Monday, December 31, 2012

සීතල හිම රටේ

අපිටනම් තාම දෙසැම්බර් 31. ඒත් ඔයාලා වැඩි දෙනෙක්ට දැනටමත් 2013 නව වසර ලබලා. එහෙනම් සුබ නව වසරක් වේවා ඔක්කොටම.

පහුගිය දවස් ටිකේම බ්ලොග් පැත්ත පළාතේ එන්න උනේ නෑ. ගොඩක් ඒවා කියවන්න උනෙත් නෑ ඉතින් :( . නිශාන්තය අහන්න යන්නත් බැරි උනා නේ. සෙමෙස්ටරයක් ඉවර වෙලා ලැබෙන පුංචි නිවාඩුව හින්දා මේ ටිකේම ගෙදරක නෑ. ගෙට් ටුගෙදර්ද පාටිද අරවද මේවද වැඩ කෝටියයි. ඇයි මේ දවස්වල පළාතම හිමෙන් වැහිලා හින්දා ස්ලෙඩින්, ස්කේටින් එහෙමත් යන්න එපැයි.

ඒක කිව්වම මතක් උනේ, සරත් සෘතුවේ පින්තූර දැම්මා වගේ සිසිරයේ පින්තූර ටිකකුත් දැම්මොත් හොඳයි කියල හිතෙනවා. ලියන්න තියන කම්මැලි කමට එහෙම නෙමෙයි ඔන්න ;)



හිම වැටෙනා....සුදු කන්ද දිගේ...







ඔය තියෙන්නේ අපේ ගෙයි පිටිපස්සේ පුංචි මිදුල් කෑල්ලේ හිම පිරිලා තියන හැටි.



මේ ඉබ්බෝ වගේ ඉන්නේ කාර්...



හිම කතරක අතරමංව...කාඩිනල් කුරුල්ලා 



ආ මේ තියෙන්නේ එක්කෙනෙක් ස්ලෙඩින් ගිහින් කකුල් හතරෙන් ආපු හැටි :)



2012 අවුරුද්දේ තව ඉතුරු වෙලා තියෙන්නේ පැය කීපයයි. ලංකාවෙදි නම් මේ වෙලාවට 31 රෑ පෙන්නන හින්දි ෆිල්ම් එක බලන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඒක බලලා පළවෙනිදායින් බාගයක් ගෙවුනට පස්සේ තමයි ඇඳෙන් නැගිටින්නේ. මෙහෙනම් ජනවාරි පළවෙනිදා නිවාඩුයි. ඒත් ඉතින් හින්දි ෆිල්ම් පෙන්නන්නේ නැහැනේ ටී වී එකේ.

පළවෙනිදා නිවාඩු හින්දා කොහේ හරි කෑමකට එකතු වෙයි කට්ටිය සමහරවිට. අපේ අයට ඉතින් කෑමක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ නේ. හ්ම්ම්...හැබැයි ඉතින් කොච්චර කෑම තිබුනත් බීම නම් නෑ අපේ කට්ටියගේ ;) ඒකම ලොකු දෙයක් නේ. මොකද මන්දා මෙහාට ලංකාවෙන් ආපු හැම කෙනාම අමධ්‍යපයි. ඒවා නැති උනා කියලා පාටි අඩුවකුත් නෑ ඒවායේ විනෝදයේ අඩුවකුත් නෑ. හැම කෙනාටම එහෙම ඉන්න පුළුවන්නම් කොයි තරම් හොඳද කියල හිතෙනවා. අලුත් අවුරුද්දේ එක්කෙනෙක් දෙන්නෙක් හරි අමධ්‍යප වෙන්න හිතට ගත්තොත් ඒක ලොකු දෙයක්. :)

එහෙනම් ඉතින් හැමෝටම සියලු සිතුම් පැතුම් ඉටුවන, සිතුම් පැතුම් නැති අයට ඒවා ඇති වෙන,  සුබ නව වසරක් කියන ගමන් මාත් යනවා. ගිහින් එන්නම්. අලුත් අවුරුද්දේදී හම්බ වෙමු.

