Saturday, September 24, 2011

"ය ව හ න්" දෝෂය


හැමදාම කවි ගැන ලියන එක හරිද මන්දා...ඒ වුනත් අපේ සාහිත්‍ය ට ලැදි අනාගත පරම්පරාවට වත් වැදගත් උනොත් කියලා ඔන්න ඔහේ ලියලා තියන්න හිතුවා. අපි නැති කාලෙක හරි වැඩක් ගත්තොත් ලොකු දෙයක්නේ :)

මම නොතේරෙන කවි ලිපියෙදි කිව්ව නේ ඉස්සර මගේ කවි බලපු ඕඩියන්ස් එක ගැන big grin . ඒත් එක්කෙනෙක් අඩුයි එතන.   ඒ තමයි අපේ තාත්තා. තාත්තගෙ ප්‍රතිචාර ලේසියෙන් ලියන්න බැරි නිසා ලිව්වේ නැහැ. මේ ලිපියෙන් කියන්න යන්නේ එයින් එක ප්‍රතිචාරයක් ගැන.

ඔන්න මේ තියෙන්නෙ මම ලියපු කවියක් (ඔරිජිනල් කවියනම් දැන් මතක නැහැ...ඒත් ගොඩක් දුරට මේ වගේ තමයි :)

එන සැඩ සුළගින් ගං දිය සැලු               නෙන් 
කැළඹුණු ලෙසකින් පිහිනයි රළ              මින් 
හැරි හැරි බලමින් යයි හිරු  හඬ               මින් 
හිනැහුණු අහසම පුරවා අඳු                   රෙන්


ඔයාලට මේ කවියේ මුකුත් වැරැද්දක පේනවද? අපේ තාත්තටනම් පෙනුනා....

යවහන් දෝෂය hypnotized 
ඈ.. ඒ මොකක්ද?

මෙන්න මේකයි යවහන් දෝෂය කියන්නේ. කවි පද හතරේ  අග අකුරු  සාමාන්‍යයෙන් එකම අකුරක්‌ බව හැමෝම දන්න දෙයක්නේ. මේ කියන දෝෂය අදාළ වෙන්නේ අග අකුර මෙන්න මේ අකුරු හතරෙන් එකක් උනොත් තමයි - ය ව හ න්

මම ඔය උඩින් දාලා තියන කවියත් ඔය වර්ගෙට වැටෙන කවියක් (අග අකුර හල් 'න' යන්න නිසා). දැන් බලමු යවහන් දෝෂය තියද කියලා බලන හැටි. නීතිය තමයි ඔය වර්ගයේ කවියක අග අකුරු හතරට කලින් තියන අකුරු හතරත් එක සමාන වෙන්න ඕනලු. එහෙම නැත්නම් තමයි යවහන් දෝෂය තියනවා කියන්නෙ. දැන් බලන්න මගේ කවියේ ඔය දෝෂය තියනවා. අග අකුරු වලට ඉස්සරහ අකුරු(නෙ, මි, මි, රෙ) එක සමාන නැති නිසා.

පද හතර එහෙ මෙහෙ කරලා ඔය දෝෂෙ ඇර ගන්නත් පුළුවන් මේ විදියට.

ගං දිය සැලුනෙන්  සැඩ නල සිඹි      මින් 
කැළඹුණු ලෙසකින් පිහිනයි රළ      මින් 
හැරි හැරි බලමින් යයි හිරු  හඬ       මින්
අඳුරුයි අහසම පල නැත වැනු          මින්   

 big grin
මම හිතන්නෙ අපිටනම් මේක නීතියකට වඩා රීතියක්. හැබැයි හරියට කවි ලියනවනම් මේක නීතියක් වෙන්න ඇති. මම ඉතින් සැළලිහිණිය, ගුත්තිලය, සුභාෂිතය වගේ පොත් වල බැලුවා වැරදිලාවත් මේ දෝෂය තියන කවියක් තියද කියලා. එකක්වත් හම්බ උනේ නැහැ...මටත් පිස්සුනේ ඉතින් සිංහලේ මහා කිවිවරුන්ගේ කෘති වල යවහන් දෝෂ තියනවද හොයන්න straight face  

