Monday, October 31, 2011

ගියේ දිය තලාවෙනම් කොහොමද කළු ගඟෙන් මතු උනේ ?


මේ කියන්න යන කතාව මට මතක් උනේ, සමහර බිරින්දෑවරුන් තමන්ගේ ස්වාමි පුරුෂයාව පාලනය කරගෙන ඉන්න විදිය ගැන පත්තරේක ගියපු ලිපියක් දැක්කම.

ඉස්සර අපේ තාත්තගේ ඔෆිස් එකෙන් හැම අවුරුද්දෙම වගේ ට්‍රිප් එකක් යනවා. අපිත් ඒකට යන්න සැදී පැහැදී තමයි ඉන්නේ. ඉතින් මේ ඔෆිස් එකේ අංකල් කෙනෙක් හිටියා "විජේ අංකල්" කියලා. එයාගේ නෝනා හරිම සැරයි ලු. කොටින්ම විජේ අංකල් ටත් පොඩි එකෙක්ට වගේ තහංචි ගොඩක් දාල ලු තියෙන්නේ shame on you.
හැබැයි මේ අන්කලුත් හොඳවයින් කණ මදයෙක්. ඒක නිසා තහංචි දැම්මට කමක් නෑ කියලයි මට නම් හිතුනේ.


ඉතින් දැන් විජේ අංකල්ට බයයි ලු  "ට්‍රිප් එක යන්නද?" කියලා නෝනගෙන් අහන්න. ඇහුවොත් කීයටවත් යන්න දෙන්නේ නැති බව හොඳටම ෂුවර් ලු. ඉතින් විජේ අංකල් මේකට මරු වැඩක් කලා. ඔපීසියේ ටයිප් රයිටරේකින් තමන්ටම ලියුමක් ටයිප් කර ගත්තලු මෙන්න මේ විදියට....

විජේපාල මහතා
--- නිවස
---- ගම
                                   පුහුණුව සඳහා කැඳවීම
                                  __________________


දියතලා ---- මුලස්ථානයේ පැවැත්වෙන දින 4 ක පුහුණුව සඳහා ඔබව කැඳවා ඇත. මේ පුහුණුව සඳහා ඔබේ සහභාගිත්වය අනිවාර්ය වන අතර පුහුණුව පිළිබඳ වැඩි විස්තර පහත සඳහන් වේ..
..........................
(පුහුණුව පළිබඳ ගල් පැලෙන විස්තර)
...........................

මොකක්දෝ සීල් එකකුත් හොයාගෙන ප්‍රොෆෙෂනල් ගතිය එන්න සීල් එකකුත් ගැහුවලු. අංකල්ගේ අපාය සහාය මිත්‍රයෝ ටික තමයි මේකට සප් එක දීලා තියෙන්නේ.  කොහොමහරි ඉතින් ඔය ටයිප් කර ගත්තු ලියුම සාක්කුවේ දාගෙන ගෙදර ගියපු විජේ අංකල් ෂර්ට් එක එල්ලලා තියලා නෝනට අහු වෙන විදියට. ඉතින් වැඩේ ටක්කෙටම හරි ගිහිල්ලා.ෂර්ට් එක හෝදන්න අරගෙන යද්දී ලියුම දැකපු නෝනා,

"දැන් ඉතින් යන්න වෙයි නේද?" කියල ඇහුවලු.

අංකල් (කටින්) : "හ්ම්"
අංකල් (හිතින්) : dancing

කොහොම හරි ගෙදරට ගල් පැලෙන බොරු කියලා අන්තිමේදී විජේ අන්කලුත් ආවා ට්‍රිප් එක යන්න. ඔන්න ඉතින් උඩ රට, මැද රට ඔක්කොම කවර් කර ගෙන අවසාන බාගේ දි අපි ආවේ කළුතර දිහාට. කට්ටියට ඕන උනා කළු ගඟේ බෝට්ටු සවාරියක් යන්න. ඉතින් හොඳටම පදම් වෙලා හිටපු විජේ අන්කලුත් ඇවිත් නැග්ගේ අපි හිටපු බෝට්ටුවට. දැන් ඔන්න බෝට්ටුව යන්න ගත්තා....

වැහැලා වැහැලා වතුර හොඳටම මඩ පාටයි. සැඩ පාරත් ඒ වගේ. බෝට්ටුවත් එහාට මෙහාට පැද්දෙන්න ගත්තම කටිටියම පොඩ්ඩක් බය උනා. ඉතින් කටිටියම බය නැති වෙන්නත් එක්ක එක එක කතා කියද්දී විජේ  අංකල් විතරක් පැත්තකට වෙලා ෆුල් අප්සෙට් එකේ ඉන්නවා worried

ඕක දැකපු අනිත් කට්ටිය විජේ පාල අංකල්ව බයිට් කරන්න ගත්තා. එක්කෙනෙක් කිව්වා "මැරෙන්න ඔච්චර බය වෙන්න එපා" කියලත්. ඒකට විජේ අංකල් දුන්නා මරු උත්තරයක්‌....

