරංචියි..

      ජය !!

      Delete
    2. අනේ..අපේ සෙන්න අයියා! අනේ බං අයියේ ඉගෙන ගන්න අස්සෙ රස්සාවක් පටලෝගෙන හොම්බ බිම ඇනිල ඉන්නෙ, ඒකත් ලඟපාතක නෙමෙයි අනුරාධපුරේ. ඒකෙත් තියෙන්නෙ උගන්නන්න, හයියෝ! ඔෆීසියක යනව වගේ නෙමෙයිනෙ, අයිස් පාරක්වත් ගහන්න බෑ, ළමයින්ට උගන්නන දේවල් බැරි වුනොත් මට පව් සිද්ද වෙනවනෙ. පෙබරවාරි ඉඳන් වැඩේ නවත්තන්න බැලුවෙ, උන්දැල මට නිදහසක් දෙන පාඨක් නෑ වගේ. මගේ කෝස් වලට ඊළඟ බැජ් එක ගන්නයි ලෑස්තිය. එහේ දවස් තුනක් උන්ට උගන්නල, දවසක් බස් එකට ගත කරල කටුබැද්දෙ ඇවිල්ල මම ඉගෙන ගන්න ගියාම රෙද්දක්වත් හෝද ගන්න වෙලාවක් නෑ, අම්මප! අපේ කස්ටිය නං දිගටම ලියනව එදා වගේම. මට හිත එක තැනක නෑ අප්පා මෙව්ව ලියන්න, බලමුකො පොඩ්ඩක් නිදහස් වෙලා :) ස්තූතියි සෙන්න අයියා මතක් වෙලා කතා කරපු එකට, බ්ලොග පැත්තෙ නොඑන්නෙ උඹලව අමතක වෙලා නෙමෙයි, මේ ජර මර අස්සෙ මෙව්ව කරන්න හිත නිදහස් නැති නිසා. අයියා තාමත් රටද? ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද? ජය ශ්‍රී හො‍‍දේ..!!

      Delete
    3. ඔය බොරු සෙන්නයියේ. හොම්බ බිම ඇනිලා කොහෙද, ඔය යස අගේට ඉන්නේ. ළමයිට මණ්ඩියගේ ඉගැන්නිල්ල අල්ලලා ගිහින් වගේ.

      //හොඳම දේ තමයි දෙගොල්ල තැං දෙකක තියන එක//

      අනිවාර්. මම කියන්නේ NDT යන්න කැමති නැත්නම් අපේ උන්වත් යවන්න ඕනේ කියලා. ඔය දියගම හදනවා කියන එකේ ස්විමිං පූල් පවා තියනවලු. දැනට මොරටුවේ වත් නෑ එහෙම. අනේ මන්දා ඇයි මේක අස්සෙම ඉන්න ඕන කියලා.

      //ඒ. ලෙවල් කරල ඇතුලට එන එකාටත් ‍මොළේ තියෙන්න ඕනෙ මැදහත්ව හිතන්න,//

      අනේද කියන්නේ. ඒත් ඇතුලට එන NDT සිසුවෙක්ට දේශපාලනයෙන් ගැලවීමක් නෑ පේන විදියටනම්, ඔහු කැමති උනත් නැතත්...

      Delete

    4. @ මණ්ඩි,

      ඔව් මම ගැමියගෙන් දැනගත්තා උඹ අනුරාධපුරේ පැත්තෙ මොකක්ද ජහනයක් කරනවා කියලා.. අවුලක් නෑ කට්ට කාලා ඔය ටික ගොඩ දාගනින්කො.. බ්ලොග් නම් කවදා ලියන්න බැරිද. ගැමියත් දැන් වැඩිය පේන්න නෑ රස්සාවට ගියාට පස්සෙ.. වැඩ වැඩි ඇති.

      ඔව් මම තාම රට ඉඳන් පෙර අකුසල් ගෙවනවා. මේ අවුරුද්දෙ ජොබ් එකක් හොයාගන ආපහු එන්න කියලා හිතන් ඉන්නෙ.. බලමු.

      නිහඬ මෙහෙයුම නිහඬම වෙලා ගිහින් නේද ? කමක් නෑ ආයේ ලියන්ඩ ගත්තම කතාව ඉවර කරපන්කො..

      ජය පතනවා !!

      @ සයුරි,

      ළමයි කිව්වට ළමයෙක්ටද දන්නෙත් නෑ නේද :-)...

      Delete
    5. // ඒත් ඇතුලට එන NDT සිසුවෙක්ට දේශපාලනයෙන් ගැලවීමක් නෑ පේන විදියටනම්, ඔහු කැමති උනත් නැතත්...//
      අලේ මංදල්ලෑ, මෙව්වට උත්තර හොයන්න සක්කරයගෙ පුතා වයිමටවත් බැරි වෙයි. මුලින්ම නූගත් දේශපාලනය රටින් ඉවත් කරන්න ඕනෙ. මේක අස්සෙ පොඩි කතාවක් කියල යන්න අවසරද? මට හිතුනු දෙයක්. දේශපාලනේට එන්න ඉන්න අයට කොලිෆිකේෂන් එකක් විදියට P.G. Diploma එකක් හඳුන්වල දීල, දේශපාලනේ කරන්න මූලික සුදුසුකම විදියට ඒක බලන්න ඕනෙ. මේක කරන්න අඩුම තරමින් 2nd Upper class එකක් වත් තියෙන්න ඕනෙ කියල හදන්න ඕනෙ. මේ පී.ජී. එක කරන්න තෝර ගන්න ඕනෙ සීමිත පිරිසක් ටෙස්ට් එකක් තියල කට්-ඕෆ් මාක් එකක් දාල, එකටත් හැම ක්ෂේත්‍රයෙන්ම(නීති-ඉංජිනේරු-වෛද්‍ය-කලා-අනෙකුත්) අනුපාත ක්‍රමයකට ගන්න ඕනෙ. ඕකෙ තව කතා තියෙනව, සරලව මේ විදියට පටිපාටියක් හැදුවොත් උගත් පිරිසක් දේශපාලනේට එයි. එතකොට ‍බොහෝ ගැටළු වලට විසඳුම් ලැබෙයි.

      //ළමයිට මණ්ඩියගේ ඉගැන්නිල්ල අල්ලලා ගිහින් වගේ//
      මම මාවම අගය කරගන්න කියනවා නෙමෙයි හො‍දේ සයුරි අක්කේ/සෙන්න අයියේ, ආඩම්බරයි කියන්න, ජීවිතේට ප්‍රෝගැමින් කියල දෙයක් අහලවත් නැති, නෝට් පෑඩ් එක ඕපන් කරලවත් නැති, ෆෝල්ඩර් එකක් රී-නේම් කරන්න දන්නැති, බ්‍රවුසර් එකකට යූ.ආර්.එල් එකක් දීල ඉන්ටර්නෙට් එකේ වෙබ් පේජ් එකක් බලල නැති, කොටින්ම කිව්වොත් කොම්පියුටරේ වෙබ් බ්‍රවුසර් කියල එකක් තියෙනවද කියලවත් අහල නැති එවුන් මාස 04කට පස්සෙ අද HTML, CSS, JavaScript තනියම ලියනවා, VB console application, Form application තනියම ලියනවා. හෙට අනිද්ද උන්ට PHP කරනවා. ඉතිං කාටද ආඩම්බර! සමහර කොල්ලො හිටපු ජොබ් වලින් අයින් වුනා ලඟදි මේක ෆුල් ටයිම් බැහැල කරල මේවයින්ම ජොබ් එකක් හොයා ගන්න කියල. අ‍ලේ මංදල්ලෑ! මෙව්ව නිසා මම හිර වෙලා. මේ ජර-මර අස්සෙ මගේ වැඩ වලට සප් එක දෙන්නෙ අපේ සයුරි අක්ක තමයි :)

      //ඔව් මම තාම රට ඉඳන් පෙර අකුසල් ගෙවනවා.//
      හොඳට ගෙවනව නං, කරදරයක් නැතුව රස්සාව කරන්න පුළුවන්නම් කොහේ වුනත් මොකෝ. ඒත් ඉතිං දරු-මල්ලො එක්ක ඉන්න එක තමයි සතුට, නේ... ඔය ටිකත් ඇදලම මේ පැත්තට එන්න.

      නිහඬ මෙහෙයුම තව ටිකක් ඇදෙයි වගේ, බලමුකෝ නේද ඉක්මනටම දාන්න.

      //ළමයි කිව්වට ළමයෙක්ටද දන්නෙත් නෑ නේද//
      සෙන්න අයියේ...!!! මම මේ සුචරිතවත් අභිමානවත් නිමල පිවිතුරු ජනරංජන ශ්‍රී විභූෂිත ප්‍රතිරූපයක් තියාගෙන ඉන්නෙ හො‍දේ, නිකං අනං මනං කියල මාව චාටර් කරන්න එපා! මෙයාල හොඳ..... නෑ අප්පා! :D :D :D :P :P :P හැක්..හැක්..ජය ශ්‍රී හො‍දේ...!!!

      Delete
    6. සා මණ්ඩියගේ යෝජනාවනම් මරු. කොහෙද ඉතින් ඔච්චර මොළයක් අපේ මුල් පුටුවලට තියනවා කියලයැ. මේක අපි යෝජනාවක් හැටියට ඉදිරිපත් කරමුද :)

      ළමයිට උගන්නපු විදිය ගැනනම් බොහොම සතුටුයි මලයා. උගන්නලා ලබන තෘප්තිය වෙන දේකින් ලබන්න බැහැ. ඔය වගේ උගන්නන්න අවස්ථාවක් මට ලැබිලා නෑ නේ :( ඔයාට ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හොඳට උගන්නලා උන්ව ගොඩ දාන්න.

      සෙන්නයියා ලංකාවට එනවනම් හොඳයි තමා. පොඩි සෙන්නයි හාමිනෙයි පව් නේ.

      //ළමයි කිව්වට ළමයෙක්ටද දන්නෙත් නෑ නේද//
      හා හා....

