Friday, October 28, 2011

මැමත් කේව්



මැමත් කේව් පිහිටල තියෙන්නේ හඳ අල්ලපු රටේ "කෙන්ටකි" ප්‍රාන්තයේ. කියන විදියට නම් මේක තමයි ලෝකේ ලොකුම / දිගම, පොළව යට පිහිටි (අන්ඩර් ග්‍රවුන්ඩ් :) හිරි ගල් ගුහාව. මේකට "මැමත් කේව්" කියල නම වැටිලා තියෙන්නෙත් ඔය විශාල කම හින්දලු (අලි ගුහාව කියන තේරුම වෙන්න ඇති).

"මැමත්" දන්නවා නේද? අර අයිස් ඒජ් ෆිල්ම් එකේ හිටපු අලියා. උන්ට කියන්නේ මැමත් ලා කියලනේ. ඉතින් මේ කියන ගුහාව බලන්න යන්න මටත් අවස්ථාවක් ආවා....ඉතින් මං හිතුවා ඒ ගැන විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා.

මේ ගුහාව පිහිටලා තියෙන්නේ සම්පුර්ණයෙන් ම පොළව යට. ඒකේ දිග හැතැප්ම 367 ක් ලු. ඉතින් හිතා ගන්නකො සයිස් එක. මේක හැදිලා තියෙන්නේ "හිරි ගල්" එහෙම නැත්නම් "ලයිම් ස්ටෝන්" වලින්. මේ රටේ ඔය හිරිගල් කියන ජාතිය බහුල යි නේ. ඒ නිසා මේ වගේ ගුහා ගොඩක් පිහිටලා තියනවා. ඇතුලට ගිහින් බැලුවම හිතා ගන්නත් බැහැ මෙහෙම නිර්මාණයක් කොහොම හැදුනද කියලා. ඒක හරියට පොළව යට පිහිටි ගංගා, කඳු, තැනිතලා, නිම්න වලින් සමන්විත වෙනමම ලෝකයක් වගේ.

 "ටොම් සෝයර්" පොත කියවල තියන අයට මතක ඇති නේද ටොම් සහ බෙකී අතරමං වෙච්ච ගුහාව ගැන. මෙන්න මේ වගේ ගුහාවක් ගැන තමයි ඒ පොතේ කියන්නේ. හපොයි..මේ ගුහාවේ අතරමං උනොත් ඉතින් දෙයියන්ගේම පිහිට තමයි. මොකද මේ ගුහාවේ තට්ටු 5 ක් තියනවා. යටම තට්ටුව ගඟක්.


පේනවා නේද වහලේ ඉඳං එල්ලෙන කූරු වගේ ඒවා. කාලාන්තරයක් තිස්සේ කැල්සියම් කාබනේට් දිය උන වතුර බින්දු වහලෙන් කාන්දු වෙද්දී තමයි මේවා නිර්මාණය වෙන්නේ. ඉතින් මේ බොහොමයක් ගුහා තවමත් සක්‍රීය යි. ඒවා තවමත් වර්ධනය වෙනවා. මේ වගේ ගුහාවක් ඇති වෙන්න හේතු හොයල බැලුවම මට හම්බ උනේ මෙන්න මේ විස්තර.

මේ රටේ පොළවේ ගොඩක් වෙලාවට මතුපිට පස් තට්ටුවට යටින් හිරි ගල් ස්ථර තියනවා. ඉතින් වැස්ස වැටෙන කොට වැහි වතුර පස් වලින් කාන්දු වෙලා මේ හිරිගල් ස්ථර අතරට යනවා. මේ වැහි වතුරේ තියන ආම්ලික ගතිය නිසා හිරිගල් දිය කරගෙන වතුර ටික පහලට බහිනවා. හිරි ගල් ස්ථර දිය උන තැන් වල ගුහා විදියට විශාල හිඩැස් හැදෙනවා. මෙතනට ගියොත් ඒ සංසිද්ධිය ලස්සනට බලා ගන්න පුළුවන්.  මේ පහළට බහින වතුර වලින් තමයි යටම තට්ටුවේදී ගංගාවක් හැදෙන්නේ.




