Monday, April 2, 2012

මින්නේරිය දෙවියෝ - රාජාවලිය XV



සිරිසඟ බෝ රජතුමා මරා දාලා ගෝඨාභය රජතුමා රජ වෙච්ච හැටි අපි පහුගිය රාජාවලිය ලිපියෙන් කතා කළා. අපි අද බලමු ඉන් පස්සේ මොකද උනේ කියලා.

මේ ගෝඨාභය රජතුමා සිරිසඟබෝ රජු මරවපු පව මැකෙන්න හරි මොනයම් හේතුවක් නිසා හරි වෙහෙර විහාර එහෙම හදලා පින් අතේ වැඩ ගොඩක් කරා ලු. ඒ විතරක් නෙවෙයි,  මහායාන භික්ෂුන් පිරිසක් ඉන්දියාවට පිටුවහල් කරන්නත් කටයුතු කරා ලු. එහෙම කරලා ථෙරවාද දහම අගයමින් මහාවිහාරය ට අනුග්‍රහය දැක්වුවා ලු.

ඔය අතරෙදි අර පිටුවහල් කරපු එක භික්ෂුවක ගේ ගෝලයෙක් වන "සංඝමිත්‍ර" නැවත ලංකාවට එන්නේ කපටි අරමුණක් හිතේ තියාගෙන. ඔහු ප්‍රයෝගකාරී විදියට රජතුමාගේ හිත දිනා ගන්නවා. රජතුමාට හිටියා පුතුන් දෙදෙනෙක්. "දෙටුතිස් / ජෙට්ට තිස්ස " සහ "මහසෙන්". අන්තිමේදී ඔවුන් දෙදෙනාගේ ගුරුවරයා හැටියට පත් වෙන්නේ මේ සංඝමිත්‍ර භික්ෂුව. කොහොම උනත් වැඩිමලා වුනු දෙටුතිස් ඔහුගේ අදහස් වලට නම්ම ගන්න එක නම් එච්චර ලේසි වෙලා නැහැ. ඒ නිසා ඒකට යොදා ගත්තේ මහසෙන් කුමාරයාව. මහසෙන් තමයි සංඝමිත්‍ර භික්ෂුවගේ ආදරණිය ගෝලයා බවට පත් වුනේ. මේ නිසා දෙටුතිස් ගේ නම් භික්ෂුව කෙරේ තිබිලා තියෙන්නේ නොපහන් හැඟීමක්.

ගෝඨාභය රජතුමා ක්‍රි. ව. 267 දී මිය ගියාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ වැඩිමහල් පුතා දෙටුතිස් රජතුමා (ක්‍රි.ව. 267 - 277). සංඝමිත්‍ර භික්ෂුව ගේ අදහස් ක්‍රියාත්මක කරන්න ඒක හොඳ කාලයක් නොවුණු නිසා භික්ෂුව රටින් පිට වුනා ලු. දෙටුතිස් ගේ රාජ්‍ය කාලය අවසානයේ මහසෙන් කුමරු රජ උනාම නැවතත් ලක් දිවට පැමිණි සංඝමිත්‍ර භික්ෂුව තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න පටන් ගත්තලු.

ථෙරවාදී පාර්ශවයට අයත් වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් විනාශ කරන්නත් ථෙරවාදී භික්ෂුන්ට දන් දීම පවා තහනම් කරන්නත් රජු පොළඹවා ගන්න මේ භික්ෂුව සමත් වෙලා තියනවා. මහාවිහාරය විනාශ කරලා එහි උඳු වපුරන්න කටයුතු කළා ලු. මේ හිරිහැර දරා ගන්න බැරුව ථෙරවාදී භික්ෂුන් රජ රටින් පිටමං වෙලා මලය රටට සංක්‍රමණය උනා ලු.  අවසානයේ මේ ක්‍රියා වලට එරෙහිව කැරැල්ලක් මෙහෙයවන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ රජුගේ ඉතාම හිතවත් ඇමතියෙක් වූ "මේඝවර්ණාභය". ඔහු මලය රටින් විශාල සේනාවක් එක් රැස් කරගෙන ආවලු රජුට විරුද්ධව සටන් කරන්න. රජතුමා ත් ඔහුගේ සේනාව රැගෙන මේඝවර්ණාභය සහ පිරිස එන පෙරමග ට ගියාලු. දෙපිරිස මුණ ගැසුන දින රාත්‍රියේ ඔවුන් කඳවුරු බැඳගත්තේ පසු දින සටන් කරන අදහසින්. ඒත් ඒ සටන නොහිතූ විදියකට වැළකිලා ගිහින් තියනවා.

