Monday, September 26, 2011

මරණින් මතු ජිවිතය


කවුරු උනත් මැරෙන්න බයයි නේද? (එහෙම නැති අයත් ඇති). මේ භයට හේතුව තමන් ආදරය කරන අය දාලා යන්න වෙන එකද? මරණයේදී දැනෙන වේදනාවද? එහෙමත් නැත්නම් මැරුණට පස්සේ අපිට වෙන දේ ගැන අදහසක් නැති කමද? මේ හැම දේම බලපානවා කියලයි මට හිතෙන්නේ.

කොහොම උනත් මටනම් ඒ කාලේ ආසාවක් තිබුණා ඔය මැරුණට පස්සේ වෙන දේ ගැන හොයල බලන්න. (මැරිලා බැලුවේ නැද්ද කියල අහන්න එපා big grin ) .  සමහරු නම් පුනරුප්පත්තියක් ගැන විශ්වාස කරන්නෙත් නැහැනේ. මම නම් විශ්වාස කරනවා ඔන්න. මට හිතෙන විදියට ඒකට ඕන තරම් සාක්ෂි තියනවා. තමන්ගේ පෙර ආත්මේ  ගැන කියන අයත් ඒ කියන විස්තර හොයා ගෙන ගිහින් ඒවා ඇත්ත කියලා සනාථ කරපු  අවස්ථාත් අපි දැකල තියනවනේ.


ඊ ළගට ගොඩක් අය විශ්වාස කරනවා ගන්ධබ්බ අවස්ථාවක් ගැන. කෙනෙක් මැරුණම තවත් කලලයකට ඇතුල් වෙන්න කලින් ටික කලක් (දිග කාලයක් වෙන්නත් පුළුවන්) ගන්ධබ්බයෙක් විදියට ඉන්නවා ලු. හැබැයි සමහරු මේ කතාව පිළිගන්නේ නැහැ. එයාලා කියන්නේ කෙනෙක් මැරුණ ගමන්ම වෙනත් කලලයකට ඇතුල් වෙනවා කියලා. හරියට කූඩල්ලෙක් ගමන් කරනවා වගේ එක තැනක් අත ඇරපු ගමන් තව තැනක් අල්ල ගන්නවලු. මම නම් පිළිගන්නේ පළවෙනි මතය.  මොකද ඔය පෙර ආත්මේ ගැන කියපු අය විස්තර කරන විදියට සමහරු මැරුණ දවසත් නැවත ඉපදුන දවසත් අතර අවුරුදු ගණනක පරතරයක් තියන අවස්ථාත් තියනවා. අනිත් එක එහෙම උනානම් මේ කාරණය පැහැදිලි කරන්න බැරි වෙනවා. අපි හිතුවොත් ජීවීන්ගේ ආරම්භය ගැන, ඒ වගේ ඉතාමත් සුළු ප්‍රමාණයක් ජීවීන් ඉඳපු කාලෙක කැමති එකක් තෝර ගන්න තරම් කළල කොහෙන් හොයන්නද? එතකොට අද ජිවත් වෙන ගොඩක් අය ඒ කාලේ ඉන්න ඇත්තේ  ගන්ධබ්බ ස්වරූපයෙන් නේද? thinking


කොහොම උනත් මේ ගැන ඇත්ත හොයන එකනම් අමාරු වැඩක්. ප්‍රායෝගිකව කරලා බලන්න බැහැනේ. හැබැයි බෙල්ලන ඥානවිමල හිමියන්ගේ පොතක තිබුණා එහෙම කරපු කෙනෙක් ගැන, මහාචාර්ය "මයර්ස්". එයා මැරුණම එයාගේ විස්තර ස්වයංක්‍රීය පැන්සල් වලින් ලියෙව්වලු. එයා ගන්ධබ්බ අවස්ථාව විස්තර කරලා තියෙන්නේ මහල් (layers) හතකින් යුත් ගෙයක ගමන් කරන්නෙක් විදියට. මයර්ස් ගේ සත් මහල ගැන වෙනම ලිව්වොත් හොඳයි (ඒත් මේ ලිපියට කවුරු හරි කැමති උනොත් විතරයි :). අපි ඒ ලෙවල් කරන කාලේ හැම කෙනාම ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන කියලා නීතියක් ඇවිත් තිබුණා. ඉතින් මම තෝර ගත්තේ මේ මාතෘකාව. රිපෝට් එක හදලා මිස් ට දුන්නම ඇස් පියාගෙනම A එකක් දුන්නා "මට වල පයයි ගොඩ පයයි ඉඳගෙන ඕව කියවන්න බෑ" කියලා big grin


මේ ගැන නම් නොවිසඳුණු ප්‍රශ්න ඕන තරම් තියනවා. ඒත් කවුරු හරි මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවනම් කියල දුන්නොත් ලොකු දෙයක්..


විශ්වයේ (ජන ගහනය + සත්ව ගහනය  + ගන්ධබ්බයින් ගණන) නියතයක් ද? උදාහරණයක්‌ විදියට ජන ගහනය වැඩි වෙද්දි ඊට සාපේක්ෂව සත්ව ගහනය + ගන්ධබ්බ ගහනය අඩු වෙනවද? (හැමෝම එක පාර ළමයි හැදුවොත් ගන්ධබ්බ හිඟයක් ඇති වෙයිද? thinking) එහෙම නැත්නම් කාලයත් සමග අලුතෙන්  ගන්ධබ්බයින් උත්පාදනය වෙනවද? එහෙමත් නැත්නම් මේවා ගැන හොයන අපිට පිස්සුද? big grin



44 comments:

  1. මයර්ස් ගේ සත් මහල ගැන අනිවාර්යයෙන් ලියන්න අක්කේ.. බලන්න ආසාවෙන් ඉන්නවා, මට නම් වෙලාවකට හිතෙනවා මැරිලා බලන්න, :)
    මම නම් මරනයෙන් පසු ජීවිතය ගැන යම් තරමක විශ්වාසයක් තියෙනවා,. ඒ වගේම ගන්ධබ්බ අවස්තාව ගැනත්. අක්කගේ ලිවීමේ කලාව නම් නියමයි. සරළයි, ලස්සනයි..

    ReplyDelete
  2. ස්තුතියි නංගි...සත් මහල ගැනත් ලියන්නම්. එක රසිකාවියක් හරි ඉන්න එකේ :)) අවවාදයයි..අත්හදා බැලිම් වලට සුදුසු විෂයක් නොවේ..

    ReplyDelete
  3. මං මැරුණු දාක ගන්ධබ්බ අවදියෙ ස්වරූපයෙන් ඇවිත් රෑ නින්දෙන් ඔයාව ඇහැරවලා ඔක්කොම විස්තර කියන්නම්කො...අනේ මේ විහිලු නෙවෙයි..අර ''මයර්ස්''ගේ තට්ටු හත ගැන ලියන්න ඔන්න කොහොම හරි.. :D

    ReplyDelete
  4. @මකුළු පැංචි : හප්පේ බයත් හිතෙනවා මෙයා කියන ඒවාට..ඇත්තටම කරයිද දන්නේ නැහැ..අනිවා සත් මහල ගැන ලියන්නම් වෙලාවක :D

    ReplyDelete
  5. නියතයක් නොවේ. නිවන් දකිනවා. ඕපපාතිකව - අලුත් සත්වයෝ හැදෙනවා . වෙනත් සක්වලවල් වලට යනවා.

    ReplyDelete
  6. // විශ්වයේ (ජන ගහනය + සත්ව ගහනය + ගන්ධබ්බයින් ගණන) නියතයක් ද? //

    ලෝක විෂය අචින්ත්‍යයි කියලා බුදු රදුන් කිව්වෙ ඕක තමයි. ඕවා ගැන වැඩිය හිතන්න එපා අක්කේ! අපිට ඕන තරම් තර්ක කරන්න පුළුවන් ඒත් අවසානයක් තියෙනවාද?

    ReplyDelete
  7. මයර්ස්ගේ සත්මහල ගැනත් ලියන්න අක්කේ. මම නම් අහලා තියෙනවා ඕනම ගන්ධබ්බයෙක් උනත් කැමතියි ලූ හොද මවු කුසක උපදින්න. ඒ නිසා එයාලා මලාට පස්සේ කරලා තියෙන පින් පවු මත එයාලා එක එක තැන් වලට ඇදිලා යනවලු.

    දවසක් මම් කියවපු පොතක තිබ්බා. පොඩි දරුවෝ දෙන්නෙක් (නංගියි අයියයි) පාරේ යනකොට වාහනේක හැප්පිලා එතනම මැරෙනවා. ඊට පස්සේ එයාලා දෙන්නම ශ්‍රි මහ බෝධිය පැත්තට ඇදිලා යනවා ලූ.

    අන්තිමේදි එයාලා එතනදි මවු කුසකට ඇතුල් වෙනවලු.

    මේ දේවල් හොයාගෙන තිබ්බේ දැන් ඉන්න දරුවව මෝහන කලාට පස්සේ. ගොඩක් වෙලාවට මෝහනයෙන් පෙර ආත්ම භවය ගැන හොයන්න පුලුවන් නේ.

    මම් මැරිලම අක්කට කියන්නම්කෝ. මම් කොහාට්ටද ගියේ කියලා. ඕං ඔයා බය වෙන්න බෑ හරිය. මම් අක්කගේ මල්ලි නේ. :)

    ReplyDelete
  8. මරණය ගැන ඇත්ත මෙතනින්.
    www.watchtower.org/sn/index.html
    ජීවිතයෙ වැදගත් ප්‍රශ්න

    ReplyDelete
  9. @චානක : ආ නිවන් දකින එක අමතක උනානේ..හ්ම් ඒ කියන්නේ ගන්ධබ්බයන් ඕපපාතික වෙන්නත් පුළුවන්..ඒක හිතා ගන්න නම් අමාරුයි..ස්තුතියි පිළිතුරට.

    @විසිතුරු : ඒක නම් සහතික ඇත්ත..බුදු හාමුදුරුවෝ කිව්වලුනේ ඕවගේ මුල හොයන්න යන්න එපා කියලා..ඒත් ඉතින් අනේ මන්දා..

    @මධුරංග : ඔව්, පින් පව් බලපාන හැටිත් ඒ පොතේ තිබුණා. ඒ කතාව ඇත්ත. පින් තියන ගන්ධබ්බයෝ පන්සල් ගාව ඉන්නවලු ගොඩක් වෙලාවට....මේ මේ පොතේ හැටියට නම් ඔයා කලින් මැරෙන්න බැහැ..මොකද ඔයා මල්ලි නේ :D

    @susith : ස්තුතියි..

    ReplyDelete
  10. @Sayuri :
    හිටුකෝ මම් අදම වහ ටිකක් කනෝ.නියගලා අලයක් හරි කනේරු ඇට ටිකක් හරි. හූඌඋ.... හූඌඋ... එතකොට අක්කා පරාදයි නේ.

    ඈ..හ්... එතකොට මම් මැරෙනවනේ. එක්කෝ ඕන් නෑ අපේ අක්කා. :)

    ReplyDelete
  11. :D මල්ලිටනම් මොලේ තියනවා මදි නොකියන්න..එකනේ ඔන්න අපේ වැඩක් බලාගෙන ඉමු..මැරෙන දවසක මැරෙන් නැතෑ :)))

    ReplyDelete
  12. මම දන්නා හැටියට ගන්ධබ්බ කියන්නෙ චාතුර්මහාරාජිකයෙ ඉන්න දේව කොට්ඨාසයක්. (රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ) ඒ දේව කොට්ඨාසය සංගීතය ප්‍රිය කරන නිසා ඒ නම දීල තියෙන්නෙ. පුනර්භවය ඉතාමත්ම සංකීර්ණයි. . බොහෝ කරුනු ආශ්‍රිතව හේතු ඵල දහමට අනුව සිදුවන්නක් නිසා පියවි මිනිස් මණසට පහසුවෙන් අවබෝධ වෙන්නක්ද නොවේ. අපි ශ්‍රද්ධාව ඇතිකර ගන්න ඕන මේ වගේ අවස්ථාවක. ශාන්ති නායකායන් වහන්සේ දේශනා කොට වදාල කිසිම දෙයක් වැරදුනේ වත්, වරදින්නේ වත් නැහැ.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    මේ සටහන කියවන්න. මහාසි සයදෝව් ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ දැක්වෙන ඥාණයන් අවබෝධ කරගත් බවට සාධක තිබෙනවා. මේ සටහන් බලන්න.
    http://www.aimwell.org/Books/Mahasi/mahasi.html
    උන්වහන්සේ රචනය කරල තියෙනවා කියල පොතක්. Dependant origination මරණය හා ඊලඟ භවය පිලිබඳව ඒ පොතේ විස්තරයක් තිබෙනවා. කියවන්න අමාරු නැහැ. අන්තර්ජාලයෙත් ඒ පොතම පලකර තිබෙනවා. මෙතැනින් බලන්න. http://www.thisismyanmar.com/nibbana/mahasip.htm
    මේ සටහන් කියවා බලා ඔබට කැමති දෙයක් කරුණු සහිතව අදහන්න. සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ප්‍රථම ඥාණ තුන අවබෝධ වූ පසු මේ පිලිබඳව තීරනාත්මක අවබෝධයක් ලැබෙන බව ප්‍රකාශ වෙලා තියෙනවා. තෙරුවන් සරණයි.

    ReplyDelete
  13. නිවැරදි කිරීමයි...

    මා විසින් තබන ලද ප්‍රතිචාරයේ ප්‍රථමයෙන් යොමු කරන ලද අඩවිය වැරදිය.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    එය මෙලෙස නිවැරදි විය යුතුය. කරුණාකර මේ ගැන සමා වෙන්න.
    http://www.aimwell.org/Books/Mahasi/Sakka/sakka.html

    ReplyDelete
  14. @සරත් ගුණතුංග : බොහොම ස්තුතියි ඔබට..මේ පොත ගැන කියපු එකටනම් බොහොම පින්..සෑහෙන වෙලා යන වැඩක් වගේ පෙනුනත් කොහොම හරි කියවන්න ඕන..

    ReplyDelete
  15. මයර්ස්ගේ සත්මහල් ලෝකය ගැන "පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්" පොතේ තියනව.කියවලා බලන්න.
    කතෲ බෙල්ලන ඥාණවිමල මහ නා හිමි

    ReplyDelete
  16. සත් මහල ගැන දාන්න අක්කේ.... මේවා කියවද්දි එන්නේ හිතට කුතුහලයක්... ඉතින් කියවන්නම හිතෙනවා...

    ReplyDelete
  17. @නදී : ඔව ඒ පොතෙන් තමයි මම සත් මහල හොයා ගත්තේ..කියවන්න ආස හිතෙන හොඳ පොතක්.

    @දිනේෂ් : අනිවාර්යෙන්ම ලියන්නම් :)

    ReplyDelete
  18. තර්ක කරන සෑම වෙලාවකම මතුවෙන්නේ සත්‍යයමයි නෙමෙයි, ඒක රඳාපවතින්නෙ දෙපාර්ශවයේ දැනුම සහ විචාර බුද්ධිය මත. ඒක නිසා මමනම් ගෝචර වෙන්නෙ නැති මාතෘකා පිළිබඳව තර්ක කරන්න යන්නෙ නෑ. ඒත් දැනුම ලබාගැනීමය, කුතුහලය සංසිඳවා ගන්න නම් මේ විෂය කියවනව. ඒත් ගැඹුරින් නෙමෙයි. මොකද, ගන්ධබ්බයෝ උන්නත්, නැතත් අපි ජීවත්වෙලා මැරිල යනව. ඒකෙ වෙනස ඇතිවෙන්නෙ නෑ. මම කිසිමදෙයක් බැහැරකරන්නෙවත් පිළිගන්නෙවත් නැත්තෙ එහෙම කරන්න තරම් ඒ ගැන පූර්ණ දැනුමක් නැති නිසා.

    ReplyDelete
  19. අක්කේ තව පොතක් තියෙනවා.."අපට නොපෙනන ලෝකය " බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් වදාළ දේවල් තියෙන්නේ..ඒකෙත් මරණයෙන් පස්සේ දේවල් ගැන කියලා තියෙනවා..

    ReplyDelete
  20. @නවම් මාවත : ඒ කතාව නම් ඇත්ත තමයි...තර්ක කරන හැම දෙකින්ම වැඩක් වෙන්නේ නෑ. ඒත් ඇත්ත මතු වෙන්න නම් තර්ක නොකරත් බැහැ නේද? "කුතුහලය" කියන දේ මිනිසුන්ට නොතිබුනා නම් අද අපි මෙතන ඉන්න එකක් නැහැ....ස්තුතියි නවම් අය්යේ මේ පැත්තේ ආවට..මම ඔයාගේ ගොඩක් පෝස්ට් කියෙව්වා..ලස්සනයි..:)

    ReplyDelete
  21. @චම්මා : ආ ඒකත් හොයාගෙන බලන්න ඕන...බලන්ගොඩ හාමුදුරුවෝ ගැනත් අහල තිබුනට පොත් කියවලා නම් නැහැ..

    ReplyDelete
  22. බුදු බනේ නං තියෙන්නේ කිසිම දෙයක් ගැන ඕනවට වැඩිය හිතන්න එපාය කියලනේ..ඒක නිසා ඔය හිතන්න ගියොත් පිස්සු හැදෙන ඒවා ගැන වැඩිය හිතන්න නරකයි....

    ReplyDelete
  23. @ඔබ නොදුටු ලොවක්,
    මම නම් දන්න හැටියට බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මරණය ගැන නිතරම සිහි කල්පනා වෙන් ඉන්න කියල.. මේ ගැන විස්තරයක් විසුද්දි මාර්ගයේ මරණානුස්සති භාවනා විස්තරයේ සඳහන් වෙනවා.

    ReplyDelete
  24. @ඔබ නොදු‍ටු ලොවක් : කුතුහලය තමයි තියන ලොකුම ප්‍රශ්නේ..

    @සරත් ගුණතුංග : "ගන්ධබ්බ" සංකල්පය ගැනත් සුත්‍රයක සඳහන් වෙනවා කියලා මම අහල තියනවා.

    ReplyDelete
  25. මරණින් මතු ගන්ධබ්බ ස්වරූපයක් ඇතිද? කියන ප්‍රශ්නයට සහ තවත් ධර්ම ප්‍රශ්න ගැන නාඋයනේ අරියධම්ම හාමුදුරුවො විග්‍රහ කරන ධ‍ර්ම දේශනයක් මෙතන තියෙනවා (Mp3)

    dharmanidhaana.wordpress.com

    එතන කියවෙන්නෙනම් ගන්ධබ්බ කියන්නේ නැවත ඉපදීමේ ශක්තිය ඇති සියළු දෙනාම (රහත් නොවූ) . අපිත් ඇතුලුව

    විනාඩි 45 ක ධර්ම දේශනයක්. ගන්ධබ්බ සංකල්පය ගැන විග්‍රහ කරන්නේ 39 වෙනි විනාඩියෙ විතර ඉඳන්

    ReplyDelete
  26. @චානක : ස්තුතියි දැනුවත් කිරීමට..මේක අහල බලන්න ඕනේ..

    ReplyDelete
  27. උදයංග ලක්මාල්October 30, 2011 at 8:42 AM

    ගොඩක් වැදගත් ලිපියක් සයුරි... මටත් ඒ දවස්වල මේවා ගැන හොයන පිස්සුවක් තිබුනා.. පුස්තකාලයෙන් මේ ගැන ලියවුනු පොත් හොයාගෙන සෑහෙන්න කියෙව්වා.. හරිම රසවත්.. ඒත් මරණින් මතු ජීවිතය ගැන ප්‍රශ්නාර්ථ තැන් තියෙනවා.. සමහර කරුණු ගැන විවිධ අදහස් තියෙනවා..

    කොහොම උනත් මමත් මරණින් මතු ජීවිතය සහ ඔය ගන්ධබ්බ අවස්ථාව ගැන විශ්වාස කරනවා.....

    ReplyDelete
  28. @උදයංග : ඔව් උදයංග, මමත් ඒවා විශ්වාස කරනවා...ඇති තරම් සාක්ෂි ත් තියනවනේ...ඒ වගේ පොත් නම් ඕන තරම් කියවන්න පුළුවන් මටත්...

    ReplyDelete
  29. උදයංග ලක්මාල්October 30, 2011 at 11:45 PM

    පොත් කියවනවා කිව්වම මතක් උනේ.. මට ඒ කාලේ තිබිච්ච පිස්සුවක්නේ ඕක.. පොතක් පේන්න බෑ...පොත් වලට පුදුම ආසාවක් තිබුනේ..ඒ දවස් වල මම සෑහෙන්න පොත් කියෙව්වා... දැන් නම් පොත් කියවිල්ල ටිකක් අඩු වෙලා... ඒත් ආසාව නම් අඩු වෙලා නෑ.. ඒ වගේම තමයි මට ඉක්මන්ට කියවන්නත් පුළුවන්...

    ඉතින් මම ඔයාගේ ලිපි ඔක්කොම එක හුස්මට කියෙව්වා.. ඇත්තටම හරිම රසවත්.. ඔයාව හඳුනා ගන්න ලැබීම සතුටක්.. ඔයා මූණු පොතේ ඉන්නවද.. මම හෙව්වා... ඒත් හොයා ගන්න බැරි වුනා...

    ReplyDelete
  30. @උදයංග : මටත් සතුටුයි පහන් යායට තවත් හොඳ රසිකයෙක් එකතු වීම ගැන..ඔයාව අඳුන ගන්න ලැබීමත් සතුටක්....මුණු පොතේ මම ඉන්නවා..සයු රි කියල තමයි ඇත්තේ :)

    ReplyDelete
  31. ඇත්තටම හොද ලිපියක් මම ඔයාගේ ලිපි 2ම බුල්ටෝ කඩේ මගේ පිටුවට එක් කලා..හොද මාතෘකාවක් ගැන ලියවුනු හොද ලිපි 2ක..ආපු වෙලාවක බුල්‍ටෝ කඩේට ලයික් එකක් දාලා යන්න
    www.facebook.com/BultoKade

    ReplyDelete
  32. @ Anonymous : බොහොම ස්තුතියි...මාත් එන්නම් බුල්ටෝ කඩේ පැත්තේ...

    ReplyDelete
  33. diga tharu**** peliyen passe thamai oyage prashneta uththara thiyenne..ethakam thiyenne eka parata meka pahadili karanna bar nisa karapu pahadili kireemak..
    eth meka dakina awasthawa weddi oya me gana dannawa..


    මනුස්ස ලෝකේ කෙනෙක් මැරුණම ආනන්තරීය කුසල් (100% අපි
    එදිනෙද දන්නා කුසල් නොවුනත් මෙතනදී එහෙම හිතන්න ) අකුසල්
    කරගෙන නැත්නම් මීලග උපත වෙන්නේ ක්‍රම 3 කට..ඔයා ඒක ගැන
    නොදන්නවා වෙන්න බැහැ.

    ආනන්තරීය කුසල් විදිහට එතැනදී ගන්නේ මාර්ගඵල ලබා තිබීම .
    ඒ අය අපායවල් 4 ( ප්‍රේත , අසුර , තිරිසන් ,8 මහ නිරය ) ඉපදෙන්න
    හේතු වෙන ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ.. මනුස්ස ලෝකෙන් උඩට
    තමා ඉපදෙන්නේ ..ඒ උනත් මනුස්ස ලෝකේ දේවල් වලට යටයි.
    අපි මේ විදින දුක් ඔක්කොම පුළුවන් ඉස්සර වෙන කර්ම පෙළගැස්මට
    අනුව.( ඒ පෙළ ගැස්ස්ම බලන්න පුළුවන් ක්‍රමයක් මනුස්ස ලෝකේ තාම
    තියෙනවා. මාතර , නුවර, ගාල්ලේ තාම ඒ පරම්පරා ඉන්නවා )

    දිවය ලෝකේ ගියොත් කර්ම ශක්තිය අනුව ඒ සැප සම්පත් ලැබෙනවා.
    ඒත් මාර්ගඵල අවබෝදය( තමන් ඉන්න මට්ටම ) අනුව ආයෙම ඉරිසියාව , අතෘප්ති මත් කම
    තියෙනවා..

    (දිව්‍ය ලෝකෙදි මාර්ගඵල අවබෝද නොකලම කෙනෙක්
    ඉපදුනොත් හරිම අමාරුයි මාර්ගඵල ලැබෙන තැනට හිත ගන්න..
    ඒ නිසා දිව්‍ය ලෝකේ ඉපදිලාම මේ දේවල් කරනවා කියල හිතන්න එපා,
    කවමදාවත් කරන්න බැහැ. ඒ නිසා මනුස්ස ලෝකෙදි අඩු තරමේ
    නිකන් භාවනා කරනවා කියල ඇස් දෙක හරි පියන් ඉන්න එක වටිනවා.
    මොකද දිව්‍ය ලෝකෙදි කොහොමවත් ඒ විදිහට ඉන්න බැරි නිසා.. )

    භ්‍රහ්ම ලෝකේ ගියොත් මාර්ගඵල අවබෝද කරපු කෙනෙක්
    ගොඩක් ගැටළු වලින් නිදහස්ව නිවන් දකීන්න පුළුවන්..

    ****************************************************************************************************
    ඔය ආනන්තරීය කාර්ම ලබපු අයට වෙන දේ කිව්වේ..
    අනිත් අයට වෙන්නේ ඇති වෙන චිත්තක්ෂණ අනුව ඒ පාරේ
    යන්න..මේක පැහැදිලි කරන්න ගියොත් සමහර අයට
    මේක ඕනෙම නැහැ කියල හිතෙයි..ඒ නිසා පොඩියට කියන්නම්..
    තමන්ට නිතර පුරුදු දේවල් අනුව,
    කර්මානු රූපෙඑඅ ඇති වෙන දෙයක් අනුව,
    අහඹුවක් අනුව,
    උපතල් ලබනවා..ඒ උපතට ඇති හැකියාව තීරණය
    වෙන්නේ අර මන් කියපු චිත්තක්ෂණ අනුව..
    මන් කියන්නම් , හිතන්න මල් පූජා කරනවා මතක් උනා කියල..

    ******හොඳට හිතන්න මේක ගැන උනන්දු වෙන අය විතරක්..****
    මල් අතට ගන්න එකද , මල් දකින එකද , මල් වල සුවඳ නහයට
    දැනෙන එකද , ඒ සුවද එක්ක වෙන දෙයක් මතක් වෙන එකද ,
    මලේ හිටපු කූබියෙක් ගැනද , මූව එලවන්න ඕන කියන එකද,
    පොඩි කරන එකද, වට්ටියේ පාට ගැනද, වට්ටියේ කුණු පැල්ලමක්
    ගැනද, බුදු රූපේ ගැනද , ඒ රූපේ ඉන්න ගැනද ඒ මොහොතේ හිත
    පිහිටියේ ? අන්න එකට අනුව චිත්තක්ෂණ කෝටි ගානක් පිහිටනවා..
    හිතන්න දැන් මල් පූජා කිරීමක් කොහෙවත් තිබ්බද ?

    {මේ ගෙවෙන හැම චිත්තක්ෂනයක්ම තමන්ට තේරෙන තැනට එනවා .
    ඒක කරන්න කරන්න පුළුවන් (****** හැකියාව තියෙන කෙනෙකුට
    හරියට දින 7 සතර සතිපට්ටානය වැඩුවොත් ) අමාරු නැහැ .}

    මේක මීට වඩා කියන්න පුළුවන් උනන්දු වෙන කෙනෙකුට නැත්නම්
    හිතන්න එපා මේ මුකුත්... ඔය අනුව ලබන ඉපදීම 4 අපායේ වෙන්න පුළුවන්
    ගොඩක් වෙලාවට.ප්‍රේත ලෝකේ අවුරුදු 100 , 200 තිබ්බට කර්මානු රූපීව
    මනුස්ස ලෝකේ විදිහට ඒක මාසයක් , දවසක් වගේ වෙන්නත් පුළුවන්...
    අපේ පරමායුෂ 120 උනාට 120 ම ජීවත් වෙන අය අඩුයි වගේ..
    ඔය විදිහට මේ හැම ඉපදීමක්ම තමන්ට උරුම උපතක් මිසක්
    අපිට ගැලපෙන එකක් ලැබෙනකම් නැවතිලා ඉන්න තැනක් නෙවේ.
    ඒ හැම උපතක්ම උපතක්.මේකේ භයානක කම තියෙන්නේ පුළුවන්
    නම් තේරුම් ගන්න අර මම කියපු ඉතා පොඩි කාලේදී අපේ වින්ඥානෙට
    පොඩ්ඩක් වත් ඉඩක් ලැබෙන්නේ නැහැ අපිට ඕන විදිහේ හිතුවිල්ලක්
    හිතන්න වත්..චිත්තක්ෂණ ගැන අවබෝදයක් නැති කෙනෙක්ට
    කොහොම කරන්නද ඒ හපන්කම ..ඒ ලබපු ජීවිතේ ආයුෂ ඉවර වෙද්දී
    ආයෙම අර විදිහටම 3 න් අකාරයෙන් මුල් වෙන සිතු විල්ලක් අනුව
    දිගින් දිගටම යනවා..මනුස්ස උපතක් ලබපු අය හිතනවා මේක තමා
    හරි නැවතීම කියල.ඒත් මේක කවදාවත් නවතින්නේ නැහැ එක දවසට
    ආත්ම සිය ගානක් ලබන්න පුළුවන් ..ඒ හැම එකක්ම අපිට උරුම
    උපතක් ..

    හරි කෙටියෙන් බර වචන මුකුත් නැතුව පැහැදිලි කිරීම ඒක තමයි.
    මේ ගැන මීට වඩා කියන්න දේවල් තියෙනවා.. ඒත් දිග වැඩියි
    දැනටමත් .. .

    ReplyDelete
    Replies
    1. සහන්, බොහොම ස්තුතියි දීර්ඝ විස්තරයට.

      //අපි මේ විදින දුක් ඔක්කොම පුළුවන් ඉස්සර වෙන කර්ම පෙළගැස්මට
      අනුව.( ඒ පෙළ ගැස්ස්ම බලන්න පුළුවන් ක්‍රමයක් මනුස්ස ලෝකේ තාම
      තියෙනවා. මාතර , නුවර, ගාල්ලේ තාම ඒ පරම්පරා ඉන්නවා )//

      මේකනම් මම නොදන්නම කාරණාවක්. ඒ ක්‍රමේ ගැන දන්න අය ඉන්නවනම් අපටත් දැනගන්න බැරි වෙයිද දන්නේ නෑ :)

      බුදු දහම පැත්තෙන් මේ ගැන හොඳ අවබෝධයක් තියනවා වගේ සහන්ට.
      මටනම් දිව්‍ය ලෝක වල සහ බ්‍රහ්ම ලෝක අතර වෙනස ගැනවත් අදහසක් නැහැ.

      Delete
    2. මේක මහා බරපතල විදිහට හිතන්න නරකයි මුලින්ම.
      මට type කරන දේ එන්න එන්න කරන්න බැරි වේගෙන යන්නේ
      සයුරි.මම 7 විතර නිදා ගන්න හිටියේ බෙහෙත් අරන් .ඒත් ඔයාගේ
      ලිපි දැක්කම මන් ඉන්නවා කියල හිතුවා.ඒත් මට type කරන්න
      අමාරුයි..මම වෙලාවක කෙටියෙන් skype වලින් හරි , rec
      කරලා හරි ඔයාට එවන්නම්...
      pls onama deyak ahanna..thawa canada wala innawa
      manikak wage kenek..eyawath munagassanam.
      මොකද විශේෂ හේතුවක් තියෙනවා..ඔයා දන්නවද එක කැලේක
      හිටියලු මොනරෙක් . මේ කැලේ ඉන්න වැද්දෙක් අටවපු උගුලකට
      මේ මොණරා අහු වෙනවා..උගුලට අහු උන මොණරව අල්ල ගන්න
      වැද්ද ලගට ආවම , මොණරා කියනවා මේ විදිහට අනුන්ට වද හිංසා
      කරන්න එපා , දුකට පත් කරන්න එපා, ආයෙම ඔයාවත් මේ විදිහටම
      දුකට පත් වේවි කියල..!මේ දේ ගැන ටිකක් කල්පනාවට වැටෙනවා
      වැද්ද.. ඒ ක්ෂණයෙන් සියලු කෙලෙස් නසල පසේ බුදු කෙනෙක් වෙනවා
      මේ වැද්ද. තේරුනාද ? ත්‍රිකෝටි පාරිශුද්දී උපතක වටිනාකම ?
      නිකම්ම නිකන් වැද්දෙකුයි , කතා කරන මොණාරෙකුයි ඉන්න
      කතාවක් නෙවේ මේ.කල්පනාවට වැටෙන්න පුළුවන් කතාවක් මේ..!

      Delete
    3. හපොයි සහන් ලෙඩ වෙලාද? :( හරි හරි වැඩිය හිතන්න යන්නේ නෑ. මම නිකමට ඇහුවේ. ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
    4. //මේකනම් මම නොදන්නම කාරණාවක්. ඒ ක්‍රමේ ගැන දන්න අය ඉන්නවනම් අපටත් දැනගන්න බැරි වෙයිද දන්නේ නෑ :)//

      ඒක ඉගෙන ගන්න අමාරු නැහැ. සාස්තරේ පිහිටනවා
      ලේසියෙන්ම.ඒත් දැනට ඉතුරු ආත්ම 7 ඉස්සරහටයි ආපස්සටයි
      බලන්න පුළුවන් ක්‍රමයක් විතරයි.ඒ දේත් තව අවුරුදු 200 කට
      වඩා තියෙන්නේ නැහැ ..ඊට පස්සේ ඔක්කොම ඉවරයි...



      මන් සයුරි ගොඩක් දේවල් වල නම් මතක තියාගන්නේ නැහැ .
      ඒත් අස කෙනෙක්ට නොතේරෙන දෙයක් තේරුම් කරලා දෙන්න
      පුළුවන්..ඒත් බුද්ධාගම නම් මෙහෙම type කරද්දී IME එකෙන්
      වරදිනවා ගොඩක්..මගේ උඩ කමෙන්ට් එකෙත් වැරදි තැන්
      මන් පස්සේ දැක්කේ.මන් ගැන පිටින් දකින කිසි කෙනෙක්ට
      පෙන්නේ නැහැ මන් මන් අඩු තරමේ පන්සිල් වත් ගන්න කෙනෙක්
      කියල...මන් පන්සල් වලට යන්නේ නැහැ ඉරිදට , මල් වට්ටි
      පූජා කරන්නේ නැහැ .ඒත් හිතින් බුදුන්ට මල් පූජා කරනවා.
      සතෙක් කන්න නැතුව හිටියොත් ගතින් කන්න දෙනවා හිතින්
      කන්න නොදී..

      ////හරි හරි වැඩිය හිතන්න යන්නේ නෑ. මම නිකමට ඇහුවේ.////
      ඔය දේ කිව්වේ ඔයාට නෙවේ සයුරි මේක දකින්න ලැබෙන
      අනිත් අයට.ඔයා නම් මේ ගැන හිතන්නම ඕන කෙනෙක්.
      ඔයාට මතකද අය්යා බණ අහන් ඉඳල එද්දී මල් අතු ඔය ගාව
      ඉඳන් ගෙදට්ට එනකම් අය්යේ අය්යේ කිය කියා බණ පද
      අහපු කෙලි පොඩ්ඩව ..

      ඔව් සයුරි මන් ලෙඩින් ඉන්නේ.තව මාස 8 තියෙනවා.
      බලමු මොකද වෙන්නේ කියල. ඔලුවෙන් කරන යුද්දයක්
      තියෙනව මන් පැරදුන.කීප දෙනෙක් ඉන්නවා මන් පැරදුනු.
      මේ මාස 8 ගෙවෙනකම් මට කිසිම දෙයක් කරගන්න බැහැ .
      මේ මාස 8 පුරාවටත් ඒ අය දිනුවොත්, මන් ඉවරයි..

      Delete
    5. පන්සල් සම්බන්ධයෙන් නම් මගේ ප්‍රතිපත්තියත් ඔය වගේ තමයි. මල්වතු ඔය කතාව ගැන නම් අදහසක් නෑ අනේ. ඔයාට ඉක්මන් සුව පතනවා..

      Delete
    6. ත්‍රිකෝටි පාරිශුද්දී newe ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් yanuwen niwaradi
      wiya yuthuyi...

      Delete
  34. සයුරි, මේ පොස්ට් එකට කොමෙන්ට් කරන්න පරක්කු උනාට සමාවෙන්න. මේ කොමෙන්ට් එක ඔයා දකීවිද දන්නෙත් නැහැ. එත් මෙහෙම සටහන් කරන්න හිතුනා.

    //ඊ ළගට ගොඩක් අය විශ්වාස කරනවා ගන්ධබ්බ අවස්ථාවක් ගැන. කෙනෙක් මැරුණම තවත් කලලයකට ඇතුල් වෙන්න කලින් ටික කලක් (දිග කාලයක් වෙන්නත් පුළුවන්) ගන්ධබ්බයෙක් විදියට ඉන්නවා ලු. හැබැයි සමහරු මේ කතාව පිළිගන්නේ නැහැ. එයාලා කියන්නේ කෙනෙක් මැරුණ ගමන්ම වෙනත් කලලයකට ඇතුල් වෙනවා කියලා. හරියට කූඩල්ලෙක් ගමන් කරනවා වගේ එක තැනක් අත ඇරපු ගමන් තව තැනක් අල්ල ගන්නවලු. මම නම් පිළිගන්නේ පළවෙනි මතය. //

    මේ මතය ගැන ගොඩක් පරිස්සමින් හිතන්න ඕන දෙයක් සයුරි. කලින් කොමෙන්ට් කරපු චන්දන අරුණ මුණසිංහ දීලා තිබුන ලින්ක් එකේ ඇති පුජනිය නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ ගේ දේශනාව ඇහුවද?

    සයුරි නිවැරදි බුදු දහමට අනුව සරලව මෙහෙම හිතන්න.

    සියලුම සත්වයන් පහල වෙන්නේ (උපදින්නේ) භව තුනක පමණයි. ඒ තමයි
    1 කාම භව (සතර අපාය , මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක සය)
    2.රුප භව (රුපවචර බුහ්ම ලෝක)
    3. අරුප භව (අරුපාවචර බුහ්මලෝක)

    මේ සියලුම ලෝක 31ක් වෙනවා.

    මේ භව තුනෙන් පිට උපතක් සිදුවෙන්න බැහැ. මේ භාව තුනෙන් මිදීම නිර්වාණයයි. ඒ අනුව පළමුව සිතන්න ඕන දෙයක් තමයි ගන්ධබ්බ කියන්නෙත් මේ බවත්‍රයේම සැරිසරන සත්ව කොටසක් බව.

    තව පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා අරුපාවචර බ්‍රහ්ම ලෝක ගැන. බොහෝ දෙනෙක් හිතනවා මේ අරුපි බ්‍රහ්මයන්ට රුපයක් නැති සිත පමණක් ඇති කොටසක් ලෙසට. මේක මිත්‍යා මතයක්. මෙතැනදී වෙන්නේ එම බ්‍රහ්මයන්ට රුපය විෂය නොවීම පමණයි. ඒ කියන්නේ රුප, ශබ්ද, රස, ගඳ කියා දේවල් විෂය වෙන්නේ නැහැ. ඔවුන් පවත්වාගෙන යන ධ්‍යාන සිතට මේ රුපි කොටස් විෂය වන්නේ නැහැ.
    සරලව මෙහෙම තේරුම් ගන්න පුළුවන්. ඔය තද කල්පනාවක් ඉන්න වෙලාවක ඇස් අරගෙන හිටියත් සමහර විට ඔයා ඉදිරියෙන් යන කෙනෙක් නොපෙනෙන්න පුළුවන්. මේ වගේ දෙයක්.

    අරුපි බ්‍රහ්මයන්ට රුපයක් නැති සිත පමණක් ඇති කොටසක් ලෙසට වරදවාගෙන තියෙන්නේ ඔය ආකාරයට රුපය විෂය වෙන්නේ නැති බව වරදවා වටහාගෙන තියෙන නිසයි. නමුත් මේ අරුපි බ්‍රහ්මයන්ට තියෙන කය ඉතාම සියුම් කයක්. නමුත් එය රුපි කයක්. කය නැතිව හිත පමණක් කිසිම විටක පිහිටන්නේ නැහැ. මේ බව ඉතාම ලස්සනට නළකලාප සුස්ත්‍රයේ දේශනා කරලා තියෙනවා.

    එහි උපමවකට අරගෙන තියෙන්නේ දෙකක් එකට හේත්තු කරලා තියෙන බට බිටි දෙකක් ඒ දෙකේ ආධාරයෙන් නොවැටී තියෙන්න සේ නාම සහ රුප කොටස් දෙක ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙමින් පවතින බවයි. එක බට මිටියක් ඉවත් කලොත් අනිත් බටමිටිය බිමට වැටෙනවා වගේ නාව කොටස නැතිව රුප කොටසටවත්, රු කොටස නැතිව නාම කොටසටවත් පිහිටන්න බෑ .

    මේ දීර්ග විස්තරය කලේ ගන්ධබ්බ අවස්ථාව ගැන කියන්නයි, එහෙනම් නිවැරදි ථෙරවාදී බුදු දහමට අනුව ගන්ධබ්බ යනු, නාම රුප දෙකින් සැකසුන, මේ භවයන් තුන් තුලම සැරිසරන සත්ව කොටසක් පමණක් බවයි.

    යම් කෙනෙක් මියගිය විට ඔහුගේ ගන්ධබ්බයා සිරිරක් සොයමින් සැරිසරනවා යන අදහස මේ අනුව නිවැරදි බුදු දහමට අනුකුල නොවනවා පමණක් නොව මේ මතය තුල බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කල ආත්ම දෘෂ්ටිය ඇතුලත් වෙනවා.


    ReplyDelete
    Replies
    1. අයිලාෂ්, සමා වෙන්න ඕන ප්‍රමාද උනාට. ඒ වගේම බොහොම ස්තුතියි මේ දීර්ඝ විස්තරයට. බුදු දහම අනුව මේක පිළිගන්න බෑ කියලා මම කලිනුත් කොහේදී හරි දැක්කා. ඒත් කොතැනකදීවත් මම ලිපියේ සඳහන් කරපු ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු ලැබුනේ නෑ. උදා: විදියට ජිවින්ගේ ආරම්භය, නැත්නම් ලෝක විනාශය වගේ අවස්තාවක් ගත්තොත් ජිවින්ගේ චුති සිත්වලට මොකද වෙන්නේ. බෙල්ලන ඥානවිමල හිමිගේ පොතෙන් තමයි මම ගන්ධබ්බ අවස්ථාව ගැන තොරතුරු හොයාගත්තේ. එතන අර කූඩළු පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කරලා තිබුනා. මයර්ස්ගේ සත්මහල වගේ අපරදිගින් වාර්තාවෙන පරීක්ෂණවලිනුත් ඒ බව සනාථ වෙන කරුණු ලැබිලා තිබුනා.

      ඒත් මොන මතයක්වත් වැරදියි කියන්න තරම් ගැඹුරු දැනුමක් මට නැහැ. කොහොමත් මේ දේවල් ප්‍රායෝගික පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට ඉතාමත් අසීරු නිසා බුදුදහමේ සඳහන් වන දේ උනත් සාක්‍ෂි නැතිවයි පිළිගැනීමට සිදු වෙන්නේ.

      Delete
    2. //බෙල්ලන ඥානවිමල හිමිගේ පොතෙන් තමයි මම ගන්ධබ්බ අවස්ථාව ගැන තොරතුරු හොයාගත්තේ. එතන අර කූඩළු පැහැදිලි කිරීම ප්රගතික්ෂේප කරලා තිබුනා.//
      සයුරි, බෙල්ලන ඥානවිමල හිමි කියන්නේ මේ කාලයේ ජිවත් වන උගත් ස්වාමින්වහන්සේ කෙනෙක් බව මම පිලිගන්නවා. නමුත් අපි සරණ ගිහින් තියෙන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, උන්වන්සේ දේශනා කල ශ්රීන සද්ධර්මය සහ ආර්ය මහා සංග රත්නය මිසක් බෙල්ලන ඥානවිමල හිමි නෙවේ නේද? අද බොහෝ දෙනෙක්ට වෙලා තියෙන්නේ ඒ ය සරණ ගිහින් ඉන්නේ එක එක ස්වාමින්වහන්සේලා මිසක් ත්රි විධ රත්නය නෙවේ.
      සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ සැරියුත් මහා රහතන් වහන්ස පවා යම් අය විසින් අසන ලද පුශ්නවලට තමන් වහන්සේ විසින් පිළිතුරු නොදී , බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගැන විමසු අවස්ථා බොහෝ දකින්නට තිබෙනවා. මහා රහතන් වහන්සේලා මේ ධර්මයට ගරු කලේ එහෙමයි සයුරි.
      මුලින්ම බෞද්ධයන් ඇතිකරගෙන කඩ නොකර පවත්වාගත් යුත්තේ ශ්රධද්ධාවයි. ශ්රඒද්ධාව ගැන මගේ ඩිජිටල් ඡායරුපවල දෙවියන් සහ භූතයන් පොස්ට් එකේ පැහැදිලි කරලා තියෙනවා.
      මේ කාලයේ බොහෝ ස්වාමින්වහන්සේලාද පිරිසිඳු බුද්ධ වචනයට පිටින් කරුණු කාරනා කියනවා. මේ බව අපි හොඳින් තේරුම් ගන්න ඕන. මහා පරිනිර්වාණ සුත්රටයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාපදේශ 4ක් දේශනා කරනවා. එහිදී උන්වනසේ පැහැදිලි කරන්නේ මෙසේයි
      අනාගතයේ පහළවන බික්ෂු පිරිසක්, උගත්යයි සම්මත එක බික්ෂුවක්, බොහෝ දෙනෙක් පිළිගන්න බික්ෂුවක් හෝ තමා පිළිගන්නා භික්ෂුවක් උවත්
      1. මා මෙය බුදුරජානන් වහන්සේගෙන්ම අසා දැනගත්තා
      2. මගේ ගුරුවරු මෙය බුදුරජානන් වහන්සේගෙන්ම අසා දැනගත්තා
      3. මගේ ප්රුත්යරක්ෂය මෙයයි
      4. මගේ ගුරු පරපුරේ ප්රයත්යයක්ෂය මෙයයි

      වැනිවූ කාරනා කියමින් යම් ධර්ම කරුණක් පැහැදිලි කරයි නම් එය එක්වරම පිලි නොගෙන, එක්වරම් ප්රිතික්ෂේප ද නොකර , එම කරුණු මා විසින් දේශනා කල සුත්රෙයේ බැස ගන්නවාද?, විනය හා සැසදෙනවාද ? යන කරුණු ගැන විමසා බලා පිළිගන්නා ලෙසයි.

      බෙල්ලන ඥානවිමල හිමි සහ තවත් හිමි වරුන් පවසන මේ ගන්දබ්බ අවස්ථාව කිසිම සුත්රනයකට බැස නොගනී. උදා: මා කලින් පැවසු නල කලාප සුත්රමය පැහැදිලිව නාම රුප දෙක ඔවුනොවුන්ට ප්රගත්ය‍ වෙමින් එකටම් පවතින් බවත් මේ දෙකට වෙන්ව තනි තනිව පැවතිය නොහැකි බවත් පෙන්වා දී ඇත. අනික් සියලුම සත්වයන් මේ භව තුන ඇතුලත් සිටීම.

      Delete
    3. ඇති පුජ්යග නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ ඉතාම පැහැදිලිව මේ සංකල්පය මහායානය තුලින් පැමිණි බව පැහැදිලි කර දෙන දේශනා බොහොමයක් තියෙනවා.
      ජිවින්ගේ ආරම්භය ගැන නොහොත් සංසාරයේ මුල ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි මම සංසාරයේ මුල නොපනවමි කියලයි. මේ සසර අති දීර්ග එකක්. මේ බව අනවතග්ග සංයුක්තයේ ඇති සුත්රර ගණනාවකින් පැහැදිලි කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වත් නොපනවපු සසරක් මුල ගැන අපි කිසිම කෙනෙක්ට හොයන්න බෑ.
      //ලෝක විනාශය වගේ අවස්තාවක් ගත්තොත් ජිවින්ගේ චුති සිත්වලට මොකද වෙන්නේ.//
      මේ ගැන සඳහන් සුත්ර යේ නම මට මතක නැහැ. (බොහෝ විට සත්ත් සුරියෝද්ගමන සුත්ර ය හෝ අග්ගඥ සුත්රගය විඉය හැකි.) ලෝක විනාශයේදී මුළු ලික ධාතුවම විනාශ වෙන්නේ නැහැ සයුරි. එතනදී ලෝකාන්තරික නරකය ඉතිරි වෙනවා විනාශ නොවී. සියලුම නියත මිත්යදෘෂ්ටිකයින් මෙහි පහල වෙනවා. එතැන් පටන් ඇති සියලුම නරකයන්, මිනිස් ලොව, දෙවලොක සය සහ අබස්සර බ්රහහ්ම ලෝකය දක්වා ඇති බ්රඇහ්මලෝක විනාශ වෙනවා. ඒ සියලුම ලෝක වල ඉන්න වූ සත්වයන් එම අවස්ථාවේදී ආභස්සර බ්රිහ්ම ලෝකහි පහල වෙනවා.
      //මයර්ස්ගේ සත්මහල වගේ අපරදිගින් වාර්තාවෙන පරීක්ෂණවලිනුත් ඒ බව සනාථ වෙන කරුණු ලැබිලා තිබුනා...... දේවල් ප්රාියෝගික පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට ඉතාමත් අසීරු //
      විද්යා ව තුලුන් බුදුදහමේ ඇති ගැඹුරු කරුණු පැහැදිලි කිරිමට් යැම අන්දයා කිරිවල පාට හොයනවා වගේ වැඩක් සයුරි.

      මේ දෙය අමතක කරන්න එපා සයුරි, බුදු කෙනෙකුන් ලොව පහල වෙන්නේ, චතුරාර්ය සත්යව දර්මය දේශනා කොට සත්වයන් දුකින් මුදවගෙන් නිර්වාණය කර යොමු කරවීමට විනා, මෙවැනි ලොව ඇති සියලුම කරුණු දේශනා කිරීමට නොවේ. මේ බව බුදුරජානන් වහන්සේගෙ ඇට්ටේරියා වනයේදී කොළ ටිකක් අතට ගෙන කල දේශනාවෙන් පැහැදිලි කරනවා. උන් වහන්සේ දේශනා කරන්නේ නිවන දක්වා යාමට අවශ්යඅ දහම පමණයි.


      මේ දේවල් හොයා හොයා , සිත සිතා ඉන්න ගියොත් වෙන්නේ කිසිවක් සොයාගැනීමට නොහැකිව මරණය කර ළඟ වීම පමණයි. මේ මුළු සංසාරය පුරාවටම අපී කරලා තියෙන්නේ ඒ දේ තමයි. ඒ නිසා මේ ලැබුණු වටිනා අවස්ථාව අහිමි කරගන්නේ නැතිව මේ නිවන් මගේ ගැන කිරීම තමයි කරන්න ඕනේ.

      මේ ගැනත් බුදුරජානන් වහන්සේ මේ පහල තියෙන ලස්සන උපමාවෙන් කරුණු දක්වලා තියෙනවා.

      යම් පුද්ගලයෙක්ට හි පහරක් වැදී මාරාන්තික තුවාල වූ අවස්ථාවකදී, ඒ වෙනුවෙන් බෙහෙත් කිරීමට පැමිණි වේදදුරුට බෙහෙත් කිරීමට නොදී, ඒ හිය ආවේ කුමන දිශාවෙන්ද?, හිය සද ඇති ලි වර්ගය කුමක්ද?, විදින ලද දුන්න සදා අත්හේ කුමන ආකාරයෙන්ද?, විදින ලද පුද්ගලයා කවරෙක්ද? වැනි කරුණු සෙවීමට ගියහොත් ඒ කරුණු දැනගැනීමට පෙර මියයන නිසා, කලයුතු වන්නේ ඒ ගැන නොසිතා හිය අද දමා ඒ සඳහා ප්රමතිකාර කිරීමයි.

      Delete
    4. මෙහෙමයි අයිලාෂ්, මම කියන්නේ නැහැ මම බෙල්ලන ඥාන විමල සරණ ගියපු කෙනෙක් කියලා. ඒ වගේම බුදුදහමේ ඇති දේ උනත් කිසිම විචාරයකින් තොරව කිවූ පමණින් පිළිගන්න තරම් තදින් ශ්‍රද්දාවක් ඇති කෙනෙකුත් නෙමෙයි. ඥාන විමල හිමියන්ගේ කියන දේ මට තාර්කිකව පිළිගන්න පුළුවන් කියන එකයි මම කිව්වේ. ඒ මතය තමා හරි කියලා මම කොතනකවත් කිව්වේ නැහැ.

      //මේ දේවල් හොයා හොයා , සිත සිතා ඉන්න ගියොත් වෙන්නේ කිසිවක් සොයාගැනීමට නොහැකිව මරණය කර ළඟ වීම පමණයි. මේ මුළු සංසාරය පුරාවටම අපී කරලා තියෙන්නේ ඒ දේ තමයි. ඒ නිසා මේ ලැබුණු වටිනා අවස්ථාව අහිමි කරගන්නේ නැතිව මේ නිවන් මගේ ගැන කිරීම තමයි කරන්න ඕනේ. //

      :) නැහැ අයිලාෂ්, මම කිසිම විදියකින් මේ දේවල් ගැන හිත හිත ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ වගේම මම හිතන්නේ නැහැ අපි කවුරුවත් මේ කරන්නේ නිවනට අවශ්‍ය දෙවල් කියලා. මේ වගේ දේවල් ගැන කතිකා ඇති වෙන එක, පරීක්ෂණ කරන්න හිතෙන එක ස්වාභාවිකයි. මිනිසා කුතුහලාත්මක සතෙක් නේ. ඒත් ඒ දේ නිසා සසර දික් ගැස්සෙනවා වෙන්න පුළුවන්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...