ඉතින් මේ වගේ ගුහා ගවේෂණය කරන එක හරිම අපූරු වගේම ටිකක් භයානක වැඩක්. කොයි මොහොතේ ඔළුවට උඩින් ගල් පෙරලෙයිද කියන්න බැහැ. මොනවා උනත් ගුහාව ඇතුල නම් හරිම ලස්සනයි. කඳු, නිම්න, ගංගා, පුංචි දිය ඇලි, මහා ආගාධ මේ හැම දේම තිබුනා ඒකේ. ඇතුලේ දාල තිබුන ලයිට් නිවලා "තිත්ත කළුවර" කියන දේ අත් විඳින්න අවස්ථාවකුත් ලැබුනා අපිට.



නරඹන්නන්ගේ පහසුව සඳහා අත් වැටක් සහිත කෘතීම පාරවල් හදලා තිබුනා. නැත්නම් ඉතින් මේ පහලින් තියනවා වගේ අගාධෙකට වැටිලා තමයි නවතින්න වෙන්නේ. මේ පාරවල් හදපු මිනිස්සු කොච්චර දුකක් වින්දද කියලා හිතා ගන්න පුළුවන්.


මෙහෙම ඒවා ලංකාවේ තියනවද කියල නම් මම දන්නේ නැහැ. මම අහල නම් නැහැ. සමහර විට තියනවත් ඇති අපි දන්නේ නැති උනාට.

31 comments:

  1. ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි සයුරි..... අපිට කවදාවත් හැබැහින් නම් මේවා දකින්න පුලුවන් වෙයිද කියලා කියන්න මම දන්නේ නැ.. ඇත්තටම එහෙම දවසක් එනවානම් එදාටත් මට ඔයාව ගොඩාක් මතක් වෙවි.. මොකද මේක කියවනකොට මට යන්නම හිතුනා..

    ReplyDelete
  2. මේ විස්තරේට බොහොම ස්තුතියි... මාත් ඔය වගේ තැන් කිහිපයක් බලන්න ගිහින් තියෙනවා, හැබැයි ලංකාවෙ නෙවේ.... ඒ උනාට ලංකාවෙත් තියෙනවා කියල මං අහලා තියෙනවා... කොහේද කියල නම් මට මතක නෑ... මේක හැදෙන විදිය ගැන පැහැදිලි උනේ මේ ලිපිය කියෙව්වට පස්සෙ.... මම ගිය තැනුත් හරිම ලස්සනයි, ඒ වගේම සීතලයි.... මම ගිය තැන් දෙකේම වතුර නම් තිබුනෙ නෑ, පෑවිල්ල අපි යනකොට.... ඒත් වතුර තිබුන බවට සලකුනු තිබුනා, ෆොටෝ එහෙම... වවුල්ලුත් හිටියා...

    ReplyDelete
  3. මම නම් මේ වගේ ගුහාවක් ෆිල්ම් වලින් ඇරෙන්න දැකලා නෑ. ගොඩක් වටිනවා මේ දේවල් අපට පෙන්නන්න ගත්ත උත්සහයට. ඒක නෙමෙයි. අර කූරූ කඩාගෙන වැටෙන්නේ නැද්ද දන්නේ නෑ. මම් ෆිල්ම් එකක දැක්කා මිනිස්සු ගුහාවෙ යටින් යනකොට කැල්සියම් කාබනේට් කූරු කඩාගෙන වැටෙනවා.

    ReplyDelete
  4. ගිහින් බලන්ඩ වටින ප්ලේස් 1ක් වගේ...............

    ReplyDelete
  5. @දේවා : සමහර විට නුදුරු අනාගතේදීම ඔයාටත් දකින්න පුළුවන් වෙයි මල්ලි...අපි කොහේ කොහේ යයිද කියල අපිවත් දන්නේ නැහැනේ :)

    @මියුරු : ලංකාවෙත් තියනවා කියන එකනම් හොඳ ආරංචියක්...ඇත්තටම මේක ඇතුල හරි සීතලයි තමයි..වවුල්ලුත් ඉන්නවා, උන්ට ලෙඩ හැදෙයි කියලා අපිවත් පරික්ෂා කරලා තමයි ඇතුලට යවන්නේ :D මේ පැත්තේ ආවට ස්තුතියි මියුරු...

