ස ක ල සතුන් මුදුනක පත් කිරුළ ලෙ ස
නි ස ල ගුණෙන් යුතු අප මුනි පෙර දව ස
එ කැ ල ණියෙ න් වැඩ අහසට සිතු විල ස
නි ම ල ලෙසින් තැබු සිරි පා වඳිමි තො ස - සිරිපා අෂ්ටක
සිරිපා කරුණාව ගැන මම කලින් ලිපි දෙකක් ම ලිව්වා. බලන්න කැමති අයට මෙතනින් යන්න පුළුවන්.
වඳින්න යන මේ නඩේට...1
වඳින්න යන මේ නඩේට...2
අපි තවමත් සීත ගඟුල පහු කළා විතරයි. සීත ගඟුලෙන් එහාට තමයි කන්දේ සැලකිය යුතු නැග්මක් දකින්න ලැබුනේ. තවත් ටික වෙලාවකින් අපි ආවේ ගෙත්තම් පාන (ඉදි කටු පාන කියලත් හඳුන්වනවා) කියන තැනට. බුදුන් ගේ ඉරුණ සිවුර පිලිසකර කරගත් ස්ථානය සංකේතවත් කරන්නේ මේ ගෙත්තම් පානෙනේ. මෙතැනදී හැමෝම වගේ, විශේෂයෙන්ම කෝඩු කාරයෝ ඉදි කටුවක රඳවපු නූලක් ගෙත්තමක් විදියට රඳවලා යනවා. සුදු පාවඩයක් එලුවා වගේ එතන එකම නූල් ගොඩක්. බලන්න ලස්සනයි. අපේ නඩේ කෝඩු කාරයින්වත් අල්ලගෙන අපිත් ගෙත්තමක් කරා :) තවත් ටික දුරක් යද්දී හමු වෙනවා හැරමිටි පාන කියලා තැනක්. එතැනදී ඉස්සර ඉඳලම කෝඩු කාරයින් හැරමිටි පූජා කරා කියල තමයි කියන්නේ. මම නම් ඒ ගැන වැඩිය කියන්න දන්නේ නැහැ.
තැන් තැන් වල නැවතෙමින් බොහොම හෙමින් ගමනක යෙදුන අපි "අහස් ගව්ව" කියන හරියට එද්දි රෑ 2 විතර වෙලා. අහස් ගව්ව තරණය කරපු අය දන්නවා ඇති ඒ හරියට අහස් ගව්ව කියන්නේ ඇයි කියලා. ඒකනම් විඳලාම බලන්න ඕන අත් දැකීමක්. පුළුන් කුට්ටි වගේ වලාකුළු අස්සෙන් සීතලේ ගැහි ගැහි යනකොට දැනෙන හැඟීම වෙන කොතැනකදීවත් මටනම් දැනිලා නැහැ.
අහස් ගව්ව පහු කරනවත් එක්කම වගේ තමයි ගමනේ අමාරුම හරියට අපි ආවේ..."මහ ගිරි දඹය". මට නම් හිතුනේ මහ ගිරි දඹේ ආනතිය අංශක 90 ට පොඩ්ඩයි අඩු කියලා. බෑවුම ඒ තරමටම තීව්‍ර යි.
ඉතින් මෙච්චර දුරක් කන්ද නැගගෙන ඇවිල්ලා මහ ගිරි දඹේ දැක්කම කවුරුවත් පහු බහින්නේ නම් නැහැ. මහන්සිය පැත්තක දාලා මෙතෙක් වෙලා වෙන වෙනම කවි කියපු වන්දනා නඩ ඔක්කොම එකට එකතු වෙලා තුන් සරණේ වෙනුවට වේග රිද්ම කවි කියමින් මහ ගිරි දඹ තරණය පටන් ගන්නවා.
