වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Thursday, September 22, 2011
නොතේරෙන කවි
කවියක් ලියන්නනම් ඒකට හැකියාවක් තියෙන්න ඕනලු. අනිත් අයටත් තේරෙන විදියට කවියක් ලියන්නනම් ඊටත් වඩා හොඳ හැකියාවක් තියෙන්න ඕනලු (ඇත්තද දන්නෙ නැහැ).
මටත් පොඩි කාලේ ඉඳලම කවි ලියන පිස්සුවක් තිබුණා. කොහොම උනත් මටනම් ඔය දෙවනියට කියපු වැඩේ කරන්න හරිම අමාරුයි. මම කවියක් ලියලා කාට හරි පෙන්නන්නේ ඉතින් පැයක් විතර ඒක තේරුම් කරලා දෙන්නත් බලාගෙන තමයි.
මේ තියෙන්නේ මගේ කවි බලපු අයගෙන් අහගත්ත කතා ටිකක්....
මගේ යාළුවෝ : "ෂා ලස්සනයි.....හැබැයි තේරුනේ නෑ නේ"
වෙන්ඩ ජිවන සහකරු (දැන්නම් වෙන්ඩ කෑල්ල කැපිලා) : "එළ කිරි....මොකක් ගැනද මේ ලියල තියෙන්නෙ?"
අම්මා : "මේකට අටුවා + ටීකා ලියන්නත් වෙයි වගේ"
මල්ලි : "හික් හික්"
ලොකු අම්මගෙ දුව : "ආ මටනම් මේක තේරුණා....().....ඔයා මේ ලියල තියෙන්නෙ වෙසක් එක ගැන නේද?" (හපොයි. මම ලියල තිබුනෙ දළදාව ගැන )
මේ තියෙන්නේ තවත් සිද්ධියක්
සංගීත ගුරුතුමිය : සයුරිට පුලුවන්ද සරස්වතී ගීතයක් ලියල දෙන්න?
මම : ම්ම්... ඒක ටිකක් සංකීර්ණ විදියට ලියන්න වෙයි නේද?
ගුරුතුමිය : නෑ නෑ..ඔයා සාමාන්‍යයෙන් ලියන විදියට ලිව්වම හරි...
ඔන්න ඔහොමයි ඒ කාලේ තත්වේ....
හැබැයි දැන්නම් ඒක ටිකක් වෙනස් වෙලාද කොහෙද
නිකසල තරු දිලෙයි සේ මසුරන් කාසී
ඒ පැහැ දැක සැලෙයි විලිකුන් අන් නාසී
මේක කාටහරි තේරෙනවනම් මම දිනුම් :)
Labels:
කවි ගැන කතා
Subscribe to:
Post Comments (Atom)
අයියෝ මේක තේරුන් කරන එක සිම්පල් නේ.
ReplyDeleteකසලනැති තරු කාසිමසුරන් වගේ දීප්තිමත්ව බැබලෙනව.
දෙවනි එක....
ඒ බබලනපාට දැකලා ඉදිච්ච අන්නාසි හෙලවෙනව. :ඩි
අනේ මට තේරෙන්නෙ නෑ බොලේ :))
ReplyDeleteඅපෝ ගුත්තිල කාව්‍යය කියවලා තේරුං ගන්න එකේ ඕක කජ්ජක් යෑ. හිටින් මම් තේරුම් කරලා දෙන්න.
ReplyDeleteලස්සන තරු මසුරන් වගේ දිලෙනවා ලු.ඒ තරු වල පාට දැකලා ඉදුනු අන්නාසි වලට දුක හිතෙනවා ලු. (සැලෙනවා ලූ
ඔන්න මම කිව්වේ මම් තේරුන අදහසක්. ඔයා වෙනස්ම ආරක කවි ලියන්නියක්. ඒ රටාවත් නරකම නෑ.
