Thursday, September 22, 2011

නොතේරෙන කවි


කවියක් ලියන්නනම් ඒකට හැකියාවක් තියෙන්න ඕනලු. අනිත් අයටත් තේරෙන විදියට කවියක් ලියන්නනම් ඊටත් වඩා හොඳ හැකියාවක් තියෙන්න ඕනලු (ඇත්තද දන්නෙ නැහැ).

මටත් පොඩි කාලේ ඉඳලම කවි ලියන පිස්සුවක් තිබුණා. කොහොම උනත් මටනම් ඔය දෙවනියට කියපු වැඩේ කරන්න හරිම අමාරුයි. මම කවියක් ලියලා කාට හරි පෙන්නන්නේ ඉතින් පැයක් විතර ඒක තේරුම් කරලා දෙන්නත් බලාගෙන තමයි.

මේ තියෙන්නේ මගේ කවි බලපු අයගෙන් අහගත්ත කතා ටිකක්....

මගේ යාළුවෝ :  "ෂා ලස්සනයි.....හැබැයි තේරුනේ නෑ නේ" thinking

වෙන්ඩ ජිවන සහකරු (දැන්නම් වෙන්ඩ කෑල්ල කැපිලා) :  "එළ කිරි....මොකක් ගැනද මේ ලියල තියෙන්නෙ?"
thinking

අම්මා :  "මේකට අටුවා + ටීකා ලියන්නත් වෙයි වගේ"

මල්ලි : "හික් හික්"

ලොකු අම්මගෙ දුව : "ආ මටනම් මේක තේරුණා....(praying).....ඔයා මේ ලියල තියෙන්නෙ වෙසක් එක ගැන නේද?" (හපොයි. මම ලියල තිබුනෙ දළදාව ගැන surprise)

මේ තියෙන්නේ තවත් සිද්ධියක්

සංගීත ගුරුතුමිය : සයුරිට පුලුවන්ද සරස්වතී ගීතයක් ලියල දෙන්න?
මම : ම්ම්... ඒක ටිකක් සංකීර්ණ විදියට ලියන්න වෙයි නේද?
ගුරුතුමිය : නෑ නෑ..ඔයා සාමාන්‍යයෙන් ලියන විදියට ලිව්වම හරි...

ඔන්න ඔහොමයි ඒ කාලේ තත්වේ....  

හැබැයි දැන්නම් ඒක ටිකක් වෙනස් වෙලාද කොහෙද

නිකසල තරු දිලෙයි සේ මසුරන්     කාසී 
ඒ පැහැ දැක සැලෙයි විලිකුන් අන්  නාසී

මේක කාටහරි තේරෙනවනම් මම දිනුම් :)

45 comments:

  1. අයියෝ මේක තේරුන් කරන එක සිම්පල් නේ.

    කසලනැති තරු කාසිමසුරන් වගේ දීප්තිමත්ව බැබලෙනව.

    දෙවනි එක....

    ඒ බබලනපාට දැකලා ඉදිච්ච අන්නාසි හෙලවෙනව. :ඩි

    ReplyDelete
  2. අනේ මට තේරෙන්නෙ නෑ බොලේ :))

    ReplyDelete
  3. අපෝ ගුත්තිල කාව්‍යය කියවලා තේරුං ගන්න එකේ ඕක කජ්ජක් යෑ. හිටින් මම් තේරුම් කරලා දෙන්න.

    ලස්සන තරු මසුරන් වගේ දිලෙනවා ලු.ඒ තරු වල පාට දැකලා ඉදුනු අන්නාසි වලට දුක හිතෙනවා ලු. (සැලෙනවා ලූ

    ඔන්න මම කිව්වේ මම් තේරුන අදහසක්. ඔයා වෙනස්ම ආරක කවි ලියන්නියක්. ඒ රටාවත් නරකම නෑ.

