Tuesday, May 1, 2012

මහ වෙදාණෝ - රාජාවලිය XVII




අපේ රටට දළදාව වැඩම කරවීම ගැන කතා කරපු පහුගිය රාජාවලිය ලිපිය අපි නතර කළේ දෙවන දෙටුතිස් රජතුමා ගේ ලඟින්. අද එතැන් සිට...

දෙටුතිස් රජතුමාගෙන් පසුව රජ උනේ ඔහුගේ පුත්‍රයා "බුද්ධදාස" රජතුමා (ක්‍රි. ව. 341 - 370). මේ රජ තුමා අතිදක්ෂ වෙදැදුරෙක් විදිහට කා අතරත් ප්‍රසිද්ධ කෙනෙක්. එතුමා ගැන මම මුලින්ම ඇහුවේ පොඩි කාලේ සිංහල පෙළ පොතක තිබුණු කතාවකින්.

රජතුමා මගුල් ඇතු පිටේ නැගලා තිසා වැවට යන අතර මගදී දැක්කලු තුඹසක් ළඟ නාගයෙක් අසනීපයෙන් වැතිරිලා ඉන්න හැටි. ටිකක් විපරම් කරලා බැලුවම රජතුමා දැක්කලු නාගයා පීඩා විඳින්නේ උදරයේ හටගත් ගෙඩියකින් කියලා. ඉතින් රජතුමා මොකද කළේ, නයා ලඟට ගිහින් ඒ ගෙඩිය පළලා බෙහෙත් ගල්වලා නාගයා සුවපත් කරපු එක. රජතුමා වැඩේ කරනකන් නාගයා තුඹස ඇතුලට ඔලුව දාගෙන හිටියා කියල තමයි කියන්නේ.

මේ කතාව ඇරෙන්න රජතුමාගේ වෙද හෙද කම් ගැන තව කතා කිහිපයක්ම තියනවා. දියබරි බිත්තරයක් ගිලුණු මිනිසෙකුගේ බඩේ දී බිත්තරය බිඳීම නිසා හටගත් දියබරියෙකු, මිනිසාට නිදා ගැනීමට සලස්වා ඔහුගේ කටට ඉහළින් මස් කැබැල්ලක් අල්ලා, එලියට ඇද දැමූ හැටි කියවෙන කතාව ඉන් එකක්.   තවත් කතාවක් තමයි පනුවන් සහිත කිරි වැළඳු හාමුදුරු නමක් සුවපත් කළ හැටි. හාමුදුරුවෝ ප්‍රතිකාර ගන්න වඩිද්දී රජතුමා ඉඳලා තියෙන්නේ අශ්වයෙකුට ප්‍රතිකාර කරමින්. ටික වෙලාවකින් හාමුදුරුවන්ට යම් බීමක් ගෙනත් දීපු රජතුමා, හාමුදුරුවෝ ඒක පානය කරනකම් ඉඳලා කිව්වලු "ඔබ වහන්සේ දැන් බිව්වේ අශ්වයාගේ තුවාලයෙන් ගත් කුණු ලේ.." කියලා. හාමුදුරුවන්ට මේක අහපු ගමන් බඩේ ඉඳපු පණුවොත් එක්කම වමනේ ගියාලු.

මේ විදිහට ප්‍රතිකාර සඳහා නොයෙක් උපක්‍රමත් යොදා ගත් බුද්ධදාස රජතුමා සැත්කම් ආදිය කරන්නත් දක්ෂ කමක් දැක්වුවා ලු. මේ සමහර කතා අතිශයෝක්ති වෙන්නත් පුළුවන්. කොහොම උනත් එතුමාගේ රාජ්‍ය කාලයේදී රට සෞඛ්‍ය පැත්තෙන් ඉතාමත් සමෘදිමත් වෙලා තිබුණලු. ගමක් පාසා රෝහල් තනාලා වෙදුන් පත් කරලා රට වැසියාගේ  රෝග පීඩා වලට සහනයක් ලබා දෙන්න එතුමා කටයුතු කරලා තියනවා. බුද්ධදාස රජතුමාට පුතුන් 80 දෙනෙක් පමණ සිටි බවත් කියවෙනවා.