      Delete
    7. //මේක අපි යෝජනාවක් හැටියට ඉදිරිපත් කරමුද :) //
      මෙව්ව කියන්න පුළුවන් තැනක් තියේද? එහෙම නං කියමු! මටත් ඕක ඉදිරිපත් කරන්න ආසාව තිබ්බ, ඒත් මෙව්ව අහන්න කෙනෙක් ඉඳීද කියල හිතුන. එහෙම තැනක් තියේ නං මේකෙ තව අඩුපාඩු හදල ඉදිරිපත් කරමු :)

      ජය ශ්‍රී හො‍දේ..!!

      Delete
    8. අනිවා ඉදිරිපත් කරමු :) ජය ශ්රී

      Delete
    9. ගැමියා ඉන්නෝ.....

      මණ්ඩියගේ යෝජනාව මම ස්ථීර කරනවා අඩුම ගානේ එතකොටවත් ඉගෙන ගත්තු එකෙක් එන්නේ නැතැයි මට සන්තෝසෙන් ඡන්දේ දෙන්නවත් පුළුවන් ප්‍රථම වතාවට

      කැම්පස් එකේ සිද්ධිය නම් ඛේදවාචකයක් මම නම් හිතන්නෑ කැම්පස් ඇතුලේ රට හදන්න පොරකන අය කැම්පස් අවුට් වුනාමත් ඒ හැඟීමෙන්ම ඉන්නවය කියලා මම දන්න හැමෝමලා ඉන් පස්සේ රස්සාවක් හොයාගෙන කසාදයක් ‍කරගෙන ඔහේ ඉන්නවා....

      අමානුෂික පහරදීමට ලක්වුණු ඒ සහෝදරයටත් ඉක්මන් සුවය පතනවා මම....

      මට හැමෝවම මතකයි ඔපීසියේ වැඩ කරලා බස්වල තැලිලා තැලිලා පොඩිවෙලා මිරිකිලා ගියාම මොනා ලියන්නද හොඳට කාලා බුදියනවා ඉතින්....

      ජය වේවා අක්කේ

      Delete
    10. අලෝ ගැමියෝ :)

      කියලා වැඩක් නෑ. මමත් ඒකට උඩින්ම කැමතියි. කැත නැතුව චන්දයක්වත් දෙන්න පුළුවන්.

      //කැම්පස් ඇතුලේ රට හදන්න පොරකන අය කැම්පස් අවුට් වුනාමත් ඒ හැඟීමෙන්ම ඉන්නවය කියලා මම දන්න හැමෝමලා ඉන් පස්සේ රස්සාවක් හොයාගෙන කසාදයක් ‍කරගෙන ඔහේ ඉන්නවා//

      මෙන්න ඇත්ත. ඒ අය දන්නේ නැහැ ඔවුන් ඒ පක්ෂේ අතකොලු වෙලා කියලා. ඇයිද මන්දා තේරුම් ගන්න බැරි. අනිත් එක ඔහොම දේශපාලනේ කරන ගමන් හරියාකාර ඉගැනීමක් කරන්න පුලුවන්ද කියන එකත් හිතල බලන්න ඕන.

      මේ මේ කාල බුදියලා හරියන්නේ නෑ. ඉඳල හිටලවත් ලියන්න හරිද..ජය වේවා...

      Delete
  10. මේ වගේ රටවල ළමයි ඉගෙන ගන්න දුක් විඳින හැටි දැක්කම අපේ උන්ට පිස්සුද කියල හිතෙනවා . වැලි දාගන්න වෙලා නැහැ . මොකද එහෙම වෙලා ඇත්නම් තව රස්සාවක් කරයි.

    ඔය ප්‍රශ්නේ සැහෙන කාලෙක ඉඳන් තියෙන එකක්නේ . මන් අහල තියෙනවා දෙගොල්ලම දේශපාලකයෙක් අල්ල ගන්නවලු . ඔතන තියෙන්නේ වෘත්තියමය ඉරිසියාව සහ රැකියා තරඟය වෙන්න ඇති.
    හැබැයි එලියට ආවම ඔය දෙගොල්ලම සම සම රැකියා කරනවා දක්ෂකම අනුව එන්.ඩී.ටී. අය ඉන්නවා බි එස් සි අය ට වඩා ඉහල තනතුරු වලට ගිය .

    උදාහරණ දෙන්න පුළුවන් . ඒවා මොකටද මෙතන .

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බින්දී අක්කා මමත් කිව්වේ. මේ රටවල්වල ළමයි ඩිග්‍රියක් ගන්න විඳින දුක දැක්කම අපිටත් දුකයි. මෙහෙ කවදාවත් ඔහොම ගැටුම් නැත්තේ ඒක නිසා වෙන්න ඇති.

      //මන් අහල තියෙනවා දෙගොල්ලම දේශපාලකයෙක් අල්ල ගන්නවලු//

      නෑ අක්කා, BSc පිඨයක් විදියට කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති බව වගකීමෙන් කියනවා. රැකියා තරඟයට වඩා වැඩි දෙයක් මෙතන තියනවා. මගේ අත්දැකීම් අනුව ඔය කියනවා වගේ රැකියා තරඟයක මේ අය අතර නැහැ.

      //එන්.ඩී.ටී. අය ඉන්නවා බි එස් සි අය ට වඩා ඉහල තනතුරු වලට ගිය//
      අනිවාර්යෙන්. එහෙම වෙන්නත් ඕනේ. දක්ෂයෙක් කොතැනක හිටියත් ඔහු ඉස්මතු වෙනවා. හැබැයි මේ දෙගොල්ලන්ව සංසන්දනය කරන එක වැරදියි. මොකද ඉංජිනේරුවෝ සහ තාක්‍ෂණවේදියෝ කියන්නේ පැහැදිලිවම දෙකොටසක්. ඉංජිනේරුවන් යමක් තම බුද්ධිය යොදාගෙන නිර්මාණය කිරීමටත් තාක්‍ෂණවේදීන් එය ප්‍රායෝගිකව ගොඩ නැගීමටත් පුහුණු කර තිබෙන්නේ. ඔවුන්ගේ විෂය නිර්දේශ පවා ඒ අනුව සකස් වී තිබෙනවා. දැන් ලංකාවේ ගොඩක් වෙලාවට තාක්‍ෂණවේදීන් අවශ්‍ය තැනටත් ඉංජිනේරුවන් යොදාගන්න වෙලාවල් තියනවා. එහෙම වෙලාවට එතනට වැඩි සුදුසුකමක් තියෙන්නේ තාක්‍ෂණවේදියාට.

      ඒ නිසා අපි දෙගොල්ලන්ව සංසන්දනය කරන එක වැරදියි.

      Delete
  11. මේ රටට හැමදාමත් වින කළ බංකොලොත් ජවිපේ මේ පිටිපස්සේ ඉන්නවා. එන් ඩී ටි සහ ඉන්ජන් අතර විශබීජය පතුරැවන්නේ මොවුන්.ඇත්තටම අපේ රටේ තරුනයන්ගේ මාරයා තමා මේ බංකොලොත් පක්ෂය.

    ReplyDelete
    Replies
    1. බොහොම හරි. ඔය ම්ලේච්ඡ පක්ෂය මට පේන්නම බැරි ඕකයි. ඔවුන් කපටි ලෙස අත තියලා විනාශ කරලා දාන්නේ රටේ ජවය.

      Delete
    2. ඒ ගැන තර්ක නැ.....

      Delete
  12. මටනං මුං මරාගන්නවට වඩා කේන්ති අර ගොඩනැගිලි දේවලවලට කරලා තිබුන විනාසෙට... ඒවා දැක්කම මතක් වෙන්නෙම අර කාලයක් බස් ගිනි තියපු... ටාන්ස්ෆෝමර් විනාස කරපු කාලේ...

    කැම්පස් එන්න විදියක් නැතිව ළමයි දාස් ගාණක් බලාගෙන ඉන්න රටක මුංට මොන මගුලකින් හරි ඉගෙන ගන්න හම්බ උනාම ඒක කරගන්නේ නැතිව රෙද්දක් කරනවා... අම්මලා තාත්තලගේ සල්ලි..කැපවීම..කාලය..රටේ දේපල... අපේ සල්ලි...

    (මං හිතන්නේ මොරටුවටත් කැළණියේ බේත හම්බ උනානං හරි... ගමේ උන්ගෙන් ගුටි කෑම කෝ අපේ මර්වින් ඇමතිතුමා... මොරටුව අහුවෙන්නේ මොන ආසනේටද කියලා බලලා ආසන සංවිධායක කරවලා දාන්න...)විහිළුවක් හැටියට කිව්වත් මේ උදවියම තමයි දේශපාලකයින්ට අවස්ථා සපයන්නේ අධ්‍යාපන ආයතන වලට අත දාන්න.. ටිකක් හරි මොලයක් තියේනං මේවා කතා බහ කරලා විසදගන්න පුළුවන් දේවල්.. ඒත් ඒකට උගත්කමට වඩා බුද්ධියක් උවමනයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මාරයියේ. ඒවා විනාස කරලා තියෙන්නේ හරියට කැම්පස් එකත් එක්ක තියන තරහකට වගේ. මේවා කාගේවත් බූදල් නෙමෙයිනේ එහෙම විනාස කරන්න. අර කිව්වා වගේ මර්වින් වගේ කෙනෙක් නැතුව බෑ වගේ දැන්නම් :) කොච්චර ඉගනගත්තත් අන්තිමට උන්ව පාලනය කරන්න වෙන්නේ අට පාස් නැති දේශපාලුවන්ට තමා.

      Delete
  13. මේ දේ ඉතාම කනගාටු දායකයි සයුරී. අපි හිටිය අප්‍රිකානු රට වල දරුවන් අනේක විධ දුක් විඳිනවා ඉගෙන ගන්න. කිසිම දෙයක් ඔවුන්ට ආණ්ඩුවෙන් ලැබෙන්නේ නෑ. අපිට හැම පහසුකමම තිබිලා ඉගෙන ගන්න සරසවියට ගිහාම එතන තියෙන දේපලවලටත් අලාබ හානි කරලා, ඉගෙනීම නොකර වෙන දේවල් කරන්න යනවා. කිසිම වටිනාකමක් දන්නෙනෑ මේවයෙ. ලිදේ ඉන්නා ගෙම්බන් දන්නේ නෑ අවට වෙන දේ. වෙන රටවල්වල හැම දේටම ගෙවෙන්න ඕනෙ. කිසිම දෙයක් නිකම් ලැබෙන්නෙ නෑ. අපේ රටේ පෙළ පොත් ටික පවා නොමිලේ දෙනවා. මේ දරුවන් ඇයි මේ තත්වයට වැටෙන්නෙ? කිසිම සංවේදී කමක් නෑ අනෙක් දරුවන් ගැන. මේ අය මන්ද මානසික විදිහට හැසිරෙන්නෙ. කෙනෙක්ගෙ යහපත පතන්නෙ නෑ. කෙනෙක්ට අසාධ්‍ය වනකල් තලන්නෙ මොන හිතකින්ද? කෙනෙක් වෙන තැනක මම දමාපු කමෙන්ටුවකට අහල තිබ්බා
    // මේක ජෝක් එකට ලියපු එකක්ද?