රජතුමා ත් ඇමතිත් ඉතාම හිතවත් බව කලිනුත් කිව්වා නේ. තමන්ට විශේෂ කෑමක් ලැබුනොත් අනිත් කෙනාත් එක්ක බෙදාගෙන කන පුරුද්දක් මේ දෙන්නට තිබුනලු. ඉතින් මේ වෙලාවේ මේඝවර්ණ ඇමතිට ඔය විදියේ විශේෂ කෑමක් ලැබිලා. ඔහු රජතුමාගේ පංගුව දෙන්න රාජකීය කූඩාරම ඇතුලට ගියාලු. ඒ වෙලාවෙදි ඇතිවුණු කතා බහේදී රජතුමා ට තේරුම් ගියාලු ඔහුගේ වැරදි ගැන. මේ නිසා සටන වැලකුනා වගේම ථෙරවාදී නිකාය ට කරන හිරිහැර නවත්වන්නත් රජු එකඟ උනාලු. සංඝමිත්‍ර භික්ෂුව නම් රජ බිසවක ගේ කොන්ත්‍රාත්තුවක් මත මරා දැමුනා ලු.

හැබැයි ඉතින් විනාශකාරී වැඩ නැවැත්තුවට මහායානය ට දක්වපු අනුග්‍රහය නම් අඩු වෙලා නැහැ. ජේතවනාරාම විහාරය කරවලා එය මහායාන, සාගලික නිකායේ භික්ෂුන් ට පූජා කිරීමත් සමගම මෙතෙක් කල් පැවති මහා විහාර, අභයගිරි දෙපාර්ශවය වෙනුවට ජේතවන නමින් තුන් වන පාර්ශවයකුත් එකතු වෙනවා.

මහසෙන් රජතුමා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන්නේ වැව් සෑදීම සම්බන්ධව. වළගම්බා රජතුමා ලෙන් විහාර හැදෙව්වා වගේ මහසෙන් රජතුමා කරලා තියෙන්නේ වැව් සෑදීම. මාමිණියා වැව, මාගල්ල වැව, රත්මල්කඩ වැව එයින් සමහරක්. ඒ වැව් අතරින් විශාලම වැව තමයි මින්නේරිය වැව. එයට අක්කර 4000 ටත් වඩා වැඩි වපසරියක් අයත් වෙනවා. මෙයින් රට වැසියාට සැලසුණු යහපත නිසාම මහසෙන් රජතුමා "මින්නේරිය දෙවියන්" ලෙසින් අදටත් හඳුන්වනු ලබනවා.

මහසෙන් රජතුමා ගේ රාජ්‍ය කාලය වෙන්නේ අවු. 27 ක් (ක්‍රි. ව. 277 - 304). ඒ අවුරුදු 27 ඇතුලත එතුමා පව් පින් දෙකම රැස් කරලා තියනවා. කොහොම උනත් අදටත් එතුමා දේවත්වයෙන් අදහනු ලබන රජ කෙනෙක්.

ඊ ළඟ රාජාවලිය ලිපියෙන් "බෞද්ධයින් ගේ මුදුන් මල්කඩ" අපිට ලැබුන හැටි ගැන කතා කරමු.

51 comments:

  1. ඔන්න අද තෑග්ග නම් මට.මම තමයි අද එක.

    ReplyDelete
    Replies
    1. හා හා අදට ගන්නකෝ අක්කේ.. ඊළග පාර මම තෑග්ග ගන්නේ..

      Delete
    2. ඕන් තෑග්ග :)

      [im]http://dl.dropbox.com/u/16187387/teddy-bear.jpg[/im]

      දිනේෂ් මල්ලි..මගේ බ්ලොග් එකේ එක වෙන එක අමාරු නෑ අනේ :)

      Delete
    3. ගොඩක් ස්තූතියි අක්කා පෝස්ට් එකට.අපි ඉතිං පහුවෙලා.අපිට තෑගි නෑනේ.