මේ විදියට රටේ යහ පාලනයක් ගෙන ගියපු බුද්ධදාස රජතුමාගෙන් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ වැඩිමහල් පුත් උපතිස්ස රජතුමාට (ක්‍රි.ව. 370 - 412). පියාට වගේ වෙද කම පිහිටලා නොතිබුනත් ඔහුත් ඉතාමත් හොඳින් රට පාලනය කළ රජෙක්. වෙහෙර විහාර සහ වැව් විශාල සංඛ්‍යාවක් කරවපු මෙතුමා ගේ රාජ්‍ය කාලයේදී දරුණු දුර්භික්ෂයක් ඇති වෙලා තියනවා. ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ධාතු වඩම්මවා පිරිත් කියවා දුර්භික්ෂය දුරු කර ගත් බව කියවෙනවා.

උපතිස්ස රජතුමා ගේ විවාහ ජීවිතය නම් සතුටින් ගෙවුන එකක් නෙමෙයි. රජ බිසව රජතුමාගේ ම බාල සොහොයුරා (මහානාම කුමරු) සමඟ සම්බන්ධයක් ඇති කරගෙන තියනවා.  මහානාම කුමරු ඒ වන විට මහණ වෙලා ඉඳලා තියෙන්නේ. අන්තිමේ බිසවත් මහානාම කුමරුත් එකතු වී උපතිස්ස රජතුමා මරවන්න කටයුතු කළා ලු.  ඉන්පස්සේ මහානාම රජතුමා (ක්‍රි. ව. 412 - 434) අයියාගේ බිසව තමන්ගේ මෙහෙසිය බවට පත් කර ගත්තා ලු.

මෙන්න මේ කාලයේදී තමයි බුද්ධඝෝෂ හිමියන් සහ ෆාහියන් භික්ෂුව ලංකාවට වැඩම කරන්නේ. ඒ වන විට සිංහලෙන් ලියවී තිබුණු අටුවා කතා විශාල ප්‍රමාණයක් බුද්ධඝෝෂ හිමියන් අතින් පාලියට පරිවර්තනය වෙනවා. ලංකාවේ වසර දෙකක් ගත කළ ෆාහියන් භික්ෂුව ගේ වාර්තා සටහන් එවකට ලක්දිව තොරතුරු විමසීමේදී ඉතාමත් වැදගත් වෙනවා.

සාමකාමී අවුරුදු 22 ක් රාජ්‍ය කිරීමෙන් පස්සේ මහානාම රජතුමා මිය යනවා. ඊ ළඟ රාජාවලිය ලිපියෙන් අපි කතා කරමු එක දවසකට පමණක් රජ වූ රජෙක් ගැනත් ලම්භකර්ණ රාජ වංශයේ අවසානය ගැනත්.

55 comments:

  1. හුරේ අද මම එක.තෑගි මට.(දිනේෂ් මලයා තාවම දොයි ඇති. :D)

    ReplyDelete
    Replies
    1. මට බුද්ධදාස රජතුමාගේ කතාව කියලා දුන්නේ අපේ අත්තම්ම. හිටපු රජවරුන්ගෙන් මම හුගක්ම ආදරේ කල කෙනා තමයි බුද්ධදාස රජතුමා.

      Delete
    2. මේක කුමන්ත්‍රණයක්.. අද අපේ ඉතිහාසය ටීචර් පන්තියට ඇවිත් තියෙන්නේ වැරදි කාලච්ජේදයක.. මම මේ ඉදිආප්පයක් කන්න කැන්ටිමට ගියා... :)

      Delete
    3. හා හා...අද බට්ටියා කලින්ම නැගිටලා :) දිනේෂ් මල්ලි ඉඳි ආප්ප කන්න ගියා ලු නේ. ඒකත් නරක නෑ ඉතින්.
      මමත් හරි කැමතියි බුද්ධදාස රජතුමාට...

      ළමායි...හොඳට ඉතිහාසේ අහගෙන හිටියට මෙන්න තෑග්ගක්. බෙදාගෙන කන්න හොඳේ..

      [im]http://dl.dropbox.com/u/16187387/chocolates_180103%5B1%5D.jpg[/im]

      Delete
    4. මට දෙන්නේ එක චොකලට් එකයි.. බට්ටි අක්කට චොකලට් ගොඩයි.. මේක හරි අසාධාරණයි... :(

      Delete
    5. අලේ :( මේක ඉතින් බට්ටිට බෙදාගෙන කන්නනේ දුන්නේ...තනියම කන්න බෑ මේක එයාට...

