Tuesday, September 20, 2011

හැම තාත්තෙකුගේම සිතුවිලි

මේ  පොත  ගැන  මීට  කලින්  කොහේ  හරි  ලියවිලාත්  ඇති. ඒත්  මම  හිතන්නේ  මේ  ගැන  කොයි  තරම්  ලිව්වත්   වැරැද්දක්  වෙන  එකක්  නැහැ. "හැම  තාත්තෙකුගේම  සිතුවිලි"  කියන්නේ  ඒ  තරමටම  ලස්සන  පොතක්  නිසා. දැනට  මේ  පොත ලඟ  තියන හුඟ දෙනෙකුට වගේම  මටත්  මේ  පොත  ලැබුනෙ  මගේ  තාත්තගෙන්. 

පොතේ  පිට  කවරේ  හරියට  මෙන්න  මේ  වගේ



පොත  පුරාවටම  තියෙන්නේ  දුවෙක්  ඉන්න  තාත්ත  කෙනෙක්ගේ  හිතට  එන  සිතුවිලි.  දුව ගැන  තියන  ආදරේ,  එයා  නොදැන  කරන  දේවල්  වලින්  තාත්තාගෙ  හිත  රිදෙන  හැටි, දරිද්‍රතාවය   නිසා  දුවට  වෙන  අඩුපාඩු  ගැන  හිතලා  දුක්  වෙන  හැටි,  වයසින්  වැඩෙද්දි  තාත්තත්  දුවත් අතර ඇති  වෙන  පරතරය  තාත්තා  කෙනෙක්ට  දුකක්  බව  හරිම සංවේදී  විදියට  සිදුවීම්  ආශ්‍රයෙන්  ලියලා  තියනවා.  පොතේ  මුල්  පිටු  දෙක  කියවන්නත්  කලින්  මගේ  ඇස්  දෙකට කඳුළු පිරුණා.  ඉතින්  හිතා  ගන්න  පුලුවන්  නේද  මුළු  පොතම  කියවද්දි  කොහොමට  තියෙන්න  ඇත්ද  කියලා.

ගොඩක්  දෙනෙක් තාත්තලා  ගැන  නොහිතන  නොදකින  පැත්තක්  මේ  පොතෙන්  ලස්සනට  පෙන්නලා  දෙනවා.  මමනම්  හිතන්නේ  හැම  දුවෙක්  විසින්ම  කියවිය  යුතු  පොතක්  කියලයි  (පුතාලටත්  කියෙව්වට  වරදක්  නැහැ  :).  මේ  දෙවල්  හැම  තාත්තා  කෙනෙක්ටම  පොදුයි.   තාත්තලා හැගීම් ප්‍රකාශ  කිරීමේ  දක්‍ෂයෝ   නෙමෙයි  (මගේ  තාත්තත්  එහෙමයි).  ඒත්  එයාලගෙ  හිත්  ඇතුලේ  මොන  තරම්  සිතුවිලි  ගොඩක්  හිර  කරගෙන  ඉන්නවා  ඇත්ද?

මේ  පොතේ  කතෘ  "මහේෂ්  රත්සර  මද්දුමආරච්චි".  පොතේ  පිදුම  තියෙන්නේ  මද්දුමාරච්චිගෙ බිරිඳට. ඒක  කෙලින්ම  කියලා  නැහැ.  බලන්න  කියලා  තියන  හැටි, 

"නුඹ මගේ දරුවාට කුස යහන නොතැනුවානම්
කොයින්ද  මේ  තරම් සොඳුරු ආදරණීය  සිතුවිලි...."

ඉතින්  පොතේ  අන්තර්ගතය  කොයි  තරම්  ලස්සන  වෙන්න  ඕනද?

"පුන්චි  දවස්වල  නින්දට  යද්දී"  සින්දුව  කොයි  තරම්  සොඳුරුයි ද  සංවේදීයි ද   මේ  පොතත්  ඒ  තරමටම  සොඳුරුයි  සංවේදීයි..... සමහරවිට  ඊටත්  වඩා....

37 comments:

  1. පොත නම් ලස්සන ඇති. හොයාගෙන බලන්න වටිනවා.
    මහේශ් ලියන ගොඩක් පොත් ලස්සනයි.

    ReplyDelete
  2. @මධුරංග : ඔව් :) අනිත් පොතුත් මේ වගේ ලස්සන ඇති....

    ReplyDelete
  3. මම් කියවලා නම් නෑ ඒත් ලස්සනයි වගේ පේනවා.

    plz rmv the word verification.:)

    ReplyDelete
  4. @නදී : ඔව් කියවලම බලන්නකෝ.......ඔන්න අයින් කළා :) ස්තුතියි මතක් කරාට....

    ReplyDelete
  5. මේ පොත ගැන මම දැන ගත්තෙ අදයි... ස්තූතියි සයුරි අක්කේ..

    ReplyDelete
  6. අනේ...මංචිටත් හිතුන කියවල බලන්න... ඒත් ඉතින් වසීලීස්සගෙ රටින් කොහෙන් හොයන්නද...''හැම තාත්තෙකුගේම සිතුවිලි'' :((

    ReplyDelete
  7. @විසිතුරු : ඔයත් කියවල බලන්නකෝ...