අපේ බුදුන් - අපි වඳින්න
පෙරළි පෙරළි - අපි වඳින්න
අපෙ අම්මා - වන්දවන්න
කිරි කෝඩු ත් - වන්දවන්න
දෙදන නමා - අපි වඳින්න
මලුත් පුදා - අපි වඳින්න
හරියට පුංචි පෙළ පාලියක් වගේ. විශ්වාස කරන්න මේ කවි ගායනාවට එකතු උනාම හිතට දැනෙන්නේ පුදුම ජවයක්. මහ ගිරි දඹේ නගින මහන්සිය දැනෙන්නේවත් නැහැ. වැඳලා බහින නඩ මේ කවි කියන්නේ ටිකක් වෙනස් කරලා...
අපේ බුදුන් - අපි වැන්දා, පෙරළි පෙරළි - අපි වැන්දා
අපෙ අම්මා - වැන්දෙව්වා, කිරි කෝඩු ත් - වැන්දෙව්වා.......... කියලා හරි උජාරුවෙන් තමයි කියන්නේ.
ඉතින් කොහොමහරි අපිත් මහ ගිරි දඹේ තරණය කරලා උඩ මළුවට සේන්දු උනා. පෝලිමේ තෙරපි තෙරපි ගිහින් සිරි පතුල වැඳලා දොළොස් මහේ පහන පැත්තටත් ගියා. ඊට පස්සේ සම්ප්‍රදායානුකුල විදියට තමන් පැමිණි වාර ගණනට සමාන වෙන විදියට ඝන්ටාරෙත් ගැහුවා (මගේ දෙපාරක් ඝන්ටාර ගැසීමේ සිහිනය සැබෑ උනා).
මළුවම වලාකුළු වලින් වැහිලා. අහසත් ටිකක් වැහි බරයි. ඒ වගේම හුළඟත් සැරයි. ඉර පායන්න පැයක් විතර තිබුන නිසා හැමෝම අයිනක් අල්ලගෙන වාඩි වෙලා හිටියේ. ඔහොම ඉන්න අතරේ සැරින් සැරේ අපිට දැනුනා කවුරු හරි අපේ ඇඟට කෙළ ගහනවා වගේ. හිටි ගමන් "චස්" ගාලා වතුර පාරක් වදිනවා. ඒ තමයි වතුර වල බර දරා ගන්න බැරි උණ වලාකුළු වලින් මිරිකිලා ඉවතට විසි වෙන "වැහි බින්දු". එහෙම අත් දැකීමක් නම් මම විඳලා ම තිබුනේ නැහැ. එච්චර කල් මම දැකලා තිබුනේ අහසෙන් වැස්ස වැටෙන හැටි විතරයි. ඒත් එදා මම වැස්ස ආරම්භ වෙන තැන ඉඳගෙන ඒක අත්වින්දා.
මේ වෙලාවේ නොකියා බැරි කතාවකුත් තියනවා. සිරි පා මළුවේ වැඩ කටයුතු භාරව හිටපු කෙනා බැතිමතුන්ට සැලකුවේ ටිකක් සැර පරුෂ විදියට. සෙනග වැඩි කම නිසා එයාට එපා වෙලා හිටියද දන්නෙත් නෑ. ඉර සේවේ බලන්න සැදී පැහැදී හිටපු මිනිස්සුන්ව මළුවෙන් එලව ගන්න තමයි එයා බැලුවේ. "මේ වලාකුළු හින්දා ඉර සේවේ අද පේන්නේ නැහැ...ඒක නිසා මෙතනින් යන්න" කියල තමයි කිව්වේ. ඒත් වැඩි වෙලා කෑ ගහන්න උනේ නැහැ. අඳුරු වලාකුළු ඈත් මෑත් කරගෙන නැගෙනහිර අහස තැඹිලි පාට වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි සාදු හඬ මැද්දේ ලස්සනම ලස්සන දර්ශනයක් දැක්කේ..."ඉර සේවය".
කඳු මුදුනට පහලින් තිබුණ වලාකුළු ස්ථරයට හිරු කිරණ එක දෙක වැටිලා තැඹිලි පාට ට දිලිසෙන්න පටන් ගත්තා. කන්දට බටහිර පැත්ත පෙනුනේ හරියට කිරි සයුරක් වගේ. ඉර පායපු ගමන් අමතක නොකර බලන්න ඕන තවත් දෙයක් තමයි කන්දේ සෙවනැල්ල බටහිර අහසේ ඇඳෙන හැටි (shadow pyramid කියන්නේ මේකට.)
