Tuesday, May 29, 2012

දවසකට හරි රජතුමා - රාජාවලිය XVIII



රාජාවලිය නොනැවතී ඉදිරියට :)

පහුගිය රාජාවලිය ලිපියෙන් අපි අන්තිමට කතා කරේ මහානාම රජතුමා ගැන. මතක ඇතිනේ ඔහු අයියා මරලා ඔහුගේ බිසව පාවා ගත්ත හැටි. ඉතින් මහානාම රජතුමාට මේ අග බිසවගෙන් ලැබුණේ දුවක්. ඇය "සංඝා" කුමරිය. තවත් දෙමළ බිසවකගෙන් රජතුමා ට ලැබෙනවා පුතෙක්. ඔහු "සොත්තිසේන". සංඝා කුමරිය විවාහ වෙලා තියෙන්නේ රජතුමා ගේ ඡත්තගාහක තනතුර (සේසත භාරකරු) දැරූ කෙනා සමග.

සොත්තිසේන ඇරෙන්න රජතුමා ට වෙනත් පිරිමි දරුවන් ඉඳලා නැහැ. ඉතින් රජු ගේ අභාවයෙන් පස්සේ රජකම හිමි වෙලා තියෙන්නේ මේ සොත්තිසේන කුමාරයාට. හැබැයි ඉතින් මේකට සංඝා කුමරිය ඇතුළු අනෙක් ඇමතිවරු කැමති වෙන්නේ නැහැ. අභිෂේකය තිබුණු දින රාත්‍රියේ ම සොත්තිසේන රජතුමා මරවන්න මේ අය කටයුතු කරනවා. ඉතින් සොත්තිසේන රජතුමාට රජකම් කරන්න ලැබුණේ එකම එක දවසයි. ඉන් පස්සේ රජකම හිමි වෙන්නේ සංඝා කුමරියගේ ස්වාමියා වන ඡත්තගාහක ට (ක්‍රි. ව. 434 - 435).

ඔහුටත් රජකම් කරන්න ලැබෙන්නේ අවුරුද්දක් පමණයි. ජත්තගාහක මියයන්නේ ලම්භකර්ණ රාජ වංශයේ අවසානය සනිටුහන් කරමින්. ඉන්පසු රජකම ට උරුමක්කාරයින් නැති වූ නිසාත් රටේ ස්ථාවර භාවය රැක ගැනීමට අවශ්‍ය වූ නිසාත්, ජත්තගාහක ගේ මරණය රට වැසියාගෙන් වසන් කරන්න සංඝා ඇතුළු ඇමති මණ්ඩලය උත්සාහ කරනවා. රජුගේ දේහය ඇතුළු උයනේම භූමදානය කරලා මිත්සෙන් නම් සොරෙක් රජ තනතුරේ තබනවා. මිත්සෙන් රජතුමා තවත් අවුරුද්දක් රජකම් කරනවා (ක්‍රි. ව. 435 - 436).

මේ අතරේදී තමයි ලක්දිව තවත් ද්‍රවිඩ ආක්‍රමණයකට ලක් වෙන්නේ. පන්ඩු, පාරින්ද, ඛුද්ද පාරින්ද, තිරිතර, දාථිය, පීථිය නම් වන මොවුන් මිත්සෙන් රජුගෙන් අනුරාධපුර බලය අල්ලා ගන්නවා. පළමුව රජ කරන්නේ පන්ඩු නම් ද්‍රවිඩයා (ක්‍රි. ව. 436 - 441). මේ ද්‍රවිඩ පාලනය නිසා රටේ වංශවතුන් රුහුණු දිශාවට සංක්‍රමණය වෙනවා. මෙසේ සංක්‍රමණය වූවන්ගෙන් මෞර්ය වංශයට අයත් ප්‍රභූවරයෙකුට "ධාතුසේන" නම් පුතෙක් සිටි අතර මේ කුමාරයා කුඩා කලම ඔහුගේ මාමා කෙනෙකු වන "මහානාම" හිමි ළඟ පැවිදි කරවන්නේ රාජකීය ලක්ෂණ පිහිටි කුමරුගේ ආරක්ෂාව සඳහා. මහානාම හිමි, කුමරු රැගෙන කලා ඔය අසබඩ පිහිටි ආරාමයකට ගොස් ඔහුට ශිල්ප ආදිය ලබා දෙනවා.

