Tuesday, October 11, 2011

අලිංගිත්වා ?


මාතෘකාවට එන්න කලින් මට තාමත් හොඳට මතක, අපිට 6 වසරෙදි උන වැඩක් ගැන කියල ඉන්නම්කෝ.

අපි 6 වසරට ඇතුල් වෙද්දි එච්චර කල් කරපු ගණිතය, සිංහල, විද්‍යාව වගේ විෂයන් වලට අමතරව "සමාජ අධ්‍යයනය" කියලා විෂයකුත් ආවා නේ. ඔය නම ඒ දවස්වල අපිට කියව ගන්නත් බෑ හරියට (ලියන්න කොහොමත් බෑ නේ ඉතින් :). අපි ඉතින් ඕක කියෙව්වෙත් ලිව්වෙත් "සමාජ අධ්‍යනය" කියලා ('ය' හලලා).

අපිට ඒ කාලේ නීතියක් දාලා තිබුනා දවස් පහේම කාල සටහන කළු ලෑල්ලේ පැත්තකින් ලියලා තියන්න ඕන. ඉතින් ඕක ලියන්න වොලන්ටියර් වෙච්ච ළමයාත් "සමාජ අධ්‍යනය" කියල තමයි ලිව්වේ. ඉතින් ඔය වැරැද්ද ඔය විදියටම කළු ලෑල්ලේ තිබුනා මාස ගානක් යනකන්ම. එක දවසක් අපේ පන්තියට ආවා ට්‍රේනින් දාපු සර් කෙනෙක් (එයාල එනවට අපිනම් හරිම කැමතියි. සැර නැහැනේ :). එයා ටික වෙලාවක් බෝර්ඩ් එක දිහා බලන් ඉඳලා මෙහෙම කිව්වා...

සර් : (ඉස්සරහ පේලියේ ඉඳපු සුරංගි ට ඇඟිල්ල දික් කරමින්) ඔය ළමයා නැගිටින්න
ඉතින් සුරංගි නැගිට්ටා.
සර් : ඔය ළමයගේ නම මොකද්ද?
සුරංගි : "සුරංගි"

ඉතින් සර් චෝක් කෑල්ලක් අරගෙන් මෙහෙම ලිව්වා බෝර්ඩ් එකේ   "සුංගි"

සර් : ඔයා කැමතිද කවුරු හරි ඔයාගේ නම මෙහෙම කියනවට?
සුරංගි : නැහැ worried
සර් : ආ... එහෙනම් සමාජ අධ්‍යයනයත් කැමති නෑ එයාගේ නමේ අකුරක් අඩුවෙන් ලියනවට

එදා ඉඳන් අද වෙනකන්  මටනම් ඔය වචනේ වැරදුනේ නැහැ. වැරැද්දක් උනත් මෙහෙම නිර්මාණශීලි විදියට කියල දුන්නම හොඳට හිතට වදිනවා නේද?

                                            ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

හරි දැන් එන්නම්කෝ මාතෘකාවට. අකුරු අඩුවෙන් ලියනවා වගේම අපි කරන තවත් වැරැද්දක් තමයි වැරදි වචන පාවිච්චි කිරීම.


මේ බරපතල වැරැද්ද නම් අපිට පෙන්නලා දුන්නේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ. දවසක් අපේ ඉස්කෝලෙට සෝම හාමුදුරුවෝ වැඩියා  බණ දේශනාවකට. හාමුදුරුවෝ අපිට කිව්වා තාත්තට වඳින ගාථාව කියන්න කියලා. හැමෝම පටන් ගත්තා ගාථාව කියන්න....

"වුද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං..............." 
ඉවර වෙනකන්ම අහගෙන ඉඳලා හාමුදුරුවෝ මෙහෙම කිව්වා..

"ඔහොම වැන්දොත් නම් ඉතින් තාත්තට වෙන්නේ අපහාසයක්. "අලිංගිත්වා" කියන වචනේ තේරුම (මෙන්න මේක කියලා තේරුමත් කිව්වා). හරි වචනේ තමයි "ලිංගිත්වා", ආලිංගනය කරනවා එහෙම නැත්නම් වැළඳ ගන්නවා කියන එක" 


කොයි තරම් බරපතල වැරැද්දක්ද? ඒත් තවමත් සමහර හාමුදුරුවරු පවා මේ ගාථාව අර විදියට කියනවා මම අහල තියනවා. ඒක බොහෝ දුරට නොදන්න කම හෝ නොසැලකිල්ල වෙන්න ඇති. සමහර විට ගාථාවේ මාත්‍රා ගණන ගානට සෙට් වෙන නිසා වෙන්නත් ඇති. ඒත් ඒකෙන් අර්ථය නම් විකෘති වෙනවා. අපි නම් සෝම හාමුදුරුවෝ කියනකන්ම ඕක දැනගෙන හිටියේ නැහැ. දැනගත්තට පස්සෙ වරද්දන්නෙත් නැහැ. ඉතින් මට හිතුනා මේ ගැන නොදන්න ඒත් දැනගන්න කැමති අය හිටියොත් කියලා මේක බ්ලොග් එකේ දාන්න. එක්කෙනෙක් දෙන්නෙක් හරි ඒ වැරැද්ද හදා ගත්තොත්, අනාගත පරම්පරාවට කියල දුන්නොත් ඒක ලොකු දෙයක් වගේම සතුටක් :) 

29 comments:

  1. ඉතා වැදගත් දෙයක් තමා කියල දුන්නෙ. ස්තුතියි.
    මේ වගේ වැරදි තව කොච්චර තියෙනවද, අධ්‍යයනය කියන එක කිව්ව ගමන් මට මතක් උනේ විද්‍යයාලය. හැමෝම ලියන්නෙ විද්‍යාලය කියලනෙ. ඇයි ආචාර්යය, හැමෝම ලියන්නෙ ආචාර්ය කියල.
    තව ඒවත් තියෙනව.

    ReplyDelete
  2. මාත් ඕක ගැන හිතලා තියෙනවා අක්කා. හරි වචනෙ මොකක්ද කියන එක වගේම තේරුමත් දන්නෙ නැතුවනෙ හිටියෙ.
    ස්තූතියි දැනුවත් කලාට.

    ReplyDelete
  3. හප්පේ ..... මෙච්චර කල් තාත්තට වැදලා නෙමේයි බැනලනේ......

    ReplyDelete
  4. ඔය වගේ කරන තව වැරැද්දක් කියන්නද අක්කේ ,
    "වන්ධ ගන්ධ ගුණෝ පේතන්.." ඔය ගාථාව කියාගෙන යනකොට ගොඩක් අය කියන්නේ "...ඒතන් කුසුම සංතෝසින්" කියලා..ඒ උනාට හරි වචනේ "සංතතින්" නේ..
    හොදට බලන්නකෝ ගොඩක් අය කියන්නේ ඔහොම තමා..

    ReplyDelete
  5. @මාධව : සම්පුර්ණ ඇත්ත..ඔය කියපු හැම වචනයක්ම ගොඩක් වෙලාවට වරද්දනවා අපි. ස්තුතියි...

    @නිසුපා : ඒක ඇත්ත නිසු, පාලි වචන වල තේරුම අපි දන්නේ නැති නිසා තමයි මෙහෙම වෙන්නේ..

    @ඔබ නොදුටු ලොවක් : හි හි ඒකනේ...අන්තිම අපහාසයක් නේ කරලා තියෙන්නේ

    @චම්මා : අන්න තවත් හොඳ උදාහරණයක්..මමත් හරි වචනේ "සංතතින්" කියලා දැනගත්තට තාමත් තේරුම නම් දන්නේ නැහැ...අයි සමහරු "නමෝ තස්ස" වෙනුවට "නමෝ දස්ස" කියලත් කියනවා..

    @මාරයා : ස්තුතියි මාරයා අයියේ..

    ReplyDelete
  6. මම ආලිංගිත්වා කියන එක වචනෙ හරි එක බව දැන ගත්තෙ අදයි. හැබැයි පොඩි කාලෙ ඉදන් අලිංගිත්වා කියන වචනෙ ගැන පොඩි අවුලක් දැණුනා. මම හිතුවා පාලි වචනයක් වෙන්නැති මම වැරදියට හිතනවා කියලා.

    ස්තූතියි!

    ReplyDelete
  7. අඩේ ඒකත් එහෙමද...අදනෙ දන්නෙ..හොදා හොදා දැන ගත්තු එකත්..

    ReplyDelete
  8. අදවත් හරි වචනේ කියලා වඳින්න ඕනා.
    ඒක නෙමේ අක්කා. අර සමාජ අධ්‍යයනය කියන සබ්ජෙක්ට් එකේ නම අපේ එවුනුත් වරද්දලා තමයි කියවන්නේ. ලියන එක කෝම හරි හරියට ලියා ගන්නවා.

    කියවන්න ගියාම....

    සමාජ අද්දි යානය
    සමාජ අද්දියාපනය කියලා කියනවා.

    (ඉහත වචන දෙක උච්ඡාරණය කරන විදිහටම ලිව්වේ. )

    අද හිනා මූනූ අඩුවෙන් දාලා :(

    ReplyDelete
  9. දැනුවත් කලාට බොහෝම ස්තුතියි සයුරි

    ReplyDelete
  10. අප්පේ එතකොට මාත් මෙච්චර කාලයක් වරද්දලනේ... ගාථාව කියලා තාත්තට වැදලා නැති උනත් මම දැනගෙන හිටියෙත් ඔහොමනේ...

    ReplyDelete
  11. @සංජය : බොහොම ස්තුතියි..

    @විසිතුරු : ඔව් ඒ වචනේ ඇහුණාම වෙනසක් තේරෙනවා...ඔයා කිව්වා වගේ අපි පාලි නොදන්න එකයි ප්‍රශ්නේ...

    @සීතල අයියා : ඔන්න මිට පස්සෙ හරි ගාථාව කියන්න හොඳේ :)

    @මධුරංග : ඔව්නේ අප්පා..සමහරවිට හිතලමත් ඔහොම කියනවා ඇති :) මේ පෝස්ට් එකට හිනා මුණු හරි යන්නෙ නෑ වගේ මල්ලි...ඊ ලග එකේ දාන්නම්කො.

    @දිල් : ඔයා දැනුවත් උනාටත් ස්තුතියි දිල් :))

    @දිනේෂ් : ඒක තමයි මල්ලි, මාත් ගාථාව කියල නෙමෙයි වඳින්නේ...ඒත් ඒක කියන්න වෙන තැනුත් තියනවා නේ.

    ReplyDelete
  12. කෝ ලොකු නෝනා දැන් කවි ලියන්නේ නැතෙයි ???
    හුග කාලෙකින් කවියක් දෙකක් කියෙව්වේ නෑ නෙව. ඔහේ කවදටෙයි කවි කියන්නේ ??? හික්ස් :)

    ReplyDelete
  13. හප්පේ...ඒක නේන්නං. කොහෙද මේ එක්සෑම් එකක් ආවා නේ. දැන් ලිව්වොත් මොනවා ලියවෙයිද දන්නේ නැහැ...හිහි..ආ ඒක නෙමෙයි මල්ලි කවදද අළුත් ජොබ් එකට යන්නෙ.(දැන් උඩරට උදවියත් මාතර භාෂාව නේ පාවිච්චි කරන්නේ :O)

    ReplyDelete
  14. වැදගත් ලිපියක් අක්කේ,, අනේ මට ඔයාගේ පෝස්ට් හැමදාම මඟ ඇරෙනවා.. :( බලන්නකෝ, හරිම අසාධාරණයි බ්ලොගර් ඩෑශ් බොර්ඩ් එක.. :(

    ReplyDelete
  15. අයියෝ ගණන් ගන්න එපා නංගා...ඔය වැඩේ මටත් වෙනවා :))

    ReplyDelete
  16. @ප්‍රාර්ථනා :
    ලොකු නංගි, මේ අක්කා ඉන්නේ අන්තර්ජාතික දින රේඛාව පැත්තේ නේ. ඒ නිසා එයා දාන පෝස්ට් අපට මඟ ඇරෙනවා.

    @සයූ :
    මේ සතියේ මුල අපට යන්න වෙන්නේ. තව ටික දවසක් තියෙනවා. :)

    ReplyDelete
  17. ඔහ්..ඒකද මේ කේස් එක. හ්ම්ම්
    එල...අපිත් දන්නවා ඇති සමහර විට ඔය කොම්පැනිය...

    ReplyDelete
  18. ඇත්ත නේන්නම්. බොහොම පිං කියල දුන්නට. අපේ හාමුදුරුවෝ කියන්නෙත් වැරදි විදියට. ඔබේ බ්ලොග් එක දැක්කෙ අදමයි. කවි ටිකත් හරි ලස්සනයි.

    ReplyDelete
  19. @නිහාල් : බොහොම ස්තුතියි... සාදරෙන් පිළිගන්නවා ඔයාව..ඔව් හාමුදුරුවරුත් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ වගේ.

    ReplyDelete
  20. උදයංග ලක්මාල්October 25, 2011 at 5:01 AM

    ගොඩක් වැදගත් කරුණක්... මම හිතන්නේ ගොඩක් අය මේක ගැන දන්නේ නෑ. ඇත්තෙන්ම මාත් දැනගත්තේ අදයි. ඔබට බොහොම ස්තුතියි දැනුවත් කලාට...

    ReplyDelete
  21. @උදයංග : බොහොම ස්තුතියි කමෙන්ටුවට...

    ReplyDelete
  22. සයුරිගේ පෝස්ට් මට සෑහෙන ප්‍රමාණයක් මග ඇරිලා. එකින් එක අදයි කියවන්න ගත්තේ. ඔයා හුගක් දක්ෂයි.

    ReplyDelete
  23. @බට්ටි : බොහොම ස්තුතියි බට්ටි...ඔයාලගේ අදහස් හරිම වටිනවා මට...ඒක තමයි, ඔයාව දැක්කේ කාලෙකට පස්සේ....:)

    ReplyDelete
  24. බොහොම වැදගත් කරුණක් සයුරි
    මමත් මගේ පෝස්ට් එකේ තිබුන වැරැද්ද හරි ගැස්සුවා....

    ReplyDelete
  25. @ ලොකු පුතා : පෝස්ට් එක කියවලා වැරැද්ද ත් හැදුවට බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔය කාරණේ අටුවාව ඉගෙන ගන්න අයට තදින් බලපාන දෙයක්.
      පාලි ගොඩක් වචන වල තේරුම වර නැගෙද්දී , නගද්දී පරිස්සම්ම
      වෙන්න ඕන අභිධර්ම කොටස් වලදියි , විනය කොටස් වලදියි ..
      මොකද මේ තරම් කාලයක් මුළු සූත්‍ර 18,000 ගෙනාවේ කට පාඩමෙන් .
      හිතන්න හැම මාත්‍රාවක්ම වරද්දන්නැතුව කට පාඩමෙන් ගේන්න මොන
      තරම් හැකියාවක් තියෙන්න ඕනද අපිට අකුරක් ලියාගන්න බැරි කොට...
      ඔයාගෙම උදාහරණෙ ගන්න එහෙම ගේද්දී මෙහෙම වැරදුනා නම් කොහොමද ..?

      Delete
    2. කියලා වැඩක් නැහැ. එහෙම කටපාඩමින් ගේන එක කොයි තරම් අමාරු වැඩක්ද? මටනම් ඔය කට පාඩම් කරන වැඩේ බැරිම දෙයක්.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...