ඉතින් මේ හතර දෙනා හතර විදියක්. ලොකු අයියා ගැනයි රාජ් අයියා ගැනයි වෙන වෙනම ලිපි දැම්මා. අද කියන්න යන්නේ මේ කට්ටියගෙන් බඩපිස්සා වෙච්ච චූටි අයියා ගැන. මෙයා තමා පවුලේ රැඩිකල් චරිතය රඟපෑවේ. විශේෂයෙන්ම විවාහයේදී :D. කියන්නම්කො ඉස්සරහට.
මම පොඩි කාලේ ලොකු අම්මලාගේ ගෙදර ගියාම මෙයාගේ වැඩේම මාව බයිට් එකට අල්ලගන්න එක
චූටි අයියා උසස් පෙළට කරේ මැත්ස්. ඒ කාලේ ඉතින් එයා පිටු පුරවලා ලියලා තියන සයින්, කොස්, අවකල, අනුකල අරවා මේවා අපිට හෙන මැජික් වගේ. පස්සේ විශ්ව විද්යාලයටත් තේරුණා, මට මතක හැටියට පිසිකල් සයන්ස් වලට. පස්සේ HNDE කෝස් එකත් කරා. කෝම හරි ඒ පවුලෙන් ඉංජිනේරු ක්ෂේත්රයේ රැකියාවකට ගියපු එකම කෙනා තමයි චූටි අයියා. දැන් වැඩ කරන්නේ වෝටර් බෝඩ් එකේද කොහෙද. ඉතින් චූටි අයියගේ මේසේ උඩ කොයි වෙලාවකවත් අර අමුතු අමුතු ග්රීක් වගේ මැත්ස් ලියපු කොල වලින් නම් අඩුවක් උනේ නෑ. එහෙ ගියාම මගේ වැඩේම ඕවා අවුස්සලා බලන එක.
ඉතින් එක දවසක් ඔහොම එයාගේ මේසේ අවුස්සද්දි මට අහු උනා නියම භාණ්ඩයක්. අයියගේ ඩයරිය. "අපෝ අනුන්ගේ ඩයරි බලන එක නරක වැඩක්". එහෙම හිතෙන්නේ දැන් නේ. ඒ කාලේ ඕවා හිතුන එකක්යැයි. මම ඉතින් ඒක හොඳ හැටි කියෙව්වා. අප්පා...තියෙන්නෙම විෂයානුබද්ධ කරුණු. මලවි ගේ සබ්ජෙක්ට් එක
එක එක්කෙනා බැඳලා පවුලෙන් අයින් වෙලා ගියාට පස්සේ ගෙදර ඉතුරු උනේ ලොකු අම්මයි ලොකු තාත්තයි චූටි අයියයි විතරයි. අයියටත් රස්සාවක් එහෙම හම්බ වෙලා තමයි හිටියේ ඒ දවස්වල. හැබැයි ඉතින් තමන්ගේ වැඩ ගැනම හොයනවා මිසක් ගෙදරට දායකත්වයක් නැතිලු මෙයාගෙන්

ඉතින් රස්සාව එහෙම සෙට්ල් උනාට පස්සේ ඉස්සරහට එන්නේ කසාදෙ නේ. ලොකු අම්මලට ඔය වැඩේට මහන්සි වෙන්න ඉඩ නොතියා මෙයාම හොයාගත්තු මනමාලි ගැන ඔන්න ගෙදරට කිව්වා. උගත් කම, රස්සාව ඔක්කොම හොඳයි, පොඩි පරහකට තිබුණේ ආගම. අක්කා කතෝලික. පොඩි කියලා කියන්නත් බෑ ඉතින්. අපේ ලොකු අම්මලා මොනවා නැතත් විවාහ කටයුතු වලදී තිතටම ඔය ආගම, ජාතිය එහෙම බලනවා. දැන් ඉතින් කේස්


~~~~~~~~~~~~~~~~~~~~
මේ වෙද්දී ලොකු තාත්තානම් අපෙන් සමු අරන් ගිහින්. මම දවසක් එල්ලෙන හොල්මන කියලා ලිපියක් ලිව්වේ මේ ලොකු තාත්තගේ මළ ගෙදර දවසේ වෙච්ච සිද්ධියක් ගැන තමයි. ලොකු තාත්තා මම දැකපු හරිම සුන්දර මනුස්සයෙක්. තව ටිකක් කල් අපිත් එක්ක හිටියනම් කොයි තරම් දෙයක්ද කියලා හිතෙනවා. ස්වාමියෙක්, පියෙක් විදියට හරිම හොඳ කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ලොකු අම්මව දැකලා ලස්සනයි කියලා හිතිලා වෙන්න ඇති (ඇත්තටම ලස්සනයි තමා. අපේ ලොකු අම්මා හරියට ඔෂින් වගේ :) ආත්තම්මයි සීයයි හම්බ වෙලා කෙලින්ම ඒ ගැන අහන්න තරම් පෞරුෂයක් ලොකු තාත්තට තිබිලා තියනවා (කතාවටනම් කියන්නේ කෙලින්ම ලොකු අම්මගෙන් ඇහුවනම් කනේ පාරක් කන්න වෙන හින්දා කියලා). ඉතින් ඒ කාලේ වයස 16 ක් වෙච්ච පොඩි කෙල්ලව ලොකු තාත්තට දෙන්න සීයා එකඟ වෙලා තියෙන්නේ මේ නම් වගකීමක් තියන හොඳ ඉලංදාරියෙක් බව පෙනුන නිසා වෙන්න ඇති.
චාරිත්රානුකූලව මනමාලි බලන්න ලොකු තාත්තා දෙමව්පියොත් එක්ක එහෙ ගියාලු. ලොකු අම්මා බුලත් හෙප්පුව ඇල්ලුවට ලොකු තාත්තගේ මූණවත් බලලා නැහැ නේ. මුලින්ම මූණ දැක්කේ පෝරුවට නගින වෙලාවෙදි ලු

~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉතින් චූටි අයියගේ වර්තමාන තත්ත්වේ ගැන කියනවනම් බොහොම හොඳින් ඉන්නවා කියලා කිව්වැකි. දැන් මේ කපල් එකට පොඩි කෙල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා. ලොක්කී මට හෙනම ආදරෙයි ඉස්සර