      Delete
    6. ස්තූතියි අක්කියෝ. මම මේ අදත් උදෙන්ම ආවා තෑග්ග ගන්න. ඔයා දෙන තෑගි මම මූණු පොතේ එකතු කරනවනේ...

      අයියේ මල්ලි මොකටද දැන් රණ්ඩු කරන්නේ. මෙච්චර චොකෝ ගොඩක් ඔයාට නොදී මම කනවා කියලා හිතුවද? චොකලට් දෙන්නම් ලබන පාරත් ඉදි අප්ප කන්න යන්න හොදේ.................

      Delete
    7. හනේ..මම දැනගෙන හිටියේ නැහැ නේ ඒ වගක්. මම ඉතින් හරිම අඩුවෙන් තමයි මූණු පොත පැත්තේ යන්නේ. අනේ පව් බට්ටියා...

      Delete
  2. බුද්ධදාස රජතුමා ගැන මමත් අහලා තියනවා. අපි දන්න මාමා කෙනෙක් ඉන්නවා බුද්ධදාස කියලා. එයත් වෛද්‍යවරයෙක්. ඒ හන්දම තමා ඒ කතා මුතුවෙලා උඩට ආවේ.

    ඔයා කියලා තියන, එයාගේ කතා හරිම ලස්සනයි. රජතුමාගේ කාලේ සෞඛ‍ය දියුනුව තිබුලනු, එයාට පුතුන් 80 හිටියලු කියනකොට නම් හිනාත් ගියා.:)

    බට්ටියෙ චොක්ලට් එකක් හම්බ උනොත් මටත් කෑල්ලක් හොඳේ.:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිගේ මාමත් රජතුමා වගේ හොඳ වෛද්‍යවරයෙක් වෙන්න ඇති එහෙනම්. පුත්තු 80 ක් හැදුවා කියන්නේ ලේසි නෑ නේද:) ලොකු අන්තඃපුරයක් තියෙන්න ඇති මම හිතන්නේ.

      බට්ටි හොඳ ළමයෙක් ලු. බෙදාගෙන ලු කන්නේ :)

      Delete
    2. ඔන්න පොඩ්ඩි අක්කියෝ අපේ සයුරි අක්කි ඔයා ඉල්ලපු දේම දීලා.මට හරි සතුටුයි. හැබැයි ඔන්න අර මැද තියෙන හාට් හතරම මම කනවා.ඔයයි මල්ලියි ඉතුරු සේරම රණ්ඩු කර ගන්නේ නැතුව කන්න...:)

      Delete
  3. ගොඩක් ස්තුතියි සයුරි . මාත් ආසාවෙන් කියෙව්වා . අපි පොඩි කලේ පාඩම් පොතේ තිබුන මේ රජතුමා ගැන

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ පොතේ තිබුණු කතාව මටත් හොඳට මතකයි අක්කා. ඒ අර නයාගේ කතාව.

      Delete
  4. දියබරි බිත්තර කතා කෙසේ වෙතත් සෞඛ්‍ය වෙනුවෙන් යම් සේවයක් කල බව කියවෙනව.

    ReplyDelete
    Replies
    1. දියබරි කතා ඒ හැටියෙන්ම පිළිගන්න ඕන නෑ ඉතින් :) හරය ගත්තම එතුමා දක්ෂ වෙදෙක් බව හිතන්න පුළුවන්.

      Delete
  5. බුද්ධදාස රජතුමා ගැන පොඩි කාලේ ඉඳන්ම දන්නවා :)/ ස්තුති අක්කේ මේ වගේ ලොකු විස්තරෙකට

    ReplyDelete
    Replies
    1. ඔව් නංගා මේ රජතුමා ගැන හැමෝම වගේ දන්නවා :)

      Delete
  6. බුද්ධදාස රජු ඉතිහාසයේ හිටිය "සිරිසඟබෝ" වගේම හොඳ රජ කෙනෙක්. මම අහලා තිබුණේ නයාට කල වෙදකම ගැන විතරයි. අර දියබරි බිත්තර ගැන නම් මාරයි බඩේ දියබරි පැටියා..

    බලන්ගියාම අයියල මල්ලිල වුනත් රජකම ගන්න මරාගන්නවා.ඒවා ඉතිං කොයි කාලෙටත් වංගුයි වගේ.