61 comments:

  1. හරිම වටින ලිපියක් අක්කේ...හරිම ආඩම්බරයි ඔයා මේ වගේ ලිපියක් ලියන්න හිතපු එක ගැන පවා..ඇත්තෙන්ම අද කවි ලියන අයගෙන් කීයෙන් කීදෙනෙක් ඕක දන්නවද කියන්න නම් මම දන්නෙ නෑ...අඩුගානේ අහලවත් තිබුණද මංදා..අද ඉන්නෙ සිංහලේ නණ ලළ භේදයත් තමන්ට ලේසි වෙන විදිහට අතුගාලා දාන්න දඟලන කවියො රෑනක්නෙ..(ඔක්කොම නෙවෙයි..සමහරෙක්...)

    ReplyDelete
  2. ස්තුතියි මංචි නංගෝ...කවුරු හරි මේවායින් වැඩක් ගන්නවනම් එක තමයි මගේ සතුටත්..

    මම බැලුවා කවුද මේ වෙලාවේ ඇහැරල ඉන්නේ කියලා..බලනකොට වසිලිස්සගේ රටෙන් නේ :)) (ලංකාවේ යාලුවෝ ගොරවනවා ඇති මේ වෙලාවේ :D)

    ReplyDelete
  3. මෙන්න මගෙනුත් කවිය ගැන යමක්...

    වෑත්තෑවෙ හිමියන් ගුත්තිලය අරඹන්නෙ වායු ගණයෙන්. ඒ වායු ගණයෙන් කවි අරඹන අයට අනිවාර්යයෙන්ම වෙනත් රටකට යන්න සිදු වෙනවාලු. වෑත්තෑවේ හිමියන්ටත් ඒ අනුව නැව් නැඟ ඉන්දියාවට යන්න සිදු වුණා.

    මට මතක හැටියට ගුත්තිලය ඇරඹෙන්නෙ "සිය පින් සිරිත් සරු.. " කවියෙන්

    ReplyDelete
  4. @විසිතුරු : මමත් අහල තියනවා ඔය කතාව..වෑත්තෑවේ හිමි රාහුල හිමිට ගුත්තිලය පිළිගැන්නුවාම තමයි කියලා තියෙන්නේ රටෙත් නොයිද යන්න වෙයි කියලා...කවියකින්ලු එකත් කිව්වේ..

    වායු ඝණය = දෙලඝු ගුරු (ලඝු අකුරු දෙකයි ගුරු අකුරයි)..මේ සංයෝගයෙන් කෘතියක් පටන් ගන්න කොහෙත්ම හොඳ නැහැලු..

    ReplyDelete
  5. මමත් අහලා නම් තියෙනවා යවහන් දෝශය ගැන, ඒත් ඒ දෝශය මඟ හරවගෙන කවියක් ලියන්න නම් තාම මට බැරි වුනා. ගොඩාක්ම වටින ලිපියක් අක්කේ..

    ReplyDelete
  6. ස්තුතියි ප්‍රර්ථනා...කවියේ වචන ටිකක් එහෙ මෙහෙ කරලා, සමාන තේරුම් තියන වෙනත් වචන දාලා බලන්නකෝ..ඔයාට බැරි වෙන්නේ නැහැ.

    ReplyDelete
  7. කිරිඅම්මේ !!! මම් අදමයි මේ දෝශය ගැන ඇහුවේ. මම නම් කවි ලියන්න දන්නේ නැති හන්දා ප්‍රශ්නයක් නෑ. අක්කලෑ අප්පච්චිට අක්කා ලියන කවි තේරුම් ගන්න පුලුවන් උනාද ?

    වෙනදා වගේම කවිය නම් ලස්සනයි. අක්කා පෝස්ට් එකට අදාල ස්මයිලීස් ලා නම් මරු. පෝස්ට් එකත් එක්කම ඒවා බලාගෙන ගියාම හිනා වෙලාම මලෑකී. :)

    ReplyDelete
  8. මම අදමයි ඔහොම දෙයක් ඇහුවේ අක්කේ. ගොඩක් වැදගත් දැන ගත්ත එක. ඒත් එහෙම ලියන එක නම් හරි අමාරුයි නේද?