"කවුඩ අයිෂේ මැරෙන්ඩ බය?...... මම ගෑනිට කියල ආවේ දියතලාවේ යනවා කියලා....දැන් කළු ගඟෙන් මිනිය ගොඩ ගන්න උනොත් එහෙම....මට විෂුමක් වෙන එකක් නෑ"

බෝට්ටුව එළවපු කොලුවටත් හිනා මේ කතාව අහලා.....

40 comments:

  1. තව ලියුමක ලියාගෙන යන්න වෙනව, කලුතරට මාරු කලා කියල.

    ReplyDelete
  2. ඔයවගේ වදක බාරියොනම් ඉන්නවා මාත් දෑකලා තියන්වා,එකෙන්ම කරන්න ඩිවොස් පාරක් දාලා ආතල් එකේ ඉන්න ඕන...

    ReplyDelete
  3. හප්පේ මැරුනට පස්සෙත් පස්සෙන් එයි කියලා බය වෙලාද?? එහෙම එන්න පුලුවන් නම් මක් කරන්න බැරිද... :)))

    ReplyDelete
  4. හික්ස්...ගැණුන්ට බය කස්ටිය බොරු කියන තරමක් නේද...

    ReplyDelete
  5. හික් හික්... නියම කතාව සයුරි...! මට තාම හිනා.....!

    ReplyDelete
  6. අඩො ගැනු අපි බය නැ හරිය.අපිට ඔය කුප්ප කතා අහගෙන ඉන්න බැ එකයි ඔය.

    ReplyDelete
  7. මදැයි කළා.... ඒත් ඉතින් බඳින්න කලින් කාලා බලන්නයැ.... බඳින්න කලින් හා පැටව් වගේ පේන්න ඉන්න ගෑණු අයලු ඔහොම වෙන්නේ!

    ReplyDelete
  8. උදයංග ලක්මාල්October 31, 2011 at 11:30 PM

    නියම කතාව සයුරි... මට නම් මේ කතාව කියවල හිනහත් ගියා.. පව් නේද විජේ අංකල්... මදැයි විජේ අංකල් බොරුවක් කියලා ට්‍රිප් එකක් ගියා... ගොඩක් හස්බන්ඩ්ලට ඔහොම වෙනවලු මැරි කලාට පස්සේ.. ඔය කට්ටිය කියන්නේ.. අනේ අපි නම් ඕවා දන්නේ නෑ :)...

    ReplyDelete
  9. මිනිස්සුංටත් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඔ්න! නැත්තං වැරදි පාරවල් වල යන්න පෙලඹෙනව!

    දැං අපේ බාප්ප කාරය ඉන්නවනෙ! උන්දගෙ ගෑනි හෙණ යකින්න! අායෙ ඉතිං බාප්ප අාච්චිගෙ පදේකට නටන්න හරි ගිහිල්ල අහු උනොත් ඉතිං කෆෝති+

    අප්සට් එක තියෙන්නෙ දැනට හතවසරෙද කොහෙද ඉන්න පොඩි එකාටත් ඔහොමයි! හබැයි උෟ අණ්ඩය! උන්දට කෙල්ලෙකුත් ඉන්නෝ! අම්මියට දවසක අහු උනොත්..............

    ReplyDelete
  10. පට්ට කතාව සයුරියෝ....හික්හ්
    මට තාමත් හිනා.....ගෑනිට ඉතිං බයට නෙවෙයි ඔය...මොකෑ රෙදි ටික තනියෙං හෝදන්නයෑ මිනිහා..කෑම උයං කන්නයෑ මිනිහා.....-----යෑ මිනිහා...නොකී තවත් හේතු සාධක මත යාප්පුවෙන් බය මෙන් රඟපානු ලැබේ...හි හී

    ReplyDelete
  11. ඔන්න හොයා ගන්න වටින මහත්තුරැ.

    ReplyDelete
  12. @Dayal Bathee : සික්...ඒක මොළේට එන්න නැතුව ඇති ඒ වෙලාවේ...ඔයාව සාදරයෙන් පිළි ගන්නවා පහන් යායට

    @අසංක : අන්න හරි අසංක...ඔච්චර වද විඳගෙන මොකට ඉන්නවද....නේද? ඔයාවත් පිලිගන්නවා සාදරයෙන්...