    බුද්ධගෝෂ හිමියන් ලංකාවෙ තිබුණු ථේරවාදී බුදුදහමේ වටිනා කොටස් ඇතුළත් පුස්කොල පොත් හංගලා උන්වහන්සේගේ මතය ථේරවාදි බුදුදහම සේ ව්‍යාප්ත කළා කියලා මතයකුත් තියනවා.

    හැමදාම වගේ අදත් මේ ඉතිහාසය රසවත්ව ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      බුද්ධගෝෂ හාමුදුරුවන්ට සිංහල අටුවා ග්‍රන්ථ පාලියට පෙරලන්න දෙන්න කලින් කරපු පරීක්ෂණයේදී ගාථා පාඨයක් විස්තර කරලා අවස්ථා තුනකදීම පොත බැගින් ලියවනවා. මුල්ම පොත සඟවපු නිසා දෙවෙනි පොතත් දෙවෙනි පොත සඟවපු නිසා තෙවෙනි පොතත් වශයෙන්.

      අවසානයේදී පොත් තුනක පිරික්සලා බලද්දී පොත් තුනම 100% ක් සමානව තිබුණා කියලයි කියන්නේ. ඒ පොත තමා විසුද්ධි මාර්ගය.

      "බුද්ධගෝෂ හිමියන් ලංකාවෙ තිබුණු ථේරවාදී බුදුදහමේ වටිනා කොටස් ඇතුළත් පුස්කොල පොත් හංගලා"

      සිංහල අටුවාවල තිබුණේ ධර්ම කොටස් සවිස්තරාත්මකව විස්තර කරලා. ඒ වගේ වටිනා කෘති සිංහල බසින් තිබෙද්දී අනිත් රටවල බෞද්ධයන්ට පරිශීලනය කරන්න බැරි නිසයි බෞද්ධයන් අතර භාවිත වෙන පොදු භාෂාව වෙන පාලි භාෂාවට පෙරලන්න බුද්ධගෝෂ හාමුදුරුවෝ කටයුතු කරන්නේ

      ඒ වගේමයි බුද්ධගෝෂ හාමුදුරුවෝ පාලියට පෙරලුවේ සිංහල අටුවා විතරයි. ත්‍රිපිටකය ඒ කාලෙත් තිබුණේ පාලියෙන් විතරයි.

      ඒක නිසා බුද්ධගෝෂ හාමුදුරුවන්ට නගන චෝදනාව පිළිගන්න අමාරුයි

      Delete
    2. මමත් කලින් අහලා තිබුනේ නයාගේ කතාව විතරයි. පස්සේ විස්තර හොයද්දි තමයි මේ කතා ටිකත් දැන ගත්තේ. ඇත්තද නම් මම දන්නේ නෑ :) අයියා මල්ලි මරා ගැනිලි නම් ඉතිහාසය පුරාම තිබිලා තියනවා නේද. පාලියට පරිවර්තනය කරාට පස්සේ, සිංහල අටුවා පරිහරණයෙන් ඈත් නොවුනා නම් හොඳයි. අයියාටත් බොහොම ස්තුතියි ඔබේ වටිනා කාලය කැප කරගෙන හැමදාම ඇවිත් සටහනක් තියලා යනවට...

      Delete
  7. ලංකාවෙන් මේ වෙද්දී හමුවෙලා තියෙන පැරණිම වෛද්‍ය ග්‍රන්ථය වන "සාරාර්ථ සංග්‍රහය" රචනා කරන්නේ බුද්ධදාස රජතුමා. ඒ කෘතිය අද දක්වාම දේශීය වෛද්‍යවරුන් භාවිතා කරන්නක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේ පොත ගැන මම කොහේ හරි තවත් බ්ලොග් එකක දැක්කා වගේ මතකයි..

      Delete
  8. උපතිස්ස රජුගෙත් මහානාම රජුගෙත් අග මෙහෙසිය කවුද? අනුලා දේවිය නෙවේ නේද?
    මේ ගැන ලියැවුනු කාතාවක් කියෙව්වා මතකයි..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය රූ කියන්නේ වළගම්බා රජතුමා මෙහෙසිය කරගත්තු අනුලා දේවිය ගැන වෙන්න ඇති. එයත් අයියගේ බිරිඳ නේ :) මේ මෙහෙසියගේ නම නම් මම දන්නේ නෑ.