90 comments:

  1. ඔන්න අපිට හෝදගෙන යන්න වැස්ස...
    සුභ අළුත් අවුරුද්දක්...!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං..සුබ නව වසරක් වේවා ඔයාටත්

      Delete
  2. ඔයාටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  3. දයාබර සිතුම් පැතුම් සියල්ල මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවා නංගී..
    පින්තූර ටික ලස්සනයි...
    අර අමද්යටප කතන්දරය නම් ඇත්තම ඇත්ත. අපේ ගෙදරත් අමද්ය.ප නිසා අපේ සාද උණත් බොහොම සතුටින්, සාමකාමීව නිමා වෙනවා. මම මගේ හිතට පොරොන්දුවක් උණා ගෙට ගෙවදුණු මේ නත්තලේ... මගේ ගෙදර කවදාවත් කාටවත් මත්පැන් දෙන්නෙ නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්කේ. ඒකනම් ඇත්ත මත්පැත් තියන සාද ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයකින් තමයි.

      //මම මගේ හිතට පොරොන්දුවක් උණා ගෙට ගෙවදුණු මේ නත්තලේ... මගේ ගෙදර කවදාවත් කාටවත් මත්පැන් දෙන්නෙ නැහැ කියල.//

      කොයි තරම් හොඳද. ඒක ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා. අපේ ගෙදරත් ඔහොම තමයි. කිසිම වෙලාවක බෝතලයක් ගෙනල්ලා නැහැ (ඒ කිව්වේ අපි දෙන්නගේ ගෙදර. ඒත් අපේ ලංකාවේ ගෙදරනම් එහෙම නෑ. තාත්තා අමධ්‍යප නැහැනේ. ඉතින් පාටියක් තිබුනොත් අරවත් දෙනවා එන අයට කොච්චර එපා කිව්වත්. ඒ අය තරහ වෙනවලු නැතිනම්. කොහොම හරි මගේ වෙඩින් එකටනං ඒවා දුන්නොත් මම තරහ වෙනවා කිව්ව නිසා දුන්නේ නෑ :).

      @ එල කොලූ : ටූ ගුඩ් :)

      Delete
  4. සුභ නව වසරක් සයුරි ....

    ReplyDelete
  5. අනේ කිසිම fun එකක් නෑනෙ අමධයප කස්තිය ඉද්දි......අපෝ මෙලෝ රහක් නෙථුව ඈති usa වල....:පි.......කොහොම හරි කිරි පෑනි නතත් බෝථල් ඉතිරෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....එල කොල්ලා පහන් යායට ඒවිත් අවුරුද්දකට කිට්ටුයි!!!!!

    ReplyDelete
    Replies
    1. හිහි...බොන එවුන් ඉන්නකොට ෆන් එකක් තියනවා බලාගෙන ඉන්න අයටනම් :) කරන විකාර බල බල වරුවක් හිනා උන හැකි. එහෙම බලනකොට ඒ කතාවත් ඇත්ත තමා :පි

      එල කොල්ලාටත් බෝතල් නැති, කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වේවා හොඳේ. පහන්යායට ඇවිත් අවුරුද්දක් වෙච්ච එක ගැනත් සතුටුයි. ලබන අවුරුද්ද පුරාවටත් අපිත් එක්ක ඉඳීවි කියලා හිතනවා.

      Delete
  6. අපූරු පින්තූර ටිකක් සයුරි..ඇත්තටම කියනවා නම් සයුරිගේ පින්තූර කතා වලට තමා මම ආසම..
    ;)

    සයුරිටත් පවුලේ හැමෝටමත් සුභ නව වසරක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ..එහෙනම් වැඩි වැඩියෙන් පින්තූර කතා දාන්නම්කො

      Delete
  7. අම්මෝ....හිම...ලස්සනේ බෑ.
    හැමෝටම සුබ නව වසරක් සයුරි...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි. ඔයාටත් එසේම වේවා :)

      Delete
  8. සීතල හින්දා ඔන්න එහෙනම් උණුසුම් නව වසරක් පතනවා.... මෙච්චර සීතල වෙලත් කස්ටිය රත්වෙන්න දෙකක් දාගන්නෙ නැති එක පුදුමයි.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තුතියි. ඒවා බිලා රත් වෙලා වැඩක් නෑ අනේ.

      Delete
  9. හිම ටිකක් මෙහෙට එවන්ඩ බැරිද? හරිම ලස්සනයි...

    ඔන්න එහෙනම් අමද්‍යප ඔක්කෝම වෙනුවෙන් අපි සව්දිය පුරමු..

    චියර්ස්...

