Wednesday, October 19, 2011

වඳින්න යන මේ නඩේ ට...



මම අවසාන වතාවට සිරි පා වැන්දේ මිට අවුරුදු 2 කට විතර කලින්. මහ ලොකුවට අවසාන වතාවට කියල කිව්වට මම ජීවිතේටම දෙපාරයි සිරිපා කරුණා කරල තියෙන්නේ.

 මුල්ම වතාවේ යද්දි මට අවුරුදු 8 යි. වැස්සේ තෙමි තෙමි ඔහේ නැගල බැස්සා විතරයි මතක. ලොකු තේරුමක් ඇතුව ගිය ගමනක් නෙමෙයිනේ. වැස්ස නිසා දොළොස් මහේ පහන වත් බලන්න බැරි උනානේ කියලා අම්මා කිව්වම තමයි මම දන්නේ එහෙම එකක් තිබුනා කියලත්. හැබැයි ඉතින් තාත්තා මාව උස්සලා සිරි පතුලේ ඔළුව ගාවලා වැන්දෙව්වා මතකයි...හයියෙන් ඔළුව වද්දන්න එපා කියලා අම්මා කියපු හැටිත් මතකයි. ආ...එතකොට සිරිපාදේ ඝන්ටාර සම්ප්‍රදාය ගැනත් කියල දුන්නා තාත්තා....තමන් සිරිපා වැඳපු වාර ගණනට ලු ඝණ්ටාව ගහන්නේ.

ඉතින් මම අමාරුවෙන් ලණුව ඇදලා එක පාරක් ඝන්ටාරේ ගැහුවා....තාත්තා දෙපාරයි...අම්මා තුන් පාරයි. ඉතින් මේක හරිම ලස්සන වැඩක් නේ කියලා මට එවෙලෙත් හිතුනා. කවදාහරි ඇවිත් දෙපාරක් ඝාන්ටාරේ ගහන හැටිත් මැවිලා පෙනුනා. 

අතර මගදී කට්ටිය ඉදි කටුවකුයි නූලකුයි අරගෙන මඩේ එරි එරී රවුමේ ගිය හැටිත් මතකයි. ඇයි තුන් සරණේ කියපු හැටි...අපි සිරි පතුල හරියට ලං වෙද්දී අපේ නඩේ ගොඩක් අය (තාත්තගේ ඔපීසියේ කස්ටිය) වැඳලා ඉවර වෙලා බහිනවා. මම හින්දා අම්මලා ගොඩක් හෙමින් නේ ගියේ (මේ නිසා ඉර සේවෙත් මිස් උනා අපිට). ඉතින් මේ බහින ගොඩක් දෙනෙක් මෙන්න මෙහෙම කිව්වා මතකයි.....

"වඳින්න යන මේ දෝණි ට, සුමන සමන් දෙවි පිහිටයි" 

සමහර අන්කල් ලා නම් "කිරි කෝඩු" කියා කියා මාව අවුස්සන්න ත්  අමතක කරේ නැහැ :) 

දැන් බලනකොට මට හුඟක් දේවල් මතකයි නේ... surprise 
කොහොම උනත් සිරිපා කරුණාව ත් එක්ක බැඳුනු ලස්සන සම්ප්‍රදායයන් හිතට කා වදින්න ඒ ගමන හොඳටම ප්‍රමාණවත් උනා. ඒ වතාවේදී මග අරුණු ඉර සේවය, දොළොස් මහේ පහන එහෙම බලා ගන්නත් එක්ක ඝාන්ටාරේ දෙපාරක් ගහන්න කොහොම හරි ආපහු එනවා කියලා මම තරයේම හිතා ගත්තේ ඒකයි.

ඉතින් මම කැම්පස් අවුට් වෙනකන්ම සිරිපාදේ ඝණ්ටාව දෙපාරක් ගහන්න අවස්ථාව ලැබුනේ නැහැ. ඒ වගේ වෙලාවක තමයි අපේ මලයා පිහිට ට එන්නේ...