      Delete
    4. අලේ...එහෙම හිතන්න එපා වර්ෂෝ..

      Delete
    5. අනේ ස්තූතියි අක්කියෝ.දැන්නම් ඉතිං දිනේෂ් මල්ලිට කලින් තෑග්ග ගන්න අනිවා හද අල්ලපු රටේ වෙලාවට වැඩ කරනවා. ආ ඒත් බෑනේ මම වැඩට එන්නේ ලංකාවේ වෙලාවටනේ.

      Delete
    6. ඒකනේ අප්පා...වෙලාව අවුල් නේ

      Delete
    7. mahasen raja akkage puthawa bili deepu kathawak thiyenawada neda

      Delete
    8. එහෙම එකක් නම් දන්නේ නෑ කින්කුස. මහසෙන්ට අක්කා කෙනෙක් හිටියද..

      Delete
  2. මහසෙන් රජතුමා සංඝ භේදය ඇතිකල නිසා මහා වංශයේ හොද විස්තරයක් නෑ මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමයි. කොහොමත් ඔය මූලාශ්‍ර ලියපු අයත් පක්ෂපාති විදියටනේ ඒවා ලියල තියෙන්නේ...

      Delete
  3. යාළුකම් නිසා රටක ඉතිහාසයක් වෙනස් වූ අපූරුව..!!
    ස්තුතියි සයුරි..

    ReplyDelete
    Replies
    1. හිතනකොටත් පුදුමයි නේද රූ? ස්තුතියි ඔයාටත්..

      Delete
  4. රජ බිසව් ඒ කාලේ ඉඳලා කොන්ත්‍රාත් දීල නේ....වටින විස්තරයක් අදත්...

    ReplyDelete
    Replies
    1. හි හි...එහෙම තමයි ඉතින්. රජා පිස්සු නටනකොට බිසවවත් එහෙම කරන්න ඕන නේ..:)

      Delete
  5. මහායාන තේරවාද අතර වෙනස්කම් මොනවද කියලා කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මම දන්න ලොකුම වෙනස් කම තමයි මහායාන දහමේ උගන්වන්නේ සසරින් එතෙර වෙන්න නම් බුද්ධත්වයම ලබන්න ඕන කියලා. පසේ බුදු, අරහත් අයට නිවන් දකින්න බැහැ කියන එක. ථෙරවාද/හීනයාන ඉගැන්වීම අනුව ඒ හැමෝටම ඒ හැකියාව තියනවා. මේ ඇරෙන්න තවත් දහම් කරුණු වල වෙනස් කම් ඇති. මමනම් ඒ ගැන(මහායාන දහම ගැන) හදාරලා නැහැ හරී.

      Delete
  6. අද ලිපිය වෙනදට වඩා කෙටියි වගේ..ස්තූතියි ඔයාට මේව අපිට කියල දෙනවට..:)

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර කෙටියි වගේ තමයි :) ඔයාලටත් ස්තුතියි කියවල යනවට...

      Delete
  7. මට වෙලාවකට හිතෙනවා, මේ දෙවිවරු බවට පත්වෙන්නේ ජීවත්වෙලා ඉන්නකොට බලවත් වෙලා උන්නු උදවියද කියලා. රාජසිංහ දෙය්යන්ගේ අඩවිය කියලා කොටසකුත් ලංකාවේ තියනබව අහලත් තියනවා.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ එහෙම තමයි පොඩ්ඩි....ජීවත් වෙලා ඉන්න කාලයේ මිනිසුන්ට යහපතක් කරපු අය දේවත්වයෙන් අදහන වෙලාවල් තියනවා..

      Delete
  8. ඔය මහසෙන් රජතුමා සහ මේඝවර්ණ ඇමතිතුමාගේ කථාව මම දවස් දෙක තුනකට උඩදිත් කියෙව්වා... ඇත්තටම අදකාලේ නම් ඒ වගේ කෑම/බීම අරන් සතුරු කඳවුරකට යන්න පුළුවන් වේවි ද ? අපේ මුතුන් මිත්තෝ ඉස්සර ඉඳන්ම සංග්‍රාම නීතී අකුරට ඉටු කරලා තියෙනවා...!

