Friday, January 4, 2013

හතුරු මිතුරු දඹදිව තුරු - රාජාවලිය XXVI

ඔන්න එහෙනම් අලුත් අවුරුද්දේ හා හාපුරා කියලා දාන පළවෙනි රාජාවලිය ලිපිය. මේකෙත් ඉවරයක්‌ දකින්න එපාය.  එහෙනම් ළමායි කම්මැලි නැතුව පොත් අතට ගන්ඩලා...

                                                             ~~~~~~~~~~~~~~~



අපි අන්තිමට නතර කළේ නමවන අග්බෝ රජතුමා ක්‍රි. ව. 846 දී මිය ගියපු තැනින්. ඉන් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ සහෝදරයා වන සේන (ක්‍රි. ව. 846 - 866) ට. සේන රජතුමාට "මහින්ද", "කස්සප" සහ "උදය" නමින් සොහොයුරන් තුන් දෙනෙක් හිටියා. යුව රජකම ලැබුණේ එයින් වැඩිමලා වෙච්ච මහින්ද ට. අනිත් දෙන්නාටත් ඇමති තනතුරු ලැබුණා.

එක දවසක් මේ රජතුමා අගනුවරින් පිට යද්දී පාලන කටයුතු බාර දීලා ගිහින් තියෙන්නේ බාලම මල්ලි උදය ට. හැබැයි මේ උදයට කවුරුත් නොදන්නා ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා තියනවා නැන්දා කෙනෙක්ගේ දුවෙක් එක්ක. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත උදය මොකද කළේ, වැඩ කටයුතු ඔක්කොම පැහැර හැරලා අර ප්‍රේමවන්තියත් එක්ක පොළොන්නරුවට පැනලා ගියපු එක. මේක ආරංචි වෙච්ච සේන රජතුමා තරහ ගන්නවා වෙනුවට කරේ බාල සොහොදරයා ගැන හොයන එක තමන්ගෙන් අතපසු උනා කියලා දුක් වෙච්ච එක. එහෙම හිතලා යුව රජ මහින්දව පොළොන්නරුවට යවලා ජෝඩුව නැවත ගෙන්වාගෙන ඉහළින්ම මංගල සාදයකුත් පවත්වනවා. ඒ වගේ හොඳ හිතක් තිබුණ රජෙක් තමයි සේන රජතුමා. ඒ වගේම ඔහු ආගමික කටයුතු වල නිරත වෙමින් දුප්පතුන්ටත් සැලකුවා ලු.

මේ අතරේදී තමයි පඬි දේශයෙන් සතුරු ආක්‍රමණයක් එල්ල වෙන්නේ. ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් රජතුමා ප්‍රමුඛ සේනාව ලක්දිව ආක්‍රමණයට පැමිණෙද්දී සිංහල සේනාවලට පසු බසින්න සිද්ධ වෙනවා. ඒකට ප්‍රධානම හේතුව රටට හොඳ පුහුණු සේනාවක් නොසිටීම. මේ නිසා සේන රජතුමා සටනින් පලා ගිහින් සැඟවෙනවා. යුවරජ මහින්දත් සතුරන් සමග සටනට ගොස් පැරදීගෙන එද්දී සතුරාට අසු වෙනවාට වඩා මිය යාම හොඳයි සිතන ඔහු ඇතු පිට සිටිද්දීම තමන්ගේ අසිපතෙන් ගෙල සිඳ ගන්නවා. මේ බව අසා දුක් වෙන කස්සප කුමාරයා තනිව සටන් බිමට ගිහින් දක්ෂ විදිහට අසු හසුරවමින් සතුරන් සෑහෙන ප්‍රමාණයක් මරණයට පත් කරනවා. ඒත් වෙන කාගෙන්වත් උදව් නොලැබුන නිසා ඔහුත් පලා යනවා. ඒත් කොයි විදියකින් හරි ඔහුත් සතුරන් අතින් මිය යනවා.