                                  ~~~~~~~~~~~අවු 2 කට පෙර අතීතයට~~~~~~~~~~~

මල්ලිගේ A/L රිසල්ට් ඇවිත්. එයත් මොරටුව ට සිලෙක්ට් වෙලා. ඔන්න දැන් මෙයා තෑග්ග හැටියට ඉල්ලන්නේ සිරීපාද වන්දනාවක්. කලින් ගමන එයා පොඩි වැඩි නිසා ලොකු අම්මා ගාව තියලා තමයි අපි ගියේ. ඒ වාඩුව අල්ලන්නත් එක්ක තමයි මෙයා මේකම ඉල්ලන්නේ. දැන් අම්මලා මේකට වැඩි මනාපයක් නෑ. ලේසි ගමනකුත් නෙමෙයිනේ. ඉතින් එයා  ආවා මගේ පිහිට පතා ගෙන praying...(මේක සාමාන්‍ය දෙයක්, මම පවුලේ වැඩිමලා සහ නාහෙට අහන්නේ නැති වැඩ නොකරන හින්දා)

ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු. මමත් පැනලා උදව් කරා. කලින් පාර එයාව දාල ගිය නිසා අම්මලටත් දුක හිතුනා මූ ගැන. ඉතින් අපි අම්මලත් කැමති කරගෙන නැන්දලා සෙට් එකයි සහෝදර සෙට් එකයි ත් එකතු කරගෙන දවසක් දා ගත්තා ගමනට. හැමෝටම පහසු විදියට සති අන්තයක්.....

දැන් ඔක්කොම හරි....ඒත්, අපේ මල්ලි කිව්වෙ නැතෑ

"ආ...ඔයාට යන්න වෙන්නේ නැහැ, ඔයා වෙන්ඩ මනමාලි නේ.....ඔයාට එහෙ මෙහෙ යන්න හොඳ නැහැ

මෙන්න බොලේ මෙයා කන්න දීපු අත හපා කන හැටි straight face.....හැබැයි කතාවත් ඇත්ත. දා ගතිපු දවසේ ඉඳල සති 3 කට වඩා නැහැ මගේ වෙඩිමට. මට සමහර යාලුවොන්ගෙන් උපදෙස් ලැබිල තිබුනේ මාස දෙකක් වත් තියලා සියලු ගමන් බිමන් අත අරින්න කියලා. අනික වෙඩින් එක ඉවර වෙලා අපි හඳ අල්ලපු රට ට එන්න හිටියේ....හැබැයි ඊට පස්සේ නම් සිරීපාදේ යනවා බොරු.

එව්වා කොහෙද මාත් එක්ක....අපරාදෙ කියන්න බෑ අම්ම නම් කිව්වා "වෙන්ඩ මනමාලි කෙනෙක් ට සිරීපාදේ යන්න තියනම් කොච්චර දෙයක් ද"  කියලා. ඉතින් අන්තිමට අත්තම්මා ඇතුළු පිරිස කැමති උනා මාව යවන්න.

අප්පේ...ඒ ගමන ගැන නම් කියන්න වචන නැහැ.....

හපොයි....දිග පෝස්ට් එකක් කම්මැලි නම් කියවන්න එපෝ...සිරිපා කරුණාවේ විස්තර ඊ ළඟ එකෙන්වත් දාන්නම්. (හිතුනොත් විතරක් :)

33 comments:

  1. දාන්න දාන්න විස්තර ඔක්කොම..මමත් එක පාරක් යන්තං සිරීපාදේ කරුනා කරා.....දැංනං ආසයි ආයිත් යන්න....

    ReplyDelete
  2. මම දැනට 4 වතාවක් සිරිපා කරුණා කරලා තියෙනවා. අන්තිම පාර කරුණා කලේ කුරුවිට - එරත්න පාරෙන්. ගමන හරිම දුෂ්කරයි. ඒත් අවට පරිසරය හරිම ලස්සනයි.

    ReplyDelete
  3. දිග උනාට ලියලා තියෙන රටාව නම් මරු. ඒ නිසා මාගලක් උනත් දිග පෝස්ට් එකක් සුරුස් ගාලා එක හුස්මට කියවලා දාන්න පුලුවන් !!!

    ඒ කියන්නේ අක්කා මීට අවුරුදු දෙහෙකින්ද බැන්දේ ? හික්ස් :)

    කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න. හිත හිත ඉන්න එපා ඔන්න ඔහේ ලියලා දාන්න !!!!