ෂා... ඔය තියෙන්නෙ නදී :) ඔයා කියපු ඔක්කොම හරි, අර අන්නාසි හෙලවෙන එක ඇරෙන්න :D
ReplyDeleteමධුරංග නම් හරියටම හරි :) ඒක තමයි අනේ...මගේ යාළුවෝ ටික ගුත්තිල කාව්‍ය skip කරලා ද කොහෙද
ReplyDeleteඒකනේ අක්කා. මම් කිව්වේ මට ඔයැයි ලියන කවි තේරුම් ගන්න පුලුවන් කියලා. දිගටම කවි ලියන්න. පෝස්ට් එකේ අදාල තැනට අදාල ස්මයිලීස් කෙනාව දාන්න ඔයා මාර දක්ශයි නේ. ඒ ටික දැක්කම හිනා වේගෙනම පණ ගියා :)
ReplyDeleteතැන්කූ තැන්කූ මල්ලි (මල්ලි තමයි මම හිතන්නෙ:) දෙන්නටම ස්තුතියි මේ පැත්තෙ ආවට.
ReplyDeleteඅක්කා බ්ලොග් එක සින්ඩි වලට දමා නැති බව පෙනී යයි. ඒ නිසා පහත සින්ඩි වට රෙජිස්ටර් කරවා ඔබේ අඩවියට එන කියවන්නන් සංඛ්‍යාව වැඩි කරගන්න.
ReplyDeleteදැනට පවතින සිංඩි මෙසේ ය...
1. http://www.lankablogger.com/ - ලංකා බ්ලොගර්
2. http://sindiya.com/ - සිංඩිය
3. http://blogs.sinhalabloggers.com/ සිංහල බ්ලොග් කියවනය
4. http://http//www.seegiri.com/syndi/ -සීගිරි බ්ලොග් සිංඩිය
5. http://hathmaluwa.org/ -හත්මාළුව බ්ලොග් සිංඩිය
6. http://ambagaha.blogspot.com/ -අඹ ගහ යට
7. http://sindilanka.blogspot.com/ - සිංඩි ලංකා
මම් ඉපදුනේ 87 අවුරුද්දේ. ඒ නිසා සයුරි කියන්නේ මට අක්කා කෙනෙක්. අදුන ගන්න ලැබීම සතුටක් අක්කා. :)
ReplyDeleteමම දැනගෙන හිටියේ නෑ නේ මෙච්චර සින්ඩි ගොඩක් තියනවා කියලා...බොහොම ස්තුතියි. ඉක්මනට රෙජිස්ටර් කරන්න බලන්නම්...ඔව්මයි ඔයා අවුරුදු දෙකකින් මල්ලි කෙනෙක්:). ඔයාව අදුරගන්න ලැබීමත් සතුටක්...
ReplyDeleteහහ් හහ් 85 වසරේ තවත් බ්ලොග් පුරුකක් එහෙනම් ඈ.. බොහොම සතුටුයි :D
ReplyDeleteමටත් ඉතින් අක්කා නොවැ වෙන්නේ.. :) :)
ReplyDeleteඅනේ මටනම් වැඩිය තේරුම් කරන්න බැහැ..ඔන්න මට තේරුණ විදියට නම් මෙහෙමයි එන්නේ..
මසුරන් කාසි වගේ ලස්සනට අහසේ තියෙන තරු දිලිසෙනවා,ඒ දීප්තිය දැකලා,ඒ වගේ වෙන්න බැරි කමට අන්නාසි දුකෙන් ඉන්නවා
මසුරන් සේ දිලෙමින්
ReplyDeleteලස්සන තරු උන්නා ලු
එ ලස්සන තරු පැහැ දැක
ඉදුණු අන්නාසිත් සැලුනා ලු
තෙරුනේ මට නම්
පද පෙළ ඔහොමලු යාලු
දිගටම රැදෙන්න
ඔබටත් සැම දා ජය වේ ලු
@ChaAnDika : ඔයත් 85 වගේ එහෙනම් :)
ReplyDelete@ChammA : ඔය හොඳට තේරිලා තියෙන්නෙ චම්මා මල්ලිටත්....
@චතුමිතු : ඇවිදින් මැකුවා මෙහි පාලූ
පතනෙමි ඔබටත් ජය යාලූ :)
හ්ම්ම්, ඔයාගෙ ලිපියෙ මුල ටික දැකල, ඊට පස්සෙ මම මේක ගැන හිතන්න ගිහිල්ල වෙනමම පැත්තකට ගියා. බැලුවම මම හිතල වැඩී. :D
ReplyDeleteමම හිතුවෙ මෙහෙමයි.