      Delete
  9. මම තව කියලා තියෙන කතාවක් තමයි පුද්ගලයෙක්ගේ මොලයට ගියපු ඉස්ගෙඩියෙක්ව එළියට ගත්තයි කියන කතාව ඒක හරියටම මතක නෑනේ.බොහෝම වටිනවා අක්කෝ ඒ වුනාට අද අඩුවෙන් ලියලා තියෙන්නේ බුද්ධදාස රජතුමාගේ වෙදකම ගැන විතරක්ම ලොකූ ලිපියක් ලිව්වනම් මාර වටිනවා...මේ වෙදකම් අතිශෝක්තියක් කියලා කියන්න නම් මම කැමති නෑ මොකද මම ඉතාමත් මෑත කාලෙදි මේ වගේ විශ්වකර්ම වෙදකම් දෑහින් දැක්ක නිසා

    ReplyDelete
    Replies
    1. ඉස්ගෙඩියත් කාල ඇදල නිකන් ඉන්න බැරිහැටි.. මූත් රි0ගනව කියල රි0ගන්නේ එසේමෙසේ තැන්වල නෙමෙයිනෙ :P

      Delete
    2. අහ්හ් ඔවු ඔවු. එතුමා මොළයේ සැත්කමක් කරපු කතාවක් මාත් අහල තියනවා. ඒක ඇත්ත මල්ලි. ඒ ගැන විතරක්ම ලිපියක් ලියන්න තිබුන නම් හොඳයි. ඒත් එහෙම ගියොත් මම නාකි වෙනකන් මේක ඉවර කරන්න වෙන එකක් නෑ :) මල්ලි කියන්නේ වෙද ගෙදර ගැන වෙන්න ඇති නේද? හ්ම්ම් ඒකනම් ඇත්ත. අපිට හිතාගන්නත් බැරි අපි නොදන්නා දේවල් ඕන තරම් තියනවා තමා...

      හයියෝද කියන්නේ තොටියෝ...

      Delete
  10. ඉස්කෝලේ ඉතිහාසය පාඩමේදි බුද්ධදාස රජතුමාට විශේෂ තැනක් දීලා තියෙනවා.. මත මතක හැටියට එතුමන් ප්‍රතිකාර කරන්න ගත්ත බෙහෙත් ඔරුවත් තාම තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. සිංහල පොතේ තමයි අර නයාගේ කතාව තිබුනේ මට මතක විදියට. එතුමාගේ කියලා හඳුනගත්තු බෙහෙත් ඔරු තියනවද?

      Delete
  11. මම අහල තියනව අර කිව්ව නාගය සුවකළාට පස්සෙ නාග මාණික්‍යක් රජතුමාට තෑගි දුන්න කියල. අතිශයෝක්තියක් තමා ඉතින්.
    අම්මෝ.. රජතුමාට පුතුන් 80 දෙනෙක්!! දැන් කාලෙ රාජ මහාමාත්‍යදීන්ටත් එහෙම හිටියනම් බලන්ඩ තිබුන රගේ..

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ කට්ටියටත් සමහරවිට ඊටත් වඩා ඇති...අපි නොදන්නවට. හි හිහ්හ්...නාග මානික්‍ය ගැන මටනම් පුදුම කුතුහලයක් තියෙන්නේ. ඇත්තටම එහෙම ඒවා තියනවද නයි ළඟ?

      Delete
  12. // ඒ වන විට සිංහලෙන් ලියවී තිබුණු අටුවා කතා විශාල ප්‍රමාණයක් බුද්ධඝෝෂ හිමියන් අතින් පාලියට පරිවර්තනය වෙනවා. //

    දයානන්ද මහත්මා කිව්වා වගේ, මමත් විශ්වාස කරන්නේ නියම හෙල අටුවා ලේඛණ කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කෙරුණු බවක් තමයි.... ඒ හෙල අටුවා මේ වන තෙක් පැවතුනා නම් අපේ ඉතිහාසය ගැන අපි දන්නා කථාන්දරය මීට ගොඩාක් වෙනස් වෙන්න තිබුණා... මට නම් හිතෙන්නේ අපි ඉගෙන ගත්තේ, විශ්වාස කරන්නේ මවා පාපු ඉතිහාසයක් කියලයි...