    ReplyDelete
  4. ඒක නෙමෙයි. කොහොමද අර බ්ලොග්‍ රෝල් එක මාර්කිව් කරගත්තේ ??? ඒකේ කෝඩ් එක කොහෙන්ද ගත්තේ ??

    ReplyDelete
  5. @ඔබ නොදුටු ලොවක් : මටත් ආපහු යන්න ආසයි අප්පා...දාන්නම්කෝ කරුණාවේ විස්තරත්..

    @විසිතුරු : නියමයි නේ...මටත් තියන ආසාවක් තමයි වෙන පාරකිනුත් කරුණා කරන එක. මම දෙපාරම ගියේ හැටන් පැත්තෙන්.

    @මධුරංග : අම්මෝ..ස්තුතියි මල්ලි එහෙම කිව්වට. ඔව් ඔව් අවුරුදු 2 කට කලින් තමයි. :))
    ආ...මාර්කිව් කර ගත්තේ මෙතනින්....
    http://anangmanan.blogspot.com/2011/10/blog-blog-blog.html

    ReplyDelete
  6. @සයූරී :
    මොකෑ අක්කා අම්මෝ කිව්වේ ?
    ගොඩක් ස්තුතියි කෝඩ් එක හොයලා දුන්නට !!!

    ReplyDelete
  7. අක්කා ලාංකීය එකෙයි හත්මාලුවෙයි රෙජිස්ටර් කරලා නෑ නේද. මහන්සි බලන්නේ නැතුව ඒවා වලත් රෙජිස්ටර් පාරක් දාමු. ඒවා ගොඩක් පරණ සිංඩි !!!

    ReplyDelete
  8. විශ්මයාර්ථය හඟවන්නනේ ඉතින් අම්මෝ කිව්වේ හි හි.....මල්ලි කලින් කියපු වෙලාවේ මේ සින්ඩි වලට ඇප්ලයි කරා වගේ මතකයි..බලන්නම්කෝ ආපහු පාරක්...බොහොම ස්තුතියි ඔයාගේ උදව් වලට :)

    ReplyDelete
  9. දිල් අන්තීමට සිරිපා කරුණා කලේ 2007 අවුරුද්දෙදී...දිල්ගෙ අනතුරුන් සම්පූර්ණ සුවය ලැබුනට පස්සෙ....දිල් දැනගෙන උන්නෙ නෑ මහා උස තැන්වලට ...පඩි පේලි එහෙම දිල්ට නගින්න හොඳ නෑ කියලා...සිරිපා කරුණා කරලා පහල එද්දී වැඩේ දෙල් වෙලා...දිල් කෙලින්ම ඉස්පිරිතාලයේ සැත්තමකින් තමා නැවතුනෙ....ආයේමත් කවදාවත්ම සිරිපා කරුණ කිරීම දිල්ට තහනම්....

    ReplyDelete
  10. මගෙත් ඇති අක්කේ සිරීපාදෙ තුන්වෙනි පාර යන්න ගිහින් වෙච්ච දේවල් සීරීස් එකක්ම.

    ReplyDelete
  11. අඩේ මම් තාම ගිහින් නෑනේ සිරීපාදේ.

    ReplyDelete
  12. ඔරිජිනල්ම පාර හෙවත් රජමාවත තියෙන්නෙ රත්නපුර පැත්තේන් , ඒ කියන්නේ පලාබත්ගල පාර ,නගින්න අමාරුයි ඒත් ලස්සනයි (මම ගිහින් නැ , අනුන් කියන එව්වා ) ඇත්තම රජ මාවතත් දැන් නැ , ඒක පටන් අරන් තිබුනේ ගිලිමලේ රජමහ විහාරය ගාවින්ලු , දැන් ඊට වඩා ගොඩක් දුර වාහනවලින් ගිහිල්ල තමයි නගින්න පටන් ගන්නේ

    ReplyDelete
  13. මධුරංගට අක්කා වෙනවා නම් මට අය්යේ කීම(බ්ලොග් ප්‍රමෝ එකේදී ) ගැලපෙයිද මන්දා .....කමක් නැ මමත් අය්යා පාට් එකට කැමතියි

    ReplyDelete
  14. @දිල් : අම්මෝ..දිල්, මිට පස්සේ නම් පරෙස්සමින්. අමාරුවෙන් හොඳ කර ගත්ත දේ පරෙස්සම් කර ගන්න ඕනනේ..අපි උනත් සිරීපාදේ නැගල බැස්සම කකුල් වලට හොඳ ගනං ඉතින්.