    භාෂාව වරද්දන්නෙ නැතුව ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒත් ඉතින් අපි සිංහල උපාධිය කරලා නෑ නේ. ඒක නිසා ඉතින් වැරදි නම් ඕන තරම් වෙනවා ඇති.

    ReplyDelete
  9. අප්පේ අද තමයි මෙහෙම එකක් ඇහුවේ අක්කේ..හැබැයි අලුතින් කවි ලියන ගොඩක් අයට ඕවා ප්‍රශ්නයක් නෙවයි අක්කියෝ..මංචි කියපු කතාවට මාත් එකගයි..ලියන අයගේ වාසියට නේ දැන් ව්‍යාකරණ හදාගන්නෙත්..

    ReplyDelete
  10. හරිම වටින ලිපියක්.. මම නම් ඉතින් ඔය කවි ලියන්න දන්නේ නෑ නේ.. ඒ හින්දා අවුලක් නෑ ලු.. :P

    ReplyDelete
  11. @මධුරංග : අම්මෝ අපි නොදන්නවයැ ඔයා කවි ලියන්න දන්නේ නෑ කියලා ;) හිටිවන කවිත් ලියල තිබුනේ...දෙවියනේ කියලා තාත්තට නම් ටිකක් හරි තේරුණා :ද
    මල්ලි පබ්ලිසිටියක් දීල වගේ පෝස්ට් එකට..බොහොම පින් :)

    ReplyDelete
  12. @ කසුන් : ඒක තමයි මල්ලි, සිංහල හරියට නොදැන කවි ලියන ඒක හරිම අමාරුයි...වෙලාවකට මගේ කවි බලලා තාත්තා කියනවා මෙහෙම සිංහල වචන භාෂාවේ නෑ කියලා :D

    @චම්මා : ඒක ඇත්ත මල්ලි...මේ නීති හැදෙන්න ඇත්තෙන් තේරුමක් ඇතුව..මට හිතෙනවා මුල් කවියට වඩා දෙවනි කවියේ ලස්සනක් තියනවා කියලා..

    @චතු මිතු : හි හි...ඔයත් මධුරංගගේ ජාතියේද දන්නේ නැහැ :D

    ReplyDelete
  13. මධුරංග නම් හිටගෙන හරි කවි කියනවා..:D එත් මට බෑ..:( මොනවා වුනත් අපේ සුහද මිත්‍රයා ඔය මදුරුවා..:P එයා බ්ලොග් ලින්ක් එක දාලා තිබුණ හින්දයි මාත් මේ පැත්තේ ආවේ..:)

    ReplyDelete
  14. අනේ පව් එයාට මදුරුවා කියලද කියන්නේ..හි හි..ඔව් මම හිතන්නෙ ගොඩක් අය මේ පැත්තේ ආවේ මධුරංගගේ ලින්ක් එක දැකලා තමයි :)

    ReplyDelete
  15. මට ඇල්ලුවෙ නැතිම පිරියඩ් එකක් තමයි, ඉස්කොලේ සිංහල පිරියඩ් එක...
    මම දැන් තමයි ඔකත් ඉගෙන ගත්තේ...... යවහන් දෝෂය....

    ReplyDelete
  16. @සයූරි අක්කා :
    මට කවුරුත් මදුරුවා කියලා කියන්නේ නෑ ඔය ච්තුවා ඇරෙන්න. ආහ්... අක්කට අමතක උන හන්දා මම් ලින්ක් එක දැම්මා.

    @චතූ :
    අහුවෙයකෝ. මට ප්‍රසිද්ධියේ අපහාස කරලා !!!!