පන්ඩු නම් ද්‍රවිඩයා මිය ගිය පසු ඔහුගේ පුත්‍රයා වන පාරින්ද රජ වෙනවා. ඉන් වැඩි කල් නොගොස් රජකම, ඔහුගේ සොහොයුරු ඛුද්ද පාරින්ද අතට යනවා (ක්‍රි. ව. 441 - 447). මේ වෙද්දී ධාතුසේන කුමාරයා තරුණ වියට එළඹී සිටි නිසා ඛුද්ද පාරින්ද සමග සටනට ගියත් ඔහු පරාජය කිරීමට හැකි වෙන්නේ නැහැ. ඔහුගේ අභාවයෙන් පස්සේ රජකම ලැබෙන්නේ තිරිතර ට. ඔහු ධාතුසේන කුමරු සමග කළ සටනේදී මිය ගිය බවට විශ්වාස කරන අතර ඉන් පස්සේ රජකම ලැබෙන්නේ දාථිය ට (ක්‍රි. ව. 447 - 450). දිගටම සටනේ යෙදෙන ධාතුසේන කුමරු, අවසාන ද්‍රවිඩයා වන පීථිය (ක්‍රි. ව. 450 - 452) ද මරා රජකම ලබා ගන්න සමත් වෙනවා.

මේ ආකාරයට මෞර්ය රාජ වංශයේ ආරම්භය ඇති වෙනවා. මෞර්ය වංශයත් ලම්භකර්ණිකයන් මෙන් ශ්‍රී මහා බෝධියත් සමග දඹදිවින් පැමිණි වංශයක් බවට සැලකෙනවා. ධාතුසේන රජතුමා ගැන කතා කරද්දී කතා නොකරම බැරි දෙයක් තමයි වාරි කර්මාන්තය. ඉතා උසස් තාක්‍ෂණයක් යොදා නිර්මාණය කළ යෝධ ඇල හෙවත් ජය ගඟ කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙන යාම සඳහා තැනවූවක්. ප්‍රසිද්ධ "කලා වැව" ත් මෙතුමාගේ නිර්මාණයක්. කලා වැවට නම ලැබුණු විදිහ අපි පොඩි කාලේ සිංහල පෙළ පොතේ තිබුණා කාටත් මතක ඇති. එනම්, වැව් බැම්මේ සිදුරකින් ජලය කාන්දු වෙන හැටි දුටු "කාල" නම් කුඩා ළමයා දිවි නොතකා සිදුරට දෑත් ඔබාගෙන උදව් ලැබෙන තුරු එය වළක්වා ගෙන සිටි නිසා ඔහුගේ නමින් කලා වැව ලෙස වැවට නම් තැබූ බවයි. ධාතුසේන රජුගේ නිර්මාණයක් වන වැව අසළ ඇති අවුකන පිළිමයේ නෙත් දෙක වැවේ මැද්දට යොමු වන ලෙස තනා ඇති බවට මතයක්ද පවතිනවා.

කොහොම උනත් ධාතුසේන රජතුමාගේ අවසාන කාලය නම් එතරම් මිහිරි එකක් නෙමෙයි. ඒ ගැන අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු.

ප. ලි. : මහාවංශය ලිවුවේ, ධාතුසේන කුමරු පැවිදි කරවූ "මහානාම" හිමි යයි පැවසෙනවා.

70 comments:

  1. අදත් ගොඩක් දේවල් මතක් කරගත්තා ස්තුතියි සයු..
    ඒ දවස්වල තිබිලා තියන දේවල් අද වෙන දේවල් වලට දෙවනි නෑ වගේ..!!

    ලංකාවේ පළවෙනි අවාසනාවන්තම පියා ධාතුසේන රජතුමා කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔයා හරි රූ...එතුමා තමයි පලවෙනි අවාසනාවන්තම පිය රජතුමා. ඒ ගැන හිතනකොට දැන් කාලේ තව හොඳයි කියලත් හිතෙනවා අප්පා...