    @නිසුපා : ෂා..ඒවත් දාන්නකෝ නංගි අපිටත් බලන්න :)

    @නදී : ඔයාටනම් කැම්පස් ඉද්දි යන්න තිබුන නේද? දවසක ගිහින් බලන්නකෝ. අර කතාවක් තියෙන්නේ සිරිපාදේ නොනැග්ග පය සතයක් වත් නොවටී කියල :D

    @බුවා : හපොයි බුවා මල්ලි, ඔයත් මදුරංග ගේ වයසේද? හි හි, මම හිතුවේ අයිය කෙනෙක් කියලා. ඇයි අප්පා අයිය කෙනෙක්ගේ නමක්නේ තියෙන්නේ :))......මාත් අහල තියනවා රජ මාවත ගැන නම්. ඒක ටිකක් දුරයි වගේම ලස්සනයි කියල තමයි කට්ටිය කියන්නේ.තැන්කු මල්ලි ප්‍රොමෝ එකටත් මේ පැත්තේ ආවටත්...

    ReplyDelete
  15. මමත් තාම ගිහින් තියෙන්නේ එක පාරයිනේ.. අයෙම යන්න ආසයි.. එත් කවදා යන්න වෙයිද දන්නේ නෑ...

    ReplyDelete
  16. @දිනේෂ් : ඔව් කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ...සමහරු ඉන්නවා හැම අවුරුද්දෙම සිරීපාදේ යන අය.

    ReplyDelete
  17. හ්ම්... මමත් ජීවිතේ පළමු වතාවට සිරිපා කරුණා කලේ මේ අවුරුද්දේ. අප්පේ... මතක් වෙන කොට කකුල් ගැහෙනවා අප්පා. තනියෙන් නම් කමක් නෑ. වටේ ඉන්න අයවත් එගොඩ කරන්න එපායෑ...

    පොඩි කාලේ අහලා තිබුණු සිරිපා සංස්කෘතිය දැන් නම් ඇත්තේම නෑ වගේ. උපාසක අම්මලත් කියන්නේ තුන් සරනේ නෙවෙයි අග්ගලා ගැන. නොදෝකින් !

    අන්තිමේදී ඒ ගමනෙන් ඉතිරි වුනේ මහන්සියයි, කළකිරීමයි විතරයි !

    ReplyDelete
  18. @චතුරංග : ඒක නම් ඇත්ත..මම අවුරුදු අටේදී ගිය ගමනට වඩා මේ පාර ගමන ගොඩක් වෙනස්...ඒවායේ තිබුන සුන්දරත්වය ඒ විදියටම ආරක්ෂා වෙලා නැහැ. ඒ ගැනත් ඊ ලඟ ලිපියේ ලියන්න ඕන කියල හිතුවේ. ම්ම්...බඳිනකොට වයස කීයද කියල දන්නවනම් හරියටම කිව්වහැකි :) මටනම් ඒ කාලේ 24 යි.

    ReplyDelete
  19. සිරීපාදෙ එක පාරක් වත් නැග්ග නැති එකත්, එකපාරට වැඩිය නැග්ග එකත් මෝඩය කියනව. මොන හේතුවක් හින්ද කියනවද නං දන්නෙ නැහැ. හැබය් මාත් දෙපාරක් නැගල තියෙනව.

    ReplyDelete
  20. @Observer : එක පාරකට වඩා නගින කෙනා මෝඩය කියල මාත් අහල තියනවා...ඒත් මොකද මන්දා මට 3 වෙනි පාරටත් යන්න හිතෙනවනේ :)) ඔබා මාමට බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  21. උදයංග ලක්මාල්October 25, 2011 at 5:23 AM

    ඇත්තටම මේක කියවනකොට මගේ හිතත් ඒ සුන්දර අතීතෙට දිවගෙන ගියා. මම සිරිපා කරුණා කරලා තියෙන්නේ එක වතාවයි. ගමන ටිකක් අසීරුයි. එත් හරිම සුන්දර අත්දැකීමක්. මතක් වෙනකොට ආපහු යන්න ලොකු ආසාවක් ඇති වෙනවා.