    ReplyDelete
  17. @රහස් පරික්ෂකයා : අප්පා..මටත් ඉස්සර එහෙමයි..කවි ලිවුවට සිංහල දන්නේ නැහැ..දැන් ඉතින් කෝච්චිය ගිහින්

    @මධුරංග : එකනේ..තාම මට ඕවා මිටර් වෙලා නැහැ නේ..අමතක වෙනවා ඉතින්

    චතු ඔන්න හැංගෙන්නෝ... :D

    ReplyDelete
  18. අපිටත් ඔව්ව ඉගැන්නුවා තමයි . ඒ වුනාට ඔය නීති වලට යටත් වෙලා ලියන්න මට නම් බැහැ . අනික දැන් මතකත් නැහැ .හැබැයි ඉගෙන ගෙන තිබ්බට නම් වරදක් නැහැ .ලියන දේ මිහිරි නම් එච්චරයි . අපි සඳස් නිසදැස් ගැන තද බල වාදයක් කළා [ මන් නම් කලේ ගින්න අවුලපු එක විතරයි. මගේ බ්ලොග් එකේ පරණ පොස්ට් එකක් ඇති . ''කටුරොද ගම ''කියල . සතුටුයි කවි ලියන කෙනෙක් අඳුර ගත්තට

    ReplyDelete
  19. ඔව්..මේවා ඉතින් පරණ සිංහල කවින් ගේ නිති නේ..මට හිතෙන්නේ කවි වඩාත් මිහිරි වෙන විදියට තමයි මේ නිති හැදිලා තියෙන්නේ...

    අනේ අපිට මේවා ඉස්කෝලෙදි ඉගැන්නුවේ නැහැනේ :(

    අනිවාර්යෙන්ම එනවා ඒ වාදේ බලන්න :) අක්කව අදුර ගත්තටත් සතුටුයි..ස්තුතියි මේ පැත්තේ ආවට...මමත් නෙළුම් විලට එනවා දිගටම..

    ReplyDelete
  20. අක්කා නම් සැබෑම කවි කාරියක්... මේ පෝස්ට් එක දාපු එක ගැනනම් පින්.. ඒ මොකද මට උනත් ඉස්සරහට මේ දැනුම වැදගත් වෙනවා...

    ReplyDelete
  21. @දිනේෂ් : බොහොම ස්තුතියි මල්ලි...ඔයා කවි ගැන හැදෑරීමක් කරන්න යනවා වගේ ඉස්සරහට :))

    ReplyDelete
  22. මමනං කවි ගැන වැඩිය දන්නෙ නෑ ...මේ යවහන් සීන් එක දන්නෙත් දැං......

    ReplyDelete
  23. අගේ ඇති ලිපියක්. මේ දැනමුතුකම් බොහොම වටී !!

    ReplyDelete
  24. @ඔබ නොදු‍ටු ලොවක්: හ්ම් මේකනම් ටිකක් අප්‍රසිද්ධ නීතියක් තමයි..:)

    @රසික : ස්තුතියි...ඒක තමයි මගේ සතුට :)

    ReplyDelete
  25. සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්


    අයියනායක කවි පන්තිය - විමලරත්න කුමාරගම

    අන්න දැක්කද ඒ කවියේ යවහන් දොස නසලා තියෙන හැටි

    ReplyDelete
  26. දාර දෙකක් එක මැද එක ගැවසීය
    වටපිට යන කලට කණු හතරෙන් යාය
    ගෙට ගිය කළට කිසි බියකුත් නැතුවාය
    මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය

    මෙන්නෝ අන්දරේ යවහන් නසා නැත

    ReplyDelete
  27. බොහොම ස්තුතියි චානක..මේ කවි දෙක මතක් කරලා දුන්නට...ඒක හරි, අපේ ජන කවි වගේ සාමාන්‍ය මිනිසුන්ගෙන් නිමවෙන කවි වල මේ දෝෂ වැඩිය ගනන් ගන්නේ නැහැ වගේ...ඒත් සම්භාව්‍ය කෘති වලනම් මේවා තිබුනොත් පුදුමයක්...

    ගුත්තිල කාව්‍යයෙන් උදාහරණයක්‌...

    රැගත් සුරා පිරූ විතින්
    සුරත් තඹුරු පෙති සෙ නෙතින්
    පුවත් නොදැන බමන ගතින්
    නටත් අයෙක් සුරා මතින්

    වෑත්තෑවේ හිමි යවහන් නසා ඇත :)

    ReplyDelete
  28. සිය පින් සිරින් සරු

    කියා වායු ගණයෙන් ලියා රටින් පිට වෙන්න වුණානෙ

    ReplyDelete
  29. ඔව් ලු නේ..අනේ මට දැන් මතක නැහැ නේ ඔය වායු ඝනය දැකපු වෙලාවේ රාහුල හාමුදුරුවෝ වෑත්තෑවේ හාමුදුරුවන්ට කියපු කවිය...