    ReplyDelete
  4. ෂා... ඔය තියෙන්නෙ නදී :) ඔයා කියපු ඔක්කොම හරි, අර අන්නාසි හෙලවෙන එක ඇරෙන්න :D

    ReplyDelete
  5. මධුරංග නම් හරියටම හරි :) ඒක තමයි අනේ...මගේ යාළුවෝ ටික ගුත්තිල කාව්‍ය skip කරලා ද කොහෙද

    ReplyDelete
  6. ඒකනේ අක්කා. මම් කිව්වේ මට ඔයැයි ලියන කවි තේරුම් ගන්න පුලුවන් කියලා. දිගටම කවි ලියන්න. පෝස්ට් එකේ අදාල තැනට අදාල ස්මයිලීස් කෙනාව දාන්න ඔයා මාර දක්ශයි නේ. ඒ ටික දැක්කම හිනා වේගෙනම පණ ගියා :)

    ReplyDelete
  7. තැන්කූ තැන්කූ මල්ලි (මල්ලි තමයි මම හිතන්නෙ:) දෙන්නටම ස්තුතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  8. අක්කා බ්ලොග් එක සින්ඩි වලට දමා නැති බව පෙනී යයි. ඒ නිසා පහත සින්ඩි වට රෙජිස්ටර් කරවා ඔබේ අඩවියට එන කියවන්නන් සංඛ්‍යාව වැඩි කරගන්න.

    දැනට පවතින සිංඩි මෙසේ ය...

    1. http://www.lankablogger.com/ - ලංකා බ්ලොගර්
    2. http://sindiya.com/ - සිංඩිය
    3. http://blogs.sinhalabloggers.com/ සිංහල බ්ලොග් කියවනය
    4. http://http//www.seegiri.com/syndi/ -සීගිරි බ්ලොග් සිංඩිය
    5. http://hathmaluwa.org/ -හත්මාළුව බ්ලොග් සිංඩිය
    6. http://ambagaha.blogspot.com/ -අඹ ගහ යට
    7. http://sindilanka.blogspot.com/ - සිංඩි ලංකා

    ReplyDelete
  9. මම් ඉපදුනේ 87 අවුරුද්දේ. ඒ නිසා සයුරි කියන්නේ මට අක්කා කෙනෙක්. අදුන ගන්න ලැබීම සතුටක් අක්කා. :)

    ReplyDelete
  10. මම දැනගෙන හිටියේ නෑ නේ මෙච්චර සින්ඩි ගොඩක් තියනවා කියලා...බොහොම ස්තුතියි. ඉක්මනට රෙජිස්ටර් කරන්න බලන්නම්...ඔව්මයි ඔයා අවුරුදු දෙකකින් මල්ලි කෙනෙක්:). ඔයාව අදුරගන්න ලැබීමත් සතුටක්...

    ReplyDelete
  11. හහ් හහ් 85 වසරේ තවත් බ්ලොග් පුරුකක් එහෙනම් ඈ.. බොහොම සතුටුයි :D

    ReplyDelete
  12. මටත් ඉතින් අක්කා නොවැ වෙන්නේ.. :) :)
    අනේ මටනම් වැඩිය තේරුම් කරන්න බැහැ..ඔන්න මට තේරුණ විදියට නම් මෙහෙමයි එන්නේ..
    මසුරන් කාසි වගේ ලස්සනට අහසේ තියෙන තරු දිලිසෙනවා,ඒ දීප්තිය දැකලා,ඒ වගේ වෙන්න බැරි කමට අන්නාසි දුකෙන් ඉන්නවා

    ReplyDelete
  13. මසුරන් සේ දිලෙමින්
    ලස්සන තරු උන්නා ලු
    එ ලස්සන තරු පැහැ දැක
    ඉදුණු අන්නාසිත් සැලුනා ලු
    තෙරුනේ මට නම්
    පද පෙළ ඔහොමලු යාලු
    දිගටම රැදෙන්න
    ඔබටත් සැම දා ජය වේ ලු

    ReplyDelete
  14. @ChaAnDika : ඔයත් 85 වගේ එහෙනම් :)

    @ChammA : ඔය හොඳට තේරිලා තියෙන්නෙ චම්මා මල්ලිටත්....

