Friday, September 30, 2011

කුණාටු වලට නම් දෙන හැටි



හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුන්ට "සුළි කුණාටු" එහෙම නැත්නම් "ටෝර්නේඩෝ" කියන්නේ එයාලට තියන ලොකුම ජීවිත තර්ජන වලින් එකක්. ඕනම වෙලාවක සයිරන් සද්දයක් ඇහුනොත් basement වලට දුවන්න බලාගෙන තමයි එයාලා ඉන්නේ. ඔය කියන කුණාටුවක් හරියට දැක්කොත් පේන්නේ උඩ තියන පින්තූරේ විදියටලු (එහෙම එකක් දකින්න ලැබෙන එක වාසනාවක්ද අවාසනාවක්ද කියලනම් මම දන්නේ නැහැ). මටත් ඔය වගේ පුංචි අත්දැකීමක් නම් තියනවා (ඒත් ඒ වෙලාවේ කුණාටුව ගිහින් තිබුනේ අපි ඉන්න තැනට ගොඩක් ඈතින්. ඉතින් අපිට තේරුණා ලගින් ගියොත්නම් සොරි තමයි කියලා worried). මොනවා උනත් ඒවායින් වැඩක් නැහැ, මේ කියන්න යන්නේ ඔය කුණාටු වලට නම් දෙන හැටිනේ.

මුලින්ම කියන්න ඕන ඔය උඩින් දාලා තියන වර්ගයේ කුණාටු (ටෝර්නේඩෝ) වලට නම් දැමීමක් කෙරෙන්නේ නැහැ (ඒවා ඒ තරමටම සුලබ නිසා වෙන්න ඇති). නම් දාන්නේ, ඊට වඩා ලොකු, සති කිහිපයක් උනත් පවතින්න පුළුවන් hurricane (සිංහලෙන් අවපාත වෙන්න ඕන) වලට. මේ හරිකේන් වල අතුරු ඵලයක් විදියට තමයි ගොඩක් වෙලාවට ටෝර්නේඩෝ ඇති වෙන්නේ. මෙන්න මේ පින්තූරේ තියෙන්නේ හරිකේන් එකක්. ඔය මැද හිලක් වගේ පේන එකට කියන්නේ හරිකේන් එකේ "ඇහැ" කියලා. එතන තමයිලු අවපාතයේ ගොඩක්ම පීඩනය අඩු තැන.



ඉතින් ඔය හරිකේන් වලට නම් දාන්න හරි ලස්සන ක්‍රමයක් තියනවා :) මම ලේසියට කුණාටු කියලම කියන්නම්. 
ඔයාලා අහල ඇතිනේ මෙන්න මේ වගේ කතා ...

"මේ පාර කත්‍රිනා සැරටම ඇවිල්ලා"
"රීටා ආපහු එනවලු" 

ඉස්සර මේවා ඇහුණාම මටනම් හිතුනේ මෙහෙම..."රීටා ආපහු එන්න එයා මෙච්චර කල් හිටියේ කොහෙද? අනිත් එක ඒ එන්නේ රීටා මයි කියලා මෙයාල දන්නේ කොහොමද?" thinking 
ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.

මේ වැඩේට හදල තියනවා නම් ලයිස්තු 6 ක් . එක ලැයිස්තුවකට නම් 21 ක් ඇතුලත්. මේ නම් වල මුල අකුරු තියෙන්න ඕන ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට. (Q, U, X, Y, Z කියන අකුරු අත අරිනවා. ඒකයි නම් 21 ක් එන්නේ). ලැයිස්තුවක නම් එකක් හැර එකක් ගැහැණු නමක් හා පිරිමි නමක් විය යුතුයි (ඉස්සරනම් ගැහැණු නම් විතරලු දැම්මේ big grin). මේ පහලින් තියෙන්නේ දැනට තියන නම් ලයිස්තු 6. 