    ගැනු රට යන්නේ ඉවසගන්ඩ බැරි දරිද්‍රතාවය නිසා. ලමයින්ට කන්ඩ දෙන්ඩ! දහම් අද්‍යාපනයෙන්වත්, ආනන්ද ස්වාමීන්වහන්සේගේ ඔවදන් වලින්වත් ඒ ලමයින්ගේ බඩ පිරෙන්නේ නැහැ නොවැ! අනික් විකල්පේ ලමයිත් එක්ක ගඟකට මූදකට පනින එක. ඒකත් පහුගිය කාලේ වුනා.//
    මේක ලියාපු ඇනෝගෙ දරුවන්ට කවදා හරිම දෙයියන්ගේම පිහිටයි! කියනවා ඇර කියන්න දෙයක් නෑ. ඕනෙම ආගමක නිවැරදිව හසිරෙන්නා වැරදි කරනවා හරිම අඩුයි.
    ඔන්න ඔහොම සමාජයකයි අපි අද ඉන්නෙ.

    දහම් අධ්‍යාපනය තමයි කෙනෙක්ගෙ හිත, මනස හදන්නෙ . මෙහෙම දෙයකදී ඇතිවන ආනිසංසෙ දකින්නෙ එහෙම හැදුන දරුවෙක්. එයා එතනදී වරදක් වෙන්න යනකොට එයින් අනෙක් අයවත් මුදවනවා. අපේ දරුවන් මේ වගේ දේවල් කරන්න යන්නෙ නෑ. ඒ අය දහමේ ඉන්න නිසා. ඇයි ? මන්දා මේවා පෙන්නෙ නැත්තෙ සමාජයට. අර අසනීපෙන් ඉන්න පුතාට තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මම එකඟයි. කිසිම සංවේදී කමක් නැති උනාම තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඔය අයි සී යූ එකේ ඉන්න මල්ලිට ගහපු විදිය ගැන ඇහුවම හිතෙනවා මුන් මිනිස්සුද තිරිසන්නුද කියලා. එකට හොස්ටල් වල ඉන්න NDT ගැහැණු ළමයි, BSc ගැහැණු ළමයිගේ නිදන කාමර මේවා කියලා පෙන්නුවලු පිරිමි ළමයිට. කොයි තරම් පහත් වැඩක්ද?

      ඔය වගේ කමෙන්ට් කාරයින් ඕනා තරම් ඉන්නවා අප්පා. ඒ වගේ කමෙන්ට් ගැන නොහිතා ඉන්න එක අපේ ඇඟට ගුණයි :) කතා කරලා තේරුමක් නැහැ නේ.

      Delete
  14. මෙවැනි...පාහර වැඩ හෙලා දකිමි..!

    අභ්‍යන්තරය කුමක් වීදැයි නොදනිමි.
    එහෙත් මෙවැනි බී.එස්.සී.., එන්.ඩී.ටී වැනි ගැ‍ටුම් ඇති තැන් බොහෝය..
    මේවා පැවසීම නීරසය සමහරුන්ට ලේ කුපිතකරවනවා වියහැක.
    ලංකාවේ ප්‍රායෝගික අධ්‍යාපන රටාවක් හදන තාක් මේවා පවතිනු ඇත.

    ඔබගේ උපන්දිනය යැයි කොමෙන්‍ටුවක් තියෙන නිසාදැනගතිමි.
    සුභ උපන්දිනක් වෙවා..!

    ReplyDelete
    Replies
    1. නීරසම නීරසයි :) කිව්වත් වගේ තවත් මෙහෙම ගැටුම් තියනවනේ. බොහොම ස්තුතියි සුබ පැතුමට.

      Delete
  15. මේක සැරෙන් සැරේට මතුවෙන ප්‍රශ්ණයක්නේ..මේ වෙනතාක් විසඳුමක් ලැබුනේ නෑ. එක අවුරුද්දක් සද්ද නැතුව ඉඳලා ඊ ලඟ අවුරුද්දේ පටන් ගන්නවා මරා ගන්න. ඇයි දෙයියනේ ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්න එක ඇරෙන්න මොකද්ද මේ මෙතනත් බෙදා ගන්න මරා ගැනිල්ලක් ?

    අනිත් එක ගොඩනැගිලිවලට හානි කරලා තිබුන තරම්ක්. ඕවා ආයෙම හදන්න යන්නෙත් කාගෙ සල්ලිද ? මිනිස්සු නූගත් උනාමත් කරන්නෙ පිස්සු වැඩ..උගත් උනාමත් කරන්නෙ පිස්සු වැඩ.

    හරිම කලකිරීමක් දැනුනා.

    ආ...එතකොට අද උපන් දිනේද ? සුබම සුබ උපන් දිනයක් සයුරි !

    ReplyDelete
    Replies
    1. //මිනිස්සු නූගත් උනාමත් කරන්නෙ පිස්සු වැඩ..උගත් උනාමත් කරන්නෙ පිස්සු වැඩ.//

      හිහි..මරු කතාව ලිහිණියෝ.

      මේකට අවුරුදු ගානකට කලින් විසඳුමක් ලැබුනා. NDT එක වෙනත් ස්ථානයකට ගෙන යාම. ඒකට ගිවිසුමකුත් ගහලයි තියෙන්නේ. ඒත් ඒක ක්‍රියාත්මක කරනවට NDT අය (අන්තරය ඇතුළු) අකමැතියි වගේම බලධාරීන්ටත් වැඩි උවමනාවක් නෑ. මේ ගැන ලියවුන හොඳ ලිපියක් තියනවා ප.ලි. විදියට දාන්නම්කො.

      Delete
  16. මමත් සිද්ධිය මොකද්ද කියලා දැනං හිටියේ නෑ.. තාමත් අගක් මුලක් දන්නෙත් නැ.. ඒත් කීප දෙනෙක් ලියලා තිබ්බ බ්ලොග් සටහන් වලිනුයි ඒවට වැටිලා තිබ්බ කමෙන්ට් වලිනුයි නම් මට තේරුනේ මෙතන තියෙන්නේ ඩිප්ලෝමා එකේ අය පහත් කරලා සලකන ඩිග්රි එකේ අය සහ ඒකට උත්තර දෙන්න දඟලන ඩිප්ලෝමා නහරකාරයෝ අතර තියෙන ප්‍රශ්නයක් තියලා...

    එකම දෙයයි සයුරි කියන්න තියෙන්නේ.. මේවට හේතුව අධ්‍යාපන ක්‍රමය... පොත් ටිකයි තියරි ටිකයි කටපාඩම් කරවලා “උගත්තු” කළාට, මුන්ව “හරි හමන් මිනිස්සු” කරන අධ්‍යාපනයක් නැති එක...

    අර දරුවට ඉක්මණට සුව වෙන්න කියලා පතනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු. හරි හමන් මිනිස්සු බිහි නොවෙන තාක් උන් කොච්චර ඉගනගත්තත් ප්‍රතිඵල මෙහෙම තමයි. ඔය පහත් කරලා සලකන ප්‍රශ්නෙට වඩා ලොකුම ප්‍රශ්නේ තමයි හිරු දේශපාලනේ. NDT එක උසි ගන්වන්නේ අන්තරය.

      Delete
  17. සයුරිගෙ උපන් දිනේලු නේද ? සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  18. අනේ මංදා, මමත් ඔය සිද්ධිය ගැන, නිව්ස් වල පත්තර වල දැක්කා..අර කිව්වත් වගේ පොතේ පතේ දැනුම විතරක්ම සම්පූර්ණ කරපු කොටසක් හින්දා, මනුස්සකම් අමතක කරලා, හැම එකටම මරාගන්න පෙළඹිලා.. කලකිරෙන්නෙ නැද්ද අෆ්ෆා මෙව්වා දකිද්දි..

    උපන් දිනේට අපිට කේක් නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කලකිරෙනවා නේද හිතු..ඉතින් කේක් කන්නේ කොහොමෙයි :)

      Delete
  19. //...මිනී මරාගන්නා තරමට එය ඔඩු දුවන තෙක් ඇස් කන් පියාගෙන සිටි බලධාරීන් ගැන වෙනම කතා කළ යුතුය. //මේ ගැන ඇත්තටම කතා කරල වැඩක් නෑ අක්කේ. දැන් ඉන්න VC ත් අංක එකේ අවස්ථාවාදියෙක් (පොරගෙ උගත්කමයි, ඉගැන්වීමේ හැකියාවයි නම් සුපිරියි). ඒක නිසා මේ පාරත් ඕකට විසදුමක් ලැබෙයි කියල හිතන්න අමාරුයි.

    පුංචි සුභ ආරංචියකුත් තියෙනවා. රොෂාන(චීනා මල්ලි)ට ටිකක් හොදයි කියල ආරංචියක් ආවා.ඩොකාල කිව්වලු දැන් "out of dander" කියල. මතකය අඩු වීමකුත් නෑලු. සිහිය ඇවිත්, ප්‍රතිචාර දක්වල තියෙනවලු.
    NDTඋන් අපේ උන්ට ගැහුවා කියල උන්ට ලැබුන දේකුත් නෑ. අපේ උන්ට නැතිඋන දේකුත් නෑ. චීනා මල්ලි උගේම කකුල් දෙකෙන් ආයෙත් හිටගන්න තැනට එනකන් ඌව ගොඩදාන එක ඇරෙන්න අපිට කරන්න වෙන සටනකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. VC ගැනනම් කතා කරලා වැඩක් නෑ. ඉස්සරහ ගේට්ටුව ළඟ තියාගෙන ළමයිට පොලු මුගුරු වලින් ගහද්දි පොලිසිය ගේට්ටුවෙන් එළියේ ඉඳගෙන බලාගෙන හිටියලු. හේතුව, කැම්පස් එක ඇතුලට එන්න VC ගේ ඕඩරය නොලැබීම :(

      රොෂාන් මල්ලිගේ තත්වය හොඳයි කියලා අහන්නත් සතුටුයි. මූණු පොතෙත් ටිකක් විස්තර දැක්කා. ඒ අම්මා කතා කරපු විදිය දැක්කම දරා ගන්නත් අමාරුයි.

