Thursday, April 12, 2012

අවුරුදු සිරි


මැදින් වෙසක් දෙක මැදින් සිටින බක් - වසන්තයත් අරගෙන එයි ලූ
සොඳින් දිලෙන රිවි සිනා අරන් දුක් - මකා දමා හෙට පායයි ලූ

රුන්ද රුඳන් නද බැන්ද රබන් පද - තාලෙට නටනා බඹරින්දූ
වෑහෙන මල් මී බින්දු පෙරා මුළු - ගමටම අවුරුදු සිරි කැන්දූ

කොහෝ කොහෝ උඹ කොහේ ඉඳං අද - කොහෝ කියනවද ගම් මැද්දේ
කොහාගෙ තනියට මලිති බටිත්තන් - එරබදු ලන්දේ හරි සද්දේ

සිවුරක් පොරවා ගත්තා වාගේ - සිනා පිපෙනවා කෙහෙල් කැනේ
කැවුම් කොකිස් මුං අතිරහ පවසයි - අත්තම්මා ගේ දෑතෙ ගුණේ

කොටන පොළන කොට පොල් අඹරන කොට - උදව්වකට එනවද නෑනේ
පරණ නොහොඳ කම් කාටත් මොකටද - සිත තුළ කිසි කහටක් නෑ නේ

ඉර ගිර මුදුනින් සඳ ගල මුදුනින් - ඇහෙනා වාරම් කවි තාලේ
ඔලිඳ කෙළින්නට නෑ සියො එක් වී - සිරියාවයි ගෙයි මැද සාලේ

එක දින එක විට එකම නැකතකට - එකා ලෙසින් එක දිසා බලා
හැම දෙන එක් වී අවුරුදු සිරිතට - නව අවුරුද්දට මුල පුරලා

නව සඳ පායන දා පේ වී ගෙන - ඉන්නයි සඳ දුව වඩින තුරා
නව කෙත අපගේ සරු කර දෙනු මැන - පැතුමයි හැම හද සිටින දරා

65 comments:

  1. සුභම සුභ අළුත් අවුරුද්දෙක් වේවා මගේ අක්කේ..

    ReplyDelete
    Replies
    1. මට අවුරුදු තෑගී ඕනේ.... මම අදත් එක උනා... :)

      Delete
    2. අපිටත් කැවුම් ගෙඩියක්වත් දෙන්ටෝ ....

      Delete
    3. ස්තුතියි මල්ලියෝ...ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...:)

      නැතුව නැතුව...විශේෂ තෑග්ගක් අවුරුද්දට

      [im]http://dl.dropbox.com/u/16187387/imagesCA9RCHJL.jpg[/im]

      අංකල්ටත් දීලා කන්න හොඳේ :)

      Delete
    4. ale me dinesh malli nam.meda para kavli piganath gaththane.

      Delete
    5. අපි ඉතින් බෙදා හදාගෙන කමු අක්කේ..

      Delete
    6. අන්න හොඳ ළමයි...:)

      Delete
  2. දුගේ හැම හීනයක්ම සැබෑ වෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අංකල්. අංකල්ටත් එසේම වේවා....!!

      Delete
  3. සුභ අළුත් අවුරුද්දෙක් වේවා.....!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා තොටියා අයියාටත් !!

      Delete
  4. ජන සම්ප්‍රදාය සහ ජන ගීයට මුල් තැන දෙන අසිරිමත් බක් මාසය මෙයයි. ජන කවියම මුල් කොට ලියූ පැදි පෙළත් ලස්සනයි.

    ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට කවි ගැන තබපු සටහනට...බක් මාසය මගේත් ප්‍රියතම මාසයයි :)

      ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
  5. ලබන්නා වූ සිංහල අවුරුද්ද ඔබ දෙපලට වාසනාවන්ත සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා.!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අසාර්, ඔයාටත්..පවුලේ සැමටත්...

      Delete
  6. ලස්සනට ලියලා තියෙනවා අක්කෝ පද ලස්සනට ගැලපිලා තියෙනවා.... ගිය පෝස්ට් එකත් දැනුයි දැක්කේ ඒකත් හිමින් සැරේ කියවන්න ඕනේ අක්කෝ...