    @මධුරංග : හොඳ වෙලාවට අපි ඇතුලේ ඉද්දි නම් කඩා ගෙන වැටුනේ නැහැ...අම්මෝ මල්ලි, මැවිලා පේනවා මට :-0

    @එලිපස් : ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන් යායට :) බලන්නනම් වටින තැනක් තමා.....

    ReplyDelete
  6. අඩේ නියම තැනක්නේ බලන්න ගිහින් තියෙන්නෙ.බය හිතුන්නෙ නැද්ද කඩාගන වැටෙයි කියලා.මේවගේ තැන් ලංකාවෙත් තියනව මම් හිතන්නෙ ඔච්චර ලොකු ඒව නම් නෑ:)

    ReplyDelete
  7. නියමයි අහ්හ්... අපේ ලක් වල හිල් නේ අප්පා//\\

    ජය...

    ReplyDelete
  8. අපූරු වගේම ත්‍රාසජනක අත්දැකීමක් තමා සයුරිට විඳින්න ලැබිලා තියෙන්නේ...සූරිච් වල තිබ්බ ඔය වගේ ගුහාවක් බලන්න යන්න මටත් ලැබුනා අහම්බෙන්..ඒත් එදා මොකද්දෝ හෙතුවක් උඩ හදිස්සියෙම නරඹන අයව ආයෙම එළියට අරන් එතැන තාවකාලිකව වසා දැම්මා...ඊට පස්සෙ නම් යන්න ලැබුනේ නෑ....

    ස්තුතියි අපිවත් සවාරියට එක්ක ගත්තට...

    ReplyDelete
  9. නියමයි අක්කේ, මේ වගේ තැන් ලංකාවෙත් තියෙනවා ඒත් මම හිතන්නේ නෑ ඔච්චර විශාල පරාසයක විහිදිලා ඇති කියලා. ඒ වගේම ඔය කැල්සියම් කාබනේට් දියවෙලා හැදුන කූරු එහෙම නම් දකින්න නෑ මම දන්න විදියට.

    ReplyDelete
  10. @නදී : අපිට යන්න හොඳ හයිය පාරවල් හදල තිබුන නිසා බයනම් හිතුනේ නෑ නදී...ඒත් මේ ගුහා ගවේෂණය කරන අය ගැන හිතුවමනම් පුදුමයි...

    @ගයාන් : ආ..කොහොමද සිංහයෝ...එහෙම හිතන්න එපා අනේ..:)

    @දිල් : හදිසියේම ගුහාව වැහුවේ ඇතුල කඩාගෙන වැටිලා වත්ද දන්නේ නෑ...ඒ වගේ අනතුරු නම් වෙනවලු මේ ගුහා වල..හොඳ වෙලාවට ඔයාලව එලියට ගත්තේ :)

    @ප්‍රාර්ථනා : අනේ ඒ ලංකාවේ තියන එක ගැන අපි දන්නේ නැහැනේ...හරි තොරතුරක් නෑ වගේ නේද ඒ ගැන...

    ReplyDelete
  11. ලංකාවෙත් ඊට යම්තාක් දුරට සමාන තැනක් තමයි වවුල්පනේ හුණුගල් ගුහාව. ඇමරිකාවෙ වගේ පිළිවෙලට හදලා නැති වුනත් බලන්න යන්න පුලුවන්.... මේ තියෙන්නෙ එහෙම කට්ටියක් ගියපු චාරිකා සටහනක්.(මගෙ එකක් නෙවෙයි, ගූගල්ලා ගෙන් තමයි හොයා ගත්තෙ)