      Delete
  20. වැඩක් නෑ කතා කරලා.ඕවා ගැන හිතුවාම කලකිරීම විතරයි අන්තිමට..මෙච්චර විභාග පාස් වෙන්න මොලේ තියෙන වුන්ට අනික් එව්වා ගිතන්න බැරිනම් මුංව යවන්න ඕනි කැම්පස් නෙවෙයි.....(ටීක් ටීක් ටීක්) ඉතිරිය බලධරයා විසින් කපා හරින ලදී ලු..

    සුබ උපන්දිනයක් සයුරී...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජානි :)

      හිහි..මේවට කතා කරන්න ගියාම බලධාරියට කපන්න සිද්ධ වෙනවා නේන්නම්.

      Delete
  21. honda welawata lankawe campus ekakata giye neththe....oya ndt kaarayo godak welawata jvp buuruwo...unwa othanin pannala wena kohe hari jaffna wage peththakata atherala daanna oni....mun me dangalanne rate minissu wiyadan karana salli walin....wali yanakan security eka uda balan indalada??policeyata beri nam army eken kollo tikak daala andu tika keduwanang eka paarak aye oya wage kaalkanni weda karanne ne!

    ReplyDelete
    Replies
    1. ahh kastiya kiyala thiyenawane b'day eka kiyala...mama nam danne nehe kohomada denaganne kiyala....ada b'day eka nam onna mamath happy b'day kiwwa honde ;)

      Delete
    2. තැන්කූ එල කොල්ලා මල්ලි.

      ඔව් ජේවීපී එක තමා ලොකුම හෙනේ. උන්ව හිස් මුදුනින් පිළිගන්න අයට ඒ නම හරියනවා තමා. සෙකුරුටි එක උඩ බලන් ඉඳලා නෑ මල්ලි. පිටින් ගෙන්නපු මැරයෝ ටික උන්ටත් ගහලා යතුරුත් අරගෙන තමයි කැම්පස් එකට කඩා වැදිලා තියෙන්නේ. එච්චරට දරුණු ප්‍රහාරයක් ඒක. හරියට එල්ටීටීඊ කාරයෝ වගේ. සිරාවටම මමත් කියන්නේ එක පාරක් හරි මුන්ට පාඩමක් උගන්නන ඕන කියලා. පොලිසිය කරලා තියෙන්නේ ළමයිව බස් වල දාගෙන ගිහින් නිදහස් කරපු එකලු.

      Delete
  22. ඔය ප්‍රශ්නෙ ගැන වෙන මොකවත් කියන්න දෙයක් නෑ...ඔය දෙකොටසටම අයිති නොවන එහෙත් ඔය දෙගොල්ලො එක්කම සෑහෙන කාලයක් රාජකාරි කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ සයුරි කියල තියෙන දේ හරියටම හරි..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු තීරණ ගන්නෙ සාධාරණත්වය මනුෂ්‍යත්වය ගැන හිතල නෙවෙයි. වෙන නොයෙක් න්‍යාය පත්‍ර, බාහිර බලපෑම් උසි ගැන්වීම ...ඔය කාරණා අඩු වැඩි වශයෙන් බලපානව ඔය ශෝචනීය සිදුවිම් කෙරෙහි.

    දෙවියනි. ඔවුනට ණැනැස දුන මැනව!!! එච්චර තමයි කියන්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. රවී අයියට මේ ගැන අපිට වඩා දැනුමක් ඇති එහෙනම්. "සාධාරණත්වය මනුෂ්‍යත්වය" කියන ඒවා දැන් අපෙන් ඈතටම ගිහින් වගේ. මේ වගේ දේවල් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ :(

      Delete
  23. ඉගෙන ගණන් එක පැත්තකට දාල පිස්සු කෙලින උන් කොතනත් ඉන්නවා මේ වගේ කාලකන්නි වැඩ කරන එවුන් කැම්පස් ඇතුලට රිංගල කියල දැනගන්න ලැබීම කනගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මලයා. මට තියන ප්‍රශ්නේ මෙහෙම පිස්සු කෙලිනකොට ඉගනගන්න වෙලාවක් ඉතුරු වෙනවද කියලා.

      Delete
  24. සයුරිට සිතුම්, පැතුම් ඉටුවෙන සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
  25. නොමිලයේ සරසවි අධ්‍යාපනය ලබා දෙන එක තමයි වැරැද්ද.

    ReplyDelete
  26. සුදීක එක්ක එකයි.නිදහස් අධ්‍යාපනය පාසල් වලදී පමණක් ලැබිය යුතුයි. ඒ තැන මමත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මමත් එකඟයි. මම කියන්නේ අඩු ගානේ කැම්පස් ගිහින් ඉවර වෙලා රැකියාවක් කරනකොට හරි අර ණය ඔවුන්ගෙන් අය කරගන්න ක්‍රමයක් හදන්න ඕනේ කියලයි.

      Delete
    2. කවුරුහරි මගෙන් ඇහුවොත් මම ණය ගෙවන්න ලෑස්තිද කියලා, "ඔව් මම ලෑස්තියි". එතකොටවත් මේ ගහගන්න එක පැත්තක දාල ඉගනගන්න වැඩේ හරියට කරාවි. මොකද ණයක් තියනවනේ ගෙවන්න. .

      Delete
  27. අනේ මන්දා....උගත්තු කියන ජාතියත් මෙහෙම පිස්සු නටනවනම් ඉතිං වෙන කවර කතාද......
    අර සහෝදරයට ඉක්මන් සුවය පතනවා!

    සයුරිගේ උපන්දිනයද???
    එහෙමනම්..... සුභම සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. උගත්තු උනාට මදිනේ සමනලී. මනුස්සකම් නැහැ. සුබ පැතුමට ස්තුති වේවා :)

      Delete

  28. ඔය කතන්දරේ මටත් අදාළ නිසා මේ ටික හරි ලියන්නේ
    මේ ගැන ලොකු විස්තරයක් මන් අන්සතු දින පොතේ දැම්මා .
    මෙතන උනත් සයුරි " අපේ උන්ට අපි අදිනවා " කියන දේ තියෙනවා.
    ඔයා උනත් මේ පෝස්ට් එක දාල තියෙන්නේ මෝරා E පැත්තට .
    ඔයා NDT කරා නම් ?

    ඔන්න ඕකමයි අපේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න බැරි.එන්ජිනියර් අඩුම
    තරමේ කාමරෙන් එලියට එන්නේ නැහැ, NDT කාරය යනවා හෙඩ් බාස්
    වෙන්න.අන්තිමට ගැටුම්..

    ආයතන ප්‍රධානියාට වෙන්නේ දෙන්නගෙම කන් අඩි පළල ගෙදර යවන්න.
    ඉගෙන ගන්නෙත් බල්ලෝ වගේ , ඉගෙන ගෙන කරන්නෙත් බලු වෙන
    එක..හැම කෙනාම මහන්තත්ත කමෙන් හිස පුරවන්...

    පහල තියෙන්නේ මන් දාපු කමෙන්ට් එක අන්සතු දිනපොතේ...







    *********************************************************************
    මචන් උබේ කතාවේ හරය එක්ක එකගයි බන්.
    පුද්ගලික හේතු අමතක කලොත් ඔය හැම දේම
    හරි..උබ හිතන්නේ මචන් Eng ඉන්න කෙනා NDT වෙලා
    NDT කෙනා Eng උනොත් කොහොම වේවිද ? ඒත් ඒ ටිකම
    තමා මචන්.ලංකාවේ මිනිස්සු Eng වෙන්නේ ආසාවට නෙවේ
    විෂයට .බොරු පුහු නම්බුවට.ජීවිතේට IC එකක් sucker කරන්න
    දන්නැති Eng ල ඉන්නවා..ඒත් ඇහුවොත් ප්‍රෝටෝනේ ඉඳල
    කියනවා. ඕක MBBS අයට තදින් තියෙනවා.අහිංසක මිනිහෙක්ට
    බෙහෙත් කරන්න නෙවේ වයිධ්‍ය( IME fault ) විද්‍යාලයට යන්නේ, සමාජයේ ඉහලින්
    වැජඹීමේ අරමුණෙන් .( 100% ම එහෙම කියනවා නෙවේ, ඒත් එහෙම
    අයට කේන්ති යයි හොදටම තමන්ගේ ඇඟේ වැරදි තියෙනවනම් :D )

    දැන් බලපන් පිට රටක නම් මට taxi driver කෙනක් වෙලා නිදහසේ
    ජීවිතේ ගෙනියන්න ආස නම් මන් taxi driver කෙනෙක් ..මට ඕන
    Eng වෙන්න නම් මන් Eng කෙනෙක්.කව්රු උනත්, සමාජ රැකියා
    ගරුත්වය එකයි.අන්න එහෙම වෙනවා නම් මේ කිසි ගැටළුවක් නැහැ ..
    ඒත් කවමදාවත් වෙන්නේ නැහැ මචන්.

    මිනිස්සු එකිනෙකාට ගරු කල යුතුයි, නැතුව තනතුරු වලට නෙවේ
    ගරු කල යුත්තේ..තනතුරු ලබා ගත යුත්තේ සේවයක් සැපයීමේ අරමුණෙන්,
    නැතුව සමාජයේ ගරුත්වයක් ලබා ගැනීමට නෙවේ...
    එවිට ඉබේම ඔබට හිමි ගරුත්වය ඔබ වටා ගොඩ නැගෙනු ඇත..!
    **********************************************************
    මන් හැමදාම කතා කරන්නේ සේවාව සැපයීම ගැනයි සමස්ථ.
    නැතුව එක එක වෘතිකයන් තනි වශයෙන් ඉහලට යෑමවත්,
    තම පටු කාර්ය භාරය පමණක් ඉටු කිරීමවත් නෙවේ කල
    යුත්තේ.අන්තිමට සමස්ත සේවයේ අවසාන ඵලයට වගකිවයුත්තා
    කව්ද ?