    පහුගිය ලිපි දෙක තුන බලනකොට පේන්නේ අපේ ඉතිහාසය ඇතුලේ තියෙන තරමක් තියෙන්නෙම කුමන්ත්‍රණ නේද කියලා !!! තවමත් ඔය කියන කුමන්ත්‍රණ ඉවර වෙලා නෑ නොවැ... ඇයිද මන්දා ලංකාවටම මේ වගේ වෙන්නේ !

    මහසෙන් රජතුමා මහා විහාරය සමතලා කරලා උඳු වැපුරුවාය කියලා පොඩි කාලේ කියවද්දී දරුණුවට තේරුණේ නෑ. මහසෙන් කියන්නේ වීර චරිතය නිසා මොනවා කලත් සුදු විදියට නොවැ පේන්නේ. ඒත් දැන් නම් ඒ ටික කියවද්දී මහසෙන් ගැන සුදු විදියට හිතන්න බෑ. අච්චර සංහාරයක් කරලා, සංඝ භේදයකුත් කරපු මහසෙන් රජතුමාවත් අපේ උදවිය දෙවියෙක් කලා නම්... අනේ මන්දා, අද කාලේ ගැන කවර කථා ද ?

    අද ලිපිය කෙටියි තමා... සයුරිටත් වැඩ වැඩියි වගේ ??? කොහොමවුනත් මේ ලිපි පෙල දිගට කරන් යනවට ගොඩක්ම ස්තුතියි... ජය !!!!

    ReplyDelete
    Replies
    1. අද කාලේ එහෙම දේවල් කරන එකනම් හීනයක් තමා. කෑම දෙන එක කෙසේ වෙතත් කෑලිත් නැතුව එන්න පුළුවන් :) ඇත්තටම ඔව් චතු..අපේ ඉතිහාසෙත් කුමන්ත්‍රණ පිරිලා. බල ලෝභය එදා ඉඳලම පවතින දෙයක් වගේ. මහසෙන් රජතුමා කරපු පව් මින්නේරිය වැවෙන් වැහිලා ගිහින් වගේ නේද? ස්තුතියි සටහනට චතුරංග...මේ දවස්වලනම් ටිකක් විතර වැඩ වැඩියි තමා.. :)

      Delete
  9. ස්තූතියි.. සයුරි.. මේ විස්තර හොයාගන්ඩ සෑහෙන්ඩ මහන්සි වෙනවා ඇති කියලා හිතනවා.. මොකද ලංකා ඉතිහාසය ජාලයේනම් සුලභව හොයාගන්ඩ නැහැ මම දන්න විදිහට. වෙනත් පොත් පත් එහෙම ගොඩක් පරිශීලණය කරනවා ඇති කියලා හිතනවා මේ වැඩේට.. මම මේ ලඟක් වෙනකම්ම හිතන් හිටියේ මේයා ගෙදර ඉඳන් රාජාවලිය ලිය ලිය ඉන්නවා ඇති කියලා.. බලපුවම ජොබ් එකකටත් යනවා කියලා තමා දැනගන්ඩ ලැබුනේ.. ඉතින් රාජකාරි මැද්දෙන් මේ කරන දේ සෑහෙන අගය කළයුතු පුණ්‍යය කර්මයක්.

    ඔය මලය රට කියන්නේ කේරලයටද.. ? නැත්නම් ලංකාවේ කොහේ හරිම තිබුන ප්‍රදේශයක්ද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා, මම දන්නා විදියට නම් මලය දේශය කියන්නේ ක‍න්ද උඩරටට... මම වැරදි නම් සයුරා නිවැරදි කරාවි ...!

      Delete
    2. පොත් පත් නම් මෙහේ නැහැ සෙන්නා. ඉස්සර කියවපුවගේ ෂෝට් නෝට් එකක් නම් තියෙනවා. ගෙදර ඉන්න තියනම් කොච්චර එකක්ද අප්පා :)) ජොබ් එක+ඉගනීම දෙකම කරනවා. ඒ අතරේ මේකත් ලියනවා :) බොහොම ස්තුතියි ඇගයීමට. මෙහෙම දිරිය ලැබෙද්දී මොන වැඩ තිබුනත් කොහොමද මේක නොකර ඉන්නේ...