හිතේ හැටියට අනුරාධපුරයේ වස්තුව කොල්ලකන  පාණ්ඩ්‍යයන් අවසානයේ සේන රජු සමග මිතුරු වෙන අදහසින් ඔහු ඒ වෙද්දී සැඟවිලා හිටපු දෙගම්මුව කියන ගමට සාම දූතයන් යවනවා. අපරාදේ කියන්න බෑ සේන රජතුමාත් ඔවුන්ව පිළිඅරගෙන පඬි රජතුමාට තෑගි බෝගත් දීලා තමා පිටත් කරන්නේ. මේකෙන් සතුටු වෙන පඬි රජතුමා රාජ්‍ය නැවතත් සේන රජතුමාට දීලා ලංකාවෙන් පිටත් වෙනවා (හැබැයි පැහැරගත් වස්තුවත් අරගෙනම). ඔන්න ඔහොමයි හතුරෝ මිතුරෝ උනේ.

සේන රජතුමා නැවතත් රට ගොඩ ගන්න පටන් අරගෙන ඉතුරු වෙලා හිටපු උදය කුමාරයට දකුණු ප්‍රදේශය පවරලා ඔහුව පිටත් කරලා ඇරියත් මගදී ලෙඩ වෙන ඔහුත් මිය යනවා. ඉතින් ක්‍රි. ව. 866 දී සේන රජතුමාත් මියගියාට පස්සේ රජකම හිමි වෙන්නේ කස්සප කුමාරයාගේ වැඩිමල් පුතා, එහෙම නැත්නම් සේන රජතුමාගේ බෑනා ට. ඔහුගේ නමත් සේන. ඒ නිසා ඔහු සේන II (ක්‍රි. ව. 866 - 901) නමින් රජ වෙනවා.

දෙවන සේන රජතුමා යුව රජ තනතුර දුන්නේ ඔහුගේ මල්ලි මහින්දට. සේන රජතුමාගේ පුතාට භාර්යාව වෙන්නේ යුවරජ මහින්දගේ දියණිය. රජතුමාගේ හිතට ලොකුවටම වද දීපු ප්‍රශ්නයක් තමයි පළමු සේන රජුගේ කාලයේ පාණ්ඩ්‍යයින් කරපු කොල්ල කෑම. මේකට පළිගන්න සැලසුම් කර කර ඉන්න අතරෙදි තමයි පඬි රජතුමා, ඔහුගේ පුතා වෙච්ච වරගුණවර්මන් කුමාරයව රටින් පිටුවහල් කරන්නේ. ඒ කුමාරයා ඇවිත් ගොඩබහින්නේත් ලංකාවට. ඉතින් වෙච්ච දේ පැහැදිලියිනෙ දෙන්නම එකතුවෙලා මාර ශ්‍රී පඬි රජතුමාට වැඩක් දෙන්න සැලසුම් කරනවා. ඒ සැලසුම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගන්නත් පුළුවන් වෙනවා. පඬි රටේ සිහසුන වරගුණ කුමාරයට පවරා දීලා ඒ නගරත් කොල්ල කාගෙන මෙරටින් ගෙනගිය වස්තුවත් නැවත ලබාගෙන අපේ සිංහල සේනාව නැවත ලක්දිවට එනවා.

දෙවන සේන රජතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ සොහොයුරෙක් වන "උදය  II " (ක්‍රි. ව. 901 - 912). යුවරජ මහින්ද රජ නොවුනේ ඇයි කියලා හරියටම පැහැදිළි නැහැ. උදය රජුගෙන් පස්සේ රාජ්‍ය හිමි උනේ "කාශ්‍යප IV" (ක්‍රි. ව. 912 - 929) රජුට. ඔහු දෙවන සේන රජතුමාගේ පුත්‍රයා බවට මතයක් තියනවා. මේ කාශ්‍යප රජතුමා යුවරජ කම දුන්නේ ඔහුගේ පුතා (ඔහුත් කාශ්‍යප) ට. රුහුණේ පාලනයත් පුතාට බාර දෙන්න හදද්දී ඒ වෙද්දී රුහුණේ ඉඳපු මිහිඳු කුමාරයා ඒකට විරුද්ධව සටනට ආවලු. අන්තිමේ ඒ සටන් නැවතිලා තියෙන්නේ සංඝරත්නය මැදිහත් උනාම. කොහොමහරි කාශ්‍යප රජතුමා තමන්ගේ දියණිය මිහිඳු කුමාරයට පාවා දීලා රුහුණේ පාලනයත් ඔහුටම බාර දුන්නලු. බුදු සසුනට සංග්‍රහ කරමින් ආරෝග්‍ය ශාලා ආදිය තනවමින් හොඳින් රජකම් කරපු හතරවෙනි කාශ්‍යප රජුගෙන් පස්සේ රජ උනේ ඔහුගේ පුත් "කාශ්‍යප V" (ක්‍රි. ව. 929 - 939).