    ReplyDelete
  30. "වෑවැත්තේ මේ වැත්තේ නැව් නගිද්දැ" කීවලු අකුරු වරද්දා දොස් යන්න.

    ReplyDelete
  31. ආ ඔය තියෙන්නේ...බොහොම පින් චානක..

    ReplyDelete
  32. උදයංග ලක්මාල්October 30, 2011 at 8:54 AM

    මමත් ඔය දෝෂය ගැන අහල තියෙනවා වගේ මතකයි... ඒත් අද තමයි හරියටම දැන ගත්තේ... කොහෙද ඉතින්... O/L වලට සිංහල කලා මිසක් A/L වලට සිංහල කලේ නෑනේ... ඔයාට ගොඩක් ස්තූතියි මේ ගැන කියල දුන්නට....

    ReplyDelete
  33. @උදයංග : මාත් ඉතින් සිංහල කලේ O/L වලට විතරයි..ඒක නිසා මේ වගේ දේවල් ඉස්කෝලෙදි ඉගන ගන්න චාන්ස් එකක් ලැබුනේ නැහැ...දැන් උනත් ඉගන ගන්න තියනවනම් හොඳයි...

    ReplyDelete
  34. පිස්සු හැදෙන සඳ කිව්වලු කවි ලියන එකත් ලේසි පාඩු වැඩක් නෙමෙයි එහෙම බල්ද්දී :)) ස්තුතියි අක්කේ වටිනා කියන කතාවක් දැනගත්තේ

    ReplyDelete
  35. @ හසිත : ඒක නේන්නං :) බොහොම ස්තුතියි කමෙන්ටුවට...

    ReplyDelete
  36. මම මේ ගැන අහලා තිබුණා දැනුයි සීන් එක මීටර් වුනේ ස්තූතියි ඈ මේ දවස් ටිකේ කවි වගයක් පෝස්ට් කරලා හිටියේ මේක කලින් හම්බුනානම් සෑහෙන්න වැදගත්...ජය වේවා

    ReplyDelete
  37. @ ගැමියාගේ පත් ඉරුව: ආ නියමයිනේ...මමත් එනවා ඔයාගේ කවි බලන්න...

    ReplyDelete
    Replies
    1. දෙපාරක් එන්න උනානේ අප්පා මේක ඉගෙන ගන්න... අනිච්චේ දුක්කේ ආයෙ සැරයක් ස්තූති කරලම යනවා ඉතින්

      Delete
  38. සයුරි, ඔයාගෙ රාජාවලියෙ ලිපියක් දැකලා දවසක් මේ පැත්තේ ඇවිත් ගියා, පස්සෙ වෙලාවක ලිපි පෙළම කියවන්න හිතාගෙන. අද ආවෙ ඒකට. ඒත් ආවහම හිතුණා රාජාවලියෙ ලිපි ටික විතරක් නෙවෙයි මුල ඉඳන් ඔක්කොම කියවන්න ඕනෙ කියලා. හරිම වටින ලිපියක් සයුරි. බැරි මරගාතේ කවියක් දෙකක් ගැට ගහගත්තට මේ ය ව හ න් දෝෂ, වායු ඝනය ගැන අවබෝධයක් තිබ්බෙ නෑ මට. ගොඩාක් ස්තූතියි මේ දේවල් අපිට කියලා දුන්නට.