මෙහෙම සිරි නරඹන අතරේ තමයි මට මතක උනේ මගේ වෙන්ඩ මහත්තයාට කතා කරන්නවත් බැරි උනා නේද කියලා. මම ෆෝන් එකත් ඕෆ් කරලා තිබුනේ. ඉතින් ඉක්මනට ඒක ඇදලා අරගෙන ඔන් කරා. ඔන්න එතකොටම එස් එම් එස් බර ගානක් ලෝඩ් වෙන්න පටන් ගත්තා (මෙහෙමත් කෙල්ලෝ නේද? හි හි). ඉතින් ඒවා කියවන්නවත් පරක්කු වෙන්නේ නැතුව මම කෝල් එකක් ගත්තා මගේ අනාගත සහ කාරයාට. එහා පැත්තෙන් කට හඬ ඇහෙනකොටම මම පටන් ගත්තා කියවන්න....
"අපි දැන් උඩ මළුවේ ඉන්නේ...ඔව් වැඳලා ඉවරයි...ෆෝන් එක ඕෆ් කරලා තිබුනේ..හික් හික්, බය වෙන්න එපා අප්පා...ඉර සේවෙත් බැලුවා...හරිම ලස්සනයි අනේ..." කොච්චර දේවල් කියෙව්වද කියලා මට මතකත් නැහැ. අන්තිමට මෙහෙමත් කිව්වා...
"ඔයත් හිටියනම්.... :("
"හ්ම්...අපි දෙන්නා කවද හරි දවසක ආපහු එමු...දැන් ඔයා ඔතන නවතින්නේ නැතුව එන්න හොඳේ...:)"
"හ්ම්..."
ඔව් "අපි දෙන්නා අපි දෙන්නගෙම වෙන්න තිබුනේ සති තුනකටත් නොඅඩු කාලයක්. සිරිපා මළුවේ බැම්මට බර වෙලා පහල වලාකුළු තට්ටුව දිහා බලාගෙන ඒ ගැන හිතද්දී මට පුදුමත් හිතුනා. ඒ මම පුංචි කෙල්ලෙක් විදියට සිරි පා වැන්ද අන්තිම වතාව. අපේ ජීවිතත් මේ දිලිසෙන වලාකුළු වගේ ම සුන්දරයි නේද?
ඉතින් අපි දෙන්නගේ සිරිපා සිහිනය නුදුරු අනාගතේදී නම් ඉෂ්ට වෙන එකක් නැහැ වගේ. සමහර විට දෙන්නා තුන් දෙනා වෙනකන්ම සිරිපා කරුණා කරන්න ලැබෙන එකක් නැහැ. දැනට අපි ඉන්නේ පුංචි මුතු ඇටේට ගොඩක් දුරින් නිසා....ඒත් තුන් දෙනෙක් නැත්නම් හතර දෙනෙක් එක්ක හරි අපි දෙන්නා සිරිපා කරුණා කරනවමයි කවදාහරි...
ඒ සිතුවිල්ලත් සමගම මට පුළුවන් උනා මගේ හිතම ගිල ගත්තු සුන්දර සමනල අඩවියට සමු දෙන්න...
අපේ බුදුන් අපි වැඳගෙන මෙහෙන් යන්න යනෝ...
එන මත්තෙදි කෝඩු සමග බුදු පුදයට එනෝ....
දෙවනි පාරත් සිරිපා කරුනා කරා වගේ හිතුනා විස්තරේ කියෙව්වම....