2011         2012          2013           2014             2015              2016
Arlene
Bret
Cindy
Don
Emily
Franklin
Gert
Harvey
Irene
Jose
Katia
Lee
Maria
Nate
Ophelia
Philippe
Rina
Sean
Tammy
Vince
Whitney
Alberto
Beryl
Chris
Debby
Ernesto
Florence
Gordon
Helene
Isaac
Joyce
Kirk
Leslie
Michael
Nadine
Oscar
Patty
Rafael
Sandy
Tony
Valerie
William
Andrea
Barry
Chantal
Dorian
Erin
Fernand
Gabrielle
Humberto
Ingrid
Jerry
Karen
Lorenzo
Melissa
Nestor
Olga
Pablo
Rebekah
Sebastien
Tanya
Van
Wendy
Arthur
Bertha
Cristobal
Dolly
Edouard
Fay
Gonzalo
Hanna
Isaias
Josephine
Kyle
Laura
Marco
Nana
Omar
Paulette
Rene
Sally
Teddy
Vicky
Wilfred
Ana
Bill
Claudette
Danny
Erika
Fred
Grace
Henri
Ida
Joaquin
Kate
Larry
Mindy
Nicholas
Odette
Peter
Rose
Sam
Teresa
Victor
Wanda
Alex
Bonnie
Colin
Danielle
Earl
Fiona
Gaston
Hermine
Ian
Julia
Karl
Lisa
Matthew
Nicole
Otto
Paula
Richard
Shary
Tobias
Virginie
Walter


2011 වසර සඳහා පාවිච්චි කරන ලිස්ට් එක තමයි මුලින්ම තියෙන්නේ. දෙවැනි ලැයිස්තුව 2012 ටත් තුන් වෙනි ලැයිස්තුව 2013 ටත් මේ විදියට ලයිස්තු 6 බෙදල දෙනවා අවුරුදු වලට. 2011 අවුරුද්දේ එන මුල්ම කුණාටුවට නම තියන්නේ "Arlene" කියලා. දෙවෙනි කුණාටුවට "Bret". අවුරුද්ද ඉවර වෙන්න කලින් නම් 21 ම ඉවර උනොත් ඊ ළග අවුරුද්දේ නම් වලට යනවා. ලේසියි නේද?

දැන් එතකොට 2017 ට ලිස්ට් එකක් කෝ? ආ ඒකට අලුතෙන් ලිස්ට් හදන්නේ නැහැ. 2011 ලිස්ට් එකමයි ආපහු 2017 දීත් ගන්නේ. 2018 දී ගන්නේ 2012 ලිස්ට් එක. මේ විදියට ඔය නම් ලිස්ට් 6 නැවත පාවිච්චි වෙනවා. මේ නිසා තමයි "2005 දී ආපු  Arlene ආපහු 2011 දී එනවා" වගේ කතා කියන්නේ. එහෙම නැතුව එකම කුණාටුව කොහේ හරි ඉඳලා ආපහු එනවා නෙමෙයි :).

හරි, දැන් මේ විදියට මේ ලිස්ට් 6 තමයි දිගටම පාවිච්චි කරන්නේ. හැබැයි එක ප්‍රශ්නයක් තියනවා. අපි හිතමු 2011 දී ආපු දෙවනි කුණාටුව ගොඩක් විනාශකාරී එකක් කියලා. ඒකට නම වැටෙන්නේ Bret කියලනේ. ඊට පස්සේ Bret කියන නම ලැයිස්තුවලින් කපා හරිනවලු. ආපහු කවදාවත් ඒ නම කුණාටු වලට දාන්නේ නැහැලු.  ඊ ළගට Bret නමින් හමන කුණාටුව පොඩි පහේ එකක් උනොත් කලින් එකට අගෞරවයක් වගේ වෙයි කියලා තමයි මෙහෙම කරන්නේ. මේ විදියේ විනාශකාරී කුණාටු වලට උදාහරණ තමයි Katrina (මෙයා නිසා මිනිස්සු 2000 ක් විතර මැරුණා ලු 2005 දී) සහ Andrew. බලන්න ඒ නම් දෙක මේ ලැයිස්තුවල නැහැ. ඒ වෙනුවට වෙන නම් ඇවිත් (Katia සහ Alex).