ඊට පස්සේ උන දේවල් අපි ඊ ළඟ ලිපියෙන් බලමු නේද?

57 comments:

  1. ඔන්න මම අද එකලු.. :) අවුරුද්ද පටන්ගන්න හොඳ ලිපියක්.... මේ විස්තර හොයාගන්න ලේසි නෑ පිට රටක ඉදන්. ඔයා කොහෙන් හොයාගන්නවද මන්ද...

    ReplyDelete
    Replies
    1. ඔයා එක :) ලංකාවේ නැති පාඩුව හොඳට දැනෙනවා රෝස කුමාරි..

      Delete
  2. ගිය අවුරුද්දේ පොත කොහේ දාලද මන්දා...:)

    මේ රජවරුන්ට එක වගේ නම් තිබුනේ මොකද දන්නේ නෑ නේද?. සමහර විට රජ පෙලපත්වල විශේෂ නම් කිහිපයක් තියෙන්ට ඇති අර යුරෝපයේ රජ පවුල්වල වගේ..

    අනෙක තමා අර මුලින් කීව වගේ ප්‍රේම කතා, හැංගුනු කතා කොච්චර නම් ඉතිහාසේ තියෙන්ට ඇතිද? ඒවා මිස්ට හොයාගන්ට බෑද මිස්. 'අතීතයේ සැඟවුනු කතා' කියලා.

    මිස් මේ රෝස කුමාරි මාව තල්ලු කරනවෝ...:D

    ReplyDelete
    Replies
    1. හෙහෙ..කමක් නෑ අලුත් පොතක් අරන් එන්නකෝ. හැංගුනු ප්‍රේම කතා හොයාගන්න පුළුවන් ඔයාට තමයි. කෝ ඉතින් කොච්චර කිව්වත් ඒවා ලියන්න කියලා අහන එකක්යැයි.. :)

      ආ ළමයි දෙන්නාටම දෙනවා මං ගුටියක්‌ :D

      Delete
  3. තව පෝස්ට් කීපයකින් රාජාවලිය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වේවි නේද?

    "යුව රජකම ලැබුණේ එයින් වැඩිමලා වෙච්ච මහින්ද ට. අනිත් දෙන්නාටත් ඇමති තනතුරු ලැබුණා." බිපෙසි..(මේ වචනෙ කාගෙද? කකා මාමාගෙද?)

    "දෙවන සේන රජතුමා යුව රජ තනතුර දුන්නේ ඔහුගේ මල්ලි මහින්දට " උගෙ මල්ලිත් මහින්දනෙ..

    "සේන, මහින්ද,කස්සප, සහ උදය" මේ යක්කුන්ට වෙන නම් තිබිලාම නැද්ද? අරිසෙන් අහුබුදු සීයා වගේ අය ඒකාලෙ ඉන්ඩ නැතුව ඇති.. හිටියානම් දායි නම් ආයෙ දෙකක් නෑ දිව උලුක් වෙලා පත්තු බඳින්නම..

    ReplyDelete
    Replies
    1. හිහි..බහු භාර්‍යා හින්දද? මහින්දලා වැහි වැහැලා නේද? අනේ ඇත්තට අරිසෙන් අහුබුදු සීයා හිටියනම් ඒ කාලේ ඔය හැමෝටම යුනීක් ලස්සන නම් ටිකක් දාවි

      Delete
    2. කෙහෙල්මල.. මම කිව්වෙ රාජාවලිය XXX ළඟ එනවා.. :)

      Delete
  4. ටීචර්...
    ඉස්සර හිටිය රජවරු නම් පලිගන්න හරි ඉන්දියාව අක්‍රමනය කලා..! නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ..ඉඳල හිටලා එහෙමත් වෙලා තියෙන්නේ ඔය

      Delete
  5. ස්තුතියි සයුරි මේ ඉතිහාසය කියා දෙන මෙහෙවරට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාටත්

