Wednesday, October 5, 2011

මයර්ස් ගේ සත් මහල - මරණින් මතු ජීවිතය 2



මම මරණින් මතු ජීවිතය ලිපියෙදි කිව්වනේ මයර්ස් ගේ සත් මහල ගැනත් කවද හරි ලියන්නම් කියලා. ඔන්න අද ඒ ගැන තමයි ලියන්න යන්නේ.

"ෆ්‍රෙඩ්රික් මයර්ස්" කියන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් (මේ පින්තූරේ ඉන්නේ එයා තමයි). මේ මහාචාර්ය තුමා ජීවත්ව ඉන්න කාලේ ඉඳලම මරණය සහ මරණින් මතු ජීවිතය ගැන ගොඩක් පරීක්ෂණ කරපු කෙනෙක්. 1901 දී මෙතුමා මිය ගියාට පස්සෙත් මේ පරීක්ෂණ අත ඇරලා නැහැ. එයා ජීවත් වෙලා ඉන්න අයගේ මාර්ගයෙන් තමන්ගේම මරණින් මතු අත්දැකීම් ස්වයංක්‍රීයව සටහන් විදියට ලියෙව්වාලු. මුලදිනම් මේ අසිහියෙන් ලියවෙන සටහන් කාටවත් තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ.  "මයර්ස්" කියන අත්සනත් සහිතව තමයි මේ සටහන් ලියවිලා තියෙන්නේ. කොහොමහරි සටහන් ප්‍රමාණය වැඩි වෙද්දී මේවා එකට එකතු කරලා තේරුම් ගන්න එතුමාගේ අනුගාමිකයින්ට පුළුවන් වෙලා තියනවා. එතකොට තමයි මේ සත් මහල ගැන විස්තර එලියට ඇවිත් තියෙන්නේ.

මයර්ස් කියන ආකාරයට  මිනිසෙක් මැරුණාම ඔහු එකිනෙකින් ස්වායත්ත මහල්, එහෙම නැත්නම් තල 7 ක ගමන් කිරීම අරඹනවා ලු. එක තලයකින් අනෙක් තලයට පිවිසෙන අතර එක තලයක (මහලක) සිටින කාලය ගැන නිශ්චිතවම කියන්න බැහැ. මේ මහල් 7 එකිනෙකින් ස්වායත්ත උනත් මේ තල හතේම ඉන්න අය භොතික වශයෙන් නම් ඉන්නේ එකම තලයක (අපි ජීවත් වෙන භොතික ලෝකයම තමයි). වෙනස තියෙන්නේ ආධ්‍යාත්මික මට්ටම් වල. මේ මහල් 7 ආධ්‍යාත්මික වශයෙන් කරපු බෙදීමක් පමණයි. එනිසා මෙය තට්ටු 7 කින් යුතු ගෙයක් ආකාරයෙන් සිතීම වැරදියි.

හරි, මෙන්න මහල් 7 ගැන විස්තර...

පළමු මහල (Earth Realm)  :  "භොතික තලය" ලෙස හඳුන්වන මෙය අප ජීවත් වන තලයමයි. මිනිසෙක් මිය ගිය විගසම ඔහු මේ තලයෙන් වෙන් වෙන්නේ නැහැ. මෙහිදී ඔහුට තමන්ගේම මිය ගිය ශරීරය, පවුලේ අය හඳුනා ගැනීමට පුළුවන්. එනිසා ඔහු තවමත් පියවි ලෝකයටම බැඳුනු කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. කොහොම උනත් කෙනෙක් මේ පළමු මහලේ සිටින කාලය සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතාමත් ඉක්මනින් ඔහු දෙවැනි මහලට ඇතුල් වෙනවා. එහෙත් තමා මිය ගිය බව පිලි ගැනීමට අකමැති හෝ එය අවබෝධ නොවුණු කෙනෙක් වසර ගණනක් උනත් මෙහි රැඳීමට ඉඩකඩ තියනවා.