ඔන්න ඔහොමයි ඉතින් කුණාටු ගැන කතාව.  මේ ලිපියේ සමහර විට වැරදි ඇති. දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න :)


33 comments:

  1. ඒත් ගොඩක්ම අහල තීයෙන්නෙ ඕවට දාන්නෙ ගෑණු නම් කියල.එහෙම නම් උද්ගෝශණය කරන්න වටිනව.

    ReplyDelete
  2. @ නදී: ඉස්සරනම් ගෑණු නම් විතරයි දාල තියෙන්නේ. 1973 දී ඒක වෙනස් කරලා. දැන්නම් දෙජාතියෙන්ම දානවා එකක් ඇර එකක්. Andrew කුණාටුව පිරිමි එකක්නේ :)

    ReplyDelete
  3. මම ඔය කරුණු දැනගත්තේ දැන්.... කලින් ඔච්චර අහල තිබුණ් නෑ..
    ඔය ගෑණු නම් වලින් තින කුණා‍ටු සැර වැඩිද දන්නේ නෑ?

    වටින ලිපියක්......

    ReplyDelete
  4. මට නම් හිතෙන්නේ පිරිමි නම් තියෙන කුණාටු වලට වඩා ගෑනු නම් තියෙන කුණාටු සර වැඩියි කියලා. හික්ස් :)
    මේ දේවල් නම් මීට කලින් අහලා නෑ. අක්කගෙන්ම ඉස්ස ඉස්සෙල්ලාම අහ ගත්තේ.පවු. කොහේ හිටියත් මනුස්ස ජීවිත නේ නැති වෙන්නේ.

    අක්කත් පරිස්සමින් එහෙම ඉන්න. ඕවා කොයි යහා එනවද කියලා දන්නේ නෑනේ.

    ඒ අතින් අපේ රට මාරම සුරක්ෂිතයි. ඔය කරදර කිසි එකක් නෑනේ.

    ReplyDelete
  5. බලාපල්ලකෝ ඉතින්, අමාරුවෙන් පිරිමි නමුත් දා ගත්තම දැන් කියනවා ගෑණු කුණාටු සැර වැඩිලු..හී හී. හැබැයි ඒ කතාව ඇත්තදත් මන්දා :-)
    මේක කිව්වේ මල්ලිල දෙන්නටම.

    @රහස් : ස්තුතියි :)

    @මදුරංග : ඔව් අප්පා ඉඳල හිටලා සුනාමියක් ආවට මේවත් එක්ක බලනකොට අපේ රට හරිම සුරක්ෂිතයි. මේවයින් ඉතින් දුවල බේරෙන්න කියලයැ

    ReplyDelete
  6. අපේ රට හොඳයිනෙ බලන් ගියාම ඇමරිකාවට අවුරුද්දකට හරිකේන් 7, 8 ක් එනවාමයිනෙ

    ReplyDelete
  7. @ විසිතුරු : එකේනම් ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ. ඒවත් සුළු පටු හරිකේන් නෙමෙයිනේ...

    ReplyDelete
  8. මට මතක හැටියට අන්තිමට ආවේ මාරියා චණ්ඩමාරුතය නේද අක්කේ ? නැත්නම් අන්තිමට ඒ රටට ආවේ මොන සුළි සුළඟද ?

    ReplyDelete
  9. ම්ම් පේන විදියටනම් Philippe වගේ. ඒ කියන්නේ දැනටමත් 16 ක් ඇවිත්

    ReplyDelete
  10. අක්කේ මම මේ ගැන ඇත්තටම දැන ගත්තේ අද... අක්කා හොහෙන්ද මේ විස්තර හොයා ගත්තේ???

    ReplyDelete
  11. @දිනේෂ් : මේක හොයන්න හිතිලා හොයා ගත්තේ නම් දැන් අවුරුදු ගානකට කලින්:) වැඩි හරියක්ම තොරතුරු ලැබුණේ අන්තර්ජාලයෙන්...

    ReplyDelete
  12. ඇත්තටම ඇයි දන්නෙ නෑ නේද ගෑනු නං වලින්ම දාන්නෙ...මම හිතන්නෙ සාමකාමී තැනකට කඩාගෙන බිදගෙන ඇවිල්ලා ව්නාස කරලා ආයිත් යනවා මොකුත් නූනා වගේ....ඒක නිසා වෙන්න ඇති කියලා......

    ReplyDelete
  13. @ඔබ නොදු‍ටු ලොවක් : ආ ඒ ඉස්සරනේ...දැන් ගෑණු පිරිමි දෙජාතියම දානවා. දෙගොල්ලොම එහෙමනේ අනේ :))

    ReplyDelete
  14. ඔය ඇමරිකාවට එන කුණාටු විතරක් නේද?.....ලෝකෙ අනික් තැන් වලට බලපාන කුණාටුවලට නම් දාන අන්දම ගැන සයුරි මොනවත් එහෙම දන්නව නම් කියන්නකො....

    ඔබට ස්තූතියි ........අගේ ඇති ලිපියක්.....මෙ මාරුවෙන් මාරුවට ගෑණු පිරිමි නම් දාන කතාව මම කලින් අහල තිබුනට මේ ලැයිස්තු හයේ කතාව දැන ගත්තෙ අදමයි.

    ReplyDelete
  15. @රවී : මම හිතන්නේ අත්ලාන්තික් සාගරයේ ඇති වෙන කුණාටු කිව්වොත් වඩාත් හරි. අනිත් ඒවටත් මේ විදියේ ලැයිස්තු තියනවා (මම දන්න විදියටනම්). ඒ ගැන හරියටම හොයල බලන්න ඕන වෙලාවක. ස්තුතියි රවී...

    ReplyDelete
  16. ගොඩක් වටින ලිපියක්... කුනාටු වලට නම් දාන්නේ කාලගුණ විද්‍යාඥයින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලගේ නම් කියලයි මං හිතන් හිටියේ:P

    නොදන්නා දෙයක් ගැන දැනුවත් කලාට ස්තුතියි සහෝදරී...ජයවේවා !!!

    ReplyDelete
  17. @චතුරංග පෙරේරා :බොහොම ස්තුතියි.....හිහි ඇත්තටම ඉස්සර එහෙමද දන්නේ නැහැ උනේ :)

    ReplyDelete
  18. උදයංග ලක්මාල්October 30, 2011 at 8:25 AM

    ගොඩක් වැදගත් ලිපියක්... ගොඩක් කුණාටු තියෙන්නේ ගෑණු අයගේ නම් වලින්නේ..ඒකෙත් හැටි නේද... දැන් නම් ඉතින් පිරිමි අයගේ නම් වලිනුත් තියෙනවා කියන්නේ.. ඒත් ඉතින් ඒවා ගැහැණු අයගේ නම් වලින් තියෙන කුණාටු තරම් සැර නැතුව ඇති මම හිතන්නේ:)...

    කුණාටු ගැන මීට කලින් අහල තිබුනත් අර ලැයිස්තු 6 කතාව ගැන දැන ගත්තේ අදයි. ඔයාට බොහොම ස්තූතියි සයුරි...

    ReplyDelete
  19. @උදයංග : මමත් හිතන්නේ ගෑණු කුණාටු සැර වැඩි ඇති :D "කත්‍රිනා" කුණාටුවත් ඒ වගේ ගොඩක් සැර එකක් ලු නේ...

    ReplyDelete
  20. ගැහැණුන්ට කේන්ති ගියාම කුණාටුවකටත් වඩා සැර පරුසයි. හානිය ඉහළයි :))

    ReplyDelete
  21. @ හසිත : ඔන්න බලමුකෝ ඉතින්..කොල්ලෝ හිතන හැටි :))

    ReplyDelete
  22. එතකොට ආයෙ සැන්ඩි කියලා කුණාටුවක් එන එකක් නෑනේද?

    ReplyDelete
    Replies
    1. සැන්ඩි ව ඉවත් කරන්න යන පාටක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට වෙන නමක් තීරණය කරාවි.

      http://www.examiner.com/article/sandy-to-be-retired-as-a-hurricane-name-list-of-all-retired-hurricane-names

      Delete
    2. සයුරි කියලා දැම්මොත් මොකද?

      Delete
    3. :ඩි ඒකනම් හොඳයි තමා :)

      Delete
  23. ගොඩක් කාලෙකින් පස්සෙ හිතට ආසාවෙන් කා වැදුනු ලිපියක් මේකත්.අද නම් මගෙ හිත කියන්නෙ නිදිමරං කොහොම හරි තව මේ බ්ලොග් එකෙන් පොස්ට් ටිකක් කියෙව්වොත් නම් හොඳයි කියල.ඒ තරම්ම රසවත් :)

    ReplyDelete
    Replies
    1. හම්මෝ..කොච්චර දෙයක්ද? මෙහෙම පාඨකයෝ හම්බ වෙනවට වඩා සතුටක් තව නෑ :) මේ වගේ ලිපි වලට ආස කරන අය හරි අඩුයි නේ.

      Delete
  24. මධුරංගගේ කටට මසුරන් දාන්න වටිනවා ඈ...

    ReplyDelete
    Replies
    1. ඔන්න මදුරංග කට අරින්නකෝ...ලහිරු මසුරන් දාන්න හදන්නේ :)

      Delete
  25. ඔයාට ආව ප්‍රශ්න මට ඔයා කියද්දී තම ආවේ ඇත්තනේ බොලේ
    කියල...මන් නිකන් නම් විතරයි කියල තම හිතන් හිටියේ.ඒත්
    ඔය ලැයිස්තුව ජීවිතේට දැක්කේ අද තමා ඔයාට පින් .සිද්ද වෙන්න.
    ඒ එක්ක ආයෙම ගැටළුවක් ආව ලංකාවේ අපිට එදා ඉඳල ඇහුනේ
    ගෑනු නම් තියෙන කුනාටු ගැන. ( මම 80 දශකයේ ) ඉඳල හිටලා
    කියන්නත් බැහැ දැනට දෙහෙකට තුනකට ඇරෙන්න අනිත් ඔක්කොම
    ගෑනු නම් තියෙන කුණාටු..

    ReplyDelete
    Replies
    1. හිහි..ගෑනු නම් තියන කුනාටු ගැන තමා අපිට වැඩිපුරම ඇහෙන්නේ. වැඩිපුර විනාශ සිද්ධ කරන්නේ ඒවා නිසාද කොහෙද. හැබැයි ඉතින් ඊට සමාන ගානක් පිරිමි කුනාටුත් තියනවා. ඒවා ගැන අහන්න ලැබෙන්නේ නෑ එච්චර. හැබැයි Andrew කුනාටුව මතකයි නේද? ඒක පිරිමි එකක්.

      Delete


  26. ඔව් ඒක තමා සයුරි මන් කිව්වේ හැම වෙලේම ලොකු
    විනාසයක් කරන ඒවට වැටිලා තියෙන්නෙම ගෑනු නම් ..
    ඒක අහම්බයක් නෙවේ හිතලම කරන දෙයක් මිස..

    ReplyDelete
    Replies
    1. හිතල කරන දෙයක්නම් නම් නෙමෙයි නෙමෙයි සහන්. ඊ ළඟ අවුරුද්දේ අත්ලාන්තික් කුණාටු ගැන විමසිල්ලෙන් හිටියොත් ඒක පෙනෙයි. මේ වගේ නීතිගත වෙච්ච දේවල් එහෙම වෙනස් කරන එක ටිකක් අමාරුයි. ලංකාවෙනම් ඉතින් ඔන්න කිසි අවුලක් නෑ :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...