    මුලින්ම තනතුරු තානාන්තර නමට පෙර ඇති අකුරු අමතක
    කර මිනිසෙකු වන්න..ඒ හොදටම ඇති..




    ඔයාගේ කමෙන්ට් එක මන් ඊයෙම දැක්ක ..ඒත් උත්තර දීල
    වැඩක් නැති නිසා නිකන් හිටියේ..මේ ටික කිව්වෙත් ඔයා
    හිතන්නෙත් උක්ත මාතෘකාව නියෝජනය කරන නිසා..



    ( ඒ ඇර ඔබ සමග කතා කල යුතු බොහෝ දේ ඇත වෘතීය
    පරිසරය ගැන ..)
    **************************************************************

    ReplyDelete
    Replies
    1. සහන්ට කොහොම උත්තරයක්‌ දෙන්නද මන්දා :) ඔයාටත් අදාලයි කිව්වේ සහන් NDT හරි ඊ ෆැක් හරිද?

      මෙහෙමයි සහන්, මම NDT උනානම් මාත් ඔය විදියට හැසිරේවි. මොකද ඔවුන් ඇතුලට එනකොටම NDT සීනියර් අය සහ අන්තරය විසින් ඔය මානසිකත්වයට ඔවුන්ව ගේන නිසා. NDT එකේ දෙන අමානුෂික රැග් එකත් ඒකෙ කොටසක් බව අපි දන්නවා.

      ඉංජිනේරුවා "ක්‍රියාත්මක කරවන්නා" සහ තාක්‍ෂණවේදියා "ක්‍රියාත්මක කරන්නා" විය යුතුයි. ඕවා පටලගත්තම ගැටුම් තමා. ඒ අනුව තාක්‍ෂණවේදියාගෙන් තමා ගොඩක්ම ප්‍රායෝගික පැත්ත බලාපොරොත්තු වෙන්නේ. ඉංජිනේරුවාගෙන් ඉටු වෙන්න ඕනේ සිද්ධාන්ත යොදාගෙන යමක් නිර්මාණය කරලා ඔවුන් ලවා ඒක කරවීම. හැබැයි එහෙම කියලා ඉංජිනේරුවා ප්‍රායෝගික නොදැන ඉන්න බැහැ. හරියට වැඩක් කරවන්නනම් ඔහුත් ඒක දැනගෙන ඉන්න ඕන. සහන් කිව්වා වගේ එහෙම නොදන්නා ඉන්ජිනේරුවරුත් ඉන්නවා. ප්‍රැක්ටිකල් වලදි අයිස් ගහපු අය වෙන්න ඇති :)

      හැබැයි මම හිතනවා මේක අපේ අයට ඇදලා ලිව්වනම් මිට වඩා ගොඩක් වෙනස් විදියට ලියවෙන බව සහන්ට තේරෙයි කියලා. දෙගොල්ලන්ගේම වැරදි මම සඳහන් කරා. මේ වෙලාවේ වෙලා තියන සිද්ධියේ හැටියට මගේ ලිපියේ අපේ අයට නැඹුරුවක් තියෙන්න පුළුවන් (අපේ අය කියන වචනයේම ඒක තියනවනේ :). ඒත් එවැනි අවස්ථාවකත් මට පුළුවන් තරමින් දෙගොල්ලන්ටමයි මේ ලිපිය ලිව්වේ. කාටවත් ඇද්දා කියලා වරදවා හිතන්න එපා. ඇත්ත ඇති සැටියෙන් ලිව්වා පමණයි.

      Delete
    2. අන්න හරී සයුරි මෙතන තියෙන්නේ අර කාලකන්ණි ### උන්ගේ
      දේශපාලනේ .මේ ලංකාවේ දෙවියනේ කියල තිබ්බේ පෙන්නන්න මෝරා
      ඊ ෆැක් විතරයි .දැන් ඒකත්, මේ NDT අයගේ මොළ කාල විනාස කරනවා.
      ඔතන තියෙන රියල් සීන් එක කිව්වොත් ආර්ට් අය මා එක්ක තරහ වේවි.
      නමුත් ඔයාට තේරෙනවනේ දැල එලන්නේ කාටද කියල ### දේශපාලුවෝ
      ටික .දැන් සෙල්ලම තමයි ආර්ට් වගේ දේවල් අත ඇරලා NDT සහ අර පෙනී
      නොපෙනී දුරින් සිහිනය බොඳ වෙන අය අල්ල ගන්න එක.

      මොකද ....................

      අනේ වැඩක් නැහැ සයුරි ඔලුව රිදෙනවා.මට දුක දෙවියනේ කියල තිබ්බ
      මොරටුව කැම්පස් එකටත් ගෙඩිය පිටින් විෂ බීජ වැටීම ගැන .

      ඕකෙන් වෙන්නේ හැම ආයතනයකම ප්‍රධානීන්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලින්
      එන පිරිස ගැන ඉන්ටවීව් ලෙවෙල් එකේදිම " ඕකව හලපන් " කියල
      HR එකට කියන එක විතරයි .අවංකවම මාත් එහෙමයි .

      Delete
    3. ow sahan, ea pakshe thama methana thiyana hene. ehema podi hari peedanayak thiyana lamayi katasak allagena egollo karanne ea aya usi ganwana eka.

      oluwa norideida appaa..epa wenawa ne

      Delete
  29. හරිම කණගාටුදායක නිව්ස් එකක්. කේන්තිය ඇවිස්සෙන විදියේ දෙයක්මේතන වෙලා තියෙන්නේ. ආරංචි වෙලා තියෙන විදියට කැම්පස් එකට පිටිනුත් මැරයෝ ගෙන්නලා තියෙනවා ලු. කාලකන්නින්ගේ දේශය බවට පත්වෙලා දැන්.

    සුභ උපන්දිනයක් වේවා සයුරි..

    ReplyDelete
    Replies
    1. ඔව් අසාර්. බස් වලින් මැරයෝ ගෙනල්ලා. මොන මානසිකත්වයකින් එහෙම කරාද මන්දා. ස්තුතියි සුබ පැතුමට :)

      Delete
  30. අම්මෝ අර පින්තූර ටික දැක්කාම නම් කියන්න වචන නෑ.. හරියට යුද්ධයකට පස්සේ වගේනේ.. කැම්පස් එකම විනාස කරලා. මාර වැඩේ කියන්නේ දැන් කැම්පස් එකටත් අයිතිකාරයන් ඉන්නවලු හෆොයි.. අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතුවද දන්නෑ. මමත් කියන්නේ එක ඩිග්‍රියක් තව එකකට සම කරන්න යන එක තමා මෙතැන වැරැද්ද්. NDT යනවද BSc යනවද කියලා උසස්පෙළට වුනු මහන්සියයි ප්‍රතිඑලයි අනුව අනුව තමන් අතින්ම තමා තීරණය වෙන්නේ. ඒක එහෙම වුනත් අනික් ක්ෂේත්‍ර වගේ නෙවි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඩිප්ලෝමා තිබිලත් තම දක්ෂතා අනුව කැපවීම මත ඕන තරම් උඩට එන්න පුළුවන්නේ.තව කෙනක්ට ගහලා කැම්පස් එකට අයිතිවාසිකම් කියලා ඒ තත්වය ගන්න යන එක මෝඩ වැඩක් වගේම තමන්ට දැනට තියන තත්වයත් නැතිකර ගැනීමක්.. මම හිතන්නේ අර හැම තැනකම වගේ වලියට බර සුළු පිරිසක් නිසා තමා ඔක්කෝටම ප්‍රශ්න ඇතිවෙන්නේ

    ReplyDelete
    Replies
    1. සිරාවටම යුද්ධයක් වගේ තමා තොටියා අයියේ. අයිතිකාරයෝම කැම්පස් එකට එහෙම කරන එකනේ ප්‍රස්නේ. ඩිග්‍රියකුයි ඩිප්ලෝමා එකකුයි සංසන්දනය කරන්න බෑ කියලා ගොඩක් අයට තේරෙන්නේ නෑ. එහෙමනම් ඒ දෙකට නම් දෙකක් මොකටද. මම එක තැනක දැක්කා ෂෝක් කමෙන්ට් එකක්..

      "තව වසරක් වැඩිපුර ඉගෙනගෙන NDT අයට ඉංජිනේරුවන් විය හැකිනම්, වසරක් හෝ දෙකක් වැඩිපුර උගන්වා හෙදියන්ට වෛද්‍ය උපාධියක්‌ දීමටත් හැකි වනු ඇත :) "

      කොහොම වෙතත් හෙදියන්ට නැති අවස්ථාවක් NDT අයට තියනවා. හෙදියෙක්ට කොයි තරම් දක්ෂ උනත් වයිද්‍යවරයෙක් වෙන්න බැහැ. ඒත් NDT කෙනෙක් දක්ෂනම් ඉහළට යාමේ අවස්ථා තියනවා. එහෙමත් තියාගෙන ඇයි මේ තරම් ප්‍රශ්න ඇති කරගන්නේ.

      Delete
  31. සුබ උපන් දිනයක් වේවා! නංගි. මේ වසර වාසනාව සතුට සම්පත් පිරි අලුත් පැතුම් ඉටුවෙන වසරක් වේවා!

    ReplyDelete
  32. අමතක උනානේ සයුරි ඇන්ටිගේ 37 වන උපන් දිනට
    මගේ සුබ පැතුම් ..
    ( ඔන්න මගේ ගානේ 10 අඩු කරා හොඳේ )

    ReplyDelete
    Replies
    1. මම ගානෙ තව දහයක් අඩු කරන්නම්කොහ්... ඇන්ටි පවුනෙ නැත්නම්..

