Friday, October 7, 2011

ඉහළම තැනින් සොරකම් කරපු හැටි


"අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි"

මේකෙන් කියන්නෙ ඉතින් "අනුන් ගේ දේවල් නොගනිමි" කියලනේ. මේ කියන්න යන කතාව එහෙම එකක් නෙමෙයි.

අපි 9 වසරේ ඉඳිද්දී අපිට ක්‍රිකට් පිස්සුවක් බෝ වෙලා තිබුනා. ඉතින් ෆ්‍රී වෙලාවක් ලැබුන හැටියේම කට්ටිය දුවන්න බලාගෙන ඉන්නේ ක්‍රිකට් ගහන්න. පොතේ හැටියටනම් ඉස්කෝලේ වෙලාව ඇතුලත ළමයින්ට ෆ්‍රී තියෙන්නේ ඉන්ටර්වල් එක විතරයිනේ. අපි ඉතින් පටන් ගත්ත අළුත නම් ඉන්ටර්වල් එකේ ක්‍රිකට් ගැහුවා. පහු වෙද්දි ෆ්‍රී පීරියඩ් වලත් ගැහුවා. තවත් පහු වෙද්දි ෆ්‍රී නැති පීරියඩ් වලත් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. මේවට බෝල, බැට් එහෙම සප්ලයි කරන්නේ අයියලා ඉන්න නංගිලා විසින්.

ඔන්න මේ කියන දවසේ බැට් එක ගෙනත් තිබුනේ අපේ වාස් (කෙල්ලෙක් හොඳේ). ඒක එයාගේ අයියගේ බැට් එකලු. අයියට හොරා තමයි ගෙනත් තියෙන්නේ hee hee.  ඉතින් පළවෙනි පීරියඩ් එක ඉවර උන ගමන්ම ඊ ළඟ එකේ මිස් එන්න කලින් අපි ගියා මේ කිරි කිරි බැට් එකෙන් ක්‍රිකට් ගහන්න. කෙල්ලොන්ගේ ක්‍රිකට් ගැහිලි ඉතින් දන්නවනේ. බැට්ස්මන් (බැට් වුමන්) වැරදිලාවත් බෝලේ ටිකක් ඈතට ගැහුවොත් එහෙම එයාම ගිහින් ඇහිඳගෙන එන්න ඕන. අනිත් එකෙක්වත් යන්නෙ නැහැ ඒක ඇහිඳින්න. කොහොම හරි ඕක ටිකක් වෙලා යද්දි එල්ලේ ගැහිල්ලක් බවට පත් වෙනවා.

ඉතින් එදා පීරියඩ් දෙක තුනක්ම කට් කරගෙන ඔය සෙල්ලම දිගට ඇදිල ගියා. ඔහොම සෙල්ලම් කරන අතරේ   අපි දැක්කා ඒ වගේ වෙලාවක නොදැකිය යුතු දර්ශනයක්. ප්‍රින්සිපල් මැඩම් smiley. අප්පා...දැන් මොනවා කරන්නද? පුළුවන් තරම් හයියෙන් දිව්වා පන්තියට (ආ..වාස් නම් බැට් එකත් අරගෙනමයි දිව්වේ, නයා මැණික අහුලගෙන දුවනවා වගේ). ඒත් ඉතින් දිවිල්ල පන්තියේ දොර ලඟදි ඇන හිටියා. මිස් කෙනෙක් උගන්නනවා පන්තිය ඇතුලේ. එතකොට තමයි අපිටත් මතක් උනේ අපි ක්‍රිකට් ගැහුවේ පීරියඩ් කට් කරගෙනනෙ කියලා. මිස් අපි දිහා කන්න වගේ බලනවා ...ඒ අස්සේ මැඩමුත් අපේ පස්සෙන්ම ඇවිත්. දැන් ඉතින් දෙයියොම බලා ගන්න ඕන praying.

මැඩම් : අවේලාවේ ක්‍රිකට් ගැහුවා මදිවට තව පීරියඩ් නුත් කට් කරාද? බ්ලා බ්ලා.....shame on you....
අපි :  ....................
මිස් : (පන්තිය ඇතුලේ සිට පෝර දමමින්) බ්ලා බ්ලා බ්ලා .... 
අපි : worried
මැඩම් : මෙහෙට දෙනවා ඔය බැට් එක bring it on.

හප්පා ඒ වෙලාවෙ වාස් ගෙ කට තමයි බලන්න ඕන. හඳ බාගේ අනිත් පැත්ත හරවලා වගේ.  මොනා කරන්නද ඉතින් ඉහළම තැනින් ආපු ඕඩරයක් නේ. එයත් ඉතින් බැට් එක දුන්නා මැඩම්ට. අපිට පන්තිය ඇතුලට යන්න කියලා අණ කරපු මැඩම් බැට් එකත් අරගෙන යන්න ගියා.

ඒ පාර වාස් අඬන්න පටන් ගත්තේ නැද්ද...."අයියෝ ඒ බැට් එක අපේ අයියගේ..එයා හරි සැරයි අනේ...අද එයා එද්දි බැට් එක ගෙදර නොතිබුනොත් මාව කයි....... බ්ලා බ්ලා බ්ලා  crying".

මේකිට පිස්සුද මන්දා ඔච්චර වසවර්ති අයියා කෙනෙක්ගේ බැට් එක හොරෙන් අරන් එන්න. දැන් කට්ටියම එක එක එව්වා කියලා මෙයාව සනසන්න හදනවා. කොහෙද ඒවා හරි යන්නෙ නෑ. එයාට ගෙදර යන්න කලින් බැට් එක ඕනමයිලු. නැත්නම් ගෙදර යන්න බැරිලු. ඉතින් මේ ඇඩිල්ල අහන් ඉන්න බැරි හින්දා කට්ටිය ඔන්න අන්තිම පීරියඩ් එක වෙද්දී විසඳුමකට ආවා. ඒ තමයි වාසුයි  පන්ති නායිකාවයි  (පල නොකියා ආයුබෝවන් කීම කතාවේ හිටපු සොමී තමයි අපේ 9 වසරේදීත් පන්ති නායිකාව. කරන තරමක් මගෝඩි වැඩ කරන්නේ එයා නිසා මේ පට්ටම කවුරුත් එකතු වෙලා එයාටම භාර දෙනවා) ගිහින් මැඩම් ගෙන් සමාව අරගෙන බැට් එක ආපහු ඉල්ලගෙන එන එක. ඉතින් සොමී පොර වගේ වාසුත් ඇදගෙන ගියා මැඩම්ගේ ඔෆිසියට.

අපිත් දැන් ඉතින් ඡන්ද ප්‍රතිඵල එනකන් ඉන්නවා වගේ බලාගෙන ඉන්නවා මෙයාලා එනකන්. ඔන්න විනාඩි 10 කින් විතර දෙන්නා දුවගෙන එනවා බැට් එකත් උස්සගෙන. අපි හිතුවා වැඩේ ෂේප් තමයි කියලා..

සොමී : (හති දමමින්) අපි බැට් එක ඉස්සුවා............
අපි : මොකක්
සොමී : වෙන කරන්න දෙයක් තිබුනේ නෑ, ඉස්කෝලෙ අරින්නත් ලගයි නේ. බැට් එක කොරිඩෝ එකේ බිත්තියට හේත්තු කරලා තිබුනේ. කවුරුවත් දැක්කේ නෑ අපි ඒක උස්සනවා..

මෙහෙමත් මොළ දෙකක්..උස්සනවා දැක්කේ නැති උනාට ඉස්සුවේ කවුද කියලා හිතා ගන්න බැරිනම් ඉතින් මැඩම් ට පුළුවනෑ අපේ ඉස්කෝලේ මැඩම් වෙන්න. කොහොම හරි වැඩි වෙලා නොගිහින් බෙල් එක ගහපු නිසා වාස් ඇතුළු හැමෝම සතුටින් ගෙවල් බලා ගියා. අර බැට් එක උස්සපු එකේ ප්‍රතිඵලේ ආවේ පස්සෙදි. සොමීටයි වාස්ටයි හොඳට අහගන්න හම්බු උනාලු not listening


ඒත් කමක් නැහැ ඉතින් වාස් ගෙ අයියගෙන් බැනුම් අහන්න උනේ නැති එකම ලොකු දෙයක්නේ නේද? වාස් කියපු හැටියටනම් අයියා වසවර්ති මාරයෙක්. එහෙම බලනකොට මැඩම් ගෙන් පොඩ්ඩක් බැනුම් ඇහුවම මොනවා වෙනවද?

31 comments:

  1. මරේ මරු! නිර්භීත කෙල්ලො 2න්නෙක් නොවැ හැබෑටම!

    ReplyDelete
  2. අම්බෝ අක්කලාගේ සෙට් එක බය කියන එක අදුරන්නේ නැති සෙට් එකක් නේ.. :D :D
    මට බැට් වුමන් කිව්වම මතක් උනේ බැට් මෑන් ගේ ස්ත්‍රි පාර්ශවය වගේ එකක්..හිකිස්‌

    ReplyDelete
  3. එළ කතාව.....

    ReplyDelete
  4. නිර්භීත කෙල්ලෝ දෙන්නෙක්. ඔය සොමී හන්දා තමයි අනිත් කට්ටියත් වලට යන්නේ. අපරාදේ ඔයාලගේ ක්‍රිකට් ගැහිල්ල දිගටම ගියා නම් ඔයාලට ලංකා කාන්තා කණ්ඩායමටවත් තේරෙන්න තිබ්බා. දැන් ඉතින් මොනා කරන්නද ඔයාලගේ හැකියාවල් උපන්ගෙයිම වල පල්ලට ගියාට.

    වෙනදා වගේම කතාවත් එක්ක ස්මයිලීස්ලාවත් කියෝ ගත්තා. ඒවත් මරු ඈ. :)

    ReplyDelete
  5. එළ..! බන්ඩි ගෙඩිය අල්ල ගෙන උඩ පැන පැන හිනා වුණා.. :D

    ReplyDelete
  6. hik hik. mehemath kello. :D ela kiris. :D
    ohoma tama inna one. :)

    ReplyDelete
  7. @ විසිතුරු : කියල වැඩක් නෑ මල්ලි, නිර්භීත කම උතුරනවා....
    ~~~~~~~~
    @ චම්මා : හි හි ඇත්ත නේන්නම් බැට් වුමන් කියන්නෙ බැට් මෑන් ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ...අපේ සෙට් එක එහෙම තමයි මල්ලි, කාටවත් බය නැහැ, වාස්ගේ අයියට විතරයි බය :D
    ~~~~~~~~
    @ ගර්ඩෝනියා : බොහොම ස්තුතියි...නම කිව්වා හරිද මන්දා :)
    ~~~~~~~~
    @ මධුරංග : කොහෙද ඉතින් අපේ හැකියාවන් ඉස්මතු වෙන්න දුන්නේ නැහැනේ...හෙහෙ සොමි හැම තිස්සෙම ට්‍රයි කරන්නේ අනිත් අය ගොඩ ගන්න. හැබැයි වෙන්නේ අනිත් පැත්ත...මල්ලිට නම් ස්මයිලීස් අල්ලලා ගිහින් වගේ..
    ~~~~~~~~
    @ චතු : එල කිරි නංගා...මට මැවිලා පේනවා ඔයා හිනා උන හැටි :)
    ~~~~~~~~
    @ මාධව : තැන්කූ මාධව :D ඔයා ඔහොම කිව්වට අපි 11 වසරට යද්දි අපේ පන්තිය බාර ගන්න එක මිස් කෙනෙක්වත් කැමති උනේ නැහැනේ...නසරානි පන්තියක් කියලා තමයි කවුරුත් කිව්වේ.

    ReplyDelete
  8. කල්ලන් දූවේ මුතු කොල්ලය කියෙව්වට පස්සේ අද තමයි කියෙව්වේ ඔය වගේ හොරකමක් ගැන...නියමයි......

    ReplyDelete
  9. @ ඔබ නොදු‍ටු ලොවක් : හි හි...මේක ඉතින් බැට් කොල්ලයක්නේ...
    ~~~~~~~~
    @ අවුට්සයිඩර් : :))

    ReplyDelete
  10. සිරාවටම මරු කතාව.... කෙල්ලන්ගෙ විරක්‍රියා වගෙ....

    ReplyDelete
  11. අප්පේ...අක්කලත් කරලා තියෙන දේවල්..කොහේද ඉස්කෝලෙ හැබෑටම.?

    ReplyDelete
  12. හරිම ලස්සනයි කතාව ලියල තියෙන විදිහ. ඉතිං මං හරිම අසාවෙන් කියෙව්වේ. ස්මයිලීස් ටිකත් මරු තමා මධුරංග කියනව වගේ ඒක නෙමෙයි අපිටත් කියල දෙන්න බැරිද ස්මයිලීස් දාන හැටි.(නුසුදුසු දෙයක් ඇහුවද මන්දා මේ සයිට් එකේ විතරමියි මේ ස්මයිලිස් යුස් කරනවා දැක්කේ.)

    ආහ් කියන්න අමතක වුනානේ. මම කැමැතිම ලිපි එකතු කරනවා. ඒව මගේ බ්ලොග් එකෙ ලින්ක් හැටියට තාබාගන්නවා මං මොකද මට ආයෙත් ඒ ලස්සන ලිපි කියවන්න ඕනේ වුනාම කියවන්න මේකටත් මං ගන්නවා හොදද. .:D

    ReplyDelete
  13. ඔන්න බලන්න අක්කලගේ වැඩ.... අර දුරකට ගැහුවම ගහපු කෙනාම ගිහින් බෝලේ ගේන එක තමයි නියම වැඩේ...

    අපිත් දවසක් ඔයවගේ ක්‍රිකර් ගැහුවා දවසම... අවාසනාවට අන්තිම පීරියඩ් එකේ අහු උනේ.... පන්තියම එලියේ හිටවලා ලොක්කා දැන් හැමෝටම සලකනවා.. මම ඇතුළු කීප දෙනෙක් ඔය සැළකුම් ලබන වෙලාවට හැමදාම ඉන්නේ අන්තිමට.. මොකද අන්තිමට එනකොට ලොක්කට මහන්සියි.. අර ගහන පාරවල් වල සැර බාල වෙනවා.... :)

    ReplyDelete
  14. @රහස් පරික්ෂකයා : ස්තුතියි රහස්...වීර ක්‍රියා + මෝඩ ක්‍රියා :)
    ~~~~~~~~~
    @නිසුපා : මේක මේ දකුණු පළාතේ ඉස්කෝලයක් නේ නංගි, ඔයා දන්නේ නැතුව ඇති :)
    ~~~~~~~~~
    @සිහිනයක මියැදුණ සිතක් : බොහොම ස්තුතියි...මම ස්මයිලීස් ලා කොපි කර ගත්තේ මෙතනින්..http://messenger.yahoo.com/features/emoticons/ නිකන්ම කොපි පේස්ට් කලා. ඔයා ඕනම ලිපියක් ගන්න. ඒක ඉතින් මම වගේ අලුත් කෙනෙක්ට සතුටක්නේ :))
    ~~~~~~~~~
    @දිනේෂ් : අප්පේ...අපිටනම් හොඳ වෙලාවට ශාරීරික දඬුවම් නැහැ..කෙල්ලොනේ. අන්තිමට ඉන්න ඒක කෝකටත් හොඳයි තමයි. පොඩි හරි චාන්ස් එකක් තියනවනේ බේරෙන්න :))

    ReplyDelete
  15. කොහොමද කෙල්ලන්ගෙ උනත් වැඩ නේද....මරේ මරු....කියවලා මට හිනහව නවත්ත ගන්න බැරුව ගියා..හරිම නිර්භීයි නේ

    ReplyDelete
  16. අපිට නම්(මං කිව්වෙ මටයි මගෙ යාළුවටයි විතරයි)පේන්නම බැරි පීරියඩ් එක තමයි පී.ටී පීරියඩ් එක.අනේ මන්දා ඒ ඇයි කියලා ලබා උපන් හැටි වෙන්නැති..

    ReplyDelete
  17. @ දිල් : හි හි ඔව් අප්පා...මට තාමත් හිනා යනවා මේවා මතක් උනාම..
    ~~~~~~~
    @වර්ෂා : ආ ඒක ස්වාභාවිකයි නංගා...අපිත් කොච්චර හොරෙන් සෙල්ලම් කරත් පී ටී පීරියඩ් එකේ සෙල්ලම් කරන්න කැමති නැහැ. මොකද මිස් කෙනෙක් එනවනේ ඒ වෙලාවට.

    ReplyDelete
  18. මම පරක්කුයි වගේ.. හී හී.. මරු යාළුවො දෙන්නා නම්.. :)අක්කා දැනටත් මෙහෙමද? :P

    ReplyDelete
  19. මේ පලාතේ ආවේ නම් අදමයි... කමෙන්ට් කරනවා දැකලා තිබුනට බ්ලොග් එකේ (හැබැයි කාලෙකින් නම් නැ) අදනේ මේක දැක්කේ... ආපු ගමන් හොරකමක් අර අපි බිස්කට් පැන්නුවා වගේ.. හිකිස්.. ආදර්ශෙට ගන්න ඕන අක්කලා..

    ReplyDelete
  20. @ප්‍රර්ථනා : හි හි අපෝ නෑ නංගි, දැන් අපි හොඳ ළමයි :D

    @දේවා : ඔව් ඔව්..මම ඔයාගේ බ්ලොග් එක පැත්තේ ආවා :)...ඊයේ පෙරේදා නම් එන්න බැරි උනා මම හිතන්නේ..ආ මමත් එන්න ඕන බිස්කට් පන්නපු කතාව බලන්න හි හි

    ReplyDelete
  21. උදයංග ලක්මාල්October 28, 2011 at 9:32 AM

    අන්න නියම කෙල්ලෝ... අපි ඉස්කෝලේ යන කාලේ අපිත් ෆ්‍රී පීරියඩ් වල ක්‍රිකට් ගැහුවා. සමහර දවස් වල අපේ සෙක්ෂන් හෙඩ් සර් එනකොටත් කොල්ලෝ සෙට් එක දුවනවා. ඉතින් මාට්ටු උනාම සර් බැට් ඉල්ලා ගන්නවා. ඒත් ඉස්කෝලේ ඇරිලා යනකොට ආපහු දෙනවා. සර් හරි හොඳයි නේද :)

    ReplyDelete
  22. @උදයංග : ඒ සර් නම් හොඳයි තමා...කොල්ලොන්ගේ ඉස්කෝලවල ඕක සුලබ දෙයක් නිසා වෙන්න ඇති...අපිට ඉතින් හිතුමතේට ගේන්න බැට් නැහැනේ..අයියලට හොරෙන් ගේන ඒවා නේ තියෙන්නේ..ඒකයි මේ වගේ කේස් වෙන්නේ...:))

    ReplyDelete
  23. මෙන්න නියම කෙල්ලෝ....

    ReplyDelete
  24. @ලොකු පුතා : හි හි .....:D

    ReplyDelete
  25. patta post eka akka!!!!!!

    ReplyDelete
  26. @ එල කොල්ලෙක් : තෑන්ක්ස් මල්ලි :)

    ReplyDelete
  27. කොල්ලෝ වගේමනේ අප්පා මේ කෙල්ලොත්.... අපේ කොල්ලො සෙට් එකකුත් ඔහොම පීරියඩ් කට් කරලා ක්‍රිකට් ගහන්න ගිහින් පිට්ටනියේ.අපේ මිස් පන්තියට එද්දි මායි මණ්ඩියයි විතරයි හිටියේ ප්‍රිෆෙක්ට්ලා වෙලා හිටිය නිසා කොහේ හරි ගිහින් ඇවිත් හිටියේ.... අපට කිව්වා ලමයිව එක්කන් එන්න කියලා මායි මන්ඩියි යද්දි පොඩි කොල්ලෝ එක්ක ඔට්ටුවට මැච් එකක් ගහන්නේ මටත් ඉතින් ක්‍රිකට් කිව්වොත් සිහියක් නෑ මැද්දට පැනලා මාත් සෙල්ලම මන්ඩියත් ගේමේ... එතකොට තමා අපේ මිස් කෝට්ටත් අරං එනවා දැක්කේ.... පිට්ටනියේ ඉඳන් එන්න තියෙන පඩිපෙලේ උඩ ඉඳන් පෝලිමට නෙළුවා අන්තිමට මායි මන්ඩියිත් මාට්ටු මිස් අපි සෙල්ලම් කරනවා දැක්ක නිසා ඩබල් වෙන්න වැදුනා... එතකොට අපි 11 ජූනියර් ප්‍රිෆෙක්ට්ලා....

    මරු කතාව අක්කෝ නිකන්ම අතීතෙට ඇදිලා ගියා

    ReplyDelete
    Replies
    1. @ ගැමියා

      //කොල්ලෝ වගේමනේ අප්පා මේ කෙල්ලොත්//

      බාලිකා පාසල් වල ඉතින් ඔහොම තමයි මල්ලි...කැම්පස් ගියහම ඒ ගතිය ටිකක් නැති වෙනවා හැබැයි. හපෝ හොඳ වැඩේ. මල්ලිලා ඉස්සරහම ගැහුවනම් වස නෝන්ඩිය. හි හි. මන්ඩියයි ගැමියයි එක වල්ලේ පොල් ගෙඩි දෙකක් බව පේනවා :)

      Delete
  28. කතාවයි කමෙන්ට් ටිකයි අසාවෙන් බැලුව.
    අපෙත් 13 X (හරි පන්තිය කියන්න බැරියෝ ) තිබ්බේ හරියටම සඳලු තලේ..
    කට්ටිය ආතල් ගන්නව මොනවා කරත් ..13 කිසිම පන්තියක් සති දෙහෙකට
    වඩා ඉන්නේ නැහැ ඉතින් ..වෙන දාන්න කියල කෙනෙකුත් නැහැ ..
    අන්තිමට staff ගත්ත..:D

    ReplyDelete
    Replies
    1. සඳලුතලේ ට වෙලා මොනාද දන්නේ නෑ මේගොල්ලෝ කරේ :D

      අපි 11 වසරේ හිටියේ සඳලු තලේක. හරියටම බාස්කට් බෝල් කෝට් එකට උඩින්. මැච් තියන දවසට ඉතින් කියලා වැඩක් නෑ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...