ReplyDeleteබොහොම ස්තුතියි ඔබ නොදුටු ලොවක් :)
ReplyDeleteකලින් ලිපිය කියෙව්වට කොමෙන්ටුවක් දා ගන්න වෙලාවක් තිබ්බෙ නෑ...ඊයෙ දවසම එක හුස්මට වැඩ...අදයි හෙටයි නිවාඩුවක් දා ගත්තා....වෙඩිමක්ට යන්න ඕනෙ නිසා.... මම අර කලිනුත් කිව්ව වගේ ආයෙමම කිසිම දවසක් සිරිපා කරුණා කරන්න මට ලැබෙන්නෙ නැති නිසා මේවා කියවද්දී හිතට අමාරුයි සයුරි..ඒත් ඉතින් මගේ යහපත් නිසාම තහනම් කොරපු දෙයක් නෙ...
ReplyDeleteකතාව ගලාගෙන යන විදියට අපිත් ඔයා එක්ක සිරිපා කරුනා කලා වගේ හැඟීමක් තමා හිතට දැනෙන්නෙ.....
ලස්සනට ලියල තියෙනවා.
ReplyDeleteආයෙත් පාරක් සිරිපා කරුණා කරන්න වාසනාව ලැබේවා කියල පතනවා.
එහෙනම් දෙන්න තුන්දෙනා වුනාම සිරිපා කරුණා කරන්න එන්න.. අපෙනුත් සුභ පැතුම්..
ReplyDeleteජය...
ආයෙත් යන්න ආසා හිතුනා අක්කා.දෙපාරක් උඩටම ගියත් ඉර සේවය දැක්කෙ එක පාරයි.
ReplyDeleteහ්ම්!!!! ලස්සනට ලියලා තියෙනවා අක්කො. මට දැනුනෙ දෙවෙනි පාරටත් ගියා වගේ. මම ඉස්සෙල්ලම ගියෙ අක්ෂරේ ග්රූප් එකේ කට්ටියත් එක්ක. ඒ ගමනෙන් තමයි ඒ ගොල්ලන්ව අඳුර ගන්නත් ලැබුනෙ. මම මෙහෙම බ්ලොග් එකක කමෙන්ට් කරන්නත් හේතු වුනේ ඒ ගමනම තමා. අපිනම් ගියෙ අක්කාට මතකද මේ අවුරුද්දෙ ජනවාරිවල මුලු ලංකාවටම ලොකු සීතලක් ආවා. අන්න ඒ කාලෙ ගියෙ. මෙහෙට සීතලනම් එහෙට කොහොම සීතල ඇද්ද කියලා හිතා ගන්න පුලුවන්නෙ. මුලු ඇඟම ගල් ගැහිලා උඩට යනකොට.
ReplyDeleteමාත් එහෙනම් සුබ පතනවා දෙන්නා තුන්දෙනා වෙලා ග්‍රී පාදෙ නමස්කාරකර ගන්න ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා..
( මේ හැබැයි ඔන්න නොකිව්වයි කියලා නියන්න එපා. තුන, හතර වෙන්න ඉස්සෙල්ලා යන ගමනක් යන්න හොදේ. නිවුන්නුනම් කමක් නෑ. නැත්තං ළමයි දෙන්නෙක් වගේ ඉන්න කොට පිරිමි කැමති නෑ ළමයි පිරිවරාගෙන වැඩියෙ ගමං බිමං යන්න.)
@ දිල් : ඒකට කමක් නැහැ දිල්...ඔයා එක පාරක් හරි කරුණා කරා නේ...ඒ ඇති හොඳටම. එහෙනම් ඉතින් වෙඩිමට ගිහින් එන්නකෝ...බොහොම ස්තුතියි කමෙන්ටුවට..
ReplyDelete@Praසන්ன : කමෙන්ට් එකටයි ප්‍රාර්ථනාව ටයි දෙකටම ස්තුතියි :)
@ගයාන් : අනිවාර්යෙන් එනවා....බොහොම ස්තුතියි :))
@නිසූ : ඒක ඇත්ත නංගි, ඉර සේවය බලා ගන්න ලැබෙන්නේ එහෙමත් දවසක තමයි...වැස්ස අඩු කාලෙක යන්න ඕන. මැයි මාසේ නම් එච්චර හොඳ නැහැ..