දෙවැනි මහල (Intermediate Realm) : "අතරමැදි තලය" ලෙස හඳුන්වන මෙහි පැමිණෙන අය තමන්ගේ ඊ ලඟ පියවර ගැන තීරණ ගනු ලබන්නේ මෙහිදීයි. ඇතැම් අය ඉතාමත් ඉක්මනින් නැවතත් ඉපදීමට තීරණය කර මව් කුසකට ඇතුල් වන අතර ඇතැම් අය ඉහළ තල වලට පිවිසීමට තීරණය කරයි. මේ මහල අඳුරු මීදුම ගහන පරිසරයක් ලෙස හඳුන්වා ඇත. ඉහළ මහල් වලට ගමන් කිරීමට තීරණය කරන අය ඊ ලඟට ඇතුල් වෙන්නේ තුන් වන මහලට.

තුන් වන මහල (Realm of Illusion) :  මෙය "මායා තලය" ලෙසද හඳුන්වනු ලබයි. මෙහි පිවිසෙන්නවුන් භෞතික තලයේ මෙන් සාමාන්‍ය ජිවන රටාවක් අනුගමනය කරනවලු. මෙය ඔවුන් විසින් සිතින් මවා ගත් ජිවන රටාවක්. මේ ලෝකය කොයි තරම් සුන්දර උනත් කාටවත් දිගටම එහි රැඳෙන්න ඉඩක් නැහැ. ඉහළ මහල් වල අය මෙහි සිටින අයට කරුණු තේරුම් කර දී ඉහළ මහලට පැමිණෙන ලෙස ආරාධනා කරනවලු. ඒත් සමහරු එයට කැමති වෙන්නේ නැහැ. ඔවුන් නැවත ඉපදීමට තීරණය කරනවා. අනිත් අය සිව් වන මහලට පිවිසෙනවා.

සිව් වන මහල (Realm of Color) :  "වර්ණ තලය" ලෙස හඳුන්වන මෙය ඉතාමත් සුන්දර ලෝකයක් ලෙස තමයි මයර්ස් හඳුන්වන්නේ. මෙහි පිවිසෙන්නේ සිත දියුණු කළ බුද්ධියෙන් වැඩි පිරිසක්. ඔවුන් මෙහෙදී භොතික ලෝකය මගින් ආපසු ඇද ගැනීමට තැත් කිරීමේ ක්‍රියාවලියෙන් නිදහස් වෙනවා. ඔවුන්ට වැඩි නිදහසකුත් ලැබෙනවා. ඇතැම් බුද්ධියෙන් වැඩි අයට මරණින් පසු කෙලින්ම මෙහි පිවිසීමටත් හැකියාව තියනවලු. මයර්ස් මේ තොරතුරු ලබා දෙද්දී ඔහු ඉඳල තියෙන්නේ මේ සිව් වන මහලේ.

පස් වන මහල (Realm of  Flame) : මෙම තලය සහ ඉහළ තල ගැන මයර්ස් විස්තර කර ඇත්තේ අන් අයගෙන් අසා දැනගත් දේ වලිනි. මෙහි සිටින අය කණ්ඩායම් වශයෙන් සංවිධානය වී පහල තල වල සිටින අයට කරුණු අවබෝධ කර ඉහළ තලයට ගෙන ඒමට තැත් කරයි. තවමත් ඇතැම් අය විශේෂ හේතු නිසා (ජීවත් වන අයට අනුකම්පාවෙන්, අත්හදා බැලීම් සඳහා) නැවතත් ඉපදීමට තීරණය කරයි.

හය වන මහල (Realm of Light) : මෙහි ලඟා වීමට ඉතාමත් අපහසුය. මෙහි සිටින අය ඉතාමත් පරිණත අය වන අතර ඒ ඔවුන් භොතික ලෝකයේදී  ලබා ගත් පරිණත බවක් හෝ මරණින් පසු බුද්ධි මට්ටමෙහි සිදු වූ පරිණාමයක් විය හැක. මේ මහලද අතිශයින්ම අලංකාර ය.