    ඇත්තමයි මේ හැම දෙයක්ම ඉස්සර ඉඳලා පැවතගෙන ඇවිත් තියෙන්නේ තේරුමක් ඇතුව කියලා ඔයාගෙ කවි දෙකෙන්ම හොඳටම තේරෙනවා. පළවෙනි කවියේ නැති ලස්සනක්, පහසුවක් දෙවෙනි කවියේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් "සිත්තමට නැගෙනා කවි පොත" බොහොම ආදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. ඇත්තටම හරිම සතුටුයි මේ දේවල් වලට ආස කරන ඔයාලා වගේ අය ඉන්න එක ගැන. රාජාවලියත් දිගටම යනවා. ඒ පැත්තෙත් එන්නකෝ එහෙනම් :)

      ඔයාට කවි දෙකේ වෙනස තේරිලා තියනවා. හොඳ කවි කාරයෙක් /කාරියක් වගේ. මාත් එනවා ඒ පැත්තේ කවි බලලා යන්න. බොහොම ස්තුතියි සටහනක් තියලා ගියාට...

      Delete
    2. ආ...ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න බැහැ නේ :(

      Delete
    3. එහෙනම් ඔයා තමයි "සිත්තමී" කියන්නේ :) සතුටුයි අඳුර ගන්න ලැබුනට. ඔයාගේ දෙවැනි කමෙන්ට් එක පෙන්නන්නේ නැත්තේ ඇයි කියලා දන්නේ නෑ. කොහොම උනත් දීපු ලින්ක් එකටත් ස්තුතියි.

      Delete
  39. ඇයි බොලේ මම පබ්ලිශ් කරපු වෙලාවෙ ඒක මෙතන පෙන්නුවනෙ. මගෙ ලියුම් පෙට්ටියටත් ආවා ඒක පහන් යායෙ වැටුනා කියලා. ඉන්ඩකො, ආයෙ ඒක එහෙමම දාන්නම් ලියුම් පෙට්ටියෙන් කොපි කරන් ඇවිත්.

    "ඔව් සයුරි, මම දැන් මගේ බ්ලොග් එකක් ලියන්නෙ නෑ. ඒත් තාම කවි කතන්දර ලියනවා අනිත් අයගෙ බ්ලොග් වල කමෙන්ට් හැටියට. පොඩි කුමාරිහාමිගෙ වලව්ව පැත්තෙ, රන්දි අක්කයි, රවි අයියයි ලියන නිදහස් සිතුවිලි වල එහෙම මම කමෙන්ට් වල කවි ලියලා ඇති.

    ඔයාගෙ වටින ලිපිය නිසාම මට තවත් මේ ගැන හොයන්න හිතුණා. මේ එතකොට මට මේ ගැන ලිපි පෙළක්ම හම්බ උනා. මෙතන ඒක බෙදාගත්තට කමක් නෑ නේද? චතුර විජේකෝන් සොයුරා ලියන හද පතුල. මේ ඒ ලිපි පෙළේ දැනට දාලා තියෙන අවසන් ලිපිය.

    කවි හදන හැටි - 9 (කාව්‍ය ශෛලීන්)"


    /*එහෙනම් ඔයා තමයි "සිත්තමී" කියන්නේ*/

    ඔව්, ඔව්, ඒ මං තමයි. මගේ නම දිග වැඩි හන්දා පොඩි කුමාරිහමි මට දීපු නම නෙව ඒ. :D :D :D

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ සිත්තමී කමෙන්ටුව ආපහු දැම්මට :D. පොඩ්ඩි දාපු නමට මගෙත් මනාපය :)

      Delete
  40. මේ දෝෂය මොකක් ද කියල තමයි මම හොයමින් හිටියෙ.. ඒ දෝෂය මගේ කවියක තියෙනව කියල කිව්වෙ නලීන් දිල්රුක්ෂ (http://samakayawate.blogspot.com) අයිය ... ඊට පස්සෙ මම මේක හෙවුව.. මට ඔයාගේ පෝස්ට් එක ලොකු උදවුවක් උනා..
    ස්තුතියි !!
    ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. ඔයාට මේකෙන් වැඩක් උන එක මට සතුටක්. ස්තුතියි නිපුන.