    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. පුරමුකෝ සව්දිය..චියර්ස් !! :)

      එසේම වේවා හරී

      Delete
  10. ඔහෙ උෂ්ණත්වය කීයද සයුරි ? මම දැක්කා, රුසියාව පැත්තේ අධික සීතල නිසා සමහරු මැරිලා කියලා. ඔහෙ එච්චර නැද්ද ? ඔහෙට රතු, කහ, කොළ හිම එහෙම වැටෙන්නැද්ද ? අන්න ඒකට ලංකාවෙ, දැන් සියලු අශ්චර්යයන් සිද්ධ වෙනවා.. හෙට අනිද්දා ලංකාවට හිම වැටිච්ච ෆොටෝ ටිකක් එහෙම බ්ලොග් එකක ගියොත් ඇස් එහෙම උඩ තියා ගන්නවා නෙමේ..

    අර මොනවද කරන්ඩ ගිහින් කකුල් හතරෙන් එන එක්කෙනත් අමධ්‍යපද ? :-)

    එහෙනම් සයුරි මිස්ටයි, සයුරුටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. මං බැලුව සෙන්න කෝ කියල..??? මේ ඉන්නෙ..!!

      Delete
    2. ස්තූතියි වීයා. පහු ගිය ටිකේ අම්මට අසනීප වෙලා ඒකට වෙහෙසුන නිසා බ්ලොග් පැත්ත පලාතෙ එන්ඩ හම්බුනේ නෑ.. දැන් තමා පොඩ්ඩක් හරි ගියේ..

      Delete
    3. දැනටනම් මෙහෙ ඉෂ්නත්වේ සෙල්සියස් -7 ක් විතර. තව අඩු වෙයි ඉස්සරහට. මැරෙන තරම්නම් දරුණු උනේ නෑ තාම. හික්..මාත් දැක්කා අප්පා ඒ පාට පාට වැහි ගැන නිව්ස්. ආශ්චර්ය තමා. කකුල් හතරෙන් එන එක්කෙනත් අමධ්‍යප තමා. ;) සෙන්නයියාටත් පොඩි සෙන්නාටත් පොඩි සෙන්නගේ අම්මාටත් සුබ නව වසරක් වේවා. සෙන්නා ගේ අම්මාටත් නිරෝගී අවුරුද්දක් වේවා

      Delete
  11. මමත් හරිම කැමතියි මේ පින්තූර කථා වලට. අක්කටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ලහිරු මල්ලි !!

      Delete
  12. හිම මිනිස්සුන්ගෙ සාමාන්‍ය ජීවිතයට මහ කරදරයක් වුනත් දැක්කමත් කොයිතරම් සුන්දරද, මටත් හරි ආසයි හිම ගොඩක පෙරලි පෙරලි සෙල්ලම් කරන්න.

    සයුරිටත් පවුලෙ සියළු දෙනාටත් මේ 2013 අවුරුද්ද සියළු පැතුම් ඉටුවන යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් DDT. කොච්චර කරදරයක් උනත් ඒකෙ අමුතුම ලස්සන පැත්තකුත් තියනවා. කරදරෙත් අඩුවක් නෑ ඉතින්. DDT සහ පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා.

      Delete
  13. පරිසරය දකිද්දී මට මතක් වෙන්නේ Little House කතා මාලාවේ " සීතලෙන් සීත උන සීත සමය " මාවත් සීතල උනා..

    දැන් නම් සයුරිට පළවෙනිදා උදාවෙලා. සියළු බලාපොරොත්තු ඉටුවෙන නිරෝගිමත් අවුරුද්දක් සයුරි !

    ReplyDelete
    Replies
    1. මම බලල නැහැ නෙව ඒක. බොහොම ස්තුතියි ලිහිණි. ඔයාගෙත් සියලු බලාපොරොත්තු ඉටු වේවා එන නව වසරෙදි.

      Delete
    2. මොකෑ .... සයුරි ඒක කියවල නෑ, බොහොම නරකයි ! මම නිර්දේශ කරනව වහාම කියවන්න කියල ඒක හොයාගෙන :)

      මම නම් කියෙව්වෙ ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද සිංහලට පරිවර්තනය කරපු පොත්. පොත් 7 ක් තිබුණ. එක දිගට කියවගෙන ගියා, පොත බිමින් තියන්න හිතෙන්නෙ නෑ, ඒ තරම් සුන්දර කතා මාලාවක්. ඒක ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගෙ ජීවිත කතාව. ඇය මම හිතන්නෙ කොටස් 8 ක කතා මාලාවක් විදියට මුල් කෘතිය රචනා කරල තියෙන්නෙ. අතීත ඇමරිකානුවොන්ගෙ ජීවිතය ගැන මම කියවපු සුන්දරම කතාව ඒක.