ReplyDelete@සීතල මල්ලි : අප්පා...අර කොළඹත් නුවර එලිය වගේ උන කාලේ නේද? ඒත් ඔයාට නම් අවුලක් වෙන්න නැතුව ඇති නේද? ඔයාගේ නමත් සීතලයි නේ :)) සුභ පැතුවට ස්තුතියි මල්ලි...හි හි හරි හරි ඔයා කියපු නිසාම 4 ක් වෙන්න කලින් යන්න බලන්න ඕන...
සිරිපා කරුණාව ගැන කලින් තිබුන ලිපි දෙකම කියෙව්වා. කමෙන්ට් කලා. ඇත්තටම මේ ලිපි තුනම මම කියෙව්වේ ලොකු ආසාවකින්. ආපහු සිරිපා කරුණා කලා වගේ දැනුනා. මම සිරිපා කරුණා කරලා තියෙන්නේ එක වතාවයි. ඒත් ඒ මතකයන් සිහිවෙන කොට හරිම සුන්දරයි. ඒත් ගොඩක් අය ආසාවෙන් නරඹන ඉර සේවය නම් අපිට එදා බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඒත් ඊලග වතාවේ ගියාම නම් බලන්න ඕනේ.
ReplyDeleteඔයාට ගොඩක් ස්තූතියි අපිත් එක්ක ඒ සුන්දර අත්දැකීම් බෙදා ගත්තට. එහෙනම් ඉතින් ආපහු දවසක තුන් හතර දෙනත් එක්කම සිරිපා කරුණා කරන්නකෝ. අපෙන් සුබ පැතුම්.
මහත්තය ඔයයිට පණ ඇරලා ආදරෙයි නේ. බලන්නකෝ සමනල කන්ද උඩ ඉන්නැද්දිත් ඔයැයිට කෝල් කරලා නේ. මහත්තයයි නෝනයි වාසනාවන්
ReplyDelete"අපේ බුදුන් අපි වැඳගෙන මෙහෙන් යන්න යනෝ...
එන මත්තෙදි කෝඩු සමග බුදු පුදයට එනෝ...."
මාත් පතන්නම් කිරි කෝඩු කාරයෝ දෙතුන් දෙනෙක් එක්ක ආයෙම සිරිපා කරුණා කරන්න එන්න ලැබෙන්න කියලා !!!
@උදයංග : ඔයාටත් බොහොම ස්තුතියි ලිපි කියෙව්වටත් කමෙන්ට් කරාටත්...ගොඩක් අයට ඉර සේවේ මිස් වෙනවා තමා..ඊ ළඟ පාර වැස්ස අඩු කාලෙක යන්න බලන්න...වැහි කාලෙට ඉර සේවේ පේන්නේ එහෙමත් දවසක තමයි...සුබ පැතුම් වලටත් බොහොම ස්තුතියි :))
ReplyDelete@ මධූ : ඒක නේන්නං...බොහොම ස්තුතියි සුබ පැතුම් වලට...ඒ කාලේ වෙද්දී අපේ මධු මල්ලිත් ඔය කවිය කියන්න පුළුවන් තත්වෙක ඉඳීවි සමහර විට :)
ආයෙම හිතින් සිරිපා වැන්දා මේ පෝස්ට් එකෙන්... යන්න ආස උනත් ලංකාවෙන් පිට ඉන්න නිසා කලය හරස් වෙනවා.. සිරිපා වන්දනා සමය වෙද්දි අපිට නිවාඩු නෑ..
ReplyDelete@දිනේෂ් : අනේ මටත් ඔය සෙතේමනේ මල්ලි...ලංකාවට ගියපු කාලෙක තමයි යන්න වෙන්නේ..
ReplyDeleteශා.... සයුරි අක්කට දෙන්නා තුන්දෙනා හතරදෙනා වෙලා ඉක්මනින්ම අපේ ලස්සන රටට ඇවිත් ආයෙමත් සැරයක් කිරිකෝඩු එක්ක සිරිපා කරුනා කරලා ඉර සේවයත් බලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,.