      Delete
  6. ඔන්න අලුත් අවුරුද්දේ කියවන අලුත්ම පාඩම. ස්තුතියි සයුරි :)

    එක වගේ නම් තියෙන හන්දා " මහින්දලා" පැටලෙනවා.මහින්දලා ගොඩයි. ඉතිහාසෙත් හරි හරි වැඩ වෙලා තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කාලේ වෙද්දී මහින්ද වෙන්න ඇති ට්‍රෙන්ඩ් නේම් එක. :))

      Delete
  7. සයුරී, මෙහෙම හිත හොඳ රජතුමා ලත් අපේ රටෙත් ඉන්දියාවෙත් ඉඳල තියෙනවා එහෙනම් නේද? හැමදාම කියනවා වගේ මගෙ ඉතිහාස දැනුම හරිම අල්පයි. මේ නිසාම ආසාවෙන් කියෙව්වා. බොහොම ස්තූතියි නංගි, වාසනාවන්ත නව වසරක් වේවා! කියල සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. හිත හොඳ රජතුමාලත් කලාතුරකින් හරි හිටපු එක ලොකු දෙයක් නේද :) වාසනාවන්ත වසරක් වේවා ඔබටත් හැමදෙනාටමත්

      Delete
  8. niyamayi Sayuri akke me paadam tika !

    ReplyDelete
  9. මොකද අක්කේ මෙච්චර කෙටියෙන් දාන්නේ පොඩ්ඩක් දිගට ලියන්නකෝ ආසාවෙන් කියවන එද්දී ඔයා කතාව කඩනවා. මෙය දැඩිව හෙලා දකිනවා. :P
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඔයා විතරනේ මලයෝ ඔහොම කියන්නේ. අනිත් උන්ට කම්මලිම පාඩම මේක :) ඊ ළඟ එක ටිකක් දිගට දාන්නම් හොඳේ

      Delete
    2. මේ ලමයව ඉස්සරහ පේලියේ ඉඳගන්න .

      Delete
    3. ඒක තමා හරිම උනන්දු ළමයෙක් මෙයා

      Delete
  10. සේන රයථුමානම් ආදරයට ආදරේ කරපු රජ කෙනෙක්.....
    ඇයි අෆ්ෆා එතුමා ප්‍රසිද්ධ උනේ නැත්තේ.. තාත්තල පුතාල මරගත්ත එව්ව නැතුව මේ වගේ දයානු කම්පිත රජවරු ගැනම අපේ ඉතිහාසයේ ලියෞනානම් කොච්චර හොඳද

    ReplyDelete
    Replies
    1. මං දහ අතේ කල්පනා කරා මොකක්ද මේ 'රයථුමානම්' කියන්නේ කියලා. පස්සෙනේ මීටර් උනේ :) ඒක තමා. එහෙම මිනිස්සු ප්‍රසිද්ධ වෙන්නේ නැහැනේ

      Delete
  11. අර උදය කුමාරය හඳපානෙ පැනල ගියපු කතාව කියවනකොට මට හිතුනෙ කාටහරි ලස්සන ප්‍රේමාන්විත ඓතිහාසික නවකතාවක් ලියන්න හොඳ පොයින්ට් එකක් කියල. ආර්. එල්. ස්පිට්ල්ල සෝමපාල රණතුංගල ඩබ්. ඒ. සිල්වල අද නැති එකනම් හරිම අඩුවක්, අපේ ඉතිහාසෙ කොයි තරම් එහෙම තැන් තියෙනවද.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත. ඉතිහාසේ එහෙං මෙහෙන් අහු වෙන ප්‍රේම කතා හරිම ලස්සනයි ටිකක් හොයල බලනවානම්. ලස්සන කතා ලියනකෙනෙක්ට ඒවා හොඳ වස්තු බීජ

      Delete
  12. මම මේ ලිපිය කියෙව්වේ නෑ.අනිද්දා කියවන්නම්.මම සාමාන්‍යයෙන් ලිපියක් උඩින් පල්ලෙන් කියවලා උනත් කමෙන්ට් කරන්නේ නෑ.ඒත් කියන්න දෙයක් තියෙනවා.මේ කමෙන්ට් කරන අය තරගෙටනේ කමෙන්ට් කරන්නේ