      Delete
  2. අපේ ඉති හාසයේ කෙටි කාලීන රජවරු කොච්චරනම් ඉන්නවද. බල තන්හාව නිසා එකිනෙකා මරාගනිමින් රජවෙනව. අතීතයේ ඉදන් දේශපාලනය කියන්නෙ මහ මඩ ගොහොරුවක්. කළා වැවේ කතාව සිංහල පොතේ තිබුණ මටත් හොඳට මතකයි. පින්තූරෙකුට් ඇඳල තිබුන.

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත....ඉස්සර ඉඳලම දේශපාලනේ කියන්නේ මඩ ගොහොරුවක්...

      ඒ පින්තුරේ මටත් මතකයි :) "කාල" සිදුරට අත් දෙක ඔබා ගෙන වැතිරිලා හිටපු හැටි..

      Delete
    2. //කළා වැවේ කතාව සිංහල පොතේ තිබුණ මටත් හොඳට මතකයි. පින්තූරෙකුට් ඇඳල තිබුන.//

      90 දශකයේ ඉස්කෝලේ ගිය අයට අමතක වෙන්න විදියක් නෑ... ඒ කාලේ අපේ වීරයෙක් තමා කාළ !!!

      Delete
    3. අනිවාර්යෙන්...:)

      Delete
  3. රජකමට කට්ටිය මරාගෙන් තියන හැටි දැක්කාම පුදුමත් හිතෙනවා. බලයට මිනිස්සුන්ගේ තියන ආශාව එදත්, අදත් එකවගේ. මනින්ද හාමුදුරුවොත්, සංඝමිත්තා මෙහෙණියත් දෙන්නම මෞර්ය වංශිකයන් නේද? එයාලගේ පියා අශෝකනේ. මෞර්ය වංශයේ හිටපු බලවත් රජ කෙනෙක්.

    ධතුසේනගේ කතාව තවත් විස්තර ඇතුව වෙනමම පෝස්ටුවකින් කියන්ට. ආසාවෙන් බලාගෙන ඉන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ආ...ඇත්තනේ...එහෙනම් මෞර්ය වංශය අපිට ලැබිලා තියෙන්නේ බුදු දහමට සමගාමිව තමයි. ස්තුතියි පොඩ්ඩි :)

      ඊ ළඟ පොස්ටුවෙන් ධාතුසේන රජතුමා ගැන වැඩි විස්තර කියන්නම්කො...

      Delete
    2. @ Podi Kumarihami and සයුරි

      "මේ ආකාරයට මෞර්ය රාජ වංශයේ ආරම්භය ඇති වෙනවා. මෞර්ය වංශයත් ලම්භකර්ණිකයන් මෙන් ශ්‍රී මහා බෝධියත් සමග දඹදිවින් පැමිණි වංශයක් බවට සැලකෙනවා"

      ඉන්දියාවේ මෞර්ය රාජ වංශයක් විධිමත්ව ඇරඹෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්යගේ මූලිකත්වයෙන් [අසෝකගේ සීයා] ඔහුගේ මූලය ලෙස සැලකෙන්නේ බුද්ධ කාලීනව භාරතයේ තිබුණු පිප්ඵලී ගණතන්ත්‍ර රාජ්‍යයක් පවත්වාගෙන ගිය මෞර්ය වංශිකයන්ගෙන්.

      ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශය නමින් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පැමිණි රාජවංශයක් නෙමෙයි.

      මෞර්ය රාජ වංශයේ අශෝක රජතුමා විසින් ලංකාවේ රජකම් කළ තිස්ස රජතුමාට මෞර්ය අභිෂේක ක්‍රමය හඳුන්වා දීමත් එක්ක මෞර්ය අභිෂේකය තිස්ස රජතුමා සිදුකරලා දේවානම් පිය කියන විරුද නාමය ලබා ගන්නවා.

      ඒකත් එක්කම තමා ලංකාවේ මෞර්ය නමින් වංශයක් ඇරඹෙන්නේ. ඒ අනුව ලංකාවේ මෞර්ය වංශයේ පළමු රජතුමා දේවානම්පිය තිස්ස

      Delete
  4. ඉතිහාසෙත් කරල තියෙන්නේ බලයත කුලල් කාගත්තු එක නේද්...