    ඔයාටයි අයියටයි පවුලේ හැමෝටමයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලත් අධ්‍යාපන කටයුතු හොඳටම කරගෙන යාමට හැකිවේවා කියලත් ඕං මම ප්‍රාර්ථනා කරනවා.... මේ දවස්වල නම් ෆුල් ෆ්‍රී හැබැයි ආයේ මේ රස්නේ ගියාම ලිපිවලට කොමෙන්ට් මගෙන් වැඩිය වැටෙන එකක් නෑ හොඳේ තරහා වෙන්නැ කියලා දන්නවා....ජය වේවා අක්කෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගැමි මල්ලි...හනේ ඕකත් තරහ වෙන්න දෙයක්ද? සේරටම වඩා ලොකු අධ්‍යාපන කටයුතු. ඒවා කරගෙන ඉවර වෙලා කමෙන්ට් දාන්න එන්නකෝ...:) ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔන්න. ජය වේවා...

      Delete
  7. අලුත් අවුරුද්ද ගැන මගේ නම් සයුරි තියෙන්නෙ ඔය විදිහෙ සර්වශුභවාදී ආකල්පයක් නම් නෙවෙයි, ඒත් අවංකව කියන්න ඕන ඔයාගෙ කවි පෙල නම් අන්තිම ඉහලයි.මගේ හෘදයාංගම සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. දැන්නම් මගේ හිතෙත් එහෙම ආකල්පයක් නෑ රවී අයියා (අයියා කිව්වට හරිද මන්දා..). ඒත් අවුරුද්ද කිව්වම මට තාමත් දැනෙන්නේ පොඩි කාලේ දැනුනු අවුරුදු සිරියාව. ඒවා බොහොමයක් දැන් නැති උනත්.

      බොහොම ස්තුතියි කවි ගැන කරපු ඇගයීමටත් සුබ පතුමටත් :)

      Delete
    2. අයිය කිව්වම හරි...සයුරි, :)

      ඔව් ...ඔයාගෙ කතාව ඇත්ත, අපි හැමෝම ආයෙම නො එන ඒ අතීතයට ආසයි.....ඔයාහෙ කවිපෙලේ හැම පදයකම තියෙන්නෙ ඒ අතීත කාමය...ඒකෙ හිතට කාවදින අපූර්වත්වයත් ඒකයි....හෙහ්, හෙහ්,

      Delete
    3. එහෙනම් හරි :) හ්ම්ම්...අතීත කාමය. ඒක තමයි නිවැරදිම වචනේ මම හිතන්නේ.

      Delete
  8. සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා !!!

      Delete
  9. සුභම සුභ අළුත් අවුරුද්දෙක් වේවා අක්කේ !!!

    අක්ක අය්ය හිතන පතන හැමදේම එ අයුරින්ම ඉටුවෙන්න ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. මල්ලිටත් එසේම වේවා කියලා ප්‍රර්ථනා කරනවා. සිහින සියල්ල ඉටු වේවා...

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා මල්ලි

      Delete
  11. ලස්සන කවි ටික සයුරී...

    හිතන පතන සෑම දෙයක්ම එලෙසෙම ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් පතනවා ඔයා ඇතුලු පවුලේ හැමෝටම.!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි....ඔයා ඇතුළු වලව්වේ හැමෝටමත් එසේම වේවා...:)

      Delete
  12. පිම්පල්ස් වියෙකෙන,දත් ටික සුදුවෙන,හම රැලි නොවැටෙන,කොන්ඩය නොපැසෙන,හච්චිං නොමයන, වර්ණවත් හරවත් හිතවත් පිංවත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    ඔන්න මම මූණුපොතේ දාපු එක එහෙම්මම දැම්මා අක්කේ

    ReplyDelete
    Replies
    1. හික්ස්...හොඳා හොඳා..කණියා ටත් එසේම වේවා එහෙනම්. :)))

      Delete
  13. ලස්සන කවි පන්තිය...විරිදු රිද්මයට කියවනන්න පුළුවන්.

    සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!! ඔයාටත්, පවුලේ සැමටත්...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබතුමාට ඇගයීමටත් සුබ පතුමටත්...ඔබටත් එසේම වේවා කියා පතනවා...