      Delete
  41. මගේ කලින් පොස්ට් එක delete කරන්න .
    සාහිත්‍යට භාෂාවට රීති තියෙන එක හරි සුන්දරයි .
    මන් නම් හිතන්නේ එහෙමයි.ඒ සුන්දර කම නිසා තමයි
    සුන්දර කමෙන් එහාට මිසක් මෙහාට දෙයක් බිහි වෙන එකෙන්
    නවතින්නේ...සිංහල භාෂාවේ ඒ රීති වලින් හරියටම සුන්දරත්වයෙන්
    එහාට ගියපු දෙයක් ගුත්තිලය වගේ දේවල්..
    හැබැයි ඒ රීති එක්ක හරි හරියට යන්න අමාරු නම් ( ඔයාට නෙවේ හොදද )
    රීති රකින්න නොයා තමන්ගේ සීමාවෙන් දෙයක් දෙන එක තමයි
    වැදගත් බැරි සිල් නොගන්නවට වඩා.හැබැයි අර රීති
    හිතේ තියාගෙන ඉන්න ඕන.මන් නම් කවි තියා මොන දෙයක් වත්
    දන්නේ නැහැ , ඒත් ඔහේ විකාර දානව..:D
    අපි වගේ අයට විකාර නටන්න ඉඩ තියන්න එපා dr ,
    දිගටම අර විදිහෙම කවි ලියන්න..දිගටමලියන්න.
    හිතට එන ඕනෑම දෙයක් ගැන ලියන්න..
    ඒ හැම දේම දාන්න තේරුමත් එක්ක..ඔතොකොට මේකේ
    හැබෑම රස තේරෙයි හැමෝටම..

    ReplyDelete
    Replies
    1. ඔන් ඩිලීට් කරා :)

      //සාහිත්‍යට භාෂාවට රීති තියෙන එක හරි සුන්දරයි//
      මටත් එහෙම හිතෙනවා. ඒ රීති නිකමට ආපුවා නෙමෙයිනේ. ඒවායින් නිර්මාණයට ඉහළ සුන්දරත්වයක් ලැබෙනවා ඇති. ඒක වෙන්න ඕන ගුත්තිලය, සැළලිහිණි සංදේශය වගේ ඒවා මේ තරම් සුන්දර.

      //රීති රකින්න නොයා තමන්ගේ සීමාවෙන් දෙයක් දෙන එක තමයි
      වැදගත්//
      මේකත් හරි. රීතියට වැඩ කරේ නෑ කියලා නිර්මාණය නරකයි කියන්න බැහැ. ඔය මොන රීතියක්වත් නොදන්න අය කොයි තරම් ලස්සන නිර්මාණ කරනවද

      බොහොම ස්තුතියි සහන්ට මගේ පරණ ලිපිත් කියවලා මේ දෙන සහයෝගයට.

      Delete
  42. සයුරි ඉස්සර ගුත්තිලේ ලියද්දි ලංකාවේ සාමාන්‍ය මිනිස්සු රීති තියා
    අ ලියන හැටි වත් දැනගෙන හිටියද ? අකුරු ගැන දැනගෙන හිටියේ
    රජතුමයි , රාජ සභාවේ අයයි , හමුදුරුවරුයි රාජ, ඉහලම පැලන්ති
    වල පිරිමි ටිකයි විතරයි..
    හයියෝ මේවා ලියල මොකටද කියල හිතුවනම් මේ ඉන්න ටික දෙනාට
    ( අකුරු සාස්තරේ දන්න පිරිස )අද අපිට ඔහොම එකක් ඉතුරු වෙනවද
    සයුරි ? ඒ නිසා දෙයියනේ කවි ලියන්න ඔයා කිසිම කෙනෙක්ට තේරෙන්න
    ඕන නැහැ .එහෙම තේරෙන අය හොයාගෙන දෙයක් ඉගෙන ගනී අද අපි
    තොටගමුවේ හමුදුවන්ට , වෑත්තෑවේ හාමුදුරුවන්ට පින් දිදී මේවා
    බලල ඉගෙන ගන්නවා වගේ..ඒ නිසා දෙවියනේ කවි ලියන්න ඔයා
    උපතින් ගෙනාව විදිහටම...කාගේවත් උවමනාවට ( ටේස්ට් එකට ) ඔයාගේ ක්‍රමේ
    වෙනස් කරන්න යන්න එපා..

    ටයිප් කරන්න අමාරු නම් කොලේක ලියල ඒක ෆොටෝ එකක්
    විදිහට හරි දාන්න..