    http://badusure.com/2010/05/waulpane-wawulpane-lime-stone-cave/

    ReplyDelete
  12. උදයංග ලක්මාල්October 28, 2011 at 11:17 PM

    ඇත්තටම හරිම අපූරුයි සයුරි. ගොඩක් සුන්දර අත්දැකීමක් තමයි ඔයා නම් විඳලා තියෙන්නේ. ඒ සුන්දරත්වය විඳින්න අපිටත් අවස්ථාවක් දුන්නට ඔයාට බොහොම ස්තූතියි. අපිට මේ වගේ දේවල් මෙහෙම බලන්න ලැබුනොත් මිසක් හැබැහින් දකින්න නම් අවස්ථාවක් ලැබෙන එකක් නෑ. මම ලඟදි දැක්කා අටපට්ටම වැඩසටහනෙත් මේ වගේ ගුහාවක් ගැන. හරිම ලස්සනයි. ලංකාවේ තියෙන වවුල්පනේ ගුහාවත් මම තිනන්නේ මේකට ටිකක් සමානයි. හැබැයි මේක වගේම නම් නැතුව ඇති. කිව්වට මොකද මට නම් ඒක බලන්න යන්න ලැබුනෙත් නෑ.

    ReplyDelete
  13. ඔන්න සයුරි නම ඇවිත් තියෙනවා..වවුල්පනේ... ඔය නම මතක් කරන්න ගිහින් වවුලො හිටිය බව මතක් උනා...ඒත් අනේ 'පනේ' මතක් උනේ නැහැනෙ...

    ReplyDelete
  14. මාර චාන්ස් එකක් අක්කේ ඔයාට ලැබිල තියෙන්නේ.. මාත් කවද හරි යන්න ලැබෙනවා නම් ගොඩක් සතුටු වෙනවා...

    ReplyDelete
  15. මේව දකින්න බලන්න ඉතිං පිං තමා කරල තියෙන්නෙ!!
    අපි ගැනත් කතා කරලනෙ! :D මම අද යාලුවෙක් එක්කත් කතා කරකර හිටියෙ,.... මමත් ගොඩක් අාසන්න වෙන්නෙ නිකම්ම අලියෙක්ට වඩා මැමත් කෙනෙක්ට! :D

    ReplyDelete
  16. @harshana1985 : ඔව් නේන්නං...මේකත් ඒ ජාතියේ ගුහාවක් වගේ තමා...බොහොම ස්තුතියි හර්ෂණ වවුල් පනේ ගුහාව ගැන කිව්වට...මේ පැත්තේ ආවටත් ස්තුතියි..

    @උදයංග : ස්තුතියි උදයංග...වවුල් පනේ ගුහාවත් ඒ වගේ තමයි මම හිතන්නේ...හර්ෂණ දාපු ලින්ක් එකේ පින්තුරත් තියෙන්නේ...ලංකාවෙත් එහෙම එකක් තියන එකනම් ලොකු දෙයක්...

    @මියුරු : ඒක තමයි මියුරු..අන්තිමට නම හම්බ උනා...මේක හොඳට හදල ගත්තනම් ගොඩක් අය බලන්න යාවි

    @Nj_A : ඔයාටත් පුළුවන් වෙයි මල්ලි...වවුල් පනේත් එකක් තියනවලු නේ..මමත් දැනුයි දන්නේ..

    @තනි අලියා : ඔව් අප්පා මමත් අලින්ට හරි ආසයි :D තනි අලියා වගේ, තනි මැමත් ලාත් ඉන්නවද දන්නේ නැහැ නේද :)

    ReplyDelete
  17. නිකංම නිකං ගිහින් විස්තර කියනව වෙනුවට වැඩේ වෙන්නෙ කොහොමද කියල පැැදිලි කරලම කියල තියෙන එකනම් නියමයි!

    ReplyDelete
  18. @hare :-) : ඔයාටත් බොහොම ස්තුතියි හරේ මේ පැත්තේ ආවට...:)

    ReplyDelete
  19. ලස්සන විස්තරයක් ..මමත් අහල තියෙනවා ලංකාවේ ඇඹිලිපිටිය පැත්තේ මේ වගේ හුණු ගල් ගුහාවක් තියෙනවා කියල.....

    ReplyDelete
  20. @ඔබ නොදු‍ටු ලොවක් : ඇඹිලි පිටියේ තියනවා කියන්නේ වවුල් පනේ ගුහාව මද දන්නේ නෑ නේද?

    ReplyDelete
  21. හරියටම හරි පනේ ....මම ගොඩක් කාලේකට ඉස්සර අහල තිබ්බා ඔය ගැන ..නම මතක් උනේ දැන්.....

