Friday, October 14, 2011

අයියේ ඔයා හරි හෑන්ඩ්සම් නේ



බූලා කියන්නේ අපේ බැච් එකේ හිටපු යාලුවෙක්. මෙයාට බූලා කියල නම වැටුන විදියත් එක්තරා කතන්දරයක් තමයි. බල්ලෙක් ගැන සින්දුවක් කියන්න ගිහින් තමයි ඕක උනේ. අන්තිමට ඉතින් එයාට බල්ලා කියන්න බැරි කමට බූලා කිව්වා hee hee.

මේ බූලා ටිකක් විනෝදෙටත් බර අමුතුම ජාතියක කෙනෙක්. අනිත් අය හිතන දේවල් තඹේකටවත් මායිම් නොකර තමන්ගේම විදියට ජීවත් වෙන කෙනෙක්. මෙයා ටිකක් විතර පොෂ් හයිජෙනික් බූලෙක්. ඒ උනාට ඉතින් පහල බැච් වල නංගිලා කාලා ඉතුරු කරන වඩේ කෑලි එහෙමත් ඉල්ලගෙන කනවා කැන්ටින් එකේදි.

කොහොම හරි මෙයා කැම්පස් එකේ ටැප් වලින් වතුර බොන්නේ නැහැ. හැබැයි ජීවිතේට වතුර බෝතලයක් ගේන්නෙත් නැහැ. ඉතින් දවල්ට කන්න කැන්ටින් එකට ගිහින් කාලා ඉවර වෙලා වතුර බොන්න ඕන උනාම වට පිට බලනවා. වතුර බෝතලයක් තියාගෙන ඉන්න නංගි කෙනෙක් දැක්කොත් "නංගි මම වතුර ටිකක් ගන්නද?" අහනවා. එයා එපා කියන්නද ඉතින්. හැබැයි ඉතින් ඔය ගොඩක් නංගිලා වතුර පුරවගන්නෙත් කැම්පස් එකේ ටැප් වලින්ම තමයි big grin.

මේ බූලා ට තියනවා කාර් එකක්. එයා කාර් එකේ යද්දි පාර අයිනේ රස්තියාදු වෙවී ඉන්න සීයලා එහෙම දැක්කොත් සැලියුට් එකකුත් ගහගෙන ස්ලෝ කරලා පාර අයිනෙනේ නවත්තනවලු. අනේ අර සීයලා හිතනවා ඇති අඳුරන මහත්තයෙක් තමයි කියලා. ඉතින් සීයත් හිනා වෙවී දුවගෙන එනවලු. ඇවිත් කතා කරන්න හදනකොටම මෙයා අද්දලා යනවලු. ඔන්න ඔය වගේ අහිංසක ආතල් තමයි බූලා ගන්නේ.

 ඔන්න එක දවසක් බූලා කාර් එකෙන් කැම්පස් එනවලු. මෙහෙම එද්දි එයා දැකලා සීනියර් අයියා කෙනෙක් බස් හෝල්ට් එකක ඉන්නවා. ඉතින් මෙයා නවත්තලා කතා කරලා. මේ දෙන්නා වැඩිය අඳුරන්නෙත් නැතිලු. ඒත් ඉතින් බස් එකේ මිරිකිලා යනවට වඩා කාර් එකක යන්න චාන්ස් එකක් ලැබුනම කවුද බෑ කියන්නේ. කොහොමහරි අයියත් නැගලා. ඉතින් දැන් බූලා අයියගෙන් ප්‍රශ්න අහනවලු දිගටම .

"අයියේ ඔයාගේ ෂර්ට් එක හරි ලස්සනයි, කොහෙන්ද ගත්තේ?" වගේ ප්‍රශ්න.