      Delete
    3. හයියෝ දැන් ඉතින් කියවන්නම හිතෙනවා. පොත හොයාගන්න එක තමයි වැඩේ :( නම මතක තියාගෙන ඉන්නම් පුළුවන් දවසක අරගන්න ඕන.

      Delete
    4. සයුරි අක්කා මරන්න ඕනෑ...))

      ..මං කිව්වෙ මේක කියවල නැත්නම්!

      Delete
    5. හපොයි බයෙත් බෑ. මට දැන් ජිවිත තර්ජන තියනවා. ඔය පොත ඔන්ලයින් ගෙන්න ගන්න බැරිද :-/

      Delete
  14. ඔබටත් පව්ලේ සැමටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා රෙහානි

      Delete
  15. ෂික්...අපිටත් ලංකාවෙ හිම වැ‍ටුනනං කියල හිතෙන්නෙ මේ පොටෝ දැක්කම තමා..!

    අර කකුල් හතරෙන් එන එක්කෙනා දැකල පුරුදුයි වගේ...ම්..ම්..ම්..!

    අමද්‍යප නං හොදා...මොකෝ බිව්වෙ නෑ කියල මක්කාවෙන්නද..ඈ..!!!
    සමහරු රට රටවලට ගියාම තමයි වැඩියෙන් බොන්නෙ සීතල උහුලන්න බෑ කියල.එහෙම බැලුවම කොච්චර හොදයිද.
    ඒත් ටිකක් බිව්ව නම් තමා හොඳ...!
    බොනවා කිව්වට අපිත් අතේ ඇඟිලිගානට වගේ තමයි අවුරුදකටම සෙට් වෙන්නෙ..:(((

    සයුරි,සයුරු...හා පවුලේ සැමදෙනාටම සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුනා වී අයියා. අර දෙසැම්බර් 21 ට වත් පෘතුවියේ ධ්‍රැව පොඩ්ඩක් එහා මෙහා වෙලා එහෙම උනානම් හොඳයි කියල හිතුනා :)

      //ඒත් ටිකක් බිව්ව නම් තමා හොඳ//
      ඒ මොකෝ අර. :)

      //බොනවා කිව්වට අපිත් අතේ ඇඟිලිගානට වගේ තමයි අවුරුදකටම සෙට් වෙන්නෙ..:(((//
      බොහොම හොඳා. ඒ ටිකත් නැති කරගන්නකො ඉතින්.

      වී අයියටත් අක්කටත් පොඩ්ඩන්ටත් එසේම වේවා !!

      Delete
  16. සයුරි හරිම ලස්සනයි.සීතල නැති සුබ නව වසරක් වේවා ඔබට
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා. ඔබටත් එසේම වේවා

      Delete
  17. මේ පින්තූර ටික නම් හරිම ලස්සනයි සයුරි.
    මට හිම කුමාරි ( අර ජාතිකේ ගියේ හඬ කවල
    කතා කරන පිනි මුවෙක් ,කායිල් එහෙම හිටියේ .)
    මතක් උනා.අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම හිතට
    සතුටක් ඇති වෙන පෝස්ටුව මේක තමයි.හරි
    ලස්සනයි ..

    ඔයාටත් පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත
    සියලු පැතුම් ඉටු වෙන නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන්. ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා

      Delete
  18. හරිම ලස්ස්නයි පින්තූර් ටික...

    සුබ නව වසරක් අක්කියෝ.. :)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා නංගෝ

      Delete
  19. හෆ්ෆේ කතානියා වලට මෙච්චර හිම නෑනේ.. ඒ මේ තව අවුරුද්දකින් විතර වගේ අපි ජෝඩු දාලා ඔය පැත්තේ එන්නද ලොකු අක්කේ හිම බලන්න... :)

    සුභ නව වසරක් මගේ ලොකු අක්කටත් අයියටත්...