    ReplyDelete
  22. සිරීපාදෙ ගිහින් නෑ මම. මේක කියවපුවමනම් ආස හිතුන යන්න.

    ReplyDelete
  23. @උදයංග : ඇත්ත තමයි...අසීරු වෙන තරමට ම සුන්දරත්වයත් වැඩි වෙනවා...ස්තුතියි උදයංග මේ පැත්තේ ආවට :)

    ReplyDelete
  24. @රෝස කුමාරි : පුළුවන් දවසක යන්න බලන්නකෝ...ඇත්තටම සුන්දර ගමනක්..රෝස කුමාරිත් සාදරයෙන් පිලිගන්නවා පහන් යායට...

    ReplyDelete
  25. උදයංග ලක්මාල්October 28, 2011 at 10:20 PM

    මම ඔයා ලියපු හැම ලිපියක්ම වගේ කියෙව්වා. කමෙන්ට් කලා. ඇත්තටම මම ලොකු ආසාවකින් ඒ දේවල් කියෙව්වේ. කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ. හරිම සිත්ගන්නා සුළු ආකාරයට තමයි ලියල තිබුනේ. ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තවත් ලියන්න දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා.

    මම මුලින් ඔයාට සයුරි අක්කා කියන්න හැදුවේ. ඒත් ඔයා අවුරුදු 2 කට කලින් මැරි කරන කොට වයස 24 යි කිව්වනේ. ඒ කියන්නේ දැන් 26 යි. මටත් දැන් වයස 26 යි. ඒ කියන්නේ අපි එක වයසේ. කොහොම උනත් මම නම් තාම මැරි කරලා නෑ :)...

    ReplyDelete
  26. @උදයංග : ඇත්තටම ඔයාටත් බොහොම ස්තුතියි මේ අදහස් වලට...ඒවා දැක්කම තවත් ලියන්න ආස හිතෙනවා...මම තාම අලුත් කෙනෙක් නේ..ඉතින් මේ හැම කමෙන්ට් එකක්ම වටිනවා...මම ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න හැදුවට යන්න බැහැ නේ...

    එහෙනම් අපි එක වයසේ...:) ආ...26 කියන්නේ මැරි කරන්න හොඳම වයස මම හිතන්නේ...ඒත් කොල්ලොන්ට වයස අවුලක් නැහැ නේ...:D

    ReplyDelete
  27. උදයංග ලක්මාල්October 29, 2011 at 6:04 PM

    ආ..එහෙමද..මම බ්ලොග් ලියන කෙනෙක් නෙමෙයි සයුරි.. දැනට මම බ්ලොග් කියවනවා විතරයි.. ලියන්න නම් ආසාවක් තියෙනවා.. ඉස්සරහට බලමු...

    ReplyDelete
  28. @උදයංග : එහෙනම් ඔන්න අපිත් බලාගෙන ඉන්නවා උදයංග ලියන්න එනකන්...:)

    ReplyDelete
  29. මමත් තාම ගිහින් නෑහෑ......ඒත් යන්න ආසයි

    ReplyDelete
  30. @ එල කොල්ලා : අනිවාර්යෙන් යන්න...යා යුතුම ගමනක්..

    ReplyDelete
  31. අපේ නැන්ද මල්වල ( රත්නපුරේ ) අපේ ෆැමිලි
    ට්‍රිප් එක යන්න හිටියා ඉස්සර ඉඳන් සිරීපාදේ ..
    ඔතොකොට මට 12, 13 වගේ..නැන්දගේ පුතාලා,
    ලොකු තාත්තලාගේ පුතාල තමා ඉතින් ලෝඩ්ලා
    ඒ කාලේ ..මන් බට්ටා .හැම පාරම සියලු ලෝඩ්ලා
    මේ පාර යනවා , යනවා කිව්වා පමණය..බට්ටා
    ගිය සිරී පාදයක් නැත... අද වන විට සියලු ලෝඩ්ලා
    හොයාගන්නත් නැත ..බට්ටාද හීනයෙන් අවදිව ඇත..
    සිරිපා දැක නැත..!
    අසා සිටි ඔබ සැමට ස්තූතියි ..

    ReplyDelete
    Replies
    1. බට්ටා නුදුරු දිනයක සිරිපා දකිනු ඇත. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...