    @චතුමිතු : ඇවිදින් මැකුවා මෙහි පාලූ
    පතනෙමි ඔබටත් ජය යාලූ :)

    ReplyDelete
  15. හ්ම්ම්, ඔයාගෙ ලිපියෙ මුල ටික දැකල, ඊට පස්සෙ මම මේක ගැන හිතන්න ගිහිල්ල වෙනමම පැත්තකට ගියා. බැලුවම මම හිතල වැඩී. :D
    මම හිතුවෙ මෙහෙමයි.
    අහසේ තරු කිසිම දේකින් අපිරිසිදු වෙලා නෑ.
    ඒක දැන්න කටු සහිත බිම ඉන්න ඉදිල කහ ගැහිච්ච අන්නාසි දුකින් බලා ඉන්නව.
    මේ තරු හා අන්නාසි මම ඊට පස්සෙ මිනිස්සුන්ට (කෙලින්ම කිව්වොත් කාන්තාවක්ට) ආදේශ කළා. ඒ තේරුම ඔයාල හිතාගන්න පුළුවන්නෙ?
    එතකොට ගොඩක්ම වෙනස් තේරුමක් ආව.
    මොකද හිතන්නෙ? මම නම් හිතල වැඩී වගේ නේද?

    ReplyDelete
  16. @මාධව : හප්පේ...ඔයා හිතල තියන දුර:) ඒ තේරුමත් මේකට හරියටම හරි යනවා. (හ්ම් ඇයිද දන්නෙ නෑ කාන්තාවක් ම උනේ :O)..කොහොම වුනත් ඔයාට හොද analyzing හැකියාවක් තියනවා වගේ..බොහොම ස්තුත්යි..

    ReplyDelete
  17. කාන්තාවක් ආදේශ කළේ, පිරිමි එහෙම පසුතැවෙන්නෙ නැති හා හුඟක් අඩු නිසා.

    ඒ Analizing හැකියාව සහජයෙන් ආපු එකක්ද, නැත්තම් ඉංජිනේරුවෙක් වීමට ඉගෙන ගැනීම හරහා ආපු එකක්ද නම් දන්නෙ නෑ. ටිකක් සහජයෙන් ටිකක් ඉගෙනීම හරහා කියල හිතෙනව. :)

    ReplyDelete
  18. හ්ම්..ඒ කතාව ඇත්ත තමයි. කොහොම ආවත් කමක් නැහැ...හොඳ හැකියාවක් :)

    ReplyDelete
  19. මමත් ටිකක් ටිකක් කවි ලියනව, ඒත් ලියන්නෙ මගෙ ආදරවන්තියට විතරයි. මුහුණුපොතේ මගෙ ෆොටෝ ගැලරි එක පැත්තෙ ගියොත් බැලුවැකි. :)

    ReplyDelete
  20. ආ නියමයිනේ..බලන්නම්කෝ වෙලාවක..:)

    ReplyDelete
  21. එල. බලන්නකො. මගෙ යාලුවෙක් නෙමෙයි නම් රික්වෙස්ට් එකක් එවන්න. ඒකත් එක්ක PM එකකුත් දාන්න, නැත්තම් මම ඇක්සෙප්ට් කරන්නෙ නැතිව කාලයක් තියේවි. :)

    ReplyDelete
  22. මම බලද්දි කට්ටිය තේරුම් කරලා දිලානේ.. ඉතින් අනිත් අය දාපු තේරුම දිහා හොරෙන් බැලෙනවා.. මම හිතන්න කලින්...
    ලස්සන බ්ලොග් එකක්.. දිගටම ලියන්න.. මම එනව හැමදාම...

    ReplyDelete
  23. :)
    බොහොම ස්තුත්යි දිනේෂ්...මමත් එනවා ඒ පැත්තෙ..

    ReplyDelete
  24. ශා! හරි ලස්සනයි.. මාර සංවේදී අදහසක්.... නිර්මාණාත්මකයි!

    වැඩිය කාටවත් තේරෙන්නෙ නැති කවියක් පද පෙළක් ලියලා බලන්න. මේ වගේ අදහස් ගොඩක් ඒවි.

    ඔන්න අද ඉඳන් මමත් මේ පහන් යායට ගොඩ වදිනවා! ජය වේවා!

    ReplyDelete
  25. මම අක්කගේ පෝස්ට් එකේ ලින්ක් එක අපේ ගෲප් එකේ දැම්මා. අද උදේ බලනකොට කමෙන්ට් පිරිලා. අක්කත් රික්වෙස්ට් කරන්න අපේ ගෲප් එක.

    "බ්ලොග් අවකාශයේ මිතුරෝ.."

    ඔය තියෙන්නේ අපේ ගෲප් එකේ නම.