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙමද. එහෙනම් මේ පැත්තේ එන්නකෝ දෙන්නම. අනිවාර්. 2 න්ඩ් හනිමූන් එකට මෙහෙ එන්න :) බොහොම ස්තුතියි මලයා

      Delete
    2. 2 න්ඩ් හනිමූන් කිව්වේ ඉතින් බඳින්නේ සමර් එකේ හින්දා. හිහි

      Delete
    3. හෙහ් හෙහ්.. ඒක කීවෙනි හනිමූන් ට්‍රිප් එක වෙයිද නොදනී ලොකු අක්කේ... ;)

      Delete
  20. කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා සයුරි අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා මධුවෝ. එන අවුරුද්දේ මංගල යෝගයක් උදා වේවා

      Delete
    2. දැන් නේ ප්‍රාර්ථනාව දැක්කේ.
      ස්තුතියි

      Delete
  21. අනේ මටත් යන්න ආසයි :(

    සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එන්නකෝ වෙලාවක යසිත්. ඔයාටත් එසේම වේවා

      Delete
  22. සිත ඉගිලෙනවා යූ එස් ඒ වල - සුදු හිම කැටි අතරේ......
    මා තනි වෙනවා....පා යුග තවරා නිරුදක දිවි කතරේ....

    සයුරිටත් පවුලේ හැමෝටමත් - සුබ නව වසරක් වේවා....!

    ReplyDelete
    Replies
    1. හප්පේ හරිම ලස්සන කවියක්. අනර්ඝයි.

      නිරුදක කතරයි ගිනි ගත් වැල්ලයි - සුදු හිම පලසයි කුනාටු සුළඟයි
      එක ලෙස දෙතැනක කරදර ගෙන එයි - සිරිලක ඇති සැප හිතමින් ලතවෙයි

      ඔබටත් පවුලේ අයටත් එසේම වේවා !!

      Delete
  23. පිංතූර ටිකනම් අපූරුයි.. හිම ලස්සන වුණත් සිසිරය අපේ දේශගුණය තරම් ලස්සන නැ වගේ.මොකද මිනිසුන් පිඩාවට පත් කරන නිසා.. මේ සිසිරයටත් "බොන්නෙ" නැත්නම් ඉතින් ආයේ අමද්‍යපම තමයි.
    නිරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා ඔබටත් පවුලේ සියලු දෙනාටත්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සිසිරය ලස්සන උනාට කරදරෙත් ඒ වගේමයි. ඒකනේ මේවයේ මිනිස්සු මේ කාලෙට ලංකාව වගේ රටවල් හොයාගෙන එන්නේ. ඔබටත් පවුලේ අයටත් එසේම වේවා කියලා පතනවා.

      Delete
  24. ඔයාටත් සුබ නව වසරක් වේවා යසිරු..

    ReplyDelete
  25. සුභ නව වසරක් වේවා සයුරි අක්කේ ඔයාටත් පවුලේ හැමෝටමත්... අපි ඉතිං හිම දැක්කොත් ඇල්ලුවොත් ඉතිං ෆ්‍රිජ් එකේ තියෙන එව්වනේ.... මගේ තියෙන හීනයක් තමා ඔය වැටෙන හිම ටිකක් අතට අරගෙන බෝලයක් හදලා පැණි වගේ ජාතියක් ඒක උඩින් වක්කරලා කන එක... හලේ ඉතින් ලංකාවට හිම වැටෙනකං තාම බලාගෙන ඉන්නවා... ඔය වගේ හිම කන කේස් එකක් මම කියෙව්වේ ලෝරා ඉංග්ලස් වයිල්ඩර්ගේ පොතක තිබිලද මංදා.. එහෙම කාලා තියේද ඈ???

    අර දනගාගෙන එන කෙනාගේ පොටෝව දකිනකොට නං ඉරිසියයි මෙහෙ කට්ටිය බෝට්ටු පදිනකොට මෙයාලා ස්කේටිං කරනවනේ (ස්කේටිංද?? ස්ලයිඩිංද මන්දා හරි එක)

    ReplyDelete
    Replies
    1. ගැමි මලයාටත් එසේම වේවා.