    බුද්ධදාස රජතුමා අපේ රජ වංශේ ඉන්න ප්‍රසිද්ධම රජ කෙනෙක් නේ... එතුමාගේ නාග ප්‍රතිකාරය ඉතිහාසය ගැන යන්තම් කියවපු අයත් දන්නා කාරණයක්...! බෙහෙත් ඔරු විශාල ගණනක් බුද්ධදාස රජතුමාගේ කාලේ රට පුරා ඉදිවෙලා තිබ්බලු... හසිත වගේ, දන්නා කෙනෙක් ඇත්නම් පැහැදිලි කරනවා නම් හොඳයි...

    මේ කථා පෙලේ අගේ අදට වඩා හෙටට... ඉස්කෝලේ වැඩවලට ජංජාලේ කැරකෙන අපේ ළමයින්ට සයුරි නැන්දගේ පහන්යායට ගොඩවෙන්න කියලා අපිට බය නැතුව රෙකමදාරු කොරන්න බැරියෑ...!!!

    වැඩ කටයුතු රාජකාරි අස්සේ රට වෙනුවෙන් කරන මේ සත් කාර්යයට මෙන්න ආචාරය... ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. "ඒ හෙල අටුවා මේ වන තෙක් පැවතුනා නම් අපේ ඉතිහාසය ගැන අපි දන්නා කථාන්දරය මීට ගොඩාක් වෙනස් වෙන්න තිබුණා..."

      මම කලින් දැක්වූ කරුණු තවත් විස්තර කළොත් බුද්ධ දේශනාව තුළ කෙටියෙන් දක්වන ලද කරුණු සවිස්තරාත්මකව දක්වන්න තමා අටුවා සාහිත්‍යයක් බිහිවුණේ.

      එතකොට සිංහල අටුවා ග්‍රන්ථ නිර්මාණය වෙන්න පටන් ගත්තේ මහින්දාගමනයෙන් පස්සේ. වළගම්බා රජ සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් එක්ක අටුවා ග්‍රන්ථ වැඩි ප්‍රමාණයක් ඒ කාලයේදී ලියවුණු බව විශ්වාස කරනවා.

      සිංහල අටුවාවල තිබෙන ධර්ම කරුණුවල තිබෙන පවිත්‍රතාවය ගැන විශ්වාසය කරපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන්නේ ඒ සිංහලෙන් තිබෙන ධර්ම කරුණු ඇතුළත් අටුවා ග්‍රන්ථ ටික පාළියට පරිවර්තනය කරලා ඒක පොදුවේ ලෝකවාසී බෞද්ධයන්ගේ අවධානයට ලක් කරන්න.

      බෞද්ධයන්ගේ පොදු භාෂාව වුණේ පාලි භාෂාවනේ

      ඒක නිසා හෙළ අටුවා පැවතුණා නම් වෙනස් ඉතිහාසයක් හෙළිකරගන්න පුලුවන් කියලා මතයකට එළඹෙන්න අමාරුයි.

      ඒත් මෙහෙම දෙයක් තියෙනවා.

      මහාවිහාර වංශිකයන් ලියපු "මහාවංසය" හැරුණාම උත්තරවිහාර අට්ඨකතා කියලා පොතකුත් තිබිලා තියෙනවා.

      ඒ වගේම විනයට්ඨකතා, සීමා කතා, චේතියවංසට්ඨකතා, සහස්සවත්ථු අට්ඨකතා, සීහලනමක්කාර වණ්ණනා, ගණ්ඨිපදත්ථවණ්ණනාව ආදී වශයෙන් ලාංකීය සාහිත්‍ය මූලාශ්‍ර රැසක් පැවතිලා තිබෙනවා.

      මේ ග්‍රන්ථ සියල්ල සොයාගන්න පුලුවන් නම් අපක්ෂපාතී ඉතිහාසයක් මතු කරගන්න පුලුවන් වෙයි

      Delete
    2. "බෙහෙත් ඔරු විශාල ගණනක් බුද්ධදාස රජතුමාගේ කාලේ රට පුරා ඉදිවෙලා තිබ්බලු... හසිත වගේ, දන්නා කෙනෙක් ඇත්නම් පැහැදිලි කරනවා නම් හොඳයි..."