    මේ දේවල් අපිට ගේනවට ස්තුතියි සයුරිට

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම බල තණ්හාව තමා....ස්තුතියි මී ගොඩයෝ

      Delete
  5. රාජාවලිය නොනැවතී ඉදිරියට කියලා විරිත්තලා තියෙන්නෙ ඇයි ? මරණ තර්ජනයක්වත් ආවැයි ?

    පුදුමයි ලංකාව මෙහෙමවත් ඉතුරුවෙලා තිබුනා මේ රජකමට මරාගන තියන මරාගැනිල්ල දැක්කම.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. ආ සෙන්නයියා...කොහොමද ලංකාවේ වාස දේස?
      ඔන්න ඔහේ පොඩ්ඩක් විරිත්තුවා :) කාලෙකින් ලිව්වේ නෑ නේ රාජාවලිය, ඒකයි...
      ඉස්සර ඉඳලම මරාගෙන තියනවා අපේ කට්ටිය....

      Delete
  6. "මිත්සෙන් නම් සොරෙක් රජ තනතුරේ තබනවා. මිත්සෙන් රජතුමා තවත් අවුරුද්දක් රජකම් කරනවා (ක්‍රි. ව. 435 - 436)"

    කෙටි කාලයකට හරි "හොරෙක්" රජ වෙන එ‍ක රටට හොඳ වෙන්න ඇති. මොකද "රජ හොරෙක් වෙනවාට වඩා හොරෙක් රජ " වෙන එක රට වැසියාට හොඳයි.

    ධාතුසේන රජතුමා වාරි කර්මාන්තය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කළ අයෙක්. හැබැයි ඉතින් කාශ්‍යප සහ මුගලන් කුමාරවරුන්ගෙන් මුගලන් කුමාරයා පියා කලාවැවට තබා සිටුවා පස් ගැහැව්වා කියලා ඉතිහාසයේ කියනවානේ. සයුරි ඉදිරියේදි ඒගැන විස්තර කරාවි.

    යෝධ ඇල ඓතිහාසික නිර්මාණයක් එයින්ම හෙළිවෙනවා අපේ පැරණි ඉංජිනේරු තාක්ෂණය. සැතපුමට අඟලක් ජල බැස්ම තැනිතලා බිමේ සැතපුම් 27 ක් කලාවැව සිට අනුරාධපුරේට වංගු සහිතව නිර්මාණය කළේ ජල තෙරපුම ඔස්සේ තිසා වැවට ජලය ගෙන යන්නයි.

    මේ යෝධ ඇලේ එක ස්ථානයක් කුරුණෑගල අනුරාධපුර ඇල්ල මාර්ගයේ තලාව සහ ශ්‍රාවස්ති පුර අතරදී දැකගන්න ලැබෙනවා.

    අවුකන පිළිමය නෙළා ඇත්තේ කලාවැව දෙසට නෙත් යොමුවන පලසයි. පිළිමය තියෙන්නේ තරමක් උස කඳු මුදුනකයි. ඒ පිහිටීම අනුව අවුකන පිළිමයේ නෙත් මට්ටමට කලාවැවේ ජලය පිරුණාම වැව වාන් දැමීමට පටන් ගන්නවා. අනෙක් අතට නියං සමයක හෝ නිසි කලට වැසි ප්‍රමාණවත්ව නොලැබුණාම වැව් ජලය පුද පූජා පවත්වා පිරිත්කර අවුකන පිලිමයේ පා සේදීමෙන් නිසි කලට වැසි ‍ ලැබෙන බවට පැරණි මතයක්ද පවතිනිවා.