      //බෝලයක් හදලා පැණි වගේ ජාතියක් ඒක උඩින් වක්කරලා කන එක//

      ඊක්..මෙයාටත් හිතෙන ඒවා. වෙනසක් නෑ අයිස් කැටයක් කෑවා වගේ තමයි ඉතින්. මමනම් කාලා නෑ හැබැයි කැවිලා තියනවා මූන බිම ඇනිලා. :)

      ආ ඒ දන ගාන්නේ ස්ලෙඩින් කරලා. ස්කේටින් කියන්නේ අර බ්ලේඩ් හයි කරපු සපත්තු දාගෙන අයිස් උඩ යන එකට. ඒකත් මරු හැබැයි කොන්ද කැඩෙන්න ඉඩ තියනවා. ඒ ෆොටෝස් ටිකක් ඇති. පස්සේ දාන්නම්කො.

      Delete
  26. සයුරි අක්කටත් පවුලේ හැමදොනාටත් සියළු ප්‍රාර්ථනාවන්හී මල් ඵල පූදින, නිදුක් නීරෝගී සුබම සුබ අවුරුද්දක් වේවා..!!! :)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා කියලා පතනවා නඳු නංගා.

      Delete
  27. හරිම ලස්සන පින්තූර ටික. ඒත් ඉතින් හරි පවු ඔයා. උදෙන්ම නැඟිටල හිම අයින් කරල පාර හදාගන, වාහනේ හොයාගන , ඊට පස්සෙ ගල්වුන හිම කැට අයින් කරල ,දොරට ස්ප්‍රේ එහෙම කරල අමාරුවෙන් වාහනේට ඇතුල්වෙලා ඒක රත් වෙනකන් සීතලේ ගැහි ගැහී යන්න සිද්ධ වෙන බව මට ඉතින් මේ පින්තූර දැක්ක ගමන් මතක් උනා. මේ දවස්වල මෙහෙත් හරියට පාටි. මේ කාලෙට මට හරියට ගෙදර මතක්වෙන කාලයක් ඒ නිසා ඔය කට්ටිය එකතුවෙලා විනෝද වෙන එකට මම කැමතියි. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව, සයුරිටත් සයුරිගේ පෙම්බරයාටත් පහන් යායටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක තමා. ඔයාටවත් හිතුනනේ මම පව් කියලා. ඇයි අප්පා අයිස් උඩ කකුල තියලා දඩොස් ගාලා වැටෙන හැටි. හැබැයි මේ වගේ දවසටනම් ඇතුලටම වෙලා ඉන්නවා පුළුවන් තරම්. වර්කින් ෆ්‍රොම් හෝම්..හිහිහි. ඔයාට මේ දවස්වල හිම නැද්ද? මේ වගේම ඇති මම හිතන්නේ. අර කාර් එකේ වැඩේට පොඩි ට්‍රික් එකක් තියනවා.

      මුලින්ම කාර් එකේ දොර පාදගෙන ඒක ඇරලා ස්ටාට් කරන්න.
      ඊට පස්සේ අමතර යතුරෙන් ලොක් කරලා ආපහු ගේ ඇතුලට එන්න. කාර් එක රත් වෙනකන් උදේ අහාරය ගන්න :)
      ඊට පස්සේ යනකොට ගොඩක් හිම දිය වෙලා. ඉතුරු ටිකත් සුද්ද කරලා රත් වෙච්ච කාර් එකට නැගලා යන්න පුළුවන්.

      මට මතකයි කවුරුහරි එයාගේ කාර් එක කියලා වැරදිලා ඒ වගේ වෙන කාර් එකක හිම කඩපු කතාවක්. හිහ්. අයියෝ සංසාරේ

      රෝස කුමාරිටයි, බඹර කුමාරයටයි ත් සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ අවුරුද්දෙවත් වැඩි වැඩියෙන් ලිපි ලියවෙවා කියලා පතනවා :)

      Delete
  28. ශා...... මරුනේ අක්කේ. එල එල. අක්කටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් කෝරලේ හාමිනේටත් එසේම වේවා :)))

      Delete
  29. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා සයුරි....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමනලී. එසේම වේවා

      Delete
  30. සයුරිට සහ සයුරුටත් ජය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා.... හිමෙන් වැසුනු පින්තූරු ටික ලස්සනයි.. ඒත් වැඩක් නෑ අප්පා.. කෝ ඉතින් සුදු කන්දේ රූපය දැම්මට පාසල් යන සුදු කුමාරියෙක්ව දාලා නෑනේ.. අර කාඩිනල් කුරුල්ලාගේ රූපෙටත් හිත ගියා..
    ඒක නෙවි, අර පින්තූර වටේට ෆ්‍රේම් එකක් දාන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒක බ්ලොගර් වල තියෙන ප්‍රොපටි එකක් ! ඒක යූස් කරන්න.