      චතුරංග හරි...මධ්‍යම පළාත වෙන්න ඕන මලය රට/ මලය දේශය කියන්නේ.

      Delete
    3. දෙන්නටම බොහොම තුති.

      මට ඉතින් "මලය" කියපු ගමන් මතක් වෙන්නෙ උදේ හවා දකින "මලබාරි" අයියලා ටිකව.. මොකද අපි උන්ට "මලයො" කියලනෙ කියන්නෙ.

      Delete
  10. නියමයි අක්කෙ.. ඔය මින්නේරි දෙවියො කියලා හඳුනවන මහසෙන් රජතුමා හදපු මින්නේරිය වැව හරිම විශාල එකක්.. පොළොන්නරුවෙ ගියාම මම යන්න කැමතිම තැනක් තමා මින්නේරිය වැව.. පොළොන්නරුව යන හැම සැරේකම වගේ මින්නේරිය වැවේ පැඅය ගානක් නානවා අපි..:D

    අද තමා සම්පූර්ණ විස්තරයම දැනග්ත්තෙ.. ස්තූතියි අක්කේ!!

    ReplyDelete
    Replies
    1. මහසෙන් නමත් එක්ක එකට බැඳිලා තියන වචනයක් නේ "වැව්" කියන්නේ. ඒ වැව් හින්දා රජරට කොයි තරම් සශ්‍රික වෙන්න ඇතිද. දේවත්වයෙන් අදහන එක පුදුම වෙන්න දේකුත් නැහැ..ස්තුතියි හිතු..මටත් ආස හිතුනා අර නාන කතාව කිව්වම :)

      Delete
    2. හිතු පොළොන්නරු ගියහමවත් නාන ඒක ගැන සතුටු වෙන්න පුළුවන්.

      Delete
  11. මහසෙන් රජ්ජුරුවන්ගේ පොඩි කාලේ අර භික්ෂුවට සම්බන්ද කතාවනම් මට එච්චටම මතක නෑ.. කොහොම් උනත් දැන් මතක් උනා..

    ReplyDelete
    Replies
    1. හැම දේටම හේතු උනේ ඔය භික්ෂුව තමයි ඉතින්...

      Delete
  12. සයුරි අක්කගේ පොස්ට් කියවන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඉතිහාසේ ගැන ලියවෙන පොස්ට් කියෙව්වේ නෑ. එත් අනික් පොස්ට් නම් කියෙව්වා. කමෙන්ට් දැම්ම. මොන හේතුවක්ද මන්ද මට ඉතිහාසේ ගැන කියවන්න හිතෙන්නේ නෑනේ. තරහ වෙන්න එපා අක්කේ. එහෙම කිව්වට. ඉතිහාසෙට කැමති ඔයා වගේ අය ඉන්න හන්ද තමයි අපට අනාගතයක් ඉතුරු වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ තරහ වෙන්නේ මොකටද පැතුම්....එක එක්කෙනාගේ කැමැත්ත එක එක විදියයි නේ...අර බට්ටියාත් ඔය ජාතියේ කෙනෙක් තමා. :)

      Delete
  13. මහසෙන් රජතුමා ගැන මම දැනගෙන හිටියේ පිං අතේ වැඩ කරන කෙනෙක් කියල විතරයි.

    හැමදාව වගේ වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. පින් අතේ වැඩ වගේම පව් අතේ වැඩත් කරලා තියනවලු අසාර්...

      Delete
  14. මහසෙන් රජතුමා සංඝ භේදයක් ඇතිකරලා. මහායාන බුදු දහමට මුල් තැන දුන්නා කියවනේ. ඒනිසාම ජනප්‍රවාදයේ කියැවෙන්නෙ වැද්දන්ගෙන් බණ අහලා ජේතවනාරාමෙට ගල් ගැහුවා කියලා.
    ඔබ ඉතිහාසය අලුතෙන් ඉගැන්වීම ඉතාම විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. //වැද්දන්ගෙන් බණ අහලා ජේතවනාරාමෙට ගල් ගැහුවා//

      මේ කතාව අහල තිබුනට තේරුමක් නම් දන්නේ නෑ...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  15. මට කියවන්න පහුගිය දේවල් ගොඩක් තියෙනව වගේ :)

    ReplyDelete
    Replies
    1. තාම අපි අනුරාධපුර යුගයේ ඉන්නේ නුවන්. වැඩිය මිස් වෙලා නෑ...:) ආ ඔයාගේ බ්ලොග් එකේ ෆොලෝ ගැජට් එක වැඩ කරන්නේ නැහැ නේ...