    ReplyDelete
    Replies
    1. ධම්මික අනිද්දා කියවන්නකෝ එහෙනම් :) ඕනා තරම් කල් තිබේ. ඊට කලින් අලුත් පෝස්ටුවක් දාන්නේ නැත

      Delete
  13. සේන රජතුමා හරි හොඳ සොහොයුරෙක්නේ බලාගෙන ගිහාම..ඒත් තමන්ගේ වැඩ ටික පැහැර හැරලා හඳ පානෙ ගිය එකට නම් සමාව දෙන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. රජ කුමාරවරුත් හඳ පානේ ගිහිල්ලා නේද රූ. ඔව් අනේ වෙන අයියා කෙනෙක්නම් මොනවා කරාවිද මන්දා

      Delete
  14. මීඊඊස්.... පඬි රට කොහෙද තියෙන්නෙ මිස් ? ඔය දැන් ඉන්න පඬියො ඔක්කොම ඔහෙන්ද දන්නෑ ඇවිත් තියෙන්නෙ.. :-)

    උදය ආලයෙන් අන්ධ වෙලා ඉන්න ඇති නේද ? මම හිතුවෙ අයියා එහෙට මෙහෙට මාරු වෙනකම් ඉඳලා පොර පුටුවට ගේම දෙයි කියලා.. බලද්දි පොරට ගවුමක් ලොකු වෙලානෙ.. ඒ අතින් දැන් ඉන්න සහෝදරයො වගේම තමා නේද ? අයියා කොහෙ ගියත් පුටුවට අත තියන්නෑ..සයුරි මෙහෙම ඇවිල්ලා ඇවිල්ලා එගොල්ලො ගැනත් කියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. පඬි රට/පාණ්ඩ්‍ය දේශය තියෙන්නේ ඉන්දියාවෙනේ සෙන්නා දරුවෝ. හෙහෙ..දැන්නම් පඬි රට කියන්න වෙන්නේ ලංකාවට. උදය අර සාලියගේ ජාතියේ එක්කෙනෙක්ද කොහෙද. ඔව් ඔව් ඒ ගොල්ලෝ ගැනත් නොකිය කොහොමෙයි

      Delete
  15. දැන් ඉතින් පලන එවා මතකත් නෑ ටීචර් xD

    ReplyDelete
  16. පරණ පාඩං මතක් වෙනව රූං ගාල! :) ස්තූතියි!

    ReplyDelete
  17. ඉතිහාසය කෙටියෙන් ....ජය

    ReplyDelete
    Replies
    1. ඉතාමත් කෙටියෙන් :) ස්තුතියි

      Delete
  18. මම අද අන්තිමය නෙවෙයිනෙ....අයියෝ.....පස්සෙ ඇවිත් කමෙන්ට් කරල යන්නත් හිතෙනව....අපේ රටේ ඉස්සර තිබිල තියෙන්නෙනම වලිනෙ ;)

    ReplyDelete
    Replies
    1. දැනටනම් ඔයා තමයි අන්තිමයා.ඒ හින්දා අවුලක් නෑ. :)

      Delete
  19. අපුරු පාඩම ටීචර් .....මන් ඉතින් ඉතිහාසෙට කවදත් ආසයි. කම්මැලි නැතිව උගන්නවට ඔයාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මෙන්න හොඳ ළමයි. ඔයාටත් ස්තුතියි

      Delete
  20. මම ටිකක් ප්‍රමාද වෙලා වගේ..

    උදය නැන්න්දගේ දුවත් එක්ක පැනල ගිය වෙලාවේ ‍සේනට හිතෙන්න ඇති හොඳට මගුලක් කන්න හිතගෙන හිටියත් මේකා ඒක නැතිකළා කියලා. ඒ හින්දා ආයමත් දෙන්න හොයාගෙන ඇවිත් මගුල ජයටම ගන්න ඇති.

    ඇත්තටම ඒක නෙවෙයි. ඒ යුගය වන විට ලංකාව විදේශ සතුරු ආක්‍රමනවලට නතුවෙමින් තිබුන කාලයක් නිසා ශක්තිමත් සහෝදර පදනමක් තියාගන්න අවශ්‍ය වෙන්න ඇති. ඒයින් සතුරාට මුහුණ දෙන්න පුළුවන්පුළුවන් නිසා. අනික රජ පරම්පරාව ගෙන යන්න දරුවන් අකමැති නම් ඒසඳහාත් සහෝදරයෙකු සිටීම වැදගත්.