      Delete
  14. හරිම ලස්සන කවි ටික අක්කියෝ!!! ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් මේ ලබන අලුත් අවුරුද්ද සුභම සුභ වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ඔන්න හිතූ සුභ පතනවා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ස්තුතියි නංගියෝ....ඔයාගෙත් සිතුම් පැතුම් ඔක්කොම මේ අවුරුද්දේ ඉටු වෙන්න කියලා පතනවා...

      Delete
  15. කවි පද කදිමා ගැයුමට අගනා - තාලෙට සීපදයක් වාගේ
    කිරි පැණි පිරිලා සතුට ඉතිරිලා - වසරම සරු වේවා අක්කේ

    ReplyDelete
    Replies
    1. සීපද තාලෙට හැමදා අදරැති - රසික මල්ලි මෙහි ඇවිත් වගේ
      ඔබටත් පතනෙමි සුබ නව වසරක් - මේ ඇගයුම මට හරිම අගේ

      Delete
  16. එහෙනං සුභ අලුත් අවුරුද්දකු වේවා හොඳේ! :)

    ReplyDelete
    Replies
    1. අලියටත් එසේම වේවා :)

      Delete
  17. akkiyage hithe thiyena hama pathumakma me aurudde itu wewa.

    ReplyDelete
    Replies
    1. බට්ටි නංගියාටත් එසේම වේවා හොඳේ...

      Delete
  18. ඔයාටත් සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා!:)
    සයිබර් සැණකෙළිය පැත්තෙ එනවද අක්කත්??

    ReplyDelete
    Replies
    1. අනේ එන්න වෙන්නේ නෑ නේ මල්ලි . එන්න නිවාඩුත් නෑ නේ :(. ෆොටෝස් වලින් තමයි මට බලන්න වෙන්නේ

      Delete
  19. පොඩි රබානකුත් තිබ්බනම් තමයි වටින්නේ කවි ටිකට! දෙන්නටම සුබ අළුත් අවුරුද්දක් අක්කේ!

    ReplyDelete
    Replies
    1. ලහිරු මල්ලි හොයල දෙන්නකෝ රබානක් :) ඔයාල දෙන්නටත් එසේම වේවා කියල පතනවා...

      Delete
  20. ඔයාගෙ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ!

    ReplyDelete
    Replies
    1. වර්ෂා නන්ගියටත් එසේම වේවා හොඳේ....

      Delete
  21. සයුරිට සහ සයුරාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එල කොල්ලෝ....එසේම වේවා ඔයාටත් :)

      Delete
  22. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සයුරි..
    ලස්සන කවි පෙළක්..
    හඳ අල්ලපු රටේ අවුරුදු සිරිත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ. ඔයාටත් එසේම වේවා. හඳ අල්ලපු රටෙත් පොඩ්ඩක් විතර අවුරුදු තියේවි වගේ...

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ම්ම්....කෝ අප්පා කමෙන්ටුව

      Delete
    2. අනේ සොරි වෙන්න ඕන, මේ හිටපු ගමන් බ්ලොගර් පිස්සු කෙලිනවනෙ, කම්න්ට් එක මම උඩින් දැම්ම අන්න ...:( :(

      Delete
    3. හරි හරි හම්බු උනා :)

      Delete
  24. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  25. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
    Replies
    1. කතන්දරටත් සැනසුම සතුට පිරි සුබ නව වසරක් වේවා

      Delete
  26. සුභ අලුත් අවුරුද්දකු වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා. සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට...

      Delete
  27. මේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වෙන්න ඕනේ හොඳේ....:)) බොහොම ස්තුතියි වර්ණෝ

      Delete
  28. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සයුරි අක්කේ !!!!

    ජයෙන් ජයම වේවා!

    ප.ලි- ගොඩ දවසකින් පහන් යායට ගොඩ වැදුනේ.

    ReplyDelete
    Replies
    1. විසිතුරු මල්ලිටත් එසේම වේවා...ඒක නේන්නම් කොච්චර කාලෙකට පස්සෙද ඔයාව දැක්කේ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...