      Delete
    2. බුඩු අම්මෝ "37" ක්. මම කියන්නේ නෑ මුකුත් ඉතින්..:-/ හොඳ වෙලාවට 10 අඩු කරේ :))

      හෙහෙ තව 10 ක් අඩු කොරොත් ඉතින් මම තාමත් ඉස්කෝලේ යනවා නෙව..හික්

      Delete
    3. නෑනෙ... සහන් 10ක් අඩුකරලනෙ 37 වුනේ.. මම ඒකෙන් තමා 10ක් අඩු කළේ එතකොට හරිනෙ ?

      Delete
    4. අප්පේ..දැන්නේ තේරුනේ..අනේ අම්මපා මේ සහන්ටනම් දෙන්න ඕනේ පොල් පිත්තකින්...හිහ් :)

      හරි හරි එහෙනම් සෙන්නාගේ ගාන තමා බාර ගන්නේ.

      Delete
  33. හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඉතාම ලොල් සහගතයි ... නම් හිනා නොවී බැහැ බොල ..:DDDDDDDD

      Delete
  34. ඔය අසමජ්ජාති පැටව්න්ට තමය් දවසක ඉහලින්ම අපායෙ පත්වීම ලැබෙන්නෙ.

    ReplyDelete
  35. මේ වගේ සිද්ධි අහන්න දකින්න හම්බ වෙනකොට ලොකු දුකක් ඇති වෙනවා. අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න නංගිලා මල්ලිලා නේද කියලා හිතෙනකොට ඒ දුක තවත් වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම හිතුවම දුකයි මින්. මෙහෙම අය කොහොමද රටක් ගොඩනගන්නේ.

      Delete
  36. මොලේ විතරක් තියාගෙන කැම්පස් ගියාම ඔහොම වෙනවා... කැම්පස් යන්න බල්ලො නොවිඳින බලු දුක් විඳල අවුරුදු දෙකට ක්ලාස් පහ හයට ගිහිං බලු කට්ටක් කාල... මුන්ට කැම්පස් එකට ගියහම ඒව අමතකයි.. තව කැම්පස් යන්න බලාගෙන චාන්ස් නැති කී දාහක් ඉන්නවද? මොනව බෙදාගන්න මරාගන්නවද මංදා..

    හිංචයි ජෙප්පො මේවා පිටිපස්සෙ ඉන්නවා කියල මළු රටම දන්නවනේ.. උන් එලෙව්වනම් වැඩේ හරි...

    රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙනගන්නෙ කියල ආයිමත් කැම්පස් මොළකාරයින්ට මතක් කරල දෙන්න වෙලා..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ යාන්ත්‍රිකයා. කැම්පස් එන එක හීනයක් විතරක්ම වෙච්ච ළමයිගේ අම්මලා තාත්තලත් මේ පිස්සන්ට ඉගනගන්න බදු ගෙවනවානේ. පව් ඒ මිනිස්සු. ජෙප්පෝ එලවන්නේ නතුවනම් බෑ. ඒක පැහැදිළියි. NDT එක මොරටුවෙන් එලියට ගෙනියන එකටත් ජෙප්පොන්ට තමයි ලොකුම අමාරුව තියෙන්නේ.

      Delete
  37. කවුද හරි කවුද වැරදි දන්නෙ නෑ ඒත් කොයි කවුරු උනත් තමන්ට දැනුම දෙන තැනට මේ වගේ විනාශයක් කරපු එක ගැනනම් මටත් තියෙන්නෙ පුදුම කල කිරීමක්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා රෝස කුමාරි. අර බිල්ඩින් ටික කඩල දැම්මේ මොනවා ලැබෙනවටද.

      Delete
  38. මේ පාඨමාලා දෙක දෙපැත්තක තිබීම සාර්ථක යැයි හැඟුනද විටෙක සිතෙන්නේ එයත් පැලැස්තර පිළියමක් බවයි..කොහොම වුනත් පොදු දේපල වලට අලාභ හානි කිරීම අනුමත කරන්නට බැහැ..

    ReplyDelete
    Replies
    1. මේ දෙක තැන් දෙකක තිබුනොත් මෙහෙම ගැටුම් වෙන්න තියන හැකියාව ගොඩක් අඩුයි රූ. අනිත් එක NDT පාඨමාලාව දැනට අත්සන් කරලා තියන ගිවිසුමේ හැටියට ඔවුන් එලියට යනකන් වැඩිපුර ළමයි ගන්නවත් විෂය නිර්දේශ වෙනස් කරන්නවත් කිසිම දෙයක් කරන්න බැරිලු. ඉතින් මෙතනින් ගියොත් ඔවුන්ටමයි වාසි.

      Delete
  39. කලකිරීමක් ඇති උනා ඇත්තටම. මේ අවුල් දැන් පටන් ගත්ත එකක් නෙමෙයිනේ.කොයි කාලෙක ඉඳන් තියන එකක්ද. අඩුම ගානේ අධ්‍යාපනය භාරව ඉන්න යට මොලේ කියන එක ටිකක් හරි තියනවා නම් මේ ප්‍රශ්නෙට මේ වෙනකොට විසඳුමක් දීල. එත් ඒ අයත් කරන්නේ කල දුටු කල වල ඉහ ගැනීම තමයි. අනිත් එක NDT ය මෙච්චර හීනමානයෙන් හිතන්නෙ ඇයි? ඉංජිනේරු සිසුවෝ NDT අයත් එක්ක මෙච්චර තරහ ඇයි? තමන්ගේ හැකියාව අවතක්සේරු කර කර දෙගොල්ලො කරන්නේ ගහගන්න එක. මෙච්චර දුක් විඳලා ඔය තැන වලට එන්නේ මිනි මරාගන්නද??

    ReplyDelete
    Replies
    1. ඔයාට ආපු ප්‍රශ්න ටික ඒ අයගේ ඔලුවලටත් එනවනම් කොයි තරම් දෙයක්ද. විසඳුමක් පෙනි පෙනී තියෙද්දී ඒක ක්‍රියාත්මක කරන්න බැරි ජෙප්පෝ සහ උවමනාවක් නැති බලධාරීන් නිසා.

      Delete
  40. සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  41. මට නම් ඔය ප්‍රශ්නේ ගැන වැඩි දැනීමක් නැහැ... ඒත් මම පැහැදිලිව දකින දෙයක් තමයි ලංකාවේ දැන් කැම්පස් වලට තේරෙන පිරිස සහ පාතාල මැර පිරිස් හැසිරෙන්නේ එකම ආකාරයකට. රටේ අනාගතය බාරගන්න ඉන්න උගත් පිරිස, බුද්ධියෙන්, සංවේදීකමින් අඩු පිරිසක් වීම ගැන නම් අපේ අධ්‍යාපන ක්‍රමය සෘජුව වග කියන්න ඕනේ... ඊට අමතරව රටේ තියන අමන දේශපාලන තත්වයම තමයි, විශ්වවිද්‍යාල වල දකින්නට තියෙන්නෙත්. විශ්වවිද්‍යාල සමාජය හැඩකරන ඉදිරිගාමී අදහස් උපදින තැන ඉඳලා නිකම්ම නිකං එලෝලු මාර්කට් එකක තත්වෙට වැටිලා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව...ඒ දෙගොල්ලන්ගේ වැඩි වෙනසක් නෑ වගේ දැන්. උගත් උනත් නූගත් උනත් තත්වේ එකම අඩියට වැටිලා. රටට මොන කලක් යාවිද ඉතින්

      Delete
  42. බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.
    Posted on 2012 ජනවාරි 15 by Shan


    දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි

    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි

    දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.

    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

    ආමේන්

    ReplyDelete
  43. මේකේදි කැම්පස් කස්ටිය කියලා වෙන් කිරීමක් අවශ්‍ය නෑ.. සමාජයේ තිබෙන පිරිහීම කඳිමට පෙන්වීමක් මේ. හැමෝම හරි දරුණුයි.. ආත්මාරථකාමියි...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා. කැම්පස් කට්ටිය කියන්නෙත් ඉතින් අමුතු කට්ටියක් නෙමෙයිනේ. සමාජයේම පැතිකඩක් තමයි.

      Delete
  44. NDT ය සහ ඉංජිනේරු සිසුවෝ සිසුවෝ අතර කලක පටන් පවතින සටන උග්‍රවෙලා. මේ සිද්දියට සම්බන්ධ හේතු කිසිවක් දැනගන්න මට පසුගිය සතියක කාලයක් තිස්සේ හැකියාවක් ලැබුනෙ නෑ.

    ඒත් NDT ය උපාධියක් නොවන බවත්, එය රැකියාවක් සඳහා මග පෙන්විමක් කරන උසස් අධ්‍යාපන මග පෙන්විමක් බව ඒ සිසුන් වටහා නොගැනිම කණගාටුවට කරුණක්. අනෙක් අතට BSc උපාධිය ගන්න ලබන්න ඕනෙ සුදුසකම් කවුරුත් දන්නවා. ඒවගේම ඒ සදහා කැපකළයුතු කාලය සහ වෙහෙස. ඉතින් ඒ අතින් එන්ඩීටී සිසුන් සම අයිතිවාසිකම් ඉල්ලන එක වැරදියි මට හිතෙන විදියට.

    අනෙක් අතට එකම සරසවියක් තුළ මෙවැනි ඩිප්ලෝමා පාඨමාලාවක් පැවැත්විම අභ්‍යන්තර ගැටලුවලට මං පැදීමක්. ඒ සදහා වෙනම ආයතනයක් තිබිය යුතුය කියලා හිතෙනවා.සිසුන් අතර ගැටුම් ඇතිකිරිමත් මේ කාලයේ පාලක පන්තියේ පැවැත්ම වෙනුවෙන් කරන ක්‍රියාවක්.

    සයුරිගේ උපන් දිනයට පමා වී හෝ සුබ පැතුම එකතු කරන්නට ලැබිමත් සතුටුයි. "නිරෝගි දිවියෙන් සපිරි සුබම සුබ උපන්දිනයක් වේවා..!"

    ReplyDelete
    Replies
    1. දයානන්ද අයියාට හොඳින් ප්‍රශ්නය ගැන වැටහීමක් තියනවා වගේ. ඇත්තටම ඒක තමයි වෙලා තියෙන්නේ. සසඳන්න බැරි දෙකක් සසඳන්න යාම.