      බුදු දහමේ කියවෙන ආරෝග්‍යා පරමා ලාභා සංකල්පයත් එක්ක දහමින් මානසික සුවය ලබාදෙනවා වගේම බෙහෙත් ආදිය ලබාදීමෙන් ශාරීරික සුවය ලබාදෙන්නත් එක්කම විහාරාරාමවල රෝහල් ඇති කරපු බව පේනවා.

      මුල්කාලීනව මැදිරිගිරිය [මට මතක් වෙන්නේ එච්චරයි] එහෙම රෝහලක්. ප්‍රසූතිකාගාර, බෙහෙත් ඔරු ආදිය තිබුණු රෝහලක් ඒක. ඒ වගේම පසුකාලීනව ආලාහන පිරිවෙනේ රෝහල, මාලිගාවිල ඇස් රෝහල වගේ ස්ථාන බොහොමයක් පන්සල් ආශ්‍රිතව තිබුණු පොදුවේ මිනිසුන්ට බෙහෙත් කළ ස්ථාන.

      "පශු චිකිසා" යන සඳහනින් සතුන්ටත් රෝහල් පිහිටවා තිබුණු බවයි පෙනෙන්නේ

      Delete
    3. පාලියට පරිවර්තනය කිරීම නම් හොඳයි. ඒත් හෙළ අටුවා පරිහරණයත් දිගටම පවතුනානම් හොඳයි කියලා මාත් හිතනවා චතුරංග. මොනවා උනත් මුල් කෘති නේ. ඒ වගේම සිංහලෙන් ලියවුනු ඒවා.

      එහෙනම් ඔන්න චතුගේ පොඩි එවුන්ට කියන්නකෝ සයුරි නැන්දගේ පහන්යායට එන්න කියලා. තව අවුරුදු 7, 8 කින් එහෙම කියන්න පුළුවන් වෙයි මගේ හිතේ :)

      Delete
  13. චීනයේත් පාරම්පරික වෙදකමේ 1 අංගයක් තමයි නිල ශාස්ත්‍රය.ඒක චීන ආත්මාරක්ෂක සටන් ක්‍රමයත් එක්ක බැඳී පවතින 1ක්.එත් මම අහල තියෙනවා චීනයේ ඒ නිල ශාස්ත්‍රය ආරම්භ උනේ පාහියන් භික්ෂුව ලංකාවෙන් අරගෙන ගිය වෙද පොතකින් කියල.මතයක් තියෙනවා ඒ පොත බුද්ධදාස රජතුමා රචනා කරපු 1ක් කියල.
    අපේ ඉතිහාසයේ වැදගත් රජ කෙනෙක් ගැන වටිනා තොරතුරු ගොඩක්!:)
    තව කාරණයක් කියන්න ඕන මේ ලඟදි පටන් ගත්ත බ්ලොග් 1 ක ත් බුද්ධදාස රජතුමා ගැන සැහෙන්න විග්‍රහයක් තිබුන.ගොඩක් වෙනස් ක්.බ්ලොග් අඩවියේ නම තමයි රජස්.ඉතිහාසය ගැන වෙනස් අර්ථකතනයක් දීල තිබුන ඒ බ්ලොග් අඩවියෙත්.

    ReplyDelete
    Replies
    1. // ඒ නිල ශාස්ත්‍රය ආරම්භ උනේ පාහියන් භික්ෂුව ලංකාවෙන් අරගෙන ගිය වෙද පොතකින් කියල.මතයක් තියෙනවා//

      අප්පට සිරි..ඒකත් එහෙමද? ආ ඔය රජස් බ්ලොග් එක ගැන මම අහල තිබුනට ගිහින් නම් නෑ. බලන්නම්කෝ වෙලාවක. ස්තුතියි නුවන්.

      Delete
  14. අර කුණු ලේ බීව කතාව අහලා මට වමනේ යන්ඩ අවා නම්. ඒක බීපු හාමුදුරු නමට කොහොමට තියෙන්ඩ ඇද්ද කියලා හිතුනා.
    අපි තාමත් ඉන්නේ අනුරාදපුරේ නේ ??

    ReplyDelete
    Replies
    1. හිහි...ඔන්න වමනේ දාලා මට බනින්න නම් එපෝ :) තාමත් අනුරාධපුරේ තමයි මධූ. ඔයා හිතුවද ඔයා නැති ටිකට පොළොන්නරුවට ගියා කියලා. කොහොමත් අනුරාධපුර යුගය ටිකක් දිගයි. අනිත් ඒවා නම් ටක් ටක් ගාලා ඉවර වෙයි.