    @මකුළු පැංචි : දුක තමයි :( ඒත් ඉතින් වසිලිස්සගේ රටේ ඕන තරම් ලස්සන කතා පොත් තියනවනේ :))

    ReplyDelete
  8. මම ඔය පොත කියෙව්වේ 12 වසරේ ඉගෙන ගනිද්දි.මිස් කෙනෙක් ලග තිබිලා. එදා මම මගේ දින පොතේ මෙහෙම ලිව්වා.

    "අද මම මගේ ජීවිතේ කියවපු ලස්සනම කතා පොත කියෙව්වා.ඒක මහේෂ් සත්සර මද්දුම ආරච්චි කියන පුදුමාකාර තාත්තෙක් අතින් ලියවුනු එකක්. ඒ පොතේ එක තැනක තිබුනා "ඔයා හොදයි හැම පිරිමියෙක්ටම වඩා හැබැයි මගේ තාත්තා තරමටම නම් නෙවෙයි." හැබැයි මේක ඇත්තක් නම් මං ඒ ඇත්ත පිළිගන්න කොහොමටවත් කැමති නෑ.
    ඒ පොතේ තව තැනක තිබුනා "පනින තුරැ එළිපත්ත මග බලන නිදිවරන අම්මේ ඔය ඇස් දෙකට තවම මම ආදරෙයි" "වැටුනත් නළලතට ඉදුනු කෙස් ගස් දෙකක් හැමදාම සින්දරයි දෙබැම යට ඔබේ දෙනෙත්"

    මේ හැමදෙයක්ම මං මතකෙන් ලිව්වේ මොකද ඒ දින ‍පොතත් ගමේ ගෙදර ඇත්තේ. ඒ තරම්ම මට මේ පොත පුදුම තරම් හිතට වැදුනා. පොත කියවලා තිබුනත් ලග තියා ගන්න මේ පොත මං හොයනවා. සරසවි එකේ තියෙනවා කියලා යාළුවෙක් කිව්වා. මමත් ප්‍රාර්ථනා කරන්නේ මේ පොතේ ඉන්න තාත්තා වගේ තාත්තෙක් මට ලබන ආත්මෙවත් ලැබෙනන් කියලා.

    ReplyDelete
  9. ඔව් බට්ටි මමත් හිතන්නෙ මේ මගේ ජීවිතේට කියවපු ලස්සනම පොතක් කියලයි...පොතක් කියවලා ඇඩුවනම් ඒ මේ පොතට විතරයි...ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙයි බට්ටි...

    ReplyDelete
  10. හොද පොතක් වගේ.....
    ස්තුති..........
    කියවලා බලන්න ඕන...

    ReplyDelete
  11. ඔව් කියවලම බලන්නකෝ.....

    ReplyDelete
  12. ලංකාවෙත් Audio Book කරන්න හදනවලු කස්ටියක්...තාම ලයිසන් කේස් එකක්ලු ..වැඩේ අතරමග නැවතිලා...පොත් කියවන්න කම්මැල් (මං වගේ ) අයටනං එළ එහෙම එකක්වත් තිබ්බනං ...

    ReplyDelete
  13. @ඔබ නොදු‍ටු ලොවක් : ආ ඒකනම් හොඳ වැඩක වගේ..හැබැයි අහන එක කියවනවා වගේ සාර්ථක වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  14. දැනට හොයාගෙන තියෙන සාර්ථකම ක්‍රමයක්...ලෝකේ අනික් රටවලනං දන්න විදියට ගොඩක් සාර්ථකයි....

    ReplyDelete
  15. හොඳ ආරංචියක් එහෙනම්....

    ReplyDelete
  16. උදයංග ලක්මාල්October 28, 2011 at 10:47 PM

    ඔව්.. ගොඩක් හොඳ පොතක් වගේ. මම මේ පොත ගැන අහලා තියෙනවා. ඒත් තාම කියවන්න නම් බැරි උනා. ඉක්මනට හොයා ගෙන කියවන්න ඕනේ.

    අපිට තාත්තගේ ආදරේ අම්මාගේ ආදරේ වගේ දකින්න බෑ. ගොඩක් වෙලාවට තාත්තලා හිත ඇතුලේ තමයි ආදරේ හිරකර ගෙන ඉන්නේ.

    ReplyDelete
  17. @උදයංග : ඒක ඇත්ත..හිතේ තියන විදියටම ආදරේ පෙන්නන තාත්තලා ඉන්නේ හරිම කලාතුරකින්...එහෙම හිර කරගෙන ඉන්න එකත් අමාරු වැඩක් වෙන්න ඇති...

    ReplyDelete
  18. හොයන්න දන ඉදලම පටන් ගන්න ඕනා පොත.. මගේ තාත්තා ත් මන ගැන එහෙම හිතලා ඇති,, ඒ ගැන අහන්න අද මගේ තාත්තා මගේ ලග නැහැ.

    ReplyDelete
  19. පොතේ නම මොකක්ද අක්කා?