    කොහොම වුණත් ඔබ ලියන සිංහල රාජාවලිය කියෙව්වාම අපිට මගහැරුණ තැන් වගේම අතීත මතකය්ද අලුත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. පියා මැරුවේ කාශ්‍යප නේද

      Delete
    2. //කෙටි කාලයකට හරි "හොරෙක්" රජ වෙන එ‍ක රටට හොඳ වෙන්න ඇති. මොකද "රජ හොරෙක් වෙනවාට වඩා හොරෙක් රජ " වෙන එක රට වැසියාට හොඳයි//

      නෝ කොමෙන්ට්ස්...හිහි

      බොහොම ස්තුතියි ඔබ එකතු කරපු අමතර කරුණු වලට. අවුකන පිළිමය සම්බන්ධ මේ දේවල් මම දැනගෙන හිටියෙම නැහැ. බොහොම ස්තුතියි ඔබට හැමදාමත් වගේ වටිනා සටහනක් තියල යනවට...

      ආ...ඔව්, පියා මැරුවේ කාශ්‍යප තමා

      Delete
  7. මේ කෙටි කාලයකට රජ උන රජවරු ගැන අහන්න ලැබුනෙම අඩුවෙන්.. සමහර විට ඒ ඒවාට වැඩි ප්‍රධානත්වයක් නොදෙන නිසා වෙන්න ඇති..

    ධාතුසේන රජතුමාගෙන් අද අවසන් උන නිසා ඊළගට ලියවෙන්නේ සිගිරිය ගැන.. :)

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මල්ලිට අද ලකුණු 100 යි. බොහොම හොඳ ඉතිහාස දැනුමක් තියනවා නොවැ

      Delete
    2. නැතුව නැතුව.. සයුරි ටීචර්ගෙන්නේ අපි දැන් ඉතිහාසය ඉගෙන ගන්නේ...

      එක වෙන්න බැරි උන එකේ මම හොදම ගෝලයා නිසාවත් අපිට අද තෑග්ගක් නැද්ද.. :p ( බට්ටි අක්කා දකින්න කලියෙන්..)

      Delete
    3. මේක නම් අලිම අසාධාරණයි අක්කියෝ මෙයා 8 වෙලත් තෑගි නොදී අද ලකුණු 100ක්ම දීලා.අලි යන්නෑ. ඉන්නකෝ මාත් පූජාවලියයි රාජාවලියයී සේරෝම ගෙනැත් කියවලා වලියට එන්නම්කෝ....:p
      (හැබැයි මලයෝ හැබැයි අතින් පයින් වලි නෙවෙයි අලී.හුලගටත් ගහගෙන යන මම කොහේ ගහගන්නද?:D)

      Delete
    4. හා හා... අපිත් ඕනම වලියකට රෙඩී හරිද :) මදැයි මෙයා දකින්න කලියෙන් තෑගි ඉල්ලුවා..

      Delete
    5. හා හා දැන් ළමයි දෙන්නා වලි දාගන්නේ නැතුව ඉන්ටකෝ...අවසාන වාර පරික්ෂනේට දෙන්නටම දෙන්නම් ලකුණු ඇති වෙන්න :)

      Delete
    6. හෑ.. එහෙම මෙවුවා එකකුත් තියෙනවද? එහෙනම් දැම්ම පාඩම් කරන්න ගන්න ඕන..

      Delete
  8. රජවරු ගැන ලිවීම පිළිබද මාගේ ප්‍රණාමය...
    බැරිද අන්තිමට මං ගැන ලියන්න. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පේ රජතුමනි, සාදරයෙන් පිලිගන්නවා ඔබතුමාව පහන්යාය ට...කොයි තරම් දෙයක්ද රජතුමෙක් මේ පැත්තේ ආපු එක...අඩවි රජතුමාට බොහොම ස්තුතියි එහෙනම්..

      Delete
    2. රාජාවලිය එක්ක ඔය ඔක්කොම ව0ශ කතාටික ලියල අන්තිමටම අඩවි රජා ගැනත් ලියන්න වෙයිද දන්නෑ :O

      Delete
    3. හැමෝම කියන්නේ වල් රජා කියල නේ. ඒ ඇයි?

      Delete
    4. ඒක තමා මාත් බැලුවේ තොටියෝ...:)

      ඒ මොකද වල් රජා කියන්නේ...පව්නේ...

      Delete
    5. සුදු අක්කේ... අක්කා ඕනම රජ කෙනෙක් ගැන ලියන්න.. අපි කියවන්නම්.. ඒත් මේ රජා ගැන ලියලා බ්ලොග් එක කැත කර ගන්න එපා අක්කේ.. මට එහෙම වෙනවා බලාගෙන ඉන්න බෑ..