    ReplyDelete
  22. අද මම එන්න ටිකක් පරක්කු උනා..

    මමත් මේ ලගදි පොතක් කියෙවුවා මේ ගැන් විස්තර තියෙන.. ඒකේ ගොඩක් ලස්සන ෆොටොස් ටිකක් තිබුනා.. අක්කට පුළුවන්නම් තව විස්තර එක්ක ෆොටොසුත් දාන්නකෝ.. මං කියවපු පොතේ තිබුනා හරි ලස්සන රටා වගයක්...

    ReplyDelete
  23. හැතැප්ම තුන්සිය හැට හතක් දිගයි කියන්නෙ ඕක බලල ඉවර කරන්න පුඵවන් එකක් නෙවෙයිනෙ. කොහෙන් හරි කොනක් විතරයි වෙන්න ඇති බලන්න පුඵවන් වෙන්නෙ. ඇමෙරිකාව හරි ලොකු රටක් ව‍ගේ :)

    ReplyDelete
  24. @ඔබ නොදු‍ටු ලොවක් : මාත් දැනගෙන හිටියේ නැහැ කට්ටිය කමෙන්ට් වල දානකන් ම.....

    @චතුරංග : බොහොම ස්තුතියි කමෙන්ටුවට :)

    @දිනේෂ් : ඔව් මල්ලි..මේ කුරු වලින් එක එක රටා හැදිලා තියනවා...බලන්නම්කෝ ෆොටෝස් ටිකක් දාන්න මුණු පොතේවත්...

    @අවුට් සයිඩර් : ඒක හරි, අපි බැලුවේ එක කොනක් විතරයිනේ....:) ඔයාට ස්තුතියි මේ පැත්තේ ආවට...

    ReplyDelete
  25. පහන් යායට මංගල කොමෙන්‍ටුව තම්යි මේක...
    බොහෝම ලස්සන සේයාරූ ටික(මම ඉතින් පොටෝ පිස්සනේ)..ඒ වගේම ලස්සන /අර්ථවත් ලිපිය...මටත් ආසයි හැබැහින් ම ඔය ටික බලන්න..ඒ..ත් චාන්ස් එකක් හම්බවෙයිද දන්නේ නෑ ඉතින්..
    මැමත් කියද්දි මට නම් මතක් වෙන්නේම අර ලස්සන රූප රාමු පෙල..අයිස් ඒජ්....
    මම ඔන්න අද ඉඳලා මේක පස්සෙනුත් පන්නනවා හොඳේ....

    ReplyDelete
  26. @ගලයා : ඔන්න එහෙනම් ගලයව සාදරයෙන් පිළි ගන්නවා පහන් යායට...මමත් ඒ පැත්තේ ඇවිත් යන්න එනවා..ඔව්අප්පා, මමත් කැමතියි අයිස් එජ් එකේ හිටපු මැමත් ට...

    ReplyDelete
  27. හොඳ විස්තරාත්මක පෝස්ටුවක්
    රූපත් ලස්සනයි

    (මටනම් අමතක නොවෙන කතාවක් තමයි ටොම් සහ බෙකී දෙන්න ඔය වගේ ගුහාවක හිර වෙලා හිටපු ටොම් සෝයර් කතාව, ඒ කියන්නේ මං ආසම කතාවලින් මුල්ම හරියේ එකක්)

    ReplyDelete
  28. @ලොකු පුතා : බොහොම ස්තුතියි කමෙන්ටුවට...ටොම් සෝයර් කියවද්දී මම හිතෙන් මවා ගත්තා ඒ ගුහාව...ඇත්තටම දැක්කම ඒ දෙකම ගොඩක් සමානයි කියල හිතුනා...මගෙත් ආසම පොතක් තමයි ඒක....

    ReplyDelete
  29. 300Km ? payin gihin iwara karanna baha..
    diga palala gana therenna aduma gane indiawata wath yanna one..
    harima lassanai oyage pihiten ekath dakka api...:D

    ReplyDelete
    Replies
    1. ඔව් සහන්. මේකේ දෙපැත්තකින් ගවේෂණය කරද්දී ඒ දෙක මැදදී කනෙක්ට් උනාලු. දිගෙන් වැඩිම ගුහාව.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...