    @නිසුපා : හි හි...එයා මැරෙනවටත් වඩා බයයිනේ නෝනට...:)

    @දුමී : බොහොම ස්තුතියි..දුමී අයියාවත් සාදරයෙන් පිළි ගන්නවා ඔන්න....

    @දිල් : ඒක නම් ඇත්ත දිල්...බය වැඩි කමටම මේ වගේ සුපිරි බොරු එනවා ඇති ඔලුවට...

    ReplyDelete
  13. @සාගර : අපි දන්නේ නැතුවයැ සාගර :)...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට....

    @ලහිරු : ඒකත් ඇත්ත...කාල බලන්නද ඉතින්...පිරිමිත් ඔහොම වෙනවද දන්නේ නෑ නේද? :) ස්තුතියි ලහිරු මේ පැත්තේ ආවට...

    @උදයංග : අනේ ඒක නම් මමත් දන්නේ නැතෝ...ගොඩක් වයිෆ් ලා ටත් ඒක වෙනවා ඇති...හස්බන්ඩ් ලා ට ඕක වෙන්නේ කලාතුරකින් නේ

    @තනි අලියා : කන්ට්‍රෝල් එකක් නම් තරමක් දුරට ඕන තමයි...හපොයි දෙවියනේ 7 වසරේ පොඩි එවුන්ටත් කෙල්ලෝ ඉන්නවද දැන්? 25 පැනපු අයත් තාම වේලි වේලි ඉඳිද්දී? :-0

    @ගලයා : අන්න එකනේ..ගලයාට තේරුණා..ඔය ටික තනියම කර ගන්න පුළුවන්නම් කාටවත් බය වෙන්න ඕන නැහැනේ...

    @බට්ටි : හි හි..කියල වැඩක් නැහැ බට්ටියෝ...:D

    ReplyDelete
  14. අනේ අනිච්චං නේද? බය හිතුන වෙලාවට ගෙදරත් මතක් වෙලා.
    මැණික්

    ReplyDelete
  15. අම්මෝ ගෑනිට ඔහොම බයවෙලා හිටියොත් නම් මදෑ. හික්ස් :)
    ඔයාටත් හම්බ වෙන්නේ මරු කතා තමා. ඒක නෙමෙයි අර "අංකල් (හිතින්) :" කියන තැන තියෙන ස්මයිලීස් කෙනා නම් මරු. මට හිනා වෙලා පන නෑ.

    ReplyDelete
  16. @මැණික් : අනේ ද කියන්නෙ..ඔන්න මැණික් ටත් ආයුබෝවන් කියල පිළි ගත්තා...

    @මධූ : ඒ අංකල් බිව්වහම නටන්නෙත් ඔය විදියටම තමා...:D

    ReplyDelete
  17. එහෙනම් අක්කා ඒ අංකල් දිහා බලාගෙනද දන්නේ නෑ මේ ස්මයිලීස් කෙනාව හදලා තියෙන්නේ. හික්ස් :)

    අක්කටත් අනිත් අයට වගේ මට මධූ කියන ලෙඩේ බෝවෙලා. කෙල්ලෝ ඔක්කොමටම තියෙන්නේ එකම ලෙඩක් නෙව. හොදා හොදා !!! :)

    ReplyDelete
  18. හි හි...මධූ කියන නම හරි සුවිට් නේ මල්ලි..මාත් ඉතින් එහෙමම කියන්නම් :)

    ReplyDelete
  19. හප්පේ ඒකනං ඇත්ත..මගෙත් බස් ටිකට් එකක් ගෙදරට අහු උනා....වැඩට යන්නේ කොළඹ ඒත් ටිකට් එක .......හප්පේ මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා......

    ReplyDelete
  20. @ඔබ නොදු‍ටු ලොවක් : අහා...තවත් රස කතාවක් වගේ :) අපිනම් කැමතියි කතාව අහන්න....

    ReplyDelete
  21. අනේ උන්දට මැරෙන්නවත් නිදහසක් නෑ.... පව් අප්පා....පෙර වැරදි තියෙනකොට ඔහොම තමයි....

    ReplyDelete
  22. "කවුඩ අයිෂේ මැරෙන්ඩ බය?...... මම ගෑනිට කියල ආවේ දියතලාවේ යනවා කියලා....දැන් කළු ගඟෙන් මිනිය ගොඩ ගන්න උනොත් එහෙම....මට විෂුමක් වෙන එකක් නෑ"

    හිකිස් .... බය වෙලා තියෙන්නේ මැරෙනවට නෙමෙයි නේ බලාගෙන ගියාම... නියම කතාව සයුරි.. :D

    ReplyDelete
  23. ඒ කියන්නේ අංකල්ට මැරිලත් නිදහසක් නැති පාටයි...
    අද ටිකක් පරක්කු උනා අක්කේ...