      Delete
    6. හිහි...පේන විදියටනම් මේ රජා එසේ මෙසේ රජෙක් වෙන්න බෑ...අනතුරු ඇඟවීමට තැන්කු දිනේෂ් මල්ලියෝ :ඩි

      Delete
  9. O/L කාලේ ඉතිහාසයට පාඩම් කරා මතකය් නැවත මතක් කරාට ස්තූති සයුරි අක්කේ!!

    ReplyDelete
    Replies
    1. පුබුදු මල්ලි ඒ දවස්වල ඉතිහාසේ කට් කලේ නෑ නේද :)

      Delete
  10. සොරෙකට ඇයි රජකම දුන්නේ?. සතුරු කරදරයක් ආවොත් ඒ සොරාව බිලි දෙන්නද?

    අදත් ගොඩාක් දේවල් දැනගත්තා මින්නේරිය දෙවියෝ කියන්නේ ධාතුසේන රජතුමාට නේද?

    ReplyDelete
    Replies
    1. අසර්ට මතක ඇති ඉස්සර පන්තියෙ දඟම ළමයව මොනිටර් කළා... ඒවගේ වැඩක් තමා ඔය..

      හොරා රජා වෙනවට වැඩිය බයානකයි රජා හොරා වුනාම. පේනවනෙ.

      Delete
    2. මින්නේරි දෙවියෝ වුනේ මහසෙන් රජතුමා .

      Delete
    3. අසර්ට හොඳ උත්තරයක්‌ දීලා තියනවනේ සෙන්නා :) ඉතින් මං මුකුත් නොකිය ඉන්නම්...

      හැබැයි අදනම් ළමයාගේ ලකුණු කපන්න වෙනවා ඔන්න. ඔයා කියපු එක මහසෙන් රජතුමාට ඇහුනානම් එහෙම වහ කයි :))

      Delete
    4. හරි හරි දැන් මතක වුනා කතාව. ඊළඟ පාඩමේ හොඳට ලකුණු ගන්නවා.

      Delete
    5. අන්න හොඳ ළමයි...

      Delete
  11. ස්තුතියි සයුරි . ඔයාගේ දැනුම ගැන ආඩම්බරයි . මට නම් මෙහෙම පිළිවෙලකට මතක නැහැ . එහෙත් බාල පරපුරට සාපේක්ෂව මගේ මතකේ හොඳද මන්ද . D

    ආසාවෙන් කරපු විෂයක් . අදටත් ආසයි . මෙහම පිළිවෙලකට ලියවෙන එක මට ලොකු සතුටක් . ඔයා ලියල ඉවර වුනහම මන් ආයේ මුල ඉඳන් කියවන්න ඕන .

    අනේ අම්මේ අපිට මොනවයින් අඩු වුනත් රජවරු නම් එලෝ කෝටියට. ඒ මදිවට උඩින් ඉන්දියාව මාරයෙක් වගේ කොයි වෙලෙත් මේක අල්ලගන්නයි බැලුවේ .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බින්දී අක්කේ...මටත් මේ ඔක්කොම නම් මතකයේ නැහැ. කරුණු සොයමින් තමයි ලියන්නේ. අක්කට හිතුනා වගේ මටත් ලොකු ආසාවක් තිබුණා ඉතිහාසය කතාවක් වගේ පිළිවෙලට කියවන්න. එහෙං මෙහෙන් ලිපි ලැබුනා මිසක් එකම කතාවක් විදියට තියනවා මම දැක්කේ නැහැ. ඉතින් මට හිතුනා මමම ලියන්න. ඕන උනාම කවදාහරි මුල ඉඳං කියවන්න පුළුවන්නේ. :)

      //අනේ අම්මේ අපිට මොනවයින් අඩු වුනත් රජවරු නම් එලෝ කෝටියට. ඒ මදිවට උඩින් ඉන්දියාව මාරයෙක් වගේ කොයි වෙලෙත් මේක අල්ලගන්නයි බැලුවේ .//

      ආයෙත් අහලා...ඉන්දියාවනම් මාරයෙක්ම තමා

      Delete
  12. කලා වැවට නම හැදුනු හැටි පුංචි කාලෙ ඉගනගත්තා මතකයි නේන්නම්.. ස්තූතියි මතක අවදි කලාට අක්කා..:)

    අපි පොළොන්නරුවෙ ගියාම ධාතුසේන රජතුමාගේ පිළිරුවක් හදලා තියෙනවා බලන්න ගියා මතකයි!!