      Template > customize > Advanced
      ඔන්න ඔතෙන්ට ගියහම ප්‍රොපටි ලිස්ට් එකක් පෙනෙයි.ඒකෙන් Images ක්ලික් කරලා ඊට පස්සේ Border එකට Background Colour එකක් දෙන්න. සේව් කරන්න කලින් පොඩි ප්‍රිවිව් එකකින් බලන්න.

      අපහැදිලි තැනක් තියෙනවා නම් සයුරි අක්කගෙන් අහන්ඩ. එයා බ්ලොග් කාපර් ! බ්ලොග් කාලා වතුර බීලා ඉන්නේ :)

      Delete
    2. මචන් මගෙත් ටෙම්ප්ලේට් එකේ උඩින්ම නිකන් අඳුරු ගතියක්
      තියෙනවා.ඒක අයින් කර ගන්න කියල දීපන්කො තරහ නැතිව...

      Delete
    3. හික් හික්. සුදු කුමාරියෝ මේ දවස්වල එලියට බහින්නේ නැහැලු.

      ඔය මධූ කියලා තියෙන්නේ ෆ්‍රේම් දාන හැටි. හලේ මමනම් බ්ලොග් කාලා නෑ මධුවෝ. මට බැනර් එකක්වත් දාගන්න බැරි උනා තාම. පේනවනේ ඒකෙ කැත :)

      Delete
    4. @silentsahan :
      අඳුරු ගතියක් කිව්වේ ?

      @සයුරි :
      බැනර් එක කැතක් තියේ ඈ. ඒකේ අමුතු මෙවුවා එකක් තියෙනවා.

      Delete
    5. හෙහෙ...එහෙනම් කමක් නෑ :)

      Delete
    6. ගොඩාක් ස්තූතියි මදු සහෝ... එයා නොකිව්වාට සයුරි ඉතින් බ්ලොග්, සොෆ්ට්වෙයාර් කාපීරියක් කියලා අපි දන්නවා. කොහෙද ඉතින් මෙයා ඉතිහාසේ ලිය ලිය ඉන්නවා මිසක් ඔය වගේ පරිඝණක සොෆ්ට්වෙයාර් උදව් මුකුත් ලියන්නේ නෑනේ..

      Delete
    7. //කාපීරියක්//

      හලේ... :)

      එව්වා ලිව්වොත් ඉතින් දැනට පහන්යාය පැත්තේ එන මනුස්ස පරාන ටික එන එකත් නවත්තාවිනේ තොටිස්‌ අයියේ.

      Delete
  31. පරක්කු වුනා සුභ පතන්න.

    සයුරිටත් සයුරටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා අසරණයෝ... :)

      Delete
  32. සුබ අළුත් අවුරුද්දක් වේවා අක්කේ...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා තරුවා මල්ලි

      Delete
  33. හානේ...මම අදමයි මේ පැත්තේ ආවෙ මම හිතන්නේ..4to ටිකනම් මරැ...ආස හිතෙනවා.අනේ අපිටත් හිම වැටෙනවානම්...

    සුබ අළුත් අවුරුද්දක් වේවා සයුරි

    ReplyDelete
    Replies
    1. හනේ...හිමාව සාදරයෙන් පිලිගන්නවා එහෙනම් අලුත් අවුරුද්දේ. ආපහු එන්නකෝ

      Delete
  34. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා. ඔබටත් එසේම වේවා :)

      Delete
  35. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා හිතූ :)

      Delete
  36. සයුරි අක්කටත්,සයුරු අය්යටත්,පවුලෙ හැමෝටමත්,නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා.සියලු යහපත් පැතුම් ඉටු වේවා!

    ප.ලි_
    මං කලින් සුබ පැතුවද මන්දා..කමක් නෑ ඉතින් සුබ පැතුව කියල වැඩි වෙනවයැ නේද..?))

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ..මොන වැඩියක්ද :) එහෙනම් වර්ෂා නගාටත් සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හොඳේ..

      Delete
  37. ඔන්න සීතල හිම රටෙත් ගියා.. ලස්සන ෆොටෝ ටික සයුරි.. :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...