    ඒ වගේම දන්නවද ඉස්සර හිටියා කවි කාරියෝ එයාල
    අකුරු සාස්තරේ දන්නේ නැහැ ඒවා කොහේ හරි ලියල
    කාට හරි පෙන්නන්න..අඩුම තරමේ පපුවේ තියෙන හැගීමක්
    වත් කාටවත් නොදැනෙන්න පිට කර ගන්න බැරුව ලත උන..
    අකුරු සාස්තරේ පිහිටියම කවි නොකර ඉන්න එක අපරාදේ මේ පාර .. .........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඔව් නේද? ඒ කාලේ කවි කාරියෝ ගැනනම් ඇත්තටම දුකයි. උපදෙසට ස්තුතියි සහන්. ඒවා වැදගත් වෙන කවුරුහරි අනාගතේ ඉන්න බැරි කමක් නෑ තමයි.

      Delete
  43. වනේ ගිජිඳාය දුටුවොත් වන සාය
    වලේ පණිඳාය වැටුණොත් ඌ කාය
    අතකින් කරවැලකි අතකින් දඬු බෑය
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

    යවහන් නසා නැත

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ තවත් හොඳ උදාහරණයක්

      Delete
    2. මට මේ කවිය දැක්කම කාලෙකට කලින් බලපු මේ පෝස්ට් එක මතක් වුණා. මේ කවියත් කර්තෘ අඥාත එකක් නේද ?

      Delete
    3. ඔව් නේද? මමනම් දන්නේ නෑ කතෘ කෙනෙක් ගැන

      Delete
  44. මේ කවියෙ යවහන් නසන්නට යොදා ඇති දෙවෙනි අකුර ය යන්න . ඒකත් ය ව හ න් වලින් එකක්. එතකොට මේ කවියේ යවහන් දෝෂය දුරු වී ඇතිද , නැතිද ..?

    බඳින බඳින වැර හැර පට කැඩීයන්
    තබන තබන පය ලිස්‌සා වැටී යන්
    කපන කොටන මන්නේ ලේ ගෑවීයන්
    මට රා නුදුන් තෝ ගහමුල වැටීයන්

    ReplyDelete
    Replies
    1. අහා...ඒකනම් හොයල බලන්න වටිනවා. මටනම් කියන්න තියෙන්නේ හරියට නොදනිමි කියලා තමයි. :(

      Delete
    2. ඔය වගේ අවස්තාවක් එන කවියක් හොයද්දි හම්බ වුණා ගුත්තිල කාව්‍යයේ මේ කවිය.

      වනතුරු පටින් දිලිහෙන මනකලාවන්
      සුදුනිලඹරින් සුසැදුණු මිහි කලාවන්
      මිණිමුතු පෙළින් බබළන මේකලාවන්
      දැක දැක ගොසින් ගං හෝ වැලි තලාවන්

      මේ කවියේ අන්තිම අකුර 'න්' ඊට කලින් අකුර 'ව' ඊටත් කලින් අකුරත් සමාන කරල තියෙනවා . 'ලා' අකුර.

      මේ කවියෙත් අග අකුර හා ඊට කලින් අකුර 'යවහන්' සහ ඊටත් කලින් අකුරත් සමාන කර තිබෙනවා.

      සිතා ගෙදොරැ නැති විලසින් අඹුදරුවන්
      නටා ගසා ගොස් එන සැටි රැගෙනැ රුවන්
      අහා! වැරැදුණා කට මගෙ අස’ඳුරුවන්
      පියා නො වේ ඒ. මෙහි එන්නැ පොඩි රුවන්

      වවුලුව - රැපියෙල් තෙන්නකෝන්

      Delete
    3. බොහොම ස්තුතියි චානක මේ ගැන හොයලා විස්තර කිව්වට.

      Delete
  45. ස්තුතියි දැන්වත් කිරීම ගැන

    ReplyDelete
  46. හැමෝටම තෙරුවන් සරණයි ඔයාලා හුඟක් වටින දේවල් දාලා මම ඒ හැමදේම අරං ස්ක්‍රිප්ට් එකක් ලියනවා කමක් නැද්ද.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...