      //සිසුන් අතර ගැටුම් ඇතිකිරිමත් මේ කාලයේ පාලක පන්තියේ පැවැත්ම වෙනුවෙන් කරන ක්‍රියාවක්.//

      මේ තවත් ඇත්තක්. මොනවා උනත් හැම පැත්තෙන්ම තැලෙන්නේ සිසුන්. ඒ බව වටහාගන්න ඔවුන්ටත් බුද්ධියක් නැති එකයි දුක.

      බොහොම ස්තුතියි සුබ පතුමටත් :)

      Delete
  45. පමාවී හෝ පතන්නම් සුබම සුබ උපන් දිනයක්.....
    ඒත් මේ සිදුවන දෑ මුළු මහත් ජාතියට,රටට සුබ නොවන වගනම් විශ්වාසයි.අද අධ්‍යාපනය එහි පරමාර්ථවලින් පිට පැනලා,වැරදි පාරවල්වල දක්කගෙන යන තැනට වැටිලා.ඒ දේ කරන්න ඕන කරන අය කොයි විදිහෙන් හරි ඒ දේවල් කරනවා.පොත පතෙන් ජය ලැබුවත් ජීවිතය ජයගන්න බැරිව අපේ කොල්ලෝ කෙල්ලෝ අසරණ වෙලා.හැමෝම එකතු වෙලා උන්ව අසරණ කරලා උන්ට නොදැනීම.මේ දේවල් තවත් වැඩි වෙන තැනට වැඩ කරන පිරිස් මිස නියම විසදුම් සොයන්නට වෙහෙසෙන්නෝ අඩුය.දරුවෙකු උපදින්න නොසුදුසුම රටවලින් එකක් වෙලා තියෙන්නේ මේවා නිසයි අපේ රට....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සජීවනී ඔයාටත් :)

      අනේ මන්දා..විසඳුමක් හොයන්නනම් කාටවත් ඕන කමක් නෑ වගේ. වැඩි හරියක් ඉන්නේ කල දුටු කල වල ඉහගන්න අය නේ.

      //දරුවෙකු උපදින්න නොසුදුසුම රටවලින් එකක් වෙලා තියෙන්නේ මේවා නිසයි අපේ රට//
      මේක ඇත්ත කියලා මටත් හිතෙනවා :(

      Delete
  46. සාමාන්‍යයෙන් කැම්පස් වල වලි යනවා, ඒත් ඒවා උපරිම ගල් , පොලු තමයි (ඒවත් වැරදියි!!). කොහොම උනත් මේ තරම් දරුණු හිත් ශිෂ්‍යයන්ට තිබීම නම් හරිම ශෝචනීයයි. අනිත් එක සහෝදර ශිෂ්‍යයෙක්ගෙ? අන්තරෙන් බ්‍රේන් වොෂ් කළ එක කියලයි මේකට හේතුව විදියට මට නම් හිතෙන්නෙ. මමත් ඔය අන්තරේ හින්දා එක සැරයක් ඔලුවත් පලාගෙන තියෙනවා :( :( ඒ වගේ ම ඒ අයගේ ඇතැම් මතවාද වලට විරුද්ධ වෙන්න ගිහින් ඒ හා සම්බන්ධ හොඳ අත්දැකීම් තියෙනවා අවුරුදු 4ක් ම. මට දැනගන්න ලැබුණ විදියට නම් රොෂාන් කියන කෙනාත් ඊට කලින් NDT අයට පහරදීමට පෙරමුණේ ම හිටිය කෙනෙක් ලු (කොයිතරම් දුරට හරිද නම් දන්නෙ නැහැ ). රොෂාන්ට "ඉක්මන් සුවය" පතනවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරු, ගල් පොලු හරියි කියනවා නෙමෙයි ඒත් මේක ඊට එහාට ගියපු නින්දිත සිද්ධියක්.

      //මමත් ඔය අන්තරේ හින්දා එක සැරයක් ඔලුවත් පලාගෙන තියෙනවා :(//

      හපොයි, ඒ මක් වෙලාද?

      ඔය පෙරමුණේ හිටි කතාව කියන්නේ NDT අය වෙන්ට ඕනා. එහෙම හිටියත් නොහිටියත් මිනී මරලා පළිගන්න හදපු එකනම් ලජ්ජා සහගතයි.

      Delete
    2. පෙරමුණේ ම හිටිය කථාව නම් කිව්වේ එයත් එක්කම හිටිය මගේ යාලුවෙක්(Eng). NDT කෙනෙක් කිව්වනම් මමත් විශ්වාස කරන්නෙ නැහැ. ඔළුව පැලුනෙ නම් ගල් පාරක් වැදිලා :( අපේ කැම්පස් එකෙ ඔය අන්තරේ බලපෑම හරියට තිබුණා. එකේ මොනවටහරි හරි හෝ වැරදි විරුද්ධ වෙනවනම් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන... මම නම් හිතන එකම විසඳුම තමයි අළුතින් ගන්න එක NDT Batch එකක් සම්පූර්ණයෙන් ම හුදකලා කළ යුතුයි ජේෂ්‍ය්ඨ NDT සිසුන් ගෙන්... එතකොට දියගම ට අරන් යන්න ඕන වෙන එකක් නැහැ. ඒ වගේ ම Eng අයගෙන් පොඩි පොඩි කෙනෙහිලිකම් ත් NDT අයට කැම්පස් එක ඇතුළෙදි නැතුවා ම නෙවෙයි මම දන්න තරමින්... ඒවත් හරි නෑ.

      Delete
    3. ඔව්, ඒක තමයි මම කිව්වේ පෙරමුණේ හිටියත් නැතත් මිනී මරලා පළිගන්න එක ලැජ්ජා සහගතයි කියලා.

      //අළුතින් ගන්න එක NDT Batch එකක් සම්පූර්ණයෙන් ම හුදකලා කළ යුතුයි ජේෂ්‍ය්ඨ NDT සිසුන් ගෙන්//

      මේක හිතන තරම් ලේසි නැහැ. අන්තරේ තියනකම් ඕක කරන්නත් බැහැ.

      //එතකොට දියගම ට අරන් යන්න ඕන වෙන එකක් නැහැ//

      සරසවියකට අදාළ නැති පාඨමාලාවක් ඒක ඇතුලේ තියාගැනීමෙන් මේ තරම් දේවල් වෙනවනම් තවදුරටත් අත්හදාබැලීම් කර කර බලාගෙන ඉඳීම හොඳ නැහැ. මිට අවු. 10 කටත් කලින් ඔය ගිවිසුම ගහපු වෙලේම එළියට ගියානම් අද මෙහෙම ප්‍රශ්න නැහැ. තව වසරක් ඇතුලත ඒ දේ කරනවා කියලා පොරොන්දු ලැබුනට මොනවා වෙයිද මන්දා.

      Delete
    4. ඒක ඉස්සරවගේ හිතන තරම් අමාරු නැහැ පරිපාලනය හරියට කෙළින් හිටියොත්. අන්තරේට සහ ශිෂ්‍ය සංගම් වලට ඉස්සරවගේ මහ ලොකු දේවල් කරන්න බැහැ. මේ බව මම හොඳට දැක්කා අපේ කැම්පස් එකේ වුණ සිදුවීම් වලින්. ඔය මෝඩ විදියට නිකරුණේ බළල් අත් විදියට කෑගහන මිනිස්සු දහයක් විතර සස්පෙන්ඩ් කළා නම් ඒ අය ඇත්ත තේරුම් ගන්නවා. ගෙදරට වෙලා තනියම කල්පනා කරකර ඉද්දි අනිවා තේරුම් යනවා තමන් කළ වැරදි. තමන් ගෙදර ඉද්දි අනිත් අය ලෙක්චර්ස් යන හැටි, එයාලගෙන් නිකමටවත් කෝල් එකක් නැතිවුණා ම හොඳට දැනෙනවා. සම හරක්ට නම් කොයිතරම් කල් ගියත් තේරෙන්නෙ නැති එක වෙනම දෙයක්. කොහොම වුණත් මේ ආණ්ඩුව ශිෂ්‍යයන් ගේ යුනිටි එක කඩලා ඉවරයි.

      …//සරසවියකට අදාළ නැති පාඨමාලාවක් ඒක ඇතුලේ තියාගැනීමෙන් මේ තරම් දේවල් වෙනවනම් තවදුරටත් අත්හදාබැලීම් කර කර බලාගෙන ඉඳීම හොඳ නැහැ

      …මේකේ පොඩි සදාචාරාත්මක ගැටළුවකුත් තියෙනවා මෙහෙම කිව්වට. මොකද වි.වි භූමිය තියෙන්නෙ තාක්ෂණ ආයතනයට අයිති ඉඩමකනේ. මේක හරියට අපි අනුන්ගේ ඉඩමක පදිංචි වෙලා එකේ අයිතිකාරයන් ව එළවනවා වගේ වැඩක්. එතකොට NDT අයගේ හිත රිදෙන එක සාධාරණයි. ඒ නිසා රැවුළත් කැඳත් දෙකම බේරගෙන කරන දෙයක් කරන්න ඕන කියන එකයි මගේ හැඟීම...

      Delete
    5. ළහිරු, ශිෂ්යින්ව සස්පෙන්ඩ් කරන එක මිට කලිනුත් ඕන තරම් උනා. ඒවායින් ඊ ලඟට එන අය කවදාවත් පාඩම් ඉගන ගත්තේ නැහැ.