      Delete
    2. මොකක්හරි කෙස් 1ක් තියෙනව වගේ :-/
      තාම බැරි උනා හදාගන්න!

      Delete
  16. මම දෙතුන් පාරක් කියෙව්වා අර ඇමති රජ්ජුරුවන්ට කෑම අරන් ගිය කේස් එක... මාරයි ඔහොම සුහදත්වයක් යුද්ධයකදි තිබ්බා කියන්නේ පිස්සු හැදෙනවා...ඒක නෙමේ අක්කේ යුදගනාව තියෙන්නේ මේ අහල පහලද?? මට ඒ නම මතක්වුනා හදිසියෙම මේක කියවද්දි....මට තව මතකයක් ආවා මිගාර කියලා නමක් ගැන.මට මතකයි අපේ සිංහල පොතේ තිබුනු කතාවක් වැවක වතුර කාන්දුවක් වෙද්දි ඒක නවත්තන් හිටියා කියලා... හැබැයි ඒක ඇත්තක්ද ගොතපු එකක්ද කියලනම් මතක නෑ

    ඔයාගේ ලිපි පෙල හරිම අපූරුයි.මේවට හරියන පිංතූර මාරයා අයියගේ චාරිකා වලින් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.ඔයා ඒ බ්ලොග් එක පැත්තේ යනවා ඇති කියලා හිතනවා....

    http://ctkumara.blogspot.com

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි සිංහල පොතේ ඒ කතාව. ඒ කලා වැවේ සිද්ධියක් නේද? ළමයාගේ නම "කාල". කලා වැවට නම තිව්වෙත් එයාගේ නමින්ලු. ඒ තමයි පොතේ තිබුන හැටි. යුදගනාව ගැන නම් දන්නේ නැහැ මල්ලි. ඔව් ඔව් මාත් ඉඳ හිට ඒ පැත්තේ යනවා. මේ ටික නම් මග ඇරිලා වගේ. ස්තුතියි ගැමියෝ කිව්වට. හැබැයි පින්තුර ඉස්සුවොත් මට හිරේ යන්නත් වෙයිද දන්නේ නෑ :)

      Delete
    2. "යුදගනාව" තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල. කෙලිනම් බතුතල මොනරාගල මාර්ගයේමයි. දුටුගැමුණු රජතුමා කළා යැයි සැලකෙන විහාල චෛත්‍යක නටඹුන් තියෙනවා.
      ඒවගේ ඒ ආසන්නයෙම් මාලිගාවිල‍ ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවත් තියනවා. ලංකාවෙ සුන්දරම දර්ශනීය ස්ථානයක්

      Delete
    3. බොහොම ස්තුතියි ඔබට මේ විස්තර කිව්වට...

      Delete
  17. ගොඩක් ස්තූතියි! :)

    ReplyDelete
  18. මමත් ඔය කතාව අහලා තියෙනවා! හොඳ විස්තරයක් අක්කේ!

    ReplyDelete
  19. මම එයේ රෑ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියානේ, දැන් බැලුවහම ඒක නැහැ :(
    ඔයාගේ ඉතිහාස පාඩමනම් ගොඩක් වටිනවා සයුරි... ඕ ලෙවල් කාලේ ඉගෙන ගත්තට පස්සේ ඉතිහාසය ගැන දැනගන්න ලැබෙන්නේ බ්ලොග් වලින් හරි වෙන මොකක් හරි ජාලයේ තියෙන ලිපියකින් හරි තමයි.
    ගොඩක් ස්තුතියි අපේ මතකය අළුත් කරනවට වගේම නොදන්නා කරුණු කියල දෙනවට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...