    අනික සේන අවුරුදු 20 ක්, 11 සේන අවුරුදු 30ට වැඩියෙන්ද, ඒවිදියට ඒ පරම්පරාවේ රජවරු අවමයෙන් වසර 10 -15 වැඩියෙන් සේවය කර තියෙනවා.සතුරන් මොන දේ අපෙන් පැහැරගෙන ගියත් ඔන්න ඔහෙ අරන් ගියාවේ කියලා මොන සතුරු කරදර ආවත් සතුරාත් මිතුරු කරගෙන රට පාලනය කිරිම නුවනැති වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සේන රජතුමා සහෝදරයන් සම්බන්ධයෙන් දරපු ප්‍රතිපත්තිනම් හොඳයි කියලා මාත් හිතනවා. ඒක හැම අතින්ම වාසියි. ඒ වගේම අර හතුරා මිතුරු කරගැනීම සම්බන්ධවත්. තමන්ට යුධ ශක්තිය නැති වෙලාවක වස්තුව දීලා හරි රට නැවත ලබා ගැනීම වැදගත්.

      Delete

  21. මුල ඉදල කියවගෙන ඇවිත්ම කොමෙන්ට් කරන එක වටිනවා කියල හිතෙනවා , හොද පොස්ට් එකක් කියල විතරක් කියන්නේ නැතිව ,
    මමත් ඉතිහාසයට ටිකක් ආස කෙනෙක් ,

    ආ.. සුදිකගේ බ්ලොග් පොස්ට් එක මාර්ගයෙන් තමයි ආවෙත්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නොහික්මුණු ඇස මේ පැත්තේ ආවට. සාදරයෙන් පිලිගන්නවා. ඉතිහාසයට ආස තවත් කෙනෙක් අඳුනගන්න ලැබීම සතුටක්. සුදීකගේ ඔබේ නම සහ බ්ලොගේ නම පෝස්ට් එකෙන් වෙන්න ඇති :)

      Delete
  22. වෙනද වගේම පාඩම නම් හොදයි. මෙයාලගේ නම් ටැපලෙන එක තමා අවුල......

    ReplyDelete
    Replies
    1. නම් නම් පැටලෙනවා සමනලී. කියලා වැඩක් නෑ ඒ ගැන

      Delete
  23. හ්ම්... කියවගෙන එද්දි නම් මට ප්‍රශ්නයක් ආවේ නෑ.ලිපිය කෙටී වුන එකත් හොදයි.පූජාවලිය ගැන මොකුත් නැදද?

    ReplyDelete
    Replies
    1. මේ රාජාවලිය කියන නම රාජාවලිය පොතට සම්බන්ධයක් නෑ ධම්මික. රජාගෙන් රජාට කතාවක් විදිහට ගලාගෙන යන නිසා තමයි ඒ නම දැම්මේ

      Delete
  24. ටීචර්, පන්තියට එද්දි මග හිටිය වයසක කෙනෙක්ට පාර පනින්න උදවු කලා.. ඒකයි එන්න ටික පරක්කු උනේ...

    මාව පන්තියට ගත්තත් නොගත්තත් මන් මේක කියෙවුවෝ.... :)

    ReplyDelete
    Replies
    1. හා හා..පරක්කු වෙලා ආවත් පන්තියට ගන්නවා අනේ. එහෙම ළමයි එළියේ තියන්න හොඳ නැහැනේ :)

      Delete
  25. ලංකාවට ටිකක් හොඳ කාලයක් වගේ ඒ කාලේ .යුද්දේ තිබුනත් රට ටිකක් දිවුණු වෙලා..

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? සාපේක්ෂව ටිකක් හොඳ කාලයක්

      Delete
  26. බලන්නකෝ ටීචර් දැන් දැන් අර තොටියා ළමයා ඉතිහාසේ පංතිය කට් කරන්න පටන්ගෙනනේ.. මොකද දන්නෑ නේද?

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව. මම මේ තොටියාගේ අම්මා හම්බ වෙන්න යනවද කියලා බැලුවේ :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...