අහසේ තරු කිසිම දේකින් අපිරිසිදු වෙලා නෑ.
ඒක දැන්න කටු සහිත බිම ඉන්න ඉදිල කහ ගැහිච්ච අන්නාසි දුකින් බලා ඉන්නව.
මේ තරු හා අන්නාසි මම ඊට පස්සෙ මිනිස්සුන්ට (කෙලින්ම කිව්වොත් කාන්තාවක්ට) ආදේශ කළා. ඒ තේරුම ඔයාල හිතාගන්න පුළුවන්නෙ?
එතකොට ගොඩක්ම වෙනස් තේරුමක් ආව.
මොකද හිතන්නෙ? මම නම් හිතල වැඩී වගේ නේද?
@මාධව : හප්පේ...ඔයා හිතල තියන දුර:) ඒ තේරුමත් මේකට හරියටම හරි යනවා. (හ්ම් ඇයිද දන්නෙ නෑ කාන්තාවක් ම උනේ :O)..කොහොම වුනත් ඔයාට හොද analyzing හැකියාවක් තියනවා වගේ..බොහොම ස්තුත්යි..
ReplyDeleteකාන්තාවක් ආදේශ කළේ, පිරිමි එහෙම පසුතැවෙන්නෙ නැති හා හුඟක් අඩු නිසා.
ReplyDeleteඒ Analizing හැකියාව සහජයෙන් ආපු එකක්ද, නැත්තම් ඉංජිනේරුවෙක් වීමට ඉගෙන ගැනීම හරහා ආපු එකක්ද නම් දන්නෙ නෑ. ටිකක් සහජයෙන් ටිකක් ඉගෙනීම හරහා කියල හිතෙනව. :)
හ්ම්..ඒ කතාව ඇත්ත තමයි. කොහොම ආවත් කමක් නැහැ...හොඳ හැකියාවක් :)
ReplyDelete:) ස්තුතියි. :)
ReplyDeleteමමත් ටිකක් ටිකක් කවි ලියනව, ඒත් ලියන්නෙ මගෙ ආදරවන්තියට විතරයි. මුහුණුපොතේ මගෙ ෆොටෝ ගැලරි එක පැත්තෙ ගියොත් බැලුවැකි. :)
ReplyDeleteආ නියමයිනේ..බලන්නම්කෝ වෙලාවක..:)
ReplyDeleteඑල. බලන්නකො. මගෙ යාලුවෙක් නෙමෙයි නම් රික්වෙස්ට් එකක් එවන්න. ඒකත් එක්ක PM එකකුත් දාන්න, නැත්තම් මම ඇක්සෙප්ට් කරන්නෙ නැතිව කාලයක් තියේවි. :)
ReplyDeleteමම බලද්දි කට්ටිය තේරුම් කරලා දිලානේ.. ඉතින් අනිත් අය දාපු තේරුම දිහා හොරෙන් බැලෙනවා.. මම හිතන්න කලින්...
ReplyDeleteලස්සන බ්ලොග් එකක්.. දිගටම ලියන්න.. මම එනව හැමදාම...
:)
ReplyDeleteබොහොම ස්තුත්යි දිනේෂ්...මමත් එනවා ඒ පැත්තෙ..
ශා! හරි ලස්සනයි.. මාර සංවේදී අදහසක්.... නිර්මාණාත්මකයි!
ReplyDeleteවැඩිය කාටවත් තේරෙන්නෙ නැති කවියක් පද පෙළක් ලියලා බලන්න. මේ වගේ අදහස් ගොඩක් ඒවි.
ඔන්න අද ඉඳන් මමත් මේ පහන් යායට ගොඩ වදිනවා! ජය වේවා!
මම අක්කගේ පෝස්ට් එකේ ලින්ක් එක අපේ ගෲප් එකේ දැම්මා. අද උදේ බලනකොට කමෙන්ට් පිරිලා. අක්කත් රික්වෙස්ට් කරන්න අපේ ගෲප් එක.
ReplyDelete"බ්ලොග් අවකාශයේ මිතුරෝ.."
ඔය තියෙන්නේ අපේ ගෲප් එකේ නම.