    ReplyDelete
  20. @ වර්ණා : ඔයා කැමතිනම් විතරක් හොයා ගෙන කියවන්න නංගා...ඒක ගොඩක්ම සංවේදී නිසා...පොතේ නම "හැම තාත්තෙකුගේම සිතුවිලි"

    ReplyDelete
  21. ඔයා හොදයි
    හැම පිරිමියෙකුටම වඩා...
    හැබැයි මගේ තාත්තා තරමට නම් නෙමෙයි..

    ReplyDelete
  22. කියෙව්වා මම , කියවල අහවර වෙද්දී ලක්සපාරකට වඩා ඇස් තෙත් උනා...

    ReplyDelete
  23. @ වර්ණා : සතුටුයි ඔයා පොත කියවපු එක ගැන...ඔව් මටත් හොඳටම ඇඩුනා ඒක කියවද්දි

    ReplyDelete
  24. මමත් කියෙව්වා මේ පොත. පුදුම හැගුම්බර පොතක්. හැම දියණියක්ටම කියවන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා කියලා මට දැනෙනවා. ඇත්තටම පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි තමයි..

    ReplyDelete
  25. @ harshi : ඔව් හර්ෂි..හැම දියණියකටම කියවන්න හොඳ පොතක්...හර්ෂි මුලින්ම මෙහෙ ආවේ අද නේද..සාදරයෙන් පිලිගන්නවා...ස්තුතියි...

    ReplyDelete
  26. මන් මගේ තාත්ත ගැන ගොඩක් EK එකේ දාල තියෙනවා..
    මාව අවුරුදු 3 විතර හැම තත්පරෙකම ජීවත් කලේ එයා.
    මන් වැඩිය කියන්නේ නාහ්හ් දැන් මේ දේවල් ..මට මහන්සියි dr ..
    ඔයාගේ බ්ලොග් එක මම එකදිගට කියවගෙන යන්න ගත්ත.

    ReplyDelete
    Replies
    1. EK කිව්වේ එළකිරි එකද? හ්ම්ම්..දුක හිතෙන මතකයක් නම් ඒ ගැන අහන්නේ නැතුව ඉන්නම්.

      Delete

    2. ඔව් එළකිරි එක තමා සයුරි .දුක හිතිලා ඉවරයි අමතක
      නැති කම මිසක් ..කමක් නැහැ එහෙම හරි එයා හිටපු එක
      ඇති ..ඒත් ...
      අනේ මන්ද ඕනේ නැහැ . වැඩ ඇතිනේ .........

      Delete
  27. තාත්තා කියන චරිතය ගැන අත්දැකීම් එකතු කරලා මමත් ලිව්වා ලියුමක්,98%ක්ම අත්දැකීම් කිව්වොත් මම හරි. මේ පාරෙන් ඇවිත් කියවලා බලන්නකෝ..

    http://karuugesithroo.blogspot.com/2013/05/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. අල්තයීර් සාදරයෙන් පිලිගන්නවා මෙහාට..මේ ලිපිය කියවල බලන්නම්කෝ..

      Delete
  28. මම මේ පොත ගැන දැන ගත්තු දවසෙ ඉඳන් අවුරුදු ගානක් තිස්සේ හෙව්වා. මේ ඊයේ පෙරේදා තමයි යාලුවෙක් කියවන්න කියලා දුන්නේ, "හැම තාතෙකුගේම සිතුවිලි " අනිවාර්යයෙන්ම දියණිවරුන්ගේ අත් පොතක් වෙන්න ඕන. පුතාලාට මේ කතාව හරියටම දැනෙන්නේ එයල තාත්තලා වුනාට පස්සේ . මේ පොත මම කියවද්දි පිටු 3න් 3නට වගේ කඳුළු පිහදැම්මා. කියන්න බැරි තරම් ලස්සනයි. සංවේදී.. පොත එක හුස්මට කියෙව්වෙ නැත්තෙ මං පපුවෙ අමාරුවක් වත් හැදෙයි කියලා බයට , ඒ තරමටම දැනෙනවා. මේ අන්තිම වාක්‍ය මහේෂ් රත්සර ඔබට..... මට කකුල් දෙක ඉඹලා වඳින්න පුලුවන් තරමේ ඔයා හොඳ තාත්තෙක්, මගේ තාත්තා වගේම...

    ReplyDelete
    Replies
    1. ඔව් දුලානි..මේ පොත හිතට දැනෙන්නේ නැති දුවෙක් ඉන්න විදිහක් නැහැ. බොහොම ස්තුතියි කමෙන්ටුවක් දාලා ගියාට.

      Delete
  29. mata me potha ganna thenak kiyanna.2008 idan mn me potha hoyannee

    ReplyDelete
  30. mata me potha ganna thenak kiyanna.2008 idan mn me potha hoyannee

    ReplyDelete
  31. Mt me potha ganna thenak kiyanna.2008 idn mn me potha hoyannee..pls

    ReplyDelete
  32. Mt me potha ganna thenak kiyanna.2008 idn mn me potha hoyannee..pls

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...