    අද ලිපිය පොඩ්ඩයි ව්අගේ!!

    ReplyDelete
    Replies
    1. හිතුවෝ...පොළොන්නරුවේ ධාතුසේන රජතුමාගේ පිළිමයක් තියනවද? ම්ම්ම්....

      ඊ ලඟට ලියන්න තියන සීන් එක වෙනමම පෝස්ට් එකකට දැම්මොත් හොඳයි කියල හිතුනා නංගා. ඉතින් මෙතනින් කඩන්න උනා...

      Delete
  13. අතීත හෙවනෑලි වල හෑඩතල අපූරුවට විස්තර කරලා තියෙනවා..කොයි තරම් නම් දේවල් මේ පුංචි ලංකාවෙ වෙලා තියෙනවද කියලා හිතුනා නංගී...වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ධම්මි අක්කාගේ කමෙන්ට් එක කවියක් වගේ ලස්සනයි :) ඒකනම් ඇත්ත...ලංකාව පුංචි උනාට වෙලා තියන දේවල් නම් සුළුපටු නෑ...ස්තුතියි අක්කේ

      Delete
  14. ඔව් ඉතින් දවසකට හරි රජ වෙන්න තියනවනම් ඒකත් එක විදියක අමුතු අත්දැකීමක් තමා..

    ReplyDelete
  15. දවසකට හරි රජ වෙන්ඩ තියෙනවනම් පරම්පරා ගානකට හම්බ කරගන්ඩ පුලුවන් නේ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...ආයෙත් අහලා

      Delete
    2. ඇයි අනේ අද කාලෙ ඉන්න මහරජාලත් එහෙමම නේ..නැද්ද මං අහන්නේ...
      (අලේ කට තියන් ඉන්න බැරුව කියලා හෙට බට්ටිගේ ක‍ඩේ ඉස්සරහ සුදු වෑන් එකක් නතර කරලා තියේද දන්නේ නෑ..එක්කෝ කමක් නෑ පොටෝ කොපියක්වත් ගහලා දීලා ශේෂ් කර ගන්නවා..:D)

      Delete
    3. අඩඩා... බට්ටිට කොමිසකේසන් එකක් තියෙනවා නෙව. මරු ඈ.

      Delete
  16. මම ඉස්කොලෙ යන කාලෙ ආසම නැත්තෙ සමාජ අධ්‍යනය සහ ඉතිහාසය පාඩමට. ඒක නම් එපා වුනේ මිස් සිතියම් අදින්න දෙනවා අම්බානට. ඒකයි. අක්කගෙ මුලින් රාජාවලිය ලිපි කම්මැලි කමට කියවන්නේ නැතුව හිටියට පස්සෙ මම ‍හැම ලිපියම කියවන්න පටන් ගත්තා. දැන් මම හුගක් ආසයි මේ විස්තර දැන ගන්න. ස්තූතියි මගේ අක්කියෝ......

    ReplyDelete
    Replies
    1. හපෝ සිතියම අඳින එක මටත් පේන්න බෑ. බට්ටියා හොඳ සිසුවියක් වෙලා වගේ එහෙනම් :) හොඳ ළමයා....

      Delete
  17. ඕං මේක කියෙව්වම මට මතක් වුනා ලස්සන සිංදුවක්

    //වස්තුව ඉල්ලන
    කාෂ්‍යප පුතුනේ
    ඇයි හදවත රිදවන්නේ

    ඇස් දෙක වාගේ
    මුගලන් සහ නුඹ
    පියරජු සෙවනේ උන්නේ//

    පද හරිද මන්දා මතක් වෙච්චි විදියට ලිව්වේ.... ඊළඟට බොහෝම හැඟුම්බර කතාවක් බලාපොරොත්තු වෙනවා අක්කාගෙන්... සීගිරියට ආලකමන්දාව කිව්වේ ඇයිද කියන එක මට තාමත් ප්‍රශ්නයක් ඒකටත් උත්තර ඕනේ..