@විසිතුරු : ස්තුතියි විසිතුරු....බලමුකෝ ඉස්සරහට නොතේරෙන කවි ලියන්න :)
ReplyDelete@මධුරංග : මොකක්ද මල්ලි ඒ ගෘප් එක? mail group ekakda...මම දන්නෙ නෑනේ රික්වෙස්ට් කරන්න :(
Nop. it is a chat group on FB.
ReplyDeleteආ..මාත් එන්නම්කො බලන්න
ReplyDeleteඔන්න අපිත් ආවා අක්කව බලලා යන්න, ඔක්කොම පෝස්ට් කියෙව්වා. ලස්සනයි අක්කේ.. දිගටම ලියන්න.. ජය වේවා..
ReplyDelete@ප්‍රර්ථනා : ස්තුතියි නංගා අපිව බලන්න ආවට :)
ReplyDeleteහුරේ..........මෙන්න මංචි වගේම කවි ලියන එක්කෙනෙක්... :D (හැබැයි මංචි ලියන නොතේරෙන කවි වියමනේ නං දැම්මෙ නෑ..කට්ටිය දිව ටපලගනී කියලා :)
ReplyDeleteසැළලිහිණිය,උම්මග්ග ජාතකේ කියවාපු අපිට නොතේරෙන්නෙ නැතුවා සයුරි අක්කේ... :D
හුරේ..හරිම සන්තෝසයි :) ඒවා අපිටත් බලන්න දැම්මොත්නෙ හොඳ...ටික දෙනෙක්ටවත් තේරෙන්නෙ නැතෑ...:D
ReplyDeleteමටත් චුට්ට චුට්ට තෙරුණා.......
ReplyDeleteඑල එල..... මරු අදහස් ටිකක් තිනවනේ....
මටත් ඉතින් තේරුනා ..නැතත් කට්ටිය කියා තියෙනවනේ . කවි ඇති තැන මමත් ඇත . දා ගන්න මගේ නමත් . ඉස්සර බර බර කවි ලිව්වා සිංහල මිසුත් හොල්මන් වෙන්න . සංක්‍රාන්ති කාලෙකට පස්සේ ඉතින් දැන් නම් බොහොම සරල දේවල් තමයි ලියන්නේ . ඔලුව බර කර ගන්න බැහැ අප්පා
ReplyDelete@රහස් පරික්ෂකයා : ස්තුතියි :)
ReplyDelete@බින්දි : අක්කත් හොඳ කවි කාරියෙක් වගේ:) එක ඇත්ත මමත් ඉස්සර වගේ නොතේරෙන කවි ලියන්නේ නැහැ දැන්..
විලිකුන් තමයි නාසි හමුදාවේ ලොක්කා...මිනිහා ගොඩක් දවස්වල යුද්දෙට ගිහිල්ලා තියෙන්නේ අහස නිසංසලව තියෙන දවස්වල තරු එළියෙන්...මිනිහා තරු දැකලා තියෙන්නේ රං කාසි වගේ....
ReplyDelete@ඔබ නොදුටු ලොවක් : ඔය තියෙන්නේ නියම තේරුමක් :D බොහොම සාර්ථකයි.....
ReplyDeleteහ්ම්ම්. අමුතුම තේරුමක්. කොහෙන් ආවද මන්ද එහෙම අදහසක්.
ReplyDeleteඅර "The Snare" කවි පංතියෙ තියෙන්න් ඇමරිකානු කලු ජාතිකයින්ට වෙන අසාධාරණය ගැන කියනව වගේ. කවි පෙලේ එහෙම දෙයක් ගැන වචනයක්වත් ගෑවිලාවත් නෑ නෙ.
ඒක තමයි :)
ReplyDeleteමුලින්ම කියවන කොට කවිය ටිකක් විතර තේරුනා. දැන් නම් ඉතින් කවිය හොඳටම තේරෙනවා.. මොකද කට්ටිය කවියේ තේරුම කිව්වනේ :)...
ReplyDelete@උදයංග : හි හි හොඳයි හොඳයි :))
ReplyDeleteමේ ඈමයි.
ReplyDeleteඈ කොහෙදෝ?
Deleteඒ ඔබමයි!
Delete