දැන් එන්න එන්නම අයියගේ මුණ අප්සට් වෙනවලු worried
කොහොම හරි කැම්පස් එක ලගට ඇවිත් බූලා කාර් එක නවත්තලා. අයියා බහින්න දොර අරිනකොටම බූලා කිව්වලු

"අයියේ ඔයා හරි හෑන්ඩ්සම් නේ" කියලා blushing

අයියට තරු විසි වෙන්න ඇති. බූලා කියපු හැටියටනම් අයියා කාර් එකෙන් එලියට පැනලා වෙඩිල්ලක් වගේ දිව්වලු. සේරමත් හරි මේ බූලා ඒක කියලා හිනා වෙච්ච කැත විතරක්..straight face

කොහොම උනත් මෙයා මෙලෝ සිහියක් නැතුව හිටියට හරිම හිත හොඳ බූලා. දැන්නම් රැජිනගේ රටේ උසස් අධ්‍යාපනේ කරනවා කියලා තමයි ආරංචි .

28 comments:

  1. බූලා මරු පොරක්නෙ!

    ReplyDelete
  2. බූලා මරු කොල්ලෙක් නේ. අර වයසක සීයලාට කරපු වැඩේ නම් කැතයි. ඒ ඇරෙන්න බූලා නම් නියමයි. ඇයි අරහෙම කෑම ඉල්ලගෙන කන්නේ ?

    හපෝ වස ලැජ්ජාවයි නේ. :)

    ReplyDelete
  3. බූලා ඇත්තටම මහ බලු පොරක්නෙ...

    ReplyDelete
  4. හිකිස්.,.. බුලා මරුනේ..

    ReplyDelete
  5. @විසිතුරු : මරු දත් අහනවා :D

    @මධුරංග : ඔව්, පව් ඒ සීයලා...එයා වැඩිය හිත හිත ඉන්නේ නැහැනේ..දැක්කා, ඉල්ලුවා, කෑවා හි හි

    @ගෝර්ඩොනියා : හි හි හැබැයි මෙයා ඔහොම පිස්සු වැඩ කරාට කාටවත් හානියක් නම් නැහැ

    @නදී : බූලෙක් ම තමයි අප්පා...

    @ප්‍රාර්ථනා : හි හි..ඔව් මෙයා ඉන්නවනම් ඉතින් පාලු නැහැ..

    ReplyDelete
  6. ඒක නෙමේ. කවද්ද ඔබ තුමියගේ විභාග කටයුතු ඉවර වෙන්නේ ?
    අපට නොතේරෙන කවියක් අහන්න බැරි වේද ???

    ReplyDelete
  7. ලබන සතියේ අනේ..:9 කවියක් ලියන්න බැරි උනා තමයි කාලෙකින්...බලන්නම්කෝ එකක් දාන්න :))

    ReplyDelete
  8. හික් හික්. මම බැලුව මේ අපේ බැච් එකේ බූලද කියල. :D

    ReplyDelete
  9. හි හි ඔයාලගේ බැච් එකෙත් බූලෙක් හිටියද? බූල් පරම්පරාවේ එකෙක් වෙන්න ඇති...

    ReplyDelete
  10. දැන් මොකද බූලට බල්ලා කියන්න බැරුව ගියේ??? අර සීනියර් ඒ වෙලාවේ මුණ දුන්න තත්වේ හිතාගන්න පුළුවන්...

    ReplyDelete
  11. @දිනේෂ් : බල්ලා කියලා කාර්ඩ් එක තියන වෙන කෙනෙක් හිටියා..ඒකයි:) හි හි බය වෙන්නෙ නැතුවයැ ඔහොම කතා කියන කොට.

    ReplyDelete
  12. අපේ පන්තියෙත් බූලෙක් ඉන්නවා නේ...එයා නම් වෙන්න බෑ...එයා තාම O/L නේ..හැබැයි මේ වගේ වැඩ තමයි කරන්නෙ නම්...

    ReplyDelete
  13. @රෙෂාන් : එතකොට හැම බූලම මෙහෙමද...ඔය බූල් ජාතියේ හැටි වෙන්න ඇති :) මල්ලි මේ පැත්තේ ආවාමයි නේද? සාදරෙන් පිලිගන්නවා.