    ReplyDelete
    Replies
    1. සින්දුව හරියට හරි :) ඊ ළඟ ලිපියට ඕක හරියටම ගැලපෙනවා. මම ඔය ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ට්‍රයි කරන්නම්කො. ඒවා මතක් කරාට ස්තුතියි හොඳේ...

      Delete
  18. "ඉන් පස්සේ රජකම හිමි වෙන්නේ සංඝා කුමරියගේ ස්වාමියා වන ඡත්තගාහක ට (ක්‍රි. ව. 434 - 435)"

    මේ රජතුමාගේ රජවෙන්න කලින් ඡත්තගාහක තනතුර දරපු නිසා ඡත්තගාහක නමින් හැඳින්වුවත් ඔහුගේ සැබෑ නම ලෙස නිකාය සංග්‍රහයේ දක්වන්නේ "ලැමැණි තිස්ස" කියන නාමය. ඒ නම නිසා තමයි ඔහු ලම්භකර්ණ වංශිකයෙක් කියලා අනුමාන කරන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්, චත්තගාහක කියන්නේ තනතුරේ නම. "ජන්තු" කියලත් මම අහල තියනවා.

      Delete
  19. ඔන්න ඉස්සරහට එන්නේ සීගිරිය ගැන... කුවේර හා රාවණත් ඔතනට ඇදලා ගන්නවා නේද ???

    සෑහෙන පරක්කු වෙලා කියවන්න ආවේ... තරහා ගන්නා එපා සයුරි... මේ ලිපි පෙල මං මිස් කරන්නේ නෑ. මේ ටිකේ සෑහෙන වැඩ ! ඒකයි !!!

    ඉතින්, ඊලඟ ලිපිය තෙක්, ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අනේ මොකට තරහ වෙනවද චතුරංග. වැඩ අස්සේ මෙහෙම හරි ඇවිත් යන එක කොයි තරම් දෙයක්ද? සිගිරිය ගැන ලියද්දි උත්සාහ කරන්නම්කො ඒ ගැනත් ලියන්න.

      Delete
  20. ඇත්තටම සා/පෙට ආසාවෙන්ම පාඩම් කරන්නෙ ඉතිහාසය.ඒ අස්සේ ඔයා ලියන ඒවා කියෙව්වම ඒ ආසාව තවත් වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. හරිම සෝයි...ඔයාට අනිවාර්යෙන්ම ඒ එකක් ලැබෙනවා ඉතිහාසෙට ඔන්න.

      Delete
  21. ආ....මටත් මතකයි පොඩි කාලෙ පොතක තිබ්බ ඔය සිද්දිය.......බලමුකො ඉස්සරහට ගිහින් ගිහින් වර්තමානෙටත් එයිද කියලා :)

    ReplyDelete
    Replies
    1. වර්තමානේටම එන්න තමයි හිතන් ඉන්නේ එල කොල්ලෝ....බලමුකෝ ඒ වෙද්දී වර්තමානයක් ඉතුරු වෙලා තිබුනොත්...

      Delete
  22. ඉතිහාසයේ සංඝා කුමරියෝ ගොඩක් ඉඳලා තියෙනවද අක්කේ? මොකද දන්නවද, මම සංඝා කුමරිය ගැන අහලා තියෙන කතා මීට ටිකක් වෙනස් ! ඒකයි...

    ReplyDelete
    Replies
    1. ම්ම්...මල්ලි කියන්නේ ධාතුසේන රජතුමාට සම්බන්ධ සංඝා කුමරියක් ගැනද? එහෙම කෙනෙකුත් ඉඳලා තියනවා මම හිතන්නේ...

      Delete
  23. එතකොට ධාතුසේන රජතුමා මෞර්ය වංශිකයෙක් ද අක්කේ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමයි කියල තමා කියන්නේ නංගි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...