    ReplyDelete
  26. @විසිතුරු : ස්තුතියි විසිතුරු....බලමුකෝ ඉස්සරහට නොතේරෙන කවි ලියන්න :)

    @මධුරංග : මොකක්ද මල්ලි ඒ ගෘප් එක? mail group ekakda...මම දන්නෙ නෑනේ රික්වෙස්ට් කරන්න :(

    ReplyDelete
  27. ආ..මාත් එන්නම්කො බලන්න

    ReplyDelete
  28. ඔන්න අපිත් ආවා අක්කව බලලා යන්න, ඔක්කොම පෝස්ට් කියෙව්වා. ලස්සනයි අක්කේ.. දිගටම ලියන්න.. ජය වේවා..

    ReplyDelete
  29. @ප්‍රර්ථනා : ස්තුතියි නංගා අපිව බලන්න ආවට :)

    ReplyDelete
  30. හුරේ..........මෙන්න මංචි වගේම කවි ලියන එක්කෙනෙක්... :D (හැබැයි මංචි ලියන නොතේරෙන කවි වියමනේ නං දැම්මෙ නෑ..කට්ටිය දිව ටපලගනී කියලා :)

    සැළලිහිණිය,උම්මග්ග ජාතකේ කියවාපු අපිට නොතේරෙන්නෙ නැතුවා සයුරි අක්කේ... :D

    ReplyDelete
  31. හුරේ..හරිම සන්තෝසයි :) ඒවා අපිටත් බලන්න දැම්මොත්නෙ හොඳ...ටික දෙනෙක්ටවත් තේරෙන්නෙ නැතෑ...:D

    ReplyDelete
  32. මටත් චුට්ට චුට්ට තෙරුණා.......
    එල එල..... මරු අදහස් ටිකක් තිනවනේ....

    ReplyDelete
  33. මටත් ඉතින් තේරුනා ..නැතත් කට්ටිය කියා තියෙනවනේ . කවි ඇති තැන මමත් ඇත . දා ගන්න මගේ නමත් . ඉස්සර බර බර කවි ලිව්වා සිංහල මිසුත් හොල්මන් වෙන්න . සංක්‍රාන්ති කාලෙකට පස්සේ ඉතින් දැන් නම් බොහොම සරල දේවල් තමයි ලියන්නේ . ඔලුව බර කර ගන්න බැහැ අප්පා

    ReplyDelete
  34. @රහස් පරික්ෂකයා : ස්තුතියි :)

    @බින්දි : අක්කත් හොඳ කවි කාරියෙක් වගේ:) එක ඇත්ත මමත් ඉස්සර වගේ නොතේරෙන කවි ලියන්නේ නැහැ දැන්..

    ReplyDelete
  35. විලිකුන් තමයි නාසි හමුදාවේ ලොක්කා...මිනිහා ගොඩක් දවස්වල යුද්දෙට ගිහිල්ලා තියෙන්නේ අහස නිසංසලව තියෙන දවස්වල තරු එළියෙන්...මිනිහා තරු දැකලා තියෙන්නේ රං කාසි වගේ....

    ReplyDelete
  36. @ඔබ නොදු‍ටු ලොවක් : ඔය තියෙන්නේ නියම තේරුමක් :D බොහොම සාර්ථකයි.....

    ReplyDelete
  37. හ්ම්ම්. අමුතුම තේරුමක්. කොහෙන් ආවද මන්ද එහෙම අදහසක්.
    අර "The Snare" කවි පංතියෙ තියෙන්න් ඇමරිකානු කලු ජාතිකයින්ට වෙන අසාධාරණය ගැන කියනව වගේ. කවි පෙලේ එහෙම දෙයක් ගැන වචනයක්වත් ගෑවිලාවත් නෑ නෙ.

    ReplyDelete
  38. උදයංග ලක්මාල්October 30, 2011 at 8:35 PM

    මුලින්ම කියවන කොට කවිය ටිකක් විතර තේරුනා. දැන් නම් ඉතින් කවිය හොඳටම තේරෙනවා.. මොකද කට්ටිය කවියේ තේරුම කිව්වනේ :)...

    ReplyDelete
  39. @උදයංග : හි හි හොඳයි හොඳයි :))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...