      Delete
  15. ඒ දැනුමට මොකද අප්පා වුනේ... ඇයි අද අපිට බටහිර වෙද්දුන්ගෙන් අහගන්ඩ වෙලා තියෙන්නෙ, සැත්කම් කරන හැටියි, බේත් කරන හැටියි.

    සරලව අපිට ඉතිහාසය උගන්වන සයුරි මිස්ට බොහොම පින් !!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සෙන්නෝ. ඕක මටත් තියන ප්‍රශ්නයක් තමයි. කාලයත් එක්ක ඒවා පිරිහිලා. ගුරු මුෂ්ටිත් එක හේතුවක් වෙන්න ඇති ඕවට. වෙන එකක් ඕන නැහැ, අපේ සියලගේ පරම්පරාව දැනගෙන ඉඳපු අත් බෙහෙත්, කෙම්, ගුරුකම් කීයෙන් කීයද අපේ තාත්තලා දන්නේ. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ කීයෙන් පන්ගුවක්ද

      Delete
  16. මම අහල තිබුනෙත් නයාට බෙහෙත් කරපු කතාව විතරයි.

    සෙනාට දුන්නු පිළිතුරත් එක්ක එකඟයි.අපේ මේ තාක්ෂනය නැති වෙලා හියපු එක හේතුවක් තමා ගුරු පිෂ්ටිය. තව මම අහල තියෙනවා ඒ කාලේ අපේ රටේ තිබුන කෑලෑ උණ (මැලේරියාව) නිසා ලොකු කරදරයක් ඒවගේම මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය ගියා කියල.මම නිවැරදිනම් පොළොන්නරු යුගේ බයානක විදියට වියාප්ත වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අප්පා. ඔය ගුරු මුෂ්ටිය හින්දා අපිට නැති වෙලා තියන දේවල් බොහොමයි. හැබැයි ඔය මුෂ්ටි තියාගන්න ඇත්තෙත් ගෝලයෝ කරේ නගින්න එන හින්දා වෙන්නත් ඇති

      Delete
    2. ඔව් ඉතින් මූසිලලා වගේ ගෝලයොත් එක්ක කොහෙද වැඩක් කොරන්නෙ මුෂ්ටි නොතියගන. හැබැයි ඉතින් බටහිර රටවල් දියුණු වුනේ සොයා ගත් දැනුම හැමෝ අතරම බෙදාගත්තු හින්දයි කියලයි මට හිතෙන්නෙ.

      Delete
    3. හ්ම්ම්...ඒකත් හරි. මේකත් හරි...

      Delete
  17. මුල ඉදන් කියවගෙන එන්න වෙනවා වගේ.
    සෑහෙන කාලෙකින්නෙ ආවෙ.

    කමෙන්ටු පසුවට

    ReplyDelete
    Replies
    1. ආ ඒකට කමක් නෑ මල්ලි...ඉඩ ඇති වෙලාවක කියවන්නකෝ..

      Delete
  18. ශික්...ඕලෙවල් ලියන කාලෙ සයුරි අක්කි මෙහෙම ඉතිහාසය ලියලා බ්ලොග් එකක් ලිව්වනම් මොකද.. :( එහෙනම් ලේසියිනෙ..:D

    අර කුනූ ලේ බිව්ව එකනම් හරිම අප්පිරියයි..:(

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිතු නංගි...ඒ කාලේ මටත් මේවා අරහන් :))

      කුණු ලේ ගැන වැඩිය හිතන්න එපා..හිහි

      Delete
  19. කෝ මගේ කමෙන්ට් එක........................................... :((((

    ReplyDelete
    Replies
    1. :0 :((( මට හොඳට මතකයි නේ ඔයාගේ කමෙන්ට් එක තිබුනා. දැන් නැහැ නේ..

      Delete
  20. Thank you for another history lesson.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා තාම ලංකාවේ වගේ :)

      Delete
  21. කියවන්න ආස හිතෙන විදියට ලියල තියනවා.මුල සිට සියලු පෝස්ට් කියවන්න ඕන.:ඩි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පබළු :) ඉඩ තියන වෙලාවක කියවල බලන්නකෝ.....පබළු ව ආදරයෙන් පිලිගන්නවා ඔන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...