සත් වන මහල (Timelessness) : මෙහි ලඟා වෙන්නේ ඉතාමත් සීමිත පිරිසකි. මෙම ඉහළ මහල් විස්තර කිරීමටත් ඉතාමත් අපහසු බව මයර්ස් ගේ අදහසයි. ඔහු දන්නා ආකාරයට ඒවා අතිශයින්ම අලංකාර වන අතර   එහි සිටින්නවුන් බුද්ධියෙන් ඉතාමත් ඉහළ හා පරිණත අය වෙති. කෙසේ වුවත් ඔවුන් ඕනෑම මොහොතක නැවත භොතික තලයට පැමිණීමට ඉඩකඩ තිබේ.

බුදු දහමේ සඳහන් වන දෙව් ලොව නැතහොත් "Heaven" යන සංකල්පය, මෙම ඉහළ මහල් වීමටත් බැරි නැත.
මයර්ස් අත්දුටු ගමන් මාර්ගයට අමතරව වෙනත් ගමන් මාර්ග, වෙනත් තල (අසුර ලෝක, අපාය ආදී) තිබීමටත් බැරි නැත. ඒවා හුදෙක් සංකල්ප පමණක් යැයි බැහැර කිරීම හෝ ඒ අයුරින්ම පිළි ගැනීමද බුද්ධි ගෝචර නැත :) 

22 comments:

  1. ඔය තියෙන්නේ සත් මහල ගැන ලියලා. :) හරිම පුදුමයි අක්කේ,අක්කා කියනකම් මම මේ ගැන මුකුත්ම දැනගෙන හිටියේ නෑ.. ගොඩාක්ම වටින ලිපියක්..

    ReplyDelete
  2. ඔය තල හතේ කතාව මයර්ස් විතරක් නෙවෙයි ‍ගොඩක් තැන්වල කියවෙන දෙයක්. සමහර ආගම් වලත් කියවෙනව.

    ReplyDelete
  3. හිත දමනය කරගත්තෙ නැතිකොට තණ්හාව නිසා ආයෙ සසරෙ උපදින එක වලක්වන්න අමාරයි. අපි කියන්නෙ දවස් 7යි කියලනෙ.

    මේ මයර්ස්ටම විශේෂ වුන හීනයක් වෙන්න බැරිද? මේ ‍‍ලෝකෙ අංශුවක් අංශුවක් පාසාම වෙනස් ඉතින් එක් එක්කෙනාට පමණක් විශේෂ විදියට මේක සිද්ධවෙන්න බැරි?

    මම කියන්නෙ මියයනකොට එයාගෙ සිතිවිලි මේ එක් එක කාරණා එක්ක පිරිල තියෙන්න ඇති. මිය ගියායින් පසුව, එයා ආසම විදියට ක්‍රියා කරනව කියල එයාට හිතෙන්න ඇති???

    ReplyDelete
  4. ටජ් මහල ගැන මොකුත් කියලා නැද්ද..... කොහොම නමුත් හොද විස්තර ටිකක්....

    ReplyDelete
  5. මේක මහ පුදුම ලිපියක් අක්කේ. මම් දෙපාරක්ම කියවලා තමයි තේරුම් ගත්තේ.ගොඩක් වටිනවා මේ ලිපිය. එතකොට බුදු දහමේ කියවෙන හය හතර කියන දිව්‍යලෝක හයයි අපායන් හතරයි තියෙන්නේ මොන මොන වගේ තල වලද කියලා ඔයා දන්නවද ?

    ගොඩක් ස්තුතියි ලිපියට.
    හොද වෙලාවට දවල් වෙලාවක කියෙව්වේ. රෑක කියෙව්වනම් හීනෙන් ම තල ටික බලාගන්න තිබ්බා. :)

    ReplyDelete
  6. ඔය මයර්ස් මහත්තයා දැකපු විදියනේ! මට නම් හිතෙන්නෙ ඕක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා!

    ReplyDelete
  7. මේ ගැනනම් ඉතින් මුකුත් කියන්න දන්නෑ... නමුත් අක්කා මේ ලිපිය දාපු එකනම් වටිනවා... මේවයේ ඇත්තකුත් නැති වෙන්න බෑ...

    ReplyDelete
  8. @ප්‍රාර්ථනා : ඕන්න ලිව්වා :) මටත් පුදුමයි මේ මයර්ස් ගැනනම්

    @අවුට්සයිඩර් : ආ...ඒකනම් හොයල බලන්න වටිනවා...

    @යෝධයා : ඒකනම් ඇත්තටම වෙන්න පුළුවන්. හැම කෙනාටම මේක මේ විදියටම වෙනවා කියලා අපිට හිතන්න අමාරුයි. ඒත් මොනවා හරි ඇත්තකුත් ඇති.

    @ඔබ නොදු‍ටු ලොවක් : ඒක නේ...කියලා නැහැනේ:)...ස්තුතියි...

    @මධුරංග : ඒකනම් මම නොදනී මල්ලි..:( මයර්ස් යන්න ඇත්තේ ඔය දිව්‍ය ලෝක තියන මාර්ගයේ...අර අතරමැදි තලයෙන් මාර්ග බෙදෙනවලු. ඉතින් අපායවලුත් ඇති සමහරවිට. මට එහෙම එකකට යන්න වුනොත් මාත් කියන්නම් මයර්ස් වගේ :D

    @විසිතුරු : බොහොම හරි..මයර්ස් හොඳ මනුස්සයෙක් නිසා මෙහෙම වෙන්න ඇති...අනිත් අයට යන්න තව පාරවල් ඇති..

    @දිනේෂ් : ඒක හරි මල්ලි, මේවා ඉතින් විශ්වාස කරන්න ඕනත් නැහැ, නොකරන්න ඕනත් නැහැ...

    ReplyDelete
  9. @සයුරි :
    අක්කා මලාම මට ඇවිත් කියන්න මහන්සි වෙන්න එපා. මොකද මට බෑ බය වෙලා මැරෙන්න. ඒ නිසා මම් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්නම්. :)

    ReplyDelete
  10. හෙ හෙ..හැබැයි මගේ පරීක්ෂණ වලට හවුල් කාරයෙකුත් ඉන්නවනම් තමයි ලේසි :p

    ReplyDelete
  11. අනේ මට මේ ටික දැන්නේ කියවන්න ලැබුනේ :(
    මම මේක ගැන අහලා තිබ්බට එච්චරම විස්තරාත්මකව දැනගෙන හිටියේ නැහැ..අද තමයි දැනගත්තේ අක්කේ..වටිනා පොස්ට් එකක්

    ReplyDelete
  12. ස්තුතියි චම්මා මල්ලි..:)

    ReplyDelete
  13. උදයංග ලක්මාල්October 29, 2011 at 1:01 AM

    ගොඩක් වැදගත් කරුණු ටිකක්. මම මේ ගැන මීට ඉස්සර අහලා තිබුනට මේ විදිහට විස්තරාත්මකව දැන ගත්තේ අදයි. ඔයාට බොහොම ස්තූතියි...

    ReplyDelete
  14. @උදයංග : මම හිතුවෙත් නැහැ මේවා කියවන්න කස්ටිය කැමති වෙයි කියලා...ඉඳල හිටලා මේ වගේ ලිපියකුත් දාන්න ඕන...

    ReplyDelete
  15. ඉස් ඉස්සලම මේ බ්ලොග් එකට ආවෙ අද,දැක්කෙ හිස් අහස කියවද්දි,අනෙක් හැම ලිපිටකට වඩා හිතගියෙ භෞතික තලයෙන් එහා ලිපි දෙකට.හෙමින් සැරේ කියවන්න ඕනෙ අනෙක් සේරමත්

    ReplyDelete
    Replies
    1. ඔයාව බොහොම ආදරෙන් පිලිගන්නවා පහන්යාය ට...මේ විෂයය ට කැමති අය ඉන්නේ හරිම කලාතුරකින්. ඔයත් එයින් එක්කෙනෙක්. බොහොම සතුටුයි :)

      වර්ණ, තාම බ්ලොග් එක පටන් අරන් නැහැ වගේ. පටන් ගත්තම කියන්නකෝ අපිටත් :)

      Delete
  16. ඉතින් dr හරියටම හරි නෙ මේ දේවල් .එයා මේ දේවල් දැනගත්ත
    විදිහ දන්නේ නැහැ ඒත් මනුස්ස ලෝකෙන් එහා එයා තල
    කියන දේම නේද අපි කියන බඹ තල වගේ තලත්..එකම වෙනස
    එයාගේ බාසාවෙන් , දැනුමෙන් කියාගන්න විදිහ වෙනස්..
    හරියට eastern n western music වගේමයි..ස්වර 7 පොදු උනාට
    ඒවගේ පොඩි පොඩි වෙනස් කම් තිබ්බට ඔක්කොම එන්නේ එකමතැනට .

    මන් හිතන්නේ මෙයාට ඒ වගේ බාහිර කෙනෙක්ගේ බලපෑමෙන් මේ දේවල්
    ගැන දාගන්න ලැබෙන්නැති..එහෙමත් නැතිනම් ඒ කාලේ වෙළඳ හවුල් වල මාර්ගෙන්
    අපේ වගේ රටකට ඇවිත් මේ දේවල් ගැන කණ වැටුන වෙන්නත් පුළුවන්...
    හිතන්න සයුරි අපේ හාමුදුරු කෙනෙක් බ්‍රහ්ම තල වල ස්වභාවය ගැන විස්තර
    කරපු දෙයක් ඉංග්‍රීසියට හරවල, ආයෙම ඒක සිංහලට හැරෙව්වොත් එන්නේ
    මොන වගේ දෙයක්ද කියල...?



    හරියටම ඔයාගේ පරිවර්තනය නේද..?





    මන් හිතන්නේ ඒ මහත්තයට කොහෙන් හරි අපි දන්නා දේම ඇහිලා
    දැනිල තියෙනවා..කොහොමද කියන්න හරියටම දන්නේ නැහැ..
    ඒත් ඒක එහමයි..( මම අර වරිගපූර්නිකාවේ වගේ හැම දේම අපේ කරගන්න
    දෙයක් නෙවේ කියන්නේ, මට ඔය රාවන නම් විහිලු චරිතයක් විතරයි.)

    ReplyDelete
    Replies
    1. /ඒත් මනුස්ස ලෝකෙන් එහා එයා තල
      කියන දේම නේද අපි කියන බඹ තල වගේ තලත්//

      මටත් හිතුනේ මෙහෙම වෙන්න ඇති කියලා. මරණින් පස්සේ මයර්ස් ගියපු පාර ගැන එයා විස්තර කරන්න ඇති. හැබැයි වෙන කෙනෙක්ට ඕක වෙනස් වෙන්නත් පුළුවන්. අපායවල් වගේ ඒවාට ගියොත්.

      වරිගපූර්නිකාව ගැන මමනම් එච්චර දන්නේ නෑ. අහල තියනවා විතරයි :)

      Delete
  17. ගොඩක් වෙලාවට ප්‍රේත ආත්ම වලට පුළුවන් එහෙ ඉන්න ගමන් මනුස්ස
    ලෝකේ අය එක්ක කතා බහ කරන්න සයුරි.ඒ උනාට ඔයා හිතන්න අපිට
    අකුරු කියවන්න පුළුවන් උනාට පත්තර තට්ටුවේ තියෙන හැම පත්තරේම
    කියවන්නේ නැහැ නේද අපේ හිත ගිය කීපෙ ඇර?

    මනුස්ස ලෝකේ කෝටි 700 හිටියට කෝටි 700 ටම කතා කරන්න
    එයාල එන්නේ නැහැ.හිත ගිය කෙනෙක්ට විතරයි කතා කරන්නේ.
    ඒ වගේම මනුස්ස ලෝකේ එක්ක එහෙම සම්බන්දයක් තියාගන්න තරම්
    හැකියාව නැති අයත් ඉන්නවා.හදිස්සියට bus එහෙකවත් නම කියවගන්න
    අකුරු බැරි අය වගේ...

    ඔය වගේ ප්‍රේත ලෝකේ අයට තව තව හැකියාවන් එනවා..මිනිස්සුන්ගේ
    හිත් කියවන්න , අනාගතය දකින්න , අතීතය හාර අවුස්සන්න පවා පුළුවන් .
    ඔය දේ කරන්න පුළුවන් 4 අපායේ ඉන්න අයගෙන් ප්‍රේත ලෝකයේ අයට
    තමයි නිරායාසයෙන්ම ... ඒ උනත් කොච්චර ඉගෙන ගන්න පුළුවන් උනත්
    ඉගෙන නොගන්න අය ඉන්නවා වගේ ප්‍රේත ලෝකෙත් තමන්ට කොච්චර
    පුළුවන් උනත් ඒවා නොකරන අය ඉන්නවා..ප්‍රේත ලෝකෙත් මේ මනුස්ස
    ලෝකේ ජීවත් වෙන විදිහමයි වෙනසක් නැහැ අපි හිතන පතන
    විදිහමයි.කොටින්ම ලිංගික ආශාව පවා තියෙනවා..



    වර්ගපූර්නිකාව කියල කොහේ හරි මොකක් හරි තියෙනවා..ඒක නිකම්
    කතා පොතක් විතරයි.. හැරී පෝටර් කියවල ඉවරවෙද්දි නෑ නෑ මෙහෙම
    තැනක් නම් තියෙන්නම ඕනේ කියල දැනෙනවා නේද ? හිතිනුත් හරි
    ආසයි නේද එහෙම තැනක ජීවත් වෙන්න ? හැරී පෝටර් ගේ
    කතාව බලල ඒ හීන ලෝකෙන් එලියට එන්න බැරි උන අයත් ඉන්නවා
    වගේ තමා තමන්ට කියල ස්වාදීනත්වයක් නැති පිරිසක් මේ කතාවට
    පණ දීල ඒකෙ ජීවත් වෙනවා, ඒ ගමන්ම තමන්ගේ පිරිස වැඩි කරගන්න
    බොරු ගොතනවා නාසා ආයතනය පවා පටලලා.මොකද අපි විද්‍යාත්මකව
    ඔප්පු කරා කියන දේ පෙන්නුව ගමන් විහිලුවට ලක් කරන්න බැරි නිසා..
    ඒත් නාසා එකෙන් එකෙන් ඇහුවම මේ අය කියන දේවල් ඇත්තද කියල
    එයාල පෙන්නන්නේ මේ බලන්න කියල 80 ඉඳන් නාසා එකේ නමට මුවා
    වෙලා මුළු ලෝකේ පුරාම මේ වගේ නටපු නාඩගන් වල ලොකු ෆයිල් එකක්..
    ..මිරැන්ඩෝ කියන්නේ සම්පූර්ණ මානසික රෝගියෙක්
    හීන ලෝකෙක ජීවත් වෙන සයුරි..ඊට වඩා තාත්විකයි හැරී පෝටර් .

    ReplyDelete
    Replies
    1. // හැරී පෝටර් ගේ
      කතාව බලල ඒ හීන ලෝකෙන් එලියට එන්න බැරි උන අයත් ඉන්නවා
      වගේ තමා තමන්ට කියල ස්වාදීනත්වයක් නැති පිරිසක් මේ කතාවට
      පණ දීල ඒකෙ ජීවත් වෙනවා,//

      මේකනම් නියම උදාහරණයක්. ඇත්තටම එහෙම දෙයක් තමයි වෙලා ඇත්තේ ඔය කියන කට්ටියට. මමනම් ඒවා කියවන්න තරම් උනන්දුවකුත් නෑ.

      Delete
  18. මේක නම් ඉතා විශිෂ්ට ලිපියක්.ස්තුතියි අපිව දැනුවත් කළාට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ස්ත්‍රීවාදය

      Delete

Related Posts Plugin for WordPress, Blogger...