    ReplyDelete
  24. @miyuru : හි හි ඒකනම් ඇත්ත මියුරු, පෙර වැරදි සහ වර්තමාන වැරදි...

    @අයිස් (අයේෂා:) : හි හි...එකනේ, මැරෙනවා ටත් වඩා නෝනට බයයි ද කොහෙද...ඔන්න ඔයාවත් සාදරයෙන් පිළි ගන්නවා පහන් යායට...

    @දිනේෂ් : ඒකට කමක් නෑ මල්ලී....ඔව් අනේ..මැරුණත් නෝනා ඇවිත් දෙවැනි පාරටත් මරයි කියලා හිතෙන්න ඇති :)

    ReplyDelete
  25. මැක්සා හොදේ සයුරි..පට්ට කතාව..මට නම් විජේ අන්කල්ට වගේ වෙන්න එපා..

    ReplyDelete
  26. @Nj_A : බොහොම ස්තුතියි :))....අපෝ ඔයාට එහෙම වෙන එකක් නැහැ...මමනේ කියන්නෙ :D

    ReplyDelete
  27. එහෙනම් සයුරි බොරු කියලා තියෙන්නේ අංකල්ට ඩෝප් කියලා. මිනිහා හොඳ සිහියෙන් නේ ඉඳලා තියෙන්නේ !!!

    මරු කථාව ! 1+

    ReplyDelete
  28. @චතුරංග : සිරාවටම..ඔච්චර තර්කානුකුලව හිතුවේ කොහොමද මන්දා :).....බොහොම ස්තුතියි...

    ReplyDelete
  29. නියම කතාව සයු... එළ එළ...

    දවසක් නෝටියත් අම්මිට මාට්ටු උනා ඒ ලෙවල් ක්ලාස් යන කාලේ ක්ලාස් යනවා කියලා යාලුවෙක් එක්ක මෑන්ස් ගේ කෙල්ල බලන්න ගිහිල්ලා. මැන් කෙල්ල එක්ක ෆුල් කතාව.නෝටියා මුර සේවය.අපේ අම්මිත් ටවුන් ආව ගමන් බෝධිය ලගට ඇවිත්.වැඬේ මාට්ටු අතේ
    දුක හිතෙන සීන් එක කියන්නේ මාට්ටු උනේ මුර සේවය සපයන්න ගිහින්.අඩුමගානේ කෙල්ලෙක් එක්ක කතා කොර කොර ඉදලා මාට්ටු උනා නං දුකක් නෑ
    හිකිස්

    ReplyDelete
  30. @නෝටියා : ස්තුතියි ඔයාට මේ පැත්තේ ආවට....හප්පේ..මෙයා නම් නෝටියෙක්ම තමයි...කිව්වත් වගේ තමන්ගේ කෙල්ල බලන්න ගිහින් අහු උනානම් දුක නැහැ :D ඒත් ඉතින් පින් අතේ වැඩක් නේ...

    ReplyDelete
  31. හිකිz......බිබී හිටපු තේ එකෙන් බාගයක් කී බෝර්ඩ් එක උඩ, සයුරි මොනවද අප්පා මේ දාන ලෙඩ?

    ReplyDelete
  32. @Observer : හපොයි...ඔබී ගෙන් බැනුම් ඇහුවේ නැත්නම් ඒ ඇති :D

    ReplyDelete
  33. මේකනම් පට්ට කතාවක්....
    ඉතින් හිතන්නකෝ මේ මනුස්සය ජීවත් වෙනවා ඇත්තේ මොන තරම් ප්‍රෙෂර් එකකින්ද කියලා

    ReplyDelete
  34. @ලොකු පුතා : හි හි...එයා ප්‍රෙෂර් එක පිට කර ගන්නේ බීලා මගෙ හිතේ...

    ReplyDelete
  35. balankota okkoma ganeeta bayayi... awulak naha okkoma eka wagei.

    ReplyDelete
  36. @kingkusa : ඔහොම තමා දැන් තත්වේ කින් කුස...:) ස්තුතියි මේ පැත්තේ ආවට....

    ReplyDelete
  37. හික්ස්..නියම අයිඩියා එක, හොදට වැඩක් ගන්න පුළුවන් නේ!!!

    ReplyDelete
    Replies
    1. මොකක්ද අනේ ඒ අයිඩියා එක :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...