      //මේකේ පොඩි සදාචාරාත්මක ගැටළුවකුත් තියෙනවා මෙහෙම කිව්වට. මොකද වි.වි භූමිය තියෙන්නෙ තාක්ෂණ ආයතනයට අයිති ඉඩමකනේ. මේක හරියට අපි අනුන්ගේ ඉඩමක පදිංචි වෙලා එකේ අයිතිකාරයන් ව එළවනවා වගේ වැඩක්. එතකොට NDT අයගේ හිත රිදෙන එක සාධාරණයි. ඒ නිසා රැවුළත් කැඳත් දෙකම බේරගෙන කරන දෙයක් කරන්න ඕන කියන එකයි මගේ හැඟීම//

      මේ කොටස කියෙව්වමයි මට ඔයාගේ ස්ථාවරය තේරුනේ. අන්තරේ හැඟීමත් ඕකම තමයි. තාක්ෂණ ආයතනයේ ඉඩම වී. විද්‍යාලයක් බවට පත් කරානම් ඒක එදා ඉඳලා වී. විද්‍යාලයක්. ඒක වී. විද්‍යාලයේ භූමිය. තාක්ෂණ ආයතනය ඒක තේරුම් ගන්න ඕනේ. විරුද්ධත්වයක් තිබුණනම් ඒක කරන්න කලින් විසඳගන්න ඕනේ. දැන් වී.වී. ඇතුලෙම ඉන්න ඕන කියන එක ත්රුමක් නැති දෙයක්. අනික ඕක අස්සට වෙලා ඉන්න ඉංජිනේරු පීටයත් ඕන නැහැ එයාලට වෙන තැනක් දෙනවානම්. එහෙම වෙන තැනකට ගෙනිච්චොත් වී. විදාලයත් ඉබේම එතනට යාවි. NDT අය නිදහසේ එයාලගේ භූමියෙ ඉඳීවිනේ එතකොට. NDT එක ඒකට කැමති වෙන්නෙත් නෑ ෂුවර් එකටම.

      මම කියන්නේ මේ දෙගොල්ලෝ වෙන් කළ යුතුමයි. එක්කෝ NDT නැත්නම් ඉංජිනේරු සිසුන් එතනින් යා යුතුමයි. නැත්නම් ඔය සීනි බෝල විසඳුම් කොච්චර දුන්නත් ඔය ගහගැනීම නැවතෙන්නේ නැහැ.

      Delete
    6. ම්ම්ම්... කෙටියෙන් ම කියනව නම් මගේ විසඳුම තමයි NDT එකේ අමානුෂික රැග් එක තුළින් වෙන බ්‍රේන් වොෂ් එක නවත්තන එකයි. ඒක පරිපාලනයට ඕන නම් පහසුවෙන් නවත්වන්න පුළුවනි, ඇත්ත ඕනකමක් තියෙනවනම්. ඒ වගේ ම ඉංජිනේරු ශිෂ්‍යයනුත් හිතන්න ඕන NDT එකේ ඉන්නෙත් ඉස්කෝලෙ කාලේ තමන් එක්ක එකට කාලා බීලා හිටිය උන් කියලා, නැතුව වෙනත් පහත් සත්ව කොට්ඨාසයක් නෙවෙයි කියලත්... ඒකනම් කාටවත් කරන්න අමාරුයි, තමන් හිතලා කලොත් මිසක්...

      Delete
    7. // මගේ විසඳුම තමයි NDT එකේ අමානුෂික රැග් එක තුළින් වෙන බ්‍රේන් වොෂ් එක නවත්තන එකයි//

      අනිවාර්යෙන්ම මේක කරනවානම් ඒක හොඳ විසඳුමක් වෙයි. හැබැයි අවුරුදු විසි ගානකට මේක නොකරපු NDT පරිපාලනය තව දුරටත් ඕක කරනකන් බලන් ඉන්න එකේ කිසිම තේරුමක් නෑ. ඔවුන් ඒක කරන්නේ නැත්නම් අනුන්ට කරදරයක් නොවී දේශපාලන කටයුතුත් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් තැනකට යා යුතුමයි.

      //ඉංජිනේරු ශිෂ්‍යයනුත් හිතන්න ඕන NDT එකේ ඉන්නෙත් ඉස්කෝලෙ කාලේ තමන් එක්ක එකට කාලා බීලා හිටිය උන් කියලා//

      බොහොම හරි. එහෙම නොහිතන්න හේතුවක් මම දකින්නෙත් නෑ. හැබැයි NDT සිසුනුත් හිතන්න ඕන ඒකෙ තේරුම නිසි තැන ලබා ගැනීම මිසක් ඔවුන්ටත් ඉංජිනේරුවන්ගේ වගේම සහතිකයක් ඕන බව කියමින් බලපෑම් කරන එක නෙමෙයි කියලා

      Delete
    8. //එහෙම නොහිතන්න හේතුවක් මම දකින්නෙත් නෑ
      ඒක ඇත්ත, නමුත් ඒක එහෙම නොවෙන එකයි කනගාටු! මොකද මම යම් යම් දේවල් අත්දුටුව නිසා මොරටු සරසවියෙදි (යම් යම් දේ නිසා මම කැම්පස් එක ඇතුළට කිහිපවතාවක් ගිහින් තියෙනවා වගේ ම නැවතිලත් ඉඳලා තියෙනවා.) තමන් එක්ක එකට හිටිය මිනිස්සු විභාගෙකින් පස්සෙ වෙන ම කොටසක් වෙලා තමන් ව පාගලා දාන්න හදනවා කියන දේ දැණුනම ආවේගයක් ඇති(වෙන එක සාධාරණයි කියලා කියන්නෙ නෑ මම ) වෙන්න පුළුවනි. ඒකත් ඔය ගැටුමට හේතුවක්. ඒකට තවත් පොහොර දානවා ඇති ඒ අයගේ යුනියන් එක. එතනත් ගැටළුවක් තියෙනවා...

      …//NDT සිසුනුත් හිතන්න ඕන ඒකෙ තේරුම නිසි තැන ලබා ගැනීම
      …ඉංජිනේරු/ NDT දෙකොටසට ම අයිති නොවී එළියෙන් ඉඳන් බලද්දි මට හිතෙන දෙයක් තමයි …ඉංජිනේරු සිසුන් ක්ෂේත්‍රය තුළ තමන්ගේ ආධිපත්‍යය රැකගන්න උත්සහ කරනවද කියලා...

      Delete
    9. //ඒක එහෙම නොවෙන එකයි කනගාටු!//

      එහෙම නොවෙනවානම් ඒකට හේතුව NDT සිසුන් තමන්ගේ නිසි තැන තියාගෙන නොසිටීම. ඔය පාගලා දාන්න හදනවා කියන කතාව මොන අදහසකින් කියනවද කියන්න මම දන්නේ නෑ . තමන්ව පෑගෙනවා කියලා හීන මානයකින් ඉන්නේ ඔවුන්මයි. ඉංජිනේරුවන් සමග සම තත්වයේ සිටිය යුතුයි කියලා ඔවුන් හිතනවානම් අන්න එතනයි වරද. එහෙම හිතන්න ගියොත් තමයි තමන්ව පෑගෙනවා කියලා සිතුවිල්ලක් ඉබේම එන්නේ.

      //ඉංජිනේරු සිසුන් ක්ෂේත්‍රය තුළ තමන්ගේ ආධිපත්‍යය රැකගන්න උත්සහ කරනවද කියලා//

      ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ ඔවුන්ට අමුතුවෙන් ආධිපත්‍ය රැකගන්න ඕන කමක් නැහැ. මොකද ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉන්නේ ඉංජිනේරුවන්. තාක්ෂනවේදින් කියන්නේ වෙනම කොටසක්. මුලින්ම ඒක තේරුම් ගන්න ඕන. වෛද්‍යවරුන් සහ හෙදියන් කියන්නේ දෙකොටසක් බව තේරුම් ගන්නවා වගේම. එහෙම නොවෙන තාක් ඔවුන් තුල හීන මානයක් ඇතිවෙයි. ඒක නැති කරගන්න ඉංජිනේරුවන්ට සමාන සහතික පත් ඉල්ලාවි . බැරි උන තැන ගැටුම් ඇති වේවි. ඒක තමා මෙච්චර කල් උනේ. ඒක නැති කරගන්න ඕන ඔවුන්මයි.

      Delete
  47. සද්දයක් නැති නිසා බැලුවෙ...සයුරි මෙහේ ගෙට්‍ටුවෙ අපූර්වත්වය බලන්න එන්න.

    ReplyDelete
    Replies
    1. මම මේ දැන් වී අයියගේ පෝස්ට් එක බලලා ගියා...ම්ම් කමෙන්ට් එකක් දාලා නැද්ද? අපූර්වත්වය දැක්කම අපිට ඉරිසියා හිතෙනවනෙ :(

      Delete
  48. අර චන්දි කියල තියෙනව වගේ මේ රටේ අවුරුදු දාහත දහ අට වෙනකොට කැම්පස් යන ළමයි අපේ රටේ ළමයින්ගෙ ඉලාස්ටික් කැම්පස් කාලෙ ඉවර වෙලා එළියට එනකොට රස්සාවලුත් කිහිපයක් කරලා.... ඒ අධ්‍යාපනයත් සල්ලි දීලා ගත්තු එකක්... ඒවා දකිනකොට අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන හරිම කණගාටුවක් දැනෙනවා...

    මං මේකට මගේ පොඩි අත්දැකීමක් එකතු කරන්නම්... අපි කැම්පස් යන කාලෙ අපේ කැම්පස් එකේ දේශ්පාලනයෙ ප්‍රධාන චරිතය උනේ අර මං නිතර මගේ කතාවල සඳහන් කරන රශ්මිගෙ පොඩි අයියා... කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ මිනිහා හොඳ රැකියාවක් කරගෙන විදේශ සංචාරවල පවා නිරත වෙමින් බොහොම හොඳ ජීවිතයක් ගෙවනවා... පසු කාලෙක අපිත් එක්ක එකට හිටිය ළමයෙක් (මෙයා දන්නවා මං රශ්මිගෙ අයියව දන්න බව )මුණ ගැසුනු වෙලාවක මගෙන් ඇහුවා එයා ගැන... මං විස්තරේ කිව්වම ඒ ළමය කිව්වෙ 'කැම්පස් හිටිය කාලෙ අපිව අමාරුවෙ දාල මිනිහ තනියම ගොඩ ගියා නේද...' කියලා...ඕක තමයි යතාර්ථය... දැන් දේශපාලනය කරනව තියා....

    ReplyDelete
    Replies
    1. ඔව් මියුරු අක්කා, ගොඩක් අය එළියට ගියාට පස්සේ තමයි දැනගන්නේ ඒ අය රැවටිලා බව. කැම්පස් එක ඇතුලේ ඉන්නකං රට හදන්න කෑ ගහන අයට එළියට ගියාම වටින්නේ තමන්ගේ ආත්මාර්තේ විතරයි. අහිංසකයෝ නිකන් රැවටෙනවා.

      මේ දීලා තියෙන්නේ ඒකට හොඳ උදාහරණයක්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...