ReplyDelete@ප්‍රාර්ථනා : ප්‍රාර්ථනා ප්‍රාර්ථනාවක් කළොත් ඉතින් අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා ඇති මගේ හිතේ...:) බොහොම ස්තුතියි නංගා කාලෙකින් මේ පැත්තේ ආවට...
ReplyDeleteඅනේ අක්කේ මට තාම යන්න බැරි උනානේ.. :(
ReplyDeleteමම ගොඩක් ආසාවෙන් ඉන්නේ ඉර සේවය බලන්න..දැන් ඉතින් මේ පොස්ට් එක දැකලා ආසාව දෙගුණ තෙගුණ උනා..
//අපේ බුදුන් අපි වැඳගෙන මෙහෙන් යන්න යනෝ...
ReplyDeleteඑන මත්තෙදි කෝඩු සමග බුදු පුදයට එනෝ....//
මටත් කියන්න වෙන්නේ ඔය කවි පද දෙකම තමා... මොකද ළඟදී නම් ආපහු සිරිපාදේ යන්න අදහසක් නෑ. ආයෙත් යනවා... දැන්ම නෙවෙයි.
ස්තුතියි විස්තරේට !!!
@චම්මා : එහෙනම් යමුකෝ මල්ලි, වන්දනා කාලෙත් ළඟ ළඟ ම එනවනේ...හැබැයි මාර්තු, අප්‍රේල් වගේ යනවනම් තමයි හොඳ..
ReplyDelete@චතුරංග : ආ..ඒක හරි, මම දැක්කා ඔයා තුන් වෙනි අනිවසරිය ට තුන් වෙනියක් ගේනවා කියල තිබුනා බ්ලොග් එකේ...:) එහෙනම් එයත් එක්කම යන්න...සුබ පැතුම්
@සයුරි :
ReplyDeleteමට හිතෙන විදිහට කිරිකෝඩු එක්ක සිරිපා කරුණා කරන්න එච්චර කාලයක් යන එකක් නෑ. කිරිකෝඩු නැතත් සුදු මැණිකේ කෙනෙක් එක්ක සිරිපා වදීවි බොහොම ඉක්මනට. හික්ස් :)
ෂා..මරු මරු...ඒකනේ මම කිව්වේ...එහෙනම් මුලින්ම ඔය දෙන්නා ගිහින් ඔය කවිය කියල එන්න...ඊ ළඟ පාර කෝඩු කෙනෙක් එක්ක යන්න....
ReplyDeleteහැබැයි අපට ආරංචි උන විදිහට නම් තව ටික දොහකින් ඔබ තුමියත් දරු සුරතල් බලනවා කියලා. ඒක ඇත්තක් දෑ.
ReplyDeleteමෙන්න ඔය මධුරංග මලයගේ කසාදයේ කතාව.
@චේතනා : මුලින්ම ඔයාව පිළි ගන්නවා පහන් යායට...අයියෝ කවුද මන්දා බොරු ප්‍රචාර දීලා නේ...හි හි...කසාදේ කතාව දැන්ම බලන්න ඕන..බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට...:)
ReplyDeleteමේ post එක කියෙව්වට පස්සෙ තමයි මටත් හිතුනෙ කවදා හරි කොල්ලො ටිකත් එක්ක සිරිපා කරුනාකරනව කියලා!!!!!
ReplyDelete@ එල කොල්ලා : //කවදා හරි කොල්ලො ටිකත් එක්ක//
ReplyDeleteඇයිද මන්දා එහෙම හිතුනේ...:-\ කමක් නෑ එහෙමවත් යන්ඩ කෝ :)
අනේ මන්දා අක්කත් හිතන දෙවල්.....එහෙම කිව්වෙ යලුවො කට්ටියත් එක්ක යන්න ඔනි කියලයි...අනික කෙල්ලෙක් එක්ක යන්න බෑනෙ තාම තනිකඩයනෙ
ReplyDelete@ එල කොල්ලා : ආ..ඒක මිසක් :) ඔන්න මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට යන්න ලැබෙන්න කියලා..
ReplyDeleteබලා සනහ ගමි .
ReplyDelete:)
Delete