    ReplyDelete
  14. හහ් හහ් හහ් ....බුලා මාර පොරක් නේ....

    ReplyDelete
  15. @ඔබ නොදු‍ටු ලොවක්: :D :D

    ReplyDelete
  16. උදයංග ලක්මාල්October 27, 2011 at 8:58 AM

    බූලත් නියම කොල්ලෙක්නේ. බූලගේ සමහර වැඩ ඇරුනම අනිත් ඒවායින් නම් කාටවත් වැඩිය කරදරයක් නෑ වගේ. හ්ම්ම්.. බූලා තමයි බූලා..

    ReplyDelete
  17. @උදයංග : ඔව් අනේ එයාගෙන් කිසිම කරදරයක් නම් නැහැ..ළඟ පාත ඉන්නවනම් හිනා වෙලා මැරෙන්න පුළුවන් :D

    ReplyDelete
  18. <<<<<<<<<<<<<<
    මේ බූලා ට තියනවා කාර් එකක්. එයා කාර් එකේ යද්දි පාර අයිනේ රස්තියාදු වෙවී ඉන්න සීයලා එහෙම දැක්කොත් සැලියුට් එකකුත් ගහගෙන ස්ලෝ කරලා පාර අයිනෙනේ නවත්තනවලු. අනේ අර සීයලා හිතනවා ඇති අඳුරන මහත්තයෙක් තමයි කියලා. ඉතින් සීයත් හිනා වෙවී දුවගෙන එනවලු. ඇවිත් කතා කරන්න හදනකොටම මෙයා අද්දලා යනවලු. ඔන්න ඔය වගේ අහිංසක ආතල් තමයි බූලා ගන්නේ.
    >>>>>>>>>>>>>>

    ඒක අහිංසක ආතල් එකක්ද... එහෙමත් නැත්නම් අහිංසකයින්ගෙන් ආතල් ගැනීමක්ද..
    ඔය වගේ වැඩ කරන මිනිස්සු හරි පහත් අය විදිහට තමයි මමනම් සළකන්නේ

    ReplyDelete
  19. @ලොකු පුතා : මේකට අහිංසක ආතල් එකක් කියලා කියන්න පුළුවන් සමහරු අහින්සකයින්ව අමාරුවේ දාන විදියත් එක්ක බැලුවම...එහෙම නැතුව මේ වැඩේ හරි වැඩක් නම් නෙමෙයි...

    ReplyDelete
  20. මෙහෙම ටෝක් නම් බූලා දෙන්නේ මෑන් එක්ක යන්න කොල්ලෝ බය වෙන එක අහන්නත් දෙයක්ද ???

    ReplyDelete
  21. @ හසිත : අපොයි ඔව්...එයාටනම් ඒවා කියල හිනා වෙන එක මාර ආතල් :)

    ReplyDelete
  22. බල්ලා කියල එකෙක් අපිත් එක්කත් හිටියා....මේ post එක කියවුහම තම්ය මතක් උනෙ....පොර දෑන් sf එකේ

    ReplyDelete
  23. @ එල කොල්ලෙක් : හ්ම්...මේ අපේ බූලා නම් sf එකට සියුමැලි වැඩියි මන් හිතන්නේ...හි හි

    ReplyDelete
  24. මොනා උනත් මට යලුවා ගෑන මතක් උනෙ මේ post එක නිසා තමයි....මිනිහා මට වඩා අවුරුදු 3ක් විතර වෑඩිමල්....මටත් sf එකට යන්න ආසවක් තිබ්බා....තාමත් තියෙනවා.....ඒත් ඉතින් අම්මලගෙ වදෙට විදෙස ගත වෙන්න වේ වගේ!!!!!!මගේ යලුව ගෑන මතක් කලාට ඔයාට පින්!!!!

    ReplyDelete
  25. @ එල කොල්ලා : හ්ම්..sf යන එක සමහරුන්ගේ හීනයක් තමා...මොනවා කලත් කමක් නෑ ඔන්